The Unwritten Fate (yizhan)

By ZinanAsami39

27.2K 5.1K 3.5K

මගේ මේට් කොහොමද මට වඩා බලවත් වෙන්නේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා.. මගේ මේට් අහිංසක ඔමෙග කෙනෙක් නොවී ඇයි නපුරු ඇ... More

Part-2
Part-3
Part-4
Part-5
Part-6
Part-7
Part-8
Part-9
Part-10
Part-11
Part-12
Part-13
Part-14
Part-15
Part-16
Part-17
Part-18
Part-19
Part-20
Part-21
Part-22
Part-23
Part-24
Part-25
Part-26
Part-27
Last Part-28
A/N
Special Chapter

Part-1

2.7K 240 102
By ZinanAsami39

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න

                   🐺1-Chapter🐺



"පියාණනි..මට මේ පාරවත් තරගයට සහභාගී වෙන්න දෙන්නකෝ.. අනේ......."

"Xing මුරණ්ඩු වෙන එක නවත්තන්න..ඔයා දන්නවනෙ හේතුව.."

"මං tribrid කෙනෙක් උන එක නම් හේතුව මං ගිය පාරත් පොරොන්දු උනානෙ පියාණනි මං මගේ කිසිම බලයක් පාවිච්චි කරන් නෑ කියල..ඒත් මං එච්චර කියලත් ගිය අවුරුද්දෙ වත් මට යන්න දුන්නෙ නෑ ඔයා..මේ පාරවත් මට යන්න දෙන්නකො..ම්ම්ම්"

"ඇති xing ඔච්චර මුරණ්ඩු වෙන්න එපා..එතනට ඇල්ෆත් එනවා..ඔයාව මට එතනට යවන්න බෑ..එච්චරයි කතාව.."

"ඔයාලා ඔච්චරම ඇයි ඇල්ෆට බය..මට යන්නම ඕනේ..අනේ මෑණියනි පියාණන්ට පවසන්නකො මට මේ පාරවත් යන්න දෙන්න කියලා..මං කිසිම බලයක් බාවිතා කරන් නෑ..මං දිවුරනවා.."

මං මෑණියන් ලග උඩ පැන පැන දැගලුවා.එකක් නැත්තන් එකක්..කොහොම හරි ක්‍රමයක් හොයා ගන්නත් ඕනනෙ..

"Fei ඔන්න ඔහෙ මේ පාරට විතරයි යන්න දෙන්න..අනික xing දැන් පොඩි ළමයෙකුත් නෙවෙයිනෙ.."

"ඔයාට තේරෙන් නැත්ද ලියා මේකෙ බරපතලකම..එයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.."

"පියාණන් අයියට විතරයි ආදරේ..හුම්..එයා අවුරුදු දාහතරෙ ඉදන් මේ තරගෙට සහභාගී වෙනවා..මට දැන් දහනමයක්..ඒත් මාව යවන් නෑ..හුම්..මං කාටවත් කරදරයක් කරන් නෑ පියාණනි..මට මගෙ වයසෙ බීටල ඩෙල්ටල ගැමාල විතරක් නෙවෙයි ඔමෙගල පවා හිනා වෙනවා..මොන ලැජ්ජාවක්ද හයියෝ මේ.."

මං එක අතක් ඔලුවෙ ගහගෙන මොන ලැජ්ජාවක්ද මේ අහනකොට පියාණන් මට තවත් රවන්න ගත්තා..මං නම් අහු වෙයි ඕවට හුම්..

මං පියාණන්ට කොච්චර ඇවටිලි කරත් මට කිසිම අනුකම්පාවක් නොදක්වාම එයා පිටත බලාගෙන හිටියා..මං අත අරීද ඒ තරම් ඉක්මනින්..කොහෙත්ම නෑ මේ xing එච්චර ඉක්මනින් පරාජය බාර ගන් නෑ..

"අයියේ මාව යවන්න කියන්නකො..ඔයත් ඉන්නවනෙ..අනේ අපෝ අනේ අයියේ අයියෝ....
අයි....යෝ............................"

