T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|...

By parkyounghee05

1.5K 260 91

මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ... More

INTRO
මායාකාරී
ගෙම්බි කකුල් සුප්
ඇත්ත නැත්ත
රතු රෝස
!!Attention!!
ක්ලෙයා
කටහඬ
සොහොන් කොත
චෙරි ගහ
ඕඩි ඔයා??
කන්නාඩිය
සුබ ගමන්
හොඳම නත්තල
Book 02

චූටි පැටියා

78 14 7
By parkyounghee05

Taehyun : එතකොට ඔයාට ඇත්තටම මොකද්ද සිද්ද වුණේ?

================================

Claire : ඒක දිග කතාවක්. ඒත් මං ඔයාලට ඒ ගැන කෙටියෙන් කියන්නම්. මොකද අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව ටික වෙලාවයි. මේ මාලිගාවට එන ඕනම කෙනෙක්ට මේක ඇතුලේ ඉන්න පුළුවන් පැය 2යි.කවුරු හරි ඊට වඩා හිටියොත් එයාව සදහටම අඳුරු මායාවන් අතර හිරවෙනවා.

Yeonjun: එහෙනම් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ හරියටම පැයකුයි විනාඩි විස්සකුයි විතරයි.

Claire : ඔව්. ඒ නිසා මං ඔයාලාට ඉක්මනින් මේ ගැන කියන්නම්.

ඔයාලා දැනටමත් දන්නවා නේ මං මෙහේ කෙනෙක් නෙවෙයි කියලා. මං ජීවත් වුණේ මීට අවුරුදු දහස් ගානකට කලින් එංගලන්තේ.හරියටම මායාකාරයෝ ජීවත් වුණ කාලේ.

ඉතින් ඒ කාලේ මායාකාරයෝ කොටස් දෙකකට බෙදිලයි හිටියේ. ඒ පිරිසිදු මායාකාරයෝයි අඳුරු මායාකාරයෝයි කියලා. ඒ දෙගොල්ලොම ගොඩක් තරහයි.

පිරිසිදු මායාකාරයෝ හැමවෙලේම එයාලගේ මායාවන් පාවිච්චි කරේ හොඳ දේවල් වලට. ඒත් අඳුරු මායාකාරයෝ හැමවෙලේම කරේ අඳුරු වගේම භයානක මායාවන්. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් ඒ අයට ගොඩක් භයයි.

ඉතින් මගෙ තාත්තා පිරිසිදු මායාකාරයෙක්. ඒ වගේම මගෙ අම්මා අඳුරු මායාකාරියක්. ඒත් එයා ගොඩක් හොඳ කෙනෙක්.කොහොම වුණත් අඳුරු මායාකාරයෝ මගෙ තාත්තට කැමති වුණේ නෑ. මගෙ අම්මා එයාලගේ නීතීවලට පිටින් ගියා කියලා එයාවත් එයාලගේ කෙනෙක් හැටියට පිළිගත්තේ නෑ. එයාලට ඕන වුණේ අපිව මරලා දාන්න.

මගෙ තාත්තා උසස් මායාකාර පෙළපතක කෙනෙක්. ඒ නිසා අඳුරු මායාකාරයෝ කොහොමත් මේ දේ අමතක කරේ නෑ.

ඒ කාලේ මං ගොඩක් පුංචියි. ඉතින් එන්නම මේ යුද්දේ වැඩිවුණා. ඒ නිසා මගෙ දෙමව්පියෝ මාවත් අරන් මෙහෙට පැනලා ආවා.

තාත්තා නම් හිතුවේ ඊටපස්සේ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ සතුට තිබුනේ ටික කාලයයි. එයාලා කොහොමහරි අපි හිටපු තැන හොයාගත්තා.

මුලින්ම එයාලා ඇවිත් මගෙ තාත්තගේ සෙබළු හැමෝමවම විනාශ කරා. ඊටපස්සේ මගෙ තාත්තවත් මරලා දැම්මා.

මගෙ අම්මා කිව්වා එයාවත් මරන්න ඒත් මට මොකුත් කරන්න එපා කියලා. ඒත් එයාලා ඒක ගණන් ගත්තේ නෑ. එයාලා මගෙ අම්මවත් මරලා දැම්මා.

ඊටපස්සේ මාත් එක්ක හිටපු හැමකෙනෙක්වම මරලා මාව මේ මාලිගාවේ තනිකරා.

පුදුම හිතෙන දේ තමයි එයාලා මාව මරන්න උත්සහ කරේවත් නෑ. සමහර විට එයාලා දැනගෙන ඉන්න ඇති මාව එයාලට විනාශ කරන්න බෑ කියලා.මොකද මගෙ තාත්තගේ පිරිසිදු මායා බලය වගේම අම්මගේ අඳුරු මායා
බලයත් මට ලැබිලා තිබුණා . ඒක සාමාන්‍යය මායාකාරයන්ගේ බලයට වඩා වැඩියි.

ඒ නිසා එයාලා මාව විනාශ කරන්නේ නැතුව මට ශාපයක් කරා.එයාලා මගෙ ආත්මය මං මේ ලෝකෙ ආසම දේ ඇතුලේ හිර කරා.

