Taehyung pov...
ට්‍රීන්....
ආයිශ් මේ මගුලත් දැම්ම වදිනවනේ....
මම උඩ ගිහිම් ඇහැරුනේ බෙල් එකේ සද්දෙට.. 'ආහ් වෙලාව කීයද?'
'6:17 am ඈහ් මෙච්චර වෙලා මම නිදා ගත්තද?'
හොඳටම පරක්කු වෙලා අදනම්, මම ඇදෙන් බැහැලා කෙලින්ම දිව්වේ බාත්රූම් එකට...
මම මූණ හෝදගෙන ඇවිත් කෙලින්ම ගියේ කුස්සියට මොකද මම යන්න කලින් ඔම්මට කන්න කෑම හදල තියලා යන්න ඕනේ නිසා...
20 minutes later...
මම කෑම ටික ලෑස්ති කරල ඔම්මගේ කාමරේට ගියා, මම කාමරේට යද්දිත් ඔම්මා ඇහැරිලා..
"ඔම්මා ගුඩ් මෝර්නින්,..." මම ඔම්මගේ ඇඳ උඩින් වාඩි වෙන ගමන් කිව්වා..
"ආහ් පුතා නැගිට්ටද? ගුඩ් මෝනින්..."
"ඔව් ඔම්මා..."
"ආහ් මම හිතුවේ අද යන්නේ නැතිවෙයි කියලා.."
"ආ නෑ ඔම්මා අද මම යනවා, අද ටිකක් නැගිටින්න පරක්කු උනා.."
"ආ ඒකනේ..."
"හරි ඔම්මා මම බෙහෙත් ටික දීලා යන්නම්, මූණ සෝදන් කාලා බෙහෙත් ටික බොන්න ඔම්මා.."
"ම්ම්ම් හරි පුතා පරිස්සමින් ගිහින් එන්න.. "ඔම්මා එහෙම කියලා මගෙ නළලින් හාදුවක් තිබ්බා..
"ඔයත් ඔම්මා.." මාත් ඔම්මව ඉබලා කාමරෙන් එළියට ආවා...
මම ගෙදරින් පිටත් වෙලා බස් හෝල්ට් එකට ආවා, අද නම් හැබැයි ගොඩක් පරක්කු වෙලා... ජිමින් තමයි අද මාව කන්න හදන්නේ පරක්කු උනා කියලා...
ආහ් මෙන්න මතක් කරද්දීම කෝල් එකක්....
"හෙලෝ ජිමිනා..."
"හෙලො ටෙයියො උබ අද එන්නෙ නැද්ද බන්..."
"නෑ නෑ බන් මන් එනවා. තාම බස් එකක් ආවෙ නෑ.. උබ දැන් යුනී එකේද ඉන්නේ? "
"ඔව් බන් යුනී එකෙ තමයි හා හා ඉක්මනින් වරෙන් මම ගේට් එක ගාව ඉන්නවා..."
"හරි බන් බායි...."
ආයිශ් අද මට නැගිටින්න පරක්කු වුන එකෙන් තමයී හැමදේම උනේ... ගොඩක්ම මේකට වගකියන්න ඕනේ අර හාවා... ඒකා මාව හප්පල කකුලත් කඩලා දැන් හරියට ඇවිද ගන්නත් බෑ....
ටික වෙලාවක් යද්දි බස් එකක් ආවා මම ඒකේ නැගල ඇවිත් යුනී එක ගාවින් බැස්ස... මම දැක්කා ගේට් එක ගාව කොට ඩයල් එකක් වොට්ච් එක බල බල ඉන්නවා...
ඔව් ඔව් මගේ සෝලා තමයි...
"ජිමිනාහ්...." මම පාරේ එහා පැත්තෙ ඉඳගෙනම ජිමිනට කෑ ගැහුවා...
"ආහ් ටෙයියො වරෙන් ඉක්මනට.. ජිමින් මට අතින් අඩ ගැහුවා.. "
"ආහ් බන් මොකො අද පරක්කු වුණේ..."
"අයියො මට අද ටිකක් නින්ද ගියා... උබ දන්නවනේ මම එන්නේ වැඩ කන්දරාවක් කරලා කියලා..."
"ආහ් ඔව් ඉතින්, ඒත් මට කෝල් එකක් දුන්නා නම් මාත් එක්කම එන්න තිබ්බනේ.."
"අනේ ජිමිනො අමතක වුණා බන්..."
"හාකො උබට හැමදේම අමතක වෙනවානේහ්.. ආහ් ඒක නෙවෙයි ඇයි උබ ඊයේ ආවෙ නැත්තෙ ඇක්සිඩන්ට් එකක් උනා කිව්වේ..."
