T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|...

By parkyounghee05

1.5K 260 91

මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ... More

INTRO
මායාකාරී
ගෙම්බි කකුල් සුප්
ඇත්ත නැත්ත
රතු රෝස
!!Attention!!
ක්ලෙයා
කටහඬ
චෙරි ගහ
ඕඩි ඔයා??
චූටි පැටියා
කන්නාඩිය
සුබ ගමන්
හොඳම නත්තල
Book 02

සොහොන් කොත

76 14 1
By parkyounghee05

@At the palace

ඉතින් තුන්දෙනාම උදේ කරා වගේ තාප්පෙන් පැනලා මාලිගාවේ වත්තට ඇතුළු වුණා. ඇත්තටම කිව්වොත් උදේ අනිත් අය කියපු දේවල් ඒ විදිහටම තියෙනවා දැක්කම යොන්ජුන් ගොඩක් පුදුම වුණා.

Yeonjun :වා.. ඇත්තටම මේ රෝස මල් බලපන්කෝ

Taehyun : ඒකනේ අපි කිව්වේ. ඒත් කිසිම දෙයක් අල්ලන්න නම් එපා.

Kai : අපි දැන් මොකද්ද කරන්නේ?

Taehyun : අපි මේක වටේ පොඩ්ඩක් ඇවිදලා බලමු.

Yeonjun : හරි

ඊටපස්සේ තුන්දෙනාම කරේ මාලිගාව වටේ පොඩ්ඩක් ඇවිදලා බලපු එක. ඒ අතරතුරේ ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කරේ නෑ.

Taehyun : යොන්ජුන් හ්යෝන්ග්, කායි මේක බලපන්කො.

Yeonjun : ඒ.. ඒක පරණ සොහොන් කොතක් නේද?

Kai :බලන්න.. එකේ මොනවා හරි ලියල තියෙනවා.

Taehyun : ඉන්න මං බලන්නම්.

ටේහ්යෝන් එයාගෙ ලේන්සුවෙන් සොහොන් කොතෙ තිබුන දූවිලි පිහදැම්ම.

Kai : ඒ මොනාද ඒ? මට‍ නම් කිසිදෙයක් තේරෙන්නෑ

Yeonjun : ඒක මොකක් හරි පරණ language එකක් වගේ.ටේ ඔයා ඒවා කියවන්න දන්නවද?

Taehyun : මං නම් හරියටම දන්නෑ. ඒත් ඔයාලට මතකද සුසී ආච්චිගේ ගෙදර ගබඩා කාමරේ තිබුන පොත්?

Yeonjun : ඔව් මට‍ මතකයි උබ ඒවා බැලුවනේ?

Taehyun : ඔව් හ්යෝන්ග්. මං ඒ එක පොතක් අරන් තියාගත්තා. ඒකෙ තියෙන්නෙත් මේ විදිහෙම අකුරු

Kai : ටේ මේකේ ෆොටෝ එකක් ගහගත්තා නම් හරි

Taehyun : ඔව් ඉන්න නම් ගහගන්නම්
.
.
.
.

@Meanwhile Soobin & Beomgyu

ගමේ ටවුන් එකට ගියපු මේ දෙන්නට නම් library එක හොයාගන්නම ලොකු ගේමක් දෙන්න වුණා. කොහොම හරි පාරේ ඉන්න අයගෙනුත් අහලා library එක හොයාගත්ත කොල්ලෝ දෙන්නා library එක ඇතුළට ගියා. ඇත්තටම ඒක ගොඩක් පරණ ගොඩනැගිල්ලක්. අවුරුදු ගානකින් අස්කරලා නෑ වගේ. හැමතැනම තිබුනේ රාක්කවල අපිළිවෙලට තියලා තිබුන පරණ පොත්.

Beomgyu : මේක මහ කුණු ගොඩක්නේ..මේ ඇත්තටම මං අහන්නේ  ඇයි දැන් අපි මෙහෙට ආවේ?

