~So,we met again~|| KTH ✔

By Nishyoon

7.6K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 04🌹
🌹Chapter 05🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 06🌹

318 64 0
By Nishyoon

මෙයා පුදුම කතාවක්නේ අහන්නේ.මෙයාට කියාගන්න බැරුව හිටපු දේ මං ගිහින් කියලා හරිගස්සලා දුන්නම මට ඔහොම සලකන හැටි හරිද මං අහන්නේ.මං එහෙම හිතුවත් Tae ට උත්තර දෙන්න ගියේ නෑ.

"මං අහපු දේට උත්තර දෙනවා"

මං සද්ද නැතුව හිටපු නිසා Tae ආයෙමත් මට කෑ ගැහුවා.

"ඒ වැඩේ තියෙන වැරැද්ද මොකක්ද Tae?ආහ්?ඔයා එයාට ගොඩක් කල් ඉඳන්නේ කැමැත්තෙන් හිටියේ.ඒකයි මං එයාට කිව්වේ.අනිත් එක එයත් ඔයාට කැමැතීනේ.ඇයි ඉතිං ඔයා තරහා ගන්නේ ඕකට?"

"ඉතිං මං කිව්වද ඔයාට එයාට කියන්න කියලා?ආහ්?"

"එහෙම නම් කිව්වේ නෑ තමයි.ඒත් ඉතිං ඔයා මගේ යාලුවා.."

"ඇති Jia!නවත්තගන්නවා!අද ඉඳන් මගේ කිසිම දේකට තමුන් අත දාන්නේ නැතුව ඉන්නවා!එච්චරයි"

මේ මගේ Tae මද?කවදාවත් නැති විදියට Tae මට මෙහෙම කෑ ගහද්දි මට ගොඩක් දුක හිතුනා.මගේ ඇස්වල පිරිලා තිබ්බ කඳුලු නතර නොවී සට සට ගාලා බිමට වැටුනා.

"හරි එහෙනම්.ඔයාට වෙන්න ඕන එ්ක නම් මං එහෙම කරන්නම් Tae.මං මෙච්චර කාලයක් ඔයා මගේ හොඳම යාලුවා කියලා හිතාගෙන හිටියට,ඔයා මං ගැන එහෙම හිතාගෙන ඉඳලා නෑ නේද?මමයි වැරදි.sorry Tae!මං කිව්වේ තෙහස්.මගේ අතින් ඔයාට උන කරදර වලට.අදින් පස්සේ ඔයාගේ කිසිම දේකට මං ඇඟිලි ගහන්නේ නෑ"

Taeට එහෙම කියලා,එයා මුකුත් කියන්න කලින්ම මං අඬ අඬ කොරිඩෝ එක දිගේ දුවගෙන එලියට ගියා.

"Jia,please නවතින්න ඔහොම"

Tae මට නවතින්න කියනවා ඇහුනත්,මට නවතින්න ඕනකමක් තිබ්බේ නෑ.මගේ හිත හොඳටම රිදිලයි තිබුනේ,එයා මට කතාකරපු විදියට.මට ඕන උනේ කොහාටහරි ගිහින් තනියම ඉන්න.

මං අඬ අඬ ඔහේ දුවගෙන ගියපු නිසා මං කොහෙද යන්නේ කියලාවත්,මට ගානක් ගියේ නෑ.එකපාරටම මං කාගේදෝ ඇඟක හැප්පිලා වැටෙන්න යද්දි,එයා මාව අල්ලගත්තා.එතකොටයි මං දැක්කේ බයවෙලා වගේ මාව අල්ලගෙන ඉන්න මහීව.

"Jia,ඇයි මේ?මොකද උනේ?"

මහී ඇහුවේ මගේ කඳුලු පිහදාන ගමන්.වෙන වෙලාවක වගේ නම් මං සතු⁣ටින් උඩ පනී,මහී මාව අල්ලගත්ත එකට.ඒත් දැන් නම් මට මහී එක්ක කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බේ නෑ.මට ඕන උනේ ඉක්මනට එතනින් යන්න.

"Jia,please මං කියන දේ ටිකක් අහන්න"

Tae ත් මගේ පස්සෙන් ඇවිත්ද එතකොට.එයා ඇවිත් ම⁣ගේ අතින් අැද්දා.Taeගේ අත ගසලා දාලා මං ආපහු යන්න හදද්දී,මහී මාව නැවැත්තුවා.

🧑 "Jia,මොකක්ද උනේ?ආහ්?මෙයා මොනවද කිව්වේ ඔයාට?"

