vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔

By Kimrash1230

7.5K 1K 258

"කියපං! ඇයි මට බොරැ කරේ? ආා..? කියපං ඉතින්🤬" "ම..මං බොරැ කරේ නෑ ජ..ජංකුක් අනේ මාව විශ්වාස කරන්න මං ඔයාට ආදර... More

1st EPISODE
2nd EPISODE
3rd EPISODE
4th- EPISODE
5th -Episode
6th- Episode
7th- Episode
8th- Episode
9th- Episode
10th - Episode
Feedback ...
11th- Episode
12th - Episode
13th- Episode
14th Episode
15th -Episode
16th - Episode
17th - Episode
18th - Episode
A message ...
Final Episode pt1...

final episode pt2...

553 49 32
By Kimrash1230

"බො..බොස්.. ජේකේ...ජේකේ ආවා බොස්...!"

කොහෙදෝ ඉඳං හතිදාගෙන දුවගෙන ආපු ගාර්ඩ් කෙනෙක්... කකුලක් පිට කකුලක් දාගෙන නිදහසේ සිගරට් එකක් උරමින් උන්නු ඇලෙක්ස්ට කියද්දි... මිනිහගේ අතින්... එකපාරට සිගරට් එකත් බිමට වැටිලා ගියා... කවුද ඉතින් කලබල නොවෙන්නේ ඒ නම ඇහෙද්දි...?

"මොහ්...? ඇත්තද උබ කියන්නේ...? "

"ඔව් බොස්... ඌ ආවා..."

"ඌ තනියෙන්ද ඇවිත් හිටියේ...?"

"ඔව් බොස්.. ඌ තනියම ඇවිත් හිටියේ..."

"නියමයි...! ගොන් හු##නා.. මගේ වචනේ විශ්වාස කරන්න තරම් බූරැවෙක්ද ඌ..😌 එක්කං වරෙන් ඕකව.. "

"Ok boss !"

"ආහ්... අතඇරපං මාව..."

"ඒ..ඒ.. මොකද්ද තොපි ඔය කරන්නේ.. කොරියාවේ මාෆියා කින්ග්ට ඔහොමද සලකන්නේ ආහ්...?😌 කැත වැඩ කරන්නෙපා ... අතඇරපල්ලා.."

ගාර්ඩ්ලා දහදෙනෙක් විසින් අල්ලගෙන ඇරන් ආපු ජේකේව දැකපු ඇලෙක්ස් කිව්වේ නිකං කින්ඩියට වගේ...

"උබ කිව්වේ.. උබයි මායි විතරයි කියලනේ ඇලෙක්ස් ! "

"චච්..චච්..චච්... මාව විශ්වාස කරන්න තරම් උබ මෝඩයෙක්ද ජේකේ... ආශ්... මට හරි දුකයි බං උබ ගැන... "

"උබ මං ගැන දුක් වෙන්න ඕන්නෑ ප#යෝ..! බලාගනින් උබට මං කරන දේ.."

"ඒයි..මොනාද බලං ඉන්නේ ගහපං මුට.."

වටේම උන්නු ගාර්ඩ්ලට කෑ ගහලා ඇලෙක්ස් කියද්දි... කන්ටේනර් පෙට්ටිය අස්සේ උන්නු ගාර්ඩ්ලා විස්සක් විතර කැති පොරෝ අමෝරාගෙන කොල්ලා දිහාවට දුවගෙන ආවා...

"ආර්හ්... "

යකඩ පොල්ලක් උස්සන් ආපු එකෙක් කොල්ලගේ ඔලුවට ගහන්න ගියත්... බිමට නැමුනු කොල්ලා... පොල්ල අරගෙන අරෑගේ ඔලුවටම ගැහුවේ... වැදුණු පාරේ සැරට ඌ එහෙම්ම මැරිලා වැටෙද්දීයි....

"වරෙන්..."

ඇඟිලි දෙකකින්.. ඈතින් උන්නු ඇලෙක්ස්ගේ ගාර්ඩ්ලට එන්න කියපු කොල්ලා... ඒ දුවගෙන ආපු එකෙක්ගේ කකුල් දෙකෙන් උස්සලා පොළවේ ගැහුවේ අනික් එවුන් ටික තක්බීරී වෙලා යනකොටයි....

"මරපං ඕකව...!"

ජංගුක් තමන්ගේ ගාර්ඩ් ලව මර මරා ටිකෙන් ටික තමන් ලඟට කිට්ටු කරනවා දැකපු ඇලෙක්ස් කෑගැහුවේ..හිමින් හිමින් පිටිපස්සට යන ගමන්...

"පුලුවන්නම් මරපං..."

"ආහ්...."

යක්සාවේස වෙලා උන්නු කොල්ලා.. පිහියක් අතේ තියාගෙන තමන්ට ගහන්න ආපු එකෙක්ගේ අත අඹරෝලා අරගෙන උගේ බඩට ඇනලා... ඒ පිහියෙන්ම අනෙක් එකාගේ බෙල්ලට ඇනගෙන ඇනගෙන ගියේ... ඇලෙක්ස් දිහා බලාගෙනමයි...

"ඉතින්... මෙච්චරද උබගේ උන්ට කරන්න පුළුවන් ...? ආහ්.. ඇත්තමයි... කිසි විනෝදයක් නෑනේ..."

ඇස්දෙක වැහෙන්න වැටිලා තිබුනු කොන්ඩ කැරලි ටික පිටිපස්සට කරන ගමන් කිව්ව කොල්ලා... දුවගෙන ගිහින් ඇලෙක්ස් ගාවම හිටපු ගාර්ඩ්ලා දෙන්නගේ ඩික් එකට පයින් පාරක් ගහලා.. අනිත් එකාගේ ඔලුවත් එක්ක උගේ ඔලුවත් දඩස් ගාලා හප්පලා දැම්මේ උන් දෙන්නා එතනම සිහි නැතිව වැටෙනකොටයි...

"හාහ්... උබ හිතන්නේ උබ දිනුම් කියලද ආහ්... ඒයි වරෙල්ලා..."

වියරැ සිනහවක් නගමින් ඇලෙක්ස් හයියෙන් කෑ ගහද්දි.. හතර වටෙන්ම තුවක්කු, පොලු, පිහි අතේ තියාන ගාර්ඩ්ලා දෙසීයක් විතර කන්ටේනර් එක ඇතුලට ආවා...

"ඕහ්... ! මාව මරන්නද මෙච්චර ගොඩක්...?"

කොල්ලා කීවේ කට කොනකින් නෝන්ඩි හිනාවක් දානගමන් ඇලෙක්ස් දිහා බලලා....

"මොකද උබ බය වෙලාද 😏? "

"ආහ්.. අනියා...අපි සෙල්ලමක් කරමුද..?"

ඇඳන් උන්නු ඩෙනිම් කලිසමේ පිටිපස්ස සාක්කුවට අතක් දාපු කොල්ලා.. ඒකෙන් සිගරට් එකක් ඇදලා අරගෙන.. ඒක කටේ ගහං.. ඉස්සරහ සාක්කුවෙන් ලයිටරේ ඇරන්.. ඔලුව පාත් කරලා සිගරට් එක පත්තු කරගෙන ... කටේ තිබුණු දුම් ටික නහයෙන් නිදහස් කරන ගමන් ඇලෙක්ස්ගෙන් අහනකොට... එක ඇහිබැමක් උස්සගෙන මිනිහ කොල්ලා දිහා බලාගෙන උන්නේ කොල්ලා කියන කතාව තේරැන්නැති හන්දයි....

"ස්ස්ස්... තේරැන්නෑනේ... මං දන්නවා... මං දන්නවා... මෙහෙමයි...මං දැන් මැජික් එකක් කරන්නයි යන්නේ... මං තුනට ගනන් කරනකොට.. මේ ගාඩ්ලා සේරෝමලා මැරෙනවා..."

"මොකද... වලට පයක් තියාගෙන උබ විකාර කියවනවද ජේකේ..."

"මොකද කියන්නේ ... අපි මැජික් එක කරමුද ? "

"මැරෙන්න යන එකෙක්ගේ අන්තිම කැමැත්ත ඉටු නොකර මරලා දාන්න තරම් අමනුස්සයෙක් නෙමෙයි මම... හොඳයි එහෙනම්... කරමුකෝ බලන්න උබගේ මැජික් එක..."

පාච්චල් සහගතව කොල්ලට හිනාවෙවී ඇලෙක්ස් කියනකොට අනිත් ගාර්ඩ් ලත් කොක් හඬ දිදී කොල්ලට හිනාවෙන්න ගත්තේ... කිසි ගාණක් නැතුන්.. කොල්ලා තවත් සිගරට් උගුරැ කිහිපයක් නිදහසේ උරනකොටයි....

"හරි එහෙනම්... අපි පටන් ගමු..."

බිබී උන්නු සිගරට් කොටේ එහෙම්ම බිමට විසික් කරලා දාපු කොල්ලා.. කටේ තිබුණු අන්තිම දුම් ටිකත් නිදහස් කරලා දකුණු අත උස්සලා සුලැඟිල්ල දිග ඇරියා...

"හනා..."

ඊළඟට වෙදැඟිල්ල දිග ඇරියා...

"දුල්..."

ඊළඟට මැඳැගිල්ල ...

"සෙත්.... "

"Bang...."

කොල්ලා කිව්ව විතරයි... මහ වෙඩි වරැසාවකින් මුලු කන්ටේනර් එක පුරාම දෙදරලා ගියේ කවුරැත් නොහිතපු විදියටයි...

"Suprise... suprise....!"

සිද්ධ වුනු දේවල් වල අගක් මුලක් තේරැම් ගන්න බැරැන්.. ලේ ගොඩවල් වල වැතිරිලා උන්නු තමන්ගේ ගාර්ඩ් ලා දිහා බලාන උන්නු ඇලෙක්ස් දිහාවට අඩි තියන ගමන් ජංගුක් හෙමින් මිමිනුවේ.. කට කොනකින් හිනාවක් දාන ගමන්...

"මේ...මො...මොකද්ද... වුනේ...?"

"ඕහ්...! හිතාගන්න බැහැ නේද ම්ම්...? උන් මැරිලා... 😌"

"හ්ම්..හ්ම්... උබ හිතුවේ කපටි කම් කරන්න දන්නේ උබ විතරයි කියලද... ම්ම්..?"

"මොකද්ද උබ කි..කියන්නේ...?"

"අපේ පොඩි එකාව තනියෙන් එවයි කියලා උබ කොහොමද බල්ලෝ හිතුවේ ආහ්...?" (Yg)

"ආශ්.. බලපංකෝ නාකියට දාඩියත් දාලා... මේ අංකල්.. වයසේ තරම දැනගෙන පාඩුවේ හිටියනම් ඉවරයිනේ.. ඉල්ලන්නේ කන්නේ ඔයා... " (jh)

"මූ මොකද්ද මට එදා කිව්වේ... බල්ලන්ට වගේ වෙඩි තියනවා කිව්වේ... අපිට නෙමෙයි උබටයි අද බල්ලෙක් වගේ මැරිලා යන්න වෙන්නේ... " (tae)

"පව්..පව් ඉතින් ඔහොම නෝන්ඩි කරන්නෙපා... වයසක... මනුස්සයා...පව්.. (jk)

"එහාට පලයන්... ලඟට එන්නෙපා... වෙඩි තියනවා... "

"එ්යි.. ඒයි.. මොකද්ද ඔය කරන්නේ... දාපං ගන් එක බිම..."

"එහාට යමන් ජේකේ... මැරැම් කන්නෙපා... ආයුධ බිම දාපන්.... දාපං යකෝ...."

"Boys.... ගන් ටික බිම දාන්න...."

මැරිලා වැටිලා උන්නු ගාර්ඩ් කෙනෙක්ගේ ගන් එකක් ඇහිද ගත්තු ඇලෙක්ස්... ඒක කොල්ලෝ ටිකගේ පැත්තට දික් කරනකොට කොල්ලෝ ටිකත් කලබල වුනා.... මොකද ඉතිං ඇලෙක්ස් කියන්නේ ආයේ අමු පිස්සනේ... නිකං හරි ටිගර් එක ඇදලා දැම්මොත්වත්....?...

"යා... ඇලෙක්ස් මැරැමි කන්නැතුව ඕක බිම දාපං හු## "

ඒත් ජේකේ ගන් එක බිම දැම්මේ නැහැ... ඇලෙක්ස් කොල්ලට ගන් එක ඒම් කරද්දි.. කොල්ලා ඇලෙක්ස්ට ගන් එක ඒම් කරා....

"උබ පැනගන්නද හදන්නේ...? "

"ඔව් ඇයි උබ නවත්තන්නද...? "

"අනිවාරෙන්ම... මට තොගේ පස්සෙන් ගාටලා දැන් තිත්ත වෙලා තියෙන්නේ..."

"මගේ පාරෙන් අයින් වෙයන් ජේකේ... මට යන්න දීපං...."

"හීනෙන් කියවනවද උබ... ? "

"එහාට වෙයන් යකෝ...!"

Don 💥💥💥

"ආහ්..."

"ජිමිනා....!"

"හියුන්..."

ඇලෙක්ස්ගේ ගන් එකෙන් නිකුත් වෙච්චි උන්ඩයක්... ගිහින් නතර වුනේ ජිමින්ගේ උරහිසේ... වෙඩි සද්දෙට... හැමෝම ඒ පැත්ත බැලුවත්..කොල්ලා ඒ වෙනකොටත් හිටියේ බිම වැටිලයි...

"ජිමින්.. ජිමින්.. කතා කරන්න ඔයා ⁣හොඳින්ද? " (yg)

"ජිමිනි හියුන්... "

"යා... යා... මං හොඳින් යකෝ... අ..අරෑ පැනගත්තා.. ඌව අල්ලගනින්..."