මං අයියව හොලව හොලව එයාට එපා වෙනකන්ම වද දුන්න වගේම කණ ලගට කරලා හයියෙන් කෑ ගැහුවා..

"පියාණනි දැන් xing ලොකුයිනෙ..අනික මාත් ඉන්නවා..මේ පාර එයාටත් අවස්ථාවක් දෙමු.."

"ඒත් shun මෙයා...."

"අහ් හරිනෙ හා කියලනෙ කිව්වේ පියාණනි..හරිනෙ නේහ්...මගෙ හොද පියාණන්.."

මං පියාණන්ගෙ සුපුරුදු උත්තරෙ දෙන්න කලින්ම එයාව බදාගෙන හරිනෙ හරිනෙ ගානකොට එයා මගේ පිටට තට්ටුවක් දැම්මා..

"අයින් වෙනව පුංචි කපටියා..යන්න පුලුවන් ඒත් ප්‍රශ්න දාගන්න බෑ..ඒ වගේම ඔයාගෙ බලය බාවිතා කරන්නත් බෑ.."

"මං පොරොන්දු වෙනවා මං ඔමෙග කෙනෙක්ටත් වඩා දුර්වල විදියට ඉන්නවා..මං බලය පාවිච්චි කරන්න තියා හිතන්නෙවත් නෑ...යූ...හූ යේ.යිහ්"

"දැන් ඉතින් නටන් නැතුව ගිහින් පුහුණුවීම් කරනවා..මාව අමාරුවෙ එහෙම නම් දාන්න එපා xing එහෙම උනොත් මං ඔහේව එල්ලනවා අර බාල්කෙ.."

"හරි හරි ඉතින්..මගේ හොද shun..මං ආදරෙයිනෙ ඉතින්..හුම්"

මං අයියගෙ නහය චුට්ටක් මිරිකල හොද shun කිව්වම මට යන්තමට රවපු එයාව මං එතනම තියල දිව්වේ ක්‍රීඩාගාරයට..හිතට කියා ගන්න බැරි උද්‍යෝගයක් දැනෙනකොට මං සෙබළු කීප දෙනෙකුත් අඩගහගෙන සෙල්ලම් කරන්න ගත්තා..ආහ්..මට ඔයාලට මං ගැන කියන්න බැරි උනානෙ..ගනන් ගන්න එපා මට තනියෙන් කියවන මහ කැත පුරුද්දක් තියෙනවා..හෙහෙ..

ඉතින් මං xing..
Wei xing he..මං golden blood pack එකේ රජුගෙ දෙවෙනි පුතා..එතකොට අර ඉස්සෙල්ල මට තරගෙට යන්න අවස්ථාව අරන් දුන්නේ මගේ පිස්සු අයියා..එයා wei shun hua..මං tribrid කෙනෙක්..මගේ තාත්තා වෘකයෙක් වගේම වැම්පයර් කවලම් කෙනෙක්..අම්මා මායාකාරියක්..අයිය නම් ලයිකන් කෙනෙක්..මං විතරයි අම්මයි තාත්තයි දෙන්නම කවලන් උනු හෝන්තුවක්..ඇයි අප්පා මේ කරදරේ නිසානෙ මට කොහෙවත් යන්න නොදෙන්නෙ..හුම්....ඒත් මේ පාර නම් ඔන්න මං යන්නයි යන්නේ හැම අවුරුද්දකම වගෙ පැක් පහේම කොල්ලො එකතු වෙලා කරන තරගෙකට..මට ඒකට යන්න දුන්නෙ නැතත් මං ඒ තරගෙට නම් ගොඩාක් දක්ශයි..පුරාජේරු නෙමෙයි අනේ..ඇත්තටම කිව්වේ..මොකද මං ඒක විතරයි තරග කරන්න දන්නෙ..හෙහේ...

................................................................

"Xing නැගිටිනවා කම්මැලියා..අද තරගෙ..අපි අට වෙනකොට එතන ඉන්නත් ඕනේ.."

