~So,we met again~|| KTH ✔

By Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 04🌹
🌹Chapter 05🌹
🌹Chapter 06🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 14🌹

310 56 1
By Nishyoon

----Author's POV----

Tae Jia ඉන්න cabin එක පැත්තට ගියේ කොල්ලා laptop එකේ කර කර හිටපු වැඩෙත් ඉක්මනට ඉවර කරලා දාලා.කොල්ලට හිනා ගියේ කෙල්ල ඉන්න විදිහ දැකලා.කෙල්ලට lollipop එකත් කටේ ගහගෙනම table එකේ තිබුන file ගොඩ උඩ නින්ද ගිහින් තිබුනේ.

Tae හිමීට සද්ද කරන්නේ නැතුව කෙල්ල ලඟින් තිබුනු අනිත් පුටුවේ වාඩිවෙලා ටික වෙලාවක් කෙල්ල දිහා බලන් හිටියා.

"ඔයා තාමත් ඉස්සර වගේමයි Jia..චුට්ටක්වත් වෙනස් වෙලා නෑ"

⁣එහෙම හිතන ගමන් කොල්ලා හිමීට කෙල්ලගේ කම්මුලක් අතින් පිරිමැද්දා.

******************************************

කෙල්ලට ඇහැරුනේ කෙල්ලගේ අතට එකපාරටම දැනුන රස්නයක් නිසා.කෙල්ල හිමීට ඔලුව උස්සලා බලද්දි තමයි දැක්කේ Tae ට කෙල්ලගේ අතකුත් අල්ලගෙන නින්ද ගිහින් කියලා..

"මෙයා මොකද මෙතන?මං වැඩ ඉවරද කියලා බලන්න වෙන්න ඇති එන්න ඇත්තේ.ඇත්තමයි Jia මේ ටික වෙලාවටත් ඔයාට ඔලුව උස්සන් ඉන්න බැරි උනාද අප්පා..."

කෙල්ල හිමී⁣ට සද්ද කරන්නේ නැතුව කෙල්ලගේ අත Tae ගේ අතින් මුදවගෙන file වල වැඩ ටිකත් ඉක්මනට ඉවර කරලා,කොල්ලා දිහාට හැරුනා.

"මේ...මේ මාලේ?.."

එතකොටයි කෙල්ල දැක්කේ කොල්ලගේ කරේ තිබුන මාලේ කොලර් එකෙන් ටිකක් එලියට ඇවිත් තියෙනවා.කොල්ලගේ කරේ තිබ්බේ මීට අවුරුදු කීපයකට කලින් Jia ගේ birthday එක දවසේ කොල්ලා කෙල්ලට දීපු pinky promise necklace එකේ අනිත් එක.

"මෙයා ගාව තාමත් තියෙනවද මේක?..පුදුමයි.."

"ඇයි ඔයා මේක තාමත් තියාගෙන ඉන්නේ Tae?..ඔයාට තාමත් මේ නපුරු යාලුවව මතක තියෙනවද?.."

කෙල්ල මූනටත් අතක් තියාගෙන කොල්ලා දිහා බලාගෙන කල්පනා කර කර ඉද්දි තමයි එකපාරටම වගේ කොල්ලට ඇහැරුනේ.Tae එකපාරටම නැඟිටපු නිසා කෙල්ල අහක බලාගත්තත් Tae දිහා බලන් හිටපු විත්තිය කොල්ලා දැක්කා.

Jia ඉක්මනට handbag එකත් අරගෙන එතනින් යන්නයි හැදුවේ.

"ඔයා තාමත් ඉන්නේ මාත් එක්ක තරහෙන්ද Jia?"

කොල්ලා ඇහුවේ යන්න ගියපු කෙල්ලගේ අතින් අල්ලලා නවත්තලා.ටික වෙලාවක් Tae දිහා බලන් හිටපු කෙල්ල මුකුත්ම නොකියා යන්න ගියේ කොල්ලගේ අතත් ගසලා දාලා..

"මං..මං ඔයත් එක්ක තරහා නෑ Tae.ඒත්..මං දන්නේ නෑ මට ඔයා ඉස්සරහ ඇයි මුකුත් කතා කරගන්න බැරි කියලා.."

කෙල්ල office එකෙන් එලියට ආවෙත් ⁣Tae ගැන කෙල්ලගේ හිතේ තිබුනු සිතුවිලි අස්සේ අතරමං වෙලා...

******************************************
----Jia's POV----

මහී නිසා තුවාල වෙලා තිබුන මගේ හිත ⁣මෙහේ ආවට පස්සෙත් සෑහෙන කාලයක් ගියා හදාගන්න.එයාගෙන් පස්සේ මෙච්චර කාලයක් යනකන් මං කිසිම affair එකක්වත් පටන් ගත්තේ නැත්තේ ඒ බැඳීම් ගැන මගේ හිතේ තිබුනු විශ්වාසය නැත්තටම නැතිවෙලා ගිහින් තිබුනු නිසා..

Jin Africa වල project එකට ගිහින් දැන් මාසයක් වෙන්නත් කිට්ටුයි.එයා පොරොන්දු වුනා වගේම එහේ ගියාට පස්සේ එයාට පුළුවන් හැම වෙලාවකම වගේ මට කතා කරා.

Jin ගැන මගේ හිතේ විශේෂ හැඟීමක් නැති වුනත්,එයා එක්ක කතා කරන්න මං ටිකක් ආස කරා.ඇත්තටම එයා කියන සමහර කතා මං අහන් ඉන්න ආසයි.එයා පිටින් පේන මනුස්සයට වඩා ගොඩක් පරිණත මනුස්සයෙක් කියලා තමයි මට හිතුනේ.එයාට සමාජය ගැන තිබුනේ ලොකු අවබෝධයක්..

තෙහස්...ඔව්...ටික දවසක ඉඳන් එයා ඉස්සරහදි මගේ හිතට ඉස්සරට වඩා දැන් දැනෙන අමුතු හැඟීම මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.Tae මගේ ඉස්සරහට එනකොට එයාගේ මූන දිහා මට කෙලින් බලන් ඉන්න බැරි තරමටම මං කලබල වෙනවා.

ඉතිං මං හැම තිස්සෙම කරේ පුළුවන් තරම් එයාව මඟ අරින එක.මට sign කරගන්න තියෙන file එකක් උනත් මං යැව්වේ යුන්ජිගේ අතේ.කාලයක් මහී ගැන ඇතිවුන හැඟීම් මට Tae ගැනත් ඇතිවෙයි කියලා මං බයවුනා.

මහී නිසා තුවාල වෙලා තිබුන මගේ හිත ආයෙමත් සැරයක් පාරගන්න මට ඕන උනේ නෑ.අනිත් එක Jin ම⁣ට වචනෙන් කැමතියි කියලා නොකිව්වත් එයා ම⁣ට කැමතියි කියලා මං දැනගෙනයි හිටියේ.ඉතිං එහෙම එකේ Tae ගැන හිතුවොත් මං Jin ට කරන්නේ අසාධාරණයක්.

******************************************

අද යුන්ජි නිවාඩු ගිහින් හිටපු නිසා හදිස්සියේම approve කරගන්න තියෙන file එකක් sign කරගන්න මට Tae ලඟට යන්න සිද්ධ වුනා.මං Tae ගේ cabin එකට යනකොට එයා ඒක ඇතුලේ හිටපු නැති නිසා,මං cabin එකෙන් එලියේ තියෙන rooftop එක පැත්තට ගියේ එයා ඉන්නවද බලන්න.Tae ගොඩක් වෙලාව⁣ට cabin එකේ නැත්තම් ඉන්නේ එතන නිසා.

Tae හිටියේ coffee එකක් බොන ගමන් balcony එකෙන් එලිය බලාගෙන.

"Sir!"

මං එයා ලඟට ගිහින් දෙතුන් පාරක් කතා කරත් එයා හිටියේ ඇහුනේ නෑ වගේ එහාපැත්ත බලාගෙන.හදිස්සි file එකක් නිසා මං කෝකටත් ගිහින් එයාගේ පිටට තට්ටුවක් දානකොට තමයි එයා මගේ දිහාට හැරුනේ.කොහේ ඇහෙන්නද ඉතිං!....මේ මනුස්සයා ඉඳලා තියෙන්නේ කන් දෙකේ ඇබ ගහගෙනනේ.

"මේක ටිකක් හදිස්සි file එකක් sir!දැන් sign කරලා දෙන්න පුලුවන්ද?"

Tae මගේ දිහා බලන් ඉද්දි මං කිව්වේ එයාට මගේ අතේ තිබුනු file එක දිග්කරන ගමන්.එයා file එකත් අරන් මගේ දිහාට නැමිලා එයාගේ කනේ ගහන් හිටපු ear bud එකක් මගේ කනෙන් ගැහුවා.

"Walk in your rainbow paradise....
     Strawberry lipstick state of mind...."

එ්කේ play උනේ Harry ගේ Adore you song එක.එයා file එකත් අරන් rooftop එකේම තිබුනු table එකේ පුටුවකින් වාඩිවුනේ බිබී හිටපු coffee mug එකත් පැත්තකින් තියලා,එයාගේ එහාපැත්තේ තිබුන පුටුවක් ඇදලා අරන් මටත් වාඩිවෙන්න කියන ගමන්.මං පුටුවෙන් වාඩිවෙලා බලන් හිටියේ එයා file එක බලන ගමන් sign කරන දිහා.

එයාගේ වීදුරුවක් වගේ පැහැදිලි හම,උල් නහය,දිග ඇස් පිහාටු..ඒ හැම දෙයක් නිසාම මට ⁣එයාව පෙනුනේ හරියට wax statue එකක් වගේ.ඒ තරම්ම එයා perfect කියලා මට හිතුනා.එයා දිහා බලන් ඉන්⁣නකොට මගේ heartbeat එක වැඩිවෙනවා කියලයි මට දැනුනේ.

මං..මං එයාට කැමතියි වත්ද?නෑ..නෑ..ඒක වෙන්නේ කොහොමද?Please!come to your senses Jia!!එයා ඔයාගේ හිටපු යාලුවා විතරයි..අමතක උනාද ඔයාට?මං හිටියේ එයා දිහා බලන් මගේ හිතත් එක්ක තර්ක කරන ගමන්.

"You don't have to say you love me...
    You don't have to say nothing...
  You don't have to say you're mine..honey..
    I'd walk through fire for you...
     Just let me adore you...
          Oh...honey..."

මේ සිංදුව නම් මාව නොමඟ යවනවා අප්පා.මං Tae මගේ කනේ ගහපු ear bud එක ගලවලා පැත්තකින් තිබ්බා.ඇයි දෙයියනේ තව ටික වෙලාවක් හිටියොත් එහෙම මට මෙයා ගැන තව මොන මොන දේවල් හිතෙයිද දන්නේ නෑ.

Tae sign කරලා ඉවර වෙලා file එක වහලා මගේ දිහා බලනකොටත් මං හිටියේ මගේ අතට මූනත් හෙත්තු කරන් එයා දිහාම බලාගෙන.මං ඒ සැනින් අහක බලාගත්තත් ඇස් කොනින් වගේ මං දැක්කා එයාට ලාවට හිනාවක් යනවා මාව දැකලා.ඇත්තමයි Jia මොනවද ඔයා මේ කරන ලැජ්ජා නැති වැඩ?කෙල්ලෙක් වෙලත් කොල්ලෙක් දිහා ඔහොම කටත් ඇරන් බලන් ඉන්නවද මං අහන්නේ....

මං ආයෙත් එයා දිහාට හැරුනේ එයා sign කරපු file එකත් අරන් ආපහු යන්න කියලා හිතාගෙන.ඒත් මං නැඟිටින්න කලින් Tae එකපාරටම මං වාඩිවෙලා හිටපු පුටුව එයා ලඟට ඇදලා ගත්තා.එයා හිටියේ එයාගේ හුස්ම මගේ මූනට වදින නොවදින ගානට මගේ මූනට ලංවෙලා.මං හිටියේ මුකුත් හිතාගන්න බැරුව මගේ ඇස් දෙකත් ලොකු කරන්.

"Tae....මේ...ම..මට..."