වෙඩි වැදිලා ලේ ගලන අත තදකරගත්තු ජිමින්.. අනෙක් කොල්ලෝ ටිකට කෑ ගැහැවේ.. කොල්ලට වෙඩි තියලා ජංගුක් ගේ අවධානය වෙනස් කරගත්තු ඇලෙක්ස් එතනින් පැනගත්තු නිසයි... වෙඩි වැදුණු එක ජිමින්ට ඒ තරම් දෙයක් නෙමෙයි.. මොකද ජිමින් ඉහේ කෙස් ගානට මේ අවුරැදු කීපය තුල වෙඩි කාලා ඇති.. ඉතින් කොල්ලට තමන්ගේ අතට වඩා මේ වෙලේ ඇලෙක්ස්ව වටිනවා... මොකද ජංගුක් විතරක් නෙමෙයි තමන්ටත් ඕනි මේ තරම් තමන්ව වටේ යවපු ඇලෙක්ස් කාරයව මරලා දාන්න නිසා...

"ඒ.. සිරාවට ඌ ගිහින් යකෝ..." (jh)

"ජංගුක්... මේ පාර ඕකව අතරින්න බෑ... මට අව්ලක් නෑ.. උඹලා යමං... කිව්වාම යමන්..." (jm)

"චිමි.. ඔයාට ප්‍රශ්නයක් නැද්ද..?" (Yg)

"අනියා... ඔයා කුකි එක්ක යන්න යූන්.. මං හොඳින්..."

"ජංගුක්.. ! මං.. ජිමින් එක්ක ඉන්නම්.. ! ඔයාලා යන්න.. මගේ වාහනේ බෙහෙත් තියෙනවා.. මං එයාට බෙහෙත් කරන්නම්... !" (Jin)

"එහෙනම්.. අපි ඉක්මන්ට යමු.." (nj)

"යමං.."

කියලා.. ජිමින්ගේ පිටට තට්ටුවක් දාපු ජංගුක්.. ජින්ට ඇස්වලින් කොල්ලව බලාගන්න කියලා... අනික් කොල්ලෝ ටික එක්කං කන්ටේනර් එකෙන් එලියට ගියා....

"ජිමිනා..."

"හියුන්..."

"අපි වාහනේට යන්ද..?"

"ආ..හ් .. යන්න පුළුවන් වෙයිද දන්නෑ හියුන්... මගේ අත පැනලා.. ති..තියෙන්නේ..."

"ආයිෂ්...! ඉන්න එහෙනම්.. මං ඉක්මනින් බෙහෙත් ටික අරන් එන්නම්..."

"එපා හියුන්... යන්න එපා... අරෑගේ එවුන් තවම ඉන්නවා ඇති.. "

"මං ගාව ගන් එක තියෙනවා කොල්ලෝ... බය වෙන්නෙපා.. මං ඉක්මනින් එන්නම්... නැත්නම් bleed වෙලා ඔයාව faint වේවි..."

"හියුන්.. ඒත්..!"

"ශ්...ශ්.. මං ඉක්මනින් එනවා..."

************************************

"මිශිල්..."

"ම්ම්...?"

"ඔයාට විශ්වාසද මේ කරන වැඩේ ගැන?"

"ජීහුන්.. මේ බලන්න ..අපිට ආයෙත් හැරෙන්න බෑ... "

"ඒත් ජංගුක් ! ජංගුක් ඔයාව දැක්ක ගමන් ඔයාව මරලා දාවි මිශිල් ..."

"ඒක එහෙම වෙනවනම් කොච්චර හොඳද?.. මං එයාගේ අත් දෙකෙන්ම මැරිලා යනවා...."

"තමුසෙට පිස්සුද...? මාත් ඔයා එක්ක එනවා...."

"Plan එකම කන්නද ඕනි තමුසෙට ජීහූන් ? කියපු විදියට වැඩේ වෙනවා...මං කිව්වම ඔයා එන්න.. අරස්සෝ ? එතකං වාහනේට වෙලා ඉන්න.. "

"මිශිල්...! පරිස්සම් වෙන්න.."

කාර් එකේ කැබින් එක ඇරලා ගන් එක අරගත්තු කෙල්ල දිහා බලාගෙන ජීහූන් කියද්දි මොකුත් නොකීව කෙල්ල ඔලුව වැනුවා... කොල්ලට මිශිල්ව තනියෙන් යවන්න බයයි... ඒත් කෙල්ල දැනටමත් ඒක ප්‍රතික්ෂේප කරලයි තිබ්බේ... ඒ නිසාම කොල්ලට සිද්ධ වුනා වෙන දේ දිහා බලන් ඉන්න...

"ජින් ඔප්පා...??"

වටේම ඇලෙක්ස්ගේ ගාර්ඩ්ලා ඉන්නවා කෙල්ල දැක්කත් ඒ අයගෙන් කෙල්ලට බාධාවක් තිබුනේ නැහැ... මොකද හැමෝම කෙල්ලව දැනගෙන හිටිය නිසා... කෙල්ල දිගටම ඇවිදගෙන ගියත්.. හදිසියෙම කෙල්ලගේ කකුල් නතර වුනේ ඈතින් දැක්ක ජින්ගේ චායාවටයි... ඔව් ඒ ජින් තමයි.. කන්ටේනර් පෙට්ටි අතරට මුවා වෙවී එන කොල්ලා නම් කෙල්ලව දැක්කේ නෑ...

"නෑ.. එපා....!"

කෙල්ල හැදුවේ ඉක්මනින් ජින් ගාවට යන්න වුනත්... කෙල්ලගේ මුලු ඇඟම ගැහෙන්න ගත්තේ... කන්ටේනර් පෙට්ටියට මුවා වෙලා උන්නු ජින්ට පිටිපස්සෙන් එල්ල වෙලා තිබුනු ගන් එකටයි.... ඒ හිටියේ ඇලෙක්ස්ගේ ගාර්ඩ් කෙනෙක්... ඒ මිනිහා කෙලින්ම ගන් එක ඒම් කරලා තිබ්බේ ජින්ගේ ඔලුවටයි... තව තත්පර ගානකින්... ඒ බුලට් එක ඇවිත් නවතින්නේ කොල්ලගේ හිස් කබලේ....

"ජින් ඔප්පා....!"

ජින්ට පිටිපස්සෙන් හිටපු මිනිහට ඒම් එක ගන්න ගමන්..කෙල්ල හයියෙන් කෑ ගැහුවේ ජින්ගේ අවධානය ගන්නයි.. කෙල්ලට ඕනි නෑ ජින්ව මරන්න! මොකටද කෙල්ල එහෙම කරන්නේ?? ජංගුක් ළඟ හිටපු ටික දවසට උනත් කෙල්ලට දැනුනා කොල්ලෝ ටිකගේ බැඳිමේ ශක්තිමත් බව.. එක කුස උපන්න සහෝදරයෝ අතරවත් නැති බැඳීමක් කෙල්ල කොල්ලෝ ටිකගෙන් දැක්කා ඒ බැඳීම හීනෙන්වත් නැති කරලා දාන්න කෙල්ලට වුවමනා නැහැ. මොකද බැඳිමක වටිනාකම කෙල්ල හොඳට දන්න නිසා කෙල්ලට දැනෙන නිසා...

කෙල්ලගේ සද්දෙත් එක්ක කොල්ලා ඒ පැත්ත බැලුවත් එක්කම කෙල්ලව දැක්කා... ඒත් කෙල්ල අත දිග ඇරලා කොල්ලට එන්න එපා කියලා සන් කරපු එක නොතේරැනු කොල්ලා කෙල්ල ලඟට යන්න අඩියක් ඉස්සරහට තිබ්බා...

"මිශිල්!"

Don 💥💥💥

Don 💥💥💥

"ඔප්පාාා........"

කෙල්ලගේ ගන් එකෙන් නිකුත් වෙච්චි බුලට් එකක් අර මිනිහගේ නලල පසාරැ කරගෙන ගිහින් තිබුනත් අවාසනාවකට වගේ ඒ මිනිහගේ ගන් එකෙන් නිදහස් වුනු උන්ඩයක් ජින්ගේ ඔලුව පසාරැ කරගෙන ගිහින් තිබුනා...

කෙල්ල හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරැවයි.... තමන් තව තත්පරයක් ඉස්සරවුනා නම්...?? අනවසරයෙන්ම කඳුළු එක පොකුරට කඩා හැලෙද්දි... කෙල්ලට අඩියට දෙකට කොල්ලා ලඟට දිව්වේ... සමබරතාවයෙන් ගිලිහුනු කොල්ලා එහෙම්ම බිම වැටෙනකොටයි....

"ඔප්පා.... !"

"ඔප්පා.... අනේ... ඔප්පා...."

කෙල්ලගේ කටින් පිටවුනේ ඔච්චරයි...
වචන පවා අඟුල් වැටිලා... කෙල්ලට තාමත් හිතාගන්න බෑ මොකද්ද වුනේ කියලා...

"උ...උල්ජිමා මිශියා....!" (Dont cry)

"ඔප්පාාා..... අ..අනේ... "

"ම්ම්හ්... අ...අඩන්න... එපා පැ..පැටියෝ ... ඔ..ඔප්..පට.. රිදෙන්..නෑ..."

හෝ ගාලා ගලන ලේ අතරින් වුනත්... කොල්ලා කීවේ.. හීන් හිනාවක් තොල් අතරට ඇද ගනිමින්... ඒත් ඒ වචන වලින් කෙල්ලව සනසන්න පුළුවන් කමක් කොල්ලට තිබුනේ නැහැ...

"ඔප්පා... ඔප්පා.. එන්න අ..අපි යං... ම..මං ඔයාව එක්කං යන්නං...."

"දැ...දැන් වැඩක්.. වෙන්..නෑ.. මි..ශියා ... ඔ..ඔප්පාට ත..ව වැඩි ...වෙ..ලාවක්... න්..නැහැ...."

"නෑ.. ඔප්පා.. ඔ..ඔවාට බෑ.. එහෙම කරන්න අ..අපි.. ය...."

"ශ්ශ්... ම...මං දැ..නං හි..ටියා.. ඔ..ඔයා කු..කුකීට.. ඇ..ඇත්තටම ආදරේ ක..ර..නවා.. කියලා...."

කෙල්ලගේ කම්මුලක් මතින් අතක් තියපු ජින් එහෙම කියනකොට... කොල්ලගේ එ් අත තද කරලා අල්ල ගත්තු කෙල්ල කලින්ටත් වඩා හයියෙන් ඉකිතලන්න ගත්තා....

"ඔප්පා.. චෙබල්... මාව දාලා යන්න එලා.. අනේ... ඔප්පා...."

"ඔ..ඔප්..පා වෙනුවෙන් දෙ..දෙයක් ක..ර.නවද ?? "

කොල්ලා අහනකොට කෙල්ල අඬ අඬාම ඔලුව වැනුවේ කොල්ලගේ අත තවත් තද කරලා අල්ලගන්න ගමන්...

"ජ...ජංගුක්ව... ම..මං ල..ඟ..ට එක්..කන් එනව..ද්..? "

"හරි ඔප්පා....."

ක්ෂණිකව පිලිතුරැ දුන්නු කෙල්ල දුවගෙන ගියේ කොල්ලව හොයාගන්නයි...

************************************

Trin trin trin...

" ජූන් හියුන් කියන්න... අරෑව හොයාගත්තද....? " (jk)

"කු..කි...!"

"හියුන්... මො..මොකද වුනේ...? ඇයි අඬන්නේ... ? යා... හියුන් ඔයා හොඳින් නේද... කතා කරන්න...! "

"කුකියා.... ජි...ජින් හියුන්...."

"වේ... ජින් හියුන්ට මොකද... ? යා... හියුන් මොකද වුනේ කියපං...."

දඩස් 💥💥

Cl end........

"වේ..? ජංගුක් මොකද වුනේ"

කොල්ලගේ ලඟම උන්නු ටේ කොල්ලගෙන් එහෙම ඇහුවේ.. එකපාරට කොල්ලගේ අතින් phone එක අතඇරෙනවා දැකලයි... කොල්ලගේ අැස්වල කඳුළු පිරිලා... ඒවා ඉතිරිලා යනවා.... සාමාන්‍යයෙන් ජංගුක්ගේ ඇස්වලින් ඒ විදියට කඳුළු වැටෙනවා දැකලා නැති නිසාම ටේහියුනුත් කලබල වුනා....

"ඒයි ජංගුක් ...!"

තමන්වත් තල්ලු කරගෙන හයියෙන් දුවගෙන යන ජංගුක්ගේ පස්සෙන් කොල්ලත් හයියෙන් දුවගෙන ගියේ... එකපාරක් ඒ හිතට දැනුනු මූසල හැඟීම ආයෙත්... දැනෙන්න ගන්නකොටයි... කොල්ලා එක අතක් පපුවට තියලා තදකරගත්තේ... "ආයෙමත්.. ඒ වගේ කිසිම දෙයක්නම් වෙන්න එපා දෙවියනේ" කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන්....

"හියුන්.....!!"

ඔහේ ගලන කඳුළු අතරින් ජංගුක් දිව්වේ... නම්ජූන් එන්න කියපු තැනටයි... කොල්ලගේ මුලු ඇඟම ප්‍රාණ නිරැද්ධ වෙලා ගියේ... ජේහෝප්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන උන්නු ජින්ව දැකලයි.... කොල්ලගේ මුලු ඇඟම ලේ වලින් පෙඟිලා ගිහින්...

"හි...හියුන්...."

"කු...කුකි...!.. ම..මං හි..තු..වේ ම..මගේ ඇ..ඇස් දෙ..ක පියවෙන්න..ඉස්..සෙර.. මට ඔ..ඔයා..ව ද..දකින්න.. නො..ලැ...බේ..වි කි..යලා.."