මෝඩ shun මගේ කාමරේ බාගෙට ඇරල තියෙන දොරටත් ගහනවා..මේ උන්දගෙ නහය නැත්ද අප්පා මගේ ලග එන මේ ලස්සන සුවද දැනෙන්න..ඔය වගේ දේකට මං එහෙම පරක්කු වෙනවද..නෑනෙ නෑනේ..මං එයාටත් කලිනුයි නැගිට්ටේ..හුම්..මෝඩ shun...

"ඈ shun නහය නැත්ද මේ මං ලග එන සුවද දැනෙන්න..ම්ම්ම්හ් බලන්න ඒ සුවදෙ ලස්සන.."

මං මගෙම අතක සුවද බලලා ඒ සුවද ගැන පුරාජේරු කියවනකොට අයිය ඔලුව විතරක් ඇතුලට දාගෙන හිටපු දොරෙන් මුලු ඇගම ඇතුලට දැම්මා..

"ඇති xing ඔය හැඩ උනා..යමන්..හරියට නිකන් මේට්ව බලන්න යනවා වගේනෙ හැසිරෙන්නේ.."

"කවුද දන්නෙ ඒ වාසනාවන්තය එතනද කියල හුම්..ඔයාට නම් ඉතින් මොකෝ අර ඉන්නෙ akay ද makay ද කියල මෝඩ මේට් කෙනෙක්.."

"ඔව් ඔව් දැන් මෙතන තමුන්ට මේට් කෙනෙක් තමයි අඩු..තව අවුද්දක් ඉවසනවා..හම්බෙයි කෙනෙක්.."

"මාව ලබන ඒ වාසනාවන්ති අහිංසක කෙනෙක් උනොත් හොදයි..මං වගේ ලස්සන අහිංසක කොල්ලෙකුට හරියන්නෙ ඒ වගේ හුරුබුහුටි ඔමෙගා කෙනෙක්වම තමයි.."

"ලස්සන..?අහිංසක..?හුරුබුහුටි..?මේ මගෙ මල්ලි xing ගැනද කියන්නෙ..අනේ එහෙනම් සදා තනිකඩව ඉන්න හිත හදා ගන්නවා..තමුන්ට නම් ඔමෙග කෙනෙක් නෙවේ වවුලෙක් වත් හම්බුනොත් ලොකු දෙයක්..මෙන්න මෙහෙ එනව යන්න.."

"ඌ..යි මගෙ අත..ඊරිසියාකාරය.."

"පුහ්..."

මං මගේ කොණ්ඩෙ රතු පාට පටියකින් ගැට ගහ ගත්තා විතරයි මේ බූරු පුතානෝ මාව අතින් ඇදගෙන එළියට ආවා..

"මගේ සූටි කුකූ මාත් එක්ක තරගෙට යන්නයි යන්නෙ ඕන්..එතනට ගියාම දගලන් නැතුව මං වගේම අහිංසකව ඉන්න ඕනේ හොදේ..තේරුනද මගේ aiyla ට.."

"Xing එනවා යන්න.."

මං මගේ අශ්වයාව හුරතල් කර කර ඉන්නකොට අර ඌරූ මීයා shun මට කෑ ගහන්න ගත්තා..එනවා තමයි අනේ..මං මෙච්චර මහන්සි වෙලා අඩල දොඩලා වැලපිලා ගත්තු කැමත්‍ත..හ්ම්...

"ජ..හ..ප්....."

මං aiyla ගෙ පිටට නගිනකොට එයා හයියෙන් කෑ ගැහුවා..එයාටත් මට වගේම සතුටුද කොහෙද..

"අපි අර මෝඩ shun ව පහු කරන් යමු aiyla..ජ.හප්.."

