Infatuative_Romance [Complete...

By Park_Tae_Yang

72.7K 14.2K 7K

හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings... More

1❤ (Introduction)
2❤
3❤
4❤
5❤
6❤
7❤
8❤
9❤
10❤
11❤
12❤
13❤
14❤
15❤
A/N
16❤
17❤
18❤
19❤
20❤
21❤
22❤
23❤
24❤
25❤
26❤
27❤
28❤
29❤
30❤
31❤
33❤
34❤
35❤
36❤
37❤
38❤
39❤
40❤
41❤
42❤
43❤
44❤
45❤
46❤
A/N
47❤
48❤
49❤
50❤ (End)
Epilogue❤

32❤

1.1K 238 243
By Park_Tae_Yang

Secret's POV ,

Wedding day ,

කණ්ණාඩියෙන් පේන රූපෙ දිහා ඔහේ බලාගෙන හිටපු මේ ලෝකෙට ආවේ කාමරේ දොර ඇරෙන සද්දෙට...

-"Sorry මං හිතන්නෙ වැරදි room එක..." කාමරේට ආපු හේසල් එහෙම කියලා යන්න හදද්දි අත ළඟම තිබුණ වතුර බෝතලේ අරන් ඒකිට දමලා ගැහුවෙ ඇඟේ පතේ හිරි යන්නත් එක්කමයි...

-"Ugh!!! පිස්සුද යෝදියේ... විහිලුවක් කළෙ..." හේසල් කිව්වෙ මගේ ළඟට එන ගමන්...

-"මම ලස්සනයිද?"

-"වෙන නැත්නම්..."

-"අනේ හේස්..."

-"ඔව් ඔව් පිස්සි... මගෙ කෙල්ල හැමදාම ලස්සනයිනෙ..." හේස් එහෙම කියලා මාව side hug කළෙ නළලට කිස් එකකුත් දෙන ගමන්...

-"Thank you Haze..."

ටික වෙලාවකට පස්සෙ මගෙන් ඈත් වුණ හේස් පුටුවක් ඇදගෙන ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුණෙ ප්‍රශ්න පත්තරයක් දිගාරින්න ලේස්ති වෙලා බව ඒ මූණෙ තියන බැල්මෙන්ම මට තේරුණා...

-"ඔයා සතුටින්ද සීක්‍රට්?"

මම සතුටින්ද?

-"ඔව්... අනිවාර්‍යෙන්ම...අනිත් හැමෝටම වඩා ඔයා ඒක දන්නවා හේස්... මම marry කරන්න යන්නෙ මගෙ අවුරුදු ගාණක crush එක..."

-"නැහැ සීක්‍රට්... ඒ තරම් සතුටක් ඔයාගෙ මූණෙ දකින්න නැහැ... ඔයා ජන්ග්කුක්ට ආදරේ කරපු හැටි... එයා ගැන තිබ්බ crush එක ගැන හොඳට දන්නවා... ඒ ගැන ඇත්තටම සතුටින් නම් ඔයා ඔහොම ඉන්නෙ නැහැ... එහෙනම් අද මෙතන ඉන්නෙ කණ්ණාඩියක් දිහා ඔහේ බලාගෙන ඉන්න කෙල්ලෙක්ට වඩා කාමරේ පුරා නටලා සිංදු කියලා සතුටින් උඩ පනින කෙල්ලෙක්..."

-"නැ-නැහැ හේස්... මම ඇත්ත-"

-"උබ මටත් බොරු කියනවද සීක්‍රට්?"

-"හ්‍යුන්ග්ව දාලා යන්න දුකයි... ඒකයි..."

-"ආයෙමත් බොරු කියනවා... ජීවිතෙන්ම භාගයක්ම උබ ගෙව්වෙ හ්‍යුන්ග්ගෙන් ඈත් වෙලා... එහෙනම් අමුතු දුකක් කොහෙන්ද? මට ඇත්ත හේතුව කියපම් දැන්වත්..."

මේ හැමදේම මට හිතේ හිර කරන් ඉන්න බැහැ හේස්... ඔයාට මේ හැමදෙයක්ම මම කියන්නම්... ඒත් දැන්ම නෙවෙයි... මොකද හැම ප්‍රශ්නෙකටම උත්තරයක් හොයාගන්න මටත් කාලයක් ඕන...

-"මම කියන්-" මම කියන්න ගියපු එක මගින් නැවතුණෙ හදිසියෙම කාමරේ දොරත් ඇරගෙන ඇතුළට ආව කෙනෙක් නිසා...

