ππŽπ–π„π‘ ππŽπ“π“πŽπŒ | 𝘷�...

By __Kim_Hana__

140K 20.1K 4.1K

𝖫𝗂𝖿𝖾 π—‚π—Œ π–Ώπ—Žπ—…π—… π—ˆπ–Ώ π–²π—Žπ—‹π—‰π—‹π—‚π—Œπ–Ύ 𝖺𝗇𝖽 π—ˆπ—‡π–Ύ π–Όπ–Ίπ—‡π—‡π—ˆπ— π–€π—Œπ–Όπ–Ίπ—‰π–Ύπ—Œ 𝗐𝗁𝖺𝗍𝖾𝗏𝖾𝗋 𝗍𝗁�... More

Power Bottom
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50 | π–₯𝗂𝗇𝖺𝗅 |
New one

27

2.5K 414 86
By __Kim_Hana__

දවල් වරුවෙම වැස්ස නිසා ජන්කූක් වගේම සූ හොදට තුරුල් වෙලා නිදාගත්තා..

ඒ වෙලාවෙත් ජන්කූක්ගෙ වැඩ ඉවර කරපු ටේ පස්සේ බෙඩ් room එකට පල්ලෙහා ෆ්ලො එකේ තියෙන මිනි කිචන් එකට ගිහින් කෑම හදන්න ගත්තේ තව ටිකකින් ඇහැරුණාම දෙන්නටම බඩගිනි කියලා දන්න නිසා..

ජන්කූක් කැමතිම කෑම ජාති ටිකක් හදපු ටේ පස්සේ ශින්සූගෙ කෑම එකත් හැදුවේ කෙලි පොඩ්ඩත් උදේ කාපු නිසා නැගිටිනකොට බඩගින්නේ නැත්තං කියලා..

කෑම සේරමත් හදලා ටේ වොෂ් අප් වෙන්න ගියා..

ටේ ගිහින් එනකොටත් ජන්කූක් සූව තුරුල් කරන් නිදි..

ඒ වෙනකොටත් වැස්ස අඩු වෙලා තිබුනත් නතර වෙලා තිබුනේ නැ..

ඩයිනින් room එකට ගිය ටේ කෑම මේසෙට යවන්න සේරම ලෑස්ති කරලා කිචන් එකට ඇවිත් කෑම බෙදලා ඇරෙන්ජ් කරලා room එකට ගියේ පොඩි බබාලා දෙන්නව ඇහැරවන්න..

ටේ යනකොටත් ජන්කූක් නැගිටලා හිටපු නිසා ජන්කූක්ව නැගිට්ට වන්න මහන්සී නොවී ටේ ගියේ පුංචි සූ ලගට..

"මහේ මැණික.. නිදි ද.. කො කො නැගිටින්න.."

ටේ පුංචි සූවත් කොහොම හරි නැගිට්ටවගේන අප්පාවයි දුවවයි bathroom එකට යැව්වේ වොෂ් කරන් එන්න..

පැය බාගෙකට ලන් වෙන්න ජන්කූක් වගේම සූ වොෂ් කරන් ආවා.. ඒ එනකොට ටේ කාමරේ සේරම අස් කරලා එයලගේ ඇදුම් කබඩ් එකටත් දලා තිබුනා..

ඒ වෙනකොටත් වැස්ස පොඩියට තිබුණු නිසා ජන්කූක් පුංචි කෙල්ලට සිතල දැනෙන් නැති වෙන්න ඇදුමක් අන්දවලා එයාත් ස්වීටර් එකක් ඇද ගත්තා..

ටේ කුඩේකුත් අරන් ගිහින් එයාලා එක්ක ආපු ඩ්‍රයිවටත් කෑම දීලා ආයෙම ගේට එනකොට ජන්කූක් කෙලි පොඩ්ඩත් එක්ක ඇතුලේ තිබුණු කෑම මෙසේ වාඩි වෙලා ඉදියේ ටේ එනකම්..