මායි අයියයි තරගෙට වගේ අශ්වයො පැද්දා..මගේ අයිලගෙ වේගෙට වේලුණු කොල හුලගට එකතු වෙලා තවත් චූටි චූටි කෑලි වලට කැඩිලා ගියා..වේගය නිසාම දූවිල්ල හුළගට මුහු වෙලා කැලෑව දෙපැත්තට විසිරිලා යනකොට අපි ක්‍රීඩාංගණයට එන්න එන්න ලං වෙනවා කියන්න මග සලකුණු පාර දෙපැත්තට වෙන්න තිබුනා..

අපේ ප්‍රදාන පැක් පහේ වගේම ඊට අමතරම තිබුනු කුඩා කුඩා පැක් වල ඉන්න අයගෙ ඝෝෂාකාරී කට හඩවල් වගේම අත්පොලසන් සද්දයත් ඈතින් ඇහෙනකොට ප්‍රධාන පැක් පහේම කොඩි පාර දෙපැත්තෙම එකක් ඇර එකක් හිටින්න ගහලා තිබුනා..
එතනින් අපේ කොඩිය මට ගාම්භීර විදියට පේද්දි නම් මට
හරි ආඩම්බරකාර හිනාවක් ආවා..

ටික වෙලාවකින් අපි ක්‍රීඩාංගණයේ ප්‍රධාන ද්වාරය ලගින් බහිනකොට එතනට ආපු සේවකයො දෙන්නෙක් මගේ අයිලව වගේම අයියගේ සුෂීව ඉස්‍තාලයට අරගෙන ගියා..

"මේක දාගන්න.."

හෑ..එයා මට දුන්නේ මුහුණු ආවරණයක් නේද..දැක්කනෙ මං කිව්වා හරි මගේ මේ ලස්සන අහිංසක මූණ දැකල මට ඔමෙග කෙනෙක් කැමති වෙයි කියල මේකගෙ තියෙන ඊරිසියාව..

"මේක මොකටද.."

"පියාණන් කිව්වේ දෙන්න කියල..එයාලත් අද ඇවිත් ඉන්නේ..ඒක නිසා ඕක දා ගන්න.."

"ඈ...හ් ..හ්ම්..හ්ම්"

කිසිම දවසක මේ තරගය බලන්න නොඑන පියාණනුත් මෑණියනුත් අද තරගයට ඇවිත් තියෙනකොට කරන්න දෙයක් නැතිම තැන මං ඒක දා ගත්තා..කමක් නෑ..මගේ ඇස් දෙක හරි පේනවනේ..කැමති වෙන ඔමෙග කෙනෙක් මගේ ඇස් දෙක දැකල හරි මට කැමති වෙයි..ඔව් මගේ ඇස් මං තරම්ම කඩවසම්නෙ..හුම්..

වෝ...හ්.....

මං මේ ක්‍රිඩාංගනයකට ආපු පළවෙනි වතාව..ක්‍රීඩාංගණය මැද ලොකු පිටියක් වෙනකොට වටේටම හැම පැක් එක්කම වගේ කට්ටිය ඉදගෙන හිටියා..ඔමෙගල එයාලගේ පැක් එකේ නායකවරුන්ට සංග්‍රහ කරමින් හිටියා වගේම උසස් තනතුරු දරපු ලයිකන්ල බීටලා ගැමාලා ඉදගෙන සතුට සමරමින් හිටියා..

තම තමන්ගෙ පැක් එකට අයිති වර්ණයෙන් සැරසුණු ඇදුම් ඇද ගත්තු තරගකරුවන් තමන්ගෙ පැක් එක ඉස්සරහ හිටගෙන හිටියෙ තරගෙ පටන් ගන්නකන්..shun මාවත් එක්කගෙන නිල් පාටින් සැරසුණු අපේ පැක් එකට ගියාම මං මුලින්ම හෙව්වේ පියාණන්ව..ඕ ඔය ඉන්නේ..මං දිහා බලන් ඉන්නෙ නිකන් කන්න වගේ..ඇයි අනේ මං මොනවා කරාටද..මේ අයියා ඉන්නේ එයාටත් රවන්න එපැයි..හ්ම් ඔය ඔක්කොම මේ අහිංසකයට විතරයි..