-"Hyung..."

-"වෙලාව හරි sweetheart... එන්න යමු..." හ්‍යුන්ග් මට අත දෙද්දි මම එයාගෙ අත් වල මගේ අත් පටලවගත්තෙ විස්තර කරගන්නවත් නොතේරෙන හැඟීමකින්...

අන්තිමේදි මගේ ආදරය මට ලැබෙනවා... ඒත් සතුට...

-"හ්‍යුන්ග්..." මම හ්‍යුන්ග්ට කතා කළෙ wedding hall එක ඇතුළු වෙද්දි...

-"Yes baby..."

-"I-I'm scared..." පුංචි හඬකින් මිමිණුවත් ඒක හ්‍යුන්ග්ට ඇහුණා කියලා මම තේරුම් ගත්තෙ හ්‍යුන්ග් යන ගමන නවත්තලා මගෙ නළලෙන් තියපු හාදුවක් නිසා...

-"අද ඔයාගෙ ජීවිතේ ලස්සනම දවස sweetheart... මේක ඔයාගෙ තීරණයක්... අනාගතය ගැන හිතන්න කලින් වර්තමානය ගැන හිතන්න... මොකද අපිට අනාගතයක් දකින්න පුළුවන් වෙන්නෙ ලස්සන වර්තමානයක් තිබුණොත් විතරයි... තේරුණාද?"

මම ඔව් කියලා හිනාවෙලා ඔළුව වැනුවම හ්‍යුන්ග් ආයෙත් මාවත් එක්කගෙන ඉස්සරහට යන්න පටන් ගත්තා...


Author's POV ,

යුන්ගිගෙ අත් වල එල්ලිලා අඩියෙන් අඩිය ඉස්සරහට එන පුංචි සුරංගනාවි දිහා හැමෝම බලන් හිටියෙ ගොඩක් සතුටින් වගේම පුදුමෙන්...

පුදුමෙන්? ඔව්... wedding එකට ආරාධනා ලබපු ගොඩක් දෙනා Business සම්බන්ධ අය... ඉතින් ඒ කිසිම කෙනෙක් යුන්ගිගෙ නංගිව කලින් පැහැදිලිව දැකලා තිබුණෙ නැහැ...

සමහරුන්ගෙ බැල්මවල් දැක්කම යුන්ගි සීක්‍රට්ව මේ තරම් ආරක්ෂා කරපු එක ගැන , ලෝකෙන් හංගපු එක ගැන පොඩ්ඩක්වත් පසුතැවුණෙ නැහැ...

සීක්‍රට් ලස්සනයි... සුරංගනාවියක් වගේ ලස්සනයි... යුන්ගි design කරපු wedding dress එක ඇඳගෙන... Mrs.Min එයාගෙ wedding එකේදි දාපු crown එක දාගෙන සීක්‍රට් හෙමිහිට ඇවිදගෙන ගියෙ තමන්ගෙ එකම ආදරය ඉන්න තැනට... කොච්චර රිද්දුවත් ජන්ග්කුක් තමයි සීක්‍රට්ගෙ එකම ආදරය... ඒ කුරිරු ඇත්ත අපිට පිළිගන්නම වෙනවා...

එතකොට ජන්ග්කුක්... සීක්‍රට් දැකපු හැටියෙම ජන්ග්කුක්ට මුළු ලෝකෙම අමතක වෙලා ගියා... හැම සැලැස්මක්ම , හැම වේදනාවක්ම , හැම වෛරයක්ම අමතක වෙලා ගියෙ ඉබේටම වගේ... ජන්ග්කුක්ගෙ ඇස් දෙකේ තිබුණෙ ආදරය... පුංචි කාලේ ඉඳන් සීක්‍රට්ව තමන්ගෙ කරගන්න ඕන වුණ ඒ උමතුව... ජන්ග්කුක් හිනාවුණා... ඔම්මා අප්පාගෙ මරණෙන් පස්සෙ කවමදාවත් අවංකව හිනා නොවුණු ජන්ග්කුක් හිනාවුණා... ඇයි? එයාගෙ එකම ආදරය අද එයාගෙ වෙනවා... හොඳට හෝ නරකකට අන්තිමට කූකීගෙ Mi Amor අද එයාගෙම වෙනවා...