"සූ.. සූදයි සුටි බබා වොෂ් කරලා නෙහ්.."

ජන්කූක් අතේ ඉන්න පුංචි සූ ගෙ නහයටත් තට්ටුවක්‌ දලා ටෙත් හුරතල් විදියට කට හදන් කිව්වේ කෙලි පොඩ්ඩත් සද්දෙන් හිනා වෙනකොට..

"අත්පා.. කුමු.."

ඇහෙන නැහෙන ගානකට කෙල්ල කිව්වම ජන්කූක් වගේම ටේ පුදුමෙන් බැලුවේ මම්මා, අත්පා ඇරෙන්න කෙලි පොඩික්කි තව වචයක් කියපු නිසා..

ටේ ආදරෙන් සූ ගෙ ඔලුව අත ගානකොට ජන්කූක් කෙල්ලගෙ ඔලුවට කිස් එකක් දුන්නේ බොල ඇස් හිනා වෙලා එයගේ අප්පා දිහා බලනකොට..

පස්සේ ටේ ජන්කූක්ට කෑම බෙදලා දිහා සූව ගත්තේ ජන්කූක්ට නිදහසේ කන්න දීලා...

සූව අතට ගත්ත ටේ සැරෙන් සැරේ සූව ඉබිනවායි උම්මා දෙනවායි ඉවරක්‌ නැති වෙනකොට ටේගෙ වැඩ නිසා කෙලි පොඩ්ඩට හිනා වෙලාම මහන්සි වෙලා තිබුනා..

ජන්කූක් කලා ඉවර උනාට පස්සේ ජන්කූක් එක්කම එකතු වෙලා පුංචි සූට කවපු ටේ පස්සේ කෙලි පැටික්කිට නින්ද යනකන් ගෙ ඇතුලේ එහාට මෙහාට ඇවිද්දේ ජන්කූක් lap එකත් අරන් සොෆා එකට යනකොට..

ආයෙම වැස්සත් වැඩි වුණු නිසා ටේ සූව බෑන්කට් එකකිනුත් ඔතලා කාමරෙ තිබුණු කොට් එකෙන් තියලා ආවේ සකන්ඩ් ෆ්ලො එකේ ජන්කූක් ඉදපු living area එකට..

"ටේ?"

පඩි පෙළ බැහැලා එන ටේට ජන්කූක් කතා කරාම ටේ පඩි පෙළ බැහැලා ජන්කූක් ලගට ආවා..

"කුකි.."

"ඔයා ද මේවා?"

ජන්කූක් උකුල උඩ තිබුණු ලැප් එක ටේ දිහාවට හරවන ගමන් ඇහුවේ ටේ හුස්මක්‌ පිට කරනකොට..

"ඔව්.. ඕක පැත්තකින් තියන්න දැන්.. කොෆි බොනවා නේද?"

"එත්- ම්ම්.."

මුකුත් නොකියා ම්ම් කියලා මුමුනපු ජන්කූක් පස්සේ ලැප් එක වහලා පැත්තකින් තියලා සොෆා එක උඩ දිග ඇදුනා..

කැලයක්ට කිට්ටු වෙන්න තිබුණු මැන්ෂන් එකේ එළියේ වහින නිසා වීදුරු වෝල් වලින් forest එක ලස්සනට පෙන්වාට ජන්කූක් ආස කරා. මොකද Seoul වලදී මෙහෙම ගස් කෝලන් තියෙන පරිසරයක් ජන්කූක්‌ගෙ ඇහැ ගැටුනේ නැති තරම්..

වැස්ස දිහා බලන් ඉන්න ජන්කූක්ට දැනුනු කොපි සූවදක්..

"උණුයි.. ටිකක් නීවුණාම බොන්න.."

