⚔️⚔️ THE TERRORISTS ⚔️⚔️ yiz...

By Rukshikakalhari

94.1K 19.7K 10.3K

නපුරු ඇස්‍ යට මුදු බවක්.... සිනාවක් නැති රලු හිතක්... කියාගන්නට බැරි කමක්... හිතේ ලියැවෙන පෙම් කවක්.... දරාගෙ... More

♻️ පළවෙනි දිගහැරුම ....
♻️ දෙවැනි දිගහැරුම ...
♻️ තෙවැනි දිගහැරුම ...
♻️ හතරවෙනි දිගහැරුම ...
♻️ පස්වෙනි දිගහැරුම...
♻️ හයවෙනි දිගහැරුම ...
♻️ හත්වැනි දිගහැරුම ..
♻️ අටවැනි දිගහැරුම ....
♻️ නව වෙනි දිගහැරුම ...
♻️ දහවෙනි දිගහැරුම ...
♻️ එකොළොස්වෙනි දිගහැරුම ...
♻️ දොළොස්වැනි දිගහැරුම ...
♻️ දහතුවෙනි දිගහැරුම ...
♻️ දාහතරවෙනි දිගහැරුම ...
♻️ පහළොස්වෙනි දිගහැරුම ...
♻️ දාසය වෙනි දිගහැරුම ...
♻️ දාහත්වෙනි දිගහැරුම ......
♻️ දහ අටවෙනි දිගහැරුම ...
♻️ දහ නවවෙනි දිගහැරුම ...
♻️ විසි එක්වෙනි දිගහැරුම ...
♻️ විසි දෙවැනි දිගහැරුම ...
♻️ විසි තුන්වෙනි දිගහැරුම ....
♻️ විසි හතර වෙනි දිගහැරුම ....
♻️ විසිපස්වන දිගහැරුම .....
♻️ විසිහයවෙනි දිගහැරුම ....
♻️ විසි හත්වෙනි දිගහැරුම ....
♻️ විසි අටවෙනි දිගහැරුම ...
♻️ විසි නවවෙනි දිගහැරුම ...
♻️ තිස්වෙනි දිගහැරුම ......
♻️ තිස් එක්වෙනි දිගහැරුම ...
♻️ තිස් දෙවැනි දිගහැරුම ....
♻️ තිස් තුන්වෙනි දිගහැරුම ....
♻️ තිස් හතරවෙනි දිගහැරුම ...
♻️ තිස් පස්වෙනි දිගහැරුම ...
♻️ තිස් හයවෙනි දිගහැරුම ...
♻️ තිස් හත්වෙනි දිගහැරුම ....
♻️ තිස් අටවෙනි දිගහැරුම ....
♻️ තිස් නවවෙනි දිගහැරුම ....
♻️ හතලිස් වෙනි දිගහැරුම ...
♻️ හතලිස් එක්වෙනි දිගහැරුම .....
♻️ හතලිස් දෙවැනි දිගහැරුම ..

♻️ විසිවෙනි දිගහැරුම ....

2.1K 473 241
By Rukshikakalhari

⚔️⚔️ THE TERRORISTS ⚔️⚔️ ..........

සැනසුම් සුසුමක් හෙලා පල්ලියේ යාතිකාව ඇසුනු පෙදෙසට දෙදෙනාම අත් අල්ලාගෙන ගමන් කරන්නට පටන් ගත්තේය.....

" ජානු...."

" හ්ම්ම්.."

" ඒක එඬේර ගම්මානයක්.. සත්තු බලා ගන්න මිනිස්සු තමා එහෙ ඉන්නේ...දැන් අපි දෙන්නත් ගිහිල්ලා ඒ විදිහට තමයි ජීවත් වෙන්න ඕනෑ.... ගඟෙන් වතුර ඇදගෙන ගෙදර පාවිච්චියට ගන්න ඕනේ... පොඩ්ඩක් අමාරුයි  ජීවත් ජීවත් වෙන්න සතියක් දෙකක් අල්ලගෙන ඉමු ....."

