~So,we met again~|| KTH ✔

By Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 04🌹
🌹Chapter 05🌹
🌹Chapter 06🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 07🌹

288 63 0
By Nishyoon

ඔව්.....මං එයාගේ මූන නොදැක්කත් එයා හුස්ම ගන්න හඬින් උනත් මට එයාව අඳුරගන්න පුළුවන්.මං අමාරුවෙන් මගේ ඔලුව උස්සලා බලද්දී,මාව ඇඟට හේත්තු කරගෙන මගේ දිහා බලන් හිටියේ Tae.

එයා මාව එයාගේ ඇඟට වත්තම් කරන් එක්කන් යන්න හැදුවත්,මට එතනින් අඩියක්වත් හොලවන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.හරියට නිකං දහයක් එක්ක ගහගෙන වගේ මගේ ඇඟ රිදෙන්න අරන් තිබ්බේ.

මං මුකුත් කියන්නත් කලින්ම Tae එකපාරටම මාව හරහට වඩාගෙන sick room එකට එක්කගෙන ආවා.ඒ එන මඟ දිගට මං එයා දිහා බැලුවත්,එයා එක පාරක්වත් මගේ දිහා බැලුවේ නෑ ඉස්සරහ බලාගෙන ගියා මිසක.

ඒ ඇවිත් මාව පරිස්සමට පුටුවක වාඩි කරවලා,මගේ shoes දෙක ගැලෙව්වා.මං දුවපු නිසා මගේ විලුඹවල් දෙක shoes වලට කැපිලා තුවාල වෙලයි තිබ්බේ.Tae first aid box එකෙන්  බෙහෙත් අරන් හිමීට මගේ තුවාල වලට ගාලා plaster දෙකකුත් ඇලෙව්වා.කටත් උල්කරන් ඒ වැඩ කරද්දී නම් එයා හරිම හුරතල්.පොඩි ලමයෙක් වගේ.

"ආහ්!මේක බොන්න"

Tae බෙහෙත් දාලා ඉවර වෙලා,ඉක්මනට කොහෙන්ද මන්දා වතුර බෝතලයක් ගෙනත් මට දිග්කරේ අහක බලා⁣⁣ගෙන.මෙයාගේ තියෙන ලොකුකම විතරක්.

"ඔය මොනවද?"

ඒ බෝතලේ තිබ්බේ වතුර නම් නෙවෙයි.ඒකයි මං එහෙම ඇහුවේ.

"Glucose!මේක බොන්න.ඔය ඇඟේ අමාරුව අඩුවෙයි එතකොට"

මං ඒක නොගත්ත නිසා,එයා ආයෙමත් මට ඒ බෝතලේ දිග්කරා.මට එයාට thank කරන්න හිතුනත්,මගේ ආඩම්බරකම ඒකට හරස් උනා.මං ඒ බෝතලේ ගත්තට පස්සේ Tae එකපාරක් මං දිහා බලලා කාමරෙන් එලියට යනකොටම,කලබලෙන් වගේ දුවගෙන ආවේ මහී.

දොරකඩ හිටපු Tae මහී දිහා රවලා බලලා,යන්න ගියේ හිතලම මහීගේ ඇඟෙත් හැප්පිලා.අනේ මන්දා මේ ලඟකදී ඉඳන් මේ දෙන්නා නයයි පොලඟයි වගේ.මොනවා වෙලාද මන්දා.

මහී මං ගාවට එනකොට මං හිටියේ Tae දීලා ගියපු Glucose එක බොන ගමන්.

"Sorry Jia,මං එන්න පරක්කු උනාට.house එකේ hut එකක අවුලක් තිබිලා මං ඒක හදන්න ගිහින් හිටියේ.ඔයා හොඳින් නේද?ම්ම්"

මහී ඇහුවේ මගේ ලඟින් වාඩිවෙලා මගේ ඔලුවත් අතගාන ගමන්.

"ඒකට කමක් නෑ මහී.Tae මගේ තුවාල වලට බෙහෙත් දැම්මා"

මං කිව්වේ Tae අලවපු plaster දෙක මහීට පෙන්නන ගමන්.

"හ්ම්.එහෙමද.Jia මේ...එයා ඔයාට වෙන මොනවාහරි කිව්වද?"

"ම්ම්..නෑ..ඇයි එහෙම ඇහුවේ?"

"නෑ.නිකං.මං හිතුවා ආයේ ඔයාට කෑ ගහන්න ඇති කියලා.ආයේ එයා ඔයාට මොනවාහරි කිව්වොත් මට කියන්න ඕන හොඳද?"

මහී කිව්වේ මගේ අතකිනුත් අල්ලලා.

"හරී.."

******************************************

"මෙච්චර දවසක් ඔයත් එක්ක කතා නොකර හිටියට sorry.ඔයා මට කෑ ගහපු නිසා මං හිටියේ ගොඩක් දුකින්.අද මගේ තුවාල වල⁣ට බෙහෙත් දැම්මටත් thanks.ඔයා මාත් එක්ක හිටපු නැති දවස් ටිකේ ඔයා නැති අඩුව මට ගොඩක් දැනුනා.මට පාලුයි අප්පා ඔයත් එක්ක ඕපයක්වත් කතා කරන්න නැති එකට.Tae අපිට ආයෙමත් කලින් වගේම හොඳින් ඉන්න පුලුවන් නේද?   
                                                        Jia"

ගෙදර ආපු වෙලාවේ ඉඳන් කල්පනා කරලා කරලා,අන්තිමේදි Tae ත් කතාකරන්න මං තීරණය කරා.මට මතක ඇති කාලේ ඉඳන්ම එයත් එක්ක මං මෙච්චර දවසක් ඔය කතා කරන්නේ නැතුව හිටියමද කොහෙද..ඒත් දැන් එයත් එක්ක ගොඩ දවසකින් කතා කරේ නැති නිසා,එයත් එක්ක කතා කරන්න මට නිකං මොකක්ද වගේ අප්පා.ඒ හින්දා මං එයාට දෙන්න chit එකක් ලියාගත්තා.

Tae debate competition එකෙන් win කරපු එකටත් මට මුකුත් දෙන්න බැරිඋන නිසා,මං school ඇරිලා එන ගමන් එයාට දෙන්න T shirt එකකුත් අරගෙනමයි ආවේ.එයා ගොඩක් වෙලාවට අඳින්නේ white colour shirts නිසා,මං එයාට ගත්තේ white colour oversized T shirt එකක්.

මං එයාට ගත්ත T shirt එක wrapping paper එකක ලස්සනට pack කරලා,මං එයාට ලියපු chit එකත් තුනට හතරට නවලා ඒක අස්සටම දැම්මා.

******************************************

Tae ගෙදර හිටියේ නැති  උනොත් හොඳයි.එහෙම උනොත් මං මින්ජු ආන්ටිට දීලා එනවා එයාට දෙන්න කියලා.ලොක්කා වගේ ආවට මොකද,Tae ගේ ගේ ලඟට යද්දි මගේ කකුල් නිකං ලොක් වෙනවා වගේ.ඕන මඟුලක් කියලා මං ගිහින් Tae ගේ ගෙදර bell එක ගැහුවා.

"ආහ්!Jia දුව,එන්න ඇතුලට.ගොඩ දවසකින් නේද?ඒත් මං අපේ පුතත් එක්ක කිය කිය හිටියේ මොකද දන්නේ නෑ දුව ගොඩ දවසකින් අපේ දිහා ආවේ නැත්තේ කියලා"

"House meet එකේ තරඟ වලට හිටපු නිසා ඒවගේ after school practice තිබ්බා ආන්ටි.ඒකයි එන්න බැරි උනේ"

මගේ කටටත් බොරු කොහෙන් එනවද මන්දා අප්පා.වෙලාවට හරියන්න ගානට පොඩි බොරුවක් කිව්වට මුකුත් වෙන්නේ නෑනේ ඉතිං.නැද්ද මං අහන්නේ.

"කෝ ආන්ටි,Tae නැද්ද?"

මං ගේ පුරාම රබර් ඇහැ දානගමන් ආන්ටිගෙන් ඇහුවා.

"ඔය හිටියේ පුතේ නිදාගෙන.ඉස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉඳන් මහන්සියි කියලා නිදාගත්තේ"

"ආහ්!එහෙමද ආන්ටි.එහෙනම් මේක එයාට දෙන්නකෝ මං දුන්නා කියලා.මං පස්සේ වෙලාවක එන්නම් එහෙනම්"

"අයියෝ!එයා නිදාගෙන හිටියට කමක් නෑ පුතේ.ඔයා ගිහින් ඇහැරවලා දෙන්න එයාට.මං කොහොමත් දැන් එයාව ඇහැරවන්න හිටියේ"

මින්ජු ආන්ටි කිව්වේ හිනාවෙවී..

දැන් පලයන්කෝ ඉතිං.මං ගියේ නැත්තං එහෙම ආන්ටි දැනගනී අපි දෙන්නා තරහාවෙලා ඉන්නේ කියලා.ඒක නිසා මං gift එකත් අරන්,Tae ගේ කාමරේ පැත්තට ගියා.

******************************************

මං කාමරේට යනකොටත් Tae ⁣ශෝටක් ගහන් කොට්ටෙකුත් බදාගෙන,හොඳට නිදි.එයා නිදාගෙන ඉන්න විදිය දැක්කම නම් මට ඇහැරවන්න ලෝභ හිතුනා.නිදාගෙන ඉද්දි නම් හරි අහිංසක පාටයි එයා.

මං හිමීට එයාගේ පොත් මේසේ උඩින් gift එක තිබ්බා.යන්න ගියපු මං ආයෙත් එයා ලඟට ගිහින්,එයාගේ ඇස් දෙකත් එක්ක වැහෙන්න වැටිලා තිබුනු කොණ්ඩේ අයින් කරලා,ආපහු යන්න හැරුනා.

"මුකුත් කියන්නේ නැතුවම යන්නද හදන්නේ?"

Tae කිව්වේ යන්න ගියපු මගේ අතින් අල්ලලා නවත්තලා.එතකොට මෙයා නිදාගෙන නෙවෙයිද  ඉඳලා තියෙන්නේ.මං මේ මෝඩයා දිහා බලන් හිටපු එකත් දකින්න ඇති එහෙනම්.⁣කෝ දෙයියනේ මට සවලක් වලක් හාරන් වැලලෙන්න.

"ඔ..ඔයා නිදාගෙන නෙමෙයිද හිටියේ?"

"නිදාගෙන තමයි.කොහෙද ඉතිං එකපාරටම හොල්මනක් ඇවිත් කාමරේ දොර අරින සද්දෙට මට ඇහැරුනා."

Tae හිනාවෙවී කිව්වේ මාව අතින් අල්ලගෙන එයාගේ එහාපැත්තෙන් වාඩි කරගන්න ගමන්.

"ඇයි එහෙනම් මට කතාකරේ නැත්තේ මෝඩයෝ?"

මං කිව්වේ Tae ගේ අතට පාරකුත් ගහන ගමන්.

"එහෙම බෑනේ.හොල්මන ඇවිත් මගේ බෙල්ල මිරිකුවොත් එහෙම"

"යා!මං යනවා"

මං නැඟිටලා යන්න හදද්දි Tae කරේ ආයමත් මාව එයාගේ ලඟින් වාඩිකරව ගත්ත එක.

"ආහ්"

එකපාරටම Tae ට මොකක්ද මතක් වගේ නැඟිටලා ගිහින්,මං එයාගේ table එක උඩින් තිබ්බ gift එක ගත්තා.මේ මෝඩයා මේක මං ඉද්දිම ඇරියොත් එහෙම ⁣මට වස නෝන්ඩියක් වෙන්නේ.

"මේ,මේක මං ගියාට පස්සේ බලන්න.දැන් කඩන්න එපා"

මං Tae ගේ අතේ තිබ්බ gift එක උදුර ගත්තා.මං එහෙම කිව්වත්,මේ මෝඩයා හිනාවෙවී මගෙන් gift එක උදුරගෙන ඒක ඇරලා බැලුවා.

"Jia,මේ හොඳයිද?"

Tae ඇහුවේ මං දීපු shirt එක එයා ඇඳගෙන හිටපු shirt එක උඩින්ම ඇඳගෙන.

"හ්ම්"

මං හිනාවෙලා කිව්වේ මගේ මහපට ඇඟිල්ලත් උස්සලා.Jia,මේක තමයි හොඳම වෙලාව.අර මෝඩයා මං ලියපු chit එක කියෙව්වොත් එහෙම තව අවුරුදු ගානක් යනකම් ඒක මතක් කර කර මට හිනාවෙයි.Tae shirt එකත් ඇඳන් කන්නාඩියෙන් බල බල ඉන්නකොට,මං කරේ එයාට නොපෙනෙන්න හිමීට පස්සෙන් පස්සට ගිහින් wrapping paper එක අස්සේ තිබ්බ chit ගත්ත එක.

මං chit එක අතට ගන්නකොටම,Tae එකපාරටම ඇවිත් ඒක උදුරගත්තා.මේ මනුස්සයට පිටපස්සටත් ඇස් තියෙනවද මන්දා.

"Tae,ඕක දෙන්න මෙහාට!"

Tae chit එක අරන් කියවන්න හදනකොටම මං හැදුවේ ඒක උදුරගන්න.එයා හිනාවෙවී chit එක තිබ්බ එයාගේ අත ඉස්සුවා.මං ඒක ගන්න උඩපැන්නත් මේ කපේදී ඒක ගන්නවා බොරු.කොහෙද ඉතිං මෙයා රිට වගේ උසයිනේ.

එයාට ඒක කියවගන්න දීලා,මං හැදුවේ ඉක්මනට කාමරෙන් එලියට යන්න.ඇයි දෙයියනේ,යාලුවා ඉස්සරහා උනත් ලැජ්ජා වෙනවා කියලා මෙහෙමත් ලැජ්ජා වෙන්න පුළුවන්ද..ඒත් එකපාරටම Tae,යන්න ගියපු මගේ අතින් ඇදලා මාව බදාගත්තා.

"මියානේ Jia,එදා ඔයාට කෑ ගැහුවට.මං ඇත්තටම එ් වෙලාවේ වෙන කල්පනාවක හිටියේ.ඒකයි මට තරහා ගියේ.ආයේ කවදාවත් මගේ අතින් ඒ වගේ දෙයක් වෙන්නේ නෑ.ඇත්තමයි..දන්නවද මටත් ඔයා නැතුව ගොඩක් පාලු දැනුනා.ඒත් ඔයා මං කතාකරන්න හදද්දී,මාව මඟ අරිද්දී ඊටත් වඩා මට දුක හිතුනා."

Tae කිව්වේ මාවත් බදාගෙනම.

"ඔය ඇත්තමද කියන්නේ?එහෙනම් ආයේ ඔයාට මොන ප්‍රශ්නේ ආවත් මට හංඟන්නේ නැතුව කියනවා නේද?ම්ම්..promise?"

මං ඇහුවේ එයාගෙන් අයින්වෙලා,එයා දිහාට මගේ අතත් දිග්කරන ගමන්.

"Promise!"

Tae එයාගේ අත මගේ අත උඩින් තියලා පොරොන්දු උනේ හිනාවෙලා.ඉතිං....මං සතුටු උනා ආයෙමත් මගේ යාලුවා මට ලැබුන එකට...

******************************************

හෙට මගේ birthday එක.හෙටට මායි,මහී යි යාලුවෙලා මාස තුනක් වෙනවා.ඒ නිසා හෙට මට ගොඩක් special දවසක්.හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්⁣දෙත් අම්මලා මට party එකක් ලෑස්ති කරලයි තිබ්බේ.

Interval එකට කාලා ඉවර උන ගමන්ම මං ඉක්මනට මහීගේ class එක පැත්තට ගියේ මගේ birthday party එකට එයාට invite කරන්න හිතාගෙන.මහීට call,message කරලා කියනවට වඩා මට ඕන උනේ එයාව හම්බවෙලාම invite කරන්න.

එයා class එකේ පේන්න හිටපු නැති නිසා,ලමයෙක් ගෙන් අහනකොට කිව්වේ එයා ground එක පැත්ත⁣ට ගියා කියලා.මං එයාව හම්බවෙන්න ground එක පැත්තට යනකොටම මං දැකපු දෙයින් හිටපු තැනම නතර උනා.....

To be continued......

************************************

Continue Reading

You'll Also Like

1M 54.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
681K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
3.4K 573 15
නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personal...
2.2M 116K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...