10000 Hours ✔

By Sithu_22

37.2K 6.7K 1.3K

" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 [ Part 1]
Chapter 25 [ Part 2]
පසුවදන

Chapter 15

1.2K 249 41
By Sithu_22


             තමන්ගෙ ඇගට වැටෙන වැහි පොද ගැනවත් කිසිම ගානක් නොතිබුන ඕරා තවමත් සුදු පාට මල් වලින් හැඩ උන සොහොනක් ලගට වෙලා කෑගහලා ඇඩුවා... තනි සුදු පාට ගව්මට උඩින් දාගෙන හිටපු පොඩි ජැකට් එක තෙත් වෙලා කෙල්ලගෙ ඇග දිගේ වතුර බේරුනා...

" අප්පාආආ.. ඇයි මාව තනිකරලා ගියේ... මට බෑ අප්පා ඔයා නැතුව ජීවත් වෙන්න... කව්ද මම අඩන වෙලාවට ආයෙත් ඔලුව අතගාලා මාව සනසවන්නේ... කව්ද දුකින් පිරුන මූනට හිනාවක් ගේන්නේ... ඔයා නැති මේ ලෝකෙ මම තනිවෙලා මැරෙනකන්ම අඩයි අප්පා... මට කවෘත් නෑ... මම තනිවෙලා.. ඔයාගෙ ඕරා මේ ලෝකෙ තනිවෙලා අප්පා... "

" ඕරා දැන් ඇති අපි යමු... එයාට සතුටින් යන්න දෙමු නේද ? ම්ම්ම් "

                 ඕරා තමන්ගෙ පපුවට ගහන ගමන් කෑගහනකොට තව දුරටත් ඒක බලන් ඉන්න බැරි උන ටේහ්‍යුන් ගිහින් ඕරව එතනින් නැගිට්ටුවා.. ඒත් ඒ ගමන්ම ඕරා ටේහ්‍යුන්ව තද කරලා බදාගෙන අඩන්න ගත්තේ ටේහ්‍යුන්ව වගේම එතන මේ හැමදේම බලන් හිටපු ජන්කුක් , යුන්ගි සහ මිස්ටර් ජියොන්වත් ශොක් කරලා..

        ජන්කුක්ගෙ පපුව දිගේ හීන් හිරියක් යනකොට ජන්කුක්ට හිතාගන්න බැරි උනා ඇයි ටේහ්‍යුන්ව බදාගෙන අඩන ඕරා දිහා බලනකොට තමන්ගෙ හදවතට මෙච්චර රිදෙන්නෙ කියලා.. ජන්කුක් දිහා සැරෙන් සැරේ බලපු යුන්ගි හොද හුස්මක් ගත්තා...

" මිස්ටර් ජියොන් අපි යමු නේද ? මෙතන ඉදල අසනීප වෙයි "

              යුන්ගී , මිස්ටර් ජියොන්ගෙ වීල් චෙයා එක තල්ලු කරගෙන වැහි පොද අතරින්ම කනත්තෙන් එලියට ගිහින් කාර් එකට නගිනකොට ජන්කුක් තාමත් කලු පාට කුඩේ එහෙම්මම අතේ තියාගෙන ඕරා දිහා බලන් හිටියා...

" ට්..ටේහ්‍යුන්... ම්..මාව ඈතකට අරන් යන්න... හ්..හැමෝගෙන්..ම ඔ..ඔයා ම්..මගෙ යාලුව නේද ?? "

" ඔව් ඔව් ඕරා මම ඔයාගෙ යාලුවා... "

" මාව මෙහෙන් අරන්.. ගිහි..න් හැ..හැමෝගෙන්ම.. හංගන්න.. "

             ආයෙත් ටේහ්‍යුන්ගෙ ශර්ට් එකේ කොලර් එක ගුලි කරගෙන ඉකි ගහන ගමන් ඕරා කියවගෙන යනකොට ටේහ්‍යුන් සැරෙන් සැරේ බැලුවේ ජන්කුක් දිහා... හැගීමක් නැති මූනකින් ඕරා දිහා බලන් ඉන්න ජන්කුක්ගෙ ඇස් අගින් හීනියට බේරෙන කදුලු කැට ටේහ්‍යුන් දැක්කා...