"හි...හියුන්... අ..අනේ...මේ...⁣මො..මොක..ද්ද දෙයියනේ.. කරගත්තේ....??"

⁣හොබීගේ කකුල් දෙක මත තිබුනු කොල්ලගේ ලේ වෑහෙන හිස තමන්ගේ ඔඩොක්කුව මතට ගන්න ගමන් කොල්ලා කීවේ... මහ හයියෙන් අඬන ගමන්... හීනෙකින්වත් හිතුවද දෙවියනේ මේ වගේ දෙයක්...? විශේෂයෙන් ජින්ට..? කොල්ලෝ කාටත් මේ වෙච්චි දේ හිතාගන්න බැහැ... අඩුම හිතන්නෙවත් කොහොමද??

"යා.... පො..පොඩි එවු..න් වගේ... අ..අඩන ...එ..ක න..වත්තපල්ලා...."

කොල්ලගේ වටේම ඉදං කඳුළු පෙර පෙර අඬන අනෙක් කොල්ලෝ ටික දැක්කාම කොල්ලට දැනුනේ කියාගන්න බැරි වේදනාවක්.... ආයෙත්.. කවදාක්වත්...තමන්ට මේ පුංචි එවුන්ගේ විකාර වැඩ... බලන්න වෙන්නේ නෑ ... කොල්ලෝ ටික එක්ක එකට ඉන්න වෙන්නේ නෑ... කියන සිතිවිල්ල දැනෙනකොට... කොල්ලා කොහොමද යන්නේ...? අප්පා කෙනෙක් වගේ කොල්ලා මේ කොල්ලෝ ටිකව බලාගන්නේ.... ඉතින් කොහොමද....?...

"හියුන්.... අ..අපිව... දාලා යන්න එපා...."

"ම..මට.. දෙ..යක් පොරො..න්දු වෙන..වද කුකි...? ..."

"ඕනි දෙ..යක් හියුන්..."

" සූ...සූවයි... අපේ... චූටි පැටියවයි... බලාග..න්න.. පු..පුළුවන් ... නේ..ද කුකි...? ම..මං වෙනුවෙන්..."

"අ..අනේ... හියුන්.... මේ..මො..මොනාද... කියවන්නේ.... ඔ..ඔයා ඉන්නකොට...මං මොකටද එහෙම කරන්නේ....ඔයාට මොකුත් වේන්නෑ...."

ජංගුක් එහෙම කිව්වත්... කොල්ලා කලේ හිනාවුනු එක විතරයි....

"ම..මට... පොරො... න්දු වෙන්..න.."

"ම...මං පොරොන්දු වෙනවා... හියුන්...."

කොල්ලා කීවේ බිම බලාගෙන...

"ස්..සූට කි..කියන්න... ම..මං.. එ..එයාට ගො..ගොඩක් ආදරෙයි කියලා .... ඒ වගේම... ම..මග්ගේ.. පැ..ටියටත් කියන්න... එයාගේ... අ..ප්පා... එ..එයාට ආදරෙයි කියලා ...."

"හියුන්.....!"

"ජ....ජංගුක් ..මි..මිශිල් .... ආහ්...."

"ජින් හියුන්... අනේ... කතාකරන්නකෝ... හියුන්.. නෑ..නෑ.. හියුන් අනේ..."

ජංගුක්වත්, අනෙක් කොල්ලොන්වත් තවත් කොච්චර කෑගැහුවත් වැඩක් වුනේ නැහැ..එතනින් එහාට... ජින් තවත් වචනයක්වත් කතා කලේ නැහැ... කොල්ලා ගිහින්... ආයෙත් නෙයෙන්නම ගිහින්...

"හියුන් ආයේ කවදාවත් නැගිටින්නෑ කුකි.. අපි යමු...! (Jh)

"මං... පොරොන්දු වෙනවා හියුන්... සූ නූනව වගේම චූටියවත් මං බලාගන්වා... ඒ වගේම මං පොරොන්දු වෙනවා... හියුන්ව මේ විදියට මරලා දාපු ඒ ගෑනිවත් මං මගේ අත් දෙකෙන්ම මරලා දානවා කියලා..."

විවෘත වෙලා තිබුණු කොල්ලගේ ඇස් අත් දෙකෙන් වහලා දාපු කොල්ලා එතනින් නැගිට්ටේ දත්මිටි කාගෙනයි... කොල්ලගේ අතපය වල නහර ඉල්පිලා... ගන් එක ඉනෙන් ගහගෙන කොල්ලා ... බූට් එක අස්සෙන් ගත්තේ කිනිස්සක්... ඒ අර කිනිස්ස... යුංගි දුන්නු...

"ජංගුක්... උබ මොකද්ද කරන්න යන්නේ...? "( tae)

කොල්ලා කරන්න යන විනාසේ ඉව වැටුනු නිසාදෝ.. ටේ ඉක්මනින්ම කොල්ලගේ අතින් අල්ල ගත්තා... ජංගුක් කරන්න යන දේ... ඒක මහා විනාසයක්.. ජින්ව මැරැවේ මිශිල් නෙමෙයි.... ඒත් ජංගුක්ගේ මේ වැරදි වැටහීම් නිසා මේවා කොතනින් කොහොම කෙලවරවේවිද දන්නේ නැහැ...

"මං අර ගෑනිව අද අතඅරින්නේ නෑ හියුන්...! "

"ජංගුක් පිස්සු කෙලින්නෙපා... ඇලෙක්ස්ව මරන්නයි ආවේ..."

"ඇලෙක්ස්ට කලින් මං ඒකිවයි මරන්නේ...."

"උබට පිස්සුද...? ඒ උබ ආදරේ කරපු කෙල්ල.."

"කටවහපං... හු## මං ආදරේ කරපු කෙල්ල මැරිලා දැන් ගොඩක් කල්..."

"ජංගුක් ඔහොම නැවතියං...."

"එහාට වෙයන්...."

ටේ කොච්චර උත්සහ කරත්.. අද ජංගුක්ව තමන්ට නවත්තන්න බැරි බව කොල්ලා දන්නවා... ආයෙත් ජංගුක් කවුරැ කියන දේ අහන්නද..? ජංගුක් කියන දෙයක් ඇහුවනම්.. ඒ ඇහුවේ ජින් කියන දේ විතරයි... ආයෙත් කොල්ලා නැහැ... ජංගුක්ව නවත්තන්න ... ඉතින් ජංගුක්ව දැන් කවුරැ නවත්තන්නද?? ඒත් එහෙමයි කියලා නිකං බලන් ඉන්න බැහැ... කොල්ලගේ කේන්තියේ හැටියට කොල්ලා මොනා කරයිද කියලා ටේටවත් හිතා ගන්න බැහැ... ඒ නිසා කොල්ලත් ඉක්මන්ට ජංගුක් පස්සෙන් ගියා...

***********************************

"ජංගුක්... ඔයා කොහෙද...?"

"අනේ.. ජංගුක් ...ඔයා කොහෙද දෙයියනේ...? "

"මොකටද මාව හොයන්නේ...??"

පිටිපස්සෙන් ඇහුනු ඒ ගොරෝසු හඬට කෙල්ල ගැස්සිලා ගියා...

(Author - ළමයි මෙතන ඉදං අර ඔයාලා ලෑස්ති කරගත්තු සින්දුව අහන්න...)

"ජංගුක්....!!"

කෙල්ල බලං හිටියේ කොල්ලගේ දිහාම වුනත්... කොල්ලා බලං හිටියේ... කෙල්ලගේ අතේ තිබුනු... ගන් එක දිහයි...

"මගේ හියුන්ව මරලා දාපු ගන් එක..."

කොල්ලගේ හිත එහෙම කියනකොට... කොල්ලගේ කේන්තිය... තව තවත් වැඩි වෙන්න ගත්තා.... තමන්ගේ හියුන්ගේ.. ලස්සන අහිංසක මූන කොල්ලට මැවි මැවි පේන්න ගත්තා... තමන්ගේ අප්පා වගේ මෙච්චර කාලයක්... තමන්ගේ ලඟම උන්නු කොල්ලට
.... ⁣බල්ලෙක්ට වගේ වෙඩි තියලා තිබ්බා... කොල්ලා කො⁣හොමද ඉවසන්නේ...?.. තව දවසකින්... සූබොම්ගේ දරැ ප්‍රසූතිය .... තමන් මොකද්ද ඒ කෙල්ලට දෙන උත්තරේ...? ඒ කෙල්ල දරැ පැටියෙක් එක්ක මේ ලෝකේ තනිවෙනවා... ජංගුක්ට තමා ගැනම කලකිරැනා.... මේ නිසයි.. කොල්ලා කොල්ලෝ ටික නැතුව තනියෙන් එන්න හැදුවේ.... ඒත් කොල්ලෝ ටිකමයි.. ඒක ප්‍රතික්ෂේප කලේ... දැන් තමන්ගේ පව් වලට කරගහන්න වුනේ.. අර අසරණ කොල්ලටයි...

"ජංගුක්... අ..අනේ ජින් ඔප්පා...."

අතේ තිබුනු ගන් එක විසි කරලා දාපු කෙල්ල දුවගෙන ඇවිත් කොල්ලව තද කරලා බදාගත්තේ...හොඳටම අඬන ගමන්... කෙල්ලගේ මේ ප්‍රතිචාරයත් එක්ක... කොල්ලගේ හදවතත් වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තේ ඇයි කියලා... කොල්ලට හිතාගන්න බැරි වුනා... ඒ ආද⁣රයටද...නැත්නම් වෛරයටද...? ඒක කොල්ලටම හිතාගන්න බැරි ප්‍රෙහෙලිකාවක්.... කොල්ලා අත්දෙකත්... දිගඇරගෙනම කල්පනා කලේ ඒක...

"අ..අනේ මට සමාවෙන්න ජංගුක් ... ම..මට ඔප්පව බේරගන්න බැරි වුනා..."

කෙල්ල ඉකිබිදුම අස්සෙම මුමුනද්දි ..කොල්ලව ගැහෙන්න ගත්තා... බේරගන්න බැරිවුනා...?? ඒක මොනවගේ උත්තරයක්ද..? ජින්ව මරලා දැම්මේ කෙල්ල... ඒක තමයි ජංගුක් හිතන් ඉන්න විදිහ... ඉතින් කොල්ලා වැරදියි කියන්න බැහැ.... කොල්ලා පසුතැවෙනවා ..තමන් ගැනම... ආදරේ නිසා... තවත් නැතිවෙන්න දෙයක් තමන්ට තියෙනවද කියලා කොල්ලා කල්පනා කලා... කොල්ලට දැනෙනවා.. කෙල්ලගේ ඇස්වලින් වැටෙන කඳුළු වලට තමන්ගේ උරහිස තෙත් වෙලා යන විදිහ... ඒත් කෙල්ලගේ ඔලුව අතගාලා අඬන්න එපා... මං ඉන්නවනේ... කියලා.. ඒ කඳුළු පිහිදාන්න විදියක් අද කොල්ලට නැහැ... මේ වැරැද්ද අද නිවැරදි කරන්නම වෙනවා...

"ඇයි මගේ හියුන්ව මැරැවේ...? "

"මොකක්ද....?"

ජංගුක්ගේ වචන එක්ක ..ඒ උරිස්ස අස්සේ මූන හංගං උන්නු කෙල්ල ගැස්සිලා ගියා... මොකද්ද කොල්ලා ඒ අහපු ප්‍රශ්නේ...?

"ඇයි එයාව මැරැවේ...?"

කොල්ලගේ මූන... තමන් කවදාකවත් දැකලා නැති තරමට වෙනස් වෙලා... ඒ ඇස් රතු පාටින් දිලිසෙනවා... ඒ කේන්තියට... ඒක නොපෙනෙන්න විදිහක් නැහැ කෙල්ලට...

"මං තමුන්ට ඇත්තටම ආදරේ කලා මිශිල් .... මං ඇත්තටම ආදරේ කලා... ඒත්...ඒත්... තමුන් මාව රැවැට්ටුවා... මං විතරක් ඔයාට ආදරේ කරද්දී .. ඔයා මගේ ආද⁣රේ විහිලුවට ගත්තා... අර අහිංසක කෙල්ලව මරලා දැම්මා විතරක් නෙමෙයි... මාවත්.... මාවත් මරලා දාන්නයි තමුන් හැදුවේ... ඒත්.. මං සමාව දුන්නා ... මොකද දවසක් හරි මං තමුන්ට ආද⁣රේ කරපු නිසා... මට බැහැ.. තමුසෙට අතක්වත් උස්සන්න... මට බැහැ මගේ ගන් එකෙන් තමුසෙට වෙඩි තියලා ඒ දිහා බලන් ඉන්න... ඒත්... අද .. අද තමුසේ කරපු දේ... මං කොහොමද ඉවසන් ඒ දිහා බලන් ඉන්නේ ආහ්..?? තමුසේ හිතක් පපුවක් නැතුව කොහොමද ඒ කොල්ලට එහෙම වෙඩි තියලා දැම්මේ... ඔප්පා ඔප්පා ගගා ඉදලා... ? දන්නවද හියුන් තමුසෙට කොච්චර ආදරේයිද කියලා...? එයා අපිටත් වඩා තමුසේ ගැන හොයලා බැලුවා....එයා බය වුනා... මං අනික් කෙල්ලොන්ව වගේ තමුසෙවත්... නිකං සෙල්ලම් බඩුවක් ගානට ගනීවි කියලා.... එයා සතුටු වුනා.. මං පලවෙනිපාරට කෙල්ලෙකුට ඇත්තටම ආදරෙයි කියලා දැනගත්තම... හියුන් තමුසෙට සැලකුවේ එයාගෙම නංගිට වගේ ඒත් උබ.... උබ මහා ජරා ගෑනියෙක්... උබ නිකමටවත් හිතුවද... හියුන්ව මරලා දැම්මාම.. සූබොම් නූනටයි... අර නොයිපදුනු කිරි සප්පයටයි වෙන දේ ගැන...ආා උබ හිතුවද ..? කොහේ හිතන්නද නේද...? උබට හදවතක් තියෙන්න එපැයි එහෙම කරන්න... සල්ලි වලට ආදරේ වුනත් කරන්න පුළුවන් ගෑනියෙක්නේ උබ... උබට කොහෙන්ද... බැඳීම් වල වටිනාකමක් දැනෙන්නේ...?

