ආයිමත් දවසක....12
එක පාරටම කාර් එක නවත්තපු නිසා යශිර ගැස්සුනා...ඒ ගැස්මත් එක්ක එයා කාර් එකේ දිහා බලද්දි කාර් එකේ ඉස්සරහ ජනේලෙ වීදුරුව පාත් වෙනව යශිර දැක්කා..
" යශිර..කොහෙද මිනිහො යන්නෙ.. නගිනව කාර් එකට...."
කේන්තියෙන් පිරුනු බිනරගෙ කටහඩ යශිරට ඇහෙද්දි යශිර මොකුත්ම නොකිය කාර් එකේ දොර ඇරගෙන කාර් එකට නැග්ගා...
.................................................................
" තමුසෙගෙ ෆෝන් එකට මක් වෙලාද...."
බිනරගෙ කේන්තිය නිවුන නැති කටහඩ යශිරට ඇහෙද්දි එයා මෙච්චර වෙලා අඩල බැරන්ඩි උන කටහඩින් කතා කරන්න ගත්තා...
" මො...මොකුත් නැහැ අයියෙ..."
"එහෙනම් කෝල් ආන්සර් නොකරෙ මොකද මිනිහො...අරෙහෙන් හරිදුත් බයවෙලා... මන් කොච්චර කෝල් ගත්තද...ඇයි ආන්සර් කරන්න බැරි..."
බිනර කාර් එක වේගෙන් අරන් යන ගමන් යශිරට බනිනවා..
" අයියෙ විශාල්ද කොහොමද..."
බිනරගෙ ප්‍රශ්නෙට උත්තර දෙනව වෙනුවට යශිර ආයි අහද්දි එක පාරටම බිනර කාර් එක පාරෙ පැත්තටක කපල නැවැත්තුවා ...
" අනික් මිනිස්සු ගැන වදවෙන්න කලින් තමුසෙ තමුන් ගැන වදවෙනවා...අනික විශාල් ගැන බලනව වගේම අපි ගැනත් පොඩ්ඩක් හිතනව.. තමුන් එක පාටරම එහෙ මෙහෙ අතුරුදහන් වෙද්දි අපි කොච්චර බය වෙනව කියල තමුන්ට හිතන්න බැරිද."
බිනර සද්දෙන් බනින්න පටන් ගද්දි එක පාරටම යශිර ඒකට ගැස්සිලා ගියා..මොකද කවදාවත් බිනර යශිරට එහෙම කතා කරල තිබ්බෙ නෑ...
හිතේ මෙච්චර වෙලා තිබ්බ දුක ආයිමත් ඒ වචන එක්ක එලියට පනිද්දි යශිරට ඇස් වලින් වැටෙන කදුලු නවත්තගන්න පුලුවන් උනේ නෑ...
යශිරගෙ ඇස් වලින් වැටෙන කදුලු දකිද්දිම බිනරට කියන්න ගිය එක අමතක වෙලා ගියා...
ඒ ඇස් වලින් පේන ඒ දුකින් පිරුනු හැගීම් බිනරගෙ පපුවම රිද්දද්දි බිනර කාර් එකේ ඩ්‍රයිවින් වීල් එකට හයියෙන් අතින් එකක් ගහල කාර් එකේ පිටිපස්සට හොදට හේත්තු වෙලා ඔලුව තියාගෙන එක අතක් අරගෙන එකාගෙ ඇස් වැහෙන විදිහට කවර් කරගත්තා...
කාර් එක ඇතුලෙ ටිකක් වෙලා යනකම් ලොකු නිහඩ කමකින් පිරිල යද්දි යශිර ඇස් වලින් ගලන කදුලු ජනේලෙන් එලිය බලාගෙන නවත්තගන්න හැදුවෙ බිනරට නොපෙනෙන්න...
" විශාල්ට ප්‍රශ්නයක් නෑ.... මානසිකව එයා ගොඩක් වැටිල ඒත් කායිකව ඩොක්ටල කියන විදිහට එයා හොදින්.. තව ටික දවසක් යද්දි කලින් වගේම ඇවිදල කරන්න පුලුවන් තැනට එන්න පුලුවන් කියලා තමයි ඩොක්ටල කියන්නෙ..."
බිනර ඇස් දෙකට උඩින් එයාගෙ අත දිගටම තියෙන්න දෙන ගමන් කියද්දි යශිර බිනර් දිහා බලාගෙනම ඉදියා...
බිනරට දැනුනෙ එයාගෙ පපුවම රිදෙන්ව වගේ....
යශිරගෙ ඇස් වල තිබ්බ කදුලු ඒ තරම් බිනරව අසරන කරද්දි එයාට කරගන්න පුලුවන් උනේ ඇස් දෙක පියාගෙන ඇස් වලට කදුලු එන එක නවත්වගන්න හදන එක විතරයි...
තවත් ටික වෙලාවක් එහෙමම ඇස් දෙක වහගෙන ඉදපු බිනර ලොකු හුස්මක් හෙලන ගමන් මූන වහගෙන ඉදපු අත අයින් කරල ඇස් වල කොනක එකතු වෙලා තිබ්බ කදුලු බින්දුවක් අතින් පිහිදාල දාල යශිර දිහාට හැරුනා..
තවමත් යශිරගෙ ඇස් වල තියන කදුලු දැකපු ගමන් තවත් තද හුස්මක් හෙලපු බිනර එයාගෙ එක අතක් දික් කරල යශිරගෙ ඇස් වල එකතු වෙලා තියන කදුලු පිහිදැන්මෙ යාන්තමින් සොරි කියල මුමුනන ගමන්...
ඒ එක්කම යශිරගෙ ඇස් ටිකක් පුදුම වෙලා යද්දි බිනර කාර් එක ආපහු ස්ටාට් කරල පාරට දැන්මා...
....................................................................
ආපහු ගෙදරට යනකම්ම දෙන්න අතරේ කතා බහක් තිබ්බෙ නෑ..යශිරට වගේම බිනරටත් දැනුනෙ ලොකු තෙහෙට්ටුවක් දවසෙ තිස්සෙම උන දේවල් එක්ක හැල හැප්පීම් එක්ක තවත් යශිර එක්ක කේන්ති ගන්න හයියක් බිනරට තිබ්බෙ නෑ...
යශිරව ගෙදරින් දාල මොකුත්ම නොකිය බිනර යන්න ගියෙත් ඒකමයි.
යශිර ගෙට ගොඩ වෙද්දිම අයිය යශිර දිහාට එනවා යශිර දැක්කා ඒත් එක්කම යශිර බැනුම් අහන්න හිත හදාගත්තා,
" සුදූ..."
"අයියෙ මම..."
" ගිහිල්ල වොශ් එකක් දාන් එන්න අක්ක කෑම හදල ඉවරයි අපි කමු..."
යශිරට කියල අයිය ගෙදරින් එලියට බහිද්දි යශිර ආයිමත් ඇස් ලොකු කරගෙන කල්පනා කරේ මොකද්ද ඒ උනේ කියලා...
එක දිගටම කෝල් අරගත්තත් යශිර ෆෝන් එක ආන්සර් නොකරද්දි හරිදු බිනරට කෝල් එකක් ගත්තා...
" හලෝ බන් හරිදු කියපන් ... මොකද බන්.."
" බිනර , අපේ කොල්ල කෝ බන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑනෙ..."
" මල්ලි ආවෙ නැද්ද බන් ගොඩක් වෙලානෙ කොල්ලා හොස්පිටල් එකෙන් ඇවිල්ලා..."
" ආවෙ නෑ බන්.. කොහෙ හරි යන්න ඇති මන් බලන්නම්.. විශාල්ට මොකද බන් උනේ.."
හරිදු අහද්දි බිනර ටිකක් වෙලා නිහඩව ඉදලා ලොකු හුස්මක් හෙලලා විශාල් සිශිය ආපු වෙලාවෙ ඉදල උන හැම දේම කිව්වා..
බිනර කියන කියන වචනයක් ගානෙ මෙච්චර වෙලා හිතේ තිබ්බ කලබල ගතිය ටික ටික වැඩි වෙද්දි බිනරට තේරුනා හරිදුගෙ කලබලකාරී ගතිය වැඩි වෙනවා වගේ...
ඒත් එක්කම ලයින් එකේ නිහඩ බව වැඩි වෙද්දි බිනර ආයි කතා කරේ හරිදු ඉන්නවද බලන්න තවම ලයින් එකේ
" හරිදු උබ ඉන්නව නේද..."
"ආ ඔව් බන් ..මන් මල්ලිට ආයි අරන් බලන්න ඕනි බන්..."
" මන් කියන්නද මන් දැන් හොස්පිටල් එකෙන් යන්න හදන්නෙ මන් කොල්ලව බලන්නම්..උබ හිතන්නෙ කොල්ලා කොහේ යන්න ඇද්ද..."
"" මන්දා බන්..මට හිතාගන්න බෑ අනිවාර්යයෙන්ම කොල්ල අවුලෙන් ඇත්තෙ..."
"ම්ම්..හරි බන් මන් බලන්නම්..තිබ්බ එහෙනම්..."
"හරි බන්..පරිස්සමින් ..ආහ් මේ බන්..."
............................................................
කාබරේට ගිහිල්ල වොශ් එකක් දාගෙන යශිර සැහැල්ලු ඇදුමක් දාගෙන කාබරෙන් එලියට එද්දිම අයියගෙ ලොකු පුතා ඇවිල්ල යශිරගෙ ඇගේ එල්ලුනා..
" බාප්පි..."
" ආ චන්ඩියෝ..කෝ මලයා.."
"එයා අම්මි එක්ක කුත්තියෙ මන් ආව බාප්පිව කන්න එක්ක යම්න.."
"ම්ම්ම්.. බබා බත් කෑවද ඉතින්.."
"නෑනෙ..මන් කන්නෙ කෝමද බාප්පිනෙ මට කවන්නෙ හැමදාම ..."
"ඒකත් ඇත්තනෙ නේද.. හරි අපි යමුකො කන්න එහෙනම්.."
..............................................................
කෑම කනකම්ම අයිය වත් අක්ක වත් යශිරගෙන් මොකුත්ම ඇහුවෙ නෑ
යශිරත් හිතට දැනෙන දුක අමතක කරල දාල අයියගෙ පොඩි කොල්ලො දෙන්න එක්ක හුරතල් වෙවී බත් කෑවෙ ඉස්සරහට මොන දේ උනත් කොහොම හරි ඒ දේවල් වලට මූන දෙනවා කියල නාන ගමන් අමාරුවෙන් හිත හදාගෙනම ආව නිසා..
ජීවිතේ කියන්නෙ හැමදාම පහසුවෙන් එකම විදිහට ගෙවෙන ඒකක් නෙවෙයි කියල යශිර ඉගෙන ගත්තේ මීට ගොඩ කාලෙකට කලින් ඒත් සමහර වෙනස් වීම් දරාගන්න එක හිතන තරම් ... නෙවෙයි කොහොමවත්ම කරනන්න අමාරු උනත් ඒ දේවල් වලට අපි මූන් දෙන්නම ඕනි කියල යශිර එයාගෙ හිතටම කියාගත්තා.
කෑම කාල ඉවර වෙලා අක්කා පොඩ්ඩො දෙන්නව නිදි කරවන්න කාබරේට එක්ක යද්දි යශිර ලෑස්ති උනේ කාබරේට යන්න ඒත් අයිය කතා කරපු නිසා යශිර ආයි හැරිල අයිය ලගට ගියා...
" සුදූ...."
"කියන්න ලොකූ..."
"එන්න මට ටිකක් කතා කරන්න ඕනි..."
යශිරට එන්න කියල ගෙදර ඉස්සරහ දොරෙ පැත්තට යන අයිය දිහා යශිර බලන් ඒ පස්සෙන් යනන ගත්තෙ ආයිලොකු හුස්මක් හෙලන ගමන්.
..............................................................
" හොස්පිටල් එකෙන් ඇවිල්ල එහෙමම කොහෙද ගියෙ ඔයා.. මන් කී පාරක් කෝල් ගත්තද .."
" ම්ම්...මන් මන් අම්මලව බලන්න ගියා ලොකූ.."
යශිර කලුවරෙන් පිරුනු මිදුල දිහා බලන් කිව්වා..."
" හ්ම්ම්.. "
"ඇයි...."
"නෑ මට හිතුන ෆෝන් එක උස්සන්නෙ නැති වෙද්දි ඔයා සෙමට්‍රි එකේ ඇති කියප ඒපාර තමා මන් බිනරට කිව්වෙ ඔයාව බලන්න කියල එතන"
"ඔයාද බිනර අයියට කිව්වෙ.."
"හූම්...මල්ලි විශාල්..."
"අපි ඒ ගැන කතා නොකර ඉමුද ලොකූ..."
"ඒත්..."
" මන් ගොඩක් අමාරුවෙන් ලොකූ හිත හදාගෙන ආවෙ.මට විශාල් වෙනුවෙන් කරන්න දෙයක් තියනවනම් මන් ඒක කරනවා ඒක හැරෙන්න එයා වෙනුවෙන් දුක් වෙන්න වත් එයා වෙනුවෙන් අඩන්න වත් තවත් මට බෑ . එයාට නැති උනේ අනූශිව විතරයි ලොකූ ඒත අපිට අපිට අපේ හැම දේම නැති උනේ ඒක නිසා එයා වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න මට බෑ..."
"මන් එහෙම කියනව නෙවෙයි සුදූ...ඒත් ඔයා මේ වෙලාව එයා ලගින් ඉන්න මන් කියන්නෙ එච්චරයි .."
"මන් ඉන්නව ලොකු .මන් එයාට හැමදාම ඉන්නවා ඒත් මට එයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. අනික එයා එයාටම වැරදි පටව ගන්නව බලන්න මගෙන් සමාව ඉල්ල ඉල්ල අඩනව බලන්න මට බෑ... "
"හරි හරි අපි ටිකකට ඒක අමතක කරමු...විශාල්ව අතාරින්න ඔයා හොදින් නේද..."
"මන් හොදින්...ලොකූ.."
"හූම්ම්ම්..."
" තව දෙයක් ලොකූ..."
"කියන්න..."
"මට ආයි ජොබ් එකක් කරන්න ඕනි..."
" මොකක්..ඒ මොකටද..."
"මන් හැමදාම මෙහෙම ඉන්නද ලොකූ..මමත් කොල්ලෙක්නෙ "
"උබට කන්න අදින්න දෙන්න මට පුලුවන් අනික උබට සල්ලි ප්‍රශ්නයක් නම් මට කියපන්..."
"බෑ ලොකූ මට මෙහෙම තවත් ඉන්න බෑ.. දවස තිස්සෙම ගෙදර ඉන්න එක මට තවත් දරාගන්න බෑ.. අනික මට කල්පනා කරනව වැඩී එහෙම ඉද්දි..මට දැන් ඕනි මේ තියන දේවල් ඔක්කොම අමතක වෙන්න වැඩ වලින් මගෙ ජීවිතේ පුරව ගන්න..."
"ඒත්.."
"ප්ලීස් ලොකූ මන් මෙච්චර දවස් ඔයා කියන එක අහල ඉදියනෙ. "
"හරි.. හරි..මන් ජොබ් දෙක තුනක් බලන්නම්..ඔයා යන්න කැමති මොකක් හරි සයිඩ් එකක් තියනවද ..."
"නෑ...ඔය හොද එකක් බලන්නකො..."
"හ්ම්ම්ම්.... ඔය කොහෙද යන්න ඉතින් දැන්..."
යශිර වාඩිවෙලා ඉදපු පුටුවෙන් නැගිටිනව බලන් හරිදු අහද්දි යශිර යාන්තම් හිනා වෙලා හරිදුට උත්තර බැන්දා..
" මහන්සී ලොකූ මන් නිදාගන්න යනවා.."
යාන්තමට මුමුනලා ආයිමත් ගෙට යන යශිර දිහා බලන් හරිදු ආයිමත් හුස්මක් හෙලුවෙ උදේ ගෙදරින් එලියට ගිය එයාගෙ මල්ලි ඒ පැය ගානට කොයි තරම් වෙනස් වෙලාද කියල හිතන ගමන්...
මතුසම්බන්ධයි ....