මට වචන ගොත ගැහෙනවා.මේ මනුස්සයා තව ටික වෙලාවක් මගේ දිහා බලන් හිටියොත් එහෙම මට නවතින්න වෙන්නේ hospital එකේ මගේ හුස්ම හිරවෙලා.මගේ පපුවේ සද්දේ එලියට ඇහෙන තරම් හයියෙන් ගැහෙනවා.

"රතුවෙලා"

Tae කිව්වේ ලාවට හිනාවෙලා මගේ මූනට තවත් ලංවෙලා මගේ කම්මුලකුත් මිරිකන ගමන්.එයා එහෙම කියනකොට මට ඉබේටම අත ගියේ මගේ කම්මුල් වලට.එතකොටම එයා කරේ හිනාවෙලා එයාගේ නලල මගේ නලලේ වද්දලා මගෙන් අයින්වුනු එක.

එයා මගෙන් අයින්වුනු පමාවට මං කරේ එයා හිනාවෙලා මගේ දිහා බලන් ඉන්නකොට file එකත් අරන් පස්සවත් නොබලා එතනින් දුවලා ආපු එක.

"ඇත්තමයි මේ දවස්වල මට මොනවා වෙලාද කියලා තේරෙන්නේ නෑ...ඇයි මට Tae ඉස්සරහා ඉස්සර වගේ ඉන්න බැරි?..ඇයි මං එයා ඉස්සරහා එයාව ආගන්තුකයි වගේ හැසිරෙන්නේ?.."

මගේ table එකට ඇවිල්ලත් මං කල්පනා කරේ මං Tae ලඟදි හැසිරුනු විදිහ ගැන..

******************************************

----Author's POV----

"ඇයි මට හිතෙන්නේ ඔයාගේ ඇස් දිහා බැලුවම ඔයා මට කැමතියි කියලා..ඒත්...ඇයි Jin හ්යොන්ග්නුත් ඔයාටම කැමති උනේ Jia?එයා සාමාන්‍යයෙන් කිසිම කෙල්ලෙක්ට ලේසියෙන් කැමති වෙන කෙනෙක් නෙවෙයි..එහෙම එකේ මං කොහොමද හ්යොන්ග්ට ඔයා ගැන කියන්නේ?....."

Tae හිටියේ කොල්ලගේ කාමරේ ජනේලේ ලඟට හේත්තු වෙලා Jia එක්ක කොල්ලා ගහපු photo එකක් අතේ තියන් බලාගෙන කල්පනා කරන ගමන්..

"යාහ්!ඒරා ඕක දෙනවා මෙහාට"

කොල්ලගේ අතේ තිබුන photo එක එකපාරටම ඇවිත් උදුරගත්තේ ඒරා.එ්රා කියන්නේ Jin ගේ නංගි.

"බෑ!!!ඇත්තමයි ඔප්පා ඔයාට හැමදාම මේ photo එක දිහා බලාගෙන ඉඳලා එපා වෙන්නේ නැද්ද ආහ්?"

කෙල්ල කිව්වේ Tae photo එක ගන්න ලඟට එනකොට කෙල්ලගේ photo එක තියෙන අත පස්සට ගන්න ගමන්.

"ඒරා,චෙබල් ඕක දෙන්න මෙහාට!"

"බෑෑෑෑ!!!පුළුවන් නම් ගන්න බලන්න"

ඒරා කිව්වේ Jia ගේ photo එකත් අරන් දුවලා යන ගමන්.Tae ත් කෙල්ලගේ පස්සෙන් දිව්වේ photo එක ගන්න හිතාගෙන.

"යාහ්!!ඔප්පා!!"

ඒරා photo එකත් අරන් Tae ගේ කාමරෙන් එලියට එනකොටම තමයි Jin ඇවිත් කෙල්ලගේ අතේ තිබුනු photo එක උදුරගත්තේ..

To be continued....

******************************************

Continue Reading

You'll Also Like

2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
3.4K 573 15
නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personal...
677K 33.5K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
9.2K 2.2K 11
මේ කතාව මට මේ ළගදි පහල වෙච්ච අදහසක් නිසා ලියන එකක් ..මං දෙන්න හිටපු කතාව තව කල් යයි ...මේම ක්ශනික අදහසකින් ලියන එකක් ඒ නිසා කොහොම වෙයිද කියන්න දන්නෑ...