ජංගුක්ගේ වචන වලට කෙල්ල දෙන උත්තරේ මොකද්ද...? උත්තර වෙනුවට කෙල්ලගේ ඇස්වලින්.. නොකඩවා කදුලුවැල් නම් ගලාගෙන ආවා... ජංගුක් හැමදේම මුල ඉදංම වැරදියටයි වටහාගෙන තියෙන්නේ...ඒත් දැන් කෙල්ලට පුළුවන්කමක් නැහැ.. ඒ වැරදි නිවැරදි කරන්න... කොතනින් පටන් ගන්නද...? කොතනින් ඉවර කරන්නද..? ඒකට දැන් කොහොමත් වෙලා නැහැ... කෙල්ලට හිතෙන්න ඇති නිහඬබව වඩාත් හොඳයි කියලා... සමහර ප්‍රශ්නවලට උත්තර නැති වෙනකොට... නිහඬතාවය හැමදේටම වඩා වැදගත් වුනා.... ඉතින් උත්තරයක් හිතා ගන්න බැරි මේ ප්‍රශ්නෙදිත්... කෙල්ල නිහඬතාවම තෝරගන්න ඇත්තේ ඒකයි..

"මේ හැමදේම දැන් ඇති.. මිශිල් ... අපි මේ හැමදේම අදින් නතර කරලා දාමු... හැමදේම !"

මෙච්චර වෙලා ඇස් අතර හිරකරන් උන්නු කඳුළු වලට රිසි සේ ගලායන්න ඉඩ දුන්නු ජංගුක් කීවේ.. කෙල්ලගේ කොපුලක් මතින් සිනිඳුවට ඇඟිල්ලක් එහෙමෙහෙ ගෙනියන ගමන් ... කොල්ලා බලං හිටියේ කෙල්ලගේ පොපියන රතු දෙතොල් දිහයි.... කාලෙකට කලින් තමන්ගේ වෙලා තිබුනු ඒ දෙතොල් දිහායි... අදින් පස්සේ සදහටම තමන්ගේ නොවන ඒ දෙතොල් දිහයි... ඒ සිතිවිල්ලත් එක්කම... ආයේ ආයෙත් කඳුළු වේගවත් වෙද්දි... එක අතක්.. කෙල්ලගේ ඉන අතරින් අරන් ගියපු කොල්ලා... ඒ දෙතොල් වලට පහත් වුනා....

මාස ගාණක්... නොලැබුණු.. ඒ හාදුව මගඅරින්න වුවමනාවක්... මිශිල්ට තිබුනේ නැහැ... ඒ දෙතොල් අත් හරින්න වුවමනාවක් ජංගුක්ට තිබුනෙත් නැහැ...
සිව්කොපුලෙම පැටලි පැටලි.. දෙතොල් අතරින් පහලට කඳුළු ගලාගෙන ගියේ... මේ මොහොතේ ආදරණීය වගේම... සෝචනීය බවත්.. ඔවුන් දෙදෙනාටම ආයෙ ආයෙත් මතක් කරමින්... මොහොතින් මොහොත කාලය ගතවුනත්.... ඈත්වෙන්න වුවමනාවක් ඔවුන්ට තිබුනේ නැහැ... විටින් විට දෙතොල් මාරැ කරගන්න ගමන්ම... දෑස් පියාගෙන ඔවුන් හිටියේ ඔවුන්ගෙම ලෝකෙක....

"ආහ්...."

හාදුව අතරින්ම මිශිල් කෙඳිරි ගෑවේ ... ජංගුක් තමන්ගේ තොල් සියුම්ව හපපු නිසා නෙමෙයි... තමන්ගේ යටිබඩින් දැනුනු... දැඩි වේදනාවටයි...කෙල්ලගේ ඇස් නිරායාසයෙන්ම ඇරැනේ .. ඒ දැනුනු වේදනාවට... වේදනාව මොකක්දෝ කියලා අඳුරගන්න කෙල්ලට බැරිවුනේ නැහැ... තියුණු ... තුඩකින්... බඩ ඉරාගෙන ඇතුලට ගියේ.. පිහියක් කියලා කෙල්ලට හොඳින්ම දැනුනා... කෙල්ල ඇස් ඇරියා... ඒ ඇස්වලින්... කඳුළු හරි හරියට පහලට වැටුණේ... වේදනාවට වෙන්න ඇති... කෙල්ල බැලුවේ ජංගුක් දිහා... ඒ ඇස්වලින් ඊටත් වඩා කඳුළු ගලනවා.... ඒ කඳුළු ඇත්තම කඳුළුද... නැත්නම්.. මොර සූරන වැස්ස නිසා ඇස්වලින් වැටෙන වතුරද කියලා හිතාගන්න කෙල්ලට බරිවුනා...

"ම...මට ස...සමාවෙන්න..."

කෙල්ලගේ නලල මතින් තමන්ගේ නලල තියාගත්තු කොල්ලා කිව්වේ... කෙල්ලගේ ඇස්වලින් වැටෙන කඳුළු පිහිදන ගමන්... ඒත් කෙල්ල මොකුත් නොකියම ඒ ඇස් දිහා බලන් හිටියා... කෙල්ලට පේනවා කොල්ලගේ ඇඟ ගැස්සෙන හැටි... ඔව් කොල්ලා අඬනවා... මේකද එතකොට ඒ හැමදේම නවත්තමු කියලා කියපු වචන ටිකේ තේරැම...?

ජංගුක් ගෙන් ඈත්වුනු කෙල්ල බැලුවේ තමන්ගේ බඩ දිහා...ආදරේ නාමෙන් ජංගුක්ගෙන් ලැබුණු තෑග්ග දිහා කෙල්ල බලං හිටියා.... කිනිසි තුඩ මේ වෙනකොටත්... කෙල්ලගේ ඇගේ අභ්‍යන්තරයම ආක්‍රමණය කරලා ඉවරයි... කෙල්ලට දැනුනා... ආදරේ වේදනාව... තමන් ආදරේ කරන කෙනාගේ අතින්ම තමන් මැරෙන්න යනකොට දැනෙන ඒ වේදනාව... ඒ හැඟීම අඩුවක් නැතුවම කෙල්ලට දැනෙන්න ගත්තා... කෙල්ලට දැනුනා.. බඩ පසාරැ කරගෙන ගිය කිනිසි තුඩේ විෂ මුලු ශරීරයම පුලුස්සගෙන පැතිරෙන විදිහ....

"ඔයාට...ඔයාට මේකෙන් අනින්න තිබ්බේ මගේ බඩට නෙමෙයි ජංගුක් ... එකපාරම මගේ පපුවට...! "

වේදනාව අමතක කරපු කෙල්ල කෑගැහුවේ... අත්දෙකෙන්ම තද කරලා.. කිනිස්ස අල්ලගෙන.... කෙල්ලගේ කටිනුත්.. ලේ පෙරෙනවා... ඒත් ජංගුක්ගේ ඇස් 'මට සමාවෙන්න ' ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්න තිබුනේ නැහැ...

"ඇයි මගේ හියුන්ව මැරැවේ... ඇයි...?"

කොල්ලා ඇහුවේ බිම දනගමන ගමන්
අත්දෙකෙන්ම තමන්ගේ කොන්ඩේ ඇදගන්න ගමන්...කෙල්ලට එච්චර දුකයි නම්.. ජංගුක් කොච්චර දුක් වෙන්න ඕනිද...? තමන් පන වගේ ආදරේ කරන කෙල්ලව තමන්ගේ අත් දෙකෙන්ම මරලා දාන්න තරම් ජංගුක් හිත හදාගන්නේ කොහොමද...? ජංගුක්ට එහෙම නොකර ඉන්න තිබුනා.. ජින්ව මැරැවේ මිශිල් නෙමෙයි කියන සිතිවිල්ල තමන්ගේ හිතට කා නොවැදුනානම්...ඒත් දැන් පරක්කු වැඩියි.. ජංගුක්ගේ හිත... ඒක නොපිලිගන්න මැලි වෙන්නේ නැහැ... අවසානෙදි.. ජංගුක් ඒක තෝරගත්තා... අාදරෙනුයි... වෛරයෙනුයි... ජංගුක් වෛරය තෝරගත්තා... ජංගුක් ආදරයවෙනුවෙන් ආත්මාර්ථකාමි නොවී.. ජින් වෙනුවෙන් පරාර්ථකාමී වුනා.... අද ඊයෙක හම්බුනු ආදරේට වඩා අවුරැදු දහයක් විස්සක් තිස්සේ තමන්ව රැකබලාගත්තු හැමදේකටම හෙවනැල්ල වගේ පස්සෙන් උන්නු හියුන්... නෑ... අප්පා... ඒ අප්පව ජංගුක්ට වටිනවා... අනෙක් හැමදේකටම වඩා... ඔව්... ඉතින් කොල්ලට එහෙම කරන්න පුළුවන් ... ඒත්... ඒ වේදනාව ජංගුක්ට දරාගන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නයක්.... නියපටකින් වත් සීරීමක් නොකර ආදරේ කරපු කෙල්ලව... කිනිස්සකින් ඇනලා මරලා දාන එක කොල්ලට උහුලගන්න පුළුවන්ද? තමන්ගේ ආදරේ තමන්ම අමු අමුවේ මරලා දාපු එක .... ඇස් පනාපිටම?? ජංගුක් දුක්වේවි... මුලු ජීවිත කාලෙම... ජංගුක් සමහරවිට ... තමන්ගේ පැත්තෙන් සාධාරණයි කියලා උපකල්පනය කරනවා වෙන්න පුළුවන් ... ඒත් සැබෑ අසාධාරණයෙන්... ජීව්තයෙන් වන්දි ගෙවන්න වෙන මිශිල්ට මොකද වෙන්නේ එතකොට...? ජංගුක් ඒ ඇත්ත දැනගත්තනම්....?

"ම..මං.. මැ..මැරෙන්න බය නැහැ... ඔයාගේ අත්දෙකෙන්ම මැරෙන්න වෙන එකගැන මට සතුටුයි ජංගුක් ...! ඒත් ඔයා මතක තියාගන්න.. මං ඔයාට හැමදාමත් ආදරේ කරා කියන එක... ඔයා සතුටින් ඉන්න ඕනි ජංගුක් ... මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි... මං ඔ..ඔයාට ආදරෙයි....!"

"බොරැ ...බොරැ... බොරැ... තවත් බොරැ කියන්නෙපා... උබ කවදාවත් මට ආදරේ කලේ නැහැ... කවදාවත්ම... මං පසුතැවෙනවා ...හැමදෙයක් ගැනම...එදා ශෝ එක දවසෙදි.. උබ මට කවදාවත් හම්බුනේ නැත්නම්.. මගේ ජීවිතේ මේ තරම් කාලකන්නි වෙන්නේ නැහැ... මං ඒ හැමදේටම වෛර කරනවා... ඒ අතීතයට මං ගොඩාක් වෛර කරනවා... උබ එක්ක ගෙවුණු ඒ හැම දවසකටම ... හැම මොහොතකටම... මං හැමදාමත් වෛර කරනවා.... ආයෙත්... ආයෙත් උබ මගේ ජීවිතේට කවදාවත් එන්නේ නැහැ... අදින් පස්සේ..."

"ආයෙත් කිසිම ආත්මෙක මගේ ඇස් ඉස්සරහටවත් එන්න එපා .... මං උබට වෛර කරනවා ..."

"ඒත් මං ඔයාට ආදරෙයි ජංගුක් !"

බිම වැටිලා ඉඳපු කෙල්ලගේ කම්මුල් තද කරලා කියපු කොල්ලා එතනින් නැගිටලා යන්න ගියේ... කෙල්ල කිව්ව වචන නෑහුන ගානටයි.... කොල්ලා ප්‍රාර්ථනා කරපු විදියටම.. ආයෙත් කවදාවත්... කෙල්ලව හමුනොවේවි.. තව විනාඩි හතලිස්පහකින්... මිශිල් සදහටම සමුගනීවි...

"ලී..! "

"සර්..? "

"මැඩම්.. තාමත් කතාකරේ නෑනේ ලී... මොකුත් ප්‍රශ්නයක්වත් වෙලාද දන්නේ නෑ... "

"අපි යන්ද සර්...? "

"ඔව් අපි යං ටීම් වල අයව කන්ටැක් කරගන්න .. මට වෝකිටෝකි එක දෙන්න.."

"ආ.. සර්.."

"ටීම්... වන්.."

"සර්...!"

"වෙපන්ස් ස්ටෑන්ඩ් බයි...! වී ගොන්න ඇටෑක් ...!"

"Yes sir...!"

"ටීම් ටූ..."

"සර්..."

"ස්ටෑන්ඩ්බයි..."

"Ok sir..!"

"ටීම් වන්... ඔයාලා.. පෝට් එකේ.. දකුණු පැත්තෙන් යන්න.. එතකොට ටීම් ටූ.. ඔයාලා උතුරැ පැත්තෙන් යන්න..මතක තියාගන්න... අද කො⁣හොමවත් ඇලෙක්ස් පැනගන්න බෑ.. අරස්සෝ ?.. උගේ ගාර්ඩ්ලා ඔයාලව දැක්කොත්... දන්නවනේ කරන්න ඕනි දේ..? Take the shot !"

