CRAZY IN LOVE|MYG|✔|

By _jesmine_

1.5K 417 57

රුපියල සක්තිමත් කිරීම සදහා වූ පලමු වෑයමයි... ආනයන අඩු කර හැකි තරම් අපනයන කරමු!!! රුපියල සක්තිමත් කරමු!! ලංකාව... More

Crazy In Love-01💗
Crazy In Love-02💗
Crazy In Love-04 pt1💗
Crazy In Love-04 pt.2💗
Crazy In Love-05💗
Crazy In Love-06💗
Crazy In Love-07💗
Crazy In Love-08💗
Crazy In Love-09💗
Crazy In Love-10💗
Crazy In Love-11💗 (The End)

Crazy In Love-03💗

155 44 12
By _jesmine_

හවස හයට විතර බොසාගෙ කාර් එකේ අපි ආව ගෙදරකට

හත්තික්කෙ මේක ගෙදරක් නෙමෙයි ඕයි... දිව්‍ය මාලිගාවක්..එතකොට මාලිගාවේ කුමරි මොකාද?? බැරි වෙලා හරි ඒ මමවත්ද?? අඩෝ.... අව්ලක් නෑ මැරෙන්න කලින් කෝම හරි කුමාරියක් වෙනවනේ.. කවදා ලැබෙන දේවල්ද මේම ගෙඩිපිටින්ම මට හම්බෙන්නෙ.

"එන්න ඇතුලට"

බොසා කතා කරද්දියි මං අගහරුවලින් පෘතුවියට කඩා වැටුනේ.. මන්දිරේ ඇතුලට ගියා විතරයි හැට පැනපු ආච්චියෙක් අදල් අදල් කියාගෙන පැන්නෙ නැතෑ මේකගෙ ඇගට පැන්නෙ නැතෑ....

"අදල්..... ඔම්මව බලන්න එන්නම හිතෙන්නෙ නෑ නේද??"

"අනේ නෑ ඔම්මා... මේ ටිකේ වැඩ වැඩියි."

"හරි හරි.... එතකොට මේ දූ....... අදල්ගෙ........."

හරිනෙ හරිනේ....  මේ පිවිතුරු  පවිත්‍ර මාව මේ හාල් පාරු පූසගෙ කෑල්ල කරලා මේ අජුම්මයෙ ලේලි කරගත්තා.... ඒකත් මරු වැඩේ ඉතිං...

"නෑ නෑ.... ඔම්මා.. මේ අර මං කිව්ව කෙනා..  මාත් මෙහෙ වැඩිය නෑනේ.. ඔයත් ඉන්නෙ තනියෙන්නෙ... ඉතිං මං මෙයාට කිව්වා මෙහෙ නවතින්න කියලා."

"අනේ.... අදල් කිව්ව තරම් මේ දූ නරක නැති පාටයිනේ... අදල් හරියට බොරු කියනවා"

ඒකත් හරිනේ මේ මීමා මගෙ සායම කාලා මාවත් කාලා..... හනේ ඉතිං දැං මූණක් කටක් ඇරලා කතා කරන්⁣නෙ කොහොමද?? දෙන්⁣න හිතේ අපේ මලයට දෙනවා මගේ මූණ කුප්පමේනියා සලාදයක් වෙන්නම ඇයි යකෝ.... චොර කරනවා කියලා මෙහෙමත් කරන සිරිතක් තියෙනවද?? හාල්මැසි හුට්ටප්පරයා.

"මීරා.... මේ බඩු ටික උඩ රූම් එකෙන් තියලා ඒක හදලා දෙන්න."

"අදල්... අදරෑට කාලාම යන්න... ඔම්මගෙ අතින් කාලෙකින් කැව්වෙත් නෑනෙ."

මේ මෙතන මම...... ඔයැයිගෙ පුතාට වඩා හොද දුවෙක් ඉන්නෝ... මේ ආච්චි පේනවද මේ මේ?? යකෝ........ මට කවාගන්න මේ රටේ කොල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ... පුතාට කවනෝනම් මේ අහිංසක දුවටත් කැව්වට නරකම නෑ... ඇයි යකෝ මේ අනාතයට ඕවාදරාගන්න බෑ දෙයියො.

_____________________

රෑ කෑමමේසෙදි තමා හොදම දේ උනේ.... මූ මාව කෑවා මං ඌව කෑවා.. මං තමා හොදටම කරේ....

