~So,we met again~|| KTH ✔

By Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 04🌹
🌹Chapter 06🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 05🌹

311 61 1
By Nishyoon

මගේ සද්දේ ටිකක් වැඩි උනාද මන්දා.library එකේ හිටපු ලමයි ඔක්කොමලා මගේ දිහා බැලුවේ හරියට අමුතු ජීවියෙක් දිහා බලන විදියට.හරි ඉතිං චුට්ටක් සද්දේ වැඩි උනා කියලා ඔය කන් ගෙවෙන එකක්යැ.

"Jia,මේක library එක"

Tae කිව්වේ මගේ පැත්තට හැරිලා රහසින්.මෙයා නිසා තමයි මේ ඔක්කොම.වෙනදට library එක පැත්ත පලාතේවත් එන්නේ නැති මං මේ මෝඩයා නිසයි අද ආවෙත්.

"Tae,ඇයි ඔයා මාව මඟ අරින්නේ?මගෙන් මොකක්හරි වැරැද්දක් උනාද?ම්ම්"

මං ආයෙත් හෙමීට ඇහුවා Tae ගෙන්.

"එහෙම මුකුත් නෑ"

"එහෙනම් මං අද උදේ ඉඳන් කතා කරන්න එද්දී දැක්කේ නෑ වගේ ගියේ?"

"මට හදිස්සි වැඩ වගයක් තිබ්බා.ඒකයි"

Tae උත්තර දුන්නේ පොත දිහා බලාගෙන.

"හ්ම්.එහෙමද?එහෙනම් කමක් නෑ.හැබැයි ආයෙත් එහෙම කරන්න එපා හොඳද?මට දුක හිතුනා ඔයා මාව ගනන් ගන්නේ නැතුව ඉන්නකොට."

මං එහෙම කියද්දි tae මගේ දිහා බලලා "හ්ම්" කියලා විතරක් උත්තර දීලා ආයෙත් පොත බලන්න පටන් ගත්තා.අපෝ!මෙහෙමත් පොත් ගුල්ලෙක්!දැන් ඉතිං උඩදාගෙන library ආවා වගෙයි නෙවෙයි,period එක ඉවර වෙනකන් ඉන්නත් එපැයි මේක ඇතුලේ.

"Reproduction of Organisms"

මං ඉස්සෙල්ලා හදිස්සියට අරගෙන ඇවිත් තිබ්බ පත size පොත දිහා බලද්දී තමයි ඇස් උඩ ගියේ.කවුරුවත් දකින්න කලින් මං ඉක්මනට පොත බලන්න ගත්තේ අතින් වහගෙන.ඇයි දෙයියනේ maths කරන එකෙක් biology පොතක් කියවනකොට හිතයි මට පිස්සු කියලා..

"Tae,මහී ඇහුවා මගෙන් අද class එකේ interval එකේදී එයත් එක්ක juice bar එකට යන්න එනවද කියලා"

ටික වෙලාවකට පස්සේ මං Tae ට කිව්වා.

"ඉතිං ඔයා මොකද කිව්වේ?හා කිව්වද?"

මෙන්න බොලේ වැඩක්.පොතේ ගිලෙන්න ඔන්න මෙන්න වගේ හිටපු මනුස්සයා එකපාරටම මගේ පැත්ත හැරිලා බයවෙලා වගේ ඇහුවා.

"හ්ම්.මං කිව්වා මං ඔයාවත් එක්කගෙන එනවා කියලා.ඔයා එනවා නේද?"

"ඔයාට ඇත්තටම පිස්සුද Jia?එකපාරටම අඳුරගත්ත මනුස්සයෙක් එක්ක juice බොන්න යන්න තරම් ආහ්?"

Tae මගෙන් ඇහුවේ කෑ ගහලා.

"ඔය ලමයි දෙන්නා මොකද ඔය සද්ද කරන්නේ ආහ්?මේක library එක කියලා අමතක උනාද?"

