🌻 Be My Sunshine 🌞 Complete...

Galing kay breath_21

15.6K 2.2K 631

සත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්ච... Higit pa

01.
02.
03.
04
05
06
08
09
10
11
12
13
14.
15.
16.
17
18.
19
20
21
22
23
24
25
26
27
28
29
30
note

07

533 90 42
Galing kay breath_21

උදේ පාන්දරම මොන යකා කෝල් කරනවද මන් දන්නෙ නෑ... රෙද්ද මටත් නිදිමතයි මැරෙන්න.

"හලෝ..." නම වත් බලන්නෙ නැතුව නින්දෙන්ම ෆෝන් එක අන්සවර් කරා...

"හලෝ.. බබා... මේ ඩේශිත නේද?"
හුටා මේක මගෙ ෆෝන් එක නෙවේ... කෙලවෙනවා කියන්නෙ අප්පගෙ කෙලවීමක් මේක. මම එකසැරේම කෝල් එක කට් කරා... නැගිටලා බලද්දී ගුලි වෙලා මගෙ ලග ඩේ නිදි ඊයෙ ඇදුම් පිටින්ම.

"ඩේ... ඩේ.... ඩේ....." කොච්චර කරත් ඔච්චරයි. මම ඔලුව කොට්ටේ උඩින් තියලා නැගිට්ටා...

"ආව්ව් අත..." අතටත් ගගහා මම නැගිටලා නාලා වෙනදා වගෙම සුරේ අයියගෙ කඩේන් උණු තෝසෙ ගෙන්න ගියා. ඇවිත් බලනකොටත් ඩේ නිදි. මමත් ඔහෙ හිටියා ඕනේ වේලාවක නැගිටපන් කියන්න වගෙ... එයාගෙ ෆෝන් එක ආයෙත් රින්ග් වෙනවා. මේ පාර නම් එයා නැගිටලා අන්සවර් කරා...

"හලෝ..."

"ම්ම්ම් යාලුවෙක්ගෙ ගෙදර..."
"ම්ම්ම් හරි හරි බබා... ඔයා එන්න යාලුවො එක්ක. මම එන්න පරක්කු වෙයි අද.."

මම තේ එකකුත් හදලා මේසෙ උඩින් තිබ්බා.. එයා ෆෝන් එක තියලා මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉදලා.

"ගූට් මෝර්නින් සුදූ..." එයා අත් දෙකත් මිටි මොලවගෙන කලවා උඩින් තියාගෙන බෙල්ල ඇල කරලා මට කිව්වාම අම්මොහ් මට මොකක්ද වෙලා ගියා.

"ගුට් මෝර්නින් ඩේ... ඔයා සුදූ කියන්න ඕනේ නෑ අනේ නිදු කියන්න..." මම කිව්වාම එයා ඇදෙන් නැගිටලා තිබ්බ චූටි මේසෙන් ඉදගත්තා.

"ඇයි සුදූ කියන්න පුලුවන් චේතියට විතරද?"
"නෑ අපේ ගෙදරත් චේති ගෙ ගෙදරිනුත් කියන්නෙ එහෙම..."
"එහෙනම් මාත් කියන්නම්... මොකද එයා ඔයාගෙ බෝයිෆ්‍රේන්ඩ් නෙවේනෙ.."
"එයා බෝයිෆ්‍රේන්ඩ් තමයි..." ඩේශිත මේසෙ උඩ තිබ්බ මගෙ අත අල්ල ගත්තා මිරිකුවා එක මට ගොඩාක් රිදුනා.

"ඇත්තනෙ... කොලු යාලුවා වෙන මුකුත් නෑ... නාලා කමු... මම දෙන්නාටම එක්ක කෑම ගෙනාවේ..." මම කෑම එක පෙන්නලා කිව්වා...

