ගත වුන දිනයන් ගණන මතකයේ තබාගැනීම කොතරම් පිළිකුල් සහගත වුවත් සොක්ජීන් හට එය අමතක කොට දැමීමත් නිශ්ඵල කාරියක් වුනා. ගෙවුන දෙසතිය පුරාවටම සොක්ජීන් තම රාජකාරීන් සමඟ මුසුව අවිවේකිව කටයුතු කලත් හැකි සෑම විටෙකම දල්හ්වජේ වෙත පැමිණිමට ඔහු උත්සහා කලා.
නමුත් කුමන හො කවටකමක සේයාවක් වැටි හෝ ඔහු පැමිණි සෑම දිනයකම සොක්ජීන් හට ගාරම්ව මඟහැරි තිබුනා.
සොක්ජීන් දල්හ්වජේ වෙත පැමිණ බලාසිටි සෑම රැයකම රාජකීය නියෝග මත රදළ පිනවීමක් වෙත යාමට ගාරම් හට සිදුව තිබුනා.
ඉන් සොක්ජීන්ගේ හද පුරාවටම ඉරිතැලුම් ඇති වී තිබුනා. මුල් අවධියේ ඒ ඇති වුන ඉරිතැලුම් වලට ගාරම් සමඟ අමනාපයෙන් ඔහු පසු උනත් පසු ව කල්ගතවත් ම ඔහුගේ එම අමනාපය ඔහුට සියුම් රිදුමකටත් ඇය කෙරෙ වු වේදනාවක් බවටත් පත් වුනා.
එහි ඵලයක් ලෙස රදළ පිනවීම් සහ රාජකීය නියෝග පිළිබඳ විසල් පිළිකුලක් සහ කෝපජනක හැඟිම් සමුදායක් සොක්ජීන් වටා නිර්මාණය වෙමින් පැවතුනා.
ප්‍රධාන ආමාත්‍ය කී සොක්ජීන් වෙනුවෙන් කල යෝජනාව සහ.. ආරක්ෂක ආමාත්‍ය කන්ග්සො විසින් තම යෝජනා වලට සිදු කරන නිග්‍රහයන් නිසා සොක්ජින්ගේ කෝපයත් නොසන්සුන් බවත් උත්සන්න වී තිබුනා. දල්හ්වජේ වෙත යන විට ගාරම් නොමැතිව හිස්ව පවතින කුටියත් සොක්ජීන්ගේ කෝපය වඩ වඩාත් දැල්වීමට හේතුවක් වුනා.
ගාරම්ගේ කුටියේ තිබුන වටිනා චීන බඳුන් කිහිපයක්ම සොක්ජීන් අතින් විනාශය වෙතට ඇඳි තිබුනේ මේ සියල්ලගේම සංක්ෂිප්ත ඵලයක් ලෙසින් ය.
කැබලිව ගොසින් විසර තිබුන චීන බඳුන් කැබලි දෙස සොක්ජීන් බලාසිටියේ හිස් වුන හැඟිමකින් ය. ඔහු කුමක් කරන්නේද.. කුමක් සිදුකලේ ද යන්න හෝ සිතීමත් සොක්ජීන් හට විඩා දනවන කරැණක් වුනා. සිතුවිලි දහසකට මැදිව අපහසු ලෙසින් සුසුම් ගනිමින් සිටි සොක්ජීන්ගේ අවධානය කුටියේ ද්වාර වෙත ගියේ ඇසුන පා ශබ්දය නිසයි.
රක්ත වර්ණ කබාය හැඳ සිටි ගාරම් සෙමින් අඩි තබමින් කුටියට පැමිණ තිබුනා. ගාරම්ගේ රැව දෙස සොක්ජීන් තියුණු ලෙස බලාසිටින විටත් ගාරම් තම කුටියට සිදු ව ඇති දෙය ග්‍රහණය කරගැනීමට උත්සහ කලා.
" සෙ...සෙම්ප...තිතුමනි..."
සුනුවිසුනු ව විසිරි ගොස් තිබුන චීන බඳුන පෙර පැවතියේ කොහි දැයි යන්න සිතන විට ගාරම්ගේ පළිඟු දෑසට සොක්ජීන්ගේ වියවුල් ව ගිය රැව අසුවුනා.
" කිමද නුඹ.. අවිනිශ්චිත හෝරාවක.. යළි පැමිණ.. අද... ? "
සොක්ජීන්ගේ තියුණු ලා රක්ත පැහැයකට හුරැව තිබුන දෑස් ගාරම්ගේ පළිඟු දෑස් අතර කිමිදෙන්නට පටන් ගෙන තිබුනා. ඔහුගේ හඬේහි වු දැඩි බව ගාරම්ව මදක් තැති ගැන්මකට ලක් කලත් ඇය මුවඟට සිහින් සිනාවක් ගෙනම ඔහු ඇමතුවා.
" අවිනිශ්චිත හෝරාවක් නොව සෙම්පතිතුමනි... මා නියමිත හෝරාවේ ම පැමිණියා. ඔබතුමා මෙහි රාත්‍රිය පහන් කිරීමයි සිදු ව තිබෙන්නේ..."
ගාරම්ගේ වදන් සිතීමකට මුල පුරන කරැණක් වුවත් ගාරම්ගේ සිරැරේ දවටා තිබුන රක්ත වර්ණ කබාය ඇය වෙතින් ඉවත් ව තිබුන නිසා සොක්ජීන් හට එය අතපසු වුනා.
ඇගේ කිරි පැහැති සම පුරාවට අවිධිමත් ලෙස විසිර තිබුන නිය රටාවන්.. සැපුම් පහරවල්.. සහ රෝස රතට හුරැ තැලුම්.. නිසාවෙන් සොක්ජීන්ගේ හද කම්පා වුනා. අකීකරැ ලෙස විසිර තිබුන ඇගේ කෙස්රැලි.. විඩාබර මුව.. මෙන්ම වේදනාබර පළිඟු දෑස ඇගේ සිනහාවේ වුන දීප්තිය අකමකා දැමීමට සමත් වුනා.
නමුත් ඒ හා සමඟම නැගි සිටි සොක්ජීන්ගේ කෝපයට නිසි හේතුව ඔහුවත් නොදැන සිටියා.
" නු......ඹ........!!!!! "
ගාරම් සොක්ජීන් වෙත පා තබන විටත් සොක්ජීන් නැගිට ඇය වෙත පැමිණ තිබුනා. ඔහුගේ දරදඬු දෑත් ඇගේ සියුමැලි උරහිස්වටා තදින් සිරව තිබුනා. ඔහුගේ හැඩිදැඩි සිරැරට ගාරම් කුඩාවට බිලි වී තිබුනා.
ඔහුගේ රක්ත පැහැ දෑස් ගාරම්ව නිහඬ කිරිමට සමත් ව තිබුනා. සොක්ජීන්ගේ දිඟු ඇඟිලි සහ නිය ගාරම්ගේ සියුම් උරහිස් තුළට කිඳාබසිමින් තිබුන නිසා ඇගේ මුවින් නොදැනුවත්ව ම සියුම් වේදනාත්මක කෙඳිරිල්ලක් පිටවුනා.
" රදළ පිනවීම් නිමා වුන දිනයක.. නුඹට නූඹව පූර්ණ ලෙසින්ම අහිමි ව තිබේවි..!!! "
සොක්ජීන්ගේ මුවින් එ වදන් පිටවනවාත් සමඟ ම ඔහු ගාරම් අතැර කුටියෙන් පිටව ගියා. බිමට ඇඳ වැටුන ගාරම්ගේ පළිඟු දෑස්වල දිස්නය ඔප් නැංවී තිබුනා. මොහොතකින් ඇගේ සියුම් කොපුල් මතින් කඳුලු බිඳු රැරා වැටෙන්නට උනා.
රිඳුම් දෙන හදත්.. ගතින් නැග නැගි එන සුපුරුදු වේදනාවත්.. ඇඳුම් කන පළිඟු දෑසත්... සොක්ජීන්ගේ වදන් නිසා දැනුන අමිහිරි වේදනාවට සම කල නොහැකි බව ගාරම් හට හොඳින්ම හැඟි ගියේ ඇගේ කොපුල් හරහා උණුසුම් ව ඇඳ වැටෙන කඳුලු බිඳු මෙන්ම අඩපණ වී ගැහෙන හදත් නිසා ය.
නමුත් ගාරම්ගේ හැඬුම කිසිවකුටත් බාධාවක් නොවුනේ සුපුරුදු ලෙසින්ම වැයෙන මියුරැ තනුව නිසාමයි.
ඒ අතර සොක්ජීන් සිටියේ තම අසු වේගයෙන් මැඳුර වෙත පදවන ගමන් ය. ඔහුගේ එක් අතක වුන මධුවිත බඳුන හිස් ව පැවතුන අතර සොක්ජීන්ගේ දෑස් වේදනාවින් ඔප නැංවී රක්ත වර්ණව දිලෙන්නට වුනා. නමුදු හදින් දැනෙන කටුක වේදනාව ඒ සියල්ල පරයා නැගි සිටින වග ඔහු හොඳින් ම දැන සිටියා.
" මධුවිත බඳුනක් මා කුටිය වෙත රැගෙන එව......!!! "
තම සහය සේවක වෙත දැන්වු සොක්ජීන් කුටිය වෙත ඇවිද ගියේ ගිලන් වු හදක් සමඟින් ය.
______________________________________