π‡πžπšπ«π­ π…πžπ₯𝐭 π‘π¨π¬πžοΏ½...

By sanindhi

8.6K 1K 573

Sinhala fan fiction This is taekook fan fiction. If you like read it...πŸ€—β€οΈπŸΎ Side ships - yoonmin & 2seok ... More

A/N
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25

Chapter 13

248 37 26
By sanindhi

After two week..

Author pov...

සති දෙකක්ම කොහොම කොහොමෙන් හරි ගෙවිලා ගියා.. ටේහ්යුන්ග් යුනී යනවා රෙස්ටුරන්ට් එකට යනව ආපහු ගෙදර යනවා, ඒක තමයි ඉතිම් එයාගේ ජීවිතේ. ජිමින් ගැන කිව්වොත් එයා දැන් සුගා ඉන්න පැත්තක්වත් බලන්නේ නෑ දැන් ඒ තරමට ලැජ්ජ හිතිලා..

ටේහ්යුන්ග් රෙස්ටුරන්ට් එකේ මේසෙකට වෙලා නම්ජුන් එක්ක බර කතාවක හිටියේ.. එයාලගේ කතාවට බාධා කරමින් එතනට ආවේ පිරිමි ළමයි දෙන්නෙක්...

ටේහියුන්ග් මේසෙන් නැගිටලා ගිහින් ඒ පිරිමි ළමයි දෙන්නට කතා කරා..

"හෙලෝ සර්, ඔයාලට මොනවද ඕනේ?..." ටේ ඒ එක පිරිමි ළමයෙක් ගෙන් ඇහුවා..

"ආහ් අපි කෑම තුනක් ගන්න කියලා ආවේ.." එතන හිටපු එක පිරිමි ළමයෙක් ටේ අහපු දේට උත්තර දුන්නා..

"ආහ් වාඩි වෙන්න සර් ඉන්න මම මෙනූ එක අරන් එන්නම්.." ටේ එහෙම කියලා එතන තිබ්බ මේසේ පිහදාලා ඇතුලට යන්න හැදුවා..

"ඕහ් ඉන්න ඉන්න...අපි දැන් කන්නේ නෑ අරගෙන යන්න ආවේ.."

"ආහ් එහෙමද සර්.. ඉතිම් සර්ලට මොනවද ඕනේ."

"මේක ප්‍රසිද්ධ මොනවටද?" ඒ එක පිරිමි ළමයෙක් ටේගෙන් ඇහුවා..

"ගොඩක්ම රාමෙන් වලට තමයි..." ටේ හිනා වෙලා කිව්වා..

"ම්ම්ම් එහෙනම් මට රාමෙන් තුනක් දෙන්න..."

"ඕකේ සර් විනාඩියක් ඉන්න...". ටේ එහෙම කියලා කිචන් එකට දිව්වා...

"හියුන්ග් හියුන්ග්..."

"මොකෝ මොකෝ ටේහ්..."

"මේ අර දෙන්නට රාමෙන් තුනක් ඕනෙලු..."

"ආහ් ඔයා ප්ලේට්ස් එහෙම හෝදලා ගන්න මම හදන්නම්.."

"ගෙනියන්නලු අයියෝ..."

"ආහ්... විනාඩි 10ක් ඉන්න කියන්න"

"හරි හියුන්ග්..."

ටික වෙලාවකින් නම්ජුන් හදලා පැක් කරලා දුන්න රාමෙන් තුන ටේ ගිහින් ඒ එක පිරිමි ළමයෙක්ට දුන්නා. එයාලත් ඒ කෑම වලට ගෙවීම් කරලා එතනින් ගියා..

ඒ යනවත් එක්කම රෙස්ටුරන්ට් එකට තවත් කපල් එකක් ආවා, ඒ දෙන්නත් ඕඩර් කරපු කෑම ටික ඒ කපල් එක උන්න මේසෙට ටේ ගිහින් දුන්නා..

