💖Unrequited Love💖 ( JUNGKO...

By sandamini1999

7.1K 1.1K 542

දුව....ඔයා මේ marriage එකට කැමතිද? ඔව්...අප්පා..මං කැමතියි.. හ්ම්...එහෙනම් හෙටම මේ විවාහය සිද්ධ වෙයි.. . ... More

02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
💜

01

1.2K 123 31
By sandamini1999

ඔ....ඔප්පා...මට ඔයාට කියන්න දෙයක් තියනවා..

මොකාක්ද? කියන්න...

මේ....මේකයි...ම...මං ඔයාට ආදරය කරනවා.

මොකාක්....ඔයාට පිස්සුද?

හ්ම්....ඔව් මට වේලාවකට එහෙම කියලත් හිතෙනවා...එත්.....ම..මං මේ ඇත්තටමයි කියන්නේ.

මට සමාවෙන්න.එත්..මට බැ ඔයාට ආදරය කරන්න...මොකද මං කෙනෙක්ට දැනටමත් ආදරය කරනවා.

හ්ම්...........එහෙමද?

ඔයා දන්නවාද? එක කෙටි පිළිතුරක් වුනාට එකේ තියන ගැඹුරුම දේ  මොකාක්ද කියන්න? ඔව් හරියටම බැලුවොත් එ් වචනේ තියෙන්න වේදනාවක් විතරමයි. එ් නිසා එ් කෙටි පිළිතුරේ අරුත මට ඔයාට කියන්න තරම් එක මට බර වැඩියි. ඔව් මට එයාගෙන් අහන්න පුඵවන් වුනේ එක විතරමයි. මොකද එතනින් එහාට මට මුකුත් කියන්නවත් බැරි තරමට මගේ අකීකරු ඇස් වලින් වැටෙන්න පොර බඳින කඳුඵ වැල් නිසා මගේ කටහඬ පිට වුනේ නැති තරමි...එ්...එත් මට දැන ගන්න ඔනේ වුනා එයා මාව ප්‍රතික්ශේප කරලා මෙච්චරම ආදරය කරන්නේ කාටද කියන්න.ඔව්..එ් වෙනුවෙන් මගේ හඬ පිට වුනේ කැඩි කැඩියි..

ම...මට ...එ් කවුද කියලා දැන ගන්න පුඵවන්ද? ඔප්පා..

ඔව්..අනිවාරයෙන්ම........

එ්.....තමයි..
.
.
.
.
.
.
.
සලාන්....🥛🥛🥛🥛🥛

මං අතීතයේ මොහොතක අතරමන් වේලා ඉඳිද්දි මං පියවි සිහියට අවේ මට පිටිපස්සෙන් විදුරුවක් බිදේන සද්දෙයක් ඇහිලයි..

මෙච්චර වේලා room එකේ තිබිබ ලොකු විදුරුවෙන් ඈත පෙන අහස දිහා බලාගෙන හිටපු මගේ නෙත් මං යොමු කරේ මට පිටිපස්සෙන් එ් ඇහුනු සද්දයටයි.

කුකී..........

මං පිටිපස්ස හැරෙන කොට මං දැක්කේ නයිටි ටේබල් එක උඩ තිබ්බ වතුර විදුරුව කුකීගේ අත වැදිලා විදුරුව බිම වැටිලා විදුරු කටු room එක පුරා සිසිකඩ විසිරිලා තියනවා.මං අඩි දෙකට තුනට ඉක්මනින්ම කුකී ලඟට ගියේ එයා මේ වේලාවේ හැසිරෙන්න ගත්තොත් මටවත් එයාව පාලනය කරන්න බැරි වෙන නිසාමයි.

එත් මං එයා ලඟට යන කොටත් එයාගේ ඇස් වලින් මං දැක්කේ බය වුනු ස්වරුපයක්.එ් වගේම එ් බෝල ඇස් වලින් කඳුඵ වැටුනුනේ මං බලාගෙනම ඉදිද්දියි.එ් බෝල ඇස් වලින් වැටේන කඳුඵ වාරයක් පාසා මගේ ඇස් වලිනුත් කඳුඵ වැටුනේ මටත් නොදැනිමෙන්.

