~So,we met again~|| KTH ✔

By Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 03🌹
🌹Chapter 05🌹
🌹Chapter 06🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 04🌹

327 64 0
By Nishyoon

"Jia,අපි හවසට KCC යමුද film එකක් බලන්න?Matrix film එක ඇවිත්"

Interval එකෙන් පස්සේ Tae මගේ ලඟට ඇවිත් ඇහුවා.

"ම්ම්...යමු.."

"තව...මට ඔයාට කියන්න දේකුත් තියෙනවා."

"මොකක්ද?කියන්න ඉතිං"

මෙන්න වැඩක්.ඒ පාර කෙල්ලෙක් වගේ ඇඹරෙනවා මෙයා.

"ඒක දැන් කියන්න බෑ.මං එහෙට ගියාම කියන්නම් හොඳද?"

"හ්ම්.ඒකත් එහෙමද?හාකෝ හාකෝ."

"තෙහස්,prefect meeting එකක් තියෙනවා කියලා ⁣sherin miss ඔයාට එන්න කිව්වා main hall එකට."

Class එකේ හිටපු ලමයෙක් ඇවිත් tae ට පනිවිඩයක් කිව්වා.

"හරි.මං එන්නම්."

Tae නැඟිටලා class එකේ දොර ගාවට ගිහින් ආයෙත් මගේ දිහාට හැරුනා.

"Jia,හරියටම හවස 04ට ලෑස්ති වෙලා ඉන්න."

"හරි අනේ.මට මතකයි."

මං එහෙම කියද්දී Tae හරි ලස්සනට හිනා උනා.එයා එහෙම හිනාවෙද්දි නම් හරියට පොඩි ලමයෙක් වගේ.හරිම cute..

******************************************

"ලමයි,අද sherin miss ට meeting එකක් නිසා අද class එකට එන්න වෙන්නේ නෑ කියලා text book එකේ තියෙන ඊලඟ exercises ටික කරන්න කිව්වා."

Sherin miss Jithmi අතේ පනිවිඩයක් එවලා තිබ්බා.

"ආහ්!ඔව්නේ.Sherin miss නේ prefectලා බාරව ඉන්නේ.ඒකත් හොඳයි.මට පොඩි nap එකක් දාන්න පුළුවන්."

එහෙම හිතලා මං චුට්ටක් desk එකේ ඔලුව තියා ගත්තා විතරයි,එකපාරටම කවුද මන්දා මගේ ඔලුවට තට්ටුවක් දැම්මා.මං තට්ටුව දාපු මනුස්සයට හොඳට අමතන්න කියලා හිතලා ඔලුව උස්සද්දී,මං දැක්කේ මගේ ඉස්සරහ පුටුවකුත් දාගෙන වාඩිවෙලා,හිනාවීගෙන ඉන්න මහීව.

එයාගේ ඒ හිනාව හරිම ලස්සනයි.කෙල්ලෝ ඉතිං පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද?මං එයා දිහා බලන් හිතුවා.

"Jia,මං ඔයාට කැමතියි."

මොකක්?මේක නම් හීනයක්ම තමයි.හීන දකිනවා කියලා ඔහොමත් හීන දකිනවද මං අහන්නේ?එහෙම හිතලා මං ඉක්මනට මගේ අත කොනිත්ත ගත්තා.ඒක දැකලා මහී ආයෙත් හිනා උනා.

මෙච්චර වෙලා class එකේ කෑ ගගහා හිටපු ලමයි ඔක්කොම එකපාරටම මීයට පිම්බා වගේ,කටවලුත් ඇරන් අපි දෙන්නා දිහා බලන් ඉන්නවා මං එතකොටයි දැක්කේ.

"මං ඇත්තටම ඔයාට ගොඩක් කැමතියි Jia.වෙන කවුරුවත් ගැන හිතිලා නැති තරමටම."

එයා මගේ අත එයාගේ අතින් අල්ලගෙන ආයෙත් කිව්වා.මගේ පපුව ගැහෙන සද්දේ එලියටත් ඇහෙනවද මන්දා.ඒ තරම් හයියෙන් ගැහෙනවා.මට මහීට උත්තර දෙන්න ඕන උනත්,මට මුකුත් කියාගන්න බැරි උනා.මං කරේ ගල්වෙලා වගේ එයා දිහා බලන් හිටපු එක විතරයි.

"මේ තියෙන්නේ මගේ number එක.ඔයා මේකට message එකක් දැම්මොත් මං හිතා ගන්නම් ඔයා මට කැමතියි කියලා හොඳද?"

මහී එයාගේ  number එක ලියපු chit එක මගේ අත උඩින් තියලා යන්න ගියා.මඟක් දුර ගිහින් මහී ආයෙමත් මගේ දිහා හැරිලා බලලා,

"Jia,මං බලන් ඉන්නවා එහෙනම්"

කියලා යන්න ගියා.මහී ගිහින් විනාඩි ගානක් යනකම් මං හිටපු විදියටම හිටියා.මට තාමත් හිතා ගන්න බෑ මහී මට ඇත්තටම කැමතියි කිව්වද කියලා.class එකේ ලමයි මහී ගැන මොනවද කුටු කුටු ගානවා ඇහුනත්,මං ඒවා ගැන වැඩිය ගනන් ගත්තේ නැත්තේ මහී මට කියපු දේවල් ගැන මං හිත හිත හිටපු නිසා.

******************************************

"Math oyata godak kamaththen hitiye.mn Jia."

"Oyage hinawa lassanai"

"Oya basketball play karanakota mara handsome"

මොනාද දෙයියනේ මං මේ type කරන ගොන් message?⁣කොච්චර tv series බලලා තිබ්බත් මට පොඩ්ඩක්වත් romantic වෙන්න තේරෙන්නේ නෑනේ අප්පා.ඇඳේ එහාට මෙහාට පෙරලි ⁣පෙරලි phone එකේ message type කරන ගමන් මං හිතුවා.

"❤️ Jia"

අන්තිමේ කල්පනා කරලා කරලා,ඕන මඟුලක් කියලා මහීට එහෙම message එකක් දාලා,මං ලෑස්ති වෙන්න ගියේ tae ත් එක්ක KCC යන්න promise උන නිසා.

මං ලෑස්ති වෙලා පල්ලෙහාට එනකොටත් Tae ඇවිත් හිටියේ.මාව දැකපු ගමන් Tae මට හිනාවෙලා අත වැනුවේ හරියට මාව ගොඩ කාලෙකින් දැක්කා වගේ.මේ මනුස්සයට නම් මොනවා වෙලාද මන්දා.කවදාවත් නැතුව Tae හිටියේ හරිම සතුටින්.

මහී මට කැමතියි කිව්වා කියලා මට තාම Tae ට කියන්නත් බැරි උනා.එහේ ගියාමම හිමීට  කියනවා.

******************************************

"ආහ්!Tae,ඔයාට මොකක්ද අර මට කියන්න තියෙනවා කිව්වේ?"

Movie එක බලන්න counter එකෙන් ticket අරන් ආපු ගමන් මං Tae ගෙන් ඇහුවා.

"ම්ම්..ඒක මං film එක බැලුවට පස්සේ කියන්නම් හොඳද?"

Tae කිව්වේ මගේ අතින් popcorn bucket එකකුයි,coke bottle එකකුයි තියන ගමන්.

"මේ Tae,මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා"

"මොකක්ද?"

ඒ පාර Tae මගෙන් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන්.

"මාත් ඒක film එක බැලුවට පස්සේම කියන්නම්"

මං කිව්වේ Tae ට ඇහැකුත් ගහන ගමන්.

"යා!Jia!කියන්නකෝ මොකක්ද?"

මට වගේම මෙයාටත් චුට්ටක් කුතුහලයක් දෙන්න එපැයි ඉතිං..

******************************************

අපි film එක බලලා ඉවර වෙලා KCC එකේ rooftop එකට ගියා.වෙනදාටත් අපි මෙහේ ආවොත් හැමදාම මෙතනට එනවා.එතන view එක හරිම ලස්සනයි.අපි දෙන්නම එතන balcony එකේ අත්වැටට හේත්තු වෙලා බලන් හිටියා.නුවර අහස හරි ලස්සනට එතනට පෙනුනා.විනාඩි ගානක් යනකම් අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ.

"Tae,ඔයාට මොනවද මට කියන්න තියෙන්නේ?දැන්වත් කියන්නකෝ"

Tae කතා කරන්නේ නැති පාර මං බලන් ඉඳලා බැරිම තැන ඇහුවා.

"ම්හ්.මුලින්ම ඔයා කියන්න.ladies first!"

Tae කිව්වේ මගේ ඔලුවට තට්ටුවකුත් දාන ගමන්.

"යා!Tae!"

මාව අවුස්සලා හිනා වෙනවා ඒ  පාර.

"මහී මට කැමති කිව්වා"

ටික වෙලාවක් ගියාට පස්සේ මං කිව්වේ tae ගේ  අත් දෙකත් හොල්ලන ගමන් හිනා වෙවී.මං හිතුවා මං වගේම Tae ත් සතුටු වෙයි කියලා ඒක ඇහුවම.ඒත් Tae ගේ මූනේ තිබුණ හිනාව මං ඒක ගියපු ගමන්ම නැතිවෙලා ගියා.

"ඉතිං ඔයා මොකක්ද එයාට කිව්වේ?කැමති කිව්වද?"

Tae බයවෙලා වගේ ඇහුවේ මගේ අත් දෙකෙනුත් අල්ලන්.

"ඔව් ඉතිං.එයා මට number එක දීලා,කැමති නම් එයාට message එකක් දාන්න කිව්වා.ඉතිං මං message එකක් දැම්මා"

"හ්ම්.එහෙමද?ඔයා එයාට ඇත්තටම කැමතිද Jia?ම්ම්"

මේ මෝඩයත් මොනවා අහනවා ද මන්දා මං මහීට කැමති කියලා දැන දැනත්.

"මේ අද ඔයා නැඟිට්ටේ ඇඳේ අනිත් පැත්තෙන්ද?

මං ඇහුවේ හිනාවෙවී Tae ගේ මූන දෙපැත්තෙන් අල්ලන ගමන්.

"හ්ම්" කියලා විතරක් උත්තර දීපු Tae දිග හුස්මක් අරන් අනිත් පැත්ත බලන් අත්වැටට හේත්තු උනා.

"ඉතිං මට wish කරන්නේ නැද්ද මෝඩයෝ?"

"Congrats!"

Tae මට wish කරලා ආයෙත් අනිත් පැත්ත බලා ගත්තා.

"මේ,දැන් ඔයාට මොනවද මට කියන්න තියෙනවා කිව්වේ?දැන්වත් කියන්නකෝ අප්පා අගේ නොකර"

මං ඇහුවේ Tae ගේ shirt එකේ කොනකින් අදින ගමන්.

"මේ සැරේ තිබ්බ debate competition එකෙන් මං හොඳම debator විදියට තේරිලා.අද උදේ තමයි මාත් දැන ගත්තේ"

Balcony එකෙන් එහාපැත්ත බලාගෙනම Tae උත්තර දුන්නා.

"වාහ්!මරුනේ!"

ගිය සැරේ තිබුණු competition එකෙන් win කරන්න බැරි උන එකට Tae සෑහෙන්න අවුලෙන් හිටියේ.ඉතිං මට සතුටු හිතුනා එයා win කරපු එකට.මං ආපු සතුටට Tae ව බදාගත්තා.ඒත් තාමත් Tae හිටියේ හිටපු විදියටම,balcony එකෙන් එහා පැත්ත බලාගෙන.

