I'M SORRY | GL ✔

By Bright_Guki

4.8K 672 165

(සිංහල - Completed) "අදටත් මාව පිස්සුවට්ටන එකම ඇස් දෙකේ අයිතිකාරිය එයා.. එයාම විතරයි.." - "𝗦𝗵𝗲 𝗵𝗮𝘀 𝘁𝗵... More

- I'M SORRY -
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08

Chapter 04

428 62 21
By Bright_Guki

දින සති මාස ගෙවිලා යද්දි මට එයාව නිතරම වගේ හම්බුනා.. ඒකත් සැරියේ දි විතරයි.. තවමත් කතා කරලා නැතත් අපි අපි ගැන අවදානෙන් හිටියා.. එයා නැතත් විශේෂයෙන් මම.. එයා මං දිහා බලන හැම වෙලාවෙම මං අහක බලාගත්තේ ඒ ඇස් මගාරින්නත්, ඒ වෙලාවෙ ඇති වෙන ලැජ්ජාව නැති කර ගන්නත් එක්ක.. ඇයි කියන්න මම දන්නෙ නෑ.. එයා මං දිහා බලද්දි හරිම අපහසුවක් මගෙ හිතට දැනුනා.. කාලය ගෙවිලා යද්දි රිෂිනි වගේම මිංදුත් එයා ගැන දැන ගත්තා.. ඒ දෙන්නමයි එයාගෙ නම හොයා ගත්තේ...

එයා ගැන කියනවා නම්, එයාගෙ නම නිෂාධි.. ඒත් එයාගෙ යාළුවෝ කියන්නේ නිෂූ කියලා.. ඉතිං අපිත් පාවිච්චි කලේ නිෂූ කියන නමම තමයි.. මං හිතුවා වගේ ම එයා අක්කා කෙනෙක්.. මොකද එයා උදේට බස් එකෙන් බැහැලා යන්නේ ඉස්කෝලෙ ඒලෙවල් මැත්ස් ක්ලාස් තියෙන පැත්තට.. හරියටම කිව්වොත් එයා ඉන්නෙ 12 පන්තියේ..

සැරියෙ දි අපිට අපේ වයස අපිටම හරියන තවත් කට්ටටයක් සෙට් වුනා.. ඒ සෙට් එකත් නිෂූට පැනි හලන සෙට් එකක් කිව්වොත් හරි.. හැබැයි එයාලා මට වඩා නම් ගොඩක් දියුණුයි.. මොකද දැනටමත් එයාලා නිෂූ අක්කාත් එක්ක කතා කරන්න පටන් අරන්.. අපි තුන් දෙනත් එයාලටම සෙට් වුනේ නිෂූ එක්ක කතා කරන්න.. රිෂිනි මිංදු දෙන්නටත් නිෂූ එක්ක කතා කරන්න ආසාවක් තිබ්බා.. එ දෙන්නත් නිෂූට කැමති ද? මං දන්නෙ නෑ..

2012 දී නිෂූ ඉස්කෝලෙ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්.. එයා අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් වයිස් කැප්ටන් වගේම, එයාගෙ හවුස් එකෙත් කැප්ටන්.. මං හිටියෙ නම් වෙන හවුස් එකක.. අපේ ඉස්කෝලෙ නිෂූට කැමති ගොඩක් අය එයාලගෙ හවුස් එක දාලා නිෂූගෙ හවුස් එකට පවා ආවා.. මං මුලින් ඒ දේට අකමැති වුනත් මාත් අන්තිමේදි මගෙ හවුස් එක අතෑරලා නිෂූගෙ හවුස් එකට ගියා.. මොන විලි ලැජ්ජා නැති වැඩක් ද ඒ...!? මං එයාට එච්චරටම බැඳිලා ද??

කාලයක් යද්දි රිෂිනි මිංදු දෙන්නා නම් නිෂූ එක්ක හරි හරියට කතා කලා.. මං නම් කතා කරන්න ගියේ නෑ.. මට ලැජ්ජයි..

"රිෂිනි.. ඔයාගෙ යාළුවාට කතා කරන්න බැරි ද?"

අපි හිටියෙ සැරියේ.. එයා ඉන්නෙ ගොඩක් දුර නිසා අපි හැමවෙලාවෙම එයාට ෂීට් එක දුන්නා.. එයාට වඩා දුර ඉන්න අය ඉන්නවා.. ඒත් අපිට එයාව විශේෂයි නේ..

"කවුද නිෂූ අක්කේ?? මේ අපේ සිනූ ද??"

රිෂිනි හයියෙන් හිනා වුනා.. ඇත්තටම ඒකෙ හිනා වෙන්න තරම් දෙයක් තියෙනවාද?? මං නිෂූ එක්ක කතා කරන්නේ නැති එකට හේතුව මම නේ දන්නෙ.. හුහ්..

"ඔව් එයා තමයි... එයා තාම මාත් එක්ක කතා කරලා නෑ.. මං එක්ක තරහ ද එයා??"