"ආ ඔව් බන් මම පාර්ක් එකට එන ගමන් ඉද්දි, පාර පනින්න ගිහින්...."
"ඈ බන් මේ වාහනවල යන එවුන් උඩ බලන්ද යන්නේ... මම හිටියනම් ඒ වාහනේ හිටපු එකාගෙ ඔලුව ගලවල දෙනවා අතට බල බල ඉන්න..."
"අයියො ජිමින් කේන්ති ගන්න එපා, මමත් වැරදියිනේ..."
"ඒත්..."
"ඒත් නෙවෙයි, අහපන්කො උබ මේක....."
ට්‍රීඊඊන්.....
"ආහ් ලෙක්ච එක දැන් පටන් ගන්නවා ටේ යමු නේහ්..."
"ඇ ආ යමු යමු..."
මන් ජිමින්ට ඊයේ වෙච්චි සිද්ධිය සම්පූර්ණයෙන්ම කියන්න ගියත් බෙල් එක වැදුන නිසා කියන්න බැරි වුනා.. ටිකකින් අපි දෙන්නම ලෙක්ච හෝල් එකට ඇවිත් පිටි පස්සේ තියෙන පුටු දෙකකින් වාඩි වුනා...
"අනේ ටෙයියො උබ නිසා මම ඊයේ රෑ නෝට් ටික සම්පූර්ණ කරගත්තා තෑන්ක්ස් හොඳේ..."
"හරි හරි බන්..."
"මේ ඒක නෙවෙයි උබ මොකක්ද අර ගේට් එක ගාවදි කියන්න ගියේ?.."
"ආහ් ඒකද ආ මේ මාව ඒ හප්පපු කෙනා බෙහෙත් දාන්නත් එක්කගෙන ගියා. ඒක මම කියන්න ගියේ..."
"ආ.. ඒකද" අම්මො මම මූට මුගේ නම අර හාවට කිව්ව කියල දැන ගත්තොත් මොනා කරයිද දන්නෙ නෑ මට ඒ නිසා දැන්ම ඕනේ නෑ...
මායි ජිමිනයි කතා කර කර ඉද්දි එක පාරටම කෙල්ලො ටික කෑ ගහන්න ගත්තා...
"ජිමිනො මොකද ඒ බෙරිහන් දෙන්නේ..."
"ලස්සන කොල්ලො ටිකක් යන්න ඇ.."
"මොකො බන්?..."මම ජිමින් දිහා බැලුවේ මූ කිය කිය හිටපු එක නතර කරපු නිසා, අම්මො මූ කටත් ඇරන් ඉස්සරහ බලාගෙන ඉන්නවා. මොකක්ද මෙච්චරටම කට ඇරන් බලන් ඉන්න තරම්....
මමත් ඉස්සරහ හැරිලා බැලුවා... ආහ් සුගයි එයාගෙ යාළුවොයි... එයාලා දිහාද මූ මේ බලන් ඉන්නෙ..
"ජිමින්. ජිමිනො...."මම ජිමින්ගේ ඔලුවට පාරක් ගැහුවා...
"ආහ් ආව් මනුස්සයො රිඳුනා ඒක...."
"රිදෙන්න තමයි ගැහුවේ... උබේ කටට තව ටිකෙන් මැස්සෙකුත් රින්ගනවා..."
"හරී හරි ඉතිම්. අර බලපන්කො සුගා හියුන්ග්..."
"ඔව් ඔව් මම දැක්කා, මම හිතුවෙ යකෙක් කියල උබ ඔය කට ඇරන් බලන් හිටපු විදියට..."
"අනේ පලයන්.. මේ ඒක නෙවෙයි ඇයි දන්නේ නෑ එයාලා මේ පැත්තට ආවේ..."
"මම දන්නවද බන් උබ අහල බලපන් ගිහින් ඇයි ආවෙ කියල..."
"අනේ මේ...."
"ඒයි ඔය පිටිපස්සේ ඉන්න දෙන්නා මොනාද කියවන්නේ..?"
"ඉවරයි ජිමිනො අපිට නේහ් ඒ කිව්වේ..."
"ඔ..ඔව් බන්..."
"නැගිටිනවා ඔය පිටි පස්සේ පෝලිමේ දෙන්නා..."
"ඉ..ඉවරයි බන් ඉදලා වැඩක් නෑ...."
"හරි හරි දැන් නැගිටපන් නැත්තං මෙතෙන්ට එයි අරුන් ටික.."
"අනේ බෑ ටේ මට ලැජ්ජයි..."
"අනේ මේ නැගිටහන් බන් අහගන්නේ නැතිව මගෙන්..."මම ජිමින් එක්කම නැගිට්ටා...
"තමුසෙලා දෙන්නා මොනවද කතා කර කර හිටියේ ආහ්? අපි කිව්ව ඒවා අහගෙනද හිටියේ ආ..."
"ආ... න් නෑ..." ආයිශ් ජිමිනා නෑ කිව්වා නේහ් ඉවරයි....
"ඒක තමයි... තමුසෙලා වගේ එවුන් මේ කැම්පස් එකේ ඉන්නකම් කිසි දියුණුවක් වෙන්නේ නෑ..."
අපොයි මේ සුගා නම්, ජිමින් බිම බලාගත්තා, මට පව් කියලත් හිතෙනවා...
"හරි දැන්වත් අහගන්නවා... ලබන සතියේ අපේ යුනී එකේ නෙට්බෝල් මැච් එකක් තියෙනවා, ඉතින් ඔයාලා මේ යුනී එකේ ළමයි විදිහට ඒකට සහභාගී වෙන්න කියලා තමයි කියන්නේ..."
"තේරුනාද තමුසෙලා දෙන්නට..."
"ඔ ඔව්...." මම ඔව් කිව්වා...
"ඔය කොට කොල්ලට?..."
"ජිමිනො ඔව් කියපන්..."
"ඇ ආහ් ඔව්...."
Time passed...
"අද නම් එපාම කරපු දවසක් බන්..."
"ඇයි ජිමිනො එහෙම කියන්නේ.."
"නෑ ඉතිං සුගා හියුන්ග් ඉස්සරහ ලැජ්ජා වෙන්න වුණානේ..."
"හයියො.. ඒක ඉතින් අපි විහින් කරගත්තු දෙයක් නේහ්.. කරන්න දෙයක් නෑ ජිමිනා දැන් වෙලා ඉවරයිනේ, අමතක කරලා දාපන් ඕක..."
"අනේ බන් ඒ...."
"අනේ නවත්තපන්, උබ මොනාද කන්නේ කියපන් මන් ගේන්නම්...."
"හ්ම්ම් මොනා හරි ගෙනෙම්,"
"හා හා ඔහොම හිටපන්...."
Taehyung pov end...
Jungkook pov...
"ආයිශ් තමුසෙලා එක්ක බෑනේ මේවා කරන්න. බලනවා කොච්චර පාඩු වෙලාද කියලා ආ... ඇස් කන් පියාගෙනද හිටියේ මෙච්චර දෙයක් වෙනකම්..."
"ස්..සොරි ස'..."
"සොරි කියන්නේ මෙතනින් යනවා මේ ෆයිල් ටිකත් අරන්..."
කොච්චර හොඳින් මේක ඇතුලට ආවත් මොකක් හරි ප්‍රශ්නයක්, එපා වෙනවා මුන් එක්ක නම් දැන් නම් තිත්ත වෙලා මේ හැමදේම...
"ආහ් මුන් නිසා දවසම ඉවරයි..."මම ෆයිල් ටිකත් දමලා ගහලා පුටුවෙන් නැගිට්ටා...
"Jungkook ඔහොම කේන්ති ගන්න එපා... ඒක පුංචි වැරද්දක් විතරයි..."
"කොහොමද ලීසා ඒක පුංචි වැරැද්දක් වෙන්නේ මට ඒකෙන් කොච්චර පාඩුවක්ද ආහ්..."
"හ්ම්ම් ඒකත් ඇත්ත, මම ඒක ගැන හොයලා බලන්නම් ඔයා ඔලුව අවුල් කරගන්න එපා..."
"හ්ම්ම් ලිසා ඒත් මේ වගේ උන් නිසා ඔලු නිකන්ම අවුල් වෙනවා.. ආහ් ඒක නෙවෙයි අද meetings මුකුත් එහෙම නැද්ද?"
"ආහ් තව පැයකින් විතර තියෙන්නේ..."
"ම්ම්ම්..."
988 words...
__________________________________
Hi friends...🌚❤️
ගොඩ කාලයක් මේ කතාවේ අප්ඩේට්ස් දෙන්න බැරි වුණා.. පස්න ගොඩක හිර වෙලා හිටියේ...😪💔
ඉතින් මොනා හරි කියන් යන්න...පුංචි චැපිය වෙනදට වඩා නම් හැබැයි... 🙂💔
Bye...😚❤️
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Sanindhi...