My Vampire Prince | A trip to...

By SoftDrizzle

1K 193 39

එමා, High school යන දගකාර කෙල්ලෙක්. පාසලෙන් ට්‍රාන්සිල්වේනියාවට යන චාරිකාවට ඇය ඇගිලි ගනිමින් හිටියේ. කවුද දැන... More

ɪɴᴛʀᴏ
ᴄʜᴀᴘᴛᴇʀ ɪ
ᴄʜᴀᴘᴛᴇʀ ɪɪ
ᴄʜᴀᴘᴛᴇʀ ɪɪɪ
ᴄʜᴀᴘᴛᴇʀ ɪᴠ
ᴄʜᴀᴘᴛᴇʀ ᴠɪ
ᴄʜᴀᴘᴛᴇʀ ᴠɪɪ
ᴄʜᴀᴘᴛᴇʀ ᴠɪɪɪ
ᴄʜᴀᴘᴛᴇʀ ɪx
ᴄʜᴀᴘᴛᴇʀ x
ᴄʜᴀᴘᴛᴇʀ xɪ
ᴄʜᴀᴘᴛᴇʀ xɪɪ
ᴄʜᴀᴘᴛᴇʀ xɪɪɪ
ᴄʜᴀᴘᴛᴇʀ xɪᴠ (ʟᴀsᴛ ᴄʜᴀᴘᴛᴇʀ)

ᴄʜᴀᴘᴛᴇʀ ᴠ

69 12 0
By SoftDrizzle

Author's pov

"එපා එමා ඒ මාලිගාවට යන්න, මිස් එපා කිව්ව නේද!"

"උඹ ඉන්න එහෙනම් මම යනවා" සුපුරුදු හිතුවක්කාර හඩින් ඇය කිව්වේ තමන්ගේ මිතුරියගේ කීමත් ගනනකට ගන්නෙ නැතිව.

Some unknown pov

ආශ්.. මට එදා ශොප් එක ලගදි ඒ කෙල්ලෙගේ මූන බලාගන්න බැරි උනානේ. මන් එයාව අල්ලපු මොහොතෙම මට දැනුනා ඒ මගේ මේට් කියලා. ආහ්… මට මේ මොකද වෙන්නේ, ඒ කෙල්ල මේ ලග පාතකම ඉන්නවා වගේ දැනෙන්නේ ඇයි මට! මගේ ඔලුව අහ්.. අර හොටෙල් බැල්කනි එකෙ ඉන්නෙ එයාද!? ඔව් ඒ වගේ.. ආශ්.. එත් හරියට මූන බලාගන්න බැරි උනානේ… shit! එ.. එයා මේ පැත්ත බලන්න වගේ හදන්නේ ඉක්මනට මාරුවෙන්න ඕනි මේ ජනේලය ලගින්.

Author's pov

ඉතින් එමා මහ රෑ හෙමින් හෙමින් හෝටලයේ පිටුපස ගේට්ටුවෙන් එලියට ගියේ හොර පූසියක් වගේ. හෝටලයේ පිටුපස ගේට්ටුවට ටික දුරකින් තමා ඩ්‍රැකියුලා මන්දිරයේ ගේට්ටුව පිහිටා තිබුනේ. ඉතින් එමා තම අතේ තිබූ විදුලි පන්දම දල්වාගෙන ඩ්‍රැකියුලා මන්දිරය දෙසට යන්න පිටත් උනා. දිගු කලකින් විවෘත නොකල බව අගවමින් මන්දිරයේ ගේට්ටුවට දමා තිබූ ඉබි අගුලද ශක්තිමත් ලෙස රැදී තිබුණා. අවට වටපිටාව නිරීක්ෂණය කළ එමා තමාට ටික දුරකින් පොළොවේ වැටී තිබුන තරමක් විශාල ගලකින් ගේට්ටුවට දමා තිබූ අගුල කඩා දමා මාලිගය පිහිටි වත්තට ඇතුලු උනා. එක්වරටම එමාට අමුතු හැගීමක් තමාව වෙලාගන්න ලෙස දැනුණා. එමාට පමණක් නොවේ තවත් කෙනෙකුට එය එලෙසම දැනුණා කිවහොත් නිවැරදියි.

එමා තමාට දැනුණ දෙය තමා හිතේ මවාගත් දෙයක් ලෙස සිතා එය නොසලකා හැර මාන්දිරය තුලට යාමට මගක් සොයාගැනීමට පිටත් වුනේ එහි දොරටු සියල්ල වසා තිබූ නිසාත් තමාට ගේට්ටුවේ අගුල මෙන් දොර අගුලුද කැඩිය නොහැකි බව වටහාගත් නිසාත්‍ ය.

මද වේලාවකට පසු අලංකාරවත් ලෙස මල් වැල්වලින් වටවී වැසී තිබුනු රහස් මාර්ගයක් වැනි යමක් ඇයට සොයාගත හැකිවුණා. ඇය සෙමින් සෙමින් එම මාර්ගය දිගේ ඉදිරියට ඇදීගියා. මද දුරක් යනවිට ඇයට දැක ගැනීමට ලැබුනේ නෙත් අදහාගත නොහැකි දසුනක්.

එම රහස් මාර්ගය කෙලවර උනේ ඉතාමත් අලංකාර උද්‍යානයකින්. එහි මධ්‍යයේ පිහිටා තිබුනේ නීල වර්ණෙයෙන් බබළන පොකුණක්. එමා ඇයගේ මුලු ජීවිත කාලයටම දුටු සුන්දර දසුන එයයි. සමනලුන් පියාසර කරන, නොයෙක් වර්ණයේ ශාක හා මල් වලින් පිරිපුන් එම අලංකාරවත් උද්‍යානය දමා යන්න නම් හිතක් තිබුනේ නැහැ එමාට.

මේ උයනේ තවත් ඇවිද බලන්න හිතුනා එමාට. තමන්ගෙ අවදානය සම්පූර්ණයෙන්ම උද්‍යානයේ තිබුන අලංකාරී බව නරඹන්න යොමු කරගෙන තිබුන එමාට තම දෙසට එන අමුත්තා පෙනුනේ නැහැ. අමුත්තාත් යම් කල්පනාවක ගැටෙමින් ආ බැවින් ඔහුද ඇයව දුටුවේ නැත.

දෙදෙනාම එකිනෙකාගේ ඇගේ හැපී තණ බිස්සට වැටුනේ එමා අමුත්තාව බියටම තදින් වැලදගනිද්දී. අමුත්තාට ඔහුගේ ශරීරය හරහා විදුලියක් ගමන් කරනවා මෙන් දැනුන බැවින් අමුත්තා එක් ක්ෂණයකින් ඇය තමාගේ මේට් වන බව දැනගත්තා.

එමා සෙමෙන් සෙමෙන් තම හිස ඔසවා බලන විට නුපුරුදු මුහුණක් දුටු නිසා ඇය නැගීසිටියේ කලබලෙන් තමාගේ ඇදුමත් පිස දමමින්.

"W... who are you? කවුද තමුන්? මේ  පාළු මාලිගාවේ තමුන් මොකද කරන්නේ?" එමා අත්භූත අමුත්තාගෙන් ඇහුවේ වෙව්ලමින්.

"මමයි ඒක අහන්න ඕනෙ. Who are you angel?" එමා ඉදිරිපිසින් නැගී සිටි අමුත්තා ඇහුවේ කට කොනකට නගාගත් සිනාවකුත් එක්ක.

"I'm not an angel. I'm Emma! අනික ඔහේ මට ආයේ angel කියලා කතා කරලා අහුවෙන්න එපා!" එමා කිව්වේ අමුත්තා දෙස ඔරවා බලමින්.

"My cute angel" අමුත්තා කිව්වේ එමාගේ කම්මුල්වලින් කොනිත්තමින්.

ඔහු මෙතෙක් වේල තද කරගෙන සිටි සිනහව පිටකෙරේ එමාගේ කේන්තියෙන් රතු වෙලා තිබුණ මූණ දැකලා.

Back to Emma's pov

මේ මොන යකෙක්ද මේ!? ඇයි මේකා දැන් හිනා වෙන්නෙ මාව විහිලුවක් වගේද පේන්නේ..

"ආශ්.. තමුසේ මොකද හිනාවෙන්නේ කියන්වා දැන්? මොකද මාව විහිලුවක් වගේද පේන්නේ? අනික තමුසේ කවුද? ඔඅය හිනාව නතර කරලා උත්තර දෙනව මිනිහෝ මගේ යකා අවුස්සගන්නේ නැතුව!!" මම තරහෙන් කෑ ගැහුවා.

"මේ මගේ මාලිගාව මම මොකටද  තමුන්ගේ අණට යටත්වෙන්නේ angel?"

එ.. එතකොට මෙයා අර කිව්ව වැම්පියාද? දෙයියනේ මූ මාව මරයිද? මම ඇස් දෙකත් පොල්ගෙඩි සයිස් කරගෙන එයා දිහා බලාගෙන හිටියේ බයටම මගේ සර්වාංගෙම ගැහිලා යද්දී.

"නෑ… නෑ ඒන්ජල්, මම ඔයාව මරන්නේ නෑ. මොකද ඔයා මගේ මේට් නිසා. මම කලින් දැනගෙන හිටියේ නෑනේ මගේ මේට් මෙච්චර කියුට් කියලා. කාලා දාන්න හිතෙනවා."

මො.. මොක්.. මොකාක්..??? මම එයාගේ ම්.. මේට්!!?? නෑ.. නෑ එමා මේක වෙන්න බෑ. වැම්පයර්ස්ලා කියලා ජාතියක් මේ ලෝකේ නෑ.

"නෑ.. ඉන්නව, මේ ඉන්නේ ඔයාගෙ ඉස්සරහම."

"ඔය හිත් කියවිල්ල නතර කරනවා මනුස්සයෝ! අනික බොරු කියන එකත් නවත්තනවා."

"මම බොරු නෙමේ කියන්නේ මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්! By the way, I'm Eric.. Eric Greenwood. යමු ඇතුලට මෙතම හරිම සීතලයි."

මෙච්චර කාලයක් කවදාවත් නාදුනන කෙනෙකුගේ අණට අවනත නොවුනු මම එයා කියන දේට එකපාරින් එකග උනේ ඇයි.. මට නම් තේරෙන්නේ නෑ පිස්සු වගේ.

_______________

Written by
Sara a.k.a. Pearl Alison ✍︎

Continue Reading

You'll Also Like

190K 6.8K 69
𝐒𝐔𝐏𝐄𝐑𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋 | 𝐑𝐡𝐞𝐚, 𝐚 seventeen-year-old girl, her mom, and her fifteen-year-old brother 𝐑𝐚𝐟𝐞 moves to a new home 𝐭𝐨 𝐬𝐭𝐚𝐫...
591K 24.3K 65
There are people in the world who are born to be together, soulmates. Upon reaching the age of twelve, a single, unique tattoo appears on the body o...
1.4M 8.6K 4
[FICTION AWARDS 2019 WINNER for Best in Mystery/ Thriller. FEATURED in WATTPAD MYSTERY/ THRILLER profile. ] Jackson Wolfe is WoodVille Asylum's mos...
14.5K 2.5K 46
ආදරණීය පවුල් දෙකක්... මැදින් ගලා යන ආදර කතාවක්...