"Ok sir"

"Ok let's move..."

***********************************

"⁣හායි ජේකේ... මාව වෙන්නැති හොයන්නේ නේද...😌? "

තුවක්කුවත්.. උඩට උස්සගෙන වටපිට බල බලා ආපු ජංගුක් ගැස්සිලා පිටිපස්ස හැරැනේ... තමන් මෙච්චර වෙලා හොයපු එකාගේ හඬ ඇහෙනකොටයි... මෑන් හිටියේ ජයග්‍රාහී හිනාවක් දාගෙන තවත් මිනිස්සු පහලවක් විතර පිරිවරාගෙන ...

"ඔව් උබව තමා හෙව්වේ..."

"එදා උබට ඉවර කරන්න බැරිවුනු දේ අද ඉවරයක් කරලා දාමු..."

"ඒක අපිට කලින් වුනත් ..කරන්න තිබුනා.. උබ බයේ පැනලා නොගියනම්..."

"කවුද පැනලා ගියේ යකෝ...?"

"හහ් අනේ මේ බයිලා ගහන්නැතුව වරෙන් බං..."

කොල්ලා කීවේ කේන්තියේ උපරිමේටම ඇවිත්...

"යමල්ලා..."

ඇලෙක්ස් කියනකොට මිනිහගේ වටේ උන්නු ගාර්ඩ්ලා ටික කොල්ලගේ පැත්තට දුවගෙන ආවා...

Don

Don

Don 💥💥💥

එකවේගෙට කන්පිපිරෙන තරම් සද්දෙන්...ඇහුනු වෙඩි පාරට ඇස් තද කරලා පියාගත්තු ඇලෙක්ස් ආයෙත් ඇස් ඇරියේ වෙඩි සද්දේ නතරවෙනකොටයි... ඇස් ඇරපු මිනිහා ගැස්සිලා ගියේ... තමන්ගේ වටේ වැටිලා උන්නු ගාර්ඩ්ලා ටික වගේම තමන්ට තුවක්කුව එල්ල කරන් උන්නු ⁣ජංගුක්ව දැකලයි...

"ගුඩ් බායි ඇලෙක්ස්... !"

Bang!

"ආශ්.."

"හූ... මොකද බුලට් ඉවර වෙලාද...?😌"

"උබව මරන්න මට බුලට් ඕන්නෑ යකෝ..."

"ආර්හ්!"

දුවගෙන ගියපු ඇලෙක්ස් අත මිට මොලෝලා පාරක් ජංගුක්ගේ මූනට එල්ල කරත්... ඒ පහර ගැන අවධානයෙන් උන්නු කොල්ලා නැමිලා ඒ පාර මගැර ගත්තා....

ඊලඟ අවස්ථාව කොල්ලගේ....

නැමුනු පාරම ආපිට හැරැනු කොල්ලා.. කකුල උස්සලා ඇලෙක්ස්ගේ බඩට පහරක් එල්ල කරනකොට ඒ ගැන අවබෝධයක් නොතිබුණු ඇලෙක්ස්.. වීසි වෙලා ගිහින් කන්ටේනර් පෙට්ටියක වැදුණා...

"ආහ්..."

"පරයා.. තොට මං...!"

දඩස්...

"ආහ්..."

ජංගුක් මිනිහට ගහන්න ගියත්... කොල්ලගේ අත අල්ලගත්තු ඇලෙක්ස් කොල්ලව කන්ටේනර් එකට හේත්තු කරලා කොල්⁣ලගේ මූනට ගහගෙන ගහගෙන ගියා....කොල්ලා අතකින් මූන කවර් කරගත්තත්... වැඩක් වුනේ නෑ... ඒ වෙනකොටත් කොල්ලගේ තොල් පැලෙන්න පාරවල් වැදිලා තිබුනා....

"නවත්තපං... ප#යෝ..."

ඇලෙක්ස්ගේ ඩික් එකට කොල්ලා හයියෙන් පයින් පාරක් ගහද්දි වේදනාවට ඌ එහෙම්ම බිම වැටෙනකොට... කොල්ලා උගේ ඇඟ උඩ නැගලා... උගේ මූනට ගහගෙන ගහගෙන ගියත්... ආපිට කොල්ලව පෙරලගත්තු ඇලෙක්ස් කොල්ලගේ කොන්ඩෙන් ඇදලා පපුවට හයියෙන් හයියෙන් ගැහුවේ... තමන්ගේ ඉනේ තිබුනු ගන් එක ඇදලා කොල්ලගේ ඔලුවට තියන ගමන්....

"ලෑස්ති වෙයන් ජේකේ.. උබේ මාරයා ලඟට යන්න..."

කොල්ලා හෙලවෙන්නෙවත් නැතුව එහෙමම හිටියේ... තවත් ටික වෙලාවකින්... ඒ උන්ඩේ කොල්ලගේ ඔලුව පසාරැ කරගෙන යන නිසයි... කොල්ලට සතුටුයි... අන්තිමේදි කොල්ලට පුළුවන් කෙල්ල ගාවටම යන්න... දිට්ට ධම්මවේදනීය කර්ම පඩිසන් දෙන බව අමතකනිසා වෙන්න ඇති කොල්ලා මිශිල්ව මරලා දැම්මේ... ඒත්.. දැන් තමන්ටත් සිද්ධ වෙන්න යන්නේ... ඒකමයි කියලා දැනෙද්දි කොල්ලා පරක්කු වැඩියි... ජේකේ මේ පාරත් අසාර්ථකයි.. එහෙමද...?

කොල්ලා අත් දෙක තද කරගත්තේ.. ඇලෙක්ස් ගන් එක ලෝඩ් කරලා ටිගර් එක අදිනවත් එක්කමයි....

Don 💥💥💥

"ඒයි... අත් උස්සපං...! "

කොල්ලා බලාපොරොත්තු වුනේ ඔලුව හාරගෙන යන්න උන්ඩයක් වුනත්... වෙඩි සද්දෙත් එක්ක නිදහස් වුනු උන්ඩයක් ඇවිත් නතරවුනේ... තමන්ගේ ළඟ නෙමෙයි... ඇලෙක්ස්ගේ ඇඟේ...! මොකක්? සිද්ද වෙච්චි දේ හිතාගන්න බැරැව කොල්ලා හිටපු තැනින් නැගිටිනකොට තමා කොල්ලා දැක්කේ... වටේන්ම ගන් ඒම් කරන් උන්නු NIS Officers ලව... ඔව් කොල්ලට අපහසුවුනේ නැහැ ඒ අයව අඳුනගන්න...

"කිව්වාම අත් උස්සපං මිනිහෝ...! "

ආයෙත් පාරක් ගන් එක ඒම් කරලා ඒ එක කෙනෙක් කියද්දි... බිම වැටිලා උන්නු ඇලෙක්ස් එක පාරට අත් ඉස්සුවා... ඇලෙක්ස් විතරක් නෙමෙයි ඒ ළඟ උන්නු ජංගුකුත් අත් ඉස්සුවා..

"තමුන් ඒ මරන්න ගියේ කීවෙනි මනුස්සයාවද විල්සන් ඇලෙක්ස්...?"

තනි කලුපාටින් සැරසිලා උන්නු officersලා අතරින් කියාගෙන ආපු එක officer කෙනෙක් එහෙම කියලා දාගෙන හිටපු මාස්ක් එක ගලවලාදාද්දි... බිම වැටිලා උන්නු ඇලෙක්ස් වෙඩි වැදුණු බවත් අමතක කරලම දඩ බඩ ගාලා නැගිට්ටේ ඒ මනුස්සයාගේ මූන දැකලයි....

"පු...පුතා..."

"කොහොමද අප්පා...? ඔයා පුදුමවෙලා වගේ..."

"ඔ..ඔයා.. එත..කොට..."

"පුදුමයි නේද...? රටේ මහා අපරාධකාරයෙක්ගේ පුතා NIS officer කෙනෙක් කිව්වාම... ම්ම්...? ඒක ටිකක් අමුතුයි තමා... නේද..?"

"එතකොට.. උබ මෙච්චර කල් මට බොරැ කරාද පුතේ...? ආ... ඇමෙරිකාවල කම්පැනියක වැඩ කරනවා කියලා.. උබ මට බොරැද කිව්වේ... එතකොට... මේ..මේකද උබගේ රස්සාව...? "

කඳුළු පිරැනු ඇස්වලින් ඇලෙක්ස් අහද්දි... ජංගුක් පවා ජීහුනුත්, ඇලෙක්සුත් දිහා මාරැවෙන් මාරැවට බැලුවේ කිසි දෙයක් හිතාගන්න බැරැවයි... ඇලෙක්ස්ගෙම පුතා තමන්වම ඇරෙස්ට් කරයි කියන එක.... ඒක ඇලෙක්ස්ට විතරක් නෙමෙයි ජංගුක්ටත් හිතාගන්න බැරැවයි හිටියේ...මොකද කොල්ලා හිතාන උන්නේ... ඇලෙක්ස්ව වට්ටන්න ජීහූන් ව ඇපේට ගන්නයි... ඒත්.. දැන් කාඩ් පැක් එකේ ආසියා වෙලා තියෙන්නේ තමන් කීයටවත් නොහිතපු ජීහූන්මයි... සමහරවිට ජංගුක්ගේ ඒ සිතිවිල්ල වුනත් වරදින්න බැරිකමක් නැහැ...ආසියා වෙන කෙනෙක් වුනොත්..?

"ඔයා හැමදාමත් ප්‍රචණ්ඩත්වය තෝරගත්තට... මට කවදාවත් ඒක ඕන වුනේ නෑ... මට හැමදාමත් ඕනි වුනේ මිනිස්සුට සේවයක් කරන්න... ඒත් ඔයා... ඔයාගේ අත්දෙකෙන් අසරණ මිනිස්සු කී දෙනෙකුගෙනම් ජීවිත විනාස වෙලා ඇත්ද...? දරැවෝ කීයකට එයාලගේ දෙමව්පියෝ නැතිවෙලා ඇත්ද? දෙමව්පියෝ කී දෙනෙක්ට එයාලගේ දරැවෝ අහිමි වෙලා ඇත්ද..? කොච්චරක් නම් අපරාධ කරාද ඔයා...? මං ඒ හැමදේම ඉවසං බලං හිටියා මගේ වෙලාව එනකං... අද... අද මගේ දවස ඇවිත්.... මං ආවේ ඔයාව දුටුතැන වෙඩි තියලා මරන්න වරෙන්තුවකුත් අරන්.."

"හහ්... එහෙනම් මරපං... උබගේ අප්පව උබගේ අත්දෙකෙන්ම මරලා දාපං මගේ පුතේ... මරපං....! "

ඇලෙක්ස් කීවේ.. අත් දෙකෙන්ම හයියෙන් තමන්ගේ පපුවට ගහගන්න ගමන් අඬ අඬා...

"මං නෙමෙයි ඒක කරන්නේ...මැඩම්...!"

කොල්ලා පිටිපස්ස හැරිලා මැඩම් කියලා කතා කරද්දි... වටේම උන්නු අනෙක් ඔෆිසර්ස්ලත්... ඈත් වෙලා ඒ කෙනාට ඉඩදීලා අත් ඔසවලා අාචාර කරා....

"මි..මිශිල් ???"

දෙපැත්තට බෙදුනු ඔෆිසර්ස්ලා අතරින් ආවේ වෙන කෙනෙක් නෙමෙයි ඒ ආවේ මිශිල් .... ! ලේ වැක්කෙරෙන තුවාලෙට එක අතක් තදකරගෙන ... අනෙක් අතින් තුවක්කුව ඇලෙක්ස්ගේ පැත්තට දික්කරගෙන කෙල්ල ආවේ හෙමින් හෙමින් කොර ගගහ....

මේ සිද්ධ වෙන දේවල් ඇලෙක්ස්ට විතරක් නෙමෙයි... ජංගුක්ටත් නිකං හීන වගේ... එක දවසකට පුදුම වෙනවා කියලා මේ තරමටම පුදුම වෙන්න පුළුවන්ද...? එතකොට.. එතකොට ජංගුක්ට වැරදිලා..? ඔව් ජංගුක්ට වැරදිලා... කොල්ලා හොඳටම වරද්දගෙන ආයෙත් නිවැරදි කර ගන්න බැරි වෙන්නම...

"මි..මිශිල් !"

ඇලෙක්ස් මිමිනුවා....

"හ..හ්... ත..තමුන් අද ගොඩ..ක් පුදුම වෙන්න ඇති නේද විල්සන් ඇලෙක්ස්...? මේ හැ..හැමදේම වුනේ ජීහූන්ගේයි මගෙයි plan එක..ටයි... නැතුව තමුන් හිතන් ඉන්නේ...ම..මං ඇත්තටම තමුන්ට වැඩ කරා කියලද ආහ්...? තමුසේ... තමුසේ දන්නවද...? ඇයි මං .. තමුසේ ගාවට වැඩට ආවේ කියලා ආ... දන්නවද.. ? ආ... මේක බලනවා...."

කිව්ව කෙල්ල සාක්කුවේ තිබුනු photo එක අරගෙන ඒක ඇලෙක්ස් ගාවට විසිකරලා දැම්මා... ඒ photo එකේ හිටියේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි වගේම චූටි ගෑනු ලමයෙකුයි..

"ම්..මේ අර පොලිස්කාරයා වූ බින් නේ.."