"ඒයි.. කතා කරපන්.."

මිංදු මට වැල⁣මිටෙන් ඇන ඇන කියද්දි මං කලේ එයාට රවපු එක.. ඇයි අනේ ලැජ්ජා නැද්ද එහෙම කතා කරන්න!!

"මට කතා කරන්න පුළුවන්.. අනික මං කා එක්කවත් තරහා නෑ.."

මං බිම බලාගෙන කිව්වේ නිෂූ දිහා බලාගෙන ඕක කියන්න තරම් ශක්තියක් මට නැති නිසා..

"එහෙනම් හොඳයි නේ...!!"

එයා හිනා වුනා..  එදා තමයි අපි කතා කරපු පලවෙනි දවස.. ඒත් ඒ දවසට එච්චරයි මම කතා කලේ.. එයාගෙ මූණ බලාගෙන කතා කරන්න බැරි මං කොහොමද පැන පැන කතා කරන්නේ..??

තවත් මාස කීපයක් ගෙවෙද්දි අපි ඇත්තටම හොඳට ෆිට් උනා.. දැන් නම් මගෙ කලින් තිබ්බ ලැජ්ජාව කොහෙන් ගියා ද කියන්න දන්නෙ නෑ.. දැන් ගොඩක් වෙලාවට එයා ෂීට් එකේ ඉඳගෙන යනවට වඩා හිටගෙන යනවා.. විශේෂයෙන් මං ළඟ.. මං සතුටු වුනා.. ගොඩක් සතුටු වුනා..

ඒත්... සතුට හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ නේ.. මේ 2013.. අපි 10 වසරට යද්දි නිෂු ⁣ඒලෙවල්, 13 වසරේ.. මේ අවුරුද්දේ සිද්ද වුනේ අපි හිතුවෙවත් නැති විදිහෙ දෙයක්.. මොකද මුළු ඉස්කෝලෙ පුරාම පැතිරුණු කට කතාව නිසා අපේ සතුට, මගෙ සතුට නැත්තටම නැති වෙලා ගියා..

නිෂූට affair එකක් තිබිලා!!! ඒකත් එයාගෙම වයසෙ කෙල්ලෙක් එක්ක.. ඒක මුළු ඉස්කෝලෙම දැන ගත්තා.. මට ඒ ගැන අහන්න ඕන වුනත් අහන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ.. ඒ⁣⁣ කෙල්ල ආර්⁣ට් සෙක්ෂන් එකේ කෙනෙක්.. නම වත්සලා.. මහා ලොකු ලස්සනක් නැතත් ඒකි සුදුයි.. නිෂූ ගොඩක් වෙලාවට ආර්⁣ට් සෙක්ෂන් එක පැත්තෙ කැරකෙනවා මං දැකලා තියනවා.. මොකද ආර්⁣ට් සෙක්ෂන් එකට යන්න තිබ්බෙ මං හිටපු පන්තිය ඉස්සරහින්.. නිෂූ ආර්⁣ට් සෙක්ෂන් එකට යන්නේ ඇයි කියල මං නොදන්නවා වුනත්, එයා එතනින් යන හැම වෙලාවෙම මගෙ ඇස් තිබ්බෙ එයා ළඟ.. ඒත් එයා නම් මාව දැකලා නෑ..

ඒත් කාලයක් යද්දි ඒ කට කතාව නම් නැති වෙලා ගියා.. මොකද නිෂූත් වත්සලාත් කියල තිබ්බා ඒ දෙන්නා හොඳම යාළුවො කියලා.. ඒකෙන් හැමෝගෙම හිතේ තිබ්බ වැරදි වැටහීම් නැති වෙලා ගියා..

ඔය අතරෙ තමයි තවත් විශේෂම දේ වුනේ.. 13 වසරේ දි ළමයි ඉස්කෝලෙ යන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට සතියෙ දවස්වල උදේට ප්‍රයිවට් ක්ලාසස් වල රිවිෂන් වැටෙන නිසා.. ඉතිං ⁣මේ නිෂූ ඉස්කෝලෙ එන අන්තිම දවස.. අපි එයා එක්ක ගොඩක් ෆිට් නිසා එයා අපිට නම්බර් එක දුන්නා.. තේරුනා ද මං කියපු දේ?? එයා නම්බර් එක දුන්නා..!!!! කාලයක් තිස්සේ මට, මිංදු රිෂිනි අපි හැමෝටම ⁣ඕනි කරපු දේ.. ඒ කාලේ මට නම් ෆෝන් එකක් තිබ්බෙ නෑ.. ඒත් මං අම්මගෙ ෆෝන් එකෙන් එයා එක්ක කතා කරන්න පුළුවන් නේ..

"මැසේජ් එකක් දාන්න මට.."