යීබෝ පදුරු සහ  ගස් අතරින් රිංගමින් යන අතර ඔවුන් තව හෝරා කිහිපයකින් ආසන්න වන ගම්මානය පිළිබඳ විස්තර කරන්නට පටන් ගත්තේය....

" එහෙම අමාරු වෙන එකක් නෑ ඕවා අපිට පුරුදු නැතුව නෙවෙයිනේ..."

ශාන් කීවේය ....

" ඒකනේ මං බය නැත්තෙ.... මට ඉන්නේ strome බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නේ....."

යීබෝ ශාන්ගේ අල්ලාගෙන සිටින අත ගෙන පිටි අල්ලට හාදුවක් තැබුවේය.... 

" එතකොට එහෙ නැද්ද සුලෙයිලා ඔත්තු කාරයෝ....."

තවත් විනාඩි කිහිපයක් ඇවිද ගිය පසුව ශාන් ඇසුවේය .....

" අපෝ මොකෝ නැත්තෙ ඉදි... හැබැයි අපි ඉන්නෙ වෙස් වලාගෙන ඔන්න...."

යීබෝ කීවේය ...ශාන් හිස සැලුවේය ... අනිවාර්යයෙන් වෙස්වලාගෙන සිටිය යුතුමය ...අන් සියල්ලන්ටම වඩා මේ මොහොතේ සුලෙයිලාවුන් සොයන්නේ බේව් බව ජජෙනරල් කියු නිසා ශාන් බියවී   සිටින්නේය... ඔහුට මේ ඉරණම අත් වූයේ තමන් නිසා බව ශාන් හොඳින්ම දන්නේ ය.... තමන්ට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නට සිදු නොවූයෙ නම් මේ වන විටත් සමහර විට ඔහු මෙහෙයුම අවසන් කර චීනයට ගොස් සාමාන්‍ය පරිදි ඔහුගේ රාජකාරි ආරම්භ කර තිබෙන්නට ඉඩ ඇති නොවේදැයි  ශාන් වේදනාවෙන් කල්පනා කලේය...

මේ වන විට ඔවුන් පල්ලිය යාතිකාව ඇති හෝරා එකහමාරක් පමණ ගමන් කර තිබුණි... සමහරවිට තව හෝරාවක් හෝ හෝරා දෙකක් පමණ යන විට ඔය කියන එඬේර ගම්මානයට ලඟා  වියහැකි බව යීබෝ කීවේය ...

" ජානු.............."

වෙනසක් නැතුව ටික වේලාවක් ඇවිදගෙන ගියත් එක්වරම යීබෝ ශාන්ව අතින් අල්ලා ගෙන හුන් තැන ම නතර විය... ඔහු සානුව ඇමතුවේ ඇසෙන නෑසෙන හඬකින් ය...shan ප්‍රශ්නාර්ථ බැල්මකින් යීබෝ දෙස බලද්දී ඔවුන්ට මදක් එහායින් වනාන්තරය තුළ කෝටුවක් බිඳෙන හඬක් ඇසුණි...

යීබෝ ඉක්මනින් ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණ කුඩා දුරකතනය රැගෙන මොනවාදෝ කළේය... ගත වන්නට ඇත්තේ තත්පර කිහිපයක් පමණි එක්වරම ඔවුන්ගේ හතර පැත්තෙන්ම තනි  කළු ඇදුම් ඇදගෙන මුහුණ වසා ගත් කණ්ඩායමක් පැන්නේය.... දැන් දෙදෙනා සිටින්නේ ඔවුන් අතරට මැදිව ය...

" මේජර් ශාන්... මේ වෙලාවේ උඹ මගේ ජානු නෙවෙයි....උඹ මේජර් තේරුනාද ...... මගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් බලන් නැතුව උඹ උඹේ ජීවිතේ බේරගන්න බේරගන්න උත්සාහ කරන්න ඕනෙ...."

යීබෝ වටේට අවධානය යොමුකරමින් කීවේය ...

" මං කවුද...."

ශාන්ට  ඇති එකම ගැටලුව නම් මොවුන් සුලෙයිලාවුන් දැයි දැනගැනීමයි....