ජන්ග්කුක්ගෙ හිනාව දැකපු ගමන්ම යුන්ගි හිතන්න ගත්තෙ සමහර විට ඒ දෙන්නට ඒ දෙන්නා අයිති ඇති කියන එක... කොච්චර වෙන් කරන්න ගියත් විඳවන්න හරි එකතු වෙන දෛවයක් ඒ දෙන්නට ලැබිලා ඉවරයි... ඉතින් ඒ දෛවය නවත්තන්න යුන්ගි කවුද?

-"එයා ඔයා දිහා බලාගෙන ඉන්නෙ , Sweetheart..." Yoongiගෙ කටහඬ ඇහුණ ගමන්ම මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු සීක්‍රට් ඔළුව ඉස්සුවෙ ජන්ග්කුක්ව බලන්න හිතාගෙන...

ඒ බැල්ම... සීක්‍රට්ට දැනුනෙ මුළු ඇඟම සීතල වෙලා යනවා වගේ හැඟීමක්...

ඒ වගේමයි ජන්ග්කුක්ටත්... මෙච්චරවෙලා බිම බලාගෙන ආව සීක්‍රට් තමන්ගෙ දිහා බලපු ගමන්ම ජන්ග්කුක් ඒ අහිංසක ඇස් වල අතරමං වුණෙ එයාටත් නොදැනුවත්වමයි...

She is gorgeous...

My wife... Jeon Secret... Yeah... She is mine... All mine...

-"Hurt my sweetheart and I'll kill you , Jeon..."

Yoongi එහෙම කියලා සීක්‍රට්ගෙ අත ජන්ග්කුක්ට දුන්නෙ වීදුරු වලින් හදපු රෝස මලක් බාරදෙනවා වගේ පරිස්සමට...

ඒත් ඒ වීදුරු රෝස මල දැනටමත් ඉරි තලලා බව යුන්ගි දන්නවා නම්...

-"How can I hurt her hyung... I love her so much... Right Secret?" Jungkook සීක්‍රට්ගෙන් එහෙම ඇහුවෙ හරිම අහිංසක විදියට හිනාවෙලා...

-"Y-Yeah... He loves me h-hyung..." කෙල්ලත් එහෙම කියලා හිනාවුණෙ ජන්ග්කුක් සීක්‍රට්ගෙ ඉණ වටේ අත දාලා Priestගෙ පැත්තට හැරෙද්දි...

Wedding එකේ මුල් චාරිත්‍ර කිහිපය ඉවර වෙලා අන්තිමට හැමෝම ආවේ wedding vows වලට...

සීක්‍රට්ගෙ පැත්තට හැරිලා කෙල්ලගෙ අත් දෙකෙන්ම අල්ලගත්ත ජන්ග්කුක් ඒ ලා දුඹුරු පාට ඇස් දිහා බැලුවෙ ගොඩක් ආදරෙන්... ඔව්... ජන්ග්කුක්ගෙ ඇස් වල තියන ආදරය අඳුරගන්න සීක්‍රට්ට බැරි වුණෙ නැහැ...

-“I, Jeon Jungkook, pledge my undying love to you, Min Secret, as I invite you to share my life. I promise to be kind, unselfish, respectful, and trustworthy so that together, our dreams of a beautiful future can come true. To this end I call upon all present to witness that I take you , Min Secret to be my wife, to have and to hold, from this day forward, for better or for worse, for richer or for poorer, in sickness and in health for as long as we both shall live.”

ජන්ග්කුක් ඒ වචන කියලා ඉවර වෙද්දි සීක්‍රට්ගෙ ඇස් වල තිබුණෙ කඳුළු... කෙල්ල ජන්ග්කුක්ගෙ අත් අතර හිරවෙලා තිබුණ තමන්ගෙ එක අතක් අරගෙන ඇස් වල පිරිලා තිබුණ කඳුළු පිහිදාද්දි හැමෝම සතුටින් හිනාවුණෙ , විසිල් කළෙ සීක්‍රට් සතුටට අඬනවා කියලා හිතපු නිසා... ඒත් ඒ ඇත්තද? සීක්‍රට් අඬන්නෙ සතුටටද?

සික්‍රට් අඬන්නෙ සතුටට නොවන බව දැකපු කෙනා ජන්ග්කුක් විතරයි... මොකද සීක්‍රට් හිටියෙ ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන... කෙල්ලගෙ ඇස් වල තියන වේදනාව , දුක , තරහ , කළකිරීම ජන්ග්කුක්ගෙ හදවතට ගෙනාවේ වේදනාවක් වුනත් ඒ වගේ වේදනාවක් දැනෙන්න තරම් ජන්ග්කුක්ගෙ හදවත මෘදු වුණෙ නැහැ...