"මම කට හෝදන් කන්නම් මේවා උණුයිනෙ..."
"ඩේ එහෙම බෑ යන්න නාලා එන්න. ඔයා ඊයෙ රෑ නැවෙත් නෑ.."
"සුදූ... බඩගිනි... මේ ලෑල්ල වගෙ වෙලා මගෙ බඩ... ම්ම් ම්ම් ම්ම්ම්" ඩේශිත වතුර වීදුරුවක් අරන් කට හෝදගෙන ඉදගත්තා...

"ඔය ඔරවන්න එපා මැණික..." කන්න ප්ලේට් එකට තෝසෙ දෙකකුත් දාලා තේ එක බිව්වා...

"රසයි... කවුද හැදුවේ.."
"මම..."
"ම්ම්ම්... ඔයා සූදයි..." ඩේශිත මගෙ අත අරගෙන කිස් එකක් දුන්නා...

"ඔයා ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියන්න..."
"මටත් ආසයි ඔයා චේතිය එක්ක ඉන්න විදියට මාත් එක්ක ඉන්නවට... එයා ඔයාව කිස් කරනවා, ඔයා එක්ක නිදාගන්නවා... ඉතින් මටත් එහෙම ඉන්න යාලුවෙක් ඕනේ..."

ඔක්කොටම සතුටු හිතුනා ඒ ඔක්කොටම ඒත් යාලුවෙක් ඕනේ... මට ඒක රිදුනා... එයාට ඕනේ යාලුවෙක් යාලුවෙක් විතරයි...

"හුම්ම්ම්..."
"මැණික මට කවන්න..." ඩේශිත හුරතල් වෙලා අර පූස් හිනාව දාන ගමන් කිව්වා... සැක් මටම ඇයි මේවා වෙන්නෙ.

"අතින් කන්න ඩේ... බබා නොවි..."
"බෑ එදා කැව්වේ අදත් කවන්න..."
"එදා ඔයාට අත බැරි නිසා.. මම කාටවත් කවන්නෙ නෑ.. මම ආස නෑ..."

"ඔව් ඔව් මට විතරයි උඹේ ඔක්කොම ගෑස් මට... ලබ්බ කන්න ඕනෙත් නෑ... මම යනවා..."
"මෙහෙ එන්න අපි කමු... කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ ඩේ..."
"කේන්ති යනවා... මට එපා වෙලා මේවා... උඹ මට වෙනස් කම් කරනවා."
"එන්න කවන්න... කෝ වාඩි වෙන්න.."

කට කට එයාට කවනකොට මට අමුතු සතුටක් ආවා... කියාගන්න බැරි එයා මන් ගාව පොඩි එකෙක් වගෙ..

"ඔයා මේ හෙටින් පස්සෙ යන්න තැනක් හොයාගත්තද?"
"ම්ම්ම් නෑ..."
"එහෙනම් මේකෙම ඉන්නවද?"
"නෑ ඩේ... තැනක් හම්බවෙනකල් අම්මා පර්මිෂන් දුන්නා චේති එක්ක ඉන්න..."
"මොකක් බෑ... ඔයාට බෑ..."
"ඇයි මට බැරි..."
"ඔයාට බෑ... මම දන්නේ ඔයාට බෑ කියලා විතරයි..."
"ඔයාට පිස්සු... මට මේකෙ ඇතුලේ නම් ඉන්න බෑ..."
"යමු අපේ ගෙදර."
"මොකක්..."
"මාත් එක්ක ඉන්න යමු..."
"බෑ... ඔයාගෙ අම්මලා ඉන්නවනෙ... එයාලා කැමති වෙන එකක් නෑ.. චේතියගෙ ගෙවල් එහෙම නෙවේ එයාලාගෙ අම්මා මාව හොදටම දන්නවා."
"මොන හුත්තක්ද කටේම චේතිය චේතිය... අම්මගෙ රෙද්ද? මම ඉන්නෙ තනියම අපේ අම්මා රට තාත්තා නැති වුනේ පොඩි කාලෙමයි.."

