𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚

By Kishu_Aywar

2.8K 1K 160

ජන්කුක් තණගොල්ලේ හාන්සි වෙනකොට පුංචි වැහිබිංදු බිමට වැටෙන්න අරන් තිබුනා. ඇස් පියාගන්න ගමන් ලාවට හිනාවුන ජන්ක... More

01.
02.
03.
04.
06.
07
08.
09.
author note

05.

231 96 3
By Kishu_Aywar

" ජන්කුක් !! ජන්කුක් !! "
ජිමින් බිපු කොපි කෝප්පය  මන් මගේ කෝප්පේ ළගින් තියලා නැගිටලා බැල්කෙනියෙන් එලියට ඔලුව දැම්මා.

විනාසයි ගෙදර අයිතිකාරයා. මට දැන් මතක විදියට මාස තුනහතරකින්ම කුලිය ගෙවලා නෑ.

" මට සමාවෙන්න "
මන් කෑගහලා එයාට කිව්වා. 

" ජන්කුක් මාස තුනක් ගෙවලා නෑ තමුන් ! "

" මන් ගෙවන්නම් ටික කාලයක් දෙන්න"
මන් කිව්වා.

" තව ! , තව බලන්න බෑ මන් උබව පාරට දානවා "
ගෙයි අයිතිකාරයා මන් දිහාට දබරගිල්ල දික්කරගෙන හයියෙන් කෑගැහුවා 

" හේයි මිස්ටර් වුහා , හිතක් පපුවක් නැද්ද ?! " එකපාරම ඇහුන සද්දෙට මන් අනෙක් පැත්තේ බැල්කනිය දිහා බැලුවා.

සරල සුදු කමිසයකින් හා කලිසමකින් සැරසුනු කැරලිකොන්ඩයක් තියන කොල්ලා ගෙදර අයිතිකාරයට රවනවා.

එයා කොච්චර රැව්වත් මට විශ්වාස නෑ තට්ටු තුනක් උඩ ඉන්න කෙනෙක් රවන හැටි පහල ඉන්න කෙනෙක්ට පේනෙයි කියලා.

" ටේහියෝන් වැඩක් බලාගන්න , ඔයා ඔය සද්ද දාන්නේ මගේ කුලි කාමරේක ඉදන් කියලා අමතකද ? "
ගෙදර අයිතිකාර මනුස්සයා කෑගහනවා.

ඔව් ඉතින් පරණ වුනත් මේ බිල්ඩින් එකම එයාගෙනේ. මේකේ කුලියට ඉන්න අයට එයා බනිනවා.

" මම වෙලවට ගෙවිම් කරනවා මිස්ටර් වුහා. ඒනිසා මට කෑගහන්න ඔයාට බෑ. "
මමයි ජිමිනුයි ඔක්කොම වැඩ නවත්තලා අපේ අසල්වැසියා දිහා බලන් ඉන්නවා. මට මතක විදියට එයා ලේකඛයෙක් ,

ටේහියෝන් කියන කතාවත් ඇත්ත මටත් ගෙවන්න තරන් හොද මුදලක් තිබුනනන් මිස්ටර් වුහට මටත් බනින්න බෑ.

" අනික වුහා , මන් හිතන්නේ ඔයාට මතකයි ජන්කුක්ට ඔයා දුන්නේ මේ බිල්ඩින් එකේ තියන පුංචි ගබඩාකාමරය අස්කරලා කියලා. තව මන් මතක් කරලා දෙන්න ඕනද  බැල්කනියේ දිරපු අත්වැට කැඩුනු හැටි...... ආහ් "

ටේහියෝන් පිස්සෙක් වගේ එකදිගට කෑගහනවා. අනික මොන අත්වැටද , ඕහ්..... මට මතකයි මීට අවුරුදු දෙකකට කලින් කැඩුනු අත්වැටට අලුත් එකක් දැම්මා.

අන්තිමේදි වාදයෙන් පැරදුනු වුහා මන් දිහා බලලා " පස්සේ අල්ලගන්නම් උබව " කියාගෙන තරහෙන් යන්න ගත්තා.

ඒදිහා බලන් හිටපු මායි ජිමිනි ටේහියෝන් දිහාවට හැරුනේ එයාගේ කටහඩට...

" ජන්කුක් , මන් හවසට එන්නම් "
කියාගෙන ටේහියෝන් එයාගේ ගේඇතුල්ට යනකොට මාත් ජිමින්ව එක්කන් ගේ ඇතුල්ට ආවා.


















Kishu Aywar

Continue Reading

You'll Also Like

229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
42.6K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
92.7K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]