ජියාගේ birthday එක දවසේ උන සිද්ධියෙන් පස්සේ හැමදාම වගේ කෙල්ල කරේ පුළුවන් තරම් තෙහස්ව මඟඇරපු එක.එ් සිද්ධියෙන් සති දෙකකට විතර පස්සේ තෙහස් school එකේදී ගොඩක් වෙලාවට ඉන්න කොහොඹ ගහ යට තිබුන bench එක ලඟට එන්න කියලා class එකේ හිටපු ලමයෙක්ගේ අතේ Jithmi ට පනිවිඩයක් එවලා තිබ්බා.
"තෙහස්,ඔයා මට එන්න කියලා තිබ්බේ?"
Jithmi ඇහුවේ තෙහස් ලඟින් වාඩිවෙන ගමන්.
"ආහ්...මේකයි Jithmi.මට....මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"
"ඔව්.කියන්න තෙහස්.මොකක්ද?"
"ඇත්තටම Jithmi,මං...මං ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට"
තෙහස් කිව්වේ බිම බලාගෙන.
"මං දන්නවා"
Jithmi ඒක ඇහුවම කලබල වෙයි කියලා හිතුවත්,ඇත්තටම කෙල්ල හිටියේ ගොඩක් සන්සුන්ව මන්දස්මිතයක් එක්කම තෙහස් දිහා බලාගෙන.
"ඔ...ඔයා කොහොමද?..."
තෙහස් කෙල්ල දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්.
"එයාට ඒක නොතේරුනාට ඔයා එයත් එක්ක ඉන්න හැමවෙලාවකම ඔයාගේ ඇස් වලින් ඒක ඕන කෙනෙක්ට තේරේනවා තෙහස්"
"Jithmi,ඇත්තටම මට සමාවෙන්න.මට ඔයාගේ හිත රිද්දන්න ඕන උනේ නෑ.."
"ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි තෙහස්.ඔයා කවදාවත් මට වචනෙකින්වත් බලාපොරොත්තු දෙන විදියට හැසිරුනේ නෑ.ඉතිං සමාව ඉල්ලන්න එපා මගෙන්.මුලින්ම Jia ඔයා මට කැමති කියලා කිව්වම මං ඒක ඇත්ත වෙන්න ඇති කියලා හිතුවත්,පස්සේ මට තේරුණා ඔයා මට කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ කියලා.ඒත්...මට ඔයා ගැන ලෝබ හිතුනා..මං හිතුවා ඔයා ටික කාලයක් යනකොට හරි මට කැමති වෙයි කියලා.ඒත්..කවදාවත් ඔයාගේ ඇස් මගේ ලඟ නතර උනේ නෑ..."
තෙහස් දිග හුස්මකුත් අතෑරලා බිම බලාගත්තේ,කොල්ලට එවෙලේ මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරි උන නිසා.
"ඒත් තෙහස්,කවදා වෙනකන් ඔයා මේක එයාගෙන් හංඟන් ඉන්නද හදන්නේ?"
"මං දන්නේ නෑ Jithmi.මට කරන්න පුළුවන් එයා වෙනුවෙන් බලන් ඉන්න එක විතරයි..."
"එහෙම කියලා ඔයා තවත් කොච්චර කාලයක් කියලා බලන් ඉන්නද තෙහස්?"
Jithmi කිව්වේ තෙහස් ගැන කෙල්ලගේ හිතේ ඇත්තටම ඇති උන අනුකම්පාවෙන්.මොකද තමන්ට අයිති නැති උනත්,තෙහස් මේ විදියට තනියම හිතින් දුක්විඳින එක ගැන කෙල්ල ඇත්තටම දුක් උනා.
"මං හැමදාම එයා වෙනුවෙන් බලන් හිටියා.ඉතිං...තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.."
Jithmi ට පුදුමයි...තෙහස් මේ තරමටම හිතින් ආදරේ කරන විදියට...
******************************************
---Jia's POV---
මගේ birthday එක දවසේ උන සිද්ධියෙන් පස්සේ,Tae මාත් එක්ක කතා කරන්න එන හැමවෙලාවකම වගේ මං කරේ එයාව මඟඅරින එක.මට ඇත්තටම එයාගේ නිදහසට කාරණා අහන්න ඕනකමක් තිබ්බේ නෑ.
මාසෙකට විතර පස්සේ Tae ගේ කොරියා වල ඉන්න සීයා,ඒ කියන්නේ මින්ජු ආන්ටිගේ තාත්තා හදිසියේම නැති උන නිසා එහේ එයාලගේ business ගැන බලන්න Tae ලට කොරියාවට යන්න වෙනවා කියලා අපේ අම්මලට කියලා තිබ්බා.Tae ගේ studies වල වැඩත් එයාලා එහේ ලෑස්ති කරලා තියෙනවා කියලා තමයි කියලා තිබ්බේ.
Tae කොරියාවට යන්න පිටත් වෙන දවසේ airport යන්න කලින් අපේ ගෙදර එනකොට මං හිටියේ මගේ room එකේ.
"චූටි දූ,මේ දොර අරින්න ලමයෝ!තෙහස් පුතා ඇවිත්.එයා යන්න හදන්නේ"
අම්මි මගේ room එකේ දොර ලඟට ඇවිත් කතා කරත් මං දොර ඇරියේ නෑ.එතකොටවත් මට ඕන උනේ නෑ Tae එක්ක කතා කරන්න.
"ඇයි දරුවෝ ඔච්චර නපුරු වෙන්නේ?මේ දොර අරින්නකෝ.ඔයාගේ යාලුවා නේද මේ?"
"කමක් නෑ ආන්ටි.එයාට කරදර කරන්න ඕන නෑ.මං යන්නම්"
"ඔයා ඕවා ගනන් ගන්න එපා පුතේ.අනේ මන්දා මේ ලමයට ලඟකදී ඉඳලා මොනවා වෙලාද කියලා."
මං දොර ඇරියේ නැතිපාර අම්මා පල්ලෙහාට ගියේ මට බැන බැන.
"Jia...මං යන්නයි හදන්නේ.මං දන්නවා ඔයා අහන් ඉන්නේ කියලා.මට සමාව දෙන්න කියන්නේ නෑ මං ඔයාට...ඒත් අපි ආයේ දවසක හම්බ උනාම,ඉස්සර වගේ මාත් එක්ක හිනාවෙලා කතා කරනවද?මං බලන් ඉන්නවා ඒ දවස වෙනකන්.පරිස්සමින් ඉන්න Jia..මං යන්නම්..."
Staircase එක පැත්තෙන් ඇහෙන අඩි සද්දෙන් මං දැනගත්තා Tae ගියා කියලා.Tae ගියාට පස්සේ කාමරේ දොරට හේත්තු වෙලා මං ඇඬුවා..ඉකි ගගහා ඇඬුවා..මට ඕන උනා එකපාරක්හරි එයාට පරිස්සමින් ගිහින් එන්න කියන්න..ඒත් Tae ඔයාට තිබුනා එකපාරක් හරි මහී ගැන මට අැත්ත කියන්න..එහෙම උනා නම්...මේ හැමදෙයක්ම මීට වඩා වෙනස් වෙන්න තිබුනා..
******************************************
---07 years later----
"Jia!කොහෙද මැට්ටියේ ඉන්නේ?ඉක්මනට ඉන්න තැනකින් එනවා!meeting එක පටන් ගන්න යන්නේ!"
Washroom එකේ මූන හෝද හෝද හිටපු මාව ගැස්සිලා යුන්ජියාගේ මීපැණි වගේ voice එකට.අද හදිස්සියෙම වගේ meeting එකක් ready කරලා තිබ්බේ අපේ hotel එකේ chairman හදිසියේම එන නිසා.පහුගිය ටිකේ කොරියාවේ අලුතින් projects වගයක් පටන් ගන්න ගිහින්,මාස තුනකට විතර පස්සේ අද තමයිලු chairman hotel එකට එන්නේ.මෙහේ HR unit එකට මං ඇවිත් මාස දෙකක් වගේ පොඩි කාලයක් නිසා එයාව මං කලින් දැකලා තිබ්බේ නෑ.
යුන්ජිගේ call එකත් cut කරලා මං මූනත් පිහිදගෙන ඇවිත් ඉක්මනට දුවලා ගියේ hotel එකේ conference room එක පැත්තට.ඔක්කොමත් හරි මේ heels දාගෙන දුවන් යන එකනේ මට කරන්න බැරි.දුවගෙන ගියපු මං එකපාරටම ටයිල් එක ලිස්සුව නිසා කකුල් දෙකත් පැටලිලා,වැටෙන්නේ නැතුව බේරුනේ කාගෙදෝ අත් දෙකක් මැද්දේ හිරවුන නිසා.
"ඒ ඇස් දෙක!දෙවියනේ!ඒක නම් කොහොමටවත් වෙන්න බෑ!"
මාව අල්ලගෙන මගේ මූනට එබිලා බලාගෙන හිටියේ තෙහස්!ආයේ කවදාවත් මගේ ඇස් ඉස්සරහට මං එන්න එපා කියපු තෙහස්!
"හුටා!meeting එක!"
මගේ ඇස් උඩ ගියේ meeting එක මතක් වෙලා.මං ඉක්මනට Tae ගෙන් අයින්වෙලා පස්සවත් නොබලා දුවලා ගියේ conference room එක පැත්තට.
"අම්මෝ!ඇති යන්තන් තාම meeting එක පටන් අරන් තිබ්බේ නෑ මගේ වෙලාවට"
"කොහෙද මෝඩියේ මෙච්චර වෙලා අන්තරස්දහන් වෙලා හිටියේ?"