"අනෙමන්දා කමක් නැද්ද?"
"අනේ මේ ඕයි.. මගුල් කියවන්නෙ නැතුව බඩු ලෑස්ති කරගන්නවා. මම කැබ් එකකට කතා කරන්නම් හවස"
"එත්..."
"ඇයි ඒත්.. ටවල් එක දෙන්න නාගන්න ඕනේ ක්ලාස් කට් කරන්න බෑ අද... මම ඇවිත් ඔය තුවාලෙට බෙහෙත් දාන්නම්..."
"ඉන්න අලුත් ටවල් එකක් ඇති..."
"අලුත් මොකටද ඔයාගෙ එක දෙන්න... මොකො ඕවාමනෙ චේතියත් යූස් කරනවා ඇත්තෙ..."
"ඩේ ඇයි හැමදේටම එයාව අදින්නෙ.."
"දෙන්න..." මම එළියෙ වනලා තිබ්බ ටවල් එක දුන්නාම සුදූ ඔයාගෙ ෂැම්පූ එකත් ඕනේ... බලන්න ඔයා හරි සුවදයි..."

මම ෂැම්පෝ එකත් එයාට දුන්නට පස්සෙ මෙන්න මේක මගෙ ඉස්සරහා ෂර්ට් එක ගැලෙව්වා... පස්සෙ කලිසමත්...

"ඩේ තුවාය ඇදගෙන ඇදුම් මාරු කරන්න..."
"මෙතන ඉන්නෙ උඹයි මමයි මොකටද තුවා... විකාර..." ඕනේ දෙයක් කියලා මම ලෑස්ති වෙන්න ගියා.

"ඩේශි... ඔයා මේ ෂර්ට් එක අදින්න... මේක මම අලුතින් ගත්ත එකක්... කලිසම නම් එකක් බලමු ඔයාගෙ ඉණට ගැලපෙන්න..."

"මේ ගාන... ඔයාගෙ එවා ශේප් අපි එක උස එක ගාන..."
"හුම්ම්ම්... දැන් යන්න..."

ඩේශි යන්න ගියාම මම කෑම ටික අස් කරලා දැන්මා..

"ඩේශි... ඔයා ඉක්..." මම දොර දිහා බලනකොට හිටියෙ චේතිය...

"ඩේශිත ඇයි මෙහෙ..." කාමරේ පුරාම තිබ්බ ඩේශිතගෙ ඇදුම් දිහා බලන ගමන් අහනකොට මමත් ගොලුයි...

"සුදූ ඩේශිත මොකටද මෙහෙ ආවේ..."
"එයාට ඊයෙ බස් එකක් හම්බෙලා නෑ.. ඉතින් මෙහෙ නැවතුනා."
"ආ එහෙමද?"
"කෝ දැන්..."
"නාන්න ගියා..."
"පොඩ්ඩක් ඉන්න එයා නාන්නෙ නැතුව කනකොට ඔයා කටපියන් හිටියද?"
"අයියෝ චෙරි මොනාද අනේ.."

"ම්ම්ම් ම්ම් කමක් නෑ... කෝ එන්න මම බෙහෙත් දාන්නම් ඕකට..."

හෑ අර මනුස්සයා මගෙ බෙල්ල කයි ඇවිත්...

"නෑ නෑ මුලින් අස් කරලා ඉමු..."
"මුලින් බෙහෙත්... බලමුකො... ම්ම්ම් පොඩ්ඩක් අඩුයි... සොරි සුදූ මම එදා තල්ලු නොකරන්න මේ තුවාලේ නෑ... මේක පැල්ලම් හිටියොත් ඔයාට කැත වෙයි.."

"ආ ඒ කියන්නෙ දොරේ වැදිලා නෙවේ තුවාල වුනේ..."

ඩේශිතගෙ කටහඩ හැමවෙලාවෙම කරුණාවන්තයි එත් අද එහෙම නෑ...