"ඔව් ඒ වූ බින් තමා... වූ බිනුයි.. චෝයි මින්ජියි... උබ අමු අමුවේ ගිනිතියලා මරලා දාපු ඒ අහිංසක මිනිස්සු දෙන්නා ... දන්නවද... දන්නවද.. ඒ මගේ කවුද කියලා... ආ..? ඒ මගේ අහිංසක ඔම්මයි ..අ..අප්පයි... ඔය photo එකේ ඉන්න චූටි කෙල්ල... ඒ කෙල්ල තමා මං...! චා එයුන් සන්...! ඒ මං... අද පාර්ක් මිශිල් වෙන්න වුනේ... ඒ උබ නිසා... උබව මගේ අත් දෙකෙන්ම මරලා දාන්න ඕනි වුන නිසා.... පව් කාරයා... උබට හොඳක් වෙන්නේ නෑ...."

කෙල්ල කෑ ගැහුවේ තුවාල වේදනාව පවා අමතක කරලා දාලයි.... කෙල්ල මේ කියන කතා හැමඑකක්ම ජංගුක් අහගෙනයි හිටියේ...මොනාද මේ වෙන්නේ... කොල්ලා හිටියේ කිසි දෙයක් විශ්වාස කරගන්න බැරැවයි... කොල්ලා බැලුවේ... කෙල්ලගේ තුවාලේ දිහා.. එතන ලේ වලට පෙඟිලා ගිහින්... තුවාලේ තදකරන් උන්නු කෙල්ලගේ අත රතුපාට වෙලා ලේ වලට... සැරින් සැරේ කෙල්ල කෙඳිරි ගෑවේ.. තුවාලේ වේදනාවටම වෙන්න ඇති... දැන්.. දැන් කොල්ලා මොනවද කරන්නේ...? ඒක කොල්ලටම හිතාගන්න බැහැ...

"දැන් උබ උබගේ පව් වලට වන්දි ගෙවන්න ඕනි ඇලෙක්ස්... ජීහූන්...??"

කෙල්ල එහෙම කියලා බැලුවේ ජීහුන් දිහයි... කොල්ලා හිටියේ බිම බලාගෙන ඔව් කොල්ලට දුක ඇති... මොනා වුනත් ඒ තමන්ගෙම අප්පා...අප්පව ඇස් ඉස්සරහ මරනවා මොන දරැවටද බලං ඉන්න පුළුවන් ... ?

"ජීහුන්... ඔයා වචනයක් දුන්නැත්තං මට මේක කරන්න ඕනි නෑ... මිස්ටර් ලී .. ඇරෙස්ට් හිම්.. !"

කොල්ලගෙන් උත්තරයක් නැති තැන කෙල්ල ගන් එක පහලට දාගෙන මිස්ටර් ලීට ඕඩර් කරේ ඇලෙක්ස්ව ඇරෙස්ට් කරන්න කියලයි....

"Do it madom...! "

"What? Are you sure... ? "

"Yes do it! "

"ජීහූන්...! Again! "

" Do it madom! "

Don 💥💥💥

"ආහ්...!"

ජීහූන්ගේ නියෝගයත් එක්ක වහාම ක්‍රියාත්මක වුනු කෙල්ල ගන්ශොට් එක ඇලෙක්ස්ගේ ඔලුවටම තියෙද්දි .. මිනිහා එහෙම්ම මැරිලා වැටුනා....

."ඕහ්..! මැඩම්..එයාව අල්ලගන්න...!"

ඒත් එකකම ජීහූන් කෑ ගැහුවේ... අනෙක් අතට කෙල්ලව එහෙම්ම ඇදගෙන වැටෙනකොටයි...

"මැඩම්.... මැඩම් කතා කරන්න..."

"ඉක්මන් කරලා ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවා... ඉක්මන් කරනවා..."

කොල්ලා කෑ ගැහුවේ... බිම වැටුනු කෙල්ලව ඔඩෙක්කුවට අරගෙන කෙල්ලගේ තුවාලේ තද කරලා ලේන්සුවක් ගැට ගහන ගමන්...

"මි...මිශිල් ! මැණික ...!"

"එහාට වෙයන් ජංගුක් ... උබ නිසා තමයි මේ හැමදේම වුනේ... එහාට පලයන්... මේ කෙල්ලට වුනු හැමදේකටම වග කියන්න ඕනේ උබයි...! තිරිසනා... මේක මතක තියාගනින්... මේ කෙල්ලට මොනාහරි වුනොත්... මං මගේ අත් දෙකෙන් උබව මරලා දාන්නේ... මතක තියාගනින්.. !"

"සර්... ඇම්බියුලන්ස් එක එනවා...."

"ඉක්මන්ට ගන්න..."

"මිශිල්... මැණික මට සමාවෙන්න... මං කරපු හැමදේටම මට සමාවෙන්න.. චෙබල් මැණික මාව දාලායන්න එපා... අනේ මැණික ඇස් අරින්නකෝ... මං ඔයාට ආදරෙයි මගේ රත්තරනේ... අනේ.. ඇස් ඇරලා මං දිහා බලන්නකෝ....! "

"එහාට වෙයන්.... මේ කෙල්ලගේ ජීවිතෙන් දැන්වත් ඈත් වෙයන්.. ජේකේ... උබ නිසා ඒකි ව්න්දේ දුක්ම විතරයි... ආයේ කවදාවත් උබ මේ කෙල්ලගේ ජීවිතේට එන්න එපා... එච්චරයි මං උබෙන් ඉල්ලන්⁣නේ... නැත්නං මට අමතක වේවි... මිශිල් උබට ආදරේ කරනවා කියන එක...."

එහෙම කියපු ජීහූන් ජංගුක්ව තල්ලු කරලා දාලා... ට්‍රොලිය අරගෙන කෙල්ලව ඒක උඩින් තියලා... ඉක්මන්ට වාහනේ ඇතුලට දාගෙන ගියේ... ජංගුක් අඬ අඬාම ඒ දිහා බලං ඉන්න කොටයි... ඒත්... ඒත් දැන්... ආයේ කවදාවත්ම වෙනස් කරගන්න බැරි විදියටම හැමදේම තමන්ගේ අතින් ගිලිහිලා ඉවරයි.... ආයෙත් කාලය ආපස්සට අරගෙන මිසක්... ඒ දේවල් වෙනස් කරන්න විදියක් නැති බව කොල්ලට ..දැනුනා... ජංගුක්ට තවත් අහිමි වෙන්න දෙයක් තියෙනවද...? ⁣කොල්ලට අහිමි වීම පවා අහිමි වෙලයි තියෙන්නේ... තමන්ගේ ආදරේ , තමන්ගේ සහෝදරයා... සෑම්... මේ හැමකෙනෙක්වම... දැන් තමන්ට හිමි නෑ... තමන් මිනීමරැවෙක් කියන හැඟීම කොල්ලට දැනෙන්න ගත්තා... තමන්ගේ අත් දෙකෙන්ම කෙල්ලගේ බඩට කිනිස්සෙන් ඇනපු හැටි කොල්ලට මතක් වුනා... ඒ වෙලේ කඳුළු පිරිලා තිබුණු කෙල්ලගේ අහිංසක ඇස්දෙකත් කොල්ලට මැවිලා පෙනුනා.... ඒත් ආයෙත් කවදාවත් තමන්ට ඒ ඇස් දකින්න වෙන්නේ නැහැ...

"මං මිනිමරැවෙක්.... මං මහා කාලකන්නියෙක්.... මිශිල් ! මැණික මට සමාවෙන්න...."

කොල්ලා බිම දනගහගෙනම කෑ ගැහුවා.... ඒත් කෙල්ලට ඒක ඇහේවිද....? කෙල්ල ජංගුක්ට සමාව දේවිද....?

***********************************

3 years later ....

"යා...යා... යා.... විනාස කරලා... මේ කෙල්ල මගේ මුලු කුස්සියම.. විනාස කරලා.... ආ.... ඇත්තමයි... මට එන කේනිතියක්...."

"කේන්ති ගන්න එපා තුදු.... ඔයා වයතට යයි හලිත....?"

"ආ... චින්චා... මගේ කුස්සිය විනාස කරලා මදිවට කියන කතා... කෝ.. බහිනවා ඔතනින්... ඔය බලන්නකෝ ඉතින් අනේ ඇඟේ ඉදං චොක්ලට් ගාගෙන නේ...."

"හලි හලි අනේ... වෙන යුලිතෝම් එකක් අදිමු.. එතෝට බබා ලත්තනයි..."

"යා... ගාණක් නැතුන් කියන හැටි දෙන්න ඕනි දෙකක් පැලෙන්න ... ඉන්නවකෝ.. මං අද අප්පට කියන්න දූගේ වැඩ..."

"ඉතින් මත මොකද... ? අප්පා මත ගහල්ලෑනේ.. හූ හූ...."

"අප්පයි දූයි දෙන්නම එකයි... බක පන්ඩිත කම...."

"යා... කාතද දන්නෑ...බකපන්තිතකම... බකපන්තිත මිශිල් හූ හූ...."

මිශිල් ? ඔව් ඒ මිශිල් ... කෙල්ල තාමත් ජීවත් වෙනවා... දෛවයේ හාස්කමකට වගේ... ඇත්තටම කෙල්ල ජීවත් වෙනවා ..

"යා..යා.. මින්සු...! මොකද ඔය... මං කියලා තියෙනවා නේද වැඩිහිටියන්ට හරියට කතා කරන්න කියලා ආ... ඔහොමද කතා කරන්නේ....? "

"ඒත් ඔම්මි... මේ මිශිල් කියනවා මත පැලෙන්න ගහනවලු.... තව බකපන්තිතයත් කියලා කිව්වා... අප්පත කියලා මත ගුති දෙනවා කියලත් කිව්වා මෙයා.... හූම්..."

"ඉතින් ඇත්තනේ.. ඔයා නෝටි වැඩ කරලනේ ඉතින්... බලන්න ඔය චොකලට් නාලනේ...."

" නෑ ඔම්මි මං නෙමෙයි... මේ මිශිල් තමා මගේ ඇතෙත් තොකලත් ගෑවේ...."

"ආහ්... චින්චා මේ කෙල්ලනම්....😂"

ඒ මින්සු... මූන්ගෙයි ජීහූන්ගෙයි පුංචි දෝණි.... කෙල්ලට තාම වයස අවුරැදු තුනයි... බටුඇටේ වගේ හිටියට මොකද... කටනම් ආයේ ඉතින් ඇරපු අතක් නෑ... ඔම්මගේ වගේම තමා... මිශිල් එක්ක වලියක් දා ගත්තේ නැත්තං කෙල්ලට නින්ද යන්නේ නෑ...😂

"හරි හරි අප්පා ආපුවම අපි මිශිල්ට ගස්සෝමු හරිද... දැන් යන්කෝ අලුත් යුනිෆෝම් එක ඇදලා ඉස්කෝලේ ... ම්ම්... මිශිල් පැටියෝ මං බබාව ගිහින් දාන්නම්.. ඔයාට හවසට එයාව ගන්න පුළුවන් නේද.. මං ජීහූන්ව එවන්නම්..."

"හරි මං ගන්නම්...."

"ඔයා එන්නෝනි නෑ මාව ගන්න...."

"අපෝ මං එන්නෑ ඔය නෝටි කෙල්ලොන්ව ගෙනියන්න හ්ම්..."

"හ්ම්... 😑"

කෙල්ල ඔරවද්දි චූටි කෙල්ලත් කට ඇද කර කර හරි හරියට මිශිල්ට ඔරවනවා... කෙල්ලට මැරෙන්න හිනා මේකිගේ කෝලම් වලට....

Time passed ...

"මේ...?"

"ම්හ්..."

"අප්පා කීයතද එන්නේ...?"

"තව ටිකකින් එයි මින්සුයා.. මොකෝ බඩගිනිද...? "

"අනියා... අප්පා එනතං මං.. ජීසූන් එක්ක තෙල්ලම් කරලන්නද...? "

"ජීසූන්... ? ආ.. අර ඔයාගේ චින්ගුද...? "

"යේ.. යේ.. යා... ජීසූන් තෙල්ලන් කලමුද...? "

"යා... මේ කෙල්ලගේ කට... "

කෙල්ල හිනාවෙවී බැලුවේ මින්සු කෑ ගගහ ඈතින් උන්නු චූටි පිරිමි ලමයෙකුට අතින් අඬගහනකොටයි....මින්සුව දැකපු ජීසූනුත්... කෙල්ලට අත වනලා... කොල්ලගේ අප්පවත් ඇදගෙන ඒ පැත්තට දුවගෙන ආවා...

"යා..යා.. ජීසූනා හිමින් දුවන්න ඔයාව වැටෙයි..."

"හෙමින් යන්න බෑ අප්පා.. මින්සුයා මං එනකන්නේ බලං ඉන්නේ පේල්ලැද්ද අනේ ඔවාත..."

"මින්සුයා... මං ආවා..."

චූටිම චූටි කලිසං කොටයක් ඇදගෙන ... බෙල්ලේ වතුර බෝතලයක් එල්ලගෙන... ඉත්තෑකූරැ චූටි කොන්ඩේ උඩට පීරගෙන උන්නු .. ජීසූන් ඇවිත් මින්සුගේ අතින් අල්ල ගනිද්දි... මිශිලුත් හිනාවෙලා ජීසූන් දිහා බැලුවා...

"අන්‍යයෝහසෙයෝ...!"

අවුරැදු ගානකින් ඇහුනු සුපුරුදු කටහඬට.. කෙල්ල බැලුවා නෙමෙයි කෙල්ලට ඒ දිහා ක්ෂණිකවම බැලුනා... කොහොමද ඒ හඬ අමතකවෙන්නේ...? අඩුම අමතක කරන්නේවත්...? ඉස්සරහ බලපු තත්පරේම කෙල්ලගේ ඇස් විසල් වුනේ... ජීසූන්ගේ අප්පගේ ඇසුත් ඒ ඇස් එක්ක ගැටුන මොහොතෙමයි.... මිශිල් හිටියේ කිසිදෙයක් අදහාගන්න බැරැවයි... තමන්ගේ ඇස් ඉස්සරහ ඉන්න රෑපේ...? ඒක තමන්ට පේන විකාර හීන වලින් තවත් ඒ වගේ එක හීනයක්ද...? නැත්නම් මේ හැබෑවක්ද කියලා හිතාගන්න බැරැවයි කෙල්ල උන්නේ...