-"අපේ Honeymoon එකට පරක්කු වෙනවා Secret... ඉක්මනට Vow එක දෙන්න..." ජන්ග්කුක් කිව්වෙ සීක්‍රට්ගෙ කනට ළං වෙලා...

හිතේ තියන තරහ පෙන්නන්න බැරි කමට ජන්ග්කුක්ගෙ දිහා බලලා අහිංසකව හිනා වුණ සීක්‍රට් එයාගෙ vow එක දෙන්න පටන් ගත්තා...

-“I, Min Secret, pledge my undying love to you, Jeon Jungkook , as I invite you to share my life. I promise to be kind, unselfish, respectful, and trustworthy so that together, our dreams of a beautiful future can come true. To this end I call upon all present to witness that I take you , Jeon Jungkook to be my husband, to have and to hold, from this day forward, for better or for worse, for richer or for poorer, in sickness and in health for as long as we both shall live.”

සීක්‍රට් එහෙම කිව්වට පස්සෙ මුදු මාරු කරපු Couple එක දෙන්නගෙ මූණට මූණට බලන් හිටියෙ හැඟීම් ගොඩක් මැද්දෙ අතරමං වෙලා... ඒ හැම හැඟීමක් අතරින්ම තදින්ම දැනුනෙ වේදනාව... දුකේදි සතුටෙදි ඉන්න පොරොන්දු දුන්නත් ඒ දේ වෙයිද? දෙන්නටම තිබුණ ප්‍රශ්නය ඒක... මේ Vow එක ඇත්තක් කරන්න පුළුවන් වේවිද?

ඒ දෙන්නගෙ කෝළම් බලන් ඉන්න බැරි තැන Priest නොහොත් ඕතරී ටිකක් සැරෙන් උගුර පෑදුවා...

-"You may kiss the bride now..."

ඕතර්- I mean Priest එහෙම කිව්වත් ඒ දෙන්නට දෙන්නා මූණ බලන් ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නම් වුණෙ නැහැ...

විනාඩි දෙක තුනකට පස්සෙ ජන්ග්කුක් සීක්‍රට්ගෙ කම්මුල් පිරිමැදලා නළලට පුංචි හාදුවක් දුන්නෙ බලන් ඉන්න හැමෝම සතුටින් කෑගහද්දි... ඒ සතුට නිසාම ඒ හැමෝටම සීක්‍රට්ගෙ කම්මුල් දිගේ ගලාගෙන යන කඳුළු මඟ ඇරෙන්න ඇති...

-"Why crying Secret? I haven't even started yet..." Jungkook සීක්‍රට්ගෙ කනට ළංවෙලා ඒ වචන මිමිණුවෙ අනිත් අයට පේන්න බොරුවට හිනාවෙන ගමන්...

You haven't even started?

නැහැ ජන්ග්කුක්... ඔයා දැනටමත් පටන්ගෙන ඉවරයි...

මුලින්ම ඔයාට කූකී කියන්න එපා කිව්වා... ඊළඟට මට මගේ නමින් කතා කරන්න ගත්තා... Now your kisses... ගහලා බැනලා රිද්දනවට වඩා ඔයා මේ කරන පුංචි දේවල් මාව පණ පිටින් පුච්චනවා කුකී... ඔයා දන්නෙ නැහැ ඒ කිසි දෙයක්... කිසිම කෙනෙක් දන්නෙ නැහැ...

-"Will you stop crying for god's sake!!!" මේ පාර ජන්ග්කුක් කිව්වෙ ටිකක් තරහෙන්...

-"S-Sorry..."

-"I don't need your sorry , Secret... හරියට හැසිරෙන්න ඉගෙන ගන්නවා!!! මේක Wedding එකක් මිසක් funeral එකක් නෙවෙයි..."

ඒත් මට නම් ඒ වගේ...

.
.
.

-"තමුන් තව කොච්චර කාලයක් මාව මඟ අරින්නද හිතන් ඉන්නෙ හේස්?"

Couple එක දිහා කන්න වගේ බලන් හිටපු හේසල් පිටිපස්සෙන් ඇහුණ කටහඬ නිසා එකපාරටම ගැස්සිලා ගියා...

