සදනිකිණි

By Msfinks

606 50 250

ඔබ කෙසේ ද එසේ පවසන්නේ මා....... මා කෙසේ ද .....කෙසේ ද ...මා අනන්ථා කුමරිය වන්නේ ඔබ කුමක්ද මෙ පවසන්නේ ආයුශ අයි... More

හැදින්වීම
පළමු වෙළුම
දෙවනි වෙළුම
තෙවැනි වෙළුම
සිව්වන වෙළුම
පස් වන වෙළුම
සය වන වෙළුම
සත් වන වෙළුම
අට වන වෙළුම
දසවන ව්ළුම
එකොළොස්වන වෙළුම
දොළොස්වන වෙළුම
දහතුන්වන වෙළුම
දාහතරවැනි වෙළුම
පසළොස් වන වෙළුම
අවසන් වෙළුම
A/N
Special Chapter
A/N
Thank you

නව වන වෙළුම

17 1 2
By Msfinks

දෙවරක් නොසිතාම කුටියට පැමිණීමට අවසර ලබාදීම පිළිබද තමාටම දොස් නගාගමින් අඩ අදුරේම  සක්මන් කරමින් සිටි ඔහු හදිසියේ දුටු සුපුරුදු දසුනින් ඉද්දල ගැසූවාක් සේ නතර විය.

"ඔබතුමා කුමක්ද මෙහි සිදුකරන්නේ"

චන්ද්‍රකාන්තියෙන් නැහැවූ ශ්වේත වර්ණ හැදි සදදෙව්දුවක් තමා අභියස සිටින කළ කවර පුරුෂයාද සිහි නගාගත් හැක්කේ

" මා මෙහි මා

කිමද සිනා දෙන්නේ ඔබ

කිසිත් නොවේ

ලාදලු ලවන්
නීල තඹවන් නුවන්
සද දිය ගැලු වතන්
පෙනේ රූ සිරි සද අගනවන්"

නිකිණියන්ගේ සවනග රත්පැහැ විය. කෞමදී පුශ්පාකරනයෙන් අවට සුගන්ධවත්‍ ය. කොවුල් ජනයා මෙකී කෞමදී පුෂ්පයො දෙස ශෘංගාරාත්මක දෙනෙත් හෙලයි.
අඩ අදුරේම දෑස් රතඹර පරයමින් රතුවු දෑසැත්තෙකි. හේ වෛරයද කෝපයදෝ නොදනිති. සියහද තුළින් බුර බුරා නැගෙන්නා වූ කෝපය හා අහිමිවීමේ භීතිය පරයමින් හිමිකම් දක්වනු පිණිස කෞමදී කුසුම අනවසරෙන් සිපගත් හ.

"නුඹ

මෙහි එනු සදසාවි මේ මල් කොවුලා ඔබව වසගේට ගැනීමට තැත්කරයි

කුමක්ද?

කවුරුන්ද කොවුලා මෙහි කිසි කොවුලෙක් නොවේනේ

මොහු හැර අන්කවරෙක් ද

මේඝ ඔහුගේ නාමය..

කාලදේව කුමරුණි

ඔබ කුමක්ද මෙහි කරනුයේ රුද්‍රාක්ෂ

කු ...කු..මරුනි

නිකිණි මා ඔබට පැවසුවා මොහු මුසාපවසන වග

සිටිනු මුග්ධයො, ඔබ... එසේ නම් ඔබතුමා විභෂ්ණාවන්ගේ සැමියාද

මා......අ.....තවම නොවේ

එහෙත් භීෂ

එය මාගේ කුඩාකල ආමන්ත්‍රණය කලාක් පමණයි

ඇති ඔබේ මුසා බස් නිකිණි පිටවමු."

මේඝධරයන් සිය චන්ද්‍රිකාව රැගෙන පිටවනු බලා සිටි කාලදේවයන්, මේඝධරයන්ගේ ලාබාල ක්‍රියා හෙතුවෙන් හටගත් සිනාව සිත්සේ පිටකල හ. නමුත් අනේකාගේ දෑසනම් නිකිණියන් දිශාව බෑලූමෙන්මය.

