~So,we met again~|| KTH ✔

Von Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... Mehr

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 04🌹
🌹Chapter 05🌹
🌹Chapter 06🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 09🌹

297 60 2
Von Nishyoon

Jia birthday cake කෑලි ටිකකුයි,party එකේ තිබුනු තව short eats ටිකකුයි පොඩි parcel එකකට දාගෙන,කාටවත්ම නොකියා හොරෙන් එලියට යන්න හදනකො⁣ට තමයි තෙහස් කෙල්ලව දැකලා කතා කරේ.

"Tae,මං...මේ....."

"මහීව හම්බවෙන්නද යන්න හදන්නේ ඔය?"

"ආහ්..මේ..ඔව්..එයාට ටිකක් සනීප මදි කියලා මට එන්න වෙන්නේ නෑ කියලා දැන් පොඩ්ඩකට කලින් message එකක් දාලා තිබ්බා.මං call කරාට එයා answer කරන්නෙත් නෑ.මට බයයි එයා ගැන.මං මේ එයාව බලන්න ගෙදර යන්න කියලා හැදුවේ"

"කවදාවත් ගිහින් නැති ගෙදරකට තනියම යන්න හදන්නේ තමුන්ගේ ඔලුව හොඳ නැද්ද Jia?"

තෙහස්ගේ කේන්තිය ඇවිස්සුනේ ⁣කෙල්ල කරන්න ගියපු මෝඩ වැඩේ නිසා.Jia මුකුත් කියන්නේ නැතුව හිටියේ තමන්ගේ වැරැද්ද කියලා දන්න නිසා.ඒත් කෙල්ලට ඕන උනේ කොහොමහරි මහීව බලන්න යන්න මහීට කොහොමද කියලා දැනගන්න.

"යන්!මාත් එන්නම්"

ටික වෙලාවක් ගියාට පස්සේ Tae දිග හුස්මකුත් අතෑරලා,කෙල්ලගේ අතත් අල්ලගෙන පාර පැත්තට ආවේ මොනදේ උනත් කෙල්ලව තනියම යවන්න බැරි නිසා.තෙහස් දන්නවා තමන් කොච්චර එපා කිව්වත් Jia ඒ ගමන යනවා කියලා.මොකද කෙල්ල එච්චරටම මුරණ්ඩුයි.

"ඒත් Tae,මහී කැමති නැතිවෙයි ඔයා එනවට"

කෙල්ල මොනවා කිව්වත් තෙහස් නෙවෙයි ඒවා කනකට ගත්තේ.

කෑම කන අතරතුරේ Jithmi තෙහස්ව හෙව්වත් තෙහස් පේන්න හිටියේ නැති නිසා,තෙහස්ව හොයන්න කෙල්ල එලියට බහිද්දි තමයි දැක්කේ තෙහස් Jia වත් ඇදගෙන පාර පැත්තට යනවා.party එකට ආපු වෙලාවේ ඉඳන්ම Jia මොකක්හරි ප්‍රශ්නෙකින් ඉන්නවා වගේ කියලා තේරුණත්,Jithmi අහන්න ගියේ නැත්තේ Jia ගේ ප්‍රශ්න කතා කරන්න තරම් දෙන්නා close නැති නිසා.

ඒත් තෙහස් Jia එක්ක තමන්ටත් නොකියා යනවා දැක්කම කෙල්ලට ඇති උනේ දුක මිශ්‍රිත ඊර්ෂ්‍යාවක්.කෙල්ලෝ එහෙමයි.තමන් කැමති දේකට වෙන කෙනෙක් ලං වෙනවට අකැමැතියි..බයයි..

මේ දෙන්නා අතරේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගන්න හිතට ආපු ක්ෂණික සිතුවිල්ල නිසා Jithmiත් මේ දෙන්නා පස්සෙන් ආවා.

******************************************

"තෙහස්,මොකක්හරි ප්‍රශ්නයක්ද?"

Jithmi ඇහුවේ තාමත් අත අරින්නේ නැතුව Jia ගේ අතින් අල්ලන් ඉන්න තෙහස්ගේ අත දිහා බලාගෙන ඉඳලා.තෙහස් උත්තර දෙන්න තියා Jithmi දිහාවත් බැලුවේ නෑ පාර දිහා බලාගෙන හිටියා මිසක.

