පහුවදා මං වැඩට යන්නේ නැතුව leave එකක් දැම්මේ මට වැඩට යන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නැති නිසා.මං Tae ට කියලා තියෙන දේවල් මතක් වෙද්දි නම් පොලොව පලාගෙන යන්න හිතෙනවා දෙයියනේ.එදා දවසෙම Tae මට call,message දැම්මත් ඒ එකකටවත් මං reply කරන්න ගියේ නැත්තේ හෙට office එකට ගිහින්ම එයාට මං කියපු දේවල් වලට sorry කියනවා කියලා හිතාගෙන.
Jin උදේ මට call කරලා හවස හම්බවෙන්න ඕන කියපු නිසා මං ගියේ coffee shop එකට.එයා මට එන්න කියලා තිබ්බේ අපි මුල්ම දවසේ හම්බවුනු coffee shop එකට.මං shop එකට යනකොටත් එයා ඇවිත් හිටියේ.මං එයා දිහාට යනකොට එයා හරි ලස්සනට හිනා වෙලා මට අත වැනුවා.
"Sorry Jin!අදත් මං පරක්කුයි නේද?මට නින්ද ගිහින් තිබුනේ.නැඟිටිනකොට වෙලා ගියා ටිකක්"
මං කිව්වේ එයා හිටපු table එකෙන් පුටුවක් අරන් වාඩිවෙන ගමන්.
"It's okay Jia!ඉතිං ඔයා මොනවද බොන්නේ?"
"ම්ම්...මට Americano එකක් හොඳයි"
"Two americano please!"
Jin table එක ලඟට ආපු waiter ට කිව්වේ අතේ තිබුනු menu card එකත් table එක උඩින් තියන ගමන්.
"Jin...I'm really sorry!ඊයේ party එකේදී මගේ අතින් ඒරාට උන දේට.ඇත්තටම...මං...මං ඒ වෙලේ හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි..ඒරාටත් කියන්න මං එයාට sorry කිව්වා කියලා"
"ක්වෙන්චනා Jia!මමයි sorry කියන්න ඕන ඔයාට.ඔයාව එයත් එක්ක දාලා ගියාට.එයාගේ හැටි ඔහොම තමයි.දවසට කවුරුහරි ඕන එයාට රන්ඩු කරන්න.කොච්චර වයසින් ලොකු උනත් එයා තාමත් හැසිරෙන්නේ පොඩි ලමයෙක් වගේ.ඒකයි"
"ඇත්තටම Jia...මං ඔයාට එන්න කිව්වේ අපේ Tae ගැන කතා කරන්න"
Jin කිව්වේ ගොඩක් serious mood එකකින් මගේ දිහා බලාගෙන.
"ආහ්?"
මං හිටියේ මගේ ඇසුත් ලොකුකරන් Jin දිහා බලාගෙන.බැරි වෙලාවත් මං එදා මෙලෝ සිහියක් නැතුව Tae ට කියපු දේවල් එයා Jin ට කියලාවත්ද කියන සැකෙන් මං හිටියේ.
"Tae ආදරේ කරන්නේ ඔයාට Jia!"
Jin කියපු විදියට තව පොඩ්ඩෙන් මං බිබී හිටපු coffee එකත් ඉස්මොල්ලේ ගිහින් තමයි නවතින්නේ.එයා මොනවද මේ කියන්නේ?එතකොට ඒරා?මං හිටියේ Jin කියන දේවල් වල අගක් මුලක් තේරුම් ගන්න බැරුව.මගේ පපුවේ ගැස්ම එන්න එන්නම වැඩි වෙනවා වගෙයි මට දැනුනේ.
"එ..එතකොට ඒරා?එයාව නෙමෙයිද Tae marry කරන්න ඉන්නේ එතකොට?"
මං අහපු දේට Jin ට බකස් ගාලා හිනා ගියා.
"ආ...චින්ජා...මේ කෙල්ල නම්..."
Jin කිව්වේ ඔලුවට අතකුත් ගහන් හිනාවෙලා.
"ඒරා Tae ට කැමතියි නම් තමයි.ඒත් Tae හැමදාම ඒරාට සැලකුවේ එයාගෙම නංගි කෙනෙක්ට වගේ.එතනින් එහාට කොල්ලගේ හිතේ ඒරා ගැන කිසිම හැඟීමක් නෑ Jia.අනිත් එක ඒරා Tae ට කැමතියි කිව්වට අඩුම ගානේ එයා තාම දන්නේ නෑ ආදරේ කියන්නේ මොකක්ද කියලාවත්"
ඇත්තටම මං හිටියේ Jin මට කියන දේවල් විශ්වාස කරන්න බැරුව.
"Jia!..Jia!"
Jin මගේ අතින් හොල්ලලා කතා කරනකොට තමයි මං කල්පනාවෙන් මිදුනේ.
"Jin...ඇත්තටම...මට මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි"
මං කිව්වේ මගේ නලලත් අතින් පිරිමදින ගමන්.
"හ්ම්..මට තේරෙනවා Jia.Tae ආදරේ කරන්නේ ඔයාට කියලා දැනගත්තම මටත් මුලින්ම හිතාගන්න අමාරු උනා.මට කේන්තිත් ගියා මේ මනුස්සයා මෙච්චර ලඟින් මාව ආශ්‍රය කරලත් ඔයා ගැන මට කලින් කිව්වේ නැති එකට"
"ඒත් Jia..Tae ඔයාට ආදරේ කරන්නේ ඔයා හිතනවටත් වඩා සෑහෙන කාලෙක ඉඳන්.එයා කොරියාවේ ඉඳලා Germany වලට ආවෙත් ඔයා නිසා කියලා මං කිව්වොත් ඔයා විශ්වාස කරනවද?"
"ආහ්?"
Jin කියන දේවල් මං අහන් හිටියේ හීනෙන් වගේ.
"ට්‍රීං..ට්‍රීං..."
එතකොටම වගේ තමයි Jin ගේ phone එක ring උනේ.
"Okay sir!I'll coming soon!"
"Jia!I'm really sorry!මට දැන් හදිසියේම hospital එකට යන්න වෙනවා.Hospital එකෙන් call කරා emergency එකක් කියලා.Jin කිව්වේ phone එක එයාගේ coat එකේ pocket එකකට දාගන්න ගමන් table එකෙන් නැඟිටලා.
"It's okay Jin!පරිස්සමින් යන්න එහෙනම්"
එහෙම කියන ගමන් මාත් table එකෙන් නැඟිට්ටේ යන්න කියලා හිතාගෙන.
"Jin...ඇත්තටම මට සමාවෙන්න..මං නිසා ඔයාගේ හිත රිදුනා නම්"
"අනියෝ..ක්වෙන්චනා Jia..අනිත් එක මගෙන් සමාව ඉල්ලන්න තරම් ඔයා මට වැරැද්දක් කරලා නෑනේ ලමයෝ"
Jin කිව්වේ හිනාවෙන ගමන්.
"ආහ්!මං ඔයාගේ අම්මටයි,අක්කලාටයි මේ ගැන තේරුම් කරලා දෙන්නම් තේරුණාද?ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා..ම්ම්?..පුළුවන් තරම් ඉක්මනට Tae එක්ක කතා කරලා දෙන්නත් එක්ක ප්‍රශ්න ටික විසඳගන්න බලන්න"
"කුමාවෝ Jin!"
මං කිව්වේ හිනාවෙලා Jin දිහා බලන ගමන්.
"ආහ්!මට මේක තව ටිකෙන් අමතක වෙනවනේ!"
Jin කිව්වේ එකපාරටම දෙයක් මතක් වුනා වගේ table එක උඩ තිබුනු lunch box එකක් අතට ගන්න ගමන්.
"Jia!මේ dumpling ටික ඔයාට ගෙනාවේ.ගියපාර මං හදපු ටික Tae ගත්තනේ"
Jin කිව්වේ dumpling තියෙන box එක මට හිනාවෙලා දෙන ගමන්.
"අනේ Jin!..මියාන්හේ!.."
මං කිව්වේ Jin ව බදාගන්න ගමන්.ඇත්තටම මට Jin ගැන දැනුනේ ලොකු අනුකම්පාවක්.
"කරෙගු කුමාවෝ...මං වෙනුවෙන් කරපු හැම දේකටම"
මං කිව්වේ Jin ව බදාගෙනම.
"ඔයාටත් කුමාවෝ Jia!ටික කාලයක් හරි මාත් එක්ක හිටියට"
"Jia මං දැන් යන්නද එහෙනම්?ම්ම්?..තව ටිකක් වෙලා හිටියොත් එහෙම මට ඔයාට යන්න දෙන්න හිතෙන්නේ නැතිවෙයි.."
Jin කිව්වේ හිනාවෙලා මගෙන් අයින් වෙන ගමන් මගේ කොන්ඩෙත් අතින් අවුල් කරලා..
"කරෙසෝ නානන් කන්දා Jia!පරිස්සමින් ඉන්න"
"නෝදු Jin!"
දිග හුස්මකුත් අතෑරලා මං බලන් හිටියේ මට පිටුපාලා යන Jin දිහා.ඇත්තටම Jin ඔයා වචනයේ පරිසමාප්තියෙන්ම gentleman කෙනෙක්.මට හිතුනේ එහෙම..
******************************************
මං office ආවේ අද කොහොමහරි Tae ව හම්බවෙලා මගේ හිතේ තියෙන දේවල් එයාට කියනවා කියලා හිතාගෙන.ඇත්තටම මගේ හිත තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා.එයාට මං ආදරේ කරා උනත් මගේ හිත ඒක පිලිගන්න කැමති වුනේ නෑ.ඒත්...ඒරාත් එක්ක එදා කතා කරාට පස්සේ මට පලවෙනි පාරට Tae ගැන ලෝබ හිතුනා කවදාවත් දැනුනේ නැති විදිහට.ඉතිං මට ඕනවුනේ මගෙන් එයාට වුන දේවල් වලට සමාව අරන් එයාට පුලුවන් තරම් ඉක්මනට ආදරෙයි කියන්න.
මං උදේ office එකට එනකොටත් cabin එකේ හිටපු කට්ටිය වටවෙලා ලොකු කතාවක.මාත් handbag එක මගේ table එක උඩින් තියලා ඒ පැත්තට ගියේ කට්ටිය මොකක් ගැනද කතාවෙන්නේ බලන්න.මටත් ඉතිං ඕනේ නැති මඟුලක් නෑ.ඕපයක් නම් ඉතිං මට කරන්න ආපු වැඩෙත් අමතකයි.
"ආහ්!Jia!good morning කෙල්ල!"
යුන්ජි කිව්වේ මං ඒ පැත්තට එනවා දැකලා මගේ ලඟට දුවන් ඇවිත්.
"Good morning යුන්ජියා!අර මොනවා ගැනද කට්ටිය වටවෙලා කතා කරන්නේ?"
"ආහ්!...අපේ sir ඉන්නේ?"
"ඉතිං?"
"එයා අද කොරියා යනවලු"
"මෝ?"
"ඇයි Jin ඔයාට කිව්වේ නැද්ද?එයාගේ නංගිත් එක්ක තමයි sir යනවා කියලා තිබ්බේ.මට ඒ කෙල්ලව පේන්න බෑ.මහ යක්ෂ කෙල්ලක්.මතකනේ ඔයාට එදා party එකේදී කරපු දේවල්.අපේ sir කොහොම ඉන්නවද දන්නේ නෑ ඒ කෙල්ලත් එක්ක"
මට ඇහුනේ Tae කොරියා යනවා කියන එක විතරයි.යුන්ජි කියපු වෙන කිසිම දෙයක් මට ඇහුනේ නෑ.
"යුන්ජියා!ඔයා දන්නවද sir කීයටද යන්නේ කියලා?"
මං යුන්ජිගේ අත් දෙකෙන්ම අල්ලලා ඇහුවේ ගොඩක් කලබලෙන්.
"Jia!මුසුන්ඉරියෙයෝ?මොකක්ද ප්‍රශ්නේ?"
යුන්ජි ඇහුවේ බයවෙලා වගේ අතකින් මගේ මූන අල්ලලා.
"යුන්ජියා!චෙබල්!ඔයා දන්නවද?"
"මං හිතන්නේ දැන් පොඩ්ඩකට කලින් තමයි එයාලා airport එකට පිටත්වෙලා තියෙන්නේ.Jia වේ?මොකක්ද ලමයෝ වෙලා තියෙන්නේ?"
යුන්ජි අහපු කිසිම දේකට මං උත්තර දෙන්නේ නැතුව ඒ පමාවටම මගේ පර්ස් එකත් අරන් මං hotel එකෙන් එලියට ඇවිත් taxi එකකට අත දැම්මේ airport එකට යන්න.
"Tae...ඔයා කොහොමද මෙහෙම එකපාරටම යන්න හදන්නේ?ඒකත් මට නොකියම?"
මගෙත් මෝඩකමනේ.එයා මට call කරද්දි එකපාරක් හරි මට answer කරන්න තිබුනා.Tae ට call එකක් ගන්න කියලා පර්ස් එක බලද්දියි මං දන්නේ හදිස්සියට ආපු නිසා phone එක office එකේ දාලා ඇවිත් කියලා.
"Jia..බොගොෂිප්යෝ.."
"Jia...මියාන්හේ.."
"Jia...ඔයා තාමත් මාත් එක්ක තරහද?"
ඔයා එවපු හැම ලියුමකම වගේ වැඩිපුරම තිබ්බේ ඒ වාක්‍ය තුන.මියාන්හේ Tae...චොම්මල් මියාන්හේ..ඔයාට උත්තර දෙන්න මං පරක්කු උනාට.ඔයාගේ ලියුම් කියවන්න පරක්කු උනාට.ඒ වචන වල තිබුනු ඔයාගේ ආදරේ තේරුම් ගන්න කල් ගියාට..ඒත්...අඩුම ගානේ එකම එකපාරක් හරි ඔයාට තිබුනා මට ආදරෙයි කියන්න...එහෙම වුනා නම් අපි දෙන්නා මෙච්චර කාලයක් ඈත්වෙලා නොහිටින්න තිබුනා..Tae ව මතක් වෙද්දි මගේ ඇස්වලින් ඉවරයක් නැතුව වැටෙන කඳුලු නවත්තන්න ඕනකමක් තිබ්බේ නෑ මට..
"Jia...තෙහස් ආදරේ කරන්නේ මට නෙවෙයි..වෙන කෙනෙක්ට..සමහර දේවල් තියෙනවා අපේ ඇස්මානේ තියෙද්දි වටින්නේ නැතිවුනාට අපෙන් ඈත්වෙලා යද්දි වටිනාකම දැනෙන.ඒක කවදාහරි ඔයාට තේරුම් යයි Jia..."
එදා Jithmi මගේ තාත්තගේ funneral එක දවසේ මං ඔයා ගැන එයාගෙන් ඇහුවම මට දීපු උත්තරේ තමයි ඒක.එතකොටයි මං දන්නේ ඔයාලා දෙන්නා breakup වුනා කියලා.එදා Jithmi කියපු දේවල් තේරුම් ගන්න තරම් මං හොඳ මානසිකත්වෙක හිටියේ නැති වුනත් එයා කිව්වේ මොකක් ගැනද කියලා මට දැනුයි තේරෙන්නේ..
******************************************
Taxi driver මට කතා කරද්දි තමයි මං දන්නේ airport එකට ඇවිත් කියලා.මෙච්චර වෙලා මං හිටියේ මගේ මතක අස්සේ අතරමං වෙලා.Taxi එකට සල්ලි ගෙවලා මං airport එක ඇතුලට දිව්වේ අඩියට දෙකට.මං කෙලින්ම counter එක ලඟට දුවලා ගියේ කොරියාවට යන flight එක කීයටද යන්නේ කියලා දැනගන්න.
"Oh!..I'm really sorry ma'am!කොරියාවට යන flight එක පිටත්වෙලා දැන් විනාඩි තුනක් විතර වෙනවා"
"ආහ්?"
ඒක අහපු ගමන් මං හිරකරන් හිටපු ඇඬුම් එලියට පැන්නේ නොදැනිම.
"Ma'am!are you okay?"
Counter එකේ හිටපු girl ඇහුවේ බයවෙලා වගේ මගේ දිහා බලන්.
"Yeah!I'm fine!Thank you!"
එහෙම කියපු මං අඬ අඬාම airport එකෙන් එලියට ආවේ වටපිටේ හිටපු මිනිස්සු මගේ දිහා අමුතු විදිහට බලාගෙන ඉද්දි.ඒ ඇවිත් මං taxi එකකට නැග්ගේ යන්නේ කොහෙටද කියලාවත් හිතාගන්න බැරුව.
Taxi එක Oberbaum පාලම ගාවින් නවත්තලා මං taxi එකෙන් බැහැලා ගියේ පාලම ගාවට.අඬලා අඬලා හෙම්බත් වෙලා හිටපු මං එතනම බිම වාඩිවුනේ හිටන් ඉන්නවත් පණක් තිබ්බේ නැති නිසා.ඔයා හැමදේටම පරක්කුයි Jia..හැමදේටම..හැමදෙයක්ම ඔයා තේරුම් ගන්නේ අන්තිම මොහොතේ...කකුල් දෙක අස්සේ මූනත් ඔබාගෙන මං අඬන්න පටන් ගත්තේ මට මං ගැනම දැනුනු කලකිරීමෙන්..
"Tae..මං ඔයාට ආදරෙයි..ඔයාට ඇහෙනවද ඔයාගේ පිස්සු යාලුවා ඔයාට ආදරෙයි..ගොඩක්..පුලුවන් නම් ආපහු ඉක්මනට එන්න Tae..මං බලන් ඉන්නවා ඔයා එනකන්.."
ඒ වෙලාවෙම වගේ හයියෙන් වැස්සක් පටන් ගත්තත් මට එතනින් නැඟිටින්න ඕනකමක් තිබ්බේ නෑ.තෙමී තෙමී හිටපු මාව එකපාරටම තෙමෙන්නේ නැතුව ගියපු නිසා මං ඔලුව උස්සලා බැලුවේ වහින සද්දේ නැවතුනේ නැති නිසා...
To be continued....
************************************