මං ගිහින් යුන්ජි ලඟින් වාඩිවෙනකොටම යුන්ජි ඇහුවේ මගේ අතටත් පාරක් ගහන ගමන්.
"Tae මොනවද Germany වල කරන්නේ?මගේ ඇස්වල අවුලක්වත්ද මන්දා.නෑ..වෙන්න බෑ!අනිත් එක...එයා කොහොමද මෙහේ ඉන්නේ?එයා කොරියා වලනේ ඉන්නේ.."
ඇඟිල්ලකුත් කටේ ගහන් කල්පනා කර කර හිටපු මං ගැස්සිලා ගියේ,යුන්ජියා මට වැලමිටෙන් ඇනපු පාරට.එතකොටයි මං දැක්කේ chairman ආපු නිසා,room එකේ හිටපු ඔක්කොමලා නැඟිටලා කියලා මං ඇරෙන්න.
"Tae!!"
එතකොට....එතකොට එයාද අපේ hotel එකේ අයිතිකාරයා?ඒක වෙන්නේ කොහොමද?...
Meeting එක පටන්ගත්ත වෙලාවේ ඉඳන් මං කොච්චර වෙලාවක් Tae දිහා බලන් හිටියද කියලා මට මතක නෑ.ඒත් ඒ වතාවකදිවත් එයාගේ ඇස් මගේ දිහාට හැරුනේ නෑ.
එයා හරිම proffessional විදියටයි meeting එක handle කරේ.මගේ birthday එක දවසේ එයාව හරියට දැක්කට පස්සේ,අවුරුදු 07කට පස්සෙයි මං එයාව අද දකින්නේ.අවුරුදු 19දී හිටපු පොඩි කොල්ලෙක්ගේ පෙනුම වෙනුවට මං දැන් එයාගෙන් දකින්නේ අවුරුදු 26ක පරිණත වෙච්ච තරුණයෙක්ව.ඇත්තම කිව්වොත් වචනයේ පරිසමාප්තියෙන්ම එයා කඩවසම් තරුණයෙක්,ඕනම කෙල්ලෙක් හීන දකින විදියේ...
"මාත් එයාව දැකපු මුල්ම දවසේ ඔහොම තමයි.එයාගෙන් ඇස් අහකට ගත්තෙම නෑ"
යුන්ජි මගේ කනට ලංවෙලා කියද්දි තමයි මං කල්පනාවෙන් මිදුනේ.
"ඇත්තටම එයා ගොඩක් handsome නේද?"
යුන්ජි මගෙන් ඇහුවේ රහසින්.
"හ්ම්"
"ඔයා දන්නවද Jia,එයා මේ hotel එකට නම දාලා තියෙන්නෙත් එයාගේ හිටපු girlfriendව මතක් වෙන්නලු.එයා හරි sweet නේද අනේ?"
යුන්ජි ආයෙමත් කිව්වා.
"Paradise of T'z Dracona" ඒක තමයි hotel එකේ නම.Dracona කියන්නේ නම් ගෑනු මකරෙකුට.T ගේ මකරා?ඒ මොන හරුපයක්ද දෙයියනේ?මේ මනුස්සයට වෙන නමක් තිබ්බෙම නැද්ද දන්නේ නෑ එහෙම නමක් දැම්මේ.
Meeting එක ඉවර උන ගමන් Tae hall එකෙන් එලියට යනකොටත්,එකපාරක්වත් මගේ දිහා බැලුවේ නෑ.ඒත් ඉතිං එයාට වැරැද්දක් කියන්නත් බෑ ඒකට.කොහොමත් මමනේ කිව්වේ එයාට මගේ ඉස්සරහට එන්න එපා කියලා.
******************************************
ගෙදර යන ගමනුත් මං කල්පනා කර කර ආවේ Tae ගැන.මගේ කණ ලඟින් ඇහුන වාහනේක break ගහන සද්දෙට තමයි මං මේ ලෝකෙට ආවේ.මදැයි!මං Tae ගේ සිහියෙන් ඇවිත් තියෙන්නේ wrong side එකේ පාර මැද්දට වෙන්න.තව පොඩ්ඩෙන් Tae ට පිංසිද්ධ වෙන්න මට ඉන්න වෙන්නේ hospital ඇඳක් උඩට වෙලා අතපය හතරක් එල්ලගෙන.
"ක්වෙන්චන්සෙයෝ?"
මං හැප්පෙන්න ගියපු car එකෙන් බැහැලා ආපු ඇස් හීනි තරුණයා බයවෙලා වගේ ඇහුවේ මගේ ලඟට ඇවිත්...
To be continued...
******************************************
ලමයි ඔන්න ඉතිං යුන්ජි කියන්නේ අපේ පූශ්ගේ female version එකලු ඈ🙈🙈