සොෆා ටේබල් එක උඩින් කොෆි මග් දෙකම තිබ්බ ටෙහ්යුන්ග් ජන්කූක්ගෙ එහා පැත්තෙන් ඉද ගත්තම දිග ඇදිලා ඉදපු ජන්කූක් තවත් දිග ඇදෙන ගමන් ඔලුව උස්සලා ටේගෙ උකුලෙන් තිබ්බා..

පස්සේ ටේත් ජන්කූක්ගෙ ඔලුව අත ගාන්න ගත්තේ ජන්කූක් ත් ආයේ නින්දකට වැටෙනකොට..

ජන්කූක් එක්කම ටේත් එහෙන්ම්ම නින්ද ගියෙ දැනුනු මහන්සියට...











Night...

පුංචි සූව නිදි කරපු ජන්කූක් room එකෙන් එලියට ඇවිත් පල්ලෙහට ආවේ ටේ මොකද කරන්නේ බලන්න..

ජන්කූක් එනකොට ටේ සොෆා එකේ ඉදගෙන ලැප් එකේ මොනාද කර කර ඉදියා..

"ටෙහ්යුන්ග්..?"

"පෙසන්ටේෂන් එක එවලා මිසිස් හොන්ග් එක බලන ගමන්. ඔයාත් ඇවිල්ලා බලන්න කු.."

"ම්ම්ම්.."

මුමුනපු ජන්කූක්ත් ටේ ලගට ගිහින් එක බලන්න ගත්තේ එක වැදගත් උණු නිසා..

පැය කිහිපයක්ම පසන්ටේෂන් එකට වෙන් වුණු නිසා ජන්කූක් ඉදියේ මහන්සියෙන්..

ටික වෙලාවකින් ජන්කූක්ට ටෙහ්යුන්ගේ උරසිස්ස උඩම නින්ද යනකොට ටේ ඔලුව හරෝලා ජන්කූක් දිහා බැලුවා..

ඒ පොඩි වැඩෙත් ජන්කූක්ට මහන්සියක්..!

මෙච්චර කල් කොච්චර මහන්සියෙන් එයා ඉන්න ඇත් ද කියලා ටේට හිතුනෙ ඒ වෙලේ..

"කූකි... ජන්කුකී.. නැගිටින්නකො.. ඇදට ගිහින් නිදා ගමු.."

ටේ පස්සේ ජන්කූක්ව නැගිට්ටවන ගමන් කිව්වම නිදිමතේ ඉදපු  ජන්කූක් හෙමිට ඇස් ඇරලා බැලුවා..

"ම්ම්.."

නිදි මතෙම මුමුනපු ජන්කුක් ටේ එක්කම කාමරේට ගියා..

පරිස්සමින් ජන්කූක්ව එක්කන් ගිය ටේ ජන්කූක්ව ඇදෙන් නිදි කරෝලා ඩවුට් එකත් පොරවලා පල්ලෙහට ගිහින් දොරවල් ලොක්‌ කරලා light ස් නිවලා අයෙම කාමරේට ආවා..

සූගෙ කොට් එක ලගටත් ගිහින් කෙලි පොඩ්ඩවත් බලලා ටේ ඇදට ගියේ නිදාගන්න...

ඇස් පියාගෙන විනාඩි 5ක්‌ යන්න කලින් ටෙගේ ඇස් ඇරුනේ ජන්කූක්ගෙ අතක් තමන්ගේ ඉන වටේ එතුන නිසා...

වෙච්ච දේ ටික වෙලාවක් අරන් තේරුම් ගත්ත ටේ පස්සේ හිනා වෙලා ජන්කූක්ට කිස් එකකුත් දීලා ඇස් පියා ගත්තේ දවසම වැඩ කරපු නිසා ඇගේ මහන්සියත් එක්ක නිදි මත තදටම දැනුන නිසා..







Next Day Morning....

ජන්කූක් නැගිටිනකොට ඇදේ ඉදියේ තනියම..