"සියලුම පැක් වල තරගකරුවන් ක්‍රීඩා පිටියට පැමිණෙන්න.."

පැත්තකින් ඇහුන නිවේදනයකුත් එක්ක මාවත් එක්කගෙන ක්‍රීඩා පිටිය මැදට ගියපු shun වගේම මාත් අත් දෙක පිටි පස්සට කරගෙන හිට ගත්ත..ටික වෙලාවකින් කලු පාට ඇද ගත්තු මහළු පුද්ගලයෙක් ඇවිත් බෝලය ක්‍රීඩා පිටිය මැදින් තියලා ලකුණු දාන බෝඩ් එක ඉස්සරහින් හිට ගත්තා..

"තුනයි..."

"දෙකයි..."

"Xing බෝලේ ඇල්ෆා ලග තියෙනකොට නම් ගහන්න එපා..කවුරුත් එයාගෙ බෝලෙට ගහන් නෑ.."

"ම්ම් හරි හරි ඉතින්..."

"එකයි...."

"ඒත් shun...කවුද මෙතනින් ඇල්ෆා.."

මං අයියව හොයනකොටම තරගෙ පටන් ගත්ත වගේම එයා ඉක්මනින් බෝලේ ලගට දුවගෙන ගියා..මං කිසිම දවසක ඇල්ෆව දැකලා නෑනේ..එතකොට මං කොහොමද ඒ කවුද කියල දන්නේ..පිස්සු..මේක තරගයක්නෙ..එහෙම ඉතින් නිකන්ම දිනුම ලැබෙයි යෑ..කමක් නෑ ඕන නෑ..මං මගේ පළවෙනි තරගෙ හැමෝටම මතක හිටින එකක් කරනවා..එතකොට පියාණන්ට හිතෙයි මං වගේ ලස්සන අහිංසක දක්ශ කොල්ලෙක් මෙච්චර කල් තරගෙට යැව්වෙ නැත්තෙ අපරාදේ කියලා..

"Shun බෝලේ ගන්න..."

තරගෙ පටන් ගෙනත් පිට්ටනිය මැද හිටගෙන කල්පනා කර කර හිටපු මං පියවි සිහියට ආවේ අපේ පැක් එකේ කෙනෙක් අයියට බෝලෙ ගන්න කියල කෑ ගහද්දි..

ඒ පැත්තට..මේ පැත්තට..ඒ පැත්තට..මේ පැත්තට...තරගෙට කට්ටිය බෝලේට පයින් ගගහ එයාලගෙ පැක් වලට ලකුණු ගන්නකොට මාත් මගේ උපරිම දක්ශතාවය පෙන්නලා අපේ පැක් එකේ දැනට ලැබුනු ලකුණු 39න් 19ක්ම අරගෙන තිබුනා..

ඊ..ව් අපේ පැක් එකේ ලස්සන ඔමගලා මට චියර් කරනකොට මාත් චූටියට ලොකු හිනාවක් දාලා විරිත්තුවා..ලස්සන ලස්සන ඔමෙගලා..ම්ම්..මට ඔක්කොම බැද ගන්න බැරි වෙයිද දන් නෑ..එක්කොත් ඕන නෑ දැනට එකක් ඇති...

ටික වෙලාවකින් තරගෙන් පැරදුන පැක් එකින් එක අයින් වෙනකොට අන්තිමට ප්‍රධාන පැක් පහෙනුත් දෙකක් අයින් වෙලා යනකොට අපි වගේම වෙන් සහ ලන් පැක් තුන තරගෙ කරට කර තරග කලා..

"Xing බෝලේ ගන්න.."

මගේ පැත්තට එන බෝලේ ගන්න කියල shun කෑ ගහනකොට මං දුවන් ගිහින් කකුල් වෙට්ටුවක් දාලා බෝලේ අරගෙන අපේ පැක් එකේ දැලට යටින් දැන්මා..

"Golden blood පැක් එක ලකුණු 129..."

