ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎

By mochidulma

828 144 217

කතාව කියවලාම බලන්න..... Cover by @_lan_ kimra More

Intro
ᵖⁱᵃⁿⁱˢᵗ 02
ᵖⁱᵃⁿⁱˢᵗ 03
ᵖⁱᵃⁿⁱˢᵗ 04
ᵖⁱᵃⁿⁱˢᵗ 05
ᵖⁱᵃⁿⁱˢᵗ 06

ᵖⁱᵃⁿⁱˢᵗ 01

169 28 45
By mochidulma

                                     

                                   ꧁🇵 🇮 🇦 🇳 🇮 🇸 🇹꧂
                 
                                                          [01]

                                                         ♫︎♡︎

                            


'ජිමිනි මං කැෆේ එකට යනවා. ඔයා එනවද?'

'බැහැ හොබී මං මේක බලලා එන්නම්. ඔයා යන්නකෝ'

'එහෙනම් ඔයාටත් මොනාහරි ගන්නද?'      

'හා. මට ඇමරිකානෝ එකකුයි, කුකීස් මොනාහරි ගන්නකෝ'
                   
'හරී... ඉක්මනට එන්න එහෙනම්....'

'හරී...'

රෝස පාටින් වැහිලා තිබ්බ සකුරා මල් ගහ යට ඉදගෙන එයාගේ දුරකථනගෙන් සංගීතයකට ඇහුම්කන් දෙන ගමන් හිටපු ජිමිනිට තමන් සමග කැෆටේරියා එකට යන්න එන ලෙස අඩගැසූ ජිමිනිගේ යාලුවට හම්බුනේ ඒවගේ උත්තරයක්....මොකද එයාට කොහෙත්ම ඕනේ වුනේ නැහැ එයා ඇහුම්කන් දෙන ගමන් හිටපු එයාගේ ප්‍රියතම සංගීතඥයාගේ සංගීත වැඩසටහන මගහරින්න....ජිමින් කියන්නේ සංගීතයට කියන්න බැරි තරම් ගොඩක් ඇලුම් කරන කෙනෙක්....

පාර්ක් ජිමින්,

හ්ම්ම් සාමාන්‍ය පවුලක එකම දරුවා. හුරතලේට හැදුන ඉතාමත් අහිංසක ගති පැවතුම් තියෙන අවුරුදු 21ක විශ්ව විද්‍යාල සිසුවෙක්.

නිවසේ වැඩ කටයුතු බලමින් තම එකම දරුවාටත්, තම සවාමි පුරුශයාටත් අවශ්‍ය දේ සපයමින් ජීවත් වන ආදරණීය මවක් වුන පාර්ක් ජීහිගේත්, තම පුංචි පවුල රැක බලාගෙන තමාගේ ස්ව උත්සාහයෙන්, කැපවීමෙන් ගොඩනගාගත් රැකියාවක් කරමින් ජීවත් වුන ආදරණීය පියෙක් වුන පාර්ක් ක්‍යුන්ග් ගෙත් ආදරණීය, අහිංසක පුතා වුනේ පාර්ක් ජිමින්.

පොඩි කාලේ ඉදන්ම ඉගෙනීමට දස්කම් පෙන්වුව ජිමින්ගේ අනාගත බලාපොරොත්තුව වුනේ සංගීත අංශයෙන් ඉහලට යන්න. මොකද මං කලින් කිව්වා වගේ ජිමින් කියන්නේ සංගීතයට පුදුම විදිහට ඇලුම් කරන කෙනෙක්.

හරියට කෙනෙක් මත්වෙන දේවල් වලට ඇබ්බැහි වුනාම ඒ කෙනාට ඒ මත්ද්‍රව්‍ය නැතිව ඉන්න බැහැ වගේ, ජිමින්ටත් සංගීතය කියන්නේ ඇබ්බැහි වුන මත්ද්‍රව්‍යක් කිව්වොත් මං නිවැරදි.

(ඒකට ඇබ්බැහි වුනොත් නවත්තන්නම බැහැ නේද?)

සෞන්දර්ය අංශයෙන් තම උසස් අධ්‍යාපන කටයුතු හදාරන ජිමින් දැන් සෝල් විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා. හොබී, කුකී, යුන්ගි හියුන්ග්, ජින් හියුන්ග් කියන්නේ ජිමින්ට ඒ විශ්ව විද්‍යාල ගමනේ හම්බුන අපූරු බැදීම් ටිකක්. එයාලා හරියට සහෝදරයෝ වගේ.

හොබී ජිමින්ගේ වසරෙම එයත් එක්ක එකට ඉන්න එයාගේ යාලුවා වෙනකොට කුකී කියන්නේ හොබීගේ මාර්ගයෙන් ජිමින්ට ලැබුන පලමු වසරේ ඉගෙනුම ලබන කෙනෙක්. ඒවගේම තෙවන වසරේ ඉගෙනුම ලබන යුන්ගි හියුන්ග්, ජින් හියුන්ග් දෙන්නව ජිමින්ට මුන ගැහෙන්නේ, ඒත් හොබී නිසා. මොකද යුන්ගි කියන්නේ හොබීගේ බෝයිෆ්‍රෙන්ඩ්. ජින් කියන්නේ යුන්ගිගේ යාලුවා. ඉතින් ඔය වගේ හම්බුන හොද යාලුවෝ හතර දෙනෙක් ජිමින්ට ඉන්නවා.

යුනි එකේ විවේක කාලය දුන්න ගමන් ජිමින් ගියේ යුනි ගර්ඩ්න් එකේ තියෙන ලස්සනම ලස්සන තැනට. ඒ රෝස පාටින් පිරිලා තියෙන සකුරා ගස යටට. ජිමින් හැමදාම විවේක කාලයට සංගීතයට සවන් දෙන්න එන්නේ මේ සකුරා ගස යටට. එතන හරිම නිස්කලංක, හිත නිදහස් කර ගන්න හොද තැනක් කියලා මාත් විශ්වාස කරනවා.

එතන තියෙන බෙන්ච් එකෙන් ඉදගත්ත ජිමින් ෆෝන් එකත් අතට අරන් ලෑස්ති වුනේ උදේ ඉදන්ම එනකන් බලන් හිටපු නොටිෆිකේශන් එක බලන්න. ඒ නොටිෆිකේශන් එක දැක්ක ගමන් ජිමින්ට දැනුනේ පුදුම සතුටක්.

ඒක ඔන් කරපු ජිමින් ඒකේ ප්ලේ වුන වීඩියෝ එක මූනේ හිනාවකුත් රදවන්, ආදරේ පිරුනු ඇස් වලින් බලන් හිටියේ හරිම ආසාවෙන්.

එයා කැමතිම, හරියටම කිව්වොත් එයා පිස්සු වැටිලා ඉන්න පියානෝ ආර්ටිස්ට් වුන කිම් ටේහ්‍යුන්ගේ පර්ෆෝමන්ස් වීඩියෝ එකක් රිලීස් වෙනවායි කියලා දැනගත්ත දවසේ ඉදන්ම ජිමින් හිටියේ පුදුම නොඉවසිල්ලකින්. ඒ එයා ටේහ්‍යුන්ගේ ඒ පියානෝ වාදනයට, ඒ අත හසුරුවන විදිහට, ඔහු වාදනය කරන වෙලාවට ඔහුගේ ඇග චලනය වන ආකාරයට, මූනේ ඉරියවු වලට ජිමින් ගොඩාක් කැමති වුනා. ඒ විතරක්ද එයාගේ ඒ කඩවසම් පෙනුමටත් ජිමින් ගොඩක් කැමති වුනා..

ඇත්තම කිව්වොත් ජිමින් ඒ පියානෝ වාදකයාට ගතින් ගොඩක් දුරින් හිටියට හිතින් හිටියේ ගොඩාරියක් ලගින්. එයාගේ හිත එයාටත් හොරා ඒ පියනෝ වාදකයට ආදරේ කරන්න අරන්.

සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ආර්ටිස්ට් කෙනෙක් ගැන ආදරයක් වගේම නිකන්ම නිකන් ආකර්ශනයක් වුනත් ඇති වෙන්න පුලුවන්....ඒත් ඒක ආකර්ශනයක්ද ආදරයක්ද කියන එක අපි හරියටම දැන ගන්න ඕනි නේද?

ජිමින්ට ටේහ්‍යුන්ග්ව දැක්කම ඒ දැනෙන අමුතුම හැගීම් ගොන්නට කියන නම හිතා ගන්න බැරුව ඉන්නේ. මොකද

පිරිමියෙක්ට තවත් පිරිමියෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුලුවන්ද?

ජිමින්ගේ හිතට ඔය ප්‍රශ්නේ හැමදාම වද දුන්නා.

ඉතින් ජිමින්ගේ හිතේ ඒ කඩවසම් පියානෝ වාදකයා ගැන තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියන එක ගැන තාම එයාට අදහසක් නැතිව ඇති...



















                                  (☝️නිකන් ඉන්න බැහැ මට)

                        ඉතින් මොකද කතාව ගැන හිතන්නේ...

             ජිමින්ට අනුව ඒයාගේ හිතේ තියෙන්නේ ආදරයක් නෙමෙයිද?

        පිරිමි හිතකට තව පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද?




හැගීම කියන දේ හැමෝටම පොදු වෙනකොට පිරිමියෙක්ට විතරක් තවත් පිරිමි කෙනෙක්ට තමන්ගේ හැගීම් විවෘත කරන්න බැරි කමක් නැහැ නේද.....

ඉතින්,
.
.
.
.
.

ජිමින්ගේ හිතේ ටේහ්‍යුන්ග් ගැන ආදරයක් ඇති වෙන්න පුලුවන් නේද?









-------------------------------------
මේ කතාව upcoming කියලා title එකෙත් මං වෙනස් කලා....
ඒත් #pianist යටතේ රෑන්කින් 73 තිබ්බා...ඇත්තටම මට ඒක ලොකූ සතුටක්.....ඒක නිසාම අප්ඩේට් එකක් දෙන්න හිතුනා...ගොඩක් ස්තූතී ඔයාලට.....

එහෙනම් ඉක්මනටම ඊලග කොටසෙන් ආයෙම්ත් මුන ගැහෙමු මෝචීස්.....

Continue Reading

You'll Also Like

531K 17.7K 126
Read and find out...
257K 17.9K 55
ABHIMANYU RATHORE :- Rude , workaholic CEO of Rathore Empire .Devilesing hot , every girls drools over him .But loves his family to dearest . . SAKS...
177K 388 10
⚠️This is for Mature Readers only⚠️
507K 32K 66
"Sshhhhh....." he hushed and pinned us against the wall leaving no space between us. I held onto his biceps with my hand in reflex. He shook his head...