⁣කම්පැනියේ සැස්සි ⁣සීයෝට කෙල පෙරන කෙම්ලො ගැන දෙක තුන කරලා මගේ අනාගත නැන්දම්ම වෙන්න පුලුවන් කෙනාට කියද්දි බොස්ට හිතෙන්න ඇති කකුල හපාගෙන වහ ටිකක් බීලා මහවැලියට පනින්න...

වරෙම්කෝ නුවර පැත්තෙ ⁣⁣පූසෝ... හම ගහලා දානෝ මහවැලියට බේරෙ වැවෙන් මතුවෙන්න.

"අනේ.... අජුම්මා අජුම්මා දන්නවද?? ⁣ඔයාගෙ අදල් නොකරපු දේකට මගෙ පඩි කැපුවා කියලා.. ඉහි ඉහි.... ඒ හිංදා ගෙදර ගාන ගෙවා ගන්න බැරි උනා.. හාව ගෙදරින් පැන්නුවා අජුම්මේ"

ඒ හතරබීරි කතාව මොකක්ද කියලා කල්පනා කරන්න ගිහිං පූසා කතරගම ගිහිං අතරමග අතරමං වෙලා..

"අදල්..... ඔයා මෙහෙමද?? ඔයා ළඟ වැඩ කරන අයට සලකන්නේ?? මේ දුව නොහිටින්න අර කුස්සියේ හැදිමිටෙන් හොදවයින් මං සලකලා."

අඩෝ..... අපේ  අම්මගෙයි මෙයාගෙයි වෙනසක් නැහ්... අපේ අම්මත් මං මොනා හරි කරාම මං කාලි මං කාලි කියාගෙන යකා ආවේස කරගෙන හැදිමිට අරගෙන පස්සෙන් පන්නනෝ... ඊටපස්සෙ නොමිලේ පච්චාත් බාගෙ රතු කරලා යනවා... දවස් දෙකතුනකට පුටුවක ඉදගන්නවා බොරු ආය...

මගෙ ප්ලේට් එකට වැඩේ දීලා හං බලාගෙන උන්නෙ ⁣බොසාගෙ ප්ලේට් එකේ තිබුන රෝස් කරපු මස් කෑම්ල දිහා...

සමාවෙන්න මගෙ වෙන්න නැන්දම්මේ..... කෑම ඉදිරියේ මං හරි අශෝභනයි.. අසික්කිතයි, ⁣මලපේරතජනකයි.... කූරයි...

මං කෙල ගිල ගිල ඉන්නෝ අපේ පූස්ගෙ තියුණු ඇහි පිහාටුවක් ළඟ පරිස්සමින් තියලා.............. නෑ නෑ එයා දැක්කා...

"මොකද??"

"ඔයා ඔය මස් කෑල්ල තියං පිලිකුල් බාවනාවේ යෙදෙනවද?? ඒමනම් මං කන්නං කෑම අපතේ යවන්න හොද නෑනේ."

අහලපහල නැන්දම්මා ළඟ නෑ... සෞඛ්‍යාරක්ෂිතයි ඒ කියන්නෙ..

"ආර්ග්..... ආහ් මෙන්න"

"තෑම්ස් බේබි................"

"මේ ලංකාවේ කෙල්ලොනම්."

"මොකක්ද කිව්වෙ"

"නෑ නෑ මොකුත් නෑ කන්න ඔයා."

නාලා කාලා ඉවර වෙලා මං ගි⁣යා මගෙ කාමරේටත් ටයිල් දුන් මිනිසා සොයා...

"දිල්වාලේ පුචුනේ දෙගාාාාාාාාාාාා ඕඕඕඕ"

පෝන් එක බෙරිහං දෙන්න ගත්තා මං සතියකින් ඩේටා කාඩ් නොදැම්මා වගේ..

වෙන කව්රුත් නෙමෙයි මගෙ සදාදර මුගටි මලයා.. ⁣තිනෙත්

"අඩෝ උණ්ඩුකපුච්චෙ"

"අනේ ⁣අක්කෙ පලයං බං යන්න තොට නිකමට හරි අපිව මතක් වෙන්නෙ නෑ.. එනවා උණ්ඩුකපුච්චෙ ගාගෙන"

ඕකගෙ හැටි ඔහොම්මමයි කොයි වෙලෙත් සිවංගියි සේසයි වගේ වෙලෙන්නමයි එන්නෙ.ඔය වෙලේට තමයි වෙලේසුදා කළු බෝතලයක් බීලා ගගට පනින්න හිතෙන්නෙ අම්මපා..

"හරි ඉතිං තොට තිබ්බනෙ මේ අක්කට කෝල් අරගෙන කෑවද බීවද අහන්න, කාඩ් එකක් දාන්න.. පාංකඩයා..  දැං උබ අහවල් එකකටද මේ අක්කව මතක් උනේ."

