T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|...

By parkyounghee05

1.5K 273 91

මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ... More

INTRO
මායාකාරී
ගෙම්බි කකුල් සුප්
ඇත්ත නැත්ත
රතු රෝස
!!Attention!!
ක්ලෙයා
කටහඬ
සොහොන් කොත
චෙරි ගහ
ඕඩි ඔයා??
චූටි පැටියා
සුබ ගමන්
හොඳම නත්තල
Book 02

කන්නාඩිය

88 17 17
By parkyounghee05

ඊළඟට කට්ටියම අරින්න ලෑස්ති වුණේ එතන තිබුන හතර වෙනි දොර.

කලින් වගේම මොකෙක් හරි බයානක සතෙක් බලාපොරොත්තු වුණ කොල්ලෝ ටිකට දොර ඇරියාම නම් දකින්න ලැබුනේ ගඩොල් බිත්ති තියෙන පුංචි හිස්  කාමරයක්.

Taehyun : මේක ඇතුලේ මොකුත් නෑනේ බන්

Kai : සමහරවිට මේක හරි එක වෙන්නත් පුළුවන්.
මං දැකලා තියෙනවා කාටුන්වල මේ වගේ කාමර තියෙනවා. ඒවගේ බිත්තිවල තියෙන ගඩොල් කැටයක් ඇද්දාම රහස් දොරවල් ඇරෙනවා.

Beomgyu :වාහ්..උබ දවස තිස්සෙම කාටුන් බල බල ඉඳලා මේ වගේ දෙයක් හරි ඉගෙන ගත්ත එක ගැන මට ආඩම්බරයි කොල්ලෝ

Yeonjun :ඔව් ඒක නම් ඇත්ත බන්.බලමු මෙතන මොකක් හරි හෙලවෙන ගඩොලක්‌ තියෙනවද කියලා

කායිගේ කතාව අහපු හැමෝම කරේ බිත්තියෙ හෙලවෙන ගඩොලක්‌ තියෙනවද කියලා හොයපු එක.

ඉතින් විනාඩි පහක් විතර ගියාට පස්සෙ අන්තිමට බොම්ග්යූට බිත්තියේ තැනක තිබිල අර කියපු විදිහේ ගඩොලක්‌ හම්බ වුණා ..

Beomgyu : මේ බලපන් මේක හෙලවෙනවා.මං මේක අදින්නද?

Kai : ඇදල බලපන්

ඊටපස්සේ බොම්ග්යූ ඒ ගල ඇද්දා.

හැමෝම බලාපොරොත්තු වුණේ ඊළඟට මොකක් හරි දොරක්‌ ඇරෙයි කියලා

ඒත් එක පාරටම එයාලා හිටපු කාමරේ බිත්ති හතර හෙමින් හෙමින් ලං වෙන්න ගත්තා

Beomgyu : මේ.. මේ.. මොකද්ද වෙන්නේ.. මේ බිත්ති ටික අපේ පැත්තට එනවනේ..

Yeonjun : හැමෝම ළඟට එන්න.ඒවා එන්න එන්නම ලං වෙනවා

Soobin : දැන් මොකද්ද කරන්නේ?

Taehyun : ඔය ගල ආපහු දාන්න

Beomgyu : හ.. හරි

ඉතින් බොම්ග්යූ ඉක්මනට ආයෙමත් අර ගල තිබ්බ තැනින්ම හයි කරා. ඒත් බිත්ති ටික ලං වෙන එකනම් නැවතුනේ නෑ

Kai : කෝ.. මේක නතරවෙන්නෑ නේ

Beomgyu : කටවහගෙන හිටපන්..උබ කියපු නිසා තමයි මේ හැමදෙයක්ම

Kai : ඉතින් මං මෙහෙම වෙයි කියලා හිතුවේ නෑනේ.. අපි මැරෙයිද?

Beomgyu : මැරෙයිද? නෑ අපි අමරණීය වෙන්න යන්නේ

ඒ වෙලාවේ බොම්ග්යූට නම් කායි එක්ක ගොඩක් තරහ ගිහින් හිටියේ.