"ටේ...." ටේහ්යුන්ග් කෑම ප්ලේට්ස් ටිකත් අරන් ඇතුලට යද්දී නම්ජුන් කතා කරා....

"ඇයි හියුන්ග්..." ටේ ඒ ප්ලේට්ස් එතන තිබ්බ මේසෙන් තියලා නම්ජුන් ගාවට ගියා..

"තෑන්ක්ස් ටේ..." නම්ජුන් ටේහ්යුන්ග්ව බදාගත්තා..

"හියුන්ග්... ඇයි මේ..."ටේත් නම්ජුන්ව ආපස්සට බදාගන්න ගමන් ඇහුවා..

"ටේ මම මේක වහලා දාන්න හිටියේ ඒත් දැන් ඔයා ආවයින් පස්සේ කස්ටමර්ස්ලා එනවා වැඩියී.." අනේ තෑන්ක්ස් ටේ ඔයා නිසා තමයි... ටේගෙන් ඈත් වෙන ගමන් නම්ජුන් කිව්වා..

"හයියො හියුන්ග් ඒ මම නිසා නෙමෙයි ඔයාගේ කෑම රස නිසයි ගොඩක් අය එන්නේ මට තෑන්ක්ස් කරන්න එපා හියුන්ග්.."

"ඒත් ටේ..."

"හරි හරි හියුන්ග් දැන් ඉතින් අර ඕඩර් එක ලෑස්ති කරමුකෝ..."ටේ කිව්වම නම්ජුන් කිචන් එකට ගියා...
.
.
.

"ලීසා මට අර අතන තියෙන ෆයිල් ටික ආපහු සැරයක් ගෙනත් දෙන්න.." ජන්කුක් ලීසට කිව්වේ එයාගේ කබඩ් එක පෙන්නන්න ගමන්...

"ඒ ඇයි සර් ආපහු..."

"ලීසා මගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව කියපු වැඩේ කරන්න.." ජන්කුක් කෑගැහුවේ යකෙක් වැහිලා වගේ, ඒ බය වුණ පාර ලීසා ජන්කුක් කියපු ෆයිල් ටික ගෙනල්ලා ජන්කුක්ගේ මේසේ උඩින් තිබ්බා...

"ම්ම්ම් ලීසා ඔයා දැන් යන්න..."

"හරි සර්..."ලිසා කැබින් එකේ දොරත් වහගෙන එළියට ගියා...

Author pov end...

Jungkook pov...

ආයිෂ් මාව ඇයි මෙච්චරටම අවුල් වෙලා කිසිම ප්‍රශ්නයක් නෑනේ අවුල් වෙන්න තරම් ඒත් ඇයි මේ, මෙහෙම ගියොත් කුක්කෝ උබට පිස්සු හැදිලා තමයි නවතින්නේ...

"කුක්කෝ..."මම උඩ ගියේ හොබියගේ වොයිස් එකෙන්..

"ඇතුලට එද්දි තට්ටු කරලා එන්න දන්නේ නැද්ද තෝ..." මම ඇහුවේ හොබියට ඔරවන ගමන්..ඒත් එක්කම මූ ඇවිත් පුටුවකින් වාඩි උනා..

"අනේ යකෝ වෙනදට ආවෙත් මම තට්ටු කරලද? අනික තෝ මේක ඇතුලේ හෙලුවෙන් ඉන්නේ නෑනේ තට්ටු කරලා එන්න තරම්...." අනේ ඇත්තට මූ නම් මූත් එක්ක කතා කරනවට වාඩා හොඳයි හන් ගගට පැනලා සිය දිවි නසා ගන්නවා..

"හරි හරි.. බැරිවෙලාවත් මම එහෙම හිටියනම් උබ මොකද කරන්නෙ..."

"උබ එහෙම හිටියනම් මම මොනවා කරන්නද දොර වහගෙන ආපහු හැරිලා යනවා මොකද මම කලන්තේ දාන්නේ නෑනේ උබව දැකලා... "හොබී එහෙම කිව්වම ජන්කුක් අමුතු විදියට හොබී දිහා බැලුවා...

"අනේ තෝ නම්, හා දැන් උබ මොකටද මේ පැත්තේ ආවේ..." මම ඇහුවේ බල බල තිබුන ෆයිල් එක මේසේ පැත්තකින් තියන ගමන්...

"ආහ් මම බෙහෙත් ටිකක් අරන් යන්න..." ඈහ් මේකා අසනීපෙන්ද, එහෙම එකක් පේන්න නෑනේ..

"හොබියෝ මොකෝ උබ අසනීපෙන්ද?"

"නෑ බන් මට කිසිම ප්‍රශ්නයක් නෑ..." එහෙනම් මේකා මොකටද ඇවිත් තියෙන්නේ..

"එහෙනම් අනික තෝ ඇවිත් තියෙන්නේ ඔෆිස් එකකටනේ බෙහෙත් ගන්න..."

"ආ මට නෙවෙයි බෙහෙත්.. මම ඔෆිස් එකට ආවෙ නම් බෙහෙත් ගන්න ඕනේ ලෙඩා ඔෆිස් එකේ ඉන්න නිසා..." හොබියා මේ මොනවද කියවන්නේ.. මුගේ බෝයිෆ්‍රෙන්ඩ්වත් මේ ඔෆිස් එකේ වැඩද එයාට බෙහෙත් ගන්නද? නෑ නෑ වෙන්න බෑ මම නොදන්න මුගේ bf ලා ඉන්නවයෑ මේකේ....

"තේරුන්නෑ බන්...." මම කිව්වේ ඔලුවට අත යවන ගමන්...

"තේරුන් ගන්න දෙයක් නෑ උබ තමයි ඒ ලෙඩා උබව ඉස්පිරිතාලෙකට ගිහින් දාන්න මම තකහනියක් ආවේ..." මේ මාව මූට පිස්සුද මේ හොඳට ඉන්න මාව මොකටද?

"මට පිස්සු නෑ යකෝ උබට තමයි පේන්නේ නැද්ද සති දෙකක වෙලේ ඉදන් නිකන් ගෑණි මැරිච්ච මිනිහෙක් වගේ ඉන්න විදිහ..." මූට මන් දැන් කියපු එකත් ඇහිල ද?

"අනේ පල මම නම් එහෙම හිටියේ නෑ උබ වෙන්න ඇති ජි....."

"අනේ කුක්කො මගෙන් කුණුහරුප අහගන්න එපා, ඇත්තටම උබගේ වෙනසක් තියෙනවා බන් ඒකයි මම කිව්වේ නෑ කියන්න එපා... "

"හ්ම්ම් ඔව් හොබියෝ මටත් තේරිලා තියෙන්නේ, ඒත් මම දන්නේ නෑ හේතුවක්..." මම එහෙම කිව්වම හොබියා මගේ දිහා හරි අමුතුවට බැලුවා..

"ඈ බන් හේතුවක් නැතුව නිකන් ඔහොම ඉන්න එකෙක් දැක්කමයි මම..."

"ම්ම්ම් දැන් ඒක වැඩක් නෑ සිරාවටම උබ ඇයි ආවේ.." මම ආපහු ඇහුවේ මේකා හදිස්සියේ ආවේ මොකටද කියලා දැනගන්න..

"නිකන් බන් එන්න හිතුනා, ඒකයි ආ මන් උබට කෑම වගේකුත් හදාගෙන ආවේ.. හරියට කෑමක් නැති නිසා..."

"අනේහ් හොබියෝ ඇයි බන් ඔච්චර මට සලකන්නේ..."

"උබ මගේ යාලුවයි, සහෝදරයයි නිසා..ආ මෙන්න තවත් ප්‍රශ්න අහන්නේ නැතිව කාපන්... "හොබියා එයාගේ අතේ තිබුන බෑග් එක මට දෙන ගමන් කිව්වා..

"එතකොට උබ කන්නේ නැද්ද?" මම හොබියගෙන් ඇහුවා..

"ම්ම්ම් දැන් බෑ බන් කාලා ආවේ..."

"එහෙමද ඒත් මට කෑම ගෙනාව නම් මාත් එක්ක කන්න වරෙන්... "

"අනේහ් කුක්කෝ නිකන් හිටපන් මට දැන් කන්න තියා හිතන්නවත් බෑ..."

"අනේ මේ උබ මේකෙන් කෑම ටිකක් කෑවා කියලා පිපිරිලා මැරෙන්නේ නෑ ඒ නිසා ඇවිත් කාපන් මගෙන් මුකුත් අහගන්නෙ නැතිව..." මම කෑම ගෙනාපු බොක්ස් ටික මේසෙන් තියන් තිග අරින ගමන් හොබියටත් කතා කලා..

Jungkook pov end..

No one pov...

"Excuse me sir.. "හොබියි ජන්කුක්යි කෑම කන අතරේ කැබින් එකේ දොරත් ඇරන් ඇතුළට ආවේ ලීසා...

"අනේ සොරි සර් මම හි...... "

"ඒකට කමක් නෑ ලීසා මොකෝ හදිස්සියෙන් වගේ..." ජන්කුක් ලීසාගෙන් ඇහුවා, හොබිත් මස් කෑල්ලක් කටේ ඔබන් බලන් හිටියේ ලීසා දිහා...

"ආහ් සර් 2කට මීටින් එකක් ඒක මතක් කරන්න ආවේ..."ලීසත් හොබී දිහා අමුතුවට බලන ගමන් කිව්වා...

"ආහ් ඒකද.."හරි ලීසා මම කාලා ඉවර වෙලා එන්නම් තාම 1:20 යි නේහ්..ජන්කුක් අතේ තිබ්බ වොච් එකෙන් වෙලාව බලන ගමන් කිව්වා...

ලිසා ගියා විතරයි දොරත් ඇරන් ආපහු ඇතුලට ආවේ..............


968 words

____________________________

හලෝ....👀😁

මේ කතාවේ ප්ලොට් එක මතක නෑ කියන්නකො දැන් හිතට එන එක එක ඒවා දාලා ලියන්නේ..😪🙂කැතයි තමයි ගණන් ගන්න එපා.. 😊🥺❤️

අදත් චැපියක් ටයිප් කරා, සතියට තුනක්වත් දීලා මේක ඉවර කරගන්න ඕනේ... 😐🤧

Byeeeee❤️

Sanindhi

Continue Reading

You'll Also Like

1M 33.7K 60
π’π“π€π‘π†πˆπ‘π‹ ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 π–π‡πˆπ‚π‡ jude bellingham finally manages to shoot...
1M 55.1K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
992K 17.8K 80
"α΄΅'ᡐ ⁿᡒᡗ ᡗʰᡉ α΅α΅’α΅’α΅ˆ ᡍᡘʸ ˒ⁱᡉⁿⁿᡃ, ʳᡉᡐᡉᡐᡇᡉʳ ᡗʰᡃᡗ. α΄΅ α΅ˆα΅’ ʷʰᡃᡗ α΄΅ ʷᡃⁿᡗ, α΄΅ ᡗᡃᡏᡉ ʷʰᡃᡗ α΄΅ ʷᡃⁿᡗ. ᴬⁿᡈ α΄΅ ʷᡃⁿᡗ ΚΈα΅’α΅˜." 𝘚π˜ͺ𝘦𝘯𝘯𝘒 𝘸𝘒𝘴 𝘡𝘩𝘦 𝘭𝘒𝘴𝘡 𝘰𝘯𝘦 𝘴𝘡𝘒...
336K 19.4K 73
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...