ගන්න ගන්න හැම ලකුණක් ගානෙම හයියෙන් කෑ ගගහා කියන අර මහළු පුද්ගලයා මං ගහපු එකත් එක්ක ලකුණු 129යි කිව්වා..එකසිය තිහෙන් තරගයේ දිනුම බලනකොට අපිට තව එක ලකුණක් ගන්න ඉතුරු වෙලා තිබුනා..wen පැක් එක 127කුත් lan පැක් එක ලකුණු 129කුත් අරගෙන තිබුනා..දැන් තමයි තරගය හරියටම පටන් ගත්තේ..අද මගේ පියාණන්ට ගොඩාක් ආඩම්බර වෙන්න පුලුවන් වෙයි එයාගෙ මේ ලස්සන අහිංසක xing ගැන..

මගේ ලගින් වෙන පැත්තකට විසි වෙවී යන බෝලේ දිහා බලපු මං ඒ පැත්තට දුවන්න ගත්තෙ මද්දහනට ගලන දාඩිය බිංදු මගේ නිකට අගින් වැල්ල සිප ගනිද්දි..මං බෝලේ ලගට දුවගෙන යනකොට මං shun දිහා බැලුවේ ආඩම්බරෙන් වෙනකොට මං එයාට දිව දික් කරලා ඇද ඇල්ලුවා..මං ඒ බෝලේට පයින් ගගහ යන කෙනාගෙ ලගටම යනකොට ආයෙත් shun දිහා බැලුවා..මේ යකා අත්දෙක දෙපැත්තට වන වන මොන්වදෝ කියනවා..ඕකගෙ ඔය ඊරිසියාව..මෙච්චර කාලයක් තරග කරලත් උන්දට දිනන්න බැරි උනානේ..අනික මංනෙ අද වැඩියෙන්ම ලකුණු ගත්තෙත්..හුම් මං නම් අහු වෙයි ඕවට..මෝඩ ඊරිසියාකාර shun..

මං දුවගෙන ආපු වේගෙන්ම මෙච්චර වෙලා බෝලෙට පයින් ගහපු කෙනාගෙ කකුල යට තිබුන බෝලෙට පයින් ගහනවත් එක්කම shun හයියෙන් කෑ ගැහුවා..

දෙයියනේ xing එ..පා.......................හ්

එයා එපාලු..ඒත් කරන්න දෙයක් නෑ සොරි මං බෝලෙට පයින් ගැහුවා විතරක් නෙවේ මෙච්චර වෙලා බෝලෙට ගගහා හිටපු කෙනත් බිම බඩගෑවා...😑

xing අද නම් උඹ ඉවරයි....................








ඔන්න එයාලා හම්බුනා..ඒත් හොද විදිහකට නම් නෙවෙයි..😑😑😑

2022/06/22

Continue Reading

You'll Also Like

27.7K 3.4K 24
කිසිම කෙනෙක් වෙනුවෙන් උණු නොවුණු, තම සහෝදරයාට හා මවට පමනක් යම්තාක් පාලනය උන, හිතුවක්කාර,දරදඩු,දරුණු හදවතක්.💥💥💥💥💥💥ඊට හාත්පසින්ම වෙනස් මෘදු ,අහින...
GRAY By _

Werewolf

164K 18.7K 28
WEREWOLF
45.8K 1.1K 32
မင်းက ကိုယ့်အတွက် အားနည်းချက်ဖြစ်တဲ့အတွက် ကိုယ်မင်းကိုအလိုအပ်ဆုံးဆိုပေမဲ့.. ကိုယ်က မင်းကို ဘယ်တော့မှ ရွေးချယ်မှာမဟုတ်ဘူး။မင်းပြောနေတဲ့စကားသံတွေကို ကိ...
5.2K 927 7
"තිසත්ම?" තේ වත්තෙ පැත්තකට වෙලා ලොකු කල්පනාවක හිටපු මට ඇහුණෙ හුඟක් හුරු පුරුදු කටහඬක්. "ඔහ් පොඩි බේබි මෙහෙ?" මං ඇහුවෙ කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙකත...