I'M SORRY | GL ✔

By Bright_Guki

4.8K 672 165

(සිංහල - Completed) "අදටත් මාව පිස්සුවට්ටන එකම ඇස් දෙකේ අයිතිකාරිය එයා.. එයාම විතරයි.." - "𝗦𝗵𝗲 𝗵𝗮𝘀 𝘁𝗵... More

- I'M SORRY -
Chapter 01
Chapter 02
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08

Chapter 03

481 77 39
By Bright_Guki

A/N : "Italic" < මේ විදිහට ලියල තියෙන්නේ සිනෙල්යා, එහෙමත් නැත්තම් අපේ කතා නායිකාව හිතින් හිතන ඒවා..

____________________________________________________________

කාලයත් එක්ක අපි තුන් දෙනා හොඳම යාළුවො වුනා.. අවුරුදු දෙකක්ම අපි එකට හිටියත් අපේ තුන් වෙනි අවුරුද්දේ එහෙමත් නැත්තම් අපි 8 වසරේදී අපිට වෙන් වෙන්න සිද්ද වුනා.. මොකද අවුරුද්දෙන් අවුරුද්ද අපේ ඉස්කෝලෙ පන්ති වල ළමයි වෙන වෙනම කඩලා අලුත් පන්ති වලට දාන නිසා.. වාසනාවකට 7 වසරේ දී නම් අපි වැටුනෙ එකට වුනාට 8 දී අපි තුන් දෙනා පන්ති තුනකට වැටුනා.. අපි තුන්දෙනාගෙ ගෙවල් එකම පැත්තෙ තිබ්බත් අපි ගියේ ගෙවල් ළඟටම එන ස්කූල් වෑන් වල නිසා අපිට හම්බෙන්නවත් වුනේ නෑ..

8 වසරේ ඉදපු අවුරුද්ද මං ගෙව්වෙ හරිම අමාරුවෙන්.. මොකද අලුතෙන් යාළුවො හම්බුනත්, රිෂිනි මිංදු තරම් මගෙ හිත දිනා ගත්ත යාළුවො 8 පන්තියේ දී හම්බුනෙ නැති නිසා.. 8 වසරත් අර පිස්සො දෙන්න නැතුව ගොඩක් ඉක්මනට ගෙවිලා ගියා..

9 වසරෙදී අපි තුන්දෙනාම ආයෙත් එකම පන්තියට වැටුනා.. දෛවය හරිම පුදුමාකාරයි.. අපි ඒ අවුරුද්දේ තනිකරම නැටුවෙ පිස්සු.. එකට ඉන්න බැරි වුන අවුරුද්ද අපි 9 වසරෙදි පියව ගත්තා.. මුළු ඉස්කෝලෙන්ම අපි තුන්දෙනා තරම් දඟ මළු වෙන කොහෙවත් නැතුව ඇති.. අපි අනන්තවත් එක එක පිස්සු වැඩ කරලා බැනුම ඇහුවා ගුටිකෑවා.. ඒත් ඒවා හරි ජොලි වැඩ.. ඒවා නරක වැඩ නෙවෙයි.. දැන් අපේ භාෂාවෙන් කිව්වොත් ඒවා තනිකරම සිඟිති ආතල්..

කොහොම හරි අපි තුන්දෙනාගෙ මේ බැඳීම ඒ පිස්සු වැඩත් එක්ක තවත් ශක්තිමත් වුනා. 9 වසරෙ කියන්නේ අපි ටිකක්.. නෑ සාමාන්‍යයෙන් ලොකු ළමයි.. ඉතිං අපේ අම්මලා තාත්තලා කතා වෙලා අපි දෙන්නව ස්කුල් වෑන් වලින් අයින් කරලා ස්කූල් බස් එකට දැම්මා..

අපේ ඉස්කෝලෙට ගොඩක් දුර ඉදන් ළමයි එන නිසා ස්කූල් වෑන් බස් ගොඩක් ආවා.. ඒ අතරින් රජයෙන් දාපු එක එක පැති වලට යන බස් කීපයකුත් තිබුනා.. අපි ඒවට කිව්වේ 'සිසු සැරි ' කියලා මම, රිෂිනි, මිංදු එකම පැත්තෙ නිසා අපේ අම්මලා අපිව සිසු සැරියට දැම්මා. මොකද ස්කූල් වෑන් වලට ඒකාලෙ ගත්තා රු. 2500 ක් වගේ ලොකු ගානක්.. ඒත් සැරියෙ නම් එහෙම නෑ.. ඒ කාලෙ සිසු සැරිය අපෙන් ගත්තේ රු. 30 යි..

මේ සිකුරාදා දවසක්.. ඒවගෙම රිෂිනි මිංදු දෙන්නා ඉස්කෝලෙ ආව නැති දවසක්..

"කවුද අනේ සිකුරාදා වගේ දවසක ඉස්කෝලෙ එන්නෙ නැතුව ඉන්නෙ.. මෝඩයො දෙන්නා.. එ⁣න්නෙ නැත්තම් කලින් කියන්න ඕනි එක්කො.."

මං හවස ඉස්කෝලෙ ඇරිලා අර මෝඩ ඩබලටත් බැන බැනම දිව්වෙ සැරියට.. සැරියෙ ගොඩක් අය යන නිසා ඉඳගන්න හම්බෙන්නෙ ගොඩක් කලාතුරකින්.. ඒ නිසා ඉඳගන්න ෂීට් එකක් අල්ලගන්න ඕන නිසා මම ඉක්මනට බස් එකට ආවා..

"ඔහ්...!! වෙලාවට ඉඩ තියෙනවා.."

මං යද්දි පිටිපස්සෙ පේලි ටික නම් ⁣කලින්ම බුක් වෙලා තිබ්බා.. බස් එකේ ඉඩ තියෙන තැනකට කියල තිබ්බෙ බස් එකේ මැද හරියෙ විතරයි.. ඉතිං මම ගිහින් මැද ෂිට් එකකින් ඉඳ ගත්තා.. බස් එකට එන හැමෝම බලන්නෙ පිටිපස්සෙ ෂීට් එක අල්ල ගන්න.. ඒක කොහොමත් සාමාන්‍ය විදිහනේ.. මොකද පිටිපස්සෙ ෂීට් එක තරම් ආතල් පිරුණු වෙන තැනක් බස් එකක හොයා ගන්න බෑ..

මං ෂටර් එකට ඔලුව තියාගෙන එළිය බලාගෙන හිටියෙ පාර දෙපැත්තෙම යන ළමයි දිහා.. හරි වේගෙන් ළමයි තම තමන්ගෙ වාහන වලට දුවනවා.. සැරියෙත් ළමයින්ගෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මගෙ එහා පැත්තෙත් අක්කා කෙනෙක් ඇවිත් වාඩි වුනා.. මං එයා දිහා බැලුවෙ නැතත් එයා ළඟ හිට ගෙන හිටපු කෙනා දිහා නම් බැලුවා.. කොටට කොන්ඩෙ කපලා හිටපු ඒ කෙනා සුදුයි.. වැඩිය උස නැතත් එයා ලස්සනයි.. කෙල්ලෙක් උනත් කරාඹු දෙකක්වත් කනේ තිබ්බෙ නෑ.. කැරලි කොන්ඩෙ නලල වැහෙන්න වැටිලා. සැරින් සැරේ කොන්ඩෙ අතින් උඩට කලේ හරියට කොල්ලෙක් වගේ..

"දෙවියනේ.. ලස්සන.."

මගෙ හිත මටත් හොරා එහෙම කියද්දි මං එයා දිහාම බලාගෙන හිටියෙ වශී වෙලා වගේ.. ඒත් එක්කම එයා මං දිහා බැලුවා.. ඒත් මට ගානක් තිබ්බෙ නෑ ඒ ගැන.. මං හරි සිහියට ආවේ එයා ඇස් වලින් 'ඇයි?' කියලා අහපුවාම.. මම ඔලුව දෙපැත්තට වනලා ඉක්මනින් අහක බලා ගත්තා.. බෑග් එකත් පපුව ළඟටම අරගෙන තුරුල් කර ගත්තේ හයියෙන් ගැහෙන මගෙ හාට් එකේ සද්දෙ අනික් අයට ඇහෙයි කියල හිතිලා..

"එයා ලස්සනයි..."

"ඒ ඇස්... දුඹුරු පාටයි.."

"ඒ කොන්ඩෙ.. ආහ්.. මගෙ හාට් එක.."

"පොඩ්ඩක් ඉන්න සිනූ... එයා වගේ කෙනෙක් මං දැකලා තියෙනවා නේ.. කොහේදිද..??"

මං එහෙම හිත හිත හිටියත් මගෙ ඇස් කැරකුනේම එයා ළඟට.. හරියට කාන්දමක් වගේ.. එයා නම් එයා ළඟ හිටගෙන හිටපු අක්කා එක්ක ලොකු කතාවක.. මං දිහා එකපාරක් වත් බැලුවෙ නෑ..

මං හිතන්නේ මං සිය පාරකට වඩා එයා දිහා බලන්න ඇති.. ඒත් ඒ ඇස් එක්ක ගැටෙන්න යන හැම වෙලාවෙම මම අහක බලා ගන්න පරිස්සම් වුනා..

මම බහින්න ළං වුන නිසා හොල්ට් දෙකකට කලින් මං නැගිට්ටෙ ඉස්සරහට යන්න හිතාගෙන.. මොකද ළමයි අස්සේ ඉදල මං බහින හෝල්ට් එකෙන් බැහැ ගන්න බැරි වුනොත්.. ඒ නිසා මං ඉක්මනට නැගිට්ටා.. මගෙ එහා පැත්තෙ හිටපු අක්කත් මගෙ බෑග් එක අරන් එහාට මෙහාට වෙලා ඉඩ දුන්නේ මට බස් එකේ ඉස්සරහට යන්න ඉඩ දෙන ගමන්..

"බහිනව ද?"

කන ළඟින්ම ඇහුන හඬත් එක්ක මං හෙම්මම ඒ කෙනා දිහා බැලුවා.. ඒ හඬ ගැඹුරුයි.. මං එයා දිහා බලද්දිත් එයා අහක බලාගෙන..

"අහක බලා ගන්න ඕනි නම් ඇයි කතා කලේ??"

එයාට උත්තර දෙන්න ඕනි වුනත්, අහක බලාගෙන හිටපු නිසා මමත් ඇහුනෙ නෑ වගේ එතනින් එන්න ආවා.. මම ⁣මගේ හෝල්ට් එකෙන් බැහැලා සුපුරුදු විදිහට පයින්ම ගෙදරට ගියා.. ඒ යන ගමනුත් මම කල්පනා කලේ ඒ අක්කා ගැන..

"කීය වසරෙද දන්නෑ.."

"අක්කා අක්කා කිව්වට නංගි කෙනෙක්වත් ද දන්නෑ.."

"ඒ වුනාට නංගි කෙනෙක් ගෙ ලුක් එකක් නෑ නේ.."

"11 වසරේ අක්කා කෙනෙක් වෙන්න ඇති.."

"කොට උනාට මට වඩා උසයි.."

"මං එයා වගේ කෙනෙක් දැකලා තියෙනවා.. කවුද ඒ??"

"හහ්.. පුදුම ආඩම්බරයක් නේ තිබ්බෙ.."

මං එයා ගැන හිත හිතම ගෙදරටම ඇවිත්.. මං එනකොටත් ලොකු මල්ලි ගෙදර ඇවිත්.. මාත් සුපුරුදු විදිහට මගෙ කාමරේට ගිහින් ඇදුම් ගලවලා නාලා කරලා කාලා ඒම ආවේ මං මේ දවස් වල කියවන කතා පොතේ ඉතුරු ටික කියවන්න.. කතා පොතක් කියවන්න ගත්තාම මට වෙන දේවල් ඕනි නෑ.. කන්න බොන්න තියා හුස්ම ගන්නවත් මට මතක් වෙන්නේ නෑ..

මං සාලෙ පුටුවක වාඩි වෙලා කකුල් දෙකත් උඉට අරගෙන පොත පෙරලුවේ කලින් කියවලා නතර කරලා තිබ්බ තැනට.. පොත පෙරලපු ගමන් පොත අස්සේ මං දාලා තිබ්බ බුක් මාක් එක බිමට වැටුනා.. ඒකත් අහුලලා මං බැලුවෙ බුක් මාක් එක දිහා.. ඒ මගෙ ක්‍රෂ් එක..

"ඔහ්.. ජේබී... සොරි පැටියෝ.. හිතල වැට්ටුවෙ නෑ නේ.."

ඔව්.. මගෙ ක්‍රෂ් එක ජේබී.. ඒ කාලෙ කෙල්ලොන්ගෙ සිහින කුමාරයා.. ජස්ටින් බීබර්...!! බුක් මාක් එකේ තිබ්බෙ ජේබී ගෙ පොඩි කාලෙ පොටෝ එකක්.. මං ජේබී ගෙ බුක් මාක් එකට කිස් එකකුත් දිලා ඒක පොත අස්සට දාගෙන කියවන්න ගත්තා.. ඒත්..,

"පොඩ්ඩක් ඉන්න.. ඒ එයා...!!! ජේබී....!!! ඒ අක්කා... ජේබී වගේ...!!!!!!!"

~~~

JB වගේ කෙල්ලෙක්??

ම්ම්ම්..
ඇත්තටම පෞද්ගලිකවම මං එයාව දැකලා තියෙනවා..
එයා මේ පොටෝ එකේ වගේම තමයි..
එයාව දැක්කාම හදවත සුස් ගාලා යනවා.
🥲💔

ඔන්න චැප්ටර් 3 දුන්නා..
දැන් තමයි කතාව පටන් ගන්නෙ..

(සිනූ කියන්නේ සිනෙල්යාගෙ නික් නේම් එක)

කියවන්න වෝට් කරන්න..
කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න..
හාට් එකක් ❤️ හරි කමක් නෑ..

- Bright Guki -
13062022

Continue Reading

You'll Also Like

37.7K 5.5K 16
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
10.3K 1.9K 16
මගෙ ජීවිතේ මට ලැබුණ පළවෙනි ආදරයේ සුන්දරත්වයත් ඒ ආදරය මගෙන් අහිමි වීමේ වේදනාව පිළිබඳව ගෙතුණු ප්‍රබන්ධ කතාවක් (HAPPY ENDING)
6.2K 163 20
This story will start off around the time of Phoenix Drop High and will progress to when they are older (like the end of mystreet maybe longer if you...
21.5K 696 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...