මගේ...කුකී...බය වෙන්න එපා...මං..ඔයා ලඟින්ම ඉන්නවා...හොඳද? මේක බිම වැටෙන කොට ඔයා බය වුනාද? බියන්..මට ඔයා ගැන අවදානෙන් ඉන්න බැරි වුනාට.අයේ මං ඔයාගෙන් විනාඩියක්වත් හෙල වෙන්නේ නැ හොඳද?

එ් ඇහුනු මිහිරි වදන් වලට කොල්ලා සන්සුන් වුනා..

හ්ම්....ඉතින්..මගේ..කුකී ..අඬන බබෙක් වෙනවාට මම කැමති නැ..අයේ අඬන් නැ නේද? මට පොරොන්දු වෙන්න..

කෙල්ල එහෙම කිව්වේ කොල්ලාගේ කම්මුල් දිගේ පහලට ඇද හැලේන කඳුඵ කෙල්ලගේ අත් වලින් පිහිදාන ගමන්.
එත් කෙල්ල එහෙම කිව්වාත් කොල්ලාගෙන් එක වචනයක්වත් ඔඵව හෙලවීමක්වත් කිසිම රිලැක්ෂන් එකාක් නැතුව කොල්ලා ඔහේ බලාගෙන හිටපු එක විතරයි කරේ.

එයා හරියට පොඩි බබෙක් වගේ..ඔව් වගකීමක් ගන්න පුඵවන් වයසක ඉන්න මගේ කුකී පොඩි ලමයෙක් තරම් හැසිරෙන්නේ.එත්..එයා මෙහෙම හැසිරෙන්න කලින් ලස්සනට ජිවත් වුනු කෙනෙක්.

මම පාක් අරොහි..හැබැයි දැන්නම් මං ජියොන් අරොහි.කුකී කියන්නේ මගේ හස්බන්ඩ්.එත් එයා දැන් මනස කඩාගෙන වැටුනු පුද්ගලයෙක්. හරියට දැන් එයා ඉන්නේ මුකුත්ම කර ගන්න බැරුව විල්චෙයා එකට වේලා දවසම එකම තැනක විතරක් බලාගෙන ඉන්න කෙනෙක් හැටියට විතරමයි.එයාට මෙහෙම වෙන්න වුනේ කොහොමද කියන එකවත් මම දන්නේ නැ.එත් එක දේයක් මට කියන්න පුඵවන් එ් මිට කලින් කූකී කියන්නේ ලස්සනට ජිවත් වුනු කෙනෙක් කියන්න මං හොඳටම දන්නවා.මොකද මං එයාගේ බිරිඳ වෙන්න කලින් මං එයාගේ හොඳම...හ්ම්.....නැ..... යාඵවෙක් කියන්න පුඵවන් තරම් බැඳීමක් අපි අතර නොවුනා.එත් මගේ හිතේ හැමදාමත් එයා හිටියේ හොඳම යාඵවෙක් හැටියට විතරක්ම නේමෙයි.මගේ එක පාර්ශීක ආදරයත් එයාම වුනා.එත් එයාට නම් මං කියන්නේ තරහා කාරයෙක් වගේ.ඔව් එයා හැමදාමත් මට වෙෙරය කරපු එක විතරමයි කරේ..එත්...අදින් පස්සේ මං එයාගේ බිරිඳ වුනේ එයාවත් නොදැන.සමහරක් විට එයාට මේ දේවල් පෙනෙන්නට දකින්න තිබ්බාත් එයාට එ්ගැන ගානක් නැතුව ඇති.

අද මේ විනාඩියක් ගානේ මේ ගෙවෙන්නේ මගේ ජිවිතේ සූන්දරම විනාඩි කිහිප යයි.ඔව් මගේ වගේම කුකීගෙත් හනිමූන් එක.එත් මං කවමදාකවත් මේ විදියට එ් දවස බලාපොරොත්තු වුනේ නැ.එත් මට මේ දවස ගොඩාක්ම විශේෂ දවසක් වුනා. මොකද මට ලබාගන්න බැරි වුනු මගේ ප්‍රථම පිවිතුරු එක පාර්ශික ආදරය ලඟ මං අද මේ ගෙවෙන විනාඩියක් විනාඩියක් ගානේ එයාගේ හදවතට ලං වෙන්න බැරි වුනාත් එයාගේ ලඟින් ඉඳාන් හරි එයාව බලාගෙන ඉන්න පුඵවන් වුනු එකම මට ඇති.මොකද මට එයාගෙන් උනාත් එ් දේ විතරයි මට බලාපොරොත්තු වෙන්න පුඵවන්නේ.