කටහඬේ අයිතිකාරයා අඳුරගත්ත හැටියෙම හේසල් එතනින් යන්න හැරුණත් ඊට කලින් ටේහ්‍යුන්ග් හේසල්ව තමන්ගෙ ළඟට ඇදලා ගත්තා...

-"T-Taehyu-"

-"Let's talk..." Haze මුකුත් කියන්නත් කලින් ටේහ්‍යුන්ග් හේසල්වත් ඇදගෙන එතනින් එහාට ගියෙ ඒක දැකපු හොබී 'Oh my eyes Oh my eyes' කිය කිය උඩ පනිද්දි...

-"මොනවද කතා කරන්න තියෙන්නෙ ටේ?" වැඩිය මිනිස්සු නැති තැනකට ආපු හැටියෙ හේසල් එහෙම ඇහුවෙ ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා අල්ලන් හිටපු අත අතෑරවගන්න ගමන්...

-"එදා... එදා රෑ වුණ දෙයින් පස්සෙ මම ඔයාව තනියම Hotel එකේ දාලා යන්න හිතුවෙ නැහැ හේස්... උදේ මම අවදි වෙද්-"

-"Oh please Kim... නිදහසට කාරණා ඕනෙ නැහැ... අනික ඒ ගැන Excuses දෙන්න මම ඔයාගෙ girlfriend නෙවෙයිනෙ... මමත් තමුසෙගෙ එක සෙල්ලම් බඩුව-"

-"SHUT UP!!! JUST SHUT UP HAZE!!! තමුන් මොනවද දන්නෙ? ආ? කියනවා බලන්න? එදා උදේ ඔයා අවදි වෙද්දි මම එතන හිටියෙ නැත්තෙ අප්පාගෙ COMPANY එකේ හදිස්සියක් වෙලා යන්න වුණ නිසා... කලබලය නිසාම මට NOTE එකක්වත් තියන්න බැරි වුණා... මගෙ PHONE එකත් OFF වෙලා... ඉතින් කොහොමද මම ඔයාට කියන්නෙ?

ඊටපස්සෙ මම ඔයාට CALL කළා... COLLEGE එකට ආවා... ඔයාව හමුවෙන්න TRY කළා... කතා කරන්න හැදුවා... ඔයා මගේ පැත්තවත් බැලුවද? මං දිහා නිකටමත් බැලුවද හේස්?" ටේහ්‍යුන්ග් කෑගහගෙන ගියෙ හේසල් මොනවද කියන්න ඕන කියලා හිතාගන්න බැරුව ටේ දිහා බලන් ඉද්දි...

-"හුහ්!!! එතකොට දැන් ඔයා කියන්නෙ ඔයා හරි මම වැරදි... ඒකද ටේ?"

හේසල් තරහින් රවලා එහෙම කියද්දි ටේහ්‍යුන්ග් එයාගෙම කොණ්ඩෙන් ඇදගත්තෙ 'ඇයි බං ගෑණු මෙහෙම?' කියලා හිතෙන් ප්‍රශ්න කරන ගමන්...

-"Haze , Darling... මේ අහන්න... ඔයා වැරදි නැහැ... ඒත් ඒකෙන් කියන්නෙ නැහැ මම වැරදියි කියලා... මට ඒ වෙලාවෙ කරන්න දෙයක් නැති වුණා... ඒකයි එහෙම දෙයක් වුණෙ... මට සමාවෙන්න Haze... I'm really sorry... ඊළඟ වතාවෙ මම ඔයාව ඒ විදියට දාලා යන්නෙ නෑ... promise..." ටේහ්‍යුන්හ් කුප්ප හිනාවක් එක්ක ගොඩක් සන්සුන්ව කිව්වෙ හේසල් ඒ ගැන වැඩිය නොහිතා ඔළුව වනද්දි...

-"Good... ආයෙ ඒ වගේ වැරැද්දක් වෙන්- WAIT A MINUTE!!! KIM TAEHYUNG YOU PERVERT!!!" හේසල් අතේ තිබුණ bag එකෙන් ටේහ්‍යුන්ග්ට ගහද්දි ටේ දෙපාරක් නොහිතම හේස්ව බදාගත්තෙ කෙල්ලගෙ කෑගැහිලි ගාණකට නොගෙන...

-"Ouch- Ugh... Stop baby... Argh... රිදෙනවා හලෝ... නවත්තනවකො..." ටේ පොඩි බබෙක් වගේ කෑගැහුවෙ හේස්ව අතාරින්නෙ නැතුවමයි...

-"එහෙනම් මාව අතාරිනවා... මෝඩයා..."

-"Haze... මම දන්නවා *Ouch* මේක *ugh* හරි වෙලාව  *Ouchieee* නෙවෙයි කි-කියලා... ඒත් I love *Ouch* you baby... *Ugh* I Love-"

ටේහ්‍යුන්ග් හේසල්ගෙ පාරවල් බේරෙන අතරෙ එහෙට මෙහෙට දඟල දඟල එහෙම කිව්වම හේස් බෑග් එකෙන් ගහන එක නවත්තලා -"What?" කියලා ඇහුවෙ ටේ එයාගෙ ඇඟ වේදනාවෙන් පිරිමදිද්දි...

-"I love you Haze... I love you so much..." ටේ කිව්වේ එයාගෙ සුපුරුදු boxy smile එක දාන ගමන්...

ඒත් ඒ විදියට හිනාවෙලා වැඩි වෙලාවක් ඉන්න බැරි වුණෙ හේසල් ආයෙම එයාගෙ බෑග් එකෙන් ටේට නෙළන්න ගත්ත නිසා...

-"YOU UNROMANTIC F**KER!!! ඔය විදියටද මිනිහෝ CONFESS කරන්නෙ? ලස්සන DATE එකක් ARRANGE කළා නම් හෙණ ගහනවද?"

-"*Ugh* S-Sorry baby... ඉ-ඉවසන්න *Ouch* බැරි වුණා... *Ouch* ඇති යකින්නියේ... *Ouch*" ටේ ඒ මේ අත දුව දුව කියද්දි එයාගෙ පස්සෙන් දුවලම හති වැටුණ හේසල් ආයෙම ඇදුම හදාගෙන wedding hall එක ඇතුළට ගියෙ ටේහ්‍යුන්ග්ට ඇහෙන්න දෙයක් මුමුණන ගමන්මයි...

-"I love you too my idiot!!!"

ඒක ඇහුණා විතරයි ටේහ්‍යුන්ග් උඩපනින්න ගත්තෙ 'ඒක කිව්වෙ මට නේද?' කියලා වටපිටාවෙ තියන ගස් කොළන් වලින් අහන ගමන්...

-"Hello Mr.Tree... Nice to meet you... එයා ඒක කිව්වෙ මට නේද?"

ගහ හුළඟට හෙළවුණාම 'Thanks bro' කියලා ගහේ කඳට කිස් එකකුත් දීලා ටේ හේස්ගෙ පස්සෙන් දිව්වෙ lovesick puppy කෙනෙක් වගේ...

.
.
.

ඔය අතරෙ ජිමින් , නම්ජූන් දෙන්නා කෑම මේසෙ පැත්තට ගියෙ බඩ කට පුරවගෙන එන්න හිතාගෙන...

-"ඔහ්... Sorry..." ජිමින් කිව්වෙ එයාගෙ ඇඟේ හැප්පුන කෙනෙකුට...

ජිමින්ගෙ ඇඟේ හැපුන කෙනාත් ඒ කටහඬ ඇහිලා ජිමින්ගෙ දිහා බැලුවෙ කටේ ලොකු කේක් කෑල්ලකුත් පුරවගෙන...

-"OH MY GOD PARK JIMIN!!!" එහෙම කියාගෙනම ඒ කෙල්ල සිහි නැතුව බිම ඇදන් වැටුනෙ ඊට එහායින් හිටපු කෙනෙක් සද්දෙ ඇහිලා දුවන් එද්දි...

-"හේ... ඔයා හොඳින්ද?" දුවගෙන ආපු කෙනා බිම ඇදන් වැටුණ කෙනාගෙ මූණට වයින් වීදුරුවක් හලලා එහෙම ඇහුවා...

අමාරුවෙන් සිහි එළවගත්ත ඒ කෙල්ල එතනින් නැගිට්ටම එතනට ආපු අනිත් කෙල්ල සිහි නැති වෙලා වැටුණෙ 'OH MY GOD KIM NAMJOON' කියන ගමන්...

-"ම-මං හිතන්නෙ ඔයාගෙ යාළුවාට සිහි නැති වුණා..." නම්ජූන් එයාගෙ dimple හිනාව දාලා කිව්වම ඒ කෙල්ලත් ආයෙම සිහි නැතුව බිම ඇදන් වැටුණෙ 'කිම් නම්ජූන් මාත් එක්ක හිනාවුණා' කියන අතරෙ...