"කුමක්ද ගැටලුව රුද්‍රාක්ෂ

එ ඇයයි

කවුරුන්ද

එකල මාගේ අක්ෂි නැසූ දැරිය

ඔබ පවසන්නේ නිකිණි අනන්තා වගද

එසේයි

එය විය නොහැකියි

නොවේ කුමරුනි මට එය සහතිකයි

රුද්‍රාක්ශ මා මාගේ කුඩාකල ප්‍රේමිය තවද සිහිනොවන්නා නොවේ නමුදු මේ ඇය නොවේ

නමුත් කුමරුනි

මේ ඇය නොවේ එපමනයි

එසේයි කුමරුනි"

සිසිගේ සවෞම්‍ය බව රාත්‍රිය සිසිල් කලද විභීෂගේ කුටියට නම් මොහොතකුදු එ සිසිලස නොදැනුනි. එය වෙනදා නුවූ තරම් උණුසුම් විය.

"ඔහු කෙසේද මගේ අවසරයකින් තොරව රාත්‍රියේ මා බලා ගැනීමට පැවසුවේ
දැන් මා කුමක් සිදුකරන්නද
මාගේ අවසානය
නිසැකවම ඉදින් අදත් රොන් උරයි කුමක් සිදුකරන්නද"

කවුරුන්හො කුටියේ ද්වාරය හරිනු ඇසෙත්ම විභීෂයන් ක්ෂනෙකින් සයනයේ ගුලිව දෑස් තදින් පියා ගත් හ.

"ඇසළ කුසුම ඔබ සැතපීද?"

"ඔහු කාටද මෙ ඇසළ කුසුමයයි බොලද බස් දොඩන්නෙ මුග්ධයා පෙන්නන්නම් මන් ඇසළ කුසුම්"

"ඔබට කෙසේද සමාවන්න ඉදින් ,මා  ද බොහො කලක් ඔබ වෙනුවෙන් බලාසිටියා,
දනිමි, ඔබ සැතපී නොමැති වග ඉදින් මාහට ශමා දුනි නම් වරක් මා දෙස බලන්න"

" මොහු මා නොසැතපී වග දැනගත්තෙ කසේද
කම්නොවෙ කම්නොවේ ඔ තවදුරටත් රැවටිය නොහේ"

"නැගීසිටින්න, මා ඔබට ඖෂධ රැගෙනා පැමිණියා. මදක් හිදින්න, මා උපකාරවන්නම්

භද්‍ර මා කුඩා දරුවකු නොවේ

දනිමි මා , ඔබ මගේ ඇසළ කුසුම

කෙසේද?..
ඔබ එයට අකමැතිද ශමාවන්න කුමරුණි"

වරදක් කල අයෙකුගේ මෙන් භද්‍රයන්ගේ දර්ශනය පොළොවට නැඹුරු විය. කෙතරම් කෝප ගත්තද දැන්නම් විභීෂයන්ද භද්‍රයන් කෙරෙ සෝක විය. සිය අභිමානය පසෙකලා බිමට  නැඹුරු වූ මුව ඔසවා භද්‍රයන්ගේ ලවන් මත සියුම් සිපියක් තැබීය. එකෙනෙහිම මෙතෙක් වේලා ශෝක බරව පැවති දෙනෙත් පුන්සද වටා දිළෙන තරු කැට මෙන් විය.

" මෙය පානය කරන්න

මෙ කුමක්ද

පැවසුවාණේ ඖෂධ

කුමටද මා සුවෙන්

එයත් එසේද රොන් ගැනීමට මල තැලුවායැයි නොපවසන්න ඉදින් "
විභීෂයන්ගේ සවනග රත්පැහැවිය. කවුරුන්ද සිතනුයේ ඔ මෙවැන්නක් අදහස් කල වග.

"ඖෂධ අමිහිරියි නේ
                  
එය නම් සත්‍යක් මා "

විභීෂයො සිය තොල උල් කරමින් මිහිරි යමක් ලබාදෙන තුරු බලා සිටියහ.