අද මට කුකීව හිමි වුනාත් කවදා හරි දවසක එයා නැවත යාථා තාත්ත්වයට අවොත් එදාට මට මේ හැමදේම අත හැරලා යන්න සිද්ධ වෙයි.එත් කමක් නැ එයා ලඟින් මට මෙහෙම හරි ඉන්න ලැබුන එකට මං සතුටු වෙනවා.මං දන්නවා ඔයා ආදරය කරපු එ් අයිතිකාරිය ඔයා ලඟට අව දවසට මං ඔයාගෙන් ඈත් වෙන්නේ ඔයාව හොඳටම සනීප වුනු දවසටයි.ඔව් මං ඔයාව එයාට උනාත් භාර දෙන්නේ කලින් වගේම ඔය බානි හිනාවෙන් පිරිච්ච මූණ වගේම අතොරක් නැතුව කියවන ඔයාව නැවතාත් ගෙනාත් එයාට උනාත් භාරදෙන්නේ හරි පරිස්සමට.එත කම් ඔයා අකමැති වුනත් මං ඔයා ලඟින් ඉදගෙන ඔයාට ශක්තියක් වෙන්නම් පණ. 
ඔව් මට ඔයා වෙනුවෙන් කරන්න පුඵවන්නේ එක විතරමයි.

මං මගේ ඇස් වලින් වැටෙන කඳුඵ මගේ අත් වලින් ඉක්මනටම පිහිදාගෙන බිම වැටුනු විදුරු කටු ටික ඉක්මනටම ඇහිදලා එතන පිරිසිදු කරා.එ් කරලා මං මෙච්චර වේලාවක් විල්චේයා එකේ ඉඳගෙන ඔහේ බලාගෙන හිටපු මගේ කුකී ලඟට ගිහින් එයාගේ ඔඵවට සිහින් හාදුවක් තිබ්බේ තවමත් මට එ් මූණවත් තොල්වත් අයිති නැති බව මං දන්න නිසා.

ඔප්පා...බෙහෙත් බීලා අපි නිදා ගමු...ඔයා අද ගොඩාක් මහන්සි උනා නේ.

මං එයාගේ අතකින් අල්ලාගෙන එයාව විල්චෙයා එකෙන් හරි පරිස්සමට නැගිටිට වලා එයාව මං බොහොම පරිස්සමට බේඩ් එක උඩින් තිබ්බා.එ් කරලා එයාට බොන්න තිබ්බ බෙහෙත් ටිකාත් මං එයාට පොවලා ඩුවට් එකාත් එයාගේ ඇඟ වැහෙන්නම පොරවලා මං එයාගේ කොන්ඩේ කෙස් අතරින් හෙමිහිට ඔඵව අතගැවේ එයාට නින්ද යනකම්.ටිකකින් එයාගේ බෝල ගෙඩි වගේ ඇස් දෙක පිය වුනේ හරිම සැහැල්ලුවකින්.එත් මගේ හිතනම් මටවත් පාලනය කරගන්න බැරි වෙන තරමටම එයාගේ මුඵ මූණම දිහා මගේ ඇස් එහේ මෙහේ ගියේ මටත් නොදැනීමෙනි.

අරොහි කියන්නේ මිස්ටර් පාක්ගේ වගේම මිසිස් පාක් ගේ එකම දුව.කෙල්ලට ඔප්පා කෙනෙක් ඉන්නවා.කෙල්ලගේ ඔප්පාත් කෙල්ලට පණ වගේ ආදරය කරනවා. අරොහි අහිංසක කම අතින් උපරිමේටම ගිය කෙල්ලක්.හැබැයි කෙල්ල කොච්චර අහිංසක වුනාත් කෙල්ලට රිද්දන්න බලාගෙන ඉන්න අයනම් ගොඩාක් වැඩියි.එ් අතින් විගේෂයෙන් සොයොන් වුනා.

සොයොන් කියන්නේ ජන්කොක්ගේ ex girl friend වාගේම ex wife ත්  වුනා.එ් වගේම අරොහිගේ කොලේජ් යන දවස් වල හොඳම යාඵවා වුනෙත් සොයොන්.