Tae ගේ සද්දෙට library එකේ හිටපු sir එහෙම අහද්දි අපි දෙන්නා කරේ ආයෙත් පොත දිහාට ඔලුව නමාගත්ත එක.Tae ට තරහා යන්න තරම් දෙයක් මං කිව්වේ නෑනේ ඉතිං.එයාට එන්න බැරිනම් බෑ කියන්න තිබ්බනේ,මට කෑ ගහන්නේ නැතුව.

"Tae!"

මං Tae ට කතා කරත්,එයා ඇහුනේ නෑ වගේ පොත බලන ගමන් හිටියේ.

"Tae!"

මං ආයෙත් කතා කරා.එයා ඇහුනේ නෑ වගේ හිටපු නිසා මං එයා කියව කියව හිටපු පොත උඩින් මගේ අත තිබ්බා.Tae එක පාරක් මගේ දිහා රවලා බලලා,පොත එයාගේ පැත්තට ඇදලා ගද්දි එකපාරටම පොත ඇතුලේ තිබුනු කොලයක් බිමට වැටුනා.

බිම වැටුනු කොලේ අහුලන්න මායි,Tae යි බිමට නැමුනත් Tae ඒ කොලේ අහුලන්න කලින් මං අහුලගත්තා.මං ඒ කොලේ Tae ට දෙන්න හැදුවත්,එකේ තිබ්බේ Tae ගේ අත්අකුරු නිසා කොලේ එයාට නොදී මං ඒකේ ලියලා තිබුන ඒවා කියවන්න ගත්තා.

"Tell me why am I emotional,
             When I knew it from the start..."

ඒකේ ලියලා තිබුනේ Tae ගේ කැමතිම song එකේ lyrics එක්ක තව English වලින් ලියපු verses ටිකක්.

"Jia,ඕක දෙන්න මෙහාට!"

Tae හරිම කලබලෙන් ඒ කොලේ මගෙන් උදුරගෙන එයාගේ පොත අස්සේ දාගත්තා.එයාගේ නලල දෙපැත්තට දාඩියත් දාලා.මෙයාගේ නම් මොකක් හරි හොරයක් තියෙනවා.එහෙම හිතලා මං ආයෙත් Tae ගෙන් පොත උදුරගෙන කොලේ ගන්න ගියා.Tae  ආ⁣යෙත් පොත උදුරගත්තා මගෙන්.මාත් ඉතිං ගේම අතඇරියේ නෑ හැබැයි.අපි දෙන්නම පොත දෙපැත්තට ඇද්දා.

"චිරිස්!"

හුටා!ඉරුණා නේද පොත.අපි දෙන්නා පොත දෙපැත්තට ඇදපු පාර පොතේ පිටුවක් ඉරුණා.

"ඔය ලමයි දෙන්නා කරුනාකරලා යනවලා එලියට!මං සැරේකුත් කිව්වනේ සද්ද කරන්න එපා කියලා"

Sir අපිට එලියට යන්න කියද්දි,library එකේ ඔක්කොමලා අපි දිහා බලාගෙන හිටියේ. ලැජ්ජාව භාජනේකට දාලා මං library එකෙන් එලියට එනකොටත් Tae මඟක් දුර ගිහින්.

පව් Tae.එයාට තරහා යන්න ඇති.මං නිසා එයාගේ notebook එක ඉරුණු එකට.ඒ උනාට ඉතිං එයාට තිබුනනේ මට ඒ කොලේ පෙන්නන්න.මං Tae ගේ පිටිපස්සෙන් දුවලා ගිහින් එයාගේ අතකින් අල්ලලා නවත්ත ගත්තා.

"Tae,sorry!මං හිතලා කරේ නෑ ඒක.මාත් එක්ක තරහා වෙන්න එපා හොඳද?"

දිග හුස්මක් ගත්ත Tae "හ්ම්" කියලා විතරක් උත්තර දීලා ආපහු යන්න හැරුනා.

"Tae,මං දන්නවා ඔයා කැමති ගෑනු ලමයා කවුද  කියලා"

යන්න ගියපු Tae,කරන්ට් එක වැදුනා වගේ මගේ දිහාට හැරුනේ බයවෙලා වගේ.