"ඇසළ කුසුම ඔබ මෙය පානය කලොත් ඔබට මිහිරි යමක් දෙන්නම්

ප්‍රථමෙන් මිහිරි දෙය"

ඔ සිතු ලෙසම විභීෂයන්ට ඖෂධ ලබාදීම මහාමේරුව තරණයටත් වඩා අපහසුවූවක්. මිහිරි යමක් දුන් විගස එය ප්‍රථමයෙන් ගෙන නැවතත් ඖෂධ ප්‍රතික්ෂේප කරයි. මෙය විභීෂයන්ගේ සාමාන්‍ය පුරුද්දකි. ඉදින් ඔ හට ඖෂධ ලබාදීමට කුඩා කල සිටම වෙදදුරන්ට සහ දාසියන්ට බොහො ප්‍රයත්න දැරීමට සිදුවිය.
විභීෂයන් පෙරමෙන්ම මිහිරි යමක් ලබාදෙන තුරු බාලා සිටියහ. නමුදු සිදුවූයේ අනෙකකි. ඔහුට ලබාදීමට ගෙනා ඖෂධ බදුන භද්‍ර විසින් හිස්කරහ. කුමක් සිදුවන්නේ දැයි සිතාගැනීමට නොහැකිව සිටි විභීෂයන්ගේ මුව ඇසිල්ලකින් ඖෂධයෙන් පිරිණි. කුමක් කරන්ද ගිලදමනවා හැර. ඉවත ලෑමට මුව විවර කිරීම කේසේනම් සිදුකරන්ද , භද්‍ර නැමැති බහිරවයාඑයට අදිගෘහිත වූ විට.

" ඈ....හ්...හ්ක්ක්ක්කා  හා... අමිහිරියි

ඖෂධ කෙදිනද මිහිරි වූයේ
ආ මෙය ආහාරයට ගන්න ඔබේ ප්‍රියතම අඹ"

විභිෂයන්ට මෙලොව ඇති ප්‍රියතම ආහාර අඹ ය. අඹ ලබාගැනීමට ඔහු ඔනෑම යමක් කිරීමට එකගවනු ඇත.
අඹ ගෙඩි කිහිපයකටම විභීෂයන්ට තනියම වගකීමට ඉඩ හල භද්‍රයො මෙම මිහිරි දසුන පසෙකට වී රසවින්ද හ.

" ඔබ අවසන්නම් සැතපෙමුද

එසෙයි"

"මදක් හිදින්න ඔහු පැවසුයේ සැතපෙමු කියායි එසේනම් ඔහුත් මාහා යහන්වදිනවාද? දෙවියනි දැන් කුමක් කරන්ද?"

"ඇසළ කුසුම
මාද ඖෂධ ගත් නිසා මටද මිහිරියමක් හිමිවිය යුතුයි නේ, මාහට නම් අවැසි මිහිරි ඇසළ කුසුමක් සිප ගැනීමට."

කුවුලු පියන් පත් අතරින් වැටී ඇති සද රැස් පානය කරමින් වැතිර සිටි ඇසළ කුසුමක් ගොනුස්සකු විසින් නාභිපරමාර්ශය කලහ.

"කාලදේව අයියණ්ඩි, ඔබට හැකිද වෙණ වැයුමට

එසේයි ඔබලා රුචි නම් මාහට හැකියි වැයීමට

කුමටද අරුචිවන්නේ පුතනුවනි

එසේ නම් මා වයන්නම්"

දාසියක විසින් ගෙන ආ වීණාවේ තත් එකින් එක සුසරකල කාලදේවයන් නායකීර් තතින් අරාම්භ කලහ.

"සිසි රැස සරි උවන
නා දලු පැහැ ලවන
නිල්වන් උපුල් වන
සද ලිය කෙසේ වනන"

මේඝධරයන් සිය සුපුරුදු රවෞද්‍ර බැල්මෙන් කාලදේවයන්ට සංග්‍රහ කලහ.

"සයුරු රැළි පරයන කෙහෙරැළි
ඉමිහිරි මුව ගෙනෙනෙ හසරැළි
නොපෙනේ වටෙහි පෙම් රැදි
බඹරු ඈ වෙත අරක්ගෙන ඇති"

විභෂ්ණාවන් සිය අනාගත ස්වාමියා විසින් සිය රූසිරි වර්ණනා කරන්නෙ යැයි සිතා ඔද වැඩුනහ.  සෙස්සන්ද එසේම සිතූහ. නමුදු සිදුවන්නා දෑ දැන සිටි මේඝධර සිය සද සාවි සැගවීමට වෙහෙසුනහ.