"දන්නවද Tae,අද මගේ ජීවිතේ ගොඩක්ම සතුටු දවසක්.ඒ හේතු දෙකක් නිසා.එකක් අද මහී මට කැමතියි කිව්වා.අනිත් එක තමයි ඔයා competition එකෙන් win කරපු එක"

මං කිව්වේ balcony එකෙන් ඈත බලාගෙන Tae ගේ උරහිසට ඔලුව තියාගෙන.

"ආහ්!Tae,ඔයා අර දවසක් මට කිව්වේ ඔයා කැමති ගෑනු ලමයෙක් ඉන්නවා කියලා.අදවත් කියන්න බෑද ඒ කවුද කියලා?"

දවසක් මට Tae කියපු කතාවක් මතක් උන නිසා මං Tae ගෙන් ඇහුවා.

"ටීක්..ටීක්.."

"Thanks Jia.Mn balan hitiya😊"

එතකොටම තමයි මට මහීගෙන් message එකක් ආවේ.

"මහීද?"

Tae ඇහුවේ මං හිනාවෙලා phone එක දිහා බලන් ඉද්දි.

"හ්ම්"

Tae මුකුත් නොකියම යන්න පිටත් වෙද්දි,මාත් මහී එක්ක message කරන ගමන් එයාගේ පස්සෙන් ගියා.වෙනදට නම් අපි දෙන්නා bus එකේ එන ගමන් ඔහේ කතා කර කර හිනාවෙවී යන්නේ.මහී එක්ක මඟ දිගට msg කර කර ආපු නිසා මට Tae එක්ක කතා කරන්නත් බැරි උනා.Tae බහින තැනට යනකම්ම ආවේ glass එකෙන් එහාපැත්ත බලාගෙන වචනයක්වත් කතා නොකර.

"Good night Jia!"

මං මුකුත් කියන්නත් කලින්ම Tae මාව අපේ gate එක ගාවින් ඇරලවලා යන්න ගියා.

"කෝ,තෙහස් පුතා ආවේ නැද්ද චූටි දූ?"

"නෑ අම්මි.එයාට මොනවා හරි වැඩ ඇති"

Tae හැමදාම මාත් එක්ක කොහේ හරි ගිහින් අපේ ගෙදර ආවම අපේ අම්මා හදලා දෙන මොනවා හරි කාලාමයි යන්නේ.හෙට මොකක්හරි test එකක්වත් දෙනවා කිව්වද මන්දා.නැත්තං නම් ඔය මනුස්සයා කඩිකුලප්පුව හැදිලා වගේ දුවන්නේ නෑ.

******************************************

අදත් school bus එක ටිකක් පරක්කු උන නිසා මං එද්දී gate එක වහන්න යනකොට බොහෙම අමාරුවෙන් තමයි ඇතුලට පැන ගත්තේ.වෙනදා වගේම Tae gate එක ගාවට වෙලා හිටියත්,මං එයාට good morning කියද්දී ඇහුනේ නෑ වගේ ගියා.

Class එකට ආපු වෙලාවේ ඉඳන් මං Tae ත් එක්ක කතා කරන්න එනකොට මාව මඟ අරිනවා.ඊයෙත් මාත් එක්ක හොඳට හිටියනේ මෙයා.මොනවා වෙලාද මේ මනුස්සයට ඒ පාර?

******************************************

"Excuse me!Jithmi,ඔයාට අනිත් පැත්තෙන් වාඩිවෙන්න පුළුවන් ද?"

Library එකේදී Tae ගාවින් වාඩිවෙන්න ගියපු Jithmi ට අනිත් පැත්තේ පුටුව දීලා මං Tae ගාවින් වාඩි උනා.

"මේ,Tae ඔයාට මොකද වෙලා තියෙන්නේ ආහ්?"

To be continued....

******************************************

Continue Reading

You'll Also Like

311K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
3.4K 573 15
නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personal...
4.8K 740 10
Man is mortal but love is immortal💔. Sinhala fanfic Don't copy my work🚫
1.3K 301 9
" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්නවා." ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා. තේහ්...