10000 Hours ✔

By Sithu_22

37.2K 6.7K 1.3K

" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 [ Part 1]
පසුවදන

Chapter 25 [ Part 2]

1.8K 291 134
By Sithu_22


After the 10 years
__________________

අදට අවෘදු දහයක් හරියටම.. ඕරා එයාගෙ කුකීව දාල ගිහින්... මේ අවෘදු දහයටම ජන්කුක් හිටියෙ මැරුන මනුස්සයෙක් ගානට... එදා ඕරගෙ මරනේ උනේ ජන්කුක්ගෙ පරන තරහක් තිබුන බිස්නස් පාර්ට්නර්ස්ලා වගයක් අතින් කියලා ජන්කුක්ට හොයාගන්න පුලුවන් උනා..

ඒ වගේම ටේමින් එදාම දිවි නසාගෙන කියලත් දැනගත්තා වගේම ජන්කුක් දැක්කා ජේන් ඕරට එවල තිබ්බ ෆොටෝස් හැම දේම... ජේනුත් ඕරගෙ මරනෙට සම්බන්දයි කියල දැනගත්තාම ජන්කුක් ඒ ගමන් ආව ආවේගෙට ජේන්ව මරල දැම්මා..

ඕරගෙ මරනෙට සම්බන්ද හැම එකාවම ජන්කුක් තමන්ගෙම අතින් මරලා දාලා.. කොල්ලම ගිහින් පොලීසියට බාර වෙන්නේ තමන්ගෙ වැරදි වලට දඩුවම් ගන්න හිතාගෙන.. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ජන්කුක්ට නියෝග උනා..

කොල්ලා ඒ හැම දේම සතුටින් බාරගත්තා... ගෙදර ජීවත් උනත් ඕරගෙ මතක හැම තැනම කෙල්ලගෙ සුවද හැම තැනම ජන්කුක්ට බෑ ඕරා නැතුව ඕරගෙ මතක එක්ක විතරක් ජීවත් වෙන්න...

ජන්කුක්ව අද විශේශ සමාවක් යටතේ හිරෙන් නිදහස් කලා... එලියට එනකොට අතේ කිසිම දෙයක් තිබ්බෙ නැති ජන්කුක් පාරේ පයින්ම ඇවිදන් ගියේ කනත්ත ගාවට.. පාරෙ එන ගමන් කඩා ගත්ත මල් වලින් ලස්සන මල් පොකුරක් හදාගත්ත ජන්කුක් ගිහින්
' Jeon Ora ' ලෙස ගහලා තිබ්බ සොහොන ගාවින් ඉදගත්තා..

" හුග කාලෙකට පස්සේ... අවෘදු දහයක්... ඔව් ගොඩක් ලොකු කාලයක්... ඉතින්.. බලන්න ආවෙ නෑ කියලා මාත් එක්ක තරහා නෑ නේද ?.. ඔයා සතුටින්ද ඕරා.. ඔයා සතුටින්ද? ජිමිනව ඔයාගෙ අප්පව.. ඔයාට හම්බුනාද?.. "

කොල්ලා තනියම හිනා වෙන ගමන් බිම බලාගත්තා ජන්කුක්ගෙ ඇස්වලින් කදුලු කැට වැටෙනවා කියලා කොල්ලට ගානක් උනේ නෑ..

" ම්..මතකද ඔයා කීවා මට.. සතුටින් ඉන්න කුකී.. ලස්සන පව්ලක් එක්ක.. දරුවො එක්ක ලස්සනට ජීවත් වෙන්න... ඔයා නැතුව මට ලස්සන ජීවිතයක් නෑ ඕරා.. සමහර විට එදා මම හදිස්සි නොවුනනම්.. ජේන් එක්ක මම එහම දෙයක් නොකලනම්.. ඔයායි අපේ පැටියයි දෙන්නම මම ලග නේ.. ඕරා.. "

ඕරා දිගින් දිගටම බෙහෙත් ගත්තා.. ඒ නිසා තමා ඕරට පුලුවන් උනේ දරුවෙක්ව හදන්න.. ඒ වගේම එදා ඩොක්ටර් ඕරට එන්න කියලා කීවෙත් එයා ප්‍රෙග්නන්ට් කියලා.. ඕරට එදා දැනුන සතුට කියාගන්න තේරුන්නෙ නෑ..

ජන්කුක් බලාපොරොත්තු උන විදියටම තමන්ටත් ඔම්මෙක් වෙන්න පුලුවන් උනා කියලා ජන්කුක්ට කියන්න කෙල්ල ආසාවෙන් හිටියේ.. ඒත් කෙල්ල හිතුවේ නෑ ඒක ජන්කුක්ට කියන්නත් කලින් තමන්ට හැමෝමවම දාල යන්න වෙයි කියලා..

" මට සමාව දෙනවද ඕරා.. අදත් ඔයාගෙ කුකීට සමාව දෙනවද ? මම විදවනවා ඕරා මම විදනවනවා.. "

" එයා හැමෝටම සමාව දුන්නා ජන්කුක්.. "

" ඔයා ? ඒත් මම බැලුවා ඕරගෙ සොහොන ගොඩක් පිරිසිදුව තියෙන්නෙ ඇයි කියලා.. "

ජන්කුක්ට එහා පැත්තෙන් දනගහගත්ත ටේහ්‍යුන් එක්ක ජන්කුක් කතා කලේ ටේහ්‍යුන් දිහා බලන්නෙවත් නැතුව..

" මම එනවා.. හැමදාම එනවා එයාව බලන්න.. මට බැරි උනා.. එයා ජීවත් වෙලා ඉන්නකොට එයාව රැකගන්න... ඉතින් දැන්වත් එයාව රැකගන්නව මම."

ජන්කුක් තමන්ගෙ කදුලු පිහදාගත්තා.. ජන්කුක් ඕරගෙ ෆොටෝ එකේ තිබ්බ දූවිලි පිහදැම්මා..

" එයා ලස්සනයි.. ගොඩාක්.. එයා දැන් සතුටින් ඇති ජන්කුක්.. එයා නිදහස්.. එයාට එයා හොයපු සැනසීම ලැබෙන්න ඇති.. "

ජන්කුක් මුකුත් කීවෙ නෑ ජන්කුක් හිටපු තැනින් නැගිටලා ඕරට අවසන් ආචාර කරලා එතනින් එලියට ආවා.. ඒ ඇවිල්ලත් ජන්කුක් ආපහු ඕරගෙ සොහොන දිහා බලල හිතුවෙ එක දෙයයි..

" මම විදවන්නම් ඕරා.. මම කරපු පව් වලට විදවන්නම්.. එක පාරින් මැරිලා ඔයා ගාවට එනවට වඩා මම මැරි මැරී ජීවත් වෙන්නම් ජීවිත කාලෙම.. ඔයාගෙ මතක එක්ක මැරි මැරී ජීවත් වෙන්නම්.."

ජන්කුක්ගෙ ඇස්වලින් ආයෙත් කදුලු කැට වැටෙනකොට පාරෙ තියෙන ගල් කැට වලට පයින් ගහන ගමන් ජන්කුක් ඇවිත් නතර උනේ පල්ලියක... මිනිස්සු පව් කරල කරලා අවසානෙ ජීවිතේ විදවීම කියන තැනට එනකොට මතක් වෙන්නෙ එතන... ඉතින් ජන්කුක්ටත් උනේ ඒක...

ජන්කුක් පල්ලියෙ දේවගැතිවරයෙක් වෙලා හැමෝටම හොද මග යන්න කියලා දුන්නා.. ඒත් ජන්කුක් හැමදාම රෑට ඇඩුවා.. විදෙව්වා.. ඕරව මතක් වෙන පාරක් පාරක් ගානෙ ජන්කුක් ගොඩක් විදෙව්වා.. සමහර විට මේක වෙන්න ඇති ජන්කුක්ට ලැබුන දඩුවම..

" සරන්හේ ඕරා... මියන්හේ... "

" නාදු සරන්හේ මගෙ කුකී "

ඇස් පියාගන්නකොට ජන්කුක්ට ඇහුනෙ ඒ හඩ හීනෙකින් වගේ... හැමදාමත් වගේ අදත් ජන්කුක්ගෙ හින වලට ඕරා ආවා.. ජන්කුක්ගෙ ආදරේ ඕරා විතරයි.. ඒක හැමදාම එහෙම්මම තියේවි...

___නිමි____

නිල්පාටින් හැඩ මේ අහස
ආදරේ දුක් වින්දාද...
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත...🥀

වෙන් වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත...
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මටනම් කල් ඇතිව... 🥀

නැවත හමුනොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා...
අපගේ ප්‍රේමයට
පසු වදන ලීවේ... කව්දෝ අපි සොයනවා.. 🥀

______________________________________

#Yun_MinJi💔

🥺💔 පසුවදනක් නෑ... හිතට දැනුන ඕනම දෙයක් කියන්න.. කමෙන්ට් එකක් විදියට හරි අට ප්‍රයිවට් මැසේජ් එකක් විදියට හරි... 💔🥺

කතාව පුරාවටම මාත් එක්ක හිටපු අයට තැන්කූ..
මට දුකයි.. :(

ඔයාලා මේක කියවල ඉවර වෙලා dinesh gamage ගෙ දැනෙනා සෝන්ග් එක අහන්න 🥺💔 මට මාර විදියට ෆීල් උනා..

ආයෙත් කියනවා තැන්ක්‍යූ සෝ මච් 🥺💔

දැන් මට ඔයාලගෙ කමෙන්ට්ස් බලලා සතුටින් නිදාගන්න පුලුවන් 🥺💔

මම ආදරෙයි...😚

Continue Reading

You'll Also Like

10.8K 1.7K 12
නෑනා මස්සිනා විවාහය ___🥀
47.2K 10.2K 27
🙊 වැම්පයර් කෙනෙක් සාමාන්‍ය මනුස්සයෙක්ට ආදරේ කලොත්... 🙊 කොහොමද ට්‍රාන්ස්වේනියා සවාරියක් යන්න හම්බුනොත්... 🧛🙊 ❗❗ Don't Copy My work ❗❗ Start :- 20...
71.4K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
43.7K 9.8K 30
කඩවසම් මුරන්ඩු මුහුනට යටින් සැගවුණු සෙනෙහෙබර ආදරවන්තයෙක්......... මග හැරුණු මව් සෙනෙහස සොයන තරුණියක්.... නොදුටු මිතුදමක්........ තුන් කොන් ප්‍රේමයක්...