Soobin : ආවේද? අපි ආවේ වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න

Beomgyu : අඩේ නියමයි නේ. කෝ දැන් වඩේ?

Soobin : වඩේ? මං තොට දෙනවා වඩේ මෙතන Library එකක් නොවුණා නම්. දැන් හොයල බලපන් මේක ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා

:අහ්ම්.. කවුද මේ ළමයි දෙන්නා?

එකපාරටම පිටිපස්සෙන් ඇහුන කටහඬත් එක්ක කොල්ලෝ දෙන්නා ගැස්සිලා බැලුවේ පිටිපස්ස.

එතන හිටියේ වයස අවුරුදු 85ක්‌ විතර කියන්න පුළුවන් වයසක මනුස්සයෙක්.

:ඔය දෙන්නා මෙතනට ආවේ සෙල්ලම් කරන්න නම් අර දොර ඇරලා තියෙනවා ඔයාලට යන්න පුළුවන්.

Soobin : නෑ.. ඇත්තටම සර්, අපිට මේ දැනගන්න පුළුවන් ද පොඩි විස්තර ටිකක් ? පුළුවන් නම් ලොකු උදව්වක්.

:ඒක ඇත්තටම පුදුමයි. ඔය වයසේ ළමයි ඇවිත් පොත් ගැන අහන එක.හොඳයි, මොනාද ඔයාලට දැනගන්න ඕන?

Soobin : ඇත්තටම සර් ඔයා ළඟ තියෙනවද මේ පැත්ත ගැන ගොඩක් ඉස්සර ඉඳන්ම විස්තර තියෙන පොත්?

: ඇත්තටම ඔය ළමයි මෙහේ අය නෙවෙයි නේද?

Beomgyu : නෑ. අපි ආවේ සෝල් වලින්.

: දන්නවද මේ වගේ පොතක් ගැන ගොඩක් කාලෙකට කලිනුත් කෙනෙක් මගෙන් ඇහුවා. මට ඒ දවස තාම මතකයි.

Beomgyu : ඕ එහෙමද? මාරයිනේ සූබින් හ්යෝන්ග්. කවුරු හරි අපි වගේම ඒ මාලිගාව ගැන විස්තර හොයල වගේ.

: මාලිගාව???

Soobin : නෑ ඇත්තටම මෙයා සමහර වෙලාවට විකාර කියවනවා. අපිට ඒ පොත තියෙනවා නම් දෙන්න පුලුවන්ද?

: අහන්න දරුවනේ, ඔයාලා ඇත්තටම අර මාලිගාව ගැන මොනවා හරි හොයනවා නම් ඒක නවත්තන්න. ඒක භයානක වෙන්න පුළුවන්. දැන් ගෙවල් වලට යන්න. එළියේ හොඳටම හිම වැටෙනවා.

Soobin : සර්, කරුණාකරලා අහන්න. අපිට ඇත්තටම ඒක ගොඩක් වටිනවා. මේක නිසා අපේ යාලුවෙක් කරදරේක වැටිලා ඉන්නේ. අපිට එයාව බේරගන්න ඕන. ඒ නිසා අපිට උදව් කරන්න

Beomgyu : ඔව් කරුණාකරලා.

: හොඳයි. හැබැයි මං ඊටපස්සේ වෙන කිසිමදේකට වගකියන්නේ නෑ.

Soobin : අනේ ගොඩක් ස්තූතියි

ඊටපස්සේ වයසක කෙනා පරණ රාක්කයක තිබුන පොතක් අරන් සූබින්ට දුන්නා.

Soobin : ස්තුතියි සර්. අපි මේක ඉක්මනින් ම ගෙනත් දෙන්නම්.

Beomgyu : ඔව්. එහෙනම් සුබ දවසක්‌.

ඊටපස්සේ දෙන්නම ඉක්මනට ගෙදර යන්න පිටත් වුණා.