"ආ මං අනිද්දා ඔහෙ එනවා."

"මොනවා උබ අපේ බොසාගෙ ගෙ... නෑ නෑ කොහෙ එනවා කිව්වා????"

තව පොඩ්ඩෙන් සරිගම ඇතිලිය පිටින් බෙදාගෙන කාලා පරිප්පු ලිදෙන් ඇදගෙනම නානවා..

"මොකක්ද ඒ බොසාගෙ කතාව.."

"හාහා උබ තාම පොඩි එකා.. හිටපිය අර ගමේ opdp සංගමේ වගේ රෙද්දවල් හොයන්නෙ නැතුව.. ඔහේ කොරියා එනවා කිව්වා???"

අනේ මුටත් ඇත්තමයි..... සල්ලි තිබ්බනම් බ්‍රෑන්ඩිනිව් එකකට ඇන්ටික් චීත්තයක්ම අරං දෙනෝ මේ බූරුපුතාට.

"ඔව් ඔව්.... පලයම් ඩෙන්ටිස් කෙනෙක් ගාවට ඔය කන හෝදං එන්න.."

මූ අදනම් කැම්පස් එකෙන් සොට් එකක් ගහලමයි කියලා මගෙ තුන්වෙනි මොලේට තේරුනා.. එක්කො.... එක්කො මුගෙ කෑල්ල දාලා ගිහිං. නැත්තං යකෝ කවද්ද ඩෙන්ටිස්ලා කන් හේදුවෙ

"හරි හරි දැං ඔහේ අර කොරියාවේ ඉන්⁣න රන් කැට වගේ ඉන්නෙ සිරියාවන්ත කොල්ලන්ට කැත කතා කියකිය ඉටිරූප වගේ ඉන්න කෙල්ලන්ට පැණි පෙරපෙර හිටිපු ඔහේ ඇයි මෙහේ එන්නෙ.. පලකෝ වෙන රටකට ඔහෙව හරියන්නෙ සහරා කාන්තාරේ ඔටුවෙක්ට තමා."

"මට ස්කූලෂිප් එකක් ලැබුනා."

"ආං ඒක මිසක් ඒ මට ඔහෙව සතේක බාගෙකටවත් සුවර් නෑ අම්මපා... විබාගෙ කොපි කරන්න ඇති සුවර් එකටම"

"අනේ මේ අක්⁣කෙ... උබ කොරපුවා මං කියන්නෙ නෑ.... ඉස්කෝලෙ කාලෙ අර මලක් වගේ හිටිය තරිදු අයියට........"

"අනේ වල් හිපාටුවා තෝ මාව ලංකාවට එන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටෝ??  ඕවා කියන්න එපා... ඒත්... මතක තිය⁣න්න.. මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බා කියලා.. හිපාටුවා."

මූ මගෙ චරිතේ ඝාතනය කොරන්න ගියෙ. ඕවා අම්මා ඒම දැනගත්තනම් ගහන්නෙ  ගහ⁣න්නෙ හට බූවල්ලෙන් හුම්. මුටත් කට පියං ඉන්න බෑනෙ.

"දැං ඔහෙ කොහෙ ඉන්නද ආසාව"

"හොස්ටල් හම්බෙනෝ.."

"කෑම බීම??"

"ඔක්කොම එහෙන් දෙනෝ."

ඒවා හෙන අසාදාරනයි ඈ.... රජයෙන් රට යැව්ව අපිටවත් ඔහොම නෑ පල් වැඩ ඒවා... පුහ්... හිටහල්ලකො මං ජනාදිපති  වෙනකම් ඔය ඔක්කොටම රිටන් එක දෙන්නම්.

______________________

කිව්වා වගේම කල්පෙකින් ආවො 🙂✌️

අද එක බෝරින්ද හදිසියෙ ලිව්වෙ 💔

යූසර් නේම එක වෙනස් කරා..

Before- @black_lily_9

After- _jesmine_

Continue Reading

You'll Also Like

1M 54.3K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...
10.7M 425K 43
"You will never see me as anything other than a playboy, right?" Started: 12/27/16 Ended: 03/26/17 Highest Rank: #2 in fanfiction (01/04/17) Credits...
26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
1.3K 420 10
මගේ ආදරේ වටිනාකම මේ මල් පෙති වල ඕනවටත් වඩා වැඩියෙන් ඇති. මගෙ ආදරේ ගැන මට තියන එකම සාක්ශියත් මේකයී........... 🥀 Only fanfiction 🥀