10000 Hours ✔

By Sithu_22

37.2K 6.7K 1.3K

" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 [ Part 1]
Chapter 25 [ Part 2]
පසුවදන

Chapter 8

1.2K 248 20
By Sithu_22


" ඔහ් ඒ කියන්නෙ මට වඩා අවෘදු දෙකක් බාලයි "

" හ්ම්ම්ම් "

" මොකද අනේ හූම් හූම් ගාන්නෙ.. ඔයා බකමූනෙක් නෙමේනෙ ?"

ටේහ්‍යුන්, ඕරගෙ මූනට එබිලා එක අතක් නිකටට තියාගෙන කීවෙ හරිම කියුට් ලුක් එකකින්... ඕරා තමන්ගෙ මූන වෙන පැත්තකට හරව ගත්තා... කෙල්ලට ටේහ්‍යුන්ට මූන දෙන්න අමාරුයි... ඒත් ටේහ්‍යුන් එක්ක වැඩ කරන්න ඕනෙ නිසා ඕරට සිදු වුනා ටේහ්‍යුන් එක්ක එකට ඉන්න...

" ඔයා හරි ලැජ්ජයි වගේ... කමක් නෑ දෙන්නටම ඇති වෙන්න මම කතා කරන්නම්.. "

ටේහ්‍යුන් ෆයිල් එකක් පෙරලන ගමන් සැරෙන් සැරේ ඕරගෙ දිහා බලන්න ගත්තා... කෙල්ල ෆයිල්ස්වල අංක අනුව ඒවා රාක්කවලට ගොඩ ගහන ගමන් හිටියේ... ඕරා උස නැති තැන්වලදී ටිකක් ඉස්සි ඉස්සි ඒවා තියන විදිය ටේහ්‍යුන් හරි ආසාවෙන් බලන් හිටියේ...

" කෝ දෙන්න මම තියන්නම් කොන්ද කඩාගන්න එපා.. "

ටේහ්‍යුන් ඕරගෙ අතින් ෆයිල් එක අරගෙන ඒක තියනකොට ටේහ්‍යුන්ටත් රාක්කෙටත් අතර මැදි උන ඕරා හිටියේ හුස්ම ගන්න පවා අමතක වෙලා... ටේහ්‍යුන්ගෙ සීතල සුසුම් රැලි ඕරගෙ කන ගාව ඉදන් දැනෙනකොට ඕරා තමන් ඇදන් හිටපු කලු පාට ගව්ම අත් දෙකෙන්ම ගුලි කරගත්තා...

" මේ මොකක් වෙලාද??"

"අහ්හ් "

ටේහ්‍යුන් ඕරගෙ බෙල්ලෙ පැත්තකට වෙන්න තිබ්බ පොඩි පරන තුවාල කැලලක් පෙන්නල ඇහුවා... ඒ කැලල ටේහ්‍යුන් ස්පර්ශ කරපු නිසා ඕරග්ව් කටින් පොඩි කෙදිරිගෑමක් පිට උනා වගේම කෙල්ලගෙ ඇගේ හිරිකඩු පිපිල තිබ්බේ... තාමත් රාක්කෙයි ටේහ්‍යුනුයි අතරෙ හිරවෙලා හිටපු ඕරා තමන්ගෙ ඇස් දෙක පියාගත්තේ ටේහ්‍යුන් ඒ තුවාල කැලල හිමින් පිරිමදිනව දැනුන නිසා...

ඒත් හදිස්සියෙම ෆයිල් එකක් ඉල්ලන් යන්න ආව ජන්කුක් මේක දැක්කේ වෙන විදියකට.. අත් මිටමොලවගෙන රූම් එකේ දොර වහල දාලා ආපහු තමන්ගෙ කැබින් එකට ජන්කුක් ගියේ ගොඩක් තරහින්.. ජන්කුක් කැමති නැති බව දැන දැනත් ඕරා තව කෙනෙක්ට ලං වෙන එක කොල්ලට දරාගන්න බැරි උනා..

" අප්පා.. ටේහ්‍යුන්ව කම්පැනි එකට ගත්ත එක ගැන තව පාරක් හිතුවොත් නරකද ??"

" ජන්කුක් ඒකෙ මොනාද තව හිතන්න තියෙන්නෙ... අනික මේ කම්පැනි එක තමුන්ගෙ නෙමේ... තාමත් මගෙ.. තීරන ගන්නෙ මම මිසක් තමුන් නෙමේ ඒක දැනගන්නවා.. "

ටේහ්‍යුන්ව ඈත් කරන්න ගිය ඒ වැඩෙත් නිශ්පල වෙනකොට ජන්කුක් තමන්ගෙ ෆෝන් එක පොලොවෙ ගැහුවා.. ටේහ්‍යුන්ව මෙච්චරටම තමන්ගෙ අප්පට විශ්වාස ඇයි කියන්න ජන්කුක් දන්නෙ නෑ... ඒත් ජන්කුක් එක දෙයක් දන්නවා.. ටේහ්‍යුන් මේ එන පොටනම් හොද නෑ කියන එක..

___________________
flashback ---------

" හලෝ මම කුකී "

පොඩි කොල්ලා තමන්ගෙ අත දිග් කරලා ඉස්සරහ ඉන්න පොඩි කෙල්ලට කීවත් ඒ කෙලි පැටික්කි කලේ තමන්ගෙ අප්පගෙ පිටිපස්සෙ හැංගුන එක විතරයි...

" ඕරා.. යන්න ගිහින් යාලුව එක්ක සෙල්ලම් කරන්න.. "

තමන්ගෙ අප්පා පුංචි ඕරගෙ අත චූටි කුකීගෙ අතට දෙනකොට කුකී ඒ අත හයියෙන් අල්ලගත්තා... චූටි ඕරගෙ අත එහෙම්මම අල්ලගෙන කුකී ඕරගෙ ඉස්සරහ දනගහගත්තෙ තමන්ගෙ අනිත් අතේ තිබ්බ බෝලේත් බිමින් තියන ගමන්..

" බය වෙන්න එපා මම ඔයාට තුවාල කරන්නෙ නෑ පුංචි සුරංගනාවි.. "

කුකී ඕරගෙ අතට කිස් එකක් දීලා කියනකොට ඕරා ලැජ්ජාවෙන් ඇබරුනත් මේක බලන් හිටපු මිස්ටර් පාක් & මිස්ටර් ජියොන් දෙන්නටනම් හරි හරියට හිනා ගියා...

" මේ පුංචි සුරංගනාවි එක්ක හැමදාම සෙල්ලම් කරන්න ආසද ?"

" ඔව් අප්පා.. එයා හරි කියුට්"

" එයා හැමදාටම ඔයාගෙ යාලුව තමා.. "

" චින්ජා??"

චූටි කුකී තමන්ගෙ ඇස් හීනි කරලා හිනා වෙලා ඕර දිහා බැලුවා.. ඕරනම් හිටියෙ ටිකක් බය වෙලා... මිස්ටර් ජියොන් ආයෙත් හිනා වෙන ගමන් මිස්ටර් පාක් එක්ක ගියේ මෙන්ශන් එක ඇතුලට... චූටි කුකී ඕරගෙ අත අතාරින්නෙ නැතුව සෙල්ලම් කලා...

" කව්ද මේ සක්කර වට්ටම.. "

" ජෙනී කට වහන් ඉන්න.. ඒ මගෙ යාලුවා.. "

                 ඕරා කුකීගෙ පිටිපස්සෙන් හැංගුනේ ජෙනී ගොඩක් නපුරු කෙනෙක් කියල දන්න නිසා...

" මේ අර ඔම්ම නැති කෙල්ල නේද ?"

        ජෙනීට අවෘදු හතරක් උනත් කෙල්ලගෙ කට අඩු උනේ නෑ... කුකී කලේ ඕරව තවත් තමන්ගෙ පිටිපස්සෙන් හංගගත්ත එක...

" එයාගෙ ඔම්ම තමා මගෙත් ඔම්මා.. "

" හහ් තමුන්ට ඔම්මල නෑ මෙහෙ... ඒ ගෑනි මැරුනා.. නෑ.. මැරු___

" ජෙනී... එනව යන්න ගේ ඇතුලට මොනාද මේ කියවන්නේ.. "

        මිසිස් ජියොන් කුකී දිහාටත් බැල්මක් දාලා ජෙනීව ඉක්මනට එක්කගෙන ගියේ කෙල්ලගෙ කටින් පිටවෙන්න ගිය ගොඩක් දේවල් නතර කරලා... ඕරා චූටි කුකීගෙ පිටිපස්සට වෙලා කුකීගෙ පිට පහුරු ගාන ගමන් හිටියෙ චූටි බෝල ඇස්වලින් කදුලු වැටෙනකොට...

" ඇයි ඕරා අඩන්නේ... මම ඔයාගෙ ඔම්ම වෙන්නම් අද ඉදන්... ඔම්මෙක් වගේ ඔයාව බලාගන්නම් හැමදාටම..." 

             කදුලු පිරුන බෝල ඇස්වලින් කුකී දිහා බලන් ඉන්න ඕරගෙ ඇස්වල කදුලු හිමීට කුකී පිස්සා.. හරියට ඕරට රිදෙයි කියල වගේ... චූටි කෙල්ලව තද කරල බදාගත්ත කුකී ඕරගෙ ඔලුව අතගාන්න ගත්තෙ හරි ආදරෙන්... චූටි උනත් ඒ හිත්වල ආදරේ පිරිලා... කිසිම කැලලක් නැති ආදරයක් විතරයි..

             ජන්කුක් ගියේ ප්‍රයිවට් ස්කූල් එකකට නිසා ජන්කුක්ගෙ අප්පා ඕරවත් ඒ ස්කූල් එකට දාගත්තේ ඔක්කොම සල්ලි තමන් වියදම් කරන්නම් කියල මිස්ටර් පාක්ට කියන ගමන්... මිස්ටර් පාක් කියන්නෙ මිස්ටර් ජියොන්ගෙ අලුත් ඩ්‍රයිවර්...

" කුකී..... "

" කුකී.... "

" මම මෙහෙ ඕරා.. "

            චෙරි ගහ යටට වෙලා චිත්‍රයක් අදින ගමන් හිටපු කුකී ඕරට කතා කලා... ඕරා තමන් ඇදගෙන හිටපු රෝස පාට දිග කව්ම දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලගෙන ඇවිත් කුකී ඉස්සරහින් හිටගත්තේ  වටයක් කැරකෙන ගමන්..

" වාව්.. "

" ඒක ලස්සනද ??"

" ඔව් ඒකට වඩා ඒක ඇදන් ඉන්න සුරංගනාවි ලස්සනයි..  "

          ඕරා ලැජ්ජාවෙන් ඇබරෙන ගමන් කුකීගෙ කම්මුලට කිස් එකක් දීලා දුවල ගියේ මෙන්ශන් එක ඇතුලට... කාලය ඉක්මනට පියාබල ගිහින්.. කුකීට දැන් අවෘදු 9 යි... ඕරගෙ 7 වෙනි උපන්දිනේ වෙනුවෙන් කුකීගෙ බල කිරීමටමයි ජියොන් මෙන්ශන් එකේ පොඩි පාටි එකක් ගමු කීවේ... කුකීගෙ අප්පා මිස්ටර් ජියොන් ඕරට තමන්ගෙ දරුවෙක්ට වගේ ආදරෙන් සලකන නිසා එයත් ඒකට එකග උනා...

" Happy birthday to you..
Happy birthday to you..
Happy birthday dear Ora..
Happy birthday too yoo.. "

       කේක් එකේ දල්වල තිබ්බ ඉටිපන්දම් ඔක්කොම කෙල්ල නිවන්න හැදුවත් ඒක නතර උනේ ජෙනී ඇවිත්  චූටි ඕරගෙ ඉටිපන්දම් ඔක්කොම ටික නිවල දැම්ම නිසා... මිසිස් ජියොන් ජෙනීව කොච්චර පාලනේ කරගන්න හැදුවත් ජෙනීගෙ කටින් පිට උනේ එක දෙයයි..

" කේක් එක ගත්තෙත් අපේ සල්ලි වලට.. ඉතිම් මේ හිගන කෙල්ල මොකටද ඒක කපන්නේ... හිගන්නු හිගන්නු විදියට ඉන්න ඕනෙ බංගලාවල මහත්තුරු වෙන්නෙ නැතුව.. "

         ඕරගෙ ඔලුව ඇතුලෙ ඒක දෝන්කාර දෙන්න ගත්තෙ ඔලුව පුරා හෙන ගෙඩි පුපුරනව වගේ... කෙල්ලගෙ අප්පත් මිස්ටර් ජියොන්ගෙ වැඩකට ගිහින් හිටපු නිසා මුලු මෙන්ශන් එකේම හිටියේ සේවක සේවිකාවොයි, කුකියි, ජෙනියි, මිසිස් ජියොනුයි විතරයි... පුංචි ඕරට දුකයි... ඉක්මනට තමන් ඇදගෙන හිටපු ගව්මත් අතින් උස්සගෙන ඕරා මෙන්ශන් එකේ දොර දිහාට දුවන්න ගත්තා...

" ඕරා.. ඉන්න... "

" ඕරා... "

        කුකී කෑගහන ගමන් ඕරා පස්සෙන් දුවගෙන යන්න ගියත් ඕරා තමන් දාගෙන හිටපු චූටි හීල්ස් දෙක ගලවල දාලා තවත් වේගෙන් දුවන්න ගත්තේ කුකීට ඕරව අල්ලන්න තියා හිතන්නවත් බැරි විදියට...

" ඕරා නවතින්න.... "

               කුකී කෑගහන අස්සේ ඕරා කොරිඩෝ එක දිගේ ගිහින් මේන් ගේට් එක පැත්තට දුවන්න ගත්තේ එලියෙ වැස්ස කියලවත් හිතන්නෙ නැතුව.. මේන් ගේට් එකෙන් ඇතුලට දාන මිස්ටර් ජියොන්ගෙ කාර් එකේ ඩ්‍රයිව් කරගෙන ආව මිස්ටර් පාක්ට ඕරව පෙනුනෙ නැත්තෙ ලොකු වර්ශාව නිසා ඉස්සරහ වීදුරුවෙන් හැමදේම බොද වෙලා පෙනුන නිසා...

" ඕරා බලාගෙන...... "

          ජන්කුක් කෑගහන පමාවට වේගෙන් අඩ අඩ දුවපු පුංචි කෙල්ලව ගිහින් කාර් එකේ වැදිලා එතනම වැටෙනවා...

" ඕරා...ඕරා.. අනේ කතාකරන්නකෝ... "

        චූටි කුකී ඕරගෙ ඔලුව තමන්ගෙ අත් අතරට ගන්න ගමන් කෙල්ලව හොලවන්න ගත්තත් ඕරා ඇස් පියාගෙන... ඔලුවෙ පැත්තක් යාන්තමට පැලිලා නිසා ඕරගෙන් ලේ යනවා හොදටම.. චූටි කුකී බය වෙලා අඩන්න ගත්තා...

" අප්පා... අනේ එයාව හොස්පිටල් එක්ක යමුකෝ.... "

" හරි හරි පුතා කලබල වෙන්න එපා.. "

      මිස්ටර් ජියොන් & මිස්ටර් පාක් ඕරව කාර් එකට දාගන්නකොට කුකිත් අඩන ගමන් පිටිපස්සෙන් නැග්ගා... චූටි කුකීට ඒ වෙලාවෙ බය හිතුනා.. ඕරා තමන්ව දාල යයි කියලා.. මොකද කුකී ඕරට ආදරෙයි..

______________________________________

#Yun_MinJi 😚

     ඒ කුකී... බට් දැන් ජන්කුක්...  කාලය මැව් වෙනසක අරුමේ 💔🙂 මේ එයාලගෙ කතාව යන්නේ.. 😁 ඉක්මනට flashback  සීන් එක ඉවර කරන්නම්.. කතාවකුත් තියෙන්න එපැයි 😁🙂 මොනාහරි කොටම් යන්න . ඉක්මනට දෙන්නම් ඊලග එක 😁💔

Continue Reading

You'll Also Like

15.3K 3.1K 12
හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හ...
26.7K 3.1K 19
තම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ 😁)
103K 6.2K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
16.3K 3.6K 15
රිදි රිදී සනසනා ආදරේ 🌷🌷🌷🌷🌷