T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|...

By parkyounghee05

1.5K 260 91

මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ... More

INTRO
මායාකාරී
ගෙම්බි කකුල් සුප්
ඇත්ත නැත්ත
රතු රෝස
!!Attention!!
ක්ලෙයා
කටහඬ
සොහොන් කොත
ඕඩි ඔයා??
චූටි පැටියා
කන්නාඩිය
සුබ ගමන්
හොඳම නත්තල
Book 02

චෙරි ගහ

77 15 8
By parkyounghee05

කොහොමහරි ඔය විදියට සතියකුත් ගෙවිලා ගියා.ඒ දවස් ටිකේ කොල්ලෝ ටිකත් මාලිගාව ගැන හොයන එකෙන් ඈත්වුනේ ළඟ ළඟම එන නත්තලට සුදානම් වෙන්න ඕන නිසා.ඉතින් එයාලා තමන්ට පුළුවන් විදිහට නත්තල් සැරසිලිවලට සුසී ආච්චිට උදව් වුණා.

යොන්ජුන් නම් සුසී ආච්චිත් එක්ක ටවුන් එකට ගිහින් බඩු ගන්න උදව් වුණා.

ඒ අතරේදී ගෙදර සරසන්න භාර වුණේ සූබින්ටයි බොම්ග්යූටයි. ඒ දෙන්නා නම් සරසනවාට වඩා කරේ එතන අවුල් කරපු එක. අන්තිමට ඒකත් කරන්න වුණේ යොන්ජුන්ට.

කායි නම් දවසෙම වගේ එලියට වෙලා හිම සෙල්ලම් කරා.

ටේහ්යෝන් විතරයි මාලිගාව ගැන විස්තර හොයන්න උත්සහ කරේ. ඒ නිසා කොල්ලා දවසෙම හිටියේ කාමරේට වෙලා.

ඒත් එහෙම සමකාමීව ගොඩක් කල් නම් ඉන්න මේ අයට නම් පුළුවන් වුණේ නෑ. මොකද එක දවසක උදේ සිද්ද වුන සිදුවීමක් නිසා ආයෙමත් අර මාලිගාවේ සිද්දිය උඩට ආපු නිසා.

ඉතින් එදා දවසේ උදේ සිද්ද වුණේ අමුතුම දෙයක්.

Soobin : අනේ කවුරු හරි මගෙ ඕඩිව දැක්කද? දැන් මෙතන හිටියා

Beomgyu : මං තොට කිව්වා කියලා හිතාගනින්.

Yeonjun : උඹ දැන් කීවෙනි වතාවටද ඕකව නැති කරගත්තේ?

Soobin : අනේ කියව කියව ඉන්නැතුව හොයන්න උදව් කරපංකෝ

Kai : ඉන්න සූබින් හ්යෝන්ග් මං ටේගෙන් අහං එන්නම් ඕඩි උඩ තට්ටුවට ආවද කියලා

Soobin : අනේ ඒක හොඳයි කමල් මල්ලියා

ඉතින් කායි උඩ තට්ටුවට ගියේ ඕඩි ගැන ටේගෙන් අහන්න.

Taehyun : නෑ බන් මං දැක්කේ නෑ. අනේ මන්දා මේ සූබින් හ්යෝන්ග් නම්

Kai : ඔව් බන්. ඒක නෙවෙයි අර මොනාද? ගෙම්බි කකුල් සුප් නේද?

Taehyun : ගෙම්බි කකුල් සුප්?

කායි එකපාරටම අත දික්කරේ ගබඩා කාමරේ පැත්තට. ඒකෙ දොර යට තිබුනේ අර කලින් දවසක කොල්ලෝ ගෙම්බි කකුල් සුප් කියපු සෙවල වගේ ඒවා.

ඉතින් කොල්ලෝ දෙන්නා එතෙන්ට එබිලා බැලුවේ පුදුම වෙලා.

Taehyun : මේවා? මේවා කොහෙන්ද මෙතෙන්ට?

Kai : අනේ මන්දා ටේ.. මේ බලන්නකෝ

Taehyun : ඕඩිගේ අඩි පාරවල් නේද?

Kai : ඔව් නේ. ඒවා තියෙන්නේ පහල තට්ටුව පැත්තට.

Taehyun : අපි ඒවා පස්සෙ ගිහිල්ලා බලමු

ඊටපස්සේ ඕඩිගේ අඩි පාර දිගේ සාලෙට ගියපු කොල්ලෝ දෙන්න අනිත් අයටත් මේ ගැන කියලා ඒ අයවත් මේ වැඩේට එකතු කර ගත්තා. මොකද අඩි පාරවල් නම් ඉවර වෙලා තිබුනේ නෑ.

ඉතින් ඒවා දිගේ ඇවිදන් කියපු කොල්ලෝ පස්දෙනා අන්තිමේදී නැවතුනේ සුසී ආච්චිගේ ගෙදර පිටිපස්සේ තිබුන චෙරි ගහ යට . සුපුරුදු විදිහට අඩි පාර කෙලවරට වෙලා හිටියේ ඕඩි.