කොට එක ලගට ගිහින් බැලුවත් සූත් නැති වෙනකොට ජන්කූක් පල්ලෙහට ගියේ ටේගෙයි සූ ගෙයි සද්දයක්‌ වත් නැති නිසා..

දොරත් ඇරන් පඩි පෙළ බැහැගෙන පල්ලෙහට ආපු ජන්කූක් දැක්කා පුංචි සූ එක්ක තණකොළ ගොඩ උඩ සෙල්ලම් කරන ටේව..

මුළු වත්ත පුරාම තිබුණු ටෙගේ හිනා හඩ වගේම පුංචි සූ ගෙ හිනා හඩ..

කලින් දවසේ වැස්ස නිසාත් උදේ වටපිටාව හුගක් ලස්සනට පෙන්න තිබුනා..ඇතින් පෙන කෑලෑවත් එකට එකතු වුණු නිසා ඒ පරිසරය තවත් ලස්සනට දකින්න ජන්කූක්ට පුළුවන් වුණා..

අව්ල් වුණු කොන්ඩේත් එක්ක ජන්කූක් හැරුනේ කැලෑව පැත්තට..

ටේගෙයි සූගෙයි හිනාව.. ඇතින් පෙන කැලෑව.. මේ පරිසරය.. ජන්කූක්ට ගෙනාවේ වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක්...

පලවෙනි පාරට ජන්කූක් මෙහෙම මිනිස්සුගෙන් ඇත් වෙලා නිදහස් පැත්තකට ආවේ..

වටේම තිබුනෙ ගස්, කිසිම සද්දයක් නැ, පුංචි සූගෙයි ටේගෙයි හිනාව ඇරුනම ජන්කූක්ට ඇහුනේ කුරුල්ලන්ගෙ කිචි බිචි හඩ වගේම නිදහසේ හුස්ම ගන්න ගස් වල සද්දෙ විතරයි..

ඉතින් මේක නෙමෙයි ද නිදහස..

ජන්කූක්ට දැනුනා තමන් නිදහස් කියලා.. ඒ හිත නිදහස් හැම අතකින්ම.. මිනිස්සු ජිවිතේ විදිනවා කියන්නේ මේකට වෙන්න ඇති කියලා ජන්කූක් හිතුවා..

ප්‍රශ්න හිතේ තියන් ඒ ගැන හිතන තාක් අපිට ලස්සන මොහොතවල් වගේම අවස්ථාව හුගක් මග ඇරෙනවා..

ජිවිතේ විදින්න තියෙන අවස්ථා කොච්චර නම් අපිට මග ඇරිලා ඇද්ද?

ජන්කූක් නිදහස්.. හිතේ මෙච්චර කාලයක් හිර කරන් ඉදපු හැමදේම එලියට දාපු දවසේ ඉදන් ඒ හිත නිදහස්...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

____________________________

කම්මැලි චැපියක්‌ 🙂👍🏻

ඔයාලා මේක කියවන්න එච්චර අසාද අනේ 🙂

ඉස්සල්ලා වැරදි publish උනේ.. හානේ කට්ටිය inbox ඇවිල්ලා load වෙන්නේ නැනේ ගානවා 🥺🙂❤️

Continue Reading

You'll Also Like

29.5K 659 6
Peter Parker, also known as Spiderman has a habit of getting hurt, but Tony is always there to save him. That is, until he can't. (No update schedule...
2.8K 91 11
Eris Vanserra Γ— Archeron-Sister- Reader Description: Feyre and her younger sister go hunting in the forest behind their family's cottage and go throu...
125K 3.6K 21
Prince Bubba Gumball has always been secretly in love with Vampire King Marshall Lee. The vampire king must try to get over his fear of heartbreak a...
7K 92 15
An evil Dragon Knight returns for his revenge against his brother. After Several Battles he eventually reforms and finds love with Jericho. Takes pla...