"මි...මිශිල් ???"

පුදුමය මිශ්‍රවුනු.. හඬකින් කොල්ලත් ගිගිරැවේ... සමහරවිට තමනුත් මෙහෙම දෙයත් බලාපොරොත්තු නොවුන නිසා වෙන්න ඇති... අවුරැදු තුනකට පස්සේ... තමන් ආදරේ කරපු... තමන්ගේ අත් දෙකෙන්ම මරලා දාපු කෙල්ල... චූටි ලමයෙකුත් එක්ක..? ජංගුක් කොහොමටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති.... මේ දෛවය මොන තරම් නම් කුරිරැ මිලේච්ඡ දෙයක්ද...? හැමදේම කරන්නේ අනෙක් අයගේ ඇස්වලට කඳුළක් එක් කරන විදියට නෙමෙයිද...? කොල්ලගේ ඇස්වලට කඳුළු හරි ඉක්මන්ට ඉනුවා.... දැන් ඒ කඳුළු කොල්ලට නුහුරැ නැහැ... හරි සමීපයි... පහුගිය අවුරැදු ගානෙම අඩලා අඩලාම දැන් කඳුළක් කොල්ලගේ ඇස්වල නොරැදුනු මොහොතක් නැහැ...

"ජීසූනා... යන්න ඔයාගේ චිංගු එක්ක සෙල්ලම් කරන්න...."

"හලි අප්පා...."

පුංචි ජීසූන් මින්සුගේ අතින් අල්ලගෙන ඈතට දුවගෙන යනදිහා...මිශිල් වගේම ජංගුකුත් බලං හිටියේ.. ඇස්වලට පිරැණු කඳුළු එකිනෙකාගෙන් සඟවා ගනිමින්...

"ඉතින් කොහොමද මිශිල් ... ? හුඟ කාලෙකින් නේද...? "

"ඒක තමයි... මං හොඳින් ජංගුක්ශි ... ඔයාට කොහොමද...?"

කොල්ලා අහනකොට කෙල්ල උත්තර දුන්නේ හරි ලස්සනට හිනාවෙලා... ජංගුක්ශි ..? ඒ නම...? ඒක කොච්චර වෙනස්ද...? එක අතකට නිමා නොවී නිමා වුනු කතාවකදි... කොහොමද ආයේ මූන දිහාවත් බලලා කතා කරන්න හිත හදාගන්නේ...? කෙල්ල කොල්ලට ජංගුක් කියන්නද...? කුකි කියන්නද...? නැත්නම්... මුලින් වගේම ජංගුක්ශි කියලා කතාකරන්නද? ඔව්... ඒක තමා තියෙන හොඳම විදිය... තවත් මොකටද බලාපොරොත්තු...? ජංගුක් දැන් තාත්තා කෙනෙක්... එහෙම නෙමෙයිද...? ඉතින් ඒ නුහුරැ ආමන්ත්‍රණයම හොඳයි....

"ම..මාත් හොඳින්... ඉන්නවා... "

"හ්ම්.... හැමදේම ගොඩක් වෙනස් වෙලා නේද ජංගුක්ශි.... මේ අවුරැදු ගානට ඇත්තටම වෙනස් වෙලා..."

"ඒකනම් ඇත්ත...

"මං..මං ඇත්තටම දැනගෙන හිටියේ නැහැ... ජීසූන් කියන්නේ ඔයාගේ පුතා කියලා... එයා ඇත්තටම හොඳ කෙනෙක්..."

කෙල්ල එහෙම කියද්දි..ඈත සෙල්ලම් කරන පුංචි එවුන් දිහා බලපු ජංගුක් හිනාවෙලා දාගෙන හිටපු සන්ග්ලාස් එක ගැලෙව්වා....

"ඒ ජින් හියුන්ගේ පුතා....!"

කොල්ලා කියනකොට කෙල්ල කලබල වුනා... මොකද කෙල්ල මෙච්චර වෙලා හිතං හිටියේ ජීසූන් කියන්නේ කොල්ලගේ පුතා කියලනේ....

"ඕහ්... ඇත්තද..? ජින් ඔප්පට වෙච්චි දේ ගැන මට ඇත්තටම කනග...."

"ඕක අමතක කරලා දාන්න මිශිල් ...! ඒක නෙමෙයි... මට කියන්න ඉතින් කොහොමද දැන් ඔයා...? මට සන්තෝසයි... ඔයා ඇත්තටම මින්සුට හොඳ ඔම්මා කෙනෙක් වගේ...."

"ආහ්.. ඒක ..."

"ඔම්මා කෙනෙක්... ? තමුසෙට පින් සිද්ධ වෙන්න මේ කෙල්ලට කවදාවත් ඔම්මා කෙනෙක් වෙන්න බෑ ජියෝන් ජංගුක් ... කවදාවත්ම බැහැ...."

කොල්ලා කියපු දේට කෙල්ල උත්තර දෙන්න හැදුවත්... ඊට කලින් කෙනෙක් උත්තර දෙනකොට දෙන්නම පිටිපස්ස බැලුවේ.. ඒ සද්දෙටයි... ඒ හිටියේ ජීහූන් .. කොල්ලා හිටියේ කේන්තියෙන් ජංගුක් දිහා බලාගෙන....

"ජීහූන්... ඕක නවත්තගන්න"

"මොකද්ද ඔයා කියන්නේ....? "

"ඔව් ඒක තමයි ඇත්ත..."

3years before ..

Flashback ...

"මිශිල්...! අනේ කතා කරන්න... මිශිල් ..."

"මොකද්ද මේ patientට වෙලා තියෙන්නේ...? "

"අනේ doctor එයාට accident එකක් වුනා... චෙබල් එයාව බේරගන්න... අනේ... doctor චෙබල්..."

"ඉක්මන්ට patientව වෝඩ් එකට දාන්න... එයාගෙන් ගොඩක් bleed වෙනවා "

කෙල්ලව ගෙනාපු ට්‍රොලිය ⁣ICU එකට අරන් ගියපු වෙලේ ඉඳං ජීහූන් හිටියේ එතන එහාට මෙහාට ඇවිදින ගමන්... කොල්ලා හිටියේ හුඟක් කලබල වෙලා කියලා දකින ඕනි කෙනෙකුට පේනවා... මූන්ට පස්සේ.. ජීහූන් තමයි මිශිල්ගේ හොඳම යාලුවා... ඉතින් කොල්ලා මූන් තරමටම කෙල්ල ගැන වදවුනා... කොල්ලා බය වුනා කෙල්ලගේ ජීවිතේට මොකක් හරි කරදරයක් වේවි කියන හැඟීම කොල්ලව තව තවත් බය කලා... පැය බාගයක් විතර ගතවෙනවත් එක්කම ඩොක්ටර් ICU එකෙන් එලියට එද්දි එලියේ ඉදං දොරට ඔලුව හේත්තු කරගෙන ඇඟිල්ලකුත් හප හපා උන්නු කොල්ලා... ඉක්මනට ඩොක්ටර් ගාවට ගියා...

"ඩොක්ටර්...! ඩොක්ටර් අනේ එයාට කොහොමද ඩොක්ටර්.... කියන්න එයා හොඳින්නේද...? අනේ කියන්නකෝ....?"

"මේ අජොශ්ශි patientගේ කවුද...? "

"මං..මං එයාගේ යාලුවෙක්.... "

"Patientට වෙන භාරකරැවෝ කවුරැත් නැද්ද...? "

"නෑ.. ඩොක්ටර් මං විතරයි ඉන්නේ..."

"හරි එහෙනම්.. මේකයි මිසිටර්... තත්වය බොහොම බරපතලයි... පිහිඇනුම.. ගැඹුරටම වෙලා තියෙනවා... අපිට මේක මේ තරම් සීරියස් වෙන්නේ නැහැ ඒක මාරාන්තික විස කවපු පිහියක් වුනානම්..."

"මොකක්...???"

"ඔව් මිස්ටර්... පිහි ඇනුම වෙලා තියෙන්නේ ඒ අගස්සිගේ යටිබඩට නිසා.. ගර්භාෂේ දැනටමත් අක්‍රීය වෙලයි තියෙන්නේ...."

"මො...මොකද්ද කියන්නේ ඩොක්ටර්... ?? අනේ...!"

.

"මට සමාවෙන්න මිස්ටර් .. ඔයාට ඒ අගස්සිව බේරගන්න ඕනි නම් අපිට කරන්න තියෙන එකම දේ ඒ අගස්සිගේ ඇඟෙන් ගර්භාෂේ ඉවත් කරලා දාන එක...."

"එහෙම නැත්තම්...???"

"එහෙම නැත්තම්..... එයාගේ ජීවිතේ ගැන තියෙන බලාපොරොත්තුව නැති කරගන්න...."

"අනේ..අනේ ඩොක්ටර් මොනාද මේ කි..කියන්නේ...."

"මං කිව්වේ මේ වෙලේ patient ගේ සිටුවේෂන් එක මිස්ටර් .... මෙතන patientගේ භාරකාරයා විදියට ඔයාගේ අතේ තමයි patient ගේ ජීවිතය තියෙන්නේ ... ඉක්මන් කරලා මට උත්තරයක් දෙන්න... පහු වෙන පහුවෙන තත්පරයක් ගානෙම ඒ අගස්සිගේ ඇඟපුරාම විස පැතිරෙන්න ගන්නවා...."

"හ..හරි ඩොක්ටර්... oparation එක ලෑස්ති කරගන්න...මං sign කරන්නම්..."

"Good එහෙනම් මං operation එක කරන්නම් දැන්ම.."

"Ok doctor .."

Flashback end......

"උබ නිසයි මිශිල්ට ඔම්මා කෙනෙක් වෙන්න තියෙන අවස්ථාවත් නැතිවෙලා ගියේ...."

"ජීහූන්.. චෙබල්... දැන් ඔය ඇති ඕක නවත්තගන්න....දැන් ඕවා වැඩක් නැහැ..."

"වැඩක් නැත්තේ නැහැ මිශිල් ඔයා විඳපු දුක් මූ දන්නේ නැහැ මුට මං අද...!"

"යා... අනේ නවත්තන්න ජීහූන් ... අනේ අපි යමු... මොකද්ද ඔයා කරන්නේ... කෝ අපි යං..."

කොල්ලා කේන්තියට.. ජංගුක්ගේ මූනට පාරක් ගහන්න ගියත් මැදට පැනපු කෙල්ල කොල්ලගේ අත අල්ලලා නැවැත්තුවා....

"මං උබව අතඅරින්නේ මේ කෙල්ල නිසා කියන එක මතක තියාගනින්...."

"අනේ අපි යමු...."

"යමු..."

Time passed

@11 pm...

"මිශිල්... පැටියෝ... ඔයත් යමු දැන්..."

දොර ළඟ උන්නු මූන් කෑ ගහල කෙල්ලට කීවේ.. දැන් ගෙදර යන්න වෙලාව නිසා ...

"ඔයාලා යන්ඩෝ... මං මේ ටික අස්කරලා එන්නම්...."

"හරි එහෙනම්... අපි යනවා...."

සෝල්වල තියෙන MIKOOK CAFE එක කියන්නේ එ් පැත්තේ මිනිස්සු අතර ප්‍රසිද්ද අවන්හලක් .. ඒක ⁣මිශිල්ගේ cafe එක ... මීට අවුරැදු තුනකට කලින් ඒ වුනු සිද්ධියෙන් පස්සේ කෙල්ල NIS එකට සදහටම සමුදුන්නා... කෙල්ල තමන්ගෙම කියලා කැෆේ එකක් පටන්ගත්තා වගේම... තමන්ගේ ඇත්ත නම වෙනුවට මිශිල් කියන නමම භාවිතා කලා... මොකද... ඒ නම එක්ක කෙල්ලට ලස්සන මතකයක් තිබුනා ... හරි ලස්සන මතකයක්.... ඔව් ඇත්තටම අමතක කරන්න බැරි මතකයක්... ආයෙත් ඒ අතීතයට යන්න බැරි බව කෙල්ල දන්නවා... නමුත්.. ඒ අතීතය වලලලා දාන්න වුවමනාවක් කෙල්ලට කොටින්ම නැහැ... අපි හැමෝටම තියෙනවා ලස්සන මතකයක්... අමතක කරන්න බැරි සහ අමතක නොවන..? එහෙම නේද...?

