කොච්චර වේලාවක්ද දන්නෙ නෑ මම පිට්ටනිය ලග බෙන්ච් එකෙ වාඩි වෙලා හිටියා. මට දැනුනේ අසරණකමක්... ඩේශිතට මාව පෙන්නෙ යාලුවෙක් වගෙ, ඉතින් මට චේතියව පෙන්නෙ යාලුවෙක් වගෙ. දකින දකින කොල්ලට හිතයන්නෙ නෑ මට. මේ පළවෙනි පාර ඩේශිතට කැමැත්තක් ඇති වුනේ.. අනික් දේ චෙරිට දුකක් දෙන්නෙ කොහොමද?
"මැණික... මොකද ඔයා මෙතන..."
"මුකුත් නෑ නිකන්.."
"සෙනිය මොනවද කිව්වේ..."
"ඩේ"
"ම්ම්ම්"
"ඔයා කෙනෙක්ට ආදරේයි. එත් එයා තව කෙනෙක්ට ආදරේයි. ඒ වගෙම ඔයාට ඔයාගෙම කියලා ඉන්න කෙනෙක් ආදරේයි ඔයා කාවද තෝර ගන්නෙ..."
"ඒ මම නම් මම ගොඩාක් අසරණ වෙයි."
"ඉතින් ඔයා මොකක්ද කරන්නෙ..."
"මම ට්‍රයි කරන්නම් මට ආදරේ කරන කෙනා ලග ඉන්න..."
"ම්ම්ම්.... හිතනවද පුලුවන් වෙයි කියලා."
"එක තීරණේ වෙන්නෙ ඔයාගෙ හිතේ තියෙන ආදරේ අනුව නිදු... ඔයා දන්නවද දන්නෙ නෑ නිරාෂා කියන්නෙ ඔයා දකින කෙනා නෙවේ. එයා මාත් එක්ක පුංචි කාලෙ ඉදන් තනියට හිටිය මගෙ යාලුවා. එයා මාව අත්තැරියෙ නෑ මට ලොකු ලොකු කරදර ආවත් මගෙ අම්මා නැති තැන එයා මට අම්මෙක් වුනා. මගෙ සහෝදරි වුනා. අන්තිමට එයා මට ආදරේයි කිව්වා... මේ තරම් කාලයක් මම එයාට ආදරේ කරා. එත් එක මෙහෙම ආදරයක්. ඒක ඇත්තටම මොන වගෙ ආදරයක්ද කියන්න මම දන්නෙ නෑ... එත් මම තාම මගෙ හැමදේම නිරාෂා එක්ක බෙදා ගන්නවා. ඒ නිසාම මට ඔයාවයි චෙරිවයි දකිද්දී බය හිතෙනවා. දවසක මගෙ හැමදේම හැමෝම උදුරගත්තා වගෙ ඔයාවත් මගෙන් චෙරි අයින් කරන් යයි කියන දුක මට ආවා. ඊයෙ මම බීලා අද උදේ ඉදන් ඌ එක්ක වලි. නිකන් සෙල්ලම් බඩුවක් බෙදාගන්න බැරි පොඩි එවුන් වගෙ... ඉතින් එකයි ඔයා ආදරේ කරන්නෙ කාටද කියලා ඔයාවත් නොදැන ඉන්න පුලුවන්. මම කියන්නම් ඔයාට ආදරේ කරන කෙනාගෙ වෙන්න පොඩ්ඩක් ට්‍රයි කරන්න..."
"මම ඔයාගෙ යාලුවා ඩේ හැමදාම ඔයාට මොනවා වුනත් මම ඔයා එක්ක... දැන් යමු... ඔයාටත් නිරාෂාටයි විශ් කරන්න මට කලින් බැරි වුනා... එත් දැන් මම කියනවා එයා ඔයාට ලැබුන හොදම දේ..."
මම කිව්වා මගෙ විශ් එක හදවතින්ම මම කරා... ඉතින් මේ ආදරේ මෙතනින් නවතිනවා. මම චෙරිට ආදරේ නොකරත් මම තීරණේ කරා එයාට හොදම යාලුවෙක් වෙන්න වගෙම ඩේට එයාගෙ පාරෙ යන්න දෙන්න... මෙන්න මෙතන මගෙ ආදරේ අද නොකියාම අයින් කරලා දානවා... මගෙ ආදරේ මරලා දානවා... උපන් ගෙයින්ම...
මම ක්ලාස් එකට ආවේ ඩේ එක්ක. චෙරි මාව දැක්ක ගමන් දුවගෙන ආවේ හිනා වේගෙනමයි.
"සුදූ කොට්ටාවේ කාර්නිවල් එකක් තියෙනවා බලන්න යමු..."
"කීයට වගෙද?"