Yeonjun : හරි හරි දැන් රණ්ඩු වෙලා වැඩක් නෑ. මේක නවත්තන්න ක්‍රමයක් හිතමු

එන්න එන්න බිත්ති ටික ලං වෙද්දී කොල්ලෝ ටිකට ඉතුරු වෙලා තිබුනේ තව පොඩි ඉඩයි. වෙන කරන්න දෙයක් නැති නිසා කට්ටියම කරේ ඇස් වහගන්න එක.

ඒත් ඒ වෙලාවේම සූබින්ගේ සාක්කුවෙන් පැන්න ඕඩි එක බිත්තියක පහලින් ගලක් ඇඟින් තල්ලු කරන්න ගත්තා. ඒත් එකක්ම බිත්ති ටික ලං වෙන එක නැවතුනේ ඉබේටමයි.

ටික වෙලාවක්‌  ඒ විදිහටම ඇස් දෙක වහන් හිටපු කොල්ලෝ ටික ආයෙමත් ඇස් ඇරියේ එක පාරටම බිත්ති ලං වෙන සද්දේ නතර වුණ නිසා

Soobin : ඒක නතරවෙලා.

Yeonjun : කොහොමද එකපාරටම මේක නතර වුණේ?
අන්න අතන ඕඩි ඉන්නවා

බිත්තියක් මුල්ලට වෙලා හිටපු ඕඩිව පෙන්නලා යොන්ජුන් කිව්වා.

Soobin : ඔයා කොහොමද සාක්කුවෙන් එලියට ආවේ?
එන්න පැටියෝ ඇතුලට

සූබින් ආයෙමත් ඕඩිව අරන් සාක්කුවට දාගත්තා. ඒත් කවුරුත්ම දැනගෙන හිටියේ නෑ එයාලට උදව් කරේ ඕඩි කියලා.

( ඕඩි තමයි වීරයා😎)

ඉතින් ඔය විදිහට ඒකෙනුත් බේරිලා ආපු කොල්ලෝ ටික හිත හිත හිටියේ ඊළඟට මොකද්ද කරන්නේ කියලා.මොකද එයාලට තව දොරවල් දෙකක්‌ ඉතුරු වෙලා තිබුනා.

Taehyun : දැන් මොකද්ද කරන්නේ බන්? අපිට හරියටම තව ඉතුරු වෙලා තියෙන්නේ විනාඩි 35යි

Yeonjun : ඒත් තව දොරවල් දෙකක් තියෙනවා. මේ වගේ කරුමෙට ඊළඟ දොරත් මරාලයක් වෙයිද දන්නෑ

Beomgyu : ඔව් බන්.. අද දවසට මේ වුණ කරදර හොඳටම ඇති..

Kai : මොනවා වුණත් අපි මේක කොහොමහරි කරන්න ඕන

Soobin : ඔව් කායි. මොනවා වුණත් කමක් නෑ අපි හැමෝම එකතු වෙලා පුළුවන් තරම් උත්සහ කරමු. බය වෙන්න එපා කොල්ලනේ අපිට පුළුවන්

Taehyun : සූබින් හ්යෝන්ග් හරි. අපි කොහොම හරි ක්ලෙයාගේ ආත්මෙ නිදහස් කරමු

Yeonjun : ඔව් අනිවාරෙන්ම. ඉතින් අපි මේ දෙකෙන් දැන් මොන දොරද අරින්නේ?

Beomgyu : අපි තුන්වෙනි දොර අරිමු. මට නිකමට හිතෙනවා ඒක වෙන්නැති කියලා.ඒත් මට විශ්වාසයක් නම් නෑ.

Kai : කමක් නෑ. අපිට උබව විශ්වාසයි. අපි එහෙනම් ඇතුලට යමුද?

others : හරි

ඊටපස්සේ හැමෝම ගිහින් තුන්වෙනි දොර ඇරියා. ඒක අරිද්දිම ඉස්සරහින් තිබුනේ ලොකුම ලොකු කන්නාඩියක්.