පෙනුම අතින් නම් අරොහිට තිබ්බේ බොහොම ලස්සන චාම් පෙනුමක්.හැබැයි කෙල්ල වැඩි පුරම අඳින්නේ තවුසර් එකයි ලොකු ටී එකයි.එ් කෙල්ලට පහසු නිසා.එ වගේම කොල්ලන්ට පිස්සු වට්ටන්න තරම් දිග කඵ කොණ්ඩයක් ආරොහිට තිබ්බා.හැබැයි කෙල්ල කොච්චර ලස්සන උනාත් එ් ලස්සනින් අයුතු ප්‍රයෝජ ගන්න ගියේ නැ.අරොහි කොලේජ් යන කාලේ ඉඳන්ම කෙල්ලගේ ආදරය වුනේ ජන්කොක්.හැබැයි එ් ආදරය එක පාර්ශික එකාක් වුනා.

කෙල්ලගේ පවුල අතින් කොරියාවේ අංක එකේ බිස්නස් කම්පැනිය හිමි කෙල්ලට වගේම කෙල්ලගේ ඔප්පා උනු පාක් ජිමින් තමයි පාක් කම්පැනි එකේ Ceo වන අතර අරොහි කම්පැනි එකේ ඔවනර් වුනා.කෙල්ලට සල්ලි අතින් කිසිම අඩුවක් නොවුනා.හැබැයි ආදරය අතරින් නම් කෙල්ල ගොඩාක් පාරාජිත වුනා වගේම අසාර්ථක වුනා.

සොයොන් කියන්නේ අරොහිට වඩා ගොඩාක්ම වෙනස් චරිතයක්. අරොහිගේ ගතිගුණ කිසිවක් සොයොන්ට පිහිටලා තිබ්බේ නැ.අරොහි කාරුණාවන්ත වෙන කොට සොයොන් නපුරු චරිතයක් වුනා.
සොයොනුත් අරොහි වගේම පෝසත් ෆැමිලි එක්ක කෙල්ලක්.එත් සොයොන්ගේ පෙනුම අතින් අරොහිට වඩා ගොඩාක් වෙනස් වුනා. අරොහි චාමි වුන අතර සොයොන් මොඩ්ල් වුනා.

____________________________________
🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰

තවත් අඵත් කතාවක් මං ඔයාලට අරගෙන අවා.ඇත්තටම මෙක මගේ 5 වන ff එකයි.

මුලින්ම කියන්න ඔනේ මේ ff එක තුලින් අයිඩල්ගේ සැබැ ජිවිතය කතාව තුලින් මනින්න එපා..

කතාව ගැන ඔයාලට දැනේන දේත් කියාගෙන යන් කෝ මගේ රිඩියන් බබාල ටික..

හ්ම් ...කතාව හොඳයි නමි වෝට් කමෙටි එකකුත් දාගෙන යන් හොදේ.

ඉලඟ කොටසින් නැවත හමුවෙමු...💜💜

Continue Reading

You'll Also Like

7.8K 1.5K 31
අසම්පූර්ණ ආදරය .... හමුවීම හිමිවීම පමණක් ද ආදරය වෙන්වීම තනිවීම දන්නැද්ද ආදරය
6K 693 46
ආදරේ කියන්නේ ගැලපෙන හදවත් දෙකක් එකතු වෙන එකටද? නැත්නම් නොගැලපෙන තැන් ගලපෙන විදියට එක හදවතක් හදාගන්න එකද???? - Black Eye -
5.4K 1K 23
𝖣𝗂𝖽 𝗒𝗈𝗎 𝗄𝗇𝗈𝗐 𝗍𝗁𝖺𝗍 𝗐𝗁𝗂𝗍𝖾 𝗋𝗈𝗌𝖾𝗌 𝗆𝖾𝖺𝗇 𝗉𝗎𝗋𝖾 𝗅𝗈𝗏𝖾! 𝖣𝗈 𝗒𝗈𝗎 𝗁𝖺𝗏𝖾 𝗍𝗁𝖺𝗍 𝗄𝗂𝗇𝖽 𝗈𝖿 𝗅𝗈𝗏𝖾? 𝖧𝗈𝗐 𝖼...
515K 18.5K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...