කැෆේ ඇතුලේ රැඳිලා උන්නු ... අන්තිම කිහිපදෙනාත් එතනින් නැගිටලා යනකොට... ඒ අයට ගිහින් හිස නමලා ආචාර කරපු කෙල්ල... ඉක්මනින්ම දො⁣රේ OPEN කියලා තිබුණු බෝර්ඩ් එක CLOSED කරලා දැම්මේ... නැත්නම් අද කෙල්ලට ගෙදර යන්න වෙන පාටක් නැති නිසයි... දොරත් වහලා... අවුල් වෙලා තිබුණු කොන්ඩෙත් අතින් හදාගත්තු කෙල්ල යන්න හැරැනත් එහෙම්ම නැවතුනේ... වීදුරැ දොරෙන් එළියේ හිටං උන්නු කෙනාව දැකලයි.... කෙල්ලගේ මුලු පපුවම හයියෙන් හයියෙන් ගැහෙන්න ගත්තේ වෙන දෙයක් නිසා නෙමෙයි... එතන හිටං හිටියේ ජංගුක් නිසායි.... කොල්ලා වෙනස් වෙලා.. ඇත්තටම ලොකු වෙනසක්... අවුරැදු තුනකට කලින් කොල්ලගේ තිබුණු සෙල්ලක්කාර මැර පෙනුම වෙනුවට... කොල්ලට තිබුනේ හරි අහිංසක... වැදගත් කඩවසම් පෙනුමක්... ඔව් කොල්ලා කොහොමත් කඩවසම් තමයි.... ඒත් මේ අලුත් වෙනසින් කොල්ලට ලැබිලා තිබුනේ... අමුතුම කඩවසම් බවක් නිසයි.... කෙල්ල හිටි පිලිමේ වගේ කිසි හැලහොල්මනක් නැතුන් බලන් උන්නේ එළියේ හිටන් උන්නු කොල්ලා දිහයි... කොල්ලා එයාගේ බනී ටීත් ටික පෙන්නලා හිනාවෙලා කෙල්ලට අත වැනුවත්... කෙල්ල නෙමෙයි ඒක දැක්කේ...කෙල්ල හිටියේ ජංගුක්ගේ ඇස් අතර හිරවෙලා... ජංගුක් දැන් මාෆියාවලට සම්බන්ධ නැහැ... ඇලෙක්ස්ගේ මරණින් පස්සේ... කොල්ලට හැප්පෙන්න ආයෙත් කවුරැත් හිටියේ නැති නිසාත්... මාෆියාව නිසා තමන්ට අහිමි වෙච්චි දේවල් නිසාත්.. කොල්ලා ඒ දේවල් වලින් අයින් වුනා වගේම... දැන් කොල්ලා මුලු කොරියාවක්ම දන්න සමාජ සේවකයෙක්... ඔව් ⁣ඉස්සර ජේකේ කියන නමට වෙව්ලපු මිනිස්සු ⁣දැන්... ජංගුක් කියන නමට හරි ආදරෙන් සලකනවා... කෙල්ල මේ ගැන දැනගෙන හිටියා මොකද NIS එකෙන් අයින් වුනත්... ජීහූන් මාර්ගයෙන් කෙල්ල මේ හැමදේම දැනගත්තු නිසා....

ටොක් ටොක් ටොක්...

කෙල්ලගෙන් ප්‍රතිචාරයක් නැති නිසාම කොල්ලා ඩෝර් එකට තට්ටු කරේ මේකිට හිටගෙන නින්ද ගිහින්ද ගියලා බලන්නයි... කොල්ලා තට්ටු කරනකොට හරි සිහියට ආපු කෙල්ල දුවලා ගිහින් දොර ඇරියා....

"මං හිතුවේ හිටගෙන නිදි කියලා...."

"ආහ්... මේ.. හී... මං..මං මේ කල්පනාවක හිටියේ... ඒකයි..."

"මාර කල්පනාවක්නේ ඒක... උස්සන් ගියත් දන්නෑ..."

පුටුවක් ඇදගෙන වාඩිවුනු ජංගුක් හිනා වෙවී කියද්දි... කෙල්ලත් අපහසුවෙන් වගේ හිනාවුනා....

"අහ්... මේ.. දැන්නම් CAFE එක වහලා... ඒ වුනාට ඉතින් මොකුත් නොදී යවන්න බැහැ නේ.. මොනාද බොන්නේ...?"

කියපු කෙල්ලත් කොල්ලා දිහා බලනකොට කොල්ලත් ඒ දිහා බැලුවා....

"ම්ම්ම්... සැර මොකුත් ගේනවද එහෙනම්...? "

කොල්ලා කෙල්ලට ඇහැක් ගහලා අහනකොට.. කෙල්ල එක ඇහිබැමක් උස්සලා ඔරවලා කොල්ලා දිහා බැලුවා...

"සැර මොකුත් ..? දෙනවා මං හොඳ කනේ පාරක්... තාමත් නවත්තලා නෑනේද ඔය පුරැද්ද...."

කෙල්ලට එහෙම අහන්න ඕනි වුනේ නැතත් හැමදේටම කලින් ඉස්සරවෙන කට අදත් කෙල්ලට නවත්තගන්න බැරිවුනා....

"බොන්න එපා කියන්න කවුරැත් නෑනේ මට දැන්...."

කොල්ලා හිමීට කිව්වත්... ඒක කිව්වේ කෙල්ලට ඇහෙන්නමයි... එකපාරක් ඒ දිහා බලපු කෙල්ල කිචන් එක පැත්තට යද්දි... කොල්ලත් .. ඒ පිටිපස්සෙන්ම ගියා...

"මෙච්චර මෙහෙ ඉදලත් මං ලඟදිනේ දැනගත්තේ මේ CAFE එක..."

"එහෙමද...?"

"හ්ම්..."

"අනේ ජංගුක් මේක අරන් දෙන්නකෝ...!"

කෙල්ල කිව්වේ... තමන්ට වඩා සෑහෙන්න උඩක තිබුනු සීනි බෝතලේ කොල්ලට පෙන්නලා.... ඔලුව වනපු කොල්ලත්... කෙල්ලගේ උරිහිසට උඩින් අතදාලා ඒක අරගෙන කෙල්ලගේ බෙල්ල අස්සෙන් ඔලුව දාලා බෝතලේ පැන්ට්‍රිය උඩින් තියනකොට... කෙල්ල හිටියේ ගල්ගැහිලා වගේ... කෙල්ල මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ... කෙල්ලගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තේ... ජංගුක් තමන්ගේ ලඟම හිටි නිසාද... නැත්නම් ජංගුක්ගේ හුස්ම බෙල්ල පාමුලින් දැනුනු නිසාද කියලා කෙල්ලට හිතාගන්න බැරිවුනා...

"ජ...ජංගුක් ..!"

"මං එනවා කියලා දැනගෙන වෙන්නැති සීනි බෝතලේ උඩින් තිබ්බේ නේද ?"

කොල්ලා කටකොනකින් හිනාවෙවී අහනකොට කෙල්ල කටත් ඇද කරගෙන ඒ දිහා බැලුවා...

"අනේ මට වැඩේම....."

කෙල්ල කොල්ලගේ පැත්තට අතකුත් දික්කරගෙන කීවත්.. කෙල්ලට කියපු එක සම්පූර්ණ කරගන්න බැරිවුනේ... ජංගුක් කෙල්ලගේ තොල් වලට ඉක්මන් හාදුවක් තියපු නිසයි... වෙච්චි දේ එක්ක කෙල්ල උන්නේ කිසි දෙයක් හිතාගන්න බැරැවයි... කෙල්ලට නිකං දැනුනේ තමන් හීන ලෝකෙක ඉන්නවා වගේ හැඟීමක් ...මොකක්ද දෙයියනේ ඇත්තටම වුනේ .. කෙල්ල කොහොමත් එහෙම දෙයක් ජංගුක්ගෙන් බලාපොරොත්තු වුනේ නැහැ... එතකොට තාමත් ජංගුක් තමන්ට ආදරේ කරනවද...? ඇස්වලට කඳුළු පිරෙනවා වගේ දැනෙනකොට... කෙල්ල බැලුවේ ජංගුක්ගේ ඇස්දිහා... ඒ ඇස්වල කදුලු දිලිසෙනවා... හරියට මැණික් කැට වගේ...

"මැණික...."

අවුරැදු ගානකින් ඇහුනු ඒ ප්‍රේමනීය ආමන්ත්‍රණයත් එක්කම කෙල්ල මෙච්චර වෙලා හිරකරන් උන්නු කඳුළු නිදහසේ ගලා යන්න පටන් ගත්තා... තවත් මොකටද ඒවා හිරකරන් ඉන්නේ....?

"මට ..මට ආදරේ නැද්ද මැණික ....?"

කඳුළු ගලන කම්මුල් වලට අත තියපු කොල්ලා ඇහුවේ කෙල්ලගේ කම්මුල් අතින් පිසදානගමන්.... කෙල්ලට දැනුනේ කියාගන්න බැරි සතුටක් ... අවුරැදු තුනකට පස්සේ ආයෙත්... තමන් ජීවත් වෙනවා වගේ හැඟීමක් කෙල්ලට දැනෙන්න ගත්තා.... මෙච්චරකල් බලං හිටපු ඒ මොහාත ඇවිත්...කෙල්ල හිනාවුනා... ඔව් හදවතින්ම හිනාවුනා... එහෙනම් ඒක ඇත්ත... හේමන්තය හැමදාම තියෙන්නේ නැහැ... අවුරැද්දක් වුනත්.. අවුරැදු දහයක් වුනත්... නැත්නම් අවුරැදු සීයක් ගියත්... අවසානයෙදි.. වස්සානය එනවමයි... අද.. අද අවුරැදු තුනක කඳුළු නිමා කරමින් ඒ හේමන්තය යන්න ගිහින්... වස්සානයේ බලාපොරොත්තු නව දලුලාගෙන ඇවිත්... තවත් මොකටද අඬන්නේ....? කෙල්ල තමන්ගේ කම්මුල් වල තිබුණු ජංගුක්ගේ අත් දෙක අල්ලගන්නකොට... අඬ අඬ උන්නු කොල්ලත් ඒ දිහා බැලුවා....

"ඔයාට ආදරෙයිද කියලා නේ ඇහුවේ...?"

කෙල්ල අහනකොට කොල්ලා ඔලුව වැනුවා....

"නෑ.. ජංගුක් මං ඔයාට ආදරේ නැහැ..."

කනට ගහන්න වගේ කිසි හැඟීමක් නැතුන් කෙල්ල කියද්දි ජංගුක්ට දැනුනේ පන පිටින් පිච්චෙනවා වගේ හැඟීමක් ... මේ මොහොත ගැන කොල්ලා කොච්චර හීන මවාගන්න ඇත්ද... ? ඒ හැම බලාපොරොත්තුවක්ම නිකං... බලාන ඉද්දි ගඟේ ගහගෙන යද්දි කොල්ලගේ මූනේ ඇදිලා තිබුණු හිනාවත් මැකිලා ගියා...

"මො...මොකද්ද....?"

"මං ඔයාට ආදරේ නෑ.. ජංගුක් මොකද මං තාමත් ආදරේ මගේ පරන VILLAIN LOVER ට නිසා....

කොල්ලගේ කරවටේට අත්දෙක දාපු කෙල්ල හුරතල් විදියට එහෙම කියලා. .කොල්ලගේ තොල් සිපගන්නකොට... මෙච්චරවෙලා යකා ගහලා වගේ උන්නු කොල්ලත්.. හිනාවෙවී ඒ දෙතොල් සිපගත්තේ... හෙට දවස.. කවදාටවත් වඩා සුන්දර දවසක් වෙනවා කියන බලාපොරොත්තුව හිත අස්සේ පොදි බැදගෙනයි....

...... THE END .....

ඒක ඉවරාාායි...

කොහොමද ලමාායි ? කාලෙකින් නේ... ඔන්න මං ඔයාලව බලලා යන්න ආවා😂..

කතාව අදින් පස්සේ නැහැ කියනකොට මට චූටි දුකක් හිතෙනවා... ඔයාලටත් එහෙම හිතෙනවද...? නෑ කියපල්ලා...😑 මං SAD ENDING දුන්නේ නැහැ ඉතින් මොකද මේ මගේ පලවෙනි කතාව නේ.. ඉතින් එහෙම කරන්න හිතුන්නෑ...දැන් තියෙන්නේ ඔයාලාගේ වැඩේ තමා... හැමෝම... අනේ හැමෝම මට කතාව ගැන කියලා මොකක්ම හරි කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි... මේක හරි අහිංසක ඉල්ලීමක්... ඒක මට ලොකු අභිප්‍රේරණයක්... ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටිනවා... මේ කතාව ඔයාලට හිතට වැදුනද...? පුංචිම තැනක් හරි... එහෙම වුනානම් අනිවාරෙන් ඒ ගැන කියාගෙන යන්න... අලුත් වැඩ ගොඩක් තියෙනවා... ඒවත් එක්කත් මේ වගේම එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා... ඊලඟ මගේ පොත ZOMBIE ZIP මේක කොල්ලෝ හත් දෙනාම ප්‍රධාන චරිත විදියට මං අරන් තියෙන්නේ... අලුත්ම විදියක වැඩක් ඒකත් එක්කත් එකතු වෙන්න...

ඒකට අමතරව... මං ලිව්ව එපිසෝඩ් තුනක පුංචිම පුංචි කතාව THANK YOU FOR EVERYTHING .. ඒකත් කියවලා බලන්න... මං තව ටිකකින් අලුත් කතාව UPLOAD කරන්නම්... ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.. OL ලියන නංගිලා... හොඳට EXAM කරගන්න...එහෙනම් මං යනවා.... අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න..
සරන්හේ❤️
RED VINE 🍷

Continue Reading

You'll Also Like

9.4K 1.9K 46
"Roses are dead, violets are dying; outside I'm smiling but inside I'm crying" "Conceal, don't feel, put on a show Make one wrong move and everyone w...
2.1K 580 5
යලි හමුවෙමු මෙවන් මල් යායකදි පැතු පැතුම් ද විකසිත කරන්.....🥀 COVERED BY _Lan_Kimra
75.1K 8.6K 23
𝚃𝚑𝚒𝚜 𝚜𝚝𝚘𝚛𝚢 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚋𝚎 𝚒𝚗𝚏𝚘𝚛𝚖𝚎𝚍 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚒𝚝 𝚜𝚝𝚊𝚛𝚝𝚜 .. 𝚃𝚑𝚒𝚜 𝚜𝚝𝚘𝚛𝚢 𝚒𝚜 𝚊 21+ 𝚜𝚝𝚘𝚛𝚢 𝚊𝚗𝚍 𝚒𝚝 𝚒𝚜...
168K 4.8K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...