Kai : කන්නාඩියක්?

හැමෝම පුදුම වෙලා වගේ කන්නාඩිය ඉස්සරහින් ගිහින් හිටගත්තා.

Soobin : මෙතන තියෙන්නේ ලොකු කන්නාඩියක් නේ. මේකෙන් මොකද්ද දන්නෑ වෙන්නේ?

Kai : වෙන මොනවා වෙන්නද මගෙ හැන්ඩ්සම් මූණ පේනවා ඇරෙන්න..

Beomgyu : බලපන්කො සූබින් හ්යෝන්ගේ කැත

Soobin : පල යන්න ගෙම්බි පැටියා.

Taehyun: බලන්න මගෙ දිහා.. මං ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. වාහ් මට අවොර්ඩ් එකක් හම්බවෙනවා.

හැමෝමටම ස්තුතියි ස්තුතියි

මගෙ නව සොයාගැනීම ගැන කියනවා නම්..

Kai : අඩේ ටේය්යා උබට පිස්සුද? ලෙඩක් නෑනේ? මොනාද බන් මූ කියවන්නේ?

Taehyun : ඇයි උබලට පේන්නැද්ද මං  ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. උබලත් ඇවිත් මේ කන්නාඩියෙන් හොඳට බලපන්කො

අනිත් අය බලන් හිටියේ ටේ ඇත්තටම මොන විකාරයක් ද කියවන්නේ කියලා. ඉතින් එයාලත් කණ්ණාඩියට ඔලුව දාලා බැලුවේ ටේ කියන කතාව ඇත්තද කියලා.

Beomgyu :තොට ඇත්තමයි..ඉඳහන් මාත් බලන්න උබ..මොකක්

බ්ලු බේරි කේක්
තව හැම් බර්ගර්
මිල්ක් ෂේක්
පීට්සා
චීස් කොත්තු
මොගු මොගු
වාහ්
දෙය්යනේ මං ඒ ඔක්කොම කනවා නේද?
කෑම මගෙ ආදරෙ..

බෝම්ග්යුට කන්නාඩියෙන් පෙනුනේ ටේට පෙනුන දේ නම් නෙවෙයි. එයාට පෙනුනේ එයා ආසම විදිහේ කෑම ගොඩක් එයා කනවා. ඉතින් බොම්ග්යුත් කන්නාඩිය ඉස්සරහට වෙලා හිටියේ වශී වෙලා වගේ.. ඒ වගේම අනිත් අයටත් පෙනුනේ වෙනස් ම දේවල්.

Kai : මගෙ Molang,Sweet Potato ,Tobin ,EnDolphin ඔයාලා හැමෝම ඉන්නවා. අනේ ඔයාලට පණ තියෙනවා.. එන්න මාව බදාගන්න..

Soobin : ඔහ් මයි ගෝඩ්.. මට ඒ ප්ලස් එකක් මැත්ස් වලට.මං තමයි ගණන් වලට දක්ෂම ළමයා

ඉතින් ඔය විදිහේ තමන් ආස එක එක විදිහේ දේවල් කොල්ලොන්ට පේන්න ගත්තා. ඒත් යොන්ජුන්ට නම් එයාගේම රූපේ ඇරෙන්න කිසිම දෙයක් පෙනුනේ නෑ.

Yeonjun : තොපිලට පිස්සුද බන්?මට නම් කිසිදෙයක් පේන්නේ නෑ.ඒයි බන් උබලා හොඳ සිහියෙන් නේද?

ටේ උබට මාව පේනවද?

එතකොට බොම්ග්යූ මේ මාව ඇහෙනවද මැට්ටෝ?

අඩෝ සූබිනා?

කමල් මොකද්ද බන් කරන්නේ?

හත් දෙය්යනේ
මල්ලිලට පිස්සු හැදිලා..
උදව් කරන්ඩෝ..