"මේඝය කිමද
සද සගවන්නට තැනුයේ
සැගවූන නමුදු
සද නැවතත් පැහැවන්නේ
කිසිලෙස නොහේ
මේඝ සද හා සමවන්නේ
කිමට ඉදින් සද හා තරගව ඉන්නේ"

සිදුවන්නා දෑ දැන්නම් මිථොද සිටුතුමන්ටද පැහැදිලිය. විභෂ්ණාවන් තමාගේ අභිමානය කෙලෙසමින් සිදු වූ දෑ පිලිබද කෝපයෙන් පුපුරමින් සිටියි. දැන්නම් ඔගෙන් නිකිණියන්ට ගැලවීමක් නොලැබෙනු ඇත.

"හා...හ් ඔබ කෙදින සිටද කුමරුණි නීච කුල ස්ත්‍රීන් වර්ණනහ කරනුයේ

අක්කණ්ඩි

සිටින්න දෙව්නා අප දන්නේ නෑ නේ ඈ කොහිසිට පැමිනියේද කියා

කුමරියනි,කුමරුවනි යමක් කීමට අවසරද

කුමක්ද ශාක්‍ය

මා හට එය ඔබලාට තනිව පැවසිය යුතුයි

එසේ නම් අප දෙදෙනා පිටව යන්නම්"

නිකිණියන් හා දෙව්නාවන් පිටව යනුදෙස බලා සිටි ශාක්‍ය (කාලදේවගේ ආරක්ශකයා) දිගු කතාවකට මුල පිරීය.

"මෙම නිකිනි කවුරුන්ද යනවග ඔබලා නොදන්නා හැඩයි"

මෙතෙක් වේලා සැගවූ නිකිණියන්ගේ තමා දන්නා රහස හෙලිවන වග දැනීමෙන්දො කාලදේවයන්ගේ දෑස් විසල් විය.
"කුමක්ද පවසන්නෙ ශාක්‍ය

මා සිතන්නෙ ඈ මියගිය නන්ද සෙනවිතුමන්ගේ දෙටු දියනිය
ඈ පමනයි එම පවුලෙන් ඉතිරි වූයේ ඈටද ශාප වැදීමෙන් මතකයෙන් කොටසක් අහිමිව තිබේ
ඈ පමණයි ඇගේ පරපුරින් ඉතිරි වූයේ

එයත් එසේද

එසේනම් ඈ ද කුලීනයෙකු හැඩයි නමුත් ඇගේ රූපය නම් ඊට ඔබින්නේ නොවේ

විභෂ්ණා වචන ප්‍රවේශමෙන්

කමාකරන්න පියාණනි

යලි මෙවන්නක් පැවසුවොත් බලාගමු
නන්ද මාගේ ද ප්‍රිය මිතුරෙක් එසේ නම් ඈගේ දියණියට මා වෙසෙසින් උපකාර කල යුතුයි

මාද සහායවන්නම් මිථොද පියාණනි"
කාලදේවයන්ගේ වචන ,විභ්ෂ්ණාවන්ගේ කෝපය වඩාත් තීව්‍ර කරන්නට විය.





ඔන්න කාලෙකින් චැපියක් ගෙනාවා තව සති දෙකකට ආයි එන්න වෙන්නෑ මට exam එක ඉවර උන ගමන් ඉක්මන්ට update දෙන්නම් එහෙනම් මන් ගියා බායී







Continue Reading

You'll Also Like

27.7K 3.7K 36
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
249K 48.2K 128
Title - Dangerous Personality Author - Mu Gua Huang MC- Xie Lin x Chi Qing Chapter 161 + 2 extras ထူးဆန်းသည့် ပြန်ပေးဆွဲမှုတစ်ခုအပြီးတွင် ချီချင်းတစ်...
7.9M 465K 48
Wang Li Xun, the Crown Prince, goes out hunting for the Celestial Flower to save his mother from a terminal illness. When he nearly dies from the att...
233K 8.3K 33
When Saian spy Cassalyn Diao stumbles upon a treacherous scheme too big for her to handle alone, she has no choice but to seek help from old allies...