@on the way

Soobin : අඩෝ තොට කට පරිස්සම් කරගන්න බෑනේ. බලහන් තව පොඩ්ඩෙන් අර වයසක මිනිහා අපිට මේ පොත දෙන්නෙත් නැ

Beomgyu : හරි හරි ඉතින් දැන් ඉතින් හම්බවුනනේ.

Soobin : ඒක නෙවෙයි කවුද එයා කිව්ව කෙනා අර අපි වගේ මේ පොත ඉල්ලපු කෙනා?

Beomgyu : සමහරවිට කායිගේ හොල්මන් කෙල්ලද දන්නෑ

Soobin : පිස්සුද බන්. හොල්මන් පොත් කියවන්නැ යකෝ

Beomgyu : ඒකත් ඇත්ත නේ බන්. මොකෙක් හරි ඉල්ලන්න ඇති අපිට මොකද? ඉක්මනට යමු. අම්මෝ දැන් නම් මාර සීතලයි අප්පා

බොම්ග්යුයි, සූබිනුයි ගෙදරට යද්දී අනිත් තුන්දෙනා නම් ඇවිල්ල හිටියේ.

Kai : ඇයි බන් තොපිල මෙච්චර පරක්කු වුණේ?

Beomgyu : අර කුණු ගොඩ හොයාගන්න මාර ගේමක් දුන්නේ අඩෝ.

Yeonjun : කුණු ගොඩ?

Soobin: ඒකෙන් වැඩක් නෑ. උබලා මොනවහරි හොය ගත්තද?

Taehyun : වැඩි දෙයක් නෑ. ඒත් හොයාගත්ත දේ නම් ගොඩක් වටිනවා.
උබලට පොතක් හම්බවුනද?

Soobin : ඔව්. මේ තියෙන්නේ.

Taehyun : අපි මේකෙන් මොනවා හරි විස්තර ටිකක් හොයාගමු.ඉන්න මං කියවන්නම්

ටේහ්යෝන්ග් පොත පෙරලලා කියවද්දී අනිත් අයත් එකට එකතු වුණා.ටේ අනිත් අයටත් ඇහෙන්න පොත කියවන්න ගත්තා.

( A/N : මේ පොතේ තියෙන හැම කරුණක්ම මං හදපු ඒවා. ඒවා ඇත්තටම ඉතිහාසේ එක්ක කිසිම සම්බන්ධයක් නෑ.)

Taehyun :

“ .. 5වෙනි සියවසේ  අවසානභාගය..
බුසාන්  නගරය පසු කරත්ම විශාල කඳු පන්තියක්  වටකරමින්  පිහිටා ඇති මෙම ගම්මානය එකල කොරියානු අධිරාජ්‍යයෙන් වෙන් ව පැවති භූමි භාගයකි.යම් යම් දේශපාලන මතගැටුම්  ඊට බලපා ඇති බව කිව හැකිය. එසේම එකල බොහෝ ලෙස විදේශීය සංක්‍රමණයන්  සිදු වීමත්  ඊට ආසන්න හේතුවකි.

...මේ ගම්මානයේ  ජීවත් වූ ජනතාව ගෝත්‍රික ජන කොට්ඨාසායක් ලෙස සැලකුණි. එමෙන්ම මේ ප්‍රදේශයේ පැවති සීතල දේශගුණයත් සමග බොහෝ දෙනෙක් තම ජීවිකාව ගෙන යාමට තෝරා ගත්තේ සත්ව පාලනය සහ කෘෂිකාර්මික කටයුතුයි.

එසේම ඔවුන් ගෝත්‍රික ජනතාව ලෙස සැලකුව ද ඔවුන්ගේ ඇඳුම් පැළදුම්වලට මෙන්ම සංස්කෘතියට ද විදේශ ආභාසය
ලැබී ඇති බව පැරණි මුලාශ්‍ර සලකා බැලීමේදී පෙනී යයි.