"අනේ එහෙම මුකුත් නෑ Jithmi.මං මේ මහීව බලන්න යන්න කියලා හැදුවේ.මෙයාට එපා කියද්දි තමයි ඔය මාත් එක්ක එන්න හදන්නේ.පුළුවන් නම් මෙයාව ඇතුලට එක්කන් යන්නකෝ"

⁣Tae වෙනුවට Jia උත්තර දුන්නේ තෙහස්ට තරහා ගිහින් තිබ්බ විත්තිය Jithmi දන්නේ නැති නිසා.කෙල්ල කිව්වේ මූනත් ඇඹුල් කරන් තෙහස්ගේ අතින් කෙල්ලගේ අත නිදහස් කරගන්න try කරන ගමන්.එතකොටම තමයි තෙහස් අතදාපු taxi එකක් එයාලා ලඟට ඇවිත් නතර කරේ.

තෙහස් taxi එක නතර කරපු පමාවට Jia වත් ඇදගෙන taxi එකට නැග්ගේ Jithmi එතන ඉන්නවද කියලාවත් තැකීමක් නොකර.

"Jia,ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් මාත් එන්නද?"

"ආහ්!කමක් නෑ Jithmi.එන්න"

Jithmiට ඕන උනේ නෑ තෙහස්ව Jia එක්ක තනියම යවන්න.ඒකයි කෙල්ලත් Jia කියපු පමාවට Taxi එකට නැග්ගේ.

******************************************

තුන්දෙනා අතරේ taxi එක මහීගේ ගේ ලඟ නතර කරනකම්ම කිසිම කතාබහක් සිද්ධ උනේ නෑ.

"Uncle,අපි ඉක්මනට එන්නම්.ටික වෙලාවක් මෙතන ඉන්නවද?"

තෙහස් taxi එකේ driver ටත් ඉන්න කියලා දෙන්නත් එක්ක gate එක ඇරන් අැතුලට ගියා.
Jia ටයි,Jithmi ටයි පස්සට වෙන්න කියලා,තෙහස් ගිහින් මහීගේ ගෙදර දොරේ bell එක ring කරනකොට දොරත් ඇරන් එලියට ආවේ මහීගේ අම්මා.

"ම්ම්..පුතාලා....?"

මහීගේ අම්මා ඇහුවේ හිනාවෙලා තුන්දෙනා දිහාම බලන ගමන්.

Tae-  "ආන්ටි,අපි මහීගේ school එකේ යාලුවෝ වගයක්.අපි ආවේ මහීව බලලා යන්න එයාට ටිකක් සනීප මදි කියලා කියපු නිසා.එයාට ඊයේ ටිකක් තුවාල වෙලත් තිබ්බනේ ඒකයි"

"ආහ්!එන්න පුතේ අැතුලට.මහී නම් දැන් ගෙදර නෑ හැබැයි.උදේ නම් ටිකක් ඇඟ රිදෙනවා කිය කිය ඉඳලා ඔන්න දැන් පොඩ්ඩකට කලින් තමයි යාලුවොත් එක්ක basketball practice කරන්න ඕන කියලා stadium එකට ගියේ"

"ආහ්!එහෙමද!කමක් නෑ ආන්ටි. එහෙනම් අපි වෙන දවසක එන්නම්කෝ.මේක එයාට දෙනනකෝ අපි දුන්නා කියලා.මහීට කියන්නකෝ එයාගේ යාලුවෝ වගයක් ඇවිත් ගියා කියලා"

Tae කිව්වේ Jia ගේ අතේ තිබුන පොඩි parcel එක මහීගේ අම්මගේ අතින් තියන ගමන්.

"ආහ්!හරි පුතේ.මං කියන්නම්"

"ආන්ටි,මහී ගියේ කොහේ stadium එකටද කියලා කියන්න පුළුවන්ද?"

Jithmiයි,තෙහසුයි යන්න ආපහු හැරෙද්දී,Jia ආ⁣යෙමත් ගිහින් ඇහුවේ කෙල්ලට මහීව අද කොහොමහරි හම්බවෙන්න ඕන නිසා.කෙල්ලට ඕන උනේ මහීගෙන් තමන්ව එකපාරටම මඟඅරින්න තරම් කෙල්ලගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද කියලා අහන්න.

"ඔයාලා ඔය හංදියෙන් එනකොටම හම්බවෙන්නේ ලොකු stadium එකක්.අන්න ඒකට පුතේ"

"ආහ්!හරි අාන්ටි.thank you"

මහීගේ අම්මත් එක්ක කතා කරලා Jia Taeයි,Jithmi යි එනකන් ඉන්නෙවත් නැතුව  කෙලින්ම ගියේ taxi එක ගාවට.

"Jia,අපි දැන් ගෙදර යමු.හෙට ගිහින් මහීව හම්බවෙන්න.ම්ම්"

තෙහස් දුවලා ගිහින් කිව්වේ,taxi එකේ වාඩිවෙලා ඉස්සරහා බලන් හිටපු Jia ගේ අතකිනුත් අල්ලගෙන කෙල්ල දුකින් කියලා දන්න නිසා.පොඩි දෙයක් උනත් ඇති කෙල්ලට මූන එල්ලගන්න.කෙල්ල දුක් උනේ මහී birthday party එකට නාව එකටත් වඩා කෙල්ලගේ calls,messages මඟඅරින එකට.

"මට බෑ.ඔයයි,Jithmi යන්න.මට තනියම යන්න පුලුවන්.uncle,අපි අර හංදිය ලඟ තියෙන stadium එකට යන්"

"Jia,ඔයාගේ ඔය ඇඳුම් පිටින් එතනට යන්න බෑනේ ලමයෝ.පොඩ්ඩක් තේරුම් ගන්න.අනිත් එක දැන් වාසුකී අාන්ටිලා ඔයාව ⁣හොයනවත් ඇති"

"Uncle,අපි යමුද?"

තෙහස් කොච්චර දේවල් කිව්වත් Jia හිටියේ ඒ කිසිම දෙයක් අහන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි.

කොල්ලට දුකයි..පොඩි කාලේ ඉඳන්ම කවුරුහරි කෙල්ලගේ හිත රිදෙන්න වචනයක් කිව්වත් කොල්ල⁣ට කෙන්ති යනවා.එහෙම එකේ මහී මෙහෙම කෙල්ලගේ හිත රිද්දන්න එකට කොල්ලට මහී එක්ක ⁣තිබ්බේ පුදුම කෙන්තියක්.කෙල්ලගේ මුරණ්ඩුකම ගැන දන්න නිසාම පරක්කු කරන්නේ නැතුව තෙහස් ගිහින් taxi එකට නඟිනවත් එක්කම Jithmi ත් නැග්ගා.

******************************************
Taxi එක stadium එක ගාවින් නවත්තපු ගමන්ම Jia ඉක්මනට දුවලා ගියේ stadium එකේ entrance එකට.එතනින් basketball court එක තියෙන තැන අහගෙන කෙල්ල කෙලින්ම දුවලා ගියේ ඒ පැත්තට.stadium එකේ හිටපු කට්ටිය කෙල්ලගේ ඇඳුම නිසා කෙල්ල දිහා අමුතු විදියට බැලුවත්,ඒ ගැන කෙල්ලට ගානක් ගියේ නැත්තේ කෙල්ල වෙන සිහියක හිටපු නිසා.

Jia basketball court එක පැත්තට යනකොට මහී play කරලා ඉවරවෙලා යාලුවොත් වටකරගෙන වාඩි⁣වෙලා හිනාවෙවී කතාකරන ගමන් හිටියේ.කෙල්ල ඇවිත් විත්තිය මහී දැක්කේ නැත්තේ කොල්ලෝ ටික කෙල්ලට පිටුපාලා හිටපු නිසා.Jia එතකොටවත් call එකක් ගත්තේ කොල්ලා answer කරයිද කියලා බලන්න.

"දැන්වත් ඔය කෙල්ලගේ call එක⁣ට answer කරපන්කෝ බං.දැන් කොයිවෙලේ ඉඳන්ද ඕක ring වෙන්නේ?"

"ඕක answer කරොත් එහෙම මට ඒකිව පැය ගානක් යනකං නලවන්න වෙනවා බං.අදත් මං බොහොම අමාරුවෙන් බොරුවක් කියලා තමයි ඕකිගේ party එකටත් ගියේ නැත්තේ"

"දැන් එතකොට උඹ ඕක කරන්නේ සිරා නෙවෙයිද?"

"පිස්සුද?මං කවද්ද බං කෙල්ලෙක්ට සිරාවටම love කරේ?මේකත් මෙච්චර කාලයක් හරි ඇදන්ගියේ අර ඉඳුවරයත් එක්ක දාපු bet එක නිසා"

"එතකොට ඔයා මට කවදාවත් ඇත්තටම ආදරේ කරේ නැද්ද මහී?"

Jia එහෙම කියද්දි තමයි එතන හිටපු ඔක්කොමලා එකපාරටම වගේ කෙල්ල දිහා බැලුවේ.මෙච්චර වෙලා කෙල්ල හිටයේ එතන විත්තිය එතකොටයි ඔක්කොමලා දන්නේ.මහී මුකුත් නොකියම කෙල්ල දිහා බයවෙලා වගේ බලන් හිටියේ,කොල්ලා කීයටවත් Jia ව මෙතනදී බලාපොරොත්තු නොවුන නිසා.

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මහී.ඔයා මට ආදරේ කරාද?නැද්ද?"

කෙල්ලට ඇඬෙන්න ආවත් ඇඬුම් තදකරගෙන ඇහුවේ මහීගෙන් උත්තරයක් ලැබුනේ නැතිපාර.මොකද කෙල්ල තාමත් හිතින් ප්‍රාර්ථනා කරේ තමන්ට ඒ ඇහිච්ච දේ ඇත්ත වෙන්න එපා කියලා.taxi එකට ගෙවලා basketball court එකත් හොයාගෙන තෙහසුයි,Jithmiයි ආවේ එතකොට.

"නෑ.."

"ආහ්?"

"නෑ.නෑ.නෑ.ඇහුනද දැන්වත් තමුසෙට.මං තමුසෙත් එක්ක යාලු උනේ මගේ ඕනකමකට නෙවෙයි.අර ඉඳුවරයත් එක්ක දාපු ඔට්ටුවක් දිනන්න ඕන නිසා"

"එහෙම කරන්න තරම් මං ඔයාට කරපු වැරැද්ද මොකක්ද මහී?"

අඬන ගමන් Jia ඇහුවේ මහීගේ අත් දෙකෙනුත් අල්ලන්.ඒත් මහී ඒ පමාවටම කෙල්ලගේ අත් දෙක ගසලා දැම්මා.

"තමුසෙට මතකද එක දවසක් chemistry class එකේදී අර ඉඳුවරයව sir ලව්වා නැඟිට්ටවලා තිබ්බා.අන්න එදා තමයි උෟ මාත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවේ පුළුවන් නම් තමුසෙත් එක්ක යාලුවෙලා පෙන්නනවා කියලා.නැත්තං තමුසේ හිතුවද තමුසේ වගේ පිස්සු හෝන්තුවක් එක්ක යාලුවෙන්න මටත් පිස්සු කියලා?එක අතකට තමුසෙටම ඇහිලා ඒක දැනගත්ත එක හොඳයි.මං ඒත් කල්පනා කරකර හිටියේ තමුසෙ⁣ට මොකක් කියලද අයින් වෙන්නේ කියලා"

"Jia,අපි යමු"

තෙහස් Jia ලඟට ඇවිත් කෙල්ලගේ අතින් අල්ලගෙන එතනින් යන්න හැදුවේ තවත් එතන හිටියොත් මහීගේ මූන සම්බෝල කරලා දාන්න තරම් තරහක් කොල්ලට ආපු නිසා.

"ආහ්...ඔය ඉන්නේ තමුසෙගේ මහලොකු යාලුවා.ඌ මුල් දවස්වල ඉඳන්ම දන්නවා මං තමුසෙත් එක්ක යාලු උනේ ඇත්තටම නෙවෙයි කියලා.උෟ හැමදාම ඇවිත් තමුසෙගෙන් ඈත් වෙන්න කියලා මාත් එක්ක රන්ඩු කරා මිසක කවදාවත් ඒ ඇයි කියලා තමුසෙට කිව්වේ නෑ නේද?යාලුවගෙන්ම අහගන්නවා ඇයි එහෙම කිව්වේ නැත්තේ කියලා.⁣බොරුවට මාත් එක්ක එල්ලෙන්නේ නැතුව."

එහෙම කියපු මහී ඔක්කොමලා බලාගෙන ඉන්නකොටම එතනින් යන්න ගියේ කෙල්ල දිහා එකපාරක්වත් බලන්නේ නැතුව.

"Tae,එයා බොරු නේද කියන්නේ ආහ්?ඔයා ඒ කිසිම දෙයක් දන්නේ නෑනේද?"

Jia ඇහුවේ බිම බලාගෙන ඉන්න තෙහස්ගේ අත්දෙකෙන්ම අල්ලලා.

"Jia,please අපි දැන් යමු ලමයෝ.ඔහොම අඬන්න එපා"

කෙල්ල අඬනවා බලාගෙන ඉන්න බැරිම තැන කෙල්ල ලඟට ඇවිත් Jithmi කිව්වේ කෙල්ලගේ උරහිසෙනුත් අල්ලලා..

"සද්ද නැතුව ඉන්නේ නැතුව මට උත්තර දෙන්න Tae!ඔයා ඒ ගැන දන්නවද?නැද්ද?"

තෙහස් බිම බලාගෙන හිටියා මිසක් උත්තර දීපු නැති පාර කෙල්ල ආයෙමත් ඇහුවා.

"මං...මං දන්නවා"

පොඩි කාලෙන් පස්සේ කවදාවත් අඬනවා දැකපු නැති Tae ගේ ඇස්වල කඳුලු පිරිලා තියෙනවා Jia දැක්කේ එතකොට.

"එහෙනම් ඇයි මට කිව්වේ නැත්තේ?"

"ඔයාගේ හිත රිද්දන්න බැරි නිසා.ඔයා අඬනවා දකින්න මං කැමති නැති නිසා.අනිත් එක...ඔයා මහීව ඇස් දෙකත් පියාගෙන විශ්වාස කරද්දී මං කොහොමද ඔයාට ඒක කියන්නේ ජියා?"

"හහ්!ඒ කියන්නේ ඔයා මට අනුකම්පා කරා.එහෙමනේ?ඒ හින්දා මං මහීට මෝඩියක් වගේ ආදරේ කරද්දිත් ඔයා බලාගෙන හිටියා මට මුකුත්ම නොකියා...Tae,ඔයාට මතකද ඔයා මට පොරොන්දු උනා මොන ප්‍රශ්නේ ආවත් මාත් එක්ක කියනවා කියලා?"

"Jia,මියාන්හේ.මං ඇත්තටම ඒ ගැන.."

"ඇති Tae!නවත්තගන්න!මහී කරපු දේට මට දුකයි තමයි.ඒත් ඔයා මගේ පොඩි කාලේ ඉඳන්ම යාලුවා ⁣වෙලත් මං මගේ හැමදෙයක්ම ඔයා එක්ක කියලත්,ඔයා මේ දැන් වෙනකං හැමදේම මගෙන් හැංගුවා.මං මෝඩ කෙල්ලෙක් තමයි.ඒත් ලඟදි හම්බවුන කෙනෙක් නිසා මගේ යාලුවා කියන දේවල් අවිශ්වාස කරන්න තරම් මෝඩියක් නෙවෙයි.මහී මට බොරු ⁣කෙරැවට වඩා ඔයා මගෙන් මේ දේවල් මගෙන් හැංඟුව එක මට දරාගන්න අමාරුයි."

"ඔයා ඒ කරපු දේට කවදාවත් මගෙන් සමාවක් බලාපොරොත්තු ⁣වෙන්න එපා.ඒක නිසා අදින් පස්සේ කිසිම දවසක ආයේ ම⁣ගේ අැස් ඉස්සරහට එන්න එපා ඔයා!''

එහෙම කියපු Jia අඬ අඬ යන්න හදද්දි තෙහස් ගිහින් කෙල්ලගේ අතින් අල්ලලා නැවැත්තුවා.

"Jia,please මං කියන දේ ටිකක් තේරුම් ගන්න..."

ඒත් ඒ ක්ෂණයෙන්ම කෙල්ල තෙහස්ගේ අත ගසලා දැම්මා.

"මේක ඔයාම තියාගන්න!පොරොන්දු රකින්න බැරි යාලුකමකින් මට වැඩක් නෑ"

තෙහස් Jiaට දාපු necklace එක කරෙන් ඇදලා අරන් තෙහස්ගේ අත උඩින් තියලා කෙල්ල යන්න ගියේ එකපාරක්වත් තෙහස් දිහා බලන්නේ නැතුව.Jia යනවත් එක්කම පොඩි ලමයෙක් වගේ දනිස් අස්සේ මූනත් ඔබාගෙන බිම වාඩිවෙලා අඬන තෙහස්ව සනසන්න කියලා Jithmiට කරන්න පුළුවන් උනේ හිමීට කොල්ලගේ ඔලුව අතගාන එක විතරයි...

To be continued....

******************************************

Weiterlesen

Das wird dir gefallen

312K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
230K 29.3K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
247K 6.1K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
4.8K 740 10
Man is mortal but love is immortal💔. Sinhala fanfic Don't copy my work🚫