𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃 |...

By clouzki

4.9K 1.6K 646

Don't Copy My Work 🚫 Sinhala fanfication Kim Seokjin You are free... 🍃🍃🍃 More

{{ •01• }} You Are Free 🍃
{{ •02• }} You Are Free 🍃
{{ •04• }} You Are Free 🍃
{{ •05• }} You Are Free 🍃
{{ •06• }} You Are Free 🍃
{{ •07• }} You Are Free 🍃

{{ •03• }} You Are Free 🍃

567 230 72
By clouzki


Morning kiss නෑ... උදේට කතා බහක් නෑ... එකට කෑම කන්නෙ නෑ.. ජින් වෙනස් වෙලා...
හැබැයි හේතුවකුත් නෑ...

" ජින් බබාව නර්සරි එකෙන් ගන්නවද අද ? මට උන වගේ... "

මම කිව්වෙ ජින්ව බැක්හග් කරනගමන්.. එයාමගෙ අත් අතෑරල කන්නාඩි මේසෙ ගාවට ගිහිල්ල පර්ෆියුම් එක ස්ප්‍රේ කර ගන්න පටන් ගත්තා...

" උණනම් මාව හග් කරාම හරියනවද ?
බෙහෙත් ගන්න..
මට උණ බෝ උනොත් වැඩ කරගන්න වෙන්නෙත් නෑ...
දන්නවනෙ මම Young Couple සෙරිස් එකේ මේන් ඇක්ට් කරනව කියල... " 🤨

" ජින් .... ඇයි මං එක්ක තරහ.. ඔයා ඔහොම කලින් සලකල නෑ මට.. "  🥺

" ඔන්න හරි අඬනවා... " 🤨

" මං අඩන්නෑ මට ඇඬෙන්නෙ ඔයා මාව කෙයා කරන්නැති වෙද්දි... " 🥺

" අප්පා.... වඩා... " 😛👐

ජීනු නර්සරි යන්න ලෑස්ති වෙන්න ඇවිල්ල ජින්ගෙ කකුලෙ එල්ලුනේ අර ලමයි අත්කකුල් ඔක්කොම ගුලි කරං කනු වල එල්ලෙන්නෙ ඒ වගේ...

" අයියෝ මේ ළමයව ගන්නව... ඇඳුමත් පොඩි වෙනවා.. " 🤨

ජින් කකුල ගසල දැම්මම හායුන් කලබල වෙලා කෙල්ලව වඩා ගත්තෙ පුදුමෙනුත් පුදුම වෙලා.

" ජින්...🥺 මොකද්ද ඔයා ඒ කලේ තව ටිකෙන් ජීනු වැටෙනවා... "

" ඔයා දැනගන්න ඕන ළමයි හදාගත්තනම් ළමයි බලන්න... "

" දෙයියනේ අපි දෙන්නම මේ දරුව හදා ගත්තෙ " 🥺

" දැන් මට හිතෙනව අපරාදේ මෙච්චර ඉක්මනට ළමයි හදා ගත්තෙ කියල...
තව ටිකක් අපිට එන්ජෝයි කරන්න තිබුනා.. " 🤨

දෙයියනේ මේ මගෙ ජිනීමද කතා කරන්නෙ...
දරුව හම්බෙන්න ඉද්දි දවස් හතක් පාටි දාපු මනුස්සයද මේ කතා කරන්නෙ...
මං එක්ක ප්‍රශ්නයක් තිබුනත් අපේ දරුව ඒකට මොනා කරන්නද
ජින් වෙනස් උනේ මේ ළඟකදි එයාට ආව ඩ්‍රාම එක ඇක්ට් කරන්න ගිය නිසා කියලත් හිතෙනවා...... 🥺

හිතේ තිබුන වේදනාවට මම දරුව අරගන එලියට දුවල ගියා හිතේ දුක නැති වෙනකල් අඬපු මම දූවත් අරං නර්සරි ගියා...
මට උණ හොඳටම වැඩී...
පැටිය ඇරෙන්න තව පැය දෙකක් තියන නිසා මම අමාරුවෙන් Hospital එකට ගියා...

.

.

.

" ඕහ්.... Congratulations මිසිස් කිම්.. 😄
ආයම ඔම්ම කෙනෙක් වෙන්න යන්නෙ "

" මොකක්.... " 🥺
දෙයියනේ ආයම...
මට සතුටු වෙන්නද අඬන්නද කියල හිතා ගන්න බෑ..

උදේ ජින් කියපු කතාවත් එක්ක මේ නිව්ස් එක අහපුවම හායුන් හොඳටම බය උනා..

" ඇයි බය වෙලා.. මට මතකයි දූගෙ Birth එක දවසෙ සොක්ජින් කිව්ව බස් එකක් පිරෙන්න බබාල හදනව කියල " 😄

" දැන් කොච්චර කල්ද මෙයාට " 🥺

" මාස දෙකක්.. ආහ්... මේ විටමින් ටික පහලින් අරං යන්න.. වෙලාවට කන්න බොන්න..
ඩ්‍රයිව් කරන්න එපා..බර වැඩ එපා..
කල්පනා කරන්න එපා..
ඔයා දන්නවනෙ " 🙂

" හ්ම්.. කු.. කුමාවොයෝ " 🥺

කා එක ලඟට ආව මට දොර ඇරගන්න පනත් නෑ.. මම අඬ අඬම ශටර් එකට ඔලුව ගහගන කා එකට හේත්තු උනා...
මං ආයම ඔම්ම කෙනෙක් වෙන්න යනවා 🥺
ම.. මං මොනා උනත් මේක ජින්ට කියනවා..
උදේ තරහ ගිහිල්ල අරම කිව්වට මේක අහපුවම ජින් සතුටු වෙයි....

මම පෝන් එක අරගන ජින්ට ඩයල් කලා.. එයා කට් කරනවා... දෙතුන් පාරක්ම කට් කලා...
මං හිතන්නෙ ඩ්‍රාම එකේ ශූට් එකක ඇත්තෙ..
නැත්තම් කවදාවත් කට් කරන්නෙ නෑනේ...

එහෙම හිතපු සෝහා දූව නර්සරි එකෙන් අරගන උස්සරහ ශීට් එකෙන් වාඩි කරවගන ටික දුරක් එන්න ආවා...

" ඔම්ම උණ අඩුත ඔවාට.. බේයියං බීවත " 😛

" බිව්ව මැනික..
ඔයා වගේ අප්පත් ඔහොම අහනවනම්... " 😕

" ඔම්ම ආයික්කීම් " 😛

" ඔයානම්... ඉන්න ඉන්න අරං දෙන්නම්..
ඒක නෙවේ දෝණි....
ඔයා ආසද මල්ලියෙක් එනවට " 😕

" කෝ " 😱

" ඔම්මි ගාව ඉන්නෙ බන්ඩියෙ " 🙂

" අනේහ්... ඔම්මා... 😃... මං ආතයී.. ගුඩාක්.. ඉක්මනට දෙන්නතූ.... "

" ඔයා ආසයිද ගොඩක්.. "

" හ්ම් හ්ම්... " 😃😛👐

ජීනුට තේරුමක් නැති උනත් එයානම් ආස උනා එයාට මල්ලියෙක් ගේනවට.. එයා හරි ආසාවෙන් හිනා වෙනව.. මල්ලි එක්ක කරන ඒව කියෝනව.. මම ඒ චූටි කතා වලින් හිත පුරවගන 🍦 පාලර් එකකින් නතර කරල දෝණි එක්ක ඇතුලට ආවා...

ජීනුට අයිස් ක්‍රීම් එකක් අරං දීලා එයා ඒකකනකල් මම ආයම ජින්ට ඩයල් කලා... කට් කරනවා... තාම වැඩ ඇතී....
ඩ්‍රාම එක එක නිසා එයා දැන් ගොඩක් බිසී...
තව එකපාරක් අරගන බලනව....