Soobin : යා.. ඕඩි ඔයා මෙතනද? කොහේද යන්නේ පැටියෝ මං භය වුණා.

Beomgyu : මට නම් මේ වෙන කිසි දෙයක් තේරෙන්නෑ. කවුරු හරි කියන්න මේ මොනාද මං දකින්නේ?

Kai : ඒක තමයි. කොහෙන්ද ආයෙමත් ගෙම්බි කකුල් සුප් ගේ ඇතුළට ආවේ?

Yeonjun : අනික කලින් පාර වගේම ඒ සෙවල දිගේ ගියපුම අන්තිමේදී අපිට ඕඩිව හම්බ වුණා.

Taehyun : මට ඔයාලට පෙන්නන්න තව දෙයක් තියෙනවා. මේ බලන්න..

Soobin : ඒ මොකද්ද?

ටේ හැමෝටම පෙන්නුවේ පුදුම හිතෙන දෙයක්. ඒක හරියට නිකම් සංකේතයක් වගේ. චෙරි ගහේ කඳේ කොටසක තමයි ඒක කොටලා තිබුනේ.

Kai : ඒක සංකේතයක්.

Taehyun : ඔව් මං ඒක සීයාගේ පොතකත් දැකලා තියෙනවා. ඒත් ඒක හරියටම මොකද්ද කියලා නම් දන්නෑ.

Beomgyu : ඒකෙ තැනින් තැන මොනවහරි ඉලක්කම් ටිකක් ලියල තියෙනවා.

බොම්ග්යූ ඒ ඉලක්කම් ටික පේන විදියට සලකුණ තිබුන තැන අතින් පිහදැම්මා.

Yeonjun: පේන විදිහට ඒක ගාණක් වගේ.

Soobin : ගණන්?

ගණන් ගැන කියද්දීම සූබින්ගේ මූණ ඇඹුල් වෙලා ගියේ බොම්ග්යූවත් හිනා ගස්සලා.

Beomgyu : මෙන්න මේකාට වතුර ටිකක් ගෙනත් දීපිය. නැත්තම් මෙතනම සිහි මුර්ජා වෙයි.

Kai : අඩේ ඔව් බන්

Soobin : පල යන්න ඌරො දෙන්නා

Taehyun : ඕක නවත්තලා මේ බලපන් ඒක යටින් මොනවා හරි කොටලා තියෙනවා.

ටේ එතන කොටලා තියෙන දේ අනිත් අයටත් ඇහෙන්න කියෙව්වා.

"ජලය සිසිල් වූ විට දෙපා වෙව්ලයි.

වාතය පිරිණු විට සියල්ල අපැහැදිලියි.

මරණයේ සහ ඉපදීමේ දොරටුව සියල්ල පහදයි.

ඔබේ දෙපා අවදි කරන්න"

Beomgyu : හැහ්! ඒ මොකද්ද කොල්ලෝ ඒ?

Yeonjun : ඒක නිකන් තේරවිල්ලක් වගේ.

Taehyun : ඔව් යොන්ජුන් හ්යෝන්ග් හරි. ඒක තේරවිල්ලක්. මට හිතෙනවා මේක මාලිගාව සම්බන්ධ දෙයක්. සීයාගේ සමහර පොත්වල මාලිගාව සම්බන්ධ දේවල් ඇඳලා තිබුනා. ඒ එක පොතක තමයි මේ සලකුණත් තිබුනේ. සමහර විට මේක අපිට අභිරහස විසදන්න උදව් වෙයි.

Soobin : ඒත් අපි කොහොමද මේකට උත්තරේ හොයාගන්නේ? වාතයලු, ජලයලු,මරණයලු මොන කෙහෙල් ඇවරියක් ද බන් මේ?

Kai : හිතපන්කෝ..අන්තිමට දෙපා අවදි කරන්නලු..

Beomgyu : ඒකෙන් කියන්නේ චෙරි ගැනද දන්නෑ. ඒක චෙරි ගහකනේ කොටලා තියෙන්නේ.

Kai : බූරු කතා කියන්නැතුව හිටපන්. ටේ උබ මොකෝ කියන්නේ?

Taehyun : මට හිතෙන විදිහට මේකේ පළවෙනි වාක්‍යයේ වතුර ගැන කියනවා. එතකොට දෙවෙනි එකෙ කියන්නේ වාතය ගැන. ඊටපස්සේ හිතපන් මරණය ඒ වගේම ඉපදීම සම්බන්ධ වෙන්නේ මොකටද කියලා.

Yeonjun : මං දන්නවා. ඒ පොළොව

Taehyun : හරියටම හරි. ඒ පොළොව.ඊටපස්සේ තියෙන්නේ දෙපා අවදි කරන්න කියලා.

Beomgyu : ඒකෙන් කියන්නේ සමහර විට කොහෙට හරි යන පාරක් වගේද?

Taehyun : ඔව්.. මං හිතන්නේ ඒක නිකන් මොනවා හරි පොළොව යට වළලලා තියෙන දෙයක් කියලා. ඒකනේ මේකේ පොළොව කියලා උත්තරේ එන්නේ.

