ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉ...

By 123456gayu

3K 520 230

පාලු මගේ හිත හොරකම් කරලා ආදරෙයි කියලා ලං වූවා අහම්බෙන් ඔබ මට හමු වූ දා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැ... More

හැදින්වීම
~ Academy ~
Chapter 01
Chapter 02
Chapter 03
මේ කතාව ඕනෙත ආයේ ?🙄

Chapter 04

220 46 20
By 123456gayu


"ජින් මෝඩයා.... ජූන් තඩියා...."

"යාහ්හ්හ්හ්... ගිරා හොටෝ..."

රූම් ඩෝ එක ඇරගෙන ආවේ ජින්.. ටුටූවගේ කට කැඩිච්ච රේඩියෝ එක ජින්ගේ ආගමනයත් එක්ක වැහිලා හිමීට උස තැනකට පියාඹලා ගියා ආරක්ෂාවටත් හොද නිසා...

"මෝඩ ජිනා ක්‍රෑස්ස්ස් ක්‍රෑස්ස්ස්..."

"උබට මම දෙනවා ගිරා හොටෝ..." ජින් ආවේස වෙලා කෑගහන්න ගත්තම ජිමින් බයවෙලා වගේ බලන් ඉන්නවා දැක්කම නම්ජූන් කුමාරයා ඇවිත් ජින්ව කන්ට්‍රෝල් කරන්න අතින් ඇල්ලුවා විතරයි ,

"ඇයි මොකද 😒" ජින් බොරු තරහක් අරන් නම්ජූන් දිහාවට හැරුණා.. නම්ජූන් කන්ෆියුස් වෙච්ච සීන් එකේ ඉන්නේ.. ඇයි යකඩොව් හොදක් කරන්න ආවමත් බැනුම් අහගන්න සීන් එකක් නේ තියෙන්නේ..

"සෝස මල .. ටේ බේබී සෝයි ක්‍රෑස්ස්.. ජූන් තඩියා ක්‍රෑස් .. බඩගිනි ... ජින් මෝඩයා..."

ටුටුවත් එක වෙලාවකට හරි කපටි.. කියන්න පුලුවන් ඔක්කොම ඒවා උඩක ඉදන් කියනවා මුකුත් කරන්න බැරි නිසා.. හැබැයි එක පැත්තකින් ජිනාත් මෝඩයි එයාට මැජික් පවර් එක තියනවා කියලා එයාට අමතක වෙන හින්දා...

කේන්තියට හැකියාවලුත් අමතක වෙනවා ලු නේ ... 🤷

"මොකටද ආවේ..."

ටේහියුන් ජින් දිහා ඕනවට එපාවට අහද්දී ජින් ඇස් කරකවලා ,

"මං මේ ගුබ්බෑයමට ආවේ ඔයාව බලන්න නෙමෙ හරිය මං ආවේ අපේ ජිමින් බලන්න.."

"ඇයි මං.." ජන්ග්කුක් පපී ඇස් දෙකත් දාගෙන බලන් ඉද්දී නම්ජූන් ජන්ග්කුක් දිහා බලන් හිනා වෙනවා...

"ඇයි ඔයාට ඉන්නේ අයියූ... හරි හරි මගේ කාලෙත් කනවා අෆ්ෆේ ඔයාලා මං කියන්න ආවේ ඔයාලගේ රෑන්ක් ඉහලට යන්න ඕනේ නම් තරග වලට නිසි ආකාරයට සහභාගි වෙන්න.. නැත්තම් ඇදුනුම් කමට අපි දෙන්නෑ ඕකේ.. විශේෂයෙන් කිව්වේ ඔය ගිරා හොටාගේ අයිතිකාරයාට.."

ජින් ගස්සගෙන ජිමින්ට උම්මියකුත් දීලා දොරත් දඩොං ගාලා වහලා ගියා හැමෝම ශොක් වෙලා කට ඇරන් බලන් ඉද්දී...

"හෙට මේ රූම් එකට තව ඇදවල් දෙකක් දානවා.. තව දෙන්නෙක් මේකේ ඉන්නවා කියලා කියන්න මං ආවේ ඒනම් මං යනවා.."

නම්ජූන් ගියාම ජන්ග්කුක් වොෂ් එකක් දාගන්න ගියාම ටේ මේ මොන වදයක්ද වගෙ ලුක් එකේ ඉන්නවා.. ජිමින් නම් සද්ද නැතුව ඉන්නේ..

ඒත් එක්කම රූම් එකකට අලුත් ඇදන් දාලා දෙන්නෙක් ආවම ජිමින් ජන්ග්කුක් දෙන්නම පිලිගත්තා.. ටේහියුන් නෙමේ ඇහැක් ඇරලා බැලුවේ... ප්‍රින්ස් පට්ටම් රැස් අරන් ඉන්නේ ජන්ග්කුක් ගේ තියරියට...

"මම ජන්ග් හේසෝක් මේ මගේ මේට් මින් යුන්ගී .."

"හායී..."

"මම ජිමින් .. මේ ජන්ග්කුක් .. එතකොට අරයා ටේහියුන් .."

"සුදු මැලි කොල්ලා ක්‍රෑස්... හොම්මනක් ව..ගේ ක්‍රෑස්.."

ටුටුවා බෙරිහන් දෙන්න ගත්තම හොබීට හයියෙන් හිනා යන්න ගත්තම අනිත් අයත් හිනා වෙන්න පටන් ගත්තා ..

