๐˜๐จ๐ฎ ๐€๐ซ๐ž ๐…๐ซ๐ž๐ž ๐Ÿƒ |...

ื ื›ืชื‘ ืขืœ ื™ื“ื™ clouzki

4.9K 1.6K 646

Don't Copy My Work ๐Ÿšซ Sinhala fanfication Kim Seokjin You are free... ๐Ÿƒ๐Ÿƒ๐Ÿƒ ืขื•ื“

{{ โ€ข01โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข02โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข03โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข04โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข05โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข06โ€ข }} You Are Free ๐Ÿƒ

{{ โ€ข07โ€ข }} You Are Free ๐Ÿƒ

762 245 181
ื ื›ืชื‘ ืขืœ ื™ื“ื™ clouzki


මගේ ජීවිතේ ලස්සනම දවසක් උන ජින් මට ප්‍රොපෝස් කරපු ඒ දවස මීට අවුරුදු හතරකට කලින් අද යෙදුනා මට අද වගේ මතකයි....
ඒත් අද ඒ දවසෙම මගෙ දික්කසාද නඩුව වැටිල....

දෝණිවත් ලෑස්ති කරගන මම ගේ ඉස්සරහට ඔම්ම එක්කම එන්න ආවා මල්ලි ගරාජ් එකට ගියා කා එක ගන්න...

" ඔම්ම මත අලේ යන්න බා... " 🥺

" නෑ නෑ මැනික අපි අප්ප ගාවට ආය යන්නෙ නෑ.. ඒත් දූට අප්පව ආය ඕන උනොත් " 😕

" ඔම්මෙත් දාල යනෝත මාව "?? 🥺

" ඔම්මල කවදාවත්ම දූලව දාල යන්නෑ.. " 😊

" මල්ලි " 🥺

එයා මගෙ බඩ උඩින් අත් දෙකම තියල ඇස් වල කඳුලු පුරෝගන ඇහුවෙ මල්ලි අප්ප ගයි කියල බයේ වගේ...
මම දූව ගන්න යනකොටම ඔම්ම එයාව වඩා ගත්තා...

" හැල්මි දෙන්නෑ ඔයාගෙ මල්ලිව කාටවත්.. ම්ම්.. අපි ගිහිල්ලා අප්පව කැලේට දාල එමු " 😗

ඔයා සතුටින් ඇති ජින්...
මට ගිනි ගොඩක් දීලා... ග්වෙන්චනා...
මේක මගේ දෛවය 😊

පැය භාගෙකට විතර පස්සෙ අපි උසාවියට ආවා.. ජින්ගෙ පැත්තෙන් ඇවිල්ල උන්නෙ ජිනුයි එයාගෙ මල්ලී ජීමිනුයි විතරයි... ජීමින්නම් මගෙ මූනවත් බැලුවෙ නෑ... හැබැයි මං දැක්ක එයා අඬනවා...

" හායුනා.... "

මම ඇතුලට යන්න හදනකොටම මට ඇහුන දුක්බර කටහඩක් මම එතකොටම හැරිල බලද්දි ඒ ජින්... එයා අඬල...
අනේ මට ඒ මූන බලන්න දුකයි....

" ජින් " 😔

" ඔයා.. "

" නූනා... එන්න... මොනාද මෙතන කරන්නෙ " 🤨

ජින්ට මොකුත් කියන්න හමබවුනේ නෑ.. මල්ලි මාව ඇදගන ඇතුලට ගියා..
මං ප්‍රෙග්නට් නිසාත් දරුවො එක්ක තනි වුන නිසාත් කොරියානු නීතියෙ හැටියට හැම පැත්තකින්ම මටයි වාසි උනේ..
මට හොරෙන් පේනව ජින් ඔහේ බලාගන ඉන්නවා....

Nj " හොඳයි... එහෙනම් අවසරයි ස්වාමීනි දික්කසාදය තීන්දු කිරීමට... " 😌

" අවසර ලැබෙනවා..
ඊට පෙර දරුවන්ගෙ අප්පට ඉල්ලන්න දෙයක් තියනවනම් අවසර..
හැබැයි ඔම්ම අකමැතිනම් ඒක කරන්න අපිට කරන්න දෙයක් නෑ... "

ජින් කූඩුවට නැගල කඳුලු පිරුන ඇස් වලින් මං දිහා බැලුවා... මගෙ ඇස් වලටත් කඳුලු පිරෙද්දි මට දැනුන මගෙ අත ඔම්ම තදින් අල්ල ගන්නවා....