යොන්ජුන් කට්ටියටම කතා කරත් ඒ කිසිම දෙයක් ඒ අයට ඇහුනේ නෑ. එයාලගේ සම්පුර්ණ අවදානේ තිබුනේ කන්නාඩියෙන් මවලා පෙන්නන ප්‍රතිබිම්භ වලට

Yeonjun : මං දැන් මොකද්ද කරන්නේ?
හිතන්න යොන්ජුන් තව විනාඩි විස්සයි තියෙන්නේ.. මං මේ වගේ දෙයක් කොහෙන් හරි දැකලා තියෙනවා..

පොඩ්ඩක් ඉන්න..

හරි මතක් වුනා, හැරී පොටර් එකේ මේ වගේම කන්නාඩියක් තිබුනා. ඒකෙන් පෙන්නුවේ තමන් කැමති දේවල්. එතකොට?
ඒ කියන්නේ??
මල්ලිලට පේන්නෙත් එයාලා ආස දේවල්.
ඒත් ඇයි මට‍ කිසි දෙයක් පේන්නේ නැත්තේ?
මං ආස දේවලුත් කොච්චර තියෙනවද?
ඒ.. ඒ සමහරවිට මගෙ ඔලුවේ තියෙන්නේ එක දෙයක් නිසා වෙන්න ඇති. ඒ ක්ලෙයාව බේරගන්න එක.

හරිනේ මට‍ තේරුණා

ඉතින් යොන්ජුන් ඉක්මනට ගිහින් අනිත් අයට තමන්ව පේන විදිහට කන්නාඩිය ඉස්සරහින් හිටගත්තා.

Yeonjun : අහන්න කොල්ලනේ, ඔයාලා ඔය විකාර දේවල් හිතන එක දැන්වත් නවත්තන්න. අපි මෙතෙන්ට ආවේ ඇයි කියලා විතරක් හිතන්න. මාව ඇහෙනවද?පුළුවන් තරම් හිත එක තැනකට ගන්න බලන්න.ටේ ඔයාවත් ප්ලීස්..මං කියන දේ කරන්න

Taehyun: යොන්ජුන් හ්යෝන්ග්?
මං මේ මොකද කන්නාඩිය ඉස්සරහ කන්න වගේ බලන් ඉන්නේ?

Yeonjun : අම්මෝ ඇති යන්තම්

ඊටපස්සේ ටික වෙලාවකින් යොන්ජුන්ට පුළුවන් වුණා හැමෝමවම හොඳ සිහියට ගන්න.

Soobin : මට‍ මොකද්ද වුණේ?

Yeonjun : දැන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ. හැමෝම අපි මෙතෙන්ට ආව කාරණේ ගැන විතරක් හිතලා කන්නාඩිය ඉස්සරහින් හිටගන්න.සමහර විට ඒක තමයි අපි දැන් කරන්න ඕන

Others : හරි හ්යෝන්ග්

ඉතින් හැමෝම එකට අත් අල්ලගෙන කන්නාඩිය ඉස්සරහ හිට ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්.ඒත් එක්කම කන්නාඩිය ඉස්සරහින් මායාවකින් වගේ දොරටුවක්‌ ඇරෙන්න ගත්තා.

Taehyun :මං හිතන්නේ මේක තමයි හරි දොර. එන්න මේක වැහෙන්න කලින් ඉක්මනට හැමෝම ඇතුලට යමු.

ඊටපස්සේ කොල්ලෝ පස් දෙනාම අර දොරටුවෙන් විවර වුණ මාර්ගය ඇතුලට ගියා.

ඒක ඇත්තටම ඒක හරි පාර ද?

To be continued





Continue Reading

You'll Also Like

663K 24.2K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
24.4K 3.6K 17
මොකක්ද මේ වැඩේ තේරුම ජිමින් ?තමුසේ එක එක ගෑනු හුරතල් කරන්න යන්නේ ගෙදර වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා අමතක වුනාද ඔහේට? මන් තමුසෙව මැරි කරේ නැහැ නේ තමුසෙනෙ...
26K 250 15
The sequel :> (COMPLETED!) (dont steal my art)
3.3K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා