DOUBLE MATES ( ටේකුක් )

By Alexandria_Great

1.6K 318 92

Mates!!! Mates!!! මගේ වෘකයා ලියෝ සතුටින් කෑ ගැහුවා...... ඒක නම් කොහෙත්ම වෙන්න බෑ...... මට 18ක් වුණා විතරනේ... More

01
Character Introduction
02

03

414 84 54
By Alexandria_Great

I spend my whole life but i haven't met such a person like you. I know that you are ready to die for me and kill for me. But i need to see you are living with me happily and protecting everything among me.
_____________________________________

මම හිස් කැලෑවේ සුවද වැඩියෙන්ම දැණුණ  තැන දිහා බලනකොට වෘකයන් දෙදෙනෙක් එතැනින් මතු වුණා..... එයාලා වනාන්තරයෙන් එළියට එන ගමන් මම හිටිය තැනට ටික ටික ලං වුණා.....ඉන් එක්කෙනෙක්  තද දුඹුරු පැහැති වෘකයෙක්, අනික ලා දුඹුරු පැහැතියි.....

ඇත්තටම ඔවුන් මාව නිරුවතින් දුටු බව ගණන් නොගෙන මම වතුරෙන් බහින ගමන් මගේ අළු කොට කලිසමට මාරු වුණා..... මම මගේ ඇඳුම් ටික ( කලිසම විතරක් ) ඇඳගත්තට පස්සෙයි මගේ ඉස්සරහ ඉදගෙන හිටිය ආගන්තුකයෝ දෙන්නා දිහා බලන්න කාලය වැය කලේ.....

"Hey Mate"

ඔවුන්ගේ ඇමතුම ආදරණීයයිද එහෙමත් නැත්තම් උපහාසාත්මකද කියලා හිතාගන්න මට ටික වෙලාවක් ඕනි වෙනවා කියන එක....... ආහ්...... මම මෙහෙම කියන්නම්කෝ..... මාර්ක් කරනකන් අපිට අපේ හැඟීම් තේරුම් ගන්න ලොකු හැකියාවක් නෑ...... අනික ඔමේගලාට කොහෙත්ම වැඩි ශක්තියක් නැහැනේ..... ඒත් මට ඒ කටහඬෙන් දැණුනෙ ලෙංගතුකමක් නම් නෙවෙයි..... ඒක ඇත්තටම උපහාසයෙන් පිරිලා තිබුණා..... ඔව් මදි නොකියන්නම...... හහ්....... සඳ දෙව්දුවට පිංසිද්ද වෙන්න මගේ වෙලාව නම් අන්තිම නරකයි......

.
.
.

වෘකයන් දෙදෙනාගේ හඬින් භීතියට පත් ටේහ්‍යාන්ග් ඔවුන්ගේ දැකුම් මාත්‍රයෙන් වසන් වීම සඳහා ඔවුන්ට විරුද්ධ දෙසට දිව ගියා...... ටේහ්‍යාන්ග් මිනිස් ස්වරූපයෙන් සිටි මුත් වෘකයන් දෙදෙනා තවමත් මිනිස් ස්වරූපයට පරිවර්තනය වී සිටියේ නැහැ....... ටේහ්‍යාන්ග් තමාගේ වෘක ස්වරූපයට පරිවර්තනය වීමට උතසහ කළ නමුදු ඔහුට එය කරගැනීමට සිත එකඟ කරගැනීමට නොහැකි වූවා...... ටේහ්‍යාන්ග්ව වඩාත් භීතියට පත් කළ කාරණය එයයි....  ටේහ්‍යාන්ග් වේගයෙන් දිව්වා, රැයේ සඳ එළිය මතින් ගස් අතරින්, කටු පදුරු අතරින් සියුමැලි ශරීරය සීරෙමින් රුහිරු ගලද්දී පවා ටේහ්‍යාන්ග් වේගයෙන් දිව ගියා..... නමුත් වෘකයන් දෙදෙනා නොනවත්වාම ටේහ්‍යාන්ග් පසුපස හබා පැමිණි අතර ඔවුන් තමන්ගේ Mate ලා වුවද තමන් ඔවුන්ට බයේ ඒ ආකාරයෙන් දිව යන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට පවා ටේහ්‍යාන්ග් හට නොහැකි වූවා......

දිවීම අවසානයේ ටේහ්‍යාන්ග් නැවතුණා....... ඒ විශාල ප්‍රපාතයක් අසබඬයි...... ඉන් ඉදිරියට යා හැකි වෙනත් අනෙක් මාර්ගයක් ටේහ්‍යාන්ග් හට නොමැති වෙද්දී ටේහ්‍යාන්ග් ප්‍රපාතයට හා වෘකයන්ට මැදිව නතරවී සිටියා....... ටේහ්‍යාන්ග් ප්‍රපාතය දෙස බලමින් සිටින අතරතුර වෘකයන් දෙදෙනා ඔවුන්ගේ වෘක හඬින් තමන්ගේ අදහස් ප්‍රකාශ කළා.......

"Mine.........."

එහි තිබුණේ තනිකරම තමාගේ අධිකාරීත්වය හැඟවීමට යොදාගත් ඇමතීමක් පමණක් වූ අතර ඔවුන් දෙදෙනාම ටේහ්‍යාන්ග්ව වෙන වෙනම තමා සතු කරගැනීමට මඟ බලාගෙන සිටියා...... ඒත් කෙසේද???? ටේහ්‍යාන්ග් හට ඔවුන් දෙදෙනාම තමාගේ බව වැටහෙමින් තිබුණා...... සාමාන්‍යයෙන් නම් ඔමේගාවන් හට ද්විත්ව සහකරුවන් නොලැබෙන අතර ඇල්ෆාවන්, ලයිකන්වරුන් වැනි ඉහළ නිළ වල අයවලුන් හට පමණක් ද්විත්ව සහකරුවන් සිටිනා බවට ඉතිහාසය සහ පුරාවෘත්ත සාක්ෂි දැරුවා..... එහෙත් දැන්.......??? කෙසේ වෙතත් යමෙකුට ද්විත්ව සහකරුවන් සිටිත් නම් ඔවුනොවුන් එකිනෙකා කෙරෙහි ඊර්ශ්‍යා නොකරන බවද පුරාවෘත්ත තුළ සඳහන් කෙරුණා......

"Not yours only mine....."

ලා දුඹුරු පැහැති වෘකයා ගොරවමින් පැවසුවා......

"How dare you, he is mine......"

අනෙකාද ගොරවමින් පැවසුවා.......

තත්පර කිහිපයක මුහුණට මුහුණ බලා හිඳීමෙ අනතුරුව එතැන ඇතිවුණේ මාරක සටනක්..... ඔවුන් දෙදෙනා තමාගේ සහකරු වෙනුවෙන් එකිනෙකා සමඟ පොර බැදීම ආරම්භ කළා...... ඔවුන්ගේ සටනේ මාරක ස්වභාවය ඔමේගාවෙකු වූ ටේහ්‍යාන්ග්ට බලාසිටීමෙන් වුවද දරාගත නොහැකි වුණා......

ටේහ්‍යාන්ග් සිටියේ බියෙන් ඇලලෙමින්..... වෘකයන් දෙදෙනාගේම දෑස් කෝපයෙන් රත් පැහැ ගැන්විලා...... එය ටේහ්‍යාන්ග්ව මරණය තෙක් බිය කරවීමට ඕනාවටත් වඩා ප්‍රමාණවත්...... නමුත් හිටිහැටියේම යමක් සිදුවුණා..... වෘකයන් පොර බදිමින් සිටියදීම ටේහ්‍යාන්ග් තමාගේ පය මදක් පසුපසට කළා...... එකෙණෙහිම ටේහ්‍යාන්ග් පය තබා සිටි පස් කොටස ගැලවී යද්දී ටේහ්‍යාන්ග් අනපේක්ෂිත ලෙස ප්‍රපාතයට ඇඳ වැටුණා....... ටේහ්‍යාන්ග් ඇද වැටෙනවාත් සමඟ තමාගේ රණ්ඩුව නැවැත්වූ වෘකයන් දෙදෙනා ටේහ්‍යාන්ග් ඇද වැටෙන දෙසට වේගයෙන් පැමිණියා..... ටේහ්‍යාන්ග් බලාසිටියදීම එක් වෘකයෙක් ටේහ්‍යාන්ග් සමගින් ප්‍රපාතයට බිලි වූයේ අනෙකා ඉහළ සිට වික්ෂිප්ත වී බලා සිටියදී.......

.
.
.
.

දහාටවැනි වියේ පසුවූ ටේහ්‍යාන්ග් දහදියෙන් නැහැවී අවදි වූවා..... ඔහු දුටු විකාරරූපී සිහිනය පිළිබඳ ඔහුට කිසිදු වැටහීමක් නොතිබූ නිසා ඔහු වික්ෂිප්තව තමාගේ සයනය මත වාඩි වුණා.....

"මම මොකක්ද ඒ දැක්කේ....... ඒක නම් කීයටවත් වෙන්න බැහැ....."

තමාගේම හිසට අතින් පහරක් ගසාගත් ටේහ්‍යාන්ග් තමාටම කියාගත්තේ ඔමේගාවන් පයට පෑගෙන දූවිල්ලක් තරමට මායිම් නොකරන මේ කාලයේ ඔහුට සහකරුවන් දෙදෙනෙකු සිටීම සිදුවිය හැක්කේ කෙසේදැයි සිතමින්..... ඉහළ රෑන්ක් වල සහකරුවෙකු විසින් ගැහැණු ඔමේගාවෙක් පිළිගැනීමේ හැකියාව යම් තරමකට හෝ තිබුණද පිරිමි ඔමේගාවන් Mate ලා වීම ඔවුන් තරයේම ප්‍රතික්ෂේප කළා...... ඇත්තටම ඉහළ රෑන්ක් වල පිරිමි වෙයර් වුල්ෆ්ලා තමාගේ සහකරු පිරිමි ඔමේගාවෙක් කියලා දැනගත්තොත් එය දැනගත් පළමු මොහොතේම ඔවුන් එම පිරිමි ඔමේගාව රිජෙක්ට් කළා......

වර්ෂ 2200 නිසා නීතිරීති යම් තරමකට ලිහිල් වෙලා ඔමේගාවන්ට අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසලා දීලා තිබුණත්, පැක් එකේ රජතුමාගේ ලොකු පුතා ජන්ග්කුක් ඔමේගාවන් ඉතා අප්‍රසන්න ලෙස පිළිකුල් කරන බව ප්‍රසිද්ධ මතයක්..... වයස අවුරුදු 1250ක් වයසැති ඔහුව දැකලා තිබුණෙ පැක් එකේ හිටිය බලවත් අමරණීය සාමාජිකයන් විතරයි...... මොකද ඔහු වර්ෂ 999ක් තිස්සේ බන්ධනාගාරගත කරලයි ඉන්නේ...... සමහරු කියනවා ඔහු රාක්ෂයෙක් තවත් සමහරු කියනවා ඔහු රාක්ෂයෙල්ටත් වඩා අන්ත කෙනෙක් කියලා..... ඒ මොනවා උනත් හැමෝම සතුටු වුණා ඔහු සිරගත වෙලා ඉන්න එක ගැන...... ඔය මොනවා කිව්වත් පැක් එකේ තමන්ගෙ රජු ඇල්ෆා ෆෙන්ග්ව මරන්න හැදුව පුතෙක් තමන්ගෙ පාලකයා වෙන්න සුදුසු වෙන්නෙ කොහොමද???

ඇත්තටම ඒත් ඒක වෙන්න පුලුවන්ද....??? ටේහ්‍යාන්ග් තමන්ගෙම හිතින් හිතුවා........

______________________________________

මේකේ භාෂාව ගැන මොකද හිතන්නේ???🙂

ටේහ්‍යාන්ග්ගෙ හීනේ අමුතුයි වගේ නැද්ද??? 👀😃

අවුරුදු 999ක් තිස්සේ හිරේ ඉන්න ලයිකන් කෙනෙක්..... මගෙ දෙයියනේ ළමයිනේ එච්චර නම් බෑ ඔන්න......🙂♻️

මොනාහරි කියන් ගියෙ නැතොත් මං කොටනව කොස් කොටන කඩුවෙන් 😒

මේ ළමයා හොඳටම ලෙඩ වෙලා අයියෝ මේ ළමයට උණනේ..... ඔය ළමයිගෙ මේ ළමයා මැරෙයිද දන්නෑ අයියෝව්..... බැරිවෙලාවත් මැරිලා ගියොත් කට්ටියම චොකලට් මාරි අරන් එන්න..... මේ ළමයට දැන් නම් එපා වෙනවා...... බෙහෙත් වලට අඩුත් නෑ ( සිංහල බෙහෙතුයි ඉන්ග්‍රීසි බෙහෙතුයි කළවමේ දෙන ඔය ළමයිගෙ ඇන්ටි [ මේ ළමයගෙ අම්මා ] කොහොමත් මේ ළමයා ඉක්මනටම මැරෙයි මේව බීලා 🙂♻️ )




Continue Reading

You'll Also Like

525K 103K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
108K 26.2K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
209K 39.4K 51
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
54.7K 7.7K 29
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]