" අහ්ම්ම්... මුං කැලෑ මංකොල්ල කාරයො....බයවෙන්න දෙයක් නෑ එන අතට නෙලපං.... පරිස්සමෙන් මුන් මාෂල් ආර්ට් දන්නවා...."

යීබෝ කීවේය ... හිතේ සහනයකට ඇත්තේ ඔවුන් අත තුවක්කු නොමැතිවීමයි.. ඔවුන් භාවිතා කරන්නේ කඩු කිනිසි ය....දෙදෙනා ප්‍රතිවිරුද්ධ අතට හිටගෙන පිටට පිට හේතු කර ගත්තේය...

" ඒෂ් එබී ඉන්තා..."
( උඹලට මොනවද ඕනේ)

යීබෝ ඔහුගේ හඬ අවදි කළේය...

" පුලූස්, දැහැබ්, අකිල් , අයිෂෙයි වූ බෑත් "
( සල්ලි රත්තරන් කෑම ඕනෙම දෙයක් වගේම........)

යැයි කියූ ඔහු අවසානයේ ශාන්ගේ සිරුර දෙස උඩ සිට පහළට බලා

" එබී හාද නෆර්..බස් හැග් තලාත සා...."
( මූව ඕනි පැය තුනකට විතරක් ....)

යැයි කීවේය .... සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් අරාබි කතා කරන ආකාරයට නොව මෙම මංකොල්ලකරුවන් කතා කරන්නේ තරමක් වෙනස් ආකාරයට නිසා කියන කිසිවක් ශාන්ට  නම් තේරුනේ නැත...ව්

" යා ආලා බූක් යා කැල්බ්....."
( උඹෙ අම්මට ...............තෝ බල්ලා..)

තරමක් උස් හඬින් දත්මිටි කමින් කෑගැසූ යීබෝ ....

"ජානු මුන්ට අපේ සන්තකව තියෙන හැමදේම දුන්නත් ගැලවෙන්න විදිහක් නෑ ගහපන්..."

යැයි කියා ඉදිරියට පැන්නේය... එසැනින් ශානුත් ක්‍රියාත්මක විය.... දෙකට හයේ අනුපාතයෙන් සටන් වැදීම පහසු නැත නමුත් දෙදෙනාම පුහුණු යුධ හමුදා නිලධාරීන්ය... හැඩි දැඩි සිරුරකින් යුත් මිනිසෙක් කඩුව ඔසවාගෙන ශාන් ඉදිරියට පැන්නේය... පාදයක් නමා ඔහු ලංවෙද්දීම ඔහුගේ යටි කය ප්‍රදේශය ප්‍රදේශයට පහරක් එල්ල කළ ශාන් ඉක්මනින්ම ඔහුගේ අත තිබුණු කඩුව තමන් අතට  ගත්තේය... ඒත් සමගම ඔහුට පිටුපසින් කවුරුන් හෝ දුවගෙන එන හඬ ඇසුණු නිසා යටි කය අල්ලාගෙන වේදනාවෙන් පහත් වී සිටින පුද්ගලයා දෙස නොබලා ශාන් අනෙක් පසට හැරුනේය .... shan අශාන් අතින් යටි කයට පහරක් කෑ  පුද්ගලයාත් යීබෝ මේ වන විට සිහිසුන් වෙන්නම පහරක් එල්ල කර පුද්ගලයෙක් බිම වැටී සිටියේය...දැන් ඔවුන් හට ඉතිරිව ඇත්තේ සිව් දෙනෙක් පමණි....

යීබෝ  මුලින්ම පහර දී තිබුණේ ශාන් ගේ සිරුර දෙස බලා කුමක් හෝ කිව පුද්ගලයාට බව ශාන් දුටුවේය ... ඔහු නහයෙන් කටින් ලේ පෙරාගෙන සිහිසුන්ව වැටී සිටින අයුරු දැක පසුව ඔහු කිව්වේ කුමක් දැයි යීබෝගෙන්  අසන්නට මේ පළහිලව් අස්සේත් shan මතක තබා ගත්තේය....

" ඔන්න බලාගෙන යකෝ...."