"මං දැක්කා ඒ කොලේ එයාගේ නම තිබ්බා"

ඒ කොලේ තිබුනු දේවල් මට හරියට කියවගන්න බැරි උනත්,ඒ කොලේ අවසානෙට "To J..." කියලා ලියලා තියෙනවා මං දැක්කා.ඉතිං නම සම්පූර්ණයෙන්ම මට කියවගන්න බැරි උනත්,ඒ කවුද කියලා මං දැන ගත්තා.

"Jia,ඇත්තටම මං ඔයාට.."

"ඒ Jithmi නේද?"

Tae ගොත ගගහා මට කියන්න හදද්දි මං ඇහුවා.අපේ class එකේ J වලින් පටන් ගන්න ගෑනු ලමයි දෙන්නෙකුට ඉන්නේ මායි,Jithmi යි විතරයි.ඉතිං ඒ මං වෙන්න කොහොමටවත් බැරි නිසා,ඒ Jithmi කියලා මට හිතුනා.මොකද ඉතිං Jithmi තමයි අපේ class එකේ ඉන්න ලස්සනම කෙල්ල.Tae ට පස්සේ test වලින් වැඩිම ලකුණු ගන්නෙත් එයා.ඉතිං Tae ට එයා ගැන කැමැත්තක් ඇති උන එක පුදුමයක් නෙවෙයි කියලා මට හිතුනා.

"Tae,ඒ එයා නේද ආහ්?කියන්නකෝ"

මං ඇහුවේ මගේ දිහා ගල්වෙලා වගේ බලන් ඉන්න Tae ගේ අතකින් අල්ලලා.එයා ටික වෙලාවක් මගේ දිහා බලන් ඉඳලා,"හ්ම්" කියලා උත්තර දීලා බිම බලා ගත්තා.අපෝ!මෙයාගේ තියෙන ලැජ්ජාව.

"ඇයි ඉතිං මෝඩයෝ මට කිව්වේ නැත්තේ?කිව්වා නං මං set කරලා දෙනව⁣නේ.

"මං exam ඉවර උනාට පස්සේ කියන්න හිටියේ"

අනේ මන්දා මේ මනුස්සයා නම්!

"Exam ඉවර උනාට පස්සේ ආයෙත් හම්බවෙයිද කියලා කවුද දන්නේ අනේ"

"තෙහස්,ඔයාව sherin miss හොයනවා."

නිම්න හති දාගෙන දුවන් අපි දෙන්නා ලඟට ඇවිත් කිව්වා.

"යමු"

Tae නිම්නත් එක්ක ගියේ ආපහු මගේ දිහාවත් නොබලා.පව්.කොල්ලට ලැජ්ජා හිතෙන්න ඇති මං Jithmi ගැන දැනගත්ත නිසා.

******************************************

"Jithmi,මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?"

මං ඇහුවේ Jithmi library period එක ඉවර වෙලා,class එකට ඇවිත් වාඩිවෙන්න හදනකොට.

"ඔව්.කියන්න Jia"

"මේ Tae..මං කිව්වේ අපේ තෙහස් ඉන්නේ..."

"ඉතිං.."

"එයා ඔයාට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ Jithmi.අද ඊයේක ඉඳන් නෙවෙයි,දැන් ගොඩක් කල් ඉඳන්.දන්නේ නැද්ද ඉතිං එයා ටිකක් ලැජ්ජාකාරයානේ.exam ඉවර වෙනකං ඉඳලා තියෙන්නේ ඔයාට කියන්න.ඒ උනාට ඉතිං ආයේ exam එකෙන් පස්සේ අපි හම්බවෙයිද දන්නේ නෑනේ නේද?ඒකයි මං ඔයාට කිව්වේ.නැත්තං ඔය මෝඩයා ඕක හැමදාම හිතේ තියන් ඉඳී කියන්නේ නැතුව"

මං කියවගෙන ගියා වේගේ වැඩිද මන්දා.Jithmi කටත් ඇරන් මං දිහා බලන් ඉන්නවා.

"Jithmi,ඔයා අහගෙනද ඉන්නේ?"

මං ඇහුවේ Jithmi ගේ අතකින් හොල්ලලා.

"ආහ්!මේ ඔව් Jia.ඔයා කිව්වේ මට තෙහස් ඇත්තටම කැමති කියලද?"

Jithmi ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන්,මගේ අත් දෙකෙනුත් අල්ලලා.

"හ්ම්.ඔයා මොකද කියන්නේ?ම්ම්..දැන්මම උත්තරයක් ඕන නෑ.ටිකක් කල් අරන්,කල්පනා කරලා බලලා කියන්නකෝ හොඳේ."

Jithmi ගේ උරහිසට තට්ටුවකුත් දාලා මං ආපහු යන්න හැරුනා.

"Jia,මාත් තෙහස්ට කැමතියි එයාව දැකපු දවසේ ඉදන්ම"

යන්න හැරුනු මගේ අතින් අල්ලගෙන Jithmi කිව්වේ හිනාවෙලා.

"වාහ්!ඔය ඇත්තමද?"

"හ්ම්.මං හිතුවේ තෙහස් ඔයාට කැමති ඇති කියලා.ඒකයි මං එයාට කිව්වේ නැත්තේ"

Jithmi කියපු දේට මට බකස් ගාලා හිනා ගියා.

"ඔයාට පිස්සුද මෝඩියේ?එයා මගේ යාලුවානේ චූටිකාලේ ඉඳන්ම.එහෙම දෙයක් නෑ"

"නෑ ඉතිං.ඔයාලා දෙන්නා කොහේ ගියත් එකටමනේ ඉන්නේ.ඒකයි මං එහෙම හිතුවේ"

Jithmi කිව්වේ හිනාවෙලා ඔලුවත් කසන ගමන්.

"එහෙනම් ඔයාම ඔයාගේ උත්තරේ එයාට කියනවද?එයාට සතුටු හිතෙයි,ඔයාම කිව්වම.හාද?"

"හා.මං කියන්නම්"

******************************************

"තෙහස්,මං ඔයාට කැමතියි"

Tae class එක අැතුලට එනකොටම,Jithmi Tae ඉස්සරහට ගිහින් කිව්වේ එයාගේ අතකිනුත් අල්ලන ගමන්.

"ආා.........."

Class එකේ හිටපු ලමයි ඔක්කොම විසිල් ගගහා ඒ දෙන්නට කෑගහන්න ගත්තා.Jithmi හිනාවෙලා Tae දිහා බලන් ඉද්දි,Tae Jithmi දිහා බැලුවේ මේකි මොන අපබ්‍රංශයක්ද මේ කියන්නේ වගේ බැල්මකින්.

අනේ මන්දා මේ මෝඩයා නම්.මෙච්චර කල් හොරාට කැමතිවෙලා ඉඳලා දැන් මෙතන මුකුත් දන්නේ නෑ වගේ ඉන්න හැටි විතරක්.

මං හිනාවෙවී ඒ දෙන්නා දිහා බලන් ඉන්නකොට,Tae Jithmi ගෙන් අයින් වෙලා කෙලින්ම ආවේ මං ලඟට.ඒ ඇවිත් මගේ අතින් ඇදගෙන class එකෙන් එලියට ඇවිත්,මගේ අත හයියෙන් අත ඇරියා.

"ආව්!මොකද මෝඩයෝ වෙලා තියෙන්නේ?"

මං ඇහුවේ මගේ අතත් අතගාගන්න ගමන්.Tae මගේ දිහා බලන් හිටියේ මාව අලුකරලා දාන්න පුලුවන් බැල්මකින්.එයාව කවදාවත් ඒ විදියට මං දැකලා තිබ්බේ නැති නිසා මට බය හිතුනා,එහෙම දැක්කම.

"Jia!මොකක්ද ඒ කරපු වැඩේ තේරුම කියනවා?"

To be continued.....

******************************************

Continue Reading

You'll Also Like

1.4K 277 6
Best friends turned out to be lovers. (A birthday gift to Jin and my sister who are having their bdays on the same day) Kinda like a mini ff
608K 13.7K 41
In wich a one night stand turns out to be a lot more than that.
670K 41K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
9.6M 459K 109
An age gap love story. A brokenhearted billionaire. A college girl. ***** "Nevaeh," Aiden whispers, "can I rest my head on your shoulder?" I nod, l...