" මියන්හේ හායුනා... " 😔

" ඔම්ම... " 🥺

" කෑ ගහන්න එපා හායුන්.. ඉවසං ඉන්න " 😕

ජින් සමාව ඉල්ලද්දි මගෙ පපුව පිච්චිලා ගියා වගේ දැනුනෙ.. මොනා උනත් ජින් අඬනව බලන්න මම ආස උනේ නෑ...

" මට ඕන නෑ ඩිවෝස් වෙන්න..
ඒත් මං දන්නව ඒක ඔයාට ඕන කියල...
ඒ නිසා මං අයින් වෙන්නම්... ඒත්.. මට දරුවො බලන්න එන්න දෙන්න පුලුවන්ද ? " 🥺

Nj " විරුද්දයි ස්වාමීනී.....
කුසේ ඉන්න දරුවත් නැති කරන්න කිව්ව මොහුට දරුවන් බලන්න ඉඩ දෙන්න මම විරුද්දයි ..... "

" මල්ලි එයා පව්නෙ " 🥺

" නූනා... " 🤨

" දරුවගෙ ඔම්ම එකඟද ? "

එයා මගෙන් එහෙම අහද්දි මම ජින් දිහා බැලුවා... අනේ මට බලන්න බෑ එයා අඬනවා... ඒත් මල්ලි මට එපා කියන්නලු....
මම බිම බලාගත්තෙ මොකුත් කියන්න බැරිම තැන...

" නිහඬ බවින් පෙනී යන්නෙ අකමැති වගයි..
අපි දරුවගෙන් අහල බලමු "

Nj " චූටි ඔයා ආසද අප්ප ගාවට යන්න.. " 🙂

" අනියා සම්චුන්... මත අපා... " 🥺

Nj " ආහ්.. හරි හරි අඬන්න එපා මැනික. "

මං දැනගන උන්න...
ජීනු ජින්ව එපා කියනව කියල...
ඒක ඒ විදිහට සිද්ද උනත් මටනම් දැන් පිස්සු හැදෙන්න වගේ...
ජින් ඔහේ බලන් ඉන්නවා....
එයා දැන් හොඳටම පසුතැවෙනවා කියල මට දැනෙනවා...
ඒත් මට ආය එයාව විශ්වාස කරන්නත් බෑ..

.

.

.

.

.
ඩිවෝස් එක ෆයිල් කරල අපි යන්න එලියට ආවා... එලියෙ ගස් යට ලොකු කා පාක් එකට ආව මම කා එකේ දොර ඇරගන්න යද්දිම කොන්දෙන් ආව පේන් එකට එතනම ටිකක් හිටං ඉද්දි කව්රුහරි මට දොර ඇරල දුන්නා...

" සොක්ජිනා " 🥺

" පරිස්සම් වෙන්න... "

" ඔයාට මාව ඔයිට කලින් පරිස්සම් කරන්න පුලුවන් උනානම් අපිට මෙහෙම වෙන්නෙ නෑ... "

" මට සමාවෙන්න.
දන්නව සමාව දෙන්න බෑ කියල. ඒත් මම පසුතැවෙනවා හායුනා... " 🥺

" ඔයාට දැන් පුලුවන් ඔයා ආස විදිහෙ නිදහස් ජීවිතයක් ගත කරන්න...
අපි දැන් ඔයාට ආය කරදර කරන්නෑ... " 😊

" ඔම්මා... හ්හාහ්.... 😥
සම්...චූ....න්...... 😫 "

එකපාරටම එතනට දුවගන ආව ජීනු ජින්ව දැක්ක ගමන් ඔම්මට කරදරයක් කියල හිතල කෑ ගැහුවෙ ගොඩක් හයියෙන්...
ඒ ක්ශනිකවම නම්ජුන් එතනට දුවල ඇවිල්ල කෙල්ලව වඩාගන ගිහිල්ල හායුන්ව ඇදල ජින් ගාවින් අහකට ගත්තා..

Jin " නම්ජුනා.. " 🥺

" නම්ජුනා.... 🤨..
තමුසෙ එක්ක නෑකම් නෑ මෙහෙ ආය.. යනව.
නූන නඟින්න ඔයා හෙට යන්න ඕනා.. "

Jin " හායුන් ඔයා කොහෙද යන්නෙ ?? 🥺

" ජින් අපි කැනඩ යනව.. 🥺 "

Jin " ආය හම්බෙන්නෙ නැද්ද " 🥺

" දකින්නවත් ආස නෑ කියපු නිසා මං යන්නෙ. මගෙ හිත වෙනස් කරන්න එපා ජින්...
මට හයියක් නෑ දැන් ආය හැරෙන්න..
ඔයාට ඕන කිව්ව නිදහස ඔයාට මම දුන්නා...
You are free now Jin " 😣

" දෝණි අප්පට සමාවෙන්න...
එකපාරක් මං ගාවට එන්න...... " 🥺

" ම්හ්..ම්හ්.... 🥺 සම්..ච්... "

" හරි හරි මැනික.... ඔයාව දෙන්නෑ සම්චුන් " 🤨

ජින් වෙව්ලන අත් දෙක දෝණිට දික් කලත් දෝණි ජින්ව rejecte කලා..
අනේ මටනම් එයා අසරන වෙනව බලන් ඉන්න බෑ... මට හොඳටම ඇඬෙන්න ගත්තා..

Jm " හ්‍යොං අපි යං... " 😔

Jin " මට සමාවෙන්න නම්ජුනා... දෝනි හායුන් මට සමාවෙන්න... මං මැරෙන්න කලින් එකපාරක් හරි මාව බලන්න එන්න " 🥺

" සොක්ජිනා.. 🥺...
මම අද හරි මේ තීරනේ වෙනස් කරනවා...
ඒත් මට දරුව මානසික ලෙඩෙක් වෙනව බලන් ඉන්න බෑ ජින්.... "

Jin " මං දන්නව...
මට ඔයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න බැරි උනා... දූට හොඳ අප්ප කෙනෙක් වෙන්න බැරි උනා...
දරුවෙක්ගෙ හිතේ නරක රූපයක් ඇඳුනොත් ඒක වෙනස් කරන්න බෑ කියල මම දන්නවා..
ජීනු මට වෛර කරනව ඇති... "😔

" සොක්ජිනා.... " 🥺

එහෙම කියපු ජින් යන්න යද්දි මම ජීමින්ගෙ අත් දෙකෙන් අල්ල ගත්තා...

" මල්ලී....
ජින්ට තනි වෙන්න දෙන්න එපා....
හොඳට බලා ගන්න...
මොනා හරි උනොත් මට කතා කරන්න මම එන්නම්... " 🥺

" ඔයා පුදුම ගෑනියෙක් නූනා...
හ්‍යොං අච්චර නරක වැඩ කරලත් එයා ගැන තාම හිතනව " 🥺

" මොනා කලත් ඒ මගෙ දරුවන්ගෙ අප්ප මල්ලි. "

එදා ගෙදර ආව මම සෑහෙන වෙලාවක් අඬල අඬල හිත හදා ගත්තා...
ආය ජින්ට තුරුල් වෙලා මට නිදා ගන්න බෑ..
දූයි එයයි එක්ක පාක් යන්න බෑ...
අපේ හැම ලස්සන හීනයක්ම මට හීනයක් උනා...

.

.

.

.

.

" ෆ්ලයිට් එකට වෙලාව හරි... නූනා.. එන්න.. "

" සම්චුන් එන්නෑ ?? 😛 "

" සම්චුන් එන්නම් මැනික වැකේශන් වලට බලල යන්න... " 😗

" මල්ලි...
අනේ ජින්ව බලන්න. එයාට වැටෙන්න දෙන්න එපා... "

" බලමු... " 🤨

මමයි දූයි Airport එකට ඇවිල්ල ෆ්ලයිට් එකට ආවා... අපි යනව සොක්ජිනා...
මං තාමත් ආදරෙයි මොන දේ කලත්...
මං ප්‍රාර්තනා කරනව ඔයාට හොඳ ජීවිතයක් ලැබෙන්න කියල...
ආයෙ සංසාරෙ කවදකහරි අපි හම්බෙනවනම් මේ විදිහට වෙන් නොවෙන්න අපි හම්බෙමූ...

ගුවන් යානය අහසට නග්ගනවත් එක්කම මුහුදු වෙරල අයිනෙ උන්න ජින් අහස දිහා බැලුවෙ ඇස් වලින් කඳුලු වැටෙද්දි...

හායුනා....
දරුවො දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වෙන්න. කවදහරි දවසක අපි අහම්බෙන් හරි ආයම හම්බෙයි..
මං ඒ බලාපොරොත්තුවත් එක්ක ජීවත් වෙන්නම්... සරංහේ ...............




____________________________
•••••🍃  𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞  🍃•••••
The end
____________________________





You are free අදින් අවසානයි...
කතාව එක්ක එකතු වෙලා උන්න හැමෝටම ගොඩාක් ස්තූතී 😊🙏❤️

🙂 අවේගශීලී උන හැමෝටම කොහිල ගෙනාව කන්න... 🥘🥘🥘🥘..

ජින්ට ඕන උනා පව්ල් බරින් නිදහස් වෙලා ජීවිතේ විදින්න.. ආයම තරුන වෙන්න..
හැබැයි එයාට ඒක ලැබුනම සතුටක් දැනුනද ?
නෑ...
මිනිස්සු හැඟීම් තියන හැම තැනකම එහෙම නවතින්න ගියාම ගෑනු ළමයි අතරමං වෙනවා.. සමහර ගෑනුත් ඉන්නව ළමයිවයි තාත්තවයි දාල යන... මේ සමාජෙ ඇත්තටම මේව වෙනව.

ඩිවෝස් එකකින් කෙලවර නොවන මරනින් කෙලවර වන කතාත් තියනව...
මට ඕන උනේනෑ ඒ එන්ඩින්ග් එක්ට යන්න..
අනික මේ කතාවෙ හායුන්ට හොඳ සහෝදරයෙක් උන්න සල්ලි තිබුන...
එහෙම නැති හායුන්ල කොච්චර ඇත්ද ?? 🙂🙏

මේ අවසානෙ හොඳයි කියල මට හිතුනා.. මොකද හැම කතාවෙම සමාව දිදී ඉන්නත් බෑනෙ. ඉවසීමේ සීමා තියනව.

මේක ෆික්ශන් එකක් ඇත්තට ගන්න එපා. ජින් ඔප්ප ඒම නෑ 😅අහිංසකයා...

Again දෙන්න උන්නෙ 🥲 අපේ නංඟිගෙ 20ᵗʰ Birthday එක.. එ නිසා පොඩ්ඩක් බිසී උනා.. එයාට මගෙන් මේ අවුරුදු 20ටම 7 වෙනි උම්ම එක මං දුන්නෙ 😅.. ඒකට සන්තෝසෙන් ඉන්නෙ. අපි ආදරේ උනාට පෙන්න ගන්න දෙන්නෙක් නෙවේ... 😅

ඉතුරු හතර දෙනාටත් මේ වගේ කතා 4 දෙනවා.. මම අද ටේගෙ එකේ ඉන්ට්‍රො දානව. කැමති අය බලන්න.. 🙏🙂

""" කැමතිනම් මේක කියවල යන්න...
මම නෝට් වල දැම්ම හැමදාම ඉන්න රීඩර්ලටනම් මතක ඇති..
නැන්ද කෙනෙක් ඉන්නව එයාගෙ දූගෙ දූල දෙන්න අම්ම රට ගියාම පැනල ගියා කිව්වෙ.
මතක ඇති...
දැන් ඒ අම්ම රට ඉඳල ආව. එයා මගෙ අක්ක වෙන්නෙ. නංගිලට මගෙනෑකම දුව.

අර පැනල ගිය ලොකු ළමය 17 න් ගියේ. දැන් 21. පොලොන්නරුවට පැනල ගියේ...
අවුරුදු 5කට ළමයි හදන්න බැරි වෙන්න බේත් විදල කෙල්ලව ඒ කොල්ල තියා ගත්ත.
අන්න දැන් බදින්න බෑ කියල ගෙදර එවල නඩු දාල 🙂🙏... ළමයිනම් නෑ... හැබැයි ජීවිතයක් තියෙයිද ????

එයාගෙ නංගි පැනල යද්දි 15නෙ.fb එකේ එකෙක් එක්කනෙ ගියේ... දැන් 17 🙂🙏. එයා ප්‍රෙග්නට්... මේ ඇත්ත කතා මගෙ නංගිල මුන්.. කසාද බන්දන්න බෑලු 18 නැති නිසා.. ක්ලින්ක් එකෙන් බැනල ඔක්කොම ඉස්සරහ... දැන් මාස 3. 🙂🙏

කසාදෙකට ළමයි හදන්න හදිස්සි වෙන්න එපා. මොකද ඔයාට වැරදුනාම බාර ගන්න සද්දාසීල පිරිමි නෑ ලෝකෙ 🙏...

පරිස්සමින්.. 😊❤️
සරංහේ මගෙ පේන්කිලර්ස් 🌷💕🌷💕

වෝට් කමෙන්ට් කරපු හැමෝටම ස්තූතී.. ආය හම්බෙමූ.... ❤️😊🙏

දුශ්ථ ඕතරී 😈

ื”ืžืฉืš ืงืจื™ืื”

You'll Also Like

2.8K 510 22
เถธเถง เถ‹เถปเท”เถธ เถฏเท”เถš เท€เท’เถญเถปเถธเถฏ เถ†เถฏเถปเถบ เถšเท’เถบเถฑ เถฏเทš เถธเถง เถšเทเถœเท™เถฑเทŠเท€เถญเทŠ เถฝเทเถถเท™เถฑเทŠเถฑเทš เถฑเทเถญเทŠเถฏ...
8.3K 2.4K 13
เถธเถธ เถ”เท„เท”เถœเทš เถ†เถฏเถปเถบ เถธเท เถญเท”เท… เถ‡เถญเท’ เถ‹เถฏเทŠโ€เถบเทเถฑเถบเทš เถดเทเท… เถšเถฝเท.. เถ’เถญเทŠ เถ…เท€เทƒเทเถฑเถบเทš เถ’ เถ†เถฏเถปเถบเถธ เถธเทเท€ เท„เท™เถธเท’เถฑเทŠ เถธเถปเถฑเทŠเถฑ เถดเถงเถฑเทŠ เถœเถญเทŠเถญเท.. | A JJK Fiction | | โ—This Story Contain Fictional Di...
Don't Leave Me ll JJK FF ll ื ื›ืชื‘ ืขืœ ื™ื“ื™ Jeon Nara

ืกืคืจื•ืช ื—ื•ื‘ื‘ื™ื

564 102 8
เทƒเถธเท„เถป เท€เทเถปเถฏเท’ เถญเท’เถบเท™เถฑเท€เท เถšเท€เถฏเทเท€เถญเทŠ เถฑเท’เท€เทเถปเถฏเท’ เถšเถปเถฑเทŠเถฑ เถถเทเถปเท’ เท€เท™เถฑ เถญเถปเถธเทŠ เถฏเถปเท”เถซเท”.. เถ‰เถญเท’เถฑเทŠ เถ’ เท€เถœเทš เท€เทเถปเทเถฏเทŠเถฏเถšเทŠ เถšเถปเถฑเทŠเถฑ เท„เท’เถญเถฑเท€เท เถฑเถธเทŠ เทƒเท’เถบเท€เทเถปเถบเถšเทŠ เท„เท’เถญเถฑเทŠเถฑ เถ•เถฑ.!! Nara__Jk Jk ff
65.7K 4.9K 64
แž•แŸ‚แž“แžŠแžธแž€แŸ’แžšแžกแžถแž”แŸ‹แž…แžถแž€แŸ‹ แž˜แž“แžปแžŸแŸ’แžŸแžŸแŸ’แžขแžธแžแžถแŸ†แž„แž–แžธแž€แŸ†แž›แŸ„แŸ‡แž˜แž€แžŠแž›แŸ‹แž–แŸ„แŸ‡แž˜แŸ‰แžถแž™แž€แžผแž“แž”แŸ’แžšแžถแŸ†แž แžพแž™ แžšแž€แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž‡แžถแž”แŸ‹แž›แžถแž”แŸ‹แž“แžทแž„แž‚แŸแŸกแž€แŸแž‚แŸ’แž˜แžถแž“ แž˜แžทแž“แž˜แŸ‚แž“แž›แŸ‚แž„แž›แŸ‡แž‘แŸ…แžฏแžŽแžถแž‘แŸ แž‚แžบแž–แžฝแž€แž‚แŸแž“แžทแž„แžŸแŸ’แž›แžถแž”แŸ‹แžŠแŸ„แž™แž‚แŸ’แž˜แžถแž“แž˜แžผแž›แž แŸแžแžปแž“แŸ…แžŠแŸ‚แž›...