" ට්..ටේහ්‍යුන්.. ම්..මාව එක්ක යන්න.. ප්ලී..ස් "

            තමන්ගෙ ඇගේ එල්ලීගෙන කෑගහන ඕරගෙ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් ජන්කුක් දිහා අසරන බැල්මක් දැම්මා... ටේහ්‍යුන්ගෙ හිත කෑගහල කීවෙම මේ වෙලාවෙ ඕරව අරගෙන මෙහෙන් ඈතකට යන්න කියලමයි...

" හරි අපි යමුකෝ ම්ම්ම් "

      ඕරව ඇගට බර කරගෙන ටේහ්‍යුන් ඕරව එක්කගෙන කනත්තෙන් එලියට ගිහින් කාර් එකේන් යනවවත් ජන්කුක් දන්නෙ නෑ.. මොකද කොල්ලා හිටියෙ වෙන කල්පනාවක... පැය බාගයක් විතර එහෙම්මම හිටගෙන හිටපු ජන්කුක් එතනම දනහිසින් ඉදගත්තේ තවත් ඉවසන්න බැරිම තැන..
 
         හැමෝම තමන්ව සෙල්ලමකට අරගෙන... තමන් එක්ක සෙල්ලම් කරනකොට ජන්කුක් මුල ඉදන් රැවටුනා.. ඒත් ජන්කුක් මෙතනදි තේරුම් ගත්ත එක දෙයක් තිබුනා.. ඒ සමහර විට එදා තමන් ජේන් එක්ක මෙහෙම සම්බන්දයක් පටන් නොගත්තනම්... ඕරාට විතරක් තමන්ගෙ හදවත විවර කලානම්... සමහර විට මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා.. හරි ලස්සනට...

" ජන්කුක් අපි ගෙදර යමු බන්... මෙහෙම ඉදල හරියන්නෙ නෑනේ.. "

" හ්..හ්‍යුන් යන්න... හ්..හැමෝම මාව රැවැට්ටුවා.. ම්..මාව මෝඩයෙක්.. ප්..පිස්සෙක් වගේ පේනවද හ්‍යුන්?? අහ්.. ම්..මට දරාගන්න බෑ.. ඔ..ඕරා අද.. අද එයා ම්..මාව දාලා ගියා... "

" නෑ ජන්කුක් ඕරා ඔයා එනකන් ගෙදර බලන් ඉන්නව එන්න යමු... "

" එ..එයා ටේහ්‍යුන් එක්ක ගියෙ නැද්ද ?"

         යුන්ගි ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න... කට පුරා හිනාවක් මූනට ගත්ත ජන්කුක් අත් දෙකෙන්ම තමන්ගෙ  කදුලු පිහදාගෙන කාර් එකට දිව්වා... ඕරගෙ අප්පා කැන්සර් එකකින් නැති උන නිසා දැන් ඕරව හිරකරලවත් ජන්කුක්ට තියාගන්න බෑ... ඕරා කියන්නෙ දැන් කිරිල්ලියක්.. ඒත් තටු හැලුන කිරිල්ලියක්... පියාබන්න බැරි උනත් එයාට පුලුවන් කූඩුවෙන් එලියට යන්න...

       ඒත් ඕරට තටු දෙන්න කෙනෙක් ලැබුනොත් එදාට පුලුවන් ඕරට ලස්සනට පියාබන්න.. හැමෝටම වඩා ඉහලින්.. ගොඩක් සතුටින්.. හැමෝටම කෑගහල කියන්න " මම සතුටින් " කියලා...

________________

" ඕරා !"

" ඕරා !"