🐯"ඒක මගෙයි,Jia ගෙයි කතාවක්.ඒක තමුන්ට අදාල නෑනේ"

🧑"කවුද දැන් තමුසේගෙන් ඇහුවේ?"

ඒපාර මොකක්ද මේ දෙන්නට වෙලා තියෙන්නේ.ඒ දෙන්නට ඕන මඟුලක් කරගන්න දීලා,මං එතනින් යන්න හදද්දී මහී ආයෙත් මගේ අතින් ඇද්දා.

"Jia,මෙයා ඔයාට බැන්නද?අාහ්?"

"Jia,please මං කියනදේ ටිකක් අහන්න.මං..මං ඇත්තටම හිතලා නෙවෙයි එහෙම කිව්වේ ඔයාට.Sorry!"

Tae මගේ අතින් අල්ලලා කියද්දි මං Tae ගේ අත ගසලා දැම්මා.

"මේ තෙහස්,තමුසෙට ආයේ මං කියන්නේ නෑ.Jia ගෙන් ඈත් වෙලා ඉන්නවා"

මහී කිව්වේ එකපාරටම Tae ගේ කොලර් එකෙන් ඇදලා.

"හහ්!මං ඇයි එහෙම කරන්නේ?තමුසේ Jia ගේ තාත්තාද?"

ඒ පාර Tae ත් මහීගේ කොලර් ඇද්දා.දැන් නම් මේ දෙන්නාගේ සෙල්ලම බලන් හිටියා හොඳටම ඇති.

"තෙහස්,මහීව අත අරින්න.ඔයා කියන කිසිම දෙයක් මට ආයේ අහන්න ඕන නෑ.අනිත් එක මට ඔයාට කියන්න තිබ්බ දේවලුත් මං කියලා ඉවරයි.ඒ නිසා ආයේ මට කරදර කරන්න එපා"

එහෙම කියපු මං මහීවත් ඇදගෙන එතනින් ආවේ Tae බලාගෙන ඉද්දි.

"මහී,මං හවසට class එකේදී ඔයාව හම්බවෙන්නම්.ආයේ තෙහස් එක්ක රන්ඩුවට යන්න එපා හොඳද?"

******************************************

අද හවස class එකට මං තාත්තාට කියලා කලින්ම ගෙනත් දාගත්තේ මං bus එකේ ගියොත් Tae ත් එක්ක යන්න වෙන නිසා.

"Jia,ඕක බොන්නේ නැද්ද ලමයෝ?"

Juice glass එක අතගගා හිටපු මං ගැස්සිලා ගියේ මහී මට කතා කරනකොට.

"ආහ්!ඔයා මොනවා හරි කිව්වද මහී?"

"මං ඇහුවේ ඔයා ඕක බොන්නේ නැද්ද කියලා?ඔයා ඕවට කැමති නැත්තං මං වෙන juice එකක් order කරන්නද?"

මහී ඇහුවේ මූනත් ඇඹුල් කරන්.

"අනේ එපා මහී.මං කැමති avocado වල⁣ට."

මහීට පේන්න juice එකෙන් උගුරක් දෙකක් බිව්වට,මට ඇත්තටම juice බොන්න ආසාවක් තිබබේ නෑ ඒ වෙලාවේ interval එකේදී එනවා කියලා මහීට promise උන නිසා ආවා මිසක.

අපි දෙන්නා හිටපු table එකට ඉස්සරහා table එකේ හිටියේ Jithmi එක්ක Tae.මං මහී එක්ක යනවට කෑ ගැහුවට එයත් ඇවිත් ඉන්නේ එහෙනම් Jithmi එක්ක.මට බොරුවට බැනලා ඔය ඉන්නේ හොඳට හිනාවෙවී.

"අයියෝ Jia!මොන නවනිංගිරාවක්ද මේ උනේ"

මං Tae ට හිතින් බැන බැන එයා දිහා බලන් ඉද්දි,එකපාරටම එයා මං දිහා බලපු නිසා මං අහක බලා ගත්තා.

"Jia,ඔයා මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නේ?"

මහී මගෙන් ඇහුවේ හෙන serious මූනක් හදාගෙන.

"එහෙම දෙයක් නෑ මහී.ඇයි ඔයා එහෙම ඇහුවේ?"

"නෑ නිකං.ඔයා අද  school එකේදී ඇඬුවනේ.ඒකයි.ම⁣ට කියන්න බැරි දෙයක් නම් කමක් නෑ Jia.It's ok!"

"අනේ එහෙම දෙයක් නෑ මහී.තෙහස් මට බැන්නා අද කවදාවත් නැතුව එයාගේ දේවල් වල⁣ට ඇඟිලි ගහන්න එපා කියලා.මට දුක හිතුනා එ⁣හෙම කිව්වම.එච්චරයි.වෙන දෙයක් නෑ."

"හ්ම්.එහෙමද.එහෙනම් කමක් නෑ.හැබැයි ආයේ ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම මටත් කියන්න හොඳද?තනියම කල්පනා කරන්නේ නැතුව"

හිනාවෙන ගමන් මහී කිව්වේ මගේ අතිනුත් අල්ලලා.

"හා.Thanks මහී"

මං මහී එක්ක කතාකරන ගමන් අහම්බෙන් ⁣වගේ Tae දිහාට හැරෙද්දී තමයි මං දැක්කේ,එයා මූනත් සතපහ වගේ කරන් අපේ දිහා බලන් ඉන්නවා.Jithmi එයා දිහා බලන් කතා කරත්,මේ මනුස්සයා නෙමෙයි එයා දිහා බැලුවේ.කොහෙද ඉතිං මේ මෝඩයා love කරන්න දන්න එකක්යැ.බැලුවොත් ඇත්තං පොතේමනේ.

******************************************

මං class එක ඉවරවෙන්න ලංවෙද්දිම තාත්තාට call කරලා එන්න කියපු නිසා,class එක ඉවර වෙලා මං එලියට එද්දිම වගේ තාත්තා මාව ගන්න ඇවිත් හිටියා.

"තෙහස් පුතා යමු.ඔයත් නඟින්න"

එතකොටයි මං දැක්කේ Tae ත් එතන හිටියා කියලා.මේ මනුස්සයා bus එකේ යන්නේ නැතුව මෙතන මොනවා කරනවද මන්දා.අපෝ.මෙයත් එයිද දන්නේ නෑ දැන්.

"ආහ්!Thank you uncle"

ඈ බොලේ.Tae නැග්ගා නේද වාහනේට.මෙයා එන්නේ නැතිවෙයි කියලා හිතුවත්,තාත්තා car එකට නඟින්න කියපු පමාවට මෙයා නැඟලත් ඉවරයි.

"මොකෝ අද දෙන්නගේ සද්දයක්වත් නැත්තේ?රන්ඩුවක්වත් උනාද දෙන්නා?"

තාත්තා වාහනේ drive කරන ගමන් ඇහුවේ හිනාවෙවී.

"එහෙම දෙයක් නෑ uncle.අද class එකේදී Jiaට නිදිමතයි කිය කිය හිටියේ.ඒකයි ඔය සද්ද නැත්තේ"

ඈ දෙයියනේ.මෙච්චර පත බොරු මේ මනුස්සයාගේ කටට කොහෙන් එනවද මන්දා.මං පිටිපස්ස හැරිලා Tae දිහා බලලා රවද්දි,Tae බබා වගේ එයාගේ boxy smile එක දැම්මා.මට කෑ ගහලා දැන් මෙතන මොකුත් උනේ නෑ වගේ ඉන්න හැටි විතරක්.

මං ආයෙත් එයාට රවලා ඉස්සරහට හැරුනා.ගෙදරට එනකම්ම Tae යි,තාත්තයි කතා කර කර ආවත් මං නම් වචනයක්වත් කතා කරේ නෑ.

"Thank you uncle.මං යන්නම් එහෙනම්"

"තෙහස් පුතා යමු.අපි රෑට මොනවාහරි කාලම යමු"

"අද නම් බැරිවෙයි uncle.class එකේ දීපු වැඩ වගයක් තියෙනවා කරන්න.මං වෙන දවසක එන්නම්කෝ"

"ආහ්!හරි පුතා.good night එහෙනම්"

"Good night uncle"

තාත්තා Tae ත් එක්ක කතාකරලා ගේ අැතුලට යනකොට,මාත් තාත්තගේ පස්සෙන් යන්න හැරෙනකොටම tae මගේ අතින් අල්ලලා නැවැත්තුවා.

"Good night Jia"

Tae මගේ දිහා බලලා කියද්දි,මං මුකුත් කියන්නේ නැතුවම එයාගේ අතත් ගසලා දාලා ගේ ඇතුලට ගියා.වෙලාවකට මං එයාට නපුරු වෙනවා වැඩීද මන්දා කියලත් හිතෙනවා.ඒත් එයාට තිබුනා,මට ඒවගේ හයියෙන් බනින්නේ නැතුව ඉන්න.

******************************************

අදට හරියටම සති දෙකක් වෙනවා මං Tae එක්ක කතාකරන්නේ නැතුව.එදා සිද්දියෙන් පස්සේ,දවස් තුනක් හතරක් Tae මාත් එක්ක කතා කරන්න හැදුවත්,මං එයාව මඟඇරපු නිසා එයත් මාත් එක්ක කතා කරන්න ආවේ නෑ.school එකේ house meet එක පටන් අරන් තිබුනු නිසා house වල වැඩ වලට ලමයි ඔක්කොම busy වෙලයි හිටියේ.

මං මේ දවස් ටිකේම හිටියේ සතුටින් මහී අපේ house එකේ හිටපු නිසා.house එකේ මහී කරන හැම වැඩකටම වගේ මාත් උදව් කරා.හැමපාරම වගේ Tae මේ පාරත් හිටියේ වෙන house එකක.මේ සැරේ Jithmi වැටිලා හිටියෙත් එයාගේ house එකටමයි.

සමහර වෙලාවට මං අහම්බෙන් වගේ දකිනවා Jithmi Taeත් එක්ක කතා කරනවා.ඒත් ඒ ⁣ගොඩක් වෙලාවට Tae ඉන්නේ අහක බලාගෙන හරියට කතා කරන්නේ එයත් එක්ක නෙ⁣වෙයි වගේ.මට වෙලාවකට Tae ගැන පුදුමත් හි⁣තෙනවා.මෙච්චර කාලයක් Jithmi ට කැමැත්තෙන් ඉඳලත්,දැන් එයාව වැඩිය ගනන් ගන්නේ නැති එකට.

******************************************

අද තමයි මං 3000m event එක දුවන්න ඉන්නේ.කලින් හැම අවුරුද්දකම වගෙත්,මං හිටපු house වලින් අපේ age group එකෙන් මේ event එකට මං තමයි දුවන්න හිටියේ.ඒ හැමපාරකම වගේ first place ගන්න බැරි උනත් second,third places මට ගන්න පුලුවන් උනා.හැබැයි ඒ හැම සැරේකම වගේ Tae වෙන house එකක හිටියත්,මට cheer කර කර මාත් එක්කම හිටියා.ඒ දේවල් මතක් වෙද්දි නම් Tae මාත් එක්ක නැති අඩුව මට තදින්ම දැනුනා.

"Get set!Ready!Go!"

තරඟේ පටන් ගත්ත ගමන් හෙන ගැම්මෙන් දුවන්න ගත්තත්,තරඟේ මැද හරිය වගේ එනකොට බලන් ඉද්දි මගේ වේගේ අඩු උනා.

"Come on Jia!come on!"

මහීලත් එක්ක අපේ house එකේ හිටපු ලමයි කෑ ගගහා මගේ ඇඟට වතුර ගහනවා මට බොඳවෙලා වගේ පෙනුනේ.කොහොමත් ඉතිං 3000m කියන්නේ පොඩි දුරකුත් නෙවෙයිනේ.

"Jia,come on!ඔයාට පුලුවන්"

එහෙම හිතලා මං කොහොමහරි අමාරුවෙන් ටික ටික දුවන වේගේ වැඩි කරා.ලමයි එක්කෙනා,දෙන්නා pass කරලා මං අමාරුවෙන් ඉස්සරහට දුවන් එනකොට දිනුම් කනුව බොඳවෙලා වගේ මට පෙනුනා.අන්තිමේ කොහොමහරි මං ribbon එකත් කඩාගෙන ආවා විතරයි,මගේ කකුල් දෙක පන නැතුව මං එතනම ඉන්ද උනා.

අපේ house එකේ ලමයි කෑ ගහගෙන දුවන් ඇවිදින් මාව වටකරගෙන නැඟිට්ටුවත්,මං එතන හිටියේ ගොඩක් අපහසුවෙන්.ලමයි වතුර ගහපු පාරට මං ඇඳන් හිටපු white colour vest එක තෙමිලා,මගේ ඇඟටම ඇලිලා ඇඳුම විනිවිද පේන්න අරන් තිබ්බේ.මට ඉක්මනට එතනින් අයින් ⁣වෙන්න ඕන උනත්,මගේ ඇඟට පන නැති නිසා මට අඩියක්වත් හෙල්ලෙන්න බැරි උනා.

ඒත් එකපාරටම කවුද මන්දා ඇවිදින් මගේ ඇඟට පොඩි blanket එකක් දාලා,මාව එයාගේ ඇඟට හේත්තු කරගත්තා...

To be continued....

************************************

Continue Reading

You'll Also Like

757K 28K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
3.7K 624 17
"ඔබ දෙදෙනා අද සිට නීතියෙන් වෙන් වූ දෙදෙනෙක්" Hoseok ff Ot7 Girl × boy This is a fanfiction. Don't get it serious 💜
922K 21.2K 49
In wich a one night stand turns out to be a lot more than that.
1M 65.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...