"රෑ යමු... ඩේ ඔයත් එන්න..."
"මමත්... ම්ම්ම් මම නිරාෂාගෙන් අහලා කියන්නම්..."
"හා සුදූ අම්මා කෝල් කරා. ඔයා බෝඩිමක් හොයාගත්තද?"
"නෑ තාම..." මම ඩේ දිහා නොබලම කිව්වා..
"ඔව් එකනෙ... අම්මා කැමති නෑ අපේ දිහා ඉන්නවට පෙරෙදාත් අපෙ අම්මා නංගි ගැන ඔලුවට දාලා. එයා අපෙ නංගිට ආස නෑ... දැන් අපි මොකද කරන්නෙ."
"අපේ ගෙදර නම් ඉඩ තියෙනවා මම ඉන්නෙත් තනියම... කැමති නම් එන්න." ඩේ එහෙම කියද්දී චෙරි හිනා වුනා.
"අනේ ලොකු දෙයක් බං. එවා එහෙම නොවෙන්න සුදූව ආයෙ ගෙදර ගෙන්න ගන්නවා." මම බැලුවේ මොකක්ද මේ චෙරිගෙ තියෙන අමුතු හැසිරීම කියලා. මුලින් එයාම නෙවේද ඩේ එක්ක ඉන්නවට අකමැති වුනේ.
"හරි එහෙනම් තැනක් හොයාගන්නකම් මම ඔයාගෙ ගෙදර ඉන්නම්..."
"හදිස්සි වෙන්න එපා බං අපි යාලුවොනෙ..."
"හුම්ම්ම්. හරි බං..." මේ ඔක්කොම හෙනම හෙන අමුතුයි අරු මලක්වත් ගහලද?
"හේයි උඹලා කොහෙද යන්නෙ මම නැතුව." කේශ්ව වගෙම සෙට් එකම අපි ගාවට ආවා.
"නෑ බං කාර්නිවල් යන්න..."
"අඩේහ් මාත් එනවා බල්ලෝ... අපිව කපලා තොපි 3 දෙනා යන්න නේද හදන්නෙ..."
"නෑ නෑ බබා ඔයා නැතුව මම යනවද එහෙම..." මගෙ ලග හිටිය ඩේශිත කේශ්වගෙ උරහිස්සට අත දාගෙන යන්න ගියා. හිත රිදුනත් නොපෙන්වා ඉන්න දැන් මම එයාව අයින් කරන්න ඕනේ කියලා තේරුනාම මම පැත්තකට වෙන්න ඕනෙ...
"සුදූ මොකද මේ මූණ ආ..."
"මුකුත් නෑ චේති... මම හොදින්"
"ඔයාට දැන් මට කියන්න බැරි ගොඩාක් දේවල් හිතේ තියෙනවා නේද?"
"එහෙම නෑ... කවදත් ඔයාගෙ යාලුවා මම.."
"ඔව් මම දන්නවා ඔයාට කවදත් මම ඔයාගෙ යාලුවා බව. මම පොරොන්දු වෙන්නම් ඒ බැදීම හැමදාම එහෙම වෙයි කියලා."
අපි තුන් දෙනාගෙ හැසිරීම ටික ටික සාමාන්‍ය වුනා. චෙරි එක්ක වුනත් ඩේ හොදට හිටියා. ඩේ මගෙන් ඈතට යනවා වගෙ දැනුනා. ඉතින් හවස මගෙ බඩු පැක් කරගෙන චේති එක්ක ඩේගෙ ගෙදර ගියා එයා මට වෙනමම කාමරයක් රෙඩි කරලා තිබ්බ නිසා චෙරි වුනත් සැටිස් වුනා...
"සුදූ මට ඕනේ වේලාවක කෝල් කරන්න."
"හරි..."
"බඩු ටික තියලා දැන් ලෑස්ති වෙන්න දෙන්නම. අපි යමු කාර්නිවල්... අරුන් සෙට් එක එනවා කිව්වා නේද?"
චෙරි කියලා ගේ වට පිට බලන්න ගියා. මාත් ලෑස්ති වෙන්න වොශ් රූම් ගියාම හරි පිළිවෙලයි ඒක... ආයිෂ් මට අමතක වෙලා තිබ්බේ මේ පිරිසිදු කම.
මම නාගෙන එළියට එනකොට ඩේශිත නෑ...
"කෝ ඩේශි..."
"දන්නෙ නෑ කාමරේ නම් අරහෙ සුදූ මම කෝල් එකක් අරන් එන්නම් නංගිත් එනවා කිව්වා.."
"හරි මම ගිහින් බලන්නම්..."
"ම්ම්ම්."
එයා කෝල් එකත් අරන් යද්දී මම උඩ තට්ටුවට ගියා. කාමර ගොඩාක් තිබ්බා ඒ ගෙදර. එක කාමරයක් නිකන් අඩවල් වෙලා වගෙ තිබ්බේ... සද්දයක් ආවේ නැති නිසාම මම එබිලා බලද්දී ඩේශිත හොදටම අඩනවා... එත් ඇයි මෙච්චර වෙලා හොදට හිටියනෙ... මම සනසන්න ගියෙ නෑ නොකියාම පහලට ආවා.
"කෝ ඩේ..."
"ම.. මට හොයාගන්න බැරි වුනා. කාමර ගොඩක් තියෙනවා."
"එයා එනකම් ඉමු එහෙනම්... සුදූ මෙහෙ එනෝකෝ... මට නිදිමතයි පැලෙන්න... ඔඩොක්කුව දෙනෝ..."
"අරූ එයි දැන්... නිදාගන්න ඕනෙ නම් කාර්නිවල් බල්ලට දාපන්."
"දුෂ්ඨයි ඕයි තෞසේ..."
"මම දන්නවා හරිද?"
"ආ... මම ආවා..." ඩේශිත ආවා කලු ටී එකක් දාගෙන මූණ පුරාම හිනාව අඩපු පාටක්වත් නෑ ඇස් ටිකක් බොර පාටයි. එත් හිනා වෙලා.
"අපි යමු එහෙනම් නිරාෂා එනවද?" මම ඇහුවා.
"ආ ඔව් නිදු එයා එයි යාලුවා එක්ක. අපි යමු" ඒ කියන්නෙ ප්‍රශ්නෙ නිරාෂා ගෙ නෙවේ... මොකක්ද අවුල.
අපි කාර්නිවල් එකට එනකොට රෑ 8ට වගෙ ඇති. ඩේ හිටියෙ කේශ්ව එක්ක. නිරාෂා පෙන්න හිටියෙ නැතත් ටිකකින් ආවා. ලස්සන චාම් කෙල්ලෙක් වගෙ. ඒක එයා යූත් එකෙ ඉන්නවට වෙනස්ම රූපයක්. මම මේ පෙනුම දැකලා වශි වුනා. ඇත්තටම ඒ තරම් ඒ කෙල්ල ලස්සනයි.
"නිරාෂා ඇයි පරක්කු වුනේ."
"නෑ ඩේ අම්මා එන්න දුන්නෙ සෙව්වා ආවට පස්සෙනෙ. ඔයා දන්නවනෙ."
"ම්ම්ම්ම්... සෙව්වා මේ මගෙ යාලුවෝ අනික් අයව නම් දන්නවා මේ සත්නිදු, මේ චේතිය..."
"සත්නිදු කියන්නෙ මෙයාද? මම ගොඩාක් ඇහුවා යූත් එකෙ කෙල්ලොන්ගෙන් මෙයා ගැන... ඔක්කොම වශි කරගෙනනෙ.."
"එහෙම තමයි මිශාන් හරි ලස්සනයි..." නිරාෂා වෙනදා අර කට උල් කරලා කතා කරන විදිය වෙනස් වෙලා. මේක මොකක්ද කියලා තේරුම් ගන්න බෑ.
"මට පෙනවා මිශාන් ෆුල් කන්ෆියුස් වෙලා ඉන්නෙ..." සෙනිය හිනා වෙලා කියනකොට මාත් ඩිම් වුනා.
"මේකනෙ මිශාන් මම යූත් එකෙ කරන්නෙ කචල් කෝස් එකක් එතකොට මම මගෙ ප්‍රතිරූපේ ඒ වගෙ කෙනෙක් වගෙ පෙන්නනවා. වැඩිය කොල්ලො පස්සෙන් එන්නෙ නෑ එතකොට. එත් පිටදී මට පුලුවන් මට ඕනේ විදියට ඉන්න. මොකද මගෙ ජිවිතේට ඕනේ එකම එක්කෙනා නැතුව මම පිට කොහෙදත් යන්නෙ නෑ... මම කැමති මිනිස්සු මන් ගැන දකින විදිය එක එක විදියට හැඩගස්සන්න... අනිවා ඔයා දකින්න ඇත්තෙ හෙන බඩුවක් නේද මගෙ යාලුවා කරේ ගහගෙන ඉන්නෙ කියලා. බට් කේශ්ව හිතනවා නිරාෂා තමා මගෙ යාලුවට හොදම කියලා. අපේ පෙනුමෙන් මිනිස්සු අපිව මනිනකොට මම ආසයි එහෙම මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න..." නිරාෂා එහෙම කියනකොට ඩේ එයාව හුරතල් කරන්න ඔලුව අත ගෑවා...
"ඇති ඇති ටකරම... දැන් යමු..."
"ආහ් ඩේ... මට සීනි පුළුන් භූතයෙක් ඕනේ.." නිරාෂා කියනකොට ඩේ එයාගෙ අතින් අල්ලන් යන්න ගියා.
නිරාෂා කිව්ව ඒ කතාවේ ගොඩාක් ලොකු තේරුමක් තිබ්බා. මිනිහෙක් අදින පලදින, කතා කරන විදියෙන් අපිට කෙනෙක්ව මනින්න බෑ... අපි ඒ මිනිස්සුට චරිත සහතික දෙනවා එයාලගෙ කතාව බාගෙට දැන ගෙන...
"සුදූ නංගි එනවා කිව්වා මම යන්නම් එක්ක එන්න මෙතන ඉන්න මෙයාලා එක්ක.." චෙරි කියලා යන්න ගියාම මම කේශ්වලා එක්ක හිටියා.
"මිශාන් වරෙන් මෙරිගෝ රවුන්ඩ් එකෙ යන්න."
"මට බෑ බං.. මට වමනෙ යනවා... උඹලා පලයන්..."
"ශුවර්ද?"
"ඔව්..."
"අපි ගියා..."
භානු, සේනිය, කේශ්ව මෙරිගෝ රවුන්ග්ඩ් ගියාම මම තනි වුනා. මට අද දවසෙම ඕනේ වුනේ මේක.
"මැණික... ආ..." අයිස් චොකෝ එකක් අරන් ඇවිත් ඩේශිත මට දුන්නා.
"ඇයි මේ..."
"කන්නනෙ... අරගොල්ලෝන්ට එවා අරන් දෙද්දී අයිස්ක්‍රීම් දැකලා ගත්තෙ. අනික් ඌන් ගියානෙ... ඉතින් මම ගෙනාව. ඌන්ට මොනවා හරි අරන් දෙන්නම්." ඩේශිත එහෙම කියලා මගෙ ඇහැට වැටුන කොණ්ඩේ එහාට කරා
"ඩේ අර දෙන්නා ගාවට යන්න ගෑණු ලමයිනෙ."
"ඔයත් එන්න... ඔයාව තනියෙන් තියලා යන්නෙ කොහොමද? චෙරි එනකල්.."
"මම කොල්ලෙක් ඩේ... බය වෙන්න එපා යන්න.." මම එහෙම කියලා ඩේව යැව්වා. එයා පිටිපස්ස බලලා අයිස් එක පෙන්නුවා...
"ඇස් පියන්ද මිනිහෝ යන්නෙ..." මොකෙක්ද හෝතම්බුවෙක් නට නට ඇවිත් මගෙ ඇගෙ වැදුනා. බාගෙට කකා හිටිය අයිස් එකත් බිම...
"හම්මට... මෙයාව දැක්ක කල්.. ඉතින් කොහොමද ඔඩිශන් එක... කෝ උඹේ හෙන්චයියෝ අද" ඒ එදා යූත් එකෙදී මගෙන් ගෙම ඉල්ලුව කොල්ලා... ඌ ගෙ වටේට කොල්ලො තුනක් පිරුනා. මාව වටකරගෙන
"ඌන්ව නම් කොහෙද කියලා දන්නෙ නෑ... ඒත් උඹ ඌගෙන් එකෙක්ට පණ යන්න බය වුනා කියලා නම් දැක්කා..."
"වහපන් බල්ලෝ තෝ බය කියන්නෙ මොකක්ද කියලා දැන් දැනගනි..."
ඌ කියවලා මට ගහන්න හැදුවා... මෙන්න මූ දන්නෙ නෑ හැප්පෙන්න එන්නෙ ටයිකොන්ඩෝ මාස්ටර් කෙනෙක් එක්ක කියලා... තුන් දෙනාටම නෙලුවා.. එත් එකෙක් කාර්නිවල් එකට ගෙනාව යකඩ පොල්ලක් උස්සන් ඇවිත් මට ගහන්න ආවා... ආයිෂ් ලේ... මම ඔළුව බදාගෙන ඉදගද්දී මගෙ අතට ලේ බේරෙනවා... නැගිටලා බැලුවාම ඩේශිත.. මාව වහගෙන... මට මරුවා ආවේස වුනා ඩේව අල්ලලා එහායින් තියලා මම අරුට ගහන්න පනිද්දී චෙරි ඇවිත් ඌන් ඔක්කොටම නෙලලා මට තුවාලද බැලුවා...
"හුත්තෝ තොපි එකෙක් ඉතුරු කරන්නෙ නෑ මම..." අරූ ගහන්න දුවද්දී මම බය වුනේ ඩේශිත ගැන එයාට සිහිය නෑ...
🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻
මියානේ චින්ගූ