-"එහ් හ්‍යුන්ග්... මුන්ට මක් වෙලාද?" ජිමින් ඇහුවෙ ටිකක් අමුතු බැල්මක් දාන ගමන්...

-"What's happening here?"

-"Oh priest... ඔයා ආපු එක හොඳයි... මේ ඔයත් එක්ක ආපු අය නේද?" ජිමින් ඕතර්ගෙන් එහෙම ඇහුවෙ ඕතර් අහිංසක විදියට හිනාවෙද්දි...

-"ඔව්... එයාලා පොඩ්ඩක් අසනීපෙන් ඉන්නෙ... ඒකයි... හෙහෙ..." ඕතර් කිව්වෙ බිම වැටිලා ඉන්න එයාගෙ ආදරණීය Cupcake දෙන්නා නැගිට්ටවන අතරෙ...

-"ම-මට සමාවෙන්න... ඒත් ඔයාලගෙ ඇඳුම්..." නම්ජූන් කිව්වෙ Dining hall එකේ ඉන්න Cupcakesලා සහ ඕතරී දිහා බලන ගමන්...

-"දන්නැද්ද හ්‍යුන්ග්... මෙව්වා තමයි අලුත් fashion... රටේ ආර්ථිකේ එක්ක මේවට අපි හුරුවෙනවා..." මේස රෙද්දක් දවටන් හිටපු සුදු උස Cupcake කෙනෙක් කිව්වෙ දත් තිස් දෙකම දාලා හිනාවෙන ගමන්...

-"Woah... ලස්සන කෙල්ලො ටිකක් ඉන්නවනෙ මෙතන... ජිමින් , ජූන් අපිට නොකියම මේ පැත්තට ආවේ මේකටද?" එතනට ආපු හොබී කිව්වෙ එයාගෙ sunshine smile එක දාන්න අමතක නොකර...

-"Mr.Jung... මේ රෙද්ද පොඩ්ඩක් අල්ලලා බලන්න... ඔයා දන්නවද මේක හදලා තියෙන්නෙ මොන material එකෙන්ද කියලා..." එතනට සම්ප්‍රාප්ත වුණ cupcake කෙනෙක් එහෙම ඇහුවෙ එයා ඇඳන් ඉන්න දොර රෙද්දෙන් කොනක් හොබීට අල්ලන්න දෙන අතරෙ...

-"ම්ම්ම්... I don't know..."

-"Girlfriend material..." ඒ කප්කේක් ඇහැක් ගහලා එහෙම කිව්වම හොබී අහිංසක විදියට හිනාවෙලා ජිමින් දිහා බැලුවෙ 'මචං මම gay වෙන්නද' වගේ බැල්මකින්...

-"Umm... කලබල වෙන්න එපා Hoseok-ssi... මගේ කප්කේක්ස්ලා ගොඩක් සතුටින් ඉන්නෙ ඔයාලව හමුවුණ එක ගැන..."

-"නම්ජූන් හ්‍යුන්ග් ඕතර්ගෙ රෙද්ද!!!" එක cupcake කෙනෙක් කෑගැහුවෙ ඕතර් ඇඳන් ඉන්න මේස රෙද්දට අත දික් කරන ගමන්...

-"ඇයි ඇයි මගෙ රෙද්දට මොකද?" ඕතර් කලබල වුණෙ රෙද්ද කඩන් වැටිලදෝ කියලා හිතාගෙන...

-"නෑ නෑ... ජූන් හ්‍යුන්ග්ගෙ කකුලට ඔයාගෙ රෙද්දෙ කොනක් පෑගුණා... දන්නැද්ද ඉතින්... රෙද්ද පෑගුණෙ ජූන් හ්‍යුන්ග්ට නිසා ඒක ටිකක් අනතුරුදායකයි..." Cupcake හිනාවෙලා කියද්දි ජිමින් , හොබී බඩ අල්ලන් හිනා වුණෙ නම්ජූන්ගෙ මූණෙ තිබුණ pout එක දැකලා...

-"යාහ්... ඔය කේක් එක කන්න එපා... ඕක අරන් තිව්වෙ ජින් හ්‍යුන්ග්ට!!!" ජිමින් කෑගැහුවෙ නයිටියක් ඇඳගෙන කේක් ගෙඩියක් ගිලින්න හදන තවත් cupcake කෙනෙක්ට...