" එයා ටිකක් නිදාගත්තුදෙන් ජන්කුක් කරදර කරන්න එපා.. "

          ජන්කුක් කාමරේට යන්න ගියත් කාමරේ ඇතුලෙ ඉදන් ආවෙ ටේහ්‍යුන්.. ඇද උඩට වෙලා සම්පූර්න ඩුවට් එකම ඇගට පොරවන් හිටියේ ජන්කුක්ගෙ අත් එකට මිට මෙලවෙනකොට...

" කලබල වෙන්න එපා.. මම නෙමේ එයාගෙ ඇදුම් මාරු කලේ... ලේඩි කෙනෙක්ට එන්න කීවා.. මම යන්නම් එයාව පරිස්සමෙන් බලාගන්න.. ආයෙ එයාගෙ හිත රිද්දුවොත්නම් ඒ හිත අහුලගන්න ඔයාට බැරිම වෙලා යයි.. වැරදි හදාගන්න හැම වෙලාවෙම අවස්තා දෙකක් ලැබෙන්නෙ නෑ.. පරිස්සමෙන්.. "

      ජන්කුක්ගෙ පිටට තට්ටුවක් දාගෙන ටේහ්‍යුන් එලියට යන දිහා හැගීමක් නැතුව ජන්කුක් බලන් හිටියා.. එතකොට ටේහ්‍යුන් ඕරට කැමති නැද්ද ? එයාට ආදරේ කලේ නැද්ද ?  ඇයි ආයෙත් ජන්කුක්ටම ඕරව දුන්නේ... හිත වටේ විවිද සිතුවිලි කැරකෙනකොට ටේහ්‍යුන් කියන්නෙ තමන් හිතපු තරම් නරක කෙනෙක් නෙමේ කියලා ජන්කුක්ට තේරුනා..

      හිමින් හිමින් රූම් එකට ජන්කුක් අඩිය තියනකොට තමන්ගෙ හදවත වෙනදටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තෙ ඇයි කියන්න ජන්කුක්වත් දැනගෙන හිටියෙ නෑ... ඕරගෙ අව්ල් වෙලා නලලට වැටිලා තිබ්බ කොන්ඩෙ ගානට හදලා ජන්කුක් ඕරගෙ නලලෙන් හාදුවක් තිබ්බා...

" ට්..ටේහ්‍යුන්.. "

       ඕරගෙ කටින් පිට උනේ ටේහ්‍යුන් කියලා.. ඇයි ඒ... ටික වෙලාවක් හැගීමක් නැති මූනකින් ඕරා දිහා බලන් ඉදලා ජන්කුක් බාතෲම් එකට ගියා... සීතල ඇදුම් පිටින්ම ඕර ගාවට යන්න බෑ ජන්කුක්ට...

     තමන්ගෙ ඇගෙන් එකින් එක ඇදුම් අයින් කල ජන්කුක් ශවර් එක යටට ගිහින්  බිත්තියට තමන්ගෙ අතක් තියාගෙන බිම බලාගත්තා... ජන්කුක් ඕරට සලකපු විදිය වැරදියි තමයි.. ඒත් ජන්කුක් කියන්නෙත් හැම පැත්තෙන්ම රැවටුන කෙනෙක්...

        තම ලගින් ඉන්න අය තමන්ට වෙනස් කම් කරනකොට ඒ ආදරේ පිට අයගෙන් හොයන් යනව කියන කතාව ඇත්ත කියලා ජන්කුක්ට අද තේරෙනවා.. ජිනා මේ වෙනකොට හිරේ කියල දැනෙනකොට ජන්කුක්ගෙ හිතට පොඩි හරි සහනයක් උනාට තමන්ට දැන් ඕනෙ ඕරා...

     ඇයි ඕරව ඕනේ.. දාල යයි කියල බයටද ? ඒ හිතාගන්න බැරි හැගීමට ජන්කුක් අද හේතුවක් හොයාගත්තා... ඒ හැගීමට ජන්කුක් ලස්සන නමක් දුන්නා... ඒ ආදරේ සහ ආදරේට තියෙන ලෝබකම විතරයි... ඕරා ඉන්නකොට කොච්චර වද දුන්නත් දැන් ඕර තමන්ව දාල යන්න් යනකොට ජන්කුක්ට ඕරව ඕනේ..

" ඕරා මගෙ මැනික මට සමාවෙන්න.. ආයෙත් ඔයාගෙ කුකී ඔයාගෙ ඉස්සරහට ආවොත් ඔයා එයාව පිලිගන්නවද රත්‍තරන්.. ම්ම්  මට කියන්න... කුකීට තාමත් ආදරෙයිද ? "

        ජන්කුක් කියන කිසිම දෙයක් ඇහුනෙ නැති ඕරා සැපට නිදන් ඉන්නව දැක්ක ජන්කුක්ගෙ මූනෙ පොඩි හිනාවක් ඇදුනා.. ඕරා නිදාගෙන ඉන්නෙ පොඩි ලමයෙක් වගේ... තමනුත් ඕරගෙ පැත්තකින් ඇලවෙලා ජන්කුක් ඕරව තුරුල් කරගත්තා... හෙට උදේ ගැන ලොකු බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන ජන්කුක් නිදාගත්තා...

______

" ම්..මට සමාවෙන්න.. "

" න්...නෑ එපා මට රිදෙනවා.. "

" ම්..මම පව්කාරියක්.. ජ්..ජන්කුක් මට සමාවෙන්න.. න්..නෑ මම එහම කලේ නෑ.. "

" ඕරා.. ! ඕරා.. මැනික මොකෝ උනේ ?"

         අත් කකුල් ගස ගස හීනෙන් ඕරා කියවනකොට බය වෙලා ඇහැරුන ජන්කුක් කෙල්ලව තුරුල් කරගත්තා.. ඕරට එහෙම්මම නින්ද ගියත් ජන්කුක්ට හොදට මතක් උනේ ඕරා කීව හීනෙන් දේවල්..

     තමන් ඕරට දඩුවම් කරනකොට හැමදාම ඕරගෙ කටින් පිට උන විලාප හැම දෙයක්ම ඕරගෙ කටින් පිට උනා.. ඒ කියන්නෙ ජන්කුක් කියන්නෙ ඕරට අනුව නපුරුම නපුරු හීනයක් විතරයි...

" ඔයාට උනනෙ මැනික.. "

         ඕරව ඇහැරවල කරදර කරන එක හොද වැරක් නෙමේ කියලා තේරුන කොල්ලා තමන් ඇදගෙන හිටපු ශර්ට් එක ගලවලා ඕර ඇදන් හිටපු බ්ලව්ස් එකත් ගලවලා ඕරව තුරුල් කරගත්තේ එකෙන් ටිකක් හරි ඕරගෙ සීතල අඩු වෙයි කියල හිතලා..

      කාලෙකින් ආදරෙන් ඕරගෙ සුවද විදින ජන්කුක්ට ඕනෙ උනේ හැමදාම මේ විදියට ඕරගෙ ලගින් ඕරට තුරුලු වෙලා ඉන්න විතරයි... ඒත් ඒ හැමදේම ජන්කුක් දකින හීනයක් විතරක් වෙයිද ?
ඕරත් එහෙම ජන්කුක් එක්ක ඉන්න හීන මවන්න ඇති නේද?

" මම ආදරෙයි ඕරා.. මහ ගොඩාක් ඒ වගේම සමාවෙන්න මේ පව්කාරයට.. "

______________________________________

#Yun_MinJi💔

    😁💔 මොනාහරි කොටම් යන්න 🙂 මොනා වෙයිද දන්නෑ ඉස්සරහට 🙂💔

Continue Reading

You'll Also Like

10.8K 1.7K 12
නෑනා මස්සිනා විවාහය ___🥀
26.7K 3.1K 19
තම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ 😁)
15.4K 3.1K 12
හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හ...
9.8K 2.7K 11
හිමි වීම සිහිනයක් වූ කල හමුවීමද භාග්‍යයක් කොට සැලකූ ඒක පාර්ශවික ප්‍රේමයක සොදුරු දිග හැරුම සිතින් විතරක් ❣❣❣❣❣❣ Plot Credit:-@deshu93