Kai : ඒ කියන්නේ රෝස මලක් ඇතුළෙද?

Claire : ඔව් ඔයා හරි.. මාව හිර කරේ රෝස මලක් ඇතුලේ. මගේ ආත්මේ ඒ ශාපෙන් නිදහස් කරන්න ඕන නම් කවුරු හරි මගෙ රෝස මල් එක්ක බැඳීමක්‌ ඇති කරගන්න ඕන.එයාට විතරයි පුළුවන් මගෙ ආත්මේ හිරවෙලා තියෙන රෝස මල කඩලා දාලා මාව නිදහස් කරන්න.

Taehyun :  කායි එදා රෝස මල අල්ලපු නිසා එයාට ඒකත් එක්ක බැඳීමක් ඇති වෙන්න ඇති.. ඒ කියන්නේ එයාටම තමයි ශාපේ බිඳීන්න පුළුවන්.

Claire : ඔව්.. හැබැයි මේ මාලිගාවම අඳුරු මායා වලින් පිරිලයි තියෙන්නේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒත් මං ඔයාලව විශ්වාස කරනවා. මට උදව් කරන්න. මගෙ ආත්මෙ තව පැය 24 කින් අඳුරු මායා ලෝකේ හිරවෙයි.මේක තමයි අන්තිම අවස්ථාව

Soobin : භය වෙන්න එපා ක්ලෙයා, අපි ඔයාට උදව් කරනවා.

Beomgyu : මං හිතන්නේ අපේ සීයාත් ඔයාට උදව් කරන්න හදල තියෙනවා.

Claire : ඔව් ඒක ඇත්ත.. ඒත් එයා හදිස්සියේම නැති වුණා. මං හිතුවේ නැ ආයේ කවුරු වත් මට උදව් කරයි කියලා.

Kai : අපි ඔයාට කොහොමහරි උදව් කරන්නම්.

Claire : ස්තුතියි කායි. එහෙනම් මට යන්න වෙලාව හරි.මෙතනින් එහාට පරිස්සමින් වැඩ කරන්න. ඒ වගේම වෙලාව නාස්ති කරන්න එපා

Yeonjun : හොඳයි..අපි ඒක කොහොමහරි කරන්නම්

ඉතින් එකපාරටම ඕඩිගේ ඇඟින් දුමක් වගේ පිටවුණා.ඊටපස්සේ ඕඩි මොකුත් වුනේ නැති ගානට පස්ස වන වන ගිහින් සූබින්ගේ කකුල ළඟ හිටගත්තා.

Beomgyu : හහ් ඕඩි බලහන්කො..
ඉතින් දැන් කස්ටියම ලෑස්තිද මේක අස්සට යන්න?
අඩෝ මේකවත් නාගන්නැතුව කරමු බන්

Yeonjun : මොකට කියනවද? එහෙනම් කොල්ලනේ මේකත් හොඳටම කරමු

Kai : ඔක්කොටම කලින් කියහන් දැන් මේ දොර අරින්නේ කොහොමද කියලා

කායි එහෙම අහද්දී තමයි කට්ටියටම මීටර් වුණේ ඒ ගැන ක්ලෙයාගෙන් අහන්න බැරි වුණා නේද කියලා.

Soobin : අඩේ ඒක අහන්න අමතක වුණානේ බන්.. ඔන්න ඔහේ ඔය පැත්තෙන් අල්ලපන් මං මේ පැත්තෙන් අල්ලලා තල්ලු කරනකම්

සූබින් එහෙම කියලා දොර ඇදල තල්ලු කරන්න ට්‍රයි කරා. ඒත් ඒ වෙලාවේ ටේ නම් කිසිම ගාණක් නැතුව ගිහින් මාලිගාවේ යතුරෙන් ම ඒ දොරේ අගුල ඇරියා. ඒක බලන් හිටපු සූබින්ගේ කටත් ඇරුනේ ඉබේටමයි.

Soobin : වාහ්..

Taehyun : දන්නැත්තම් බලාගනින්.
දැන් වරෙන් ඇතුළට

ඉතින් කට්ටියම දොරෙන් ඇතුලට ගියා. දොරෙන් ඇතුලට ගියපුම කොල්ලොන්ට හම්බවුනේ බිත්තියක්‌. ඒ බිත්තියෙ එක සමාන  තවත් දොරවල් හතරක්  තිබුනා.

Beomgyu : ඒ පාර මොකද්ද මේ?

Taehyun : මං හිතන්නේ මෙතන තියෙන දොරවල් වලින් අපිට හරි දොර හොයාගන්න වෙනවා.

Kai : ඔක්කොම එක වගේනේ බන්

Yeonjun : කරන්න තියෙන්නේ එක දෙයයි. ඔක්කොම දොරවල් ටික ඇරලා බලමු.

Soobin : පිස්සුද බන්? හදිස්සියේවත් වැරදි දොරක්‌ ඇරියොත් අපිට මොනවා වෙයිද?

