𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗ...

By Nimjinie

1.6K 327 42

"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත... More

"Disclaimer"
~1~
~2~
~3~
~4~
~5~
~6~
~7~
~9~
special

~8~

127 29 0
By Nimjinie

"මිසිස් ජියෝන්ගෙ ජිවීතේ ගැන අපිට තියාගන්න පුලුවන් 50% බලාපොරොත්තු විතරයි.....දරුවො දෙන්නෙක් නිසා මිසිස් ජියොන්ගෙ තත්වෙ critical.....තුන් දෙනාවම බේරගන්න අපිට පුලුවන් උපරිමෙන් අපි උත්සහ කරනවා මිස්ටර් ජියෝන්..."
ඩොක්ට ටිකක් බැරෑරුම් විදියට කියද්දි ජන්ග්කුක් ඇස් ලොකු කරගත්තා....

"ද්-දෙන්නෙක්??"
ඩොක්ට ඔලුව වනලා කොල්ලගෙ පිටට තට්ටුවක් දාලා ඩිලිවරි රූම් එක ඇතුලට ගියාම ජන්ග්කුක් බිම ඉන්දවුනා........ජන්ග්කුක් හිටියේ කඩාගෙන වැටිලා!ඊයේ අච්චර හොදට තමන් එක්ක හිටපු තමන්ගෙ වයිෆ්ගේ ජිවීතේ තියෙන්නෙ අවදානම් තත්වෙක! ඒකත් දරුවෝ දෙන්නෙක් එක්ක.......
වෙනදට ජන්ග්කුක් මෙහෙම කඩන් වැටුනම එයාට උරහිස දෙන්නෙ ජස්මින්... අද ජස්මින් නිසාම කොල්ලා කඩන් වැටුනම කොල්ලට උරහිස දෙන්නෙ කවුද?

"ඔයා මේක ගැනද කිව්වේ ජස්මින්!!!!!!!!! ඔයා දැනන් හිටියද මේ ගැන?? ඇයි මැණික මට නොකිව්වේ....කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!...මන් දන්නවා ඔයා මට එහෙම කරන්නේ නෑ කියලා....චේබල්!!!! එක්කෙනෙක් වෙනුවට අපිට පැටව් දෙන්නෙක්ම ඉන්නවා කියල ඔයා දැනගෙනත් මට නොකිව්වේ මාව සප්‍රයිස් කරන්න නේද??? චේබල් මාව දාලා යන්නෙපා~

"කුක්ක්!!!"
බිම ඉදගෙන අඩන ජන්ග්කුක් ලගට දුවගෙන ආවේ ජින්....හොස්පිට්ල් එකේම වෙන යුනිට් එකක වැඩ කරපු ජින් ජන්ග්කුක්ව දැක්කේ අහම්බෙන්....
ජන්ග්කුක්ගෙ හෙඩ් ගාඩ්ගෙන් සිද්ද වුන දේ දැනගත්ත ජින් කොල්ලාව බදාගත්තෙ කොල්ලට මේ වෙලාවේ කාවම හරි ඕනි කියල තේරුනු නිසා...

"හ්‍යුන්ග්......අනේ හ්‍යුන්ග් ජස්මින්-"

"ශ්....හැමදේම හොදින් වෙයි කුක්"

"එ-යා...මාව දාලා යන්නැති වෙයි නේද හ්..හ්‍යුන්ග්........"

"ජස්මින් කොහෙ යන්නද කුකී..... එයා එහෙම ලේසියෙන් ඔයාව අත අරින්නේ නෑ!"
ජන්ග්කුක්ගෙ පිටට තට්ටු කරන ගමන් ජින් ජන්ග්කුක්ව සනසන්න උත්සහ කරා......

පැයබාගයක් විතර ජන්ග්කුක් කරේ ජින් ලගට වෙලා අඩපු එක ටික වෙලාවකට පස්සේ ඩොකටර් එලියට ආවම ජන්ග්කුක් ජින්වත් ඈත් කරලා එතනට දුවගෙන ගියා....ඩොකටගෙ මූණෙ තිබුනු සැනසිලි දායක බව නිසාම ජන්ග්කුක්ගෙ බය ටිකක් අඩු වුනත් කොල්ලා හිටියේ තිගැස්මෙන්...

"මිස්ටර් ජියෝන්...අපි හිතුවට වඩා හොදට ඩිලිවරි එක කරන්න පුලුවන් වුනා...බබාලා දෙන්නම හොදින් තව ටිකකින් එයාලව බලන්න පුලුවන්"
ජන්ග්කුක්ගෙ මූණට සිහින් හිනාවක් ආවත් ඒ තත්පරෙන්ම කොල්ලට මතක් වුනේ ජස්මින්ව..

"ජස්මින්?????"

"මිසිස් ජියෝන්ට ඩිලිවරි එකෙන් පස්සෙ සිහිය නෑ....ස්ටේ ස්ට්‍රෝන්ග් මිස්ටර්..."
ජන්ග්කුක් අඩියට දෙකට පිටිපස්සට එද්දි ජින් ඇවිත් කොල්ලගෙ උරහිස වටෙන් අත යවලා අල්ලගත්තා....

"ජස්මින්ගෙ තත්වෙ කොහොමද ඩොක්ටර් හන්?"

"ඔහ් ඩොක්ටර් සොක්ජින්..... අපිට මිසිස් ජියොන්ට සිහිය එනකන් මුකුත් කියන්න විදියක් නෑ...."
ඩොක්ටරට ඔලුව වනපු ජින් ජන්ග්කුක් එක්කම ගිහින් ඉදගත්තෙ ආයෙත් ජන්ග්කුක්ගෙ ඇස්වලින් කදුලු එද්දී....

"එ-එයාට සිහිය නෑ කියන්නේ ඇයි හ්‍යුන්ග්??? එයා හරිනම් නැගිටලා පැටව් දෙන්නවා බලන්න ඕනි නේද?? එයා ඔම්මා කෙනෙක්නේ...එයා කොහොමද එහෙම සිහිය නැතුන් ඉන්නේ? බබාලා අඩනවා ඇති හ්‍යුන්ග්...ජස්මින්ට නැගිටලා එයාලව බලන්න කියන්න... එයා නැගිටී!!!! එයා ආසාවෙන් බලන් හිටියේ මෙයාලා එනකන්...එහෙම එකේ එයා කොහොමද එහෙම නිදන් ඉන්නේ හ්‍යුන්ග්?? එයාට නැගිටින්න කියන්නකෝ හ්‍යුන්ග්ග්ග්...."
ජන්ග්කුක් ග්ලාස් වින්ඩෝ එකෙන් ජස්මින් දිහා බලන ගමන් කෑගහද්දි ජින් ජන්ග්කුක්ගෙ උරහිස් උඩින් අත් තිබ්බා...

"ජන්ග්කුකා...ඔයා ඔහොම කලබල වුනාම අර පැටව් දෙන්නව බලාගන්නෙ කවුද ආ??? ජස්මින්ට සිහිය එනකන් ඔයා නේද ඒ දෙන්නව බලාගන්න ඕනි...."
ජින් කිව්වම ජන්ග්කුක් ටිකක් සන්සුන් වෙලා ආයෙත් ග්ලාස් වින්ඩෝ එකෙන් ජස්මින් දිහා බැලුවා......

එයා ඇස් අරියි අනිවාරෙන්ම~

Continue Reading

You'll Also Like

9.6M 654K 82
[ BOOK 1 OF AZITERA: YTHER'S QUEEN ] Consumed by avarice, the four human kingdoms-the Infernal Empire, the Kingdom of Caelum, the Kingdom of Treterra...
91.8K 2.6K 53
dahil sa hindi natapos ang gmik season 4, i just tried to continue their story in my own imagination 😂....
721M 11.4M 114
Tessa Young is an 18 year old college student with a simple life, excellent grades, and a sweet boyfriend. She always has things planned out ahead of...
31.2M 1.2M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...