මං බහින්න ලෑස්ති වෙද්දි නිෂූ මගෙ කනට කරලා කියපු දේ නිසා මගෙ මුළු හිතම පිස්සුවෙන් වගේ උඩ පනින්න ගත්තා.. බස් එකෙන් බැස්ස ගමන්ම මම දිව්වෙ ගෙදරට.. නිෂූට මැසේජ් එකක් දාන්න මට තිබ්බෙ ලොකු හදිස්සියක්.. මම යද්දි අම්මා වත්ත අයිනෙ ටැප් එකට අල්ලලා මඩකරියෙක්ව නාවන ගමන්.. ⁣මඩකරියා කිව්වේ අපෙ මල්ලිට.. ඌ හිටියෙ හොඳටම මඩ නාලා.. එයා දැන් 6 වසරෙ වුනත් ගෙදර දි නම් පොඩි එකෙක් වගේ.. මං දැක්කා අම්මා ඒකගෙ පස්සට ගහන හැටි.. හැබැයි ඒකා නම් කලේ හිනා වෙච්ච එක..

"අම්මා.. මං ආවා.."

මං කෑ ගහගෙනම ගේ ඇතුළට දිව්වා.. මං හිතන්නේ අම්මට මාව ඇහුනෙ නෑ.. මං ආපු ගමන් බෑග් එක ⁣පුටුව උඩට විසික් කරලා ගියේ අම්මගෙ කාමරේට.. ගියපු ගමන් මේසෙ උඩ තිබ්බ අම්මගෙ පුංචි බටන් ෆෝන් එක ගත්තේ නිෂුට මැසේජ් එකක් දාන්න.. ගවුමෙ උඩ සාක්කුවේ දෙකට නමලා තිබ්බ පොඩි චිට් එක මම අතට ගත්තත්, පිටි පස්සෙන් ඇහුන සද්දෙට මං ගැස්සිලා ගියා..

"ලොක්කී??? මොකක්ද ද කරන්නේ? ආපු ගමන් ෆෝන් එක ගත්තේ ඇයි ආ??"

අම්මගෙ හඬ මගෙ කන් දෙක ඇතුලෙ කීන් ගාද්දි, නිෂූගෙ නම්බර් එක ලියපු කොලේ මගෙ අතේ එහෙම්මම ගුලි වුනා.. මං හෙමින් හෙමින් පිටිපස්ස හැරුනෙ අම්ම දිහාවට.. මල්ලිවත් අතකින් ඇදගෙන හිටපු අම්ම මං දිහා උඩ ඉදම් යටටම බැලුවා.. මල්ලිත් මං දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා.. ඒ විතරක් නෙවෙයි.. එකාගෙ ඇගේ එක නූල් පොටක් නෑ..

"මං කරන්න හැදුවෙ හොර වැඩක් නේද??"

මගෙ හිත මටම කොඳුරද්දි මට දැනුනා මගෙ අත් වෙවුලන හැටි.. මගෙ පපුවත් මහ හයියෙන් ගැහෙන්න ගද්දි ඒක අම්මටත් ඇහෙයි කියල මම බය වුනා.. දහසකුත් දේවල් මගෙ ඔලුවෙ කැරකෙද්දි අම්මගෙ හඬට මං ආයෙත් ගැස්සිලා ගියා..

"සිනෙල්යා???"

"ආ ආ අ- අම්මා.. මිංදු අද ඉස්කෝලෙ ආවේ න්- නෑ.. එයාට මොකද බලන්න කෝල් කරන්න හැදුවෙ.."

"ඕකට මොකක්ද ඔච්චර හදිස්සි? නාලා කරලා ඇවිත් මිංදු එක්ක කතා කරන්න.. යන්න යන්න.."

තව මුකුත් නොකියම, තිබ්බ තැනින්ම ⁣ෆෝන් එක තිබ්බ මම හෙමින් සැරේ ගෑටුවෙ මගෙ කාමරේට..

"නිෂූ අක්කට කොහොම හරි මැසේජ් එකක් දාන්නම ඕන අද.."

~~~

ගොඩක් කාලෙකින් අප්ඩේට් කරන්න බැරි වුන එකට සමාවෙන්න..
අපෙ කතා නායිකාව මට පලු යන්න බැන්නා දවසක් අප්ඩේට් කරපන් කියල..
එහෙම බැනලවත් මට වෙලාවක් තිබ්බෙ නෑ මේක ලියන්න..
අද පුංචි වෙලාවක් හම්බුනා..
ඉතිං ගොඩක් කාලෙකින් මේ කතවෙ අප්ඩේට් කරපු නැති නිසායි, ඉන්බොක්ස් මැසේජ් වලින් කතාව ඉල්ලලා තිබ්බ නිසයි ඔන්න දුන්නා..

-

Bright Guki -
28092022

Continue Reading

You'll Also Like

4.4K 472 19
🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story
91.8K 2.6K 51
Sup readers! Everything you need to know is already in the book have fun reading!!
599 111 5
#vampire gl //*short chap🧘‍♂️*\\
3.6K 531 7
(සිංහල - Completed) START 21 02 2022 END 21 02 2022 GL True Story 🏳️‍🌈 If you don't like ship stories & BL or GL stories please skip this.