~So,we met again~|| KTH ✔

By Nishyoon

7.5K 1.2K 31

"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 20... More

🌹Chapter 01🌹
🌹Chapter 02🌹
🌹Chapter 04🌹
🌹Chapter 05🌹
🌹Chapter 06🌹
🌹Chapter 07🌹
🌹Chapter 08🌹
🌹Chapter 09🌹
🌹Chapter 10🌹
🌹Chapter 11🌹
🌹Chapter 12🌹
🌹Chapter 13🌹
🌷🌷Epilogue🌷🌷
🌹Chapter 14🌹
🌹Chapter 15🌹
🌹Chapter 16🌹
🌹Chapter 17🌹
🌹Chapter 18🌹
🌹Chapter 19🌹
🌹Final Chapter🌹

🌹Chapter 03🌹

339 66 0
By Nishyoon

එදා chemistry class එකේ සිද්ධියෙන් පස්සේ,මං ඒ වගේ ⁣මෝඩ වැඩ නම් කරන්න ගියේ නෑ.කවදාහරි දවසක එයාට පොඩ්ඩක් හරි මං කැමතියි දැනුනොත්,එදාට මං ලඟට ඒවි කියලා මං හිත හදා ගත්තා.ඔක්කොමත් හරි tae ඒක ගැන කිය කිය මට විහිලු කරන්න ගියාම තමයි සවලක් අරන් වැලලෙන්න හිතෙන්නේ🙂.

******************************************
දැන් ටික දවසක ඉඳන් මහී උදේට school එකේ කොහේ හිටියත්,මාව හොයන් ඇවිදින් good morning කියනවා,යනකොටත් මට යනවා කියලායි යන්නේ.වෙනදට මාව දැක්කේ නෑ වගේ යන මනුස්සයා මාත් එක්ක මෙහෙම කතා කරන එකට මට පුදුමත් හිතුනා.

"ඒ කියන්නේ Jia,ඔයා හිතපු දේ ඇත්ත වෙන්නද යන්නේ?මහී මට ආදරේ කරන්න පටන් අරන් වත්ද?..ඔතොක්කේ🙈"

මහී ගැන හිත හිත හිටපු මං ගැස්සිලා ගියේ එකපාරටම tae මගේ කනට පිඹපු පාරට.

"යා!මොනවද මෝඩයෝ කරන්නේ?"

මාව බය කරලා දැන් හිනාවෙන ලස්සන විතරක්.ඇත්තමයි මේ මනුස්සයත් එක්ක මට නිදහසේ දවල් හීනයක්වත් දකින්න බැරි හැටියක්..

******************************************
අද English period එකේදී miss class එකට ආවේ නැති නිසා,මං tae ත් එක්ක cafeteria එකට ගිහින් short eats වගයක් කන ගමන් හිටියේ.

"මේක ඔයාට"

එකපාරටම මහී ඇවිත් මං කකා හිටපු table එක උඩින් පොඩි chocolate එකක් තියලා,මං මුකුත් කියන්න කලින්ම හිනාවෙලා යන්න ගියා.

"මහී මට chocolate එකක් දුන්නා😯!No way!මං මේක නම් කන්නේ නෑ.ගෙදර ගියපු ගමන් මගේ gift box එකට දාලා අරන් තියන්න ඕන."

මං හිතුවේ මහී දීපු chocolate එක දිහා බලාගෙන.

Tae එකපාරටම මගේ අතේ තිබ්බ chocolate එක උදුරගෙන එයාගේ කටේ දාගත්තා.

"යාහ්!!ටේ!!..මොකක්ද ඒ කෙරුවේ?"

"ඇයි?"

"ඇයි මගේ choco එක කෑවේ මෝඩයෝ?"

"මට ඕන නිසා"

මගේ choco එක කාලා ගානක් නැතුව කියන හැටි විතරක්.දුෂ්ටයා!

"ඒක මට මහී දීපු එකනේ.මං අරන් තියන්න හිටියේ ඒක"

"ඇයි ඒක කෞතුක වස්තුවක්ද අරන් තියන්නේ?"

"ඔව්!මට එහෙම තමයි!"

"මං ඒ වෙනුවට එකක් අරන් දෙන්නම්"

"ඒවා ඉතිං මහී දෙන ඒවා වගේ නෙමේනේ"

"එතකොට මං අරන් දෙන ඒවා ඔයාට වටින්නේ නැද්ද Jia?"

"ඔයා ඉතිං හැමදාම අරන් දෙනවනේ"

මං එහෙම කියද්දි tae ගේ මූන බලාගෙන ඉද්දි වෙනස් උනත්,මං ඒක ගැන වැඩිය හිතන්න ගියේ නැත්තේ,හැමදාම මොකක් හරි උනාම මට කලින් එයා මූන එල්ලගන්න නිසා..

******************************************
"හරි ලමයි!දැන් ඔයාලා මං බෙදපු විදියට ගිහින් අස්කරන්න පටන් ගන්න එහෙනම්.period 02 ඉවර වෙන්න කලින් වැඩේ ඉවර කරන්න පුළුවන් උනොත් හොඳයි"

අද science lab එක clean කරන්න තිබ්බ දවස.Lab එක භාරව ඉන්න miss maths class දෙකෙයි,bio class දෙකෙයි ලමයිව group 04කට බෙදුවා.මගේ වෙලාවටමද මන්දා මං වැටුනෙත් මහීගේ group එකටමයි.tae නම් වැටුනේ වෙන group එකකට.අපේ group එකට හම්බුනේ skeleton ටික පිරිසිදු කරන්න.

මං brush එකකුක් අරන් ගිහින් human skeleton එකක් පිහදාන්න ගත්තා.එකපාරටම කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා වගේ දැනුන නිසා මං එහා පැත්ත බැලුවා.

එතකොටයි මං දැක්කේ මහී හිනාවෙලා මගේ දිහා බලන් එහා පැත්තේ skeleton එක පිහදානවා.එයා හිනාවෙද්දි හරි ලස්සනයි අප්පා.නලුවෙක් වගේ.මාත් ඉතිං දත් 32ම එලියට දාලා එයත් එක්ක හිනා උනා.

"Jia,ඔයා අද හවස class එකට එනවද?"

"මං.."

මං මහීට උත්තර දෙන්න හදද්දිම Tae අපේ මැද්දට brush එකකුත් අරන් skeleton පිහදාන්න ගත්තා.මේ මෝඩයාත් හොඳම වෙලාවටනේ ඉතිං කඩන්පාත් වෙන්නේ.

"Tae,ඔයාට මෙතන නෙවේනේ සුද්ද කරන්න තියෙන්නේ.ඇයි මෙහාට ආවේ?"

මං tae ගෙන් ඇහුවේ රහසින්.

"මං එතන සුද්ද කරලා ඉවරයි.ඔයාට උදව් කරන්න ආවේ."

එහෙම කියලා Tae එයාගේ පෙට්ටි හිනාවත් දාලා,කිසිම ගානත් නැතුව ආයෙත් පිහදාන්න ගත්තා.මං මහී දිහා බලන්න හැදුවත් Tae දඟල දඟල පිහදාන නිසා මට එයාව හරියට පෙනුනේ නෑ.

ටික වෙලාවකට පස්සේ මහී මගේ එහා පැත්තේ skeleton එක ලඟට ආවා.මං එයා දිහා බලලා කතා කරන්න යනකොටම ආයෙත් අර මෝඩයා අපේ මැද්දට ඇවිත් පිහදාන්න ගත්තා.

"Tae,මට මේක තනියම සුද්ද කරගන්න පුළුවන්.ඔයා යන්නකෝ දැන්."

ඒත් මෙයා මං කියන දේවල් ඇහුනේ නෑ වගේ කටත් උල් කරන් වැඩ.

"ට්‍රීං..ට්‍රීං.."

Period 02 ඉවරවෙලා bell එකත් ගැහුවා.මදැයි පොඩ්ඩක් මහී එක්ක කතා කරන්න හැදුවා.tae ඇවිත් ඒ්කත් කඩාකප්පල් කරානේ.ඇත්තමයි මේ මෝඩයා නම්..

******************************************

"Jia,අද sir call කරලා කිව්වා සර්ට ටිකක් අසනීප නිසා හවස class එක cancel කියලා."

මං පැයක් විතර අල්මාරියත් එක්ක ඔට්ටු වෙලා class යන්න ඇඳුමක් තෝරගෙන ලෑස්ති වෙලා පල්ලෙහාට එද්දී තමයි Tae අපේ ගෙදර ඇවිත් පනිවි⁣ඩේ දුන්නේ.

"අපරාදේ!මහී මට මොකක්ද දන්නේ නෑ කියන්න හිටියේ.sir ටත් වෙන දවසක් තිබ්බෙම නැද්ද අප්පා අසනීප වෙන්න."

To be continued...

************************************

Continue Reading

You'll Also Like

3.5K 101 11
what if Ben and Sanvi still find a reason to get closer?
2.3M 116K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1.4K 277 6
Best friends turned out to be lovers. (A birthday gift to Jin and my sister who are having their bdays on the same day) Kinda like a mini ff
7.5K 1.2K 10
I find my place In between your arms, In between your tender kisses And soft whispers of 'It will be alright', In between the warmth of your embrace...