... එකල සිදු වූ විදේශීය සංක්‍රමණ පිලිබඳ සොයා බැලීමේදී  අද දක්නට ලැබෙන ගම්මානයේ සැලැස්මට අනුව එහි වෙළෙඳපොලේ සිට කිලෝමීටර් 10ක්‌ උතුරු දෙසට විහිදෙන මාර්ගයේ ගමන් කළ පසු හමුවෙන කැලෑ රෝදෙන් ඔබ්බට වන්නට විදේශික කණ්ඩායමකට අයත්  යැයි පැවසිය හැකි පැරණි විශාල මාලිගාවක්  හමුවේ.ඒ පිලිබඳ ප්‍රමාණවත්  තරම් සාක්ෂි හමු නොවුනත්  මාලිගාවේ උද්‍යානයේ එක් පසෙක තිබී සොහොන් කොතක් හමු වී ඇත. එය කාගේද යන ගැටළුව මීළඟට පැනනැගෙනු ඇත. එම සොහොන් කොතේ එය ඉදි කර ඇතැයි සැලකෙන කාලයට සමකාලීනව බ්‍රිතාන්‍යයේ භාවිතා කර ඇතැයි සැලකෙන සංකේත භාෂාවකින් එය අයත්  අයගේ නම් කොටා ඇත.

එහි පහත පරිදි විය..

ක්‍රි. ව.5 වෙනි සියවස
ඇලෙක්සැන්ඩර් වොට්සන් සාමිවරයා
ශ්‍රේෂ්ඨ ආත්මය
සාමයෙන් සැතපේවා

Yeonjun : ඒ අර අපි හොයාගත්ත සොහොන නේද?

Taehyun : ඔව් ඒක තමයි. ඉතුරු ටිකත් කියවලා බලමු

... ඉන් අපට නිගමනය කළ හැක්කේ එහි සඳහන් පුද්ගලයාට හෝ  ඔහුගේ පවුලේ අයට එම මාලිගාව අයිතිව තිබී ඇති බවයි.

නමුත් අද වන විට ඒ පිලිබඳ තොරතුරු සෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද පැවසිය යුතුය.....”

මහාචාර්ය ලී ජින් හ්යෝක්
පුරාවිද්‍ය අංශය
සෝල් විශ්ව විද්‍යාලය

Beomgyu : මොකක් එච්චරයි ද?

Taehyun : කමක් නෑ අපිට මේ විස්තර ගොඩක් වැදගත්. මට දැන් පුංචි දෙයක් ගැන හොයල බලන්න තියෙනවා

Soobin : ඒ මොකද්ද ඒ?

Taehyun : අර ගබඩා කාමරේ තිබ්බ පොත් මතකද? මං හිතන්නේ ඒවා ඔයාලගේ සීයාගේ. ඒවා අපිට ගොඩක් වැදගත්. මට‍ හිතෙන්නේ එයාත් මේ ගැන හොයල තියෙනවා.

Kai : ඔව් ඒක නම් ඇත්ත. මතකද අර චිත්‍රෙ?

Yeonjun : ඔව්. ටේ ඔයා ඉක්මනට ඒවත් ගිහින් බලන්න. තව ටිකකින් සුසී ආච්චිත් එයි

Beomgyu : ඊට කලින් අපි මොනාහරි කමුකෝ? බඩගිනියි බන්. කායි පුතා වරෙන් යන්න

Kai: අනේව් මගෙ සත්තලන් අය්යා. යමු යමු. වරෙල්ලා කොල්ලනේ

To be Continued
.
.
.

Thank you for reading and voting guys

Continue Reading

You'll Also Like

5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
1.9K 320 31
ඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්???
2.8K 413 14
We do not have the same blood. But they are all red. A real family. We only know happiness. අපි ඇත්තම සහෝදරියෝ ❤️ අපිව වෙන් වෙන්නෑ මොන දේ උනත්.
852K 52.3K 116
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...