"ඔව් මගෙ අතින් වුනේ..."
"මම ඕකට බෙහෙත් දාන්නම්... එහාට වෙන්න..."
"මම දාන්නම් ඩේශිත. තමුන් මගෙයි මගෙ යාලුවාගෙ දේවල් වලටයි මැද්දට පනින්න එපා... මගෙ ඉවසීම ලෙෆ්ට් වෙන්න වැඩි වේලා යන්නෙ නෑ..." චෙරි කියද්දී ඇත්තටම ඇස් වල රතු ඉරි පෙනවා ඒ කියන්නෙ එයා ඉන්නෙ කේන්තියෙන්.

"අයියෝ චේති රණ්ඩු වෙන්න එපා. ඩේ ඔයා කලිසමක් ගන්නකො කබඩ් එකෙන් අපි ගොඩාක් පරක්කුයිනෙ..."
"මම වොශ් රූම් එකට ගිහින් ඇදගන්නම්..." කලිසමකුත් අරගෙන ඩේශිත යන්න ගියා.

"අරූ අරූ මොකෙක්ද?"
"අයියෝ ඕවා ගනන් ගන්න එපා... කෝ බෙහෙත් දාන්න..."

"ම්ම්ම්ම්... දත් ටික කඩන් යන්න ආස වෙලා..."
"ඕක ඇති දැන්..."

මම නිකන් මැදට වෙලා මුන්ගෙ කටු කනවා. දැන් ඩේශිතට කිව්වොත් එන්න බෑ කියලා ඌ මාව මරන් කනවා,,, චේතියට කිව්වොත් ඩේශිත ගාවට යනවා කියලා ඌ මරන් කනවා...

දෙන්නා එක්ක මැද්දේ යනවා අරූ මූට රවනවා මූ අරූට රවනවා... චේතිය මගෙ කොණ්ඩේ අල්ලද්දී අරූ මගෙ අත අල්ලනවා මේක සීතල යුද්ධයක් වගෙ.

"ඩේ, සූදු, චෙරි... ඔයාලා තුන් දෙනාම එකට.."

"අඩෝ බල්ලෝ තොට මම කිව්වා එයා මගේ සුදූ විතරයි වෙන එවුන්ගෙ නෙවේ..." චෙරි සෙනියට කිව්වට ඒක කිව්වේ ඩේශිත ට.

"මැණික... අපි ක්ලාස් එකට යමුද?" මගෙන් ඩේශිත අහද්දී සෙනිය වගෙම චෙරිත් මගෙ දිහා බැලුවා

"මැණික... ඒ මොකක්ද බං ඒ..."
"එයාගෙ සුදූ මගෙ මැණික... අපි ඔක්කොම යාලුවෝනෙ..."
"එහෙනම් මම රත්තරං කියන්නම්..." සෙනිය මැදින් ඇඩ් දානකොට මම ඌට රැව්වා රැවිල්ලක් ආයෙ මූණ නොබලන්න...

"එපා..." අරුන් දෙන්නම එකට කියනකොට මම ඉස්සර වෙලා සෙනිය ගාවට ගියා.

"සෙනිය අපි කැන්ටිමට යමුද? උණු වතුර එකක් බොන්න." මම එහෙම කියලා මිසින් වෙද්දී අරුන් දෙන්නා මූණට මූණ බලන් ඉන්නවා. ඒ ටිකට හීන් දාඩිය දැන්මා කියපන්කො...

"අර මොකො බං අර උඹව බෙදාගන්න බැරුව කෙල්ලො මදිවට දැන් කොල්ලොත් වලිද?"
"ඌන් දෙන්නාටම හොදම යාලුවෝ වෙන්න ඕනේ වෙලා... මම අසරණ වෙලා.."
"චෙරි නම් ආදරේට මෙහා යන්න කැමති හැබැයි😂💔 එත් ඩේශිතට ඕනේ යාලුවෙක් විතරයි... ඌ straight..."
"ඒ මොකො.."
"උඹට නොතේරුනාට ඌ උඹව පරිස්සම් කරන තරමට එහෙම නොහිතෙන්නෙ නෑ බං කාටවත්... උඹ වෙනුවෙන් කැප කරන තරම්..."
"මොනවද කැප කරන්නෙ..."
"මම මේහෙම කියන්නම්... පොඩිම පොඩි දෙයක්... චෙරි ආසම අයිස් කෝන් කන්න... අර උඹ ෆට්ට ආස කොචෝ එක... එක..."
"නෑ ඌ එක කන්නෙ නෑ... එක කන්නෙ මම..."
"එතනයි උඹට තේරෙන්න ඕනේ.. මම දැක්කා උඹ ඉල්ලුවාම උඹ කනකල්ම ඌ ඒක ලේව කකා වගෙ කන්නෙ නෑ... උඹ ඉවර කරාම උඹට දෙනවා... එත් අපි එක්ක ඉද්දී ඌ තනියම දෙකක් කනවා..."

මගෙ කකුල් නැවතුනා... සෙනිය ඉස්සරහට යද්දී මම නැවතිලා හිටියා.

මම කන අයිස්ක්‍රීම් එකෙ ඉදලම අඹ මාළුව, බිත්තරේ සුදු මදේ කන්න චේතිය කැමති නෑ... එත් ඒ ඔක්කොම මම ආසම කෑම... මට උණ හැදුනාම මම කාව හරි බදාගෙන නිදාගන්නෙ... එත් ගිනි මැලේට රස්නෙ දවසට අම්මාටවත් මගෙ රස්නෙ දරන්න බැරුව ටිකක් ඈතට වෙනවා... එත් චේතිය මාව බදාගන්නවා හරියට ආසම බෝනික්කාව කවුරු හරි අරන් යයි කියලා වගෙ... චේතිය ඇත්ලැටික් වලට ආසයි එත් එයා ගෙම්ස් වලින් තෝර ගත්තේ ටයිකොන්ඩෝ... මේ ඔක්කොම මම නිසා නම්............................. ආයෙත් මගෙ ඇස් තෙමුනා... මට හුස්ම ගන්න බැරි වුනා... ඒ කිස් එක මතක් වුනා... මම ඉස්සරහට මොකක්ද කරන්නෙ

ආදරයක් මගෙ හිතේ නැතුව මම කොහොමද එයාට ලං වෙලා ගින්දරක් දෙන්නෙ.... මම දැන් මොකද කරන්නෙ... එක පැත්තක මම ආදරේ කරන කොල්ලා අනික් පැත්තෙ මගෙ ප්‍රාණ සම යාලුවා...

🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞

ඉතින් ඒ ඉර අයිති වෙන්නෙ සූරියකාන්ත මලට නෙවේ නම් එයා පර වෙලා වැටෙනවා නෙවේද??? මම කැමති අදහසක් ගන්න ඔයා සත්නිදු කියලා හිතලා මට කියන්න... ඔයාගෙ තීරණේ මොකක් වෙයිද?

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

18.5K 3.5K 29
"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ න...
223K 1.6K 9
အတုယူစရာမရှိပါ။ အသုံးအနှုန်းများမှာ 18+သာဖြစ်သည့်အတွက်အသက်ပြည့်မှဖတ်ရှုပေးပါရန်။
2.3K 456 11
වේදාන්ත සහ සාරද සතුරු රටවල් දෙකක තරුණයන්‍ ය. දෙදෙනාම මිය නොයන අමරණීයයන් බව වටහා ගන්නේ සටන් වැදෙන විටයි. යුද්ධයෙන් ජයගත් වේදාන්තගේ සිය රටට ඒමට සාරදට ආ...
17.7K 2.9K 23
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...