Beomgyu : වැඩි දෙයක් නෑ එතනම අපායට ටිකට් එක හම්බවෙයි.

Taehyun : ඔන්න ඔහේ එකක් ඇරලා බලමුද ඒයි?

Kai : මේ වගේ හැන්ඩ්සම් කොල්ලෙක් මැරිලා ගියපුම උබලට දුක නැද්ද?

Soobin : වෙලාවත් යනවා බන්. ඔන්න ඔහේ එකක් ඇරලා බලමු. මැරුනොත් මැරෙන්නේ කට්ටියම එකටනේ

Yeonjun : හරි එහෙනම් ඇරලා බලමු.

ඊටපස්සේ පස්දෙනාම බයෙන් බයෙන් ගිහින් එතන තිබුන පළවෙනි දොර ඇරියා.

ඒත් බලාපොරොත්තු වුණ බයානක අත්දැකීමට වඩා එතන තිබුනේ වෙන දෙයක්.

Kai : අනේ බලන්නකෝ.. මේක ඇතුලේ ඉන්නේ කවුද කියලා

Soobin : අමුතු සතෙක්

Kai : මොකෙක් වුණත් එයා කියුට් අනේ

ඒක ඇතුලේ හිටියේ අමුතු විදිහේ පුංචි සතෙක්.එයාට කොටි පැටියෙක් වගේ පෙනුමකුයි ඒ වගේම මකරෙක් වගේ තටු දෙකකුයි තිබුනා.

( ඔය මොකෙක් හරි කියුට් සතෙක් මවා ගන්න ළමයි 🙂)

ඒ පැටියා කොල්ලෝ දිහා බලන් හිටියේ අහිංසක බලු පැටියෙක් වගේ.ඉතින් කොල්ලෝ ටිකම සතා වටේ එකතු වුණේ හුරතල් කරන්න හිතාගෙන..

Soobin : මෙයාගේ ඇස් දිලිසෙනවා.. ගොඩක් ලස්සනයි.

Beomgyu : චූටි පැටියෝ එම්න අපේ ගෙදර නම්න

Yeonjun : යා බොම්ග්යූ ඕකට රිද්දන්න එපා.. පව්

Taehyun : මේක නම් ටිකක් අමුතුයි බන්.මට නම් ඒ සතාගේ කියුට් පෙනුමක් පේන්නෑ.. වැඩිය ලඟට යන්නැතුව හිටපන්

Yeonjun : පිස්සුද බන්?

මේ බලපන් මං චූටි පැටියව වඩාගන්න යන්නේ

එහෙම කියලා යොන්ජුන් අර සතාව වඩාගන්න කියලා හිතන් තවත් එයාගේ ළඟට ගියා.

ඒත් එක පාරටම ඒ සතා ලොකු වෙන්න ගත්තේ කොල්ලෝ ටිකට හිතන්නවත් වෙලාවක් නොදී . එකපාරටම එයාගේ තිබුණු කියුට් පෙනුමත් නැති වෙලා ගිහින් දරුණු සතෙක් විදිහට පරිවර්තනය වෙන්න ගියේ පොඩි වෙලාවයි.

ඉතින් ඒක දැක්ක කොල්ලෝ ටිකත් පණ එපා කියාගෙන දුවගෙන ආවේ දොර තියෙන දිහාවට.

Yeonjun : අඩෝ වරෙන් ඉක්මනට.මේ දොර වහන්න උදව් වෙයන්.

ඊටපස්සේ කට්ටියම එකතු වෙලා ඒ දොර වහලා දැම්මා

Soobin: අම්මෝ ඇති යන්තම් ඔයින් බේරුණා

සූබින් එහෙම කියලා බිම වාඩිවුණේ පපුවත් අල්ලන්. හැමෝටම දුවලා දුවලා ගොඩක් මහන්සියි.

Taehyun : මං කිව්වනේ ළඟට යන්න එපා කියලා

Kai :හරි හරි දැන් කොහොම හරි බේරුනානේ

Beomgyu : ඊළඟට මොන දොර ද අරින්නේ?

Kai : මං කියන්නම් අපි අන්තිමට තියෙන දොර අරිමු. ඒක හරි එක වෙන්නත් පුළුවන්..

Taehyun : උබ කියන එකක් තමයි.

To be continued

---------------------------------------------------------

අම්මෝ කස්ටිය
මං බය වුණා කතාව නැති වෙයි කියලා.
ඔන්න මං කලින් ටික ඔක්කොම ආයෙමත් publish කරා.😭

තව කොටස් එකකින් හරි දෙකකින් හරි මේක ඉවර වෙයි ළමයි 🤧

ඉතින් කතාව ඉවර වෙනකම් කියවන්න :)

ඊළඟ ටිකත් ඉක්මනට දාන්නම්.

Continue Reading

You'll Also Like

12K 1.6K 32
📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕...
2.9K 735 6
" මගේ හිත ආදරයෙන් වැලදගත්තේ තනිකම විතරමද?" " නෑ ඇයි මේ මාව..." 👥👥
22.4K 3.7K 16
තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung...
1M 57.3K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...