" ඔම්ම යං... තූ බරායි.... " 😗

" මෙහෙට එක්කං යන්නද ? "

" ගෙදේර යන්නෝනි... " 😗

" හ්ම් යං... "

මං කෙල්ලව එක අතකින් වඩාගන පෝන් එක කට් කරන්න යනකොටම මෙන්න ජින් ආන්ස්වර් කලා....

📞  : සොක්ජිනා 😊...

📞 : මම ශූටින් වල ඉන්නෙ හායුන්..
ඇයි මේ එක දිගට කෝල් ගන්නෙ හවස ගෙදර එනකල් ඉන්න බැරිද ආ....

📞 : අහ්ම්... මියන්හේ ම...මං..... මං... 😕

📞 : අයියෝ කියන්න ඉක්මනට..
නැත්තම් මං තියනවා..

📞 : ජින් ඔයා කොහෙද ඉන්නෙ 🙂

මට අහන්න ඕන උනේ ඒක නූනත් හදිස්සියට කටට ආව එක මම ඇහුවෙ එයා තියයි කියල බය වෙලා...

📞 : ඕක අහන්නද ගත්තෙ ආ...
Entertainment එකේ ඉන්නෙ... මං තියනව හවසට කතා කරමු....
Call end...

ජින්... ජින්.... 😕 තිබ්බා..

" ඕහ්.... අප්පා... අල 😛👐... අප්පා.... "

ජින්..... 😟
එකපාරටම මම ජීනුගෙ කටත් වහගන කා එකට මුවා උනා...
Entertainment එකේ ඉන්නව කියපු ජින් ඉස්සරහ ශොපින් මෝල් එකෙන් එලියට එනවා..
නිකම්ම නෙවේ කව්රුහරි Girl කෙනෙකුත් එක්ක.... අතිනුත් අල්ලං....
මට ඉකි ගැහුනෙ පාරෙම...
මට මගෙ ඇස් අදහගන්න බෑ.....
මම ගල් වෙලා වගේ ඒ දිහා බලං ඉඳියා...
එයා ඒ කෙල්ලව කා එකට දොරත් ඇරල දීල නග්ගගන හිනා වෙවී යන්න ගියා...
මේ ශූටින්නම් වෙන්න බෑ...

" ඔම්මි... කාත ඒ " 😃

" මං දන්නෑ දෝණි 🥺... මට පිස්සු හැදෙන්න වගේ..... "

මම ගෙදරට එන්න ආව..
ඒ එනකලුත් මගෙ ඔලුවෙ රැව් දුන්නෙම ජින් උදේ දරුව ගැන කියපු කතාව...
බැරිවෙලාවත් ජින්ට ආයම තරුන කාලෙට යන්න ඕන වෙලාද ?
දරුවෙක් නැති... විවාහ නොවුන කාලෙට 🥺

.

.

.
හවස හතත් උනා...
දෝණි මගෙ අතේම නිදි..
මම එයාවත් වඩාගන ගේ ඉස්සරහ මිදුලෙ ඇවිද ඇවිද උන්නෙ හිත දෙගිඩියාවෙන්...
ඇස් දෙකට දැක්ක දේ විශ්වාස කරගන්න බැරුව....
සමහරවිට ඒ ස්ටාෆ් කෙනෙක් වෙන්න ඇති..
ඒත් අතින් අල්ලං ගියේ ඇයි... ??
හාහ්... නෑ නෑ...
මම හිතනව වැඩී....

.

ඒ ක්ශනිකවම කෙල්ලට මතක් උනේ කලින් දවසක මේකප් රූම් එකේ ඉඳං එලියට ආව බ්‍රිට්නිව...

ඒ බ්‍ර්ට්නිද ? මම හරියට දැක්කෙ නෑ... 😕

දරුවට පිනි බාන නිසා මම ගේ ඇතුලට එන්න හදද්දිම ජින් ඇතුලට ආවා...

" ජින් ඔයා... "

" අනේ මට ටයර්ඩ් හායුන්.. please හෙට කතා කරමු... "
මම කතා කරන්නත් කලින් ජින් එහෙම කියාගන ගෙට ගියා..

කීප පාරක්ම එයාට කතා කරන්න උත්සහ කලත් එයා මට කෑ ගහල එලව ගත්තා...
වෙනද කොච්චර ටයඩ් උනත් දරුව හුරතල් කරන්නම බලාගන එන ජින්ට අද මහන්සිය ලොකු වෙලා...
මට ඕන උනා කියන්න මම ආයම ප්‍රෙග්නට් කියල...
ඒත් එයාට අහන්න වෙලාවක් තිබුනෙ නෑ....

.

.

.

.
" අයියෝ.... 😫 හායුන්.. මේ කෙල්ලව ගන්නව අහකට.... "

නිදාගන උන්න මම එකපාරටම ගැස්සිලා ඇහැරුනේ ජින්ගෙ සද්දෙට... දෙයියනේ දෝණි ඇඳේ නෑ.. මම හව්ස් කෝට් එකත් හදාගන ජින්ගෙ ඩ්‍රෙස්න් රූම් එකට දුවගන යද්දි කෙල්ල හොඳටම අඬනව...
ශර්ට් එකකුයි කතුරකුයිත් බිම....
මම කෙල්ලව වඩා ගත්තා...

ඔම්මා..... 😫...ආහ්... ආහ්...

" ජින්... ඇයි දෝණි අඬන්නෙ ?? "  😟

" එයා අඬන එකද ප්‍රශ්නෙ.. ??
බලනව බිම... මගෙ ඊයෙ ගෙනාව අලුත්ම ශර්ට් එක කපනව මම නූලක් මිස් උනානම්... " 🤨

" මෙයා තනියම මේ කාමරේට එන්නෙ නෑනේ.. ඔයාගෙ පස්සෙන්නෙ එන්නෙ " 😟

" ඒක තමා මෙතන අව්ල...
ළමයි හදන්න ඕන ඔම්ම එක්ක ඉන්න.. ඔයාගෙ හුරතලේ තමා මේවට මුල... "

" ජින්... " 🥺

" ආහ්... මරු ඔම්මයි දුවයි.. දෙන්නම ඇරගන පයිප්ප දෙක..." 🤨

මගෙ උරහිසෙත් වැදීගනම ජින් යන්න යද්දි මං දූව බිමින් තියල එයා ගාවින් බිමින් ඉඳගත්තා..

" මැනික.. අප්ප සැර කලාද ? " 🥺

" ආආර්ර්ර්ර්ර් 😫... අප්.. අප්ප ගැව්වා... "

" මොකක්... ගැහුවා... " 🥺😟

පොඩි එකීගෙ පිටේ හෙන ඇඟිලි පාරක්..
ජීවිතේ පලවෙනි වතාවට එයා ළමයට අතක් උස්සල... මගෙ යකා ආවේස උනා ඒකටනම්..
මම දත් මිටි කාගන ඉවසගන ඉඳල දුවව කිරි දීල නිදි කරල බාම් ටිකකුත් ගාල සාලෙට ආවා...  ඒ එද්දි ජින් යන්න හදනවා....

" යාහ්.. කිම් සොක්ජින් " 🤨




___________________________
•••••🍃  𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞  🍃•••••
___________________________







හිතට දැනෙන දේ කොටං යන්න.. මම පුලුවන් විදිහට reply කරන්නම් හොදේ.. කතා සාගරයක ගිහිල නහය ලඟටම කතා ඔක්කොම ලියනව ඒකයි... ❤️👐

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දුශ්ථ ඕතරී 😈

Continue Reading

You'll Also Like

1.3K 271 10
මේක මතකද දන්නෑ දැන් කට්ටියට ?😁 💖 LISTEN TO MY HEART💖 🌟 අලුත්ම එකක් නං නෙවෙයි.listen to my heart එකේම special story එක. 🌟ඉතිං මේකෙ...
592K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
2K 371 4
මම මගේ ජීවිතේ අකමැතිම වචනේ තමා " ඉක්මනට ගිහින් එන්නම් " කියන එක ..... ?? ඔව් එහෙම කියපු හුඟක් අය තාම මං ළඟට ආවේ නෑ..... ?? කවදා හරි දවසක ඒ ගිහිං එන්න...
163K 27K 36
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