Soobin : එහෙනම් ඒක මේ ලඟම ඇති. ඒත් කොහොමද හරියටම තැන හොයාගන්නේ?

Kai : මං දන්නවා. ඒකට තමයි මේ ගාණ විසඳන්න තියෙන්නේ.

Taehyun : හරිනේ.. උබ නම් මාරයි කමල්..

Kai :තෑන්ක්ස් බොක්ක

Taehyun : කට්ටියම හිතන්න.

( A/N :අර උඩ රූපේ දාලා තියෙන ගාණ හොඳේ 🙂)

Yeonjun : ඒ ඉලක්කම්වල එකතුවද දන්නෑ.

Soobin : එතකොට 12යි නේද?

Beomgyu : නෑ බූරුවෝ එතකොට 10යි

Soobin : හරි මොකක් හරි

Kai : මට නම් හිතෙන්නෑ එච්චර ලේසි එකක් කියලා.

Taehyun : මං දන්නවා උත්තරේ. ඒකෙ විරුද්ධ පැත්තේ තියෙන ඉලක්කම්වල එකතුව හැමවෙලේම 5යි. ඉතින් ඒකට උත්තරේ වෙන්නේ පහ.

Soobin : වාහ්.. උබ නියමයි නේ

Taehyun : අහපන්කෝ.. මං හිතන්නේ අපි මේ ඉන්න තැන ඒ කියන්නේ මේ සලකුණ ළඟ ඉඳලා ස්ටෙප් 5ක්‌ යන්න ඕන. ගිහිල්ලා බලමු.

ඊටපස්සේ ටේහ්යෝන් ගහ ළඟ ඉඳලා පියවර පහක් ගිහින් නැවතුනා.

Kai : අපි මෙතන හාරලා බලමු. මං හිම අයින් කරන සවල අරන් එන්නම්.

ඉතින් කායි සවල ගෙනාවට පස්සෙ කට්ටියම කරේ එතන තියෙන හිම අයින් කරලා පොළොව හාරපු එක. සුසී ආච්චි වෙනදා වගේම ඒ වෙලාවට ගෙදර නැති වුන එක නම් ඇත්තටම කොල්ලොන්ට උදව්වක් වුණා.

ඔය විදිහට පැය භාගයක් විතර පොළොව හාරපු කොල්ලොන්ට අන්තිමේදී එයාලා බලාපොරොත්තු දේ හම්බ වුණා. ඒක පරණ පුංචි ලී පෙට්ටියක්.

ඊටපස්සේ ඒක ඇරලා බලපු කොල්ලෝ පස්දෙනාට දකින්න ලැබුනේ පරණ ලොකුම ලොකු යතුරක්.

Yeonjun : ඒක යතුරක් නේ. මට හිතෙන දේම ද උබලටත් හිතෙන්නේ?

Beomgyu : ඒ කියන්නේ උබ හිතන්නේත් මං හිතන දේමද? රසම රස බ්ලු බෙරි කේක් එකක් ගැන? කොහොමද මේ වෙලාවට කන්න තිබුනා නම්..

Yeonjun : දීපන් මට අර සවල ඔලුවට ඇනගන්න.

Kai : ආ මෙන්න හ්යෝන්ග්

ඉතින් කායි සවල යෝන්ජුන්ට දික්කරා.

Yeonjun : අඩෝ වයි බන් තොපිල ඔහොම?

Soobin : ඇයි ඉතින් උබමනේ කිව්වේ සවල දීපන් කියලා.

Taehyun : හරි හරි දැන් කියපන් උබට මොකද්ද හිතුනේ කියලා?

Yeonjun : හිතෙන්නැද්ද ඒක අර මාලිගාවේ යතුර කියලා?

Beomgyu : ඒක කොහෙන්ද මෙතෙන්ට?

Yeonjun : ඒක සීයා ළඟ තියෙන්න ඇති. ඉතින් එයා ඒක මෙතන හංගන්න ඇති

Soobin : එයාට කොහෙන්ද ඒක?

Taehyun : මොකද කියන්නේ අපි ආපහු මාලිගාවට ගිහිල්ලා මේකෙන් දොර අරින්න ට්‍රයි එකක් දෙමුද? එතකොට ඔය ප්‍රශ්න සේරටම උත්තර හම්බවෙයි

Soobin : ඒත් කොහොමද යන්නේ දැන් සුසී ආච්චි එන වෙලාවනේ.

Kai : අපි එදා වගේ හෙට උදේම යමු. එතකොට සුසී ආච්චිට අහුවෙන එකක් නෑ.

Yeonjun : ඔව් ඒක හොඳයි. එහෙනම් අපි මාලිගාවට ගිහිල්ලම මේකේ ඇත්ත නැත්ත හොයා ගමු.

To be continued

Thank you for reading and voting 💙

🐰🦊🐻🐿️🐧

Continue Reading

You'll Also Like

3.3K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා
12.1K 1.6K 32
📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕...
9.2K 1.2K 28
BTS: I'll Come Back , Abbys And Where is My Mom Astro : Ellie Iu : Heirs of the night Stray kids ( & got7) : I.A ( ongoing ) Coming soon~ Blackpink...
5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...