"ඔය ගිරවව අහු වුනොත් තටු ගලෝනවා.."

හරී !! ටුටූ වීරෝධී සංගමේට යුන්ගීත් ඇතුලු වුනා ජින් එක්කම... ලේසී වෙන එකක් නෑ හූනා කිව්වා වගේ මේ ඕතර් කියනවා...😌✋

කට්ටියත් එක්කම එලියට යද්දී ඇකඩමියේ නෝටීස් බෝඩ් එක ගාව ලමයි පිරිලා මොනාදෝ බලනවා..

"මොනාද අතන තියෙන්නේ.."

"මොකක් හරි නෝටීස් එකක් තමා ඉතිම්.."

"යා කුක් නෝටීස් බෝඩ් එකේ නෝටීස් නැතුව වෙන මොනා තියෙන්නද"

ජිමින් ජන්ග්කුක් ඔරෝලා හොබියවයි ඇදගෙනම එතනට ගියා. සුගාත් හිනා වෙවී අපේ පිටිපස්සෙන් ආවා..

නෝටීස් බෝඩ් එකේ තිබ්බේ ,

'වෘක ආරක්ෂකයෝ තේරීමේ තරගය'

"වාව් මම නම් යනවා ඕකට.." ජිමින් හිනා වෙලා කිව්වා.. ඔව් අම්මයි තාත්තවයි හොයාගන්න තමා...

"මාත් එනවා ඉතිම්."

"නෑ ඔයා එන්නෙ නෑ හේසෝක්"

"අනේ සූගා මේ මගෙන් අහගන්නෙපා මොනවත්.."

සුගයි හේසෝකුයි රණ්ඩු වෙන අතරේ  එකපාරටම අර නැටිච්චි ජීසූ කඩාගෙන බිදගෙන එනවා මේ පැත්තට.

"එන්න එන්න අරහේ සූක් වලියක් යනෝ අෆ්ෆා" තොලත් පෙරල පෙරල උල් කරකර මට පේන්න කියවනවා..

ගෑනු මායම් මං දන්නෙ නැද්ද..
"අනේ ඔප්පලා  අරහේ ටේහියුන් කුමාරයා අර කුණු ලේ යොන්ජුන්ට ගහනෝ අනේ කැෆේ එක ගාව.."

ජීසූ කියද්දී මගේ ඇස් ඉස් මස් ලේ බල නහර කියන ඔක්කොගෙන්ම තරහව ගලාගෙන ආවා... පුදුම වේගකින් කැෆේ එකට මං ගියා.. කුක් , සුගා , හොබී , ජීසූ හැමෝම පස්සෙන් ආවා..

මම යද්දී ටේහියුන් , බෝගම්  දෙන්නා එකතු වෙලා අර පොඩි ලමයා යොන්ජුන්ට ගහනවා..

තරහත් එක්ක ලගට ගිහින් ටේහියුන්ට මූණට ලොකු පන්ච් එකක් දීලා බෝගම්ව ඇදලා අරන් තල්ලු කරලා දැම්මා මම. බෝගම් විසි වෙලා ගිහින් පුටු කඩාගෙන ගියා. මහ ලොකු රාජ කුමාරයා ගමේ කොල්ලා වගේ නහයෙන් ලේ පෙර පෙර මං දිහා රවාගෙන නැගිට්ටා..

"යොන්ජුන් ඔයා හොදින්ද.."

"ම..ම.. හොදින්..හි..යො..න්..ග්.."

පව් ඒ පොඩි එකා හොදටම බය වෙලා.. දැන් නම් මට අර දත් සැට් එක දාලා නක්කලේට හිනා වෙන බෝගම් ගේ දත් සැට් එක කඩන්නයි , ටේහියුන් ගේ රාජකීය පුපට දෙකකුයි දෙන්න හිතෙනවා..

මං යොන්ජුන්ව නැගිට්ටුව හේසෝක් සුගා ඇවිත් යොන්ජුන්ව වාරු කරගත්තා.. ටේහියුන් ලේ අතින් පිහිදගෙන මං ගාවට කඩන් පැන්නා එයාගේ වෘක ස්වරූපයෙන්..

වෙන්නෙ හොද දෙයක් නෙමෙ කියලා මට තේරුණා.. මගේ ඇග ඇතුලේ ඇල්ෆත් කේන්තියෙන් වියරු වැටිලා ඉන්නවා උනත් දාගෙන ඉදිය මුද්ද නිසා මාව පරිවර්තනය වෙන එක නැවැත්තුවා.

මං පරිවර්තනය උනොත් හැමෝම අදුරගනී මං ඇල්ෆා කෙනෙක් කියලා.. මොකද මගේ වෘකයා ගොඩක් ලස්සනයි ..

ඒත් එක්කම ටේහියුන් මගේ ඇගට පනිනවා විතරයි දැක්කේ මුලු පැත්තම කලුවර වෙලා ගියා..

To be a continued ~♡

@123456gayu

♥︎ ඔන්න අද දැම්මා ... අද තමා නිදහස් බවක් දැනුනේ.. නැත්තම් අනිත් දවස් වල නප්පෙටම වැඩ .. ආයී එන්න බලන්නම්.. මේ මුව පැතියත හොදටම වැඩලු... 😆😪

Continue Reading

You'll Also Like

61.7K 1.2K 46
*Completed* "Fake it till you make it?" A PR relationship with a heartbroken singer in the midst of a world tour sounds like the last thing Lando Nor...
157K 17.2K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
1.9M 86.3K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
574K 8.8K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...