-"මොකාද මගේ කේක් ගෙඩිය ගිලින්න යන හොර දෙටුවා!!!"  ඔව් මිත්‍රවරුනි... ජින් එසැණින් පෑන් එකකුත් අරගෙන එතනින් මතුවුණෙ කප්කේක්ලා වගේ ඕතර් ඒ WWH මූණ දැකලා සිහින ලෝකෙක තනිවෙද්දි...

-"Wow!!! YOU ARE REALLY HANDSOME HYUNG..." Cupcake කෙනෙක් එහෙම කිව්වම ජින් ඉණට අත් දෙකත් තියාගෙන ඔළුව වැනුවෙ 'මම ඒක දන්නවා' කියලා කියන අතරෙ...

ඔන්න ඔය අතරෙ ඕතර්ගෙ එක Cupcake බබෙක් වැඩේ වරද්ද ගත්තෙ...

කොහෙන්දෝ අහුලගත්ත මුද්දකුත් උස්සගෙන 'MIN YOONGI MARRY ME!!!" කියාගෙන යටි ගිරියෙන් බෙරිහන් දුන්නෙ ඕතර්ට වගේම එතන ඉන්න හැමෝටම තරු විසි වෙද්දි...

-"අන්න අරකිව උස්සගන්න... පණට ආදරයක් තියේ නම් දැන්ම මාරුවෙමු..." එහෙම කියපු ඕතර් ඇඳන් මේස රෙද්දත් උස්සගෙන Gate එක පැත්තට දුවන්න ගත්තෙ ජිමින්ගෙ සාක්කුවට නම්බර් එක දාන්නත් අමතක නොකරමයි...

අතට අහුවෙන කෑම බීම ටික ඇදලා ගත්ත ඕතර් ඇතුළු කප්කේක් පිරිස රෙදිත් නැතුව Wedding එකෙන් නික්මුණේ අන්න ඒ ආකාරයටයි...

❤❤❤❤❤

Wedding තුනක priest වෙලා මට හති යකූ... හැමදාම මුන් බඳින දිහා බලාගෙන මගෙ තනිකඩ හිත හූල්ලනවා... මුලින් ChimAngel... ඊළඟට TaeDoll... දැන් KookAmor... Seriously FML 🤧

අද චැපියෙ අවසාන කොටසෙ මම ලියපු දේවල් වලින් කාගෙ හරි හිත පොඩ්ඩක් හරි රිදුණා නම් මම හදවතින්ම සමාව ඉල්ලනවා... I really didn't want to offend anyone 🥺💜️

ඒක නෙවෙයි... සීක්‍රට් ලස්සනයි නේද? මම intro එකේ දාපු කෙනයි මෙයයි එක්කෙනෙක් කියලා හිතන්න... මේ wedding dress එක හොයන්න මම මාර කට්ටක් කෑවේ... ලස්සන wedding dress තිබ්බට ඒක ඇඳන් හිටපු අය සීක්‍රට්ට ගැළපුණෙ නැහැ... අන්තිමේදි බොහොම අමාරුවෙන් ඕක හොයාගත්තෙ...

ඔයාලට මතකද මම ඕරාට දාපු කෙනාව... එයාගෙ wedding එකේදි... ඒ girlගෙ නම් ගොඩක් photos ලැබුනා... වෙන වෙන dresses වලින්... ඒත් එකම කෙනාව දාන්න බැහැනෙ...

මීට වඩා ලස්සන dresses තිබුණා... ඒත් ඒවා ඇඳන් හිටපු model මගෙ හිතට ඇල්ලුවෙ නැහැ...

මේ ඉන්නෙ සීක්‍රට්ගෙ wedding ඇඳුම ඇඳන් ඉන්න model... Huyen...

අද අවසාන කොටසෙ විහිලු දැම්මෙ මම හුඟ කාලෙකින් ඔයාලට හිනාවක් දුන්නෙ නැති නිසා... 🥲 බැලුවොත් අර දෙන්නගෙ ප්‍රශ්න අපේ කරගෙන මැරෙන්න හදනවනෙ... ඒකයි... 💜️

කමක් නෑ අදට හිනාවෙන්නකො... 😌😂

(හිනාගියෙ නැත්නම් කුචි කවාගන්න😒 ඇයි යකෝ 🤧😒)

හෙහෙ

ආදරෙයි මං 💜✌

ඊළඟ චැපියෙන් හමුවෙමු Cupcakes...

ILYSM😏❤









Continue Reading

You'll Also Like

78.9K 19.6K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
2K 666 40
" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2...
12.8K 2.6K 25
අවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..?
9.6K 2.3K 21
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා...