๐˜๐จ๐ฎ ๐€๐ซ๐ž ๐…๐ซ๐ž๐ž ๐Ÿƒ |...

By clouzki

4.9K 1.6K 646

Don't Copy My Work ๐Ÿšซ Sinhala fanfication Kim Seokjin You are free... ๐Ÿƒ๐Ÿƒ๐Ÿƒ More

{{ โ€ข01โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข02โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข03โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข04โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข06โ€ข }} You Are Free ๐Ÿƒ
{{ โ€ข07โ€ข }} You Are Free ๐Ÿƒ

{{ โ€ข05โ€ข }} You Are Free ๐Ÿƒ

599 224 107
By clouzki




මම එදා ශූටින් ප්ලේස් එකට ආව කියල ජින් දොස් කිව්වෙ නෑ...
එයා හිතන්න ඇති මම දැන් පැත්තකට වෙලා ඉන්නෙ කියල..
මේ හැමදේම නිශ්ශබ්දව සිද්ද වෙද්දි අහම්බෙන් ජින් ගෙදර ආව දවසක මල්ලිත් ගෙදර ආවෙ තනියම නෙවේ ඔම්මත් එක්කම...

" ඔම්මා.... " 😃

" අනේ අනේ මහ ගෑනියෙක් වෙලාද ආයම තනියම දරුවෙක් වදන්න ගත්තෙ ආ... " 🤨

" සොරි ඉතිං ඔම්ම අසනීපයි කිව්ව නිසා මං නොකිව්වෙ " 🙄👉👈...

" ගුටි දෙන්නෙ....
මොනාද කන්න ආස මම හදල දෙන්නම් යං.. "

" මල්ලි එන්න... " 😊

" නූන කෝ හ්‍යොං මට ටිකක් කතා කරන්න ඕනා... " 🤨

මල්ලි තරහින් වගේ...
ෆියෝන මෙයාට මොනා කියලද දන්නෙ නෑ... මං කතා කරන්නත් කලින්ම සද්දෙට උඩ රූම් එකේ උන්න ජින් පහලට ආවා...

" ඔම්ම කුක්කු... " 😛👐...

Omma " අනේ අනේ දැන් නාකී නේ...
මල්ලිට කුක්කු ඉතුරු කලොත් නරකද ආච්චි " 😄

" බේරුමක් නෑ ඔම්ම.. තාම බොනව.. "

Omma " පුදුමයි හරිමනම් දැන් කිරි නතර වෙන්න ඕනා... ජීනුගෙ ලක් එක තමා "

මම කෙල්ලව වඩාගන පුටුවකින් වාඩි වෙලා කිරි දෙන අතරෙ දැක්ක ජින් ජූන් දෙන්න ගාර්ඩ්න් එකේ බර කතාවක ඉන්නවා...
හිත දෙගිඩියාවෙන් දවස ගෙව්නත් ජින් හරිම හොඳ විදිහට ඔම්මටයි මල්ලිටයි සැලකුවා..
රෑ වෙලා ඔම්මල යන්න යනවත් එක්කම පරන ජින් මතු උනා....

" හායුන්.... තමුසෙ මොනාද මල්ලිට කිව්වෙ " 🤨

" මං මොකුත් කිව්වෙ නෑ ජින්... " 🥺

" තමුසෙ ඇඬුවට මට වැඩක් නෑ...
තමුසෙ නෙවේනම් මම වෙන කෙල්ලෙක් එක්ක නටනව කියල මොකාද මල්ලිට කිව්වෙ " 🤬

එකපාරටම ජින් මගෙ උරහිස් වලින් හොලව හොලව ඇහුවෙ මාව හොඳටම බය කරල.. මට හොඳටම ඇඬෙනවත් එක්ක ඒ අස්සෙ....

" අනේ ජින්... 🥺
මම එහෙම කිව්වෙ නෑ... අනික ඒක ඇත්තක් නෙවේනෙ ඔයාට කලබල වෙන්න.. "

" නෑ නෑ ඒක ඇත්තක්...
මම ඩේට් කරනව බ්‍රිට්නි එක්ක...
හැබැයි නටාගන ආවොත් මම මේ ගෙදර ඉන්න එකත් තමුසෙට නැති කරල ඩ්‍රාම මීටින් එක දවසට මම තමුසෙට නැති කරනවා... " 🤬

ආආර්ර්ර්ර්ර් 😫... ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නෙ....
ඔයා කොහොමද මට මෙහෙම තිරිසනෙක්ට වගේ සලකන්නෙ ආ...... 🥺

" එහෙම තමයි.. හැඟීම් කියන ඒව ඒකාකාරී නෑ... මම නවතින්නෙ මට නවතින්න ඕන කියල හිතෙන තැන... " 🤬

" එහෙම හිතෙන හිතෙන තැන නවතින්න මොකටද එහෙනම් දරුවො හැදුවෙ 😫 "

" ඒක තමා මෙයාව නැති කරන්න කිව්වෙ... " 🤬

දෙයියනේ මගෙ පපුව පැලෙන තරමට මට දුකයි... කවදාවත් අපි මෙහෙම කටගහගන නෑ... ජින් මාව රිද්දල නෑ...
මම අඬාගන බිමින් ඉඳ ගද්දි ජින් හැමදාම බනින විදිහට අඬපං කියල මට බැනල යන්න ගියා...

" ඔම්මා.. අප්ප ගෑහුවයි " 🥺

ජීනු ඇහුවෙ එයාගෙ චූටි අත් වලින් මගෙ කඳුලු පිහන ගමන්..

" නෑ දෝණි මල්ලි දඟ කරනව.. ඒකට ඔම්මිට රිදුනා... "

" 🥺 ඔම්මිට සිදෙනෝට මං ආස නෑ...
මෙයාව කැලෙන් දාමු ඔම්මි... ඔයාට මං ඉන්නෝනෙ... "

" මගෙ මැනික... 😣
මගෙ දූ ගොඩාක්ම ආදරේ ඔම්මිටද අප්පටද " 🥺

" ඔම්මිට.. 🥺 අප්ප මට ගැව්වනෙ.. තාම සිදෙනෝ ඔම්මි...
උදෙත් මාව තල්ලු කලා...
ඇයි ඔම්මි අප්ප මට ආත නැත්තෙ " 🥺

මම දෝණිව බදාගන තවත් ඇඬුවෙ එයාවත් හොඳටම අඩෝලා....

දෙයියනේ මේ දරුවට මම කොහොමද උත්තර දෙන්නෙ 😫

.

.

.

" ජිනී... ඩ්‍රාම එක ඇක්ට් කරද්දි මට ආදරේ හිතුනෙ ඇයි... "

" මට මගෙ තරුණ කාලෙ මතක් උනා.. කිසිම බරක් නෑ වගකීම් නෑ... " 😌

" අපි අතර සම්බන්දයක් තියනව කියල දැන් ගොඩක් අය දන්නව.. ප්‍රශ්නෙ ඔයා මැරි කරල ඉන්න එක... "

" ඇයි ඔයාට ඕනද මාව " 😌

" අපි අතර හැමදේම වෙලා ඉවරයි...
ඔයා මගේ දැන්... ඒත් ඔයාට පුලුවන්ද හායුන්ව අතෑරල මං ගාවට එන්න... "

" මොකද අනේ බැරි...
මොකද මම විතරද එහෙම කරන එකම කෙනා.. ඉන්නකො මම හෙට ඉන්ටව් එකේදි කතා කරන්න... " 😌

ජිනුත් බ්‍රිට්නිත් උන්නෙ කාමරේක යහන මත.. ශූටින්නම් නෙවේ හැබැයි මේක රියැලිටි...
ඩ්‍රාම එකේ තිබුන රාගික කොටස් ජින්ව තෘප්තියට පත් කරපු නිසා ඒ දේවල් වලට ජින් ඇලුම් කරන්න ගත්තා... ඒකයි එයාට පව්ල බරක් උනේ...

.

.

.
පහුවදා උදේම කෙල්ල ඇහැරල Tv එක බලන්න ගත්තෙ ජින්ගෙ ඩ්‍රාම එක අවසානෙ කතා බහ ප්‍රෝග්‍රෑම් එක යන නිසා....

එයා ගොඩක් සතුටින්...
බ්‍රිට්නි එක්ක ඉන්නව. ඒකෙදි මාවයි දූවයි මතක් කලෙත් නෑ... පව්ල දැන් ලොකු වගකීමක්ලු...
අපරාදෙ හිතෙනවලු මැරි කලේ....
නිදහස නැති වෙලාලු...
ආයම අතීතෙට යන්න පුලුවන්නම් තාමත් තනිකඩව ඉන්නවලු.......

මම දැක්ක ප්‍රශ්න අහන කෙනත් ඒ උත්තර වලට හිර වෙනවා...
ඒ ප්‍රෝග්‍රෑම් එකට පැයකට පස්සෙ මට දන්න අඳුරන අයගෙන් කෝල් මැසේජ් ගොඩාක් ආවා..
Fb , inster , tweeter  ගොඩාක් පෝස්ට් ජින් ගැන නරක විදිහට ශෙයා වෙනව මම දැක්ක...

එකපාරටම මම ගැස්සිලා ගියේ කව්රුහරි වේගෙන් දොර ඇරපු නිසා...

හ්හාහ්.... 😰... ආහ්ම්... 😣 මල්ලි.. මං බය උනා... ආහ්.... ආව්.... 😣

" නූනා අමාරුද... මියාන්හ්..
මං හදිසියෙ ආවෙ මොකද්ද මේ කතාව කියල බලන්න.... 🤨
නූනා... සොක්ජින් ඔයා එක්ක ප්‍රශ්නයක්ද ?
මං අහපුවම එදා නෑ කිව්ව.. "

" 🥺 මං තව ඉවසන්නම් මගෙ දරුවට අප්ප කෙනෙක් ඕනා... "

" ඔය වගේ පර පෙන්දො මං ලීවලින් කපල දෙන්නම්.. අප්පා...
ලෑස්ති වෙනව ඩිවෝස් එක ෆයිල් කරන්න... "

" අනේ මල්ලි මං තාම ජින්ට ආදරෙයි " 🥺

මං නැගිටල අඬන්න ගන්නවත් එක්කම එයා මාව ඇවිල්ල තුරුල් කර ගත්තා...
මොන සහෝදරයටද පුලුවන් තමන්ගෙ අක්ක දුක් විදිනව බලන් ඉන්න..
අනික මල්ලි ලෝයර් කෙනෙක් හයිකෝට්...
නීතිය එයා හරියටම කරනවා...
ජින්ට ලේසි වෙන එකක් නෑ...
.

.

.

.
දින කීපයකට පස්සෙ ජීනු හොඳටම අසනීප වෙලයි කියල නර්සරි එකෙන් කෝල් එකක් දුන්නම මායි මල්ලී එහාට ගියා..
මගෙ මුලු ඇඟම පන නෑ වගේ...
මගෙ කෙල්ල... 🥺

" ඔම්මා.... " 🥺

එයා දූවල ඇවිල්ල මගෙ කකුල් වල එල්ලුනා.. එයා හොඳටම අඬනවා හුස්ම ගන්නත් අමාරුයි.

" දෝණි " 🥺

" සමාවෙන්න කරදර කලාට..
අද සොක්ජින් ශී ආව මෙහාට ශූට් එකකට.. ආව වෙලේ ඉඳං ළමය යකෙක් දැකල වගේ බය වෙලා කෑ ගහල අඬන්න ගත්තා... "

" එයා හරියටම දැකල තියනව. ඒකනෙ ඇඩුවෙ. මොන ළමයද යක්කුන්ට බය නැත්තෙ  " 🤨

මල්ලිගෙ හරස් කතා ටීචර්ට නොතේරුනත් මම දූව අරගන ඉක්මනට ගෙදර එන්න ආවා...
අර ජරා මනුස්සය නර්සරි එකේදි එයාට අප්ප කියන්න එපා කියල මගෙ දරුවගෙ අත මිරිකල... මට නම් දැන් සොක්ජින්ව මරන්න කේන්තී.... 😣

ඉඳල හිටල සොක්ජින්ව පාරෙදි දැක්කත් Tv එකේ දැක්කත් ජීනු හොඳටම බය වෙනවා.. අඬනව උණ ගන්නවා...
මල්ලි කියනව ළමය පිස්සෙක් වෙන්න කලින් මට තීරනයක් ගන්නලු..

මම තීරනයක් ගන්න හදනකොටම ජින්ගෙ entertainment එකකින් ඇවිල්ල මාව හම්බුනා.. එදා ජින් කරපු කතාව නිසා එයාගෙ ෆැන්ඩම් එක වැටිලලු... ඒක හදාගන්න උදව්වක් විදිහට හැපි ෆැමිලි ලයිෆ් කියන ප්‍රෝග්‍රෑම් එකට එන්නලු... ඒකෙ කරන්නෙ අපි ගෙදර ඉන්න යන එන තැන් රූපගත කරන එක...

" ඔම්මා... මං අද කතාවක් කලනුව " 😛👐

" මගෙ මැනිකට බය නැද්ද " 😊

" ඔම්මි ඉන්නෝනෙ ලඟ. මං බය නා.. මං ඔම්ම ගැන කතා කලන්නෙ... "

ජීනුගෙ නර්සරි එකේ දෙවෙනි වාර අවසානය. එයා අද කතාවක් කරන්නයි සින්දුවක් කියන්නයි ඉන්නවා... වෙනසකට වෙන්නෙ ජිනුත් මේකට එන එක....
.

.

.

.
මාස හතක් විතර පිරුන කුසත් අල්ලගන මම නර්සරි එක්ට යනකොට ජින් ඇවිල්ල මගෙ කරට කෝට් එකක් දැම්මෙ පස්සෙන් කැමරාකාරයො එන නිසා...

" සොක්ජින් මගෙන් ඈත් වෙලා එනවා.. " 🤨

" ටිකක් කට පියං ඉන්න.. ඔයාලගෙ ජීවිතේ හොඳ කරන්නනෙ මම මේ කටු කන්නෙ "

" මොකක්... ?? අපේ ?? මගෙ යකා අව්ස්සගන්න එපා... " 🤨

මම කැමරාවට හොරා ජින්ට බැන බැන හෝල් එකට ආවා...  අපි දෙන්නටම ඉඳගන්න උනේ එකම තැන...
දෝනිගෙ කතාව දැන්.. එයා මොනා කියයිද දන්නෑ 😊 ආසාවෙ බෑ.. රෝස මලක් වගේ..

" අන්‍යොං .. 😃👋.. ආ.. ඔම්මා... "

අයිගූ... 😄 මේ කෙල්ල මයික් එකෙන් මට කෑ ගහනවනෙ....

" කතාව කතාව " 😬

මම එයාට ඉගි කලාම එයා මයික් එකට ඇවිල්ල හිට ගත්තා... මම හිනා වෙනව ජින් ආසාවෙන් බලං ඉන්නව මම දැක්ක.. ආහ්...
ශූටින් ශූටින්.... 😏....
එයා නලුවෙක්නෙ......






___________________________
•••••🍃  𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞  🍃•••••
___________________________







කෙල්ල මොන වගේ කතාවක් කලයිත දන්නෑ නේ... 😬 පොඩි උන්නෙ ...

ගොඩක් අය අහනව මෙහෙම අදහස් එන්නෙ කොහෙන්ද කියල..
ඇත්තටම මේ මම දැකපුව ඇස් දෙකටම..
කනට අහපුව...
අපි ඉන්නෙ ගමක...
ඊට එහාය යන්න තියනව ඔය කොලනිය කියන්නෙ... ඒවත් ගම් මිනිස්සු බොරුවට කොලනි කිව්වට...
ඉතිං එහෙට ගිහිල්ල දවසක් උන්නොත් මට කතා දාහක් ලියන්න පුලුවන් තියන ප්‍රශ්න...

පව්ල් වල ප්‍රශ්න තියනව...
ඒ කියල අපෙ අම්ම තාත්තව දාල ගියෙත් නෑ තාත්ත වෙන ගෑනු පස්සෙ ගියෙත් නෑ...
ආසයි බඳිනවනම් දවසක මට මගෙ අම්මයි තාත්තයි වගේ පව්ලක් වෙන්න..
කොච්චර අමාරු උනත් දාල ගියේ නෑ...

ඔයාලගෙත් එහෙම තමා මම දන්නවා..

මිනිස්සුන්ට තියෙනව මාර ප්‍රශ්න අපිට හිතා ගන්න බැරි තරම්..
මේ කතාවනම් මට ලියන්න හිතුනෙ ලංකාවෙ නලුවෙක් දැකල...
මට පේන්නම බැරි චරිතයක්.. ළමයි දෙන්නෙක් ඉද්දි නලු කම ගහල නිලියක් එක්ක ගිහිල්ල එයා පව්ල් කෑවා...
මේ කතාවට ඒක තමා හේතුව...

හෙටින් මේක ඉවරයි... 🥲

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ 💛💛💛💛💛💛💛💛💛💛

දුශ්ථ ඕතරී 😈

Continue Reading

You'll Also Like

44.2K 9.8K 30
เถšเถฉเท€เทƒเถธเทŠ เถธเท”เถปเถฑเทŠเถฉเท” เถธเท”เท„เท”เถฑเถง เถบเถงเท’เถฑเทŠ เทƒเทเถœเท€เท”เถซเท” เทƒเท™เถฑเท™เท„เท™เถถเถป เถ†เถฏเถปเท€เถฑเทŠเถญเถบเท™เถšเทŠ......... เถธเถœ เท„เทเถปเท”เถซเท” เถธเท€เทŠ เทƒเท™เถฑเท™เท„เทƒ เทƒเทœเถบเถฑ เถญเถปเท”เถซเท’เถบเถšเทŠ.... เถฑเทœเถฏเท”เถงเท” เถธเท’เถญเท”เถฏเถธเถšเทŠ........ เถญเท”เถฑเทŠ เถšเทœเถฑเทŠ เถดเทŠโ€เถปเทšเถธเถบเถšเทŠ...
155K 9.2K 19
แ€€แ€™แ€นแ€˜แ€ฌแ€•แ€ฑแ€ซแ€บแ€™แ€พแ€ฌ แ€œแ€ฐแ€•แ€ฑแ€ซแ€„แ€บแ€ธ billion แ€แ€ปแ€ฎแ€•แ€ผแ€ฎแ€ธแ€›แ€พแ€ญแ€”แ€ฑแ€œแ€Šแ€บแ€ธ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€™แ€กแ€€แ€ผแ€Šแ€บแ€ทแ€แ€ฝแ€ฑแ€€ แ€›แ€พแ€„แ€บแ€ทแ€โ€‹แ€šแ€ฑแ€ฌแ€€แ€บแ€กแ€แ€ฝแ€€แ€บแ€žแ€ฌแ‹
93.7K 12.4K 45
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
237K 23.1K 70
แžŠแŸ„แž™แžŸแžถแžšแžแŸ‚แž‚แžปแŸ†แž“แŸ†แž”แžถแž“แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž€แŸ’แž˜แŸแž„แž”แŸ’แžšแžปแžŸแžŠแŸ‚แž›แž˜แžถแž“แž”แŸแŸ‡แžŠแžผแž„แž”แžšแžทแžŸแžปแž‘แŸ’แž’แžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž”แŸ’แžšแŸ‚แž€แŸ’แž›แžถแž™แž‡แžถแž€แŸ’แž˜แŸแž„แž–แžนแžŸแž–แžปแž›แž–แŸ„แž–แŸแž‰แžŠแŸ„แž™แž›แŸ’แž”แžทแž…แž€แž›แŸ‹ แž‚แŸแž แŸŠแžถแž“แž’แŸ’แžœแžพแž‚แŸ’แžšแž”แŸ‹แž™แŸ‰แžถแž„แžŸแžผแž˜แŸ’แž”แžธแžแŸ‚แž“แžถแž˜แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แž…แžปแž„แž”แžปแžšแžŸแž…...