ශාන් එකෙකුට පහර දෙද්දී තවත් එකෙක් කඩුව අමෝරාගෙන පිටිපස්සෙන්  පැන්නේය... ඔහුගේ ඉලක්කය වූයේ ගෙල හරහා පහරක් එල්ල කිරීමට වුවත් ශාන් පැන ඔහුගේ පාදයේ මස් ගොබය දෙසට එල්ල කළ ප්‍රහාරය නිසා පහරේ වේගය අඩාල වුවත් ශාන්ගේ  පිට පිටුපස ගෙළට පහලින්  දිග කැපුම් පහරක් එල්ල විය...

"තොගෙ අ#$%%&& "

යීබෝ කේන්තියෙන් ශාන්ට පහර දුන්  පුද්ගලයාගේ ඇඟට ගොඩ වුනු අතර shan වේදනාව දරාගෙන අනෙකා සමග පොර බදන්නට පටන් ගත්තේය... ඇදගෙන සිටින ඇඳුම පුරාවට ලේ ගමන් කරන බව දැනුනත් අල්ලා ගත් අවසාන පුද්ගලයාටත් දෙවියන් සිහි වන්නට ම සැලකූ ශාන්ට සහ යීබෝට හුස්මක් ගන්නට නොහැකි විය.... වනාන්තරය තුලින් ඒ විදිහටම ඇඳගත් තවත් හතර දෙනෙක් කඩාගෙන පැන්නේය....

නමුත්...........

ඒත් සමඟම කිළුටු ඇඳුම් ඇඳ ගත් නමුත් හැඩිදැඩි යැයි සිතිය හැකි පුද්ගලයන් හත් අට දෙනෙකු එතනට දුවගෙන ආවේය...

" කර්නල්........ "

එක් අයෙක් එලෙසින් කියූ නිසා ශාන් ඉහලට ගත් හුස්ම අපහසුවකින් තොරව පහළට හෙළුවේය...... පැමිණි පුද්ගලයින් පිරිස වනාන්තරයෙන් මේ දැන් එළියට පැමිණි මංකොල්ලකරුවන් සිව්දෙනා වට කරගද්දි යීබෝ ශාන්ව තදින් වැළදගත්තේය ....

" ලේ යනවා වැඩී බං......"

යීබෝ ඔහුගේ  කමිසය ගලවා ශාන්ගේත් කමිසය ගලවා එකට ගැටගසා පිට හරහා   දමා පපුව මැදින්  ගැටයක් ගැසුවේය..... එන්න එන්න ම වේදනාව වැඩි වූවත් ශාන් එය කා ගෙන සිටියේය... පැමිණි පුද්ගලයන් හත් අට දෙනා මංකොල්ලකරුවන් සියල්ලම මේවන විට  අඩපණ කර තිබුණු නිසා යීබෝ ශාන්ව දෝතට ඔසවාගත්තේය ...

" මට අමාරුවක් නෑ බේව් පයින් යන්න පුළුවන්   ....."

උඩුකය නිරුවත් යීබෝ  ශාන් ව දෝතට ඔසවා  ගද්දී ඔහුගේ නිරුවත් අත්වල  මස්පිඩු පිම්බෙන අයුරු ශාන් දුටුවේය ...

" කටහගෙන හිටපිය බං.... උඹට අමාරු නැති වුණාට උඹ ඔහොම ඉන්නකොට මට අමාරුයි...... "

යීබෝ පෙරමුණ ගද්දී වැරහැලි වැනි ඇඳුම් ඇඳගත් පිරිස ඔහු පසුපසින් ආවේය .... ශාන් ඉක්මනින් යීබෝගෙ ගෙලවටා අත්දෙක දමාගත්තේය ...සමහරවිට තව හෝරාවක් පමණ පයින් යා යුතුය....

" මාව බරයි නේ...."

විනාඩි දහයක් පමණ නිහඬව ගමන් කල ශාන් සෙමින් ඇසුවේය...

" මීට හොදයි පේමන්ට් එකේ මුට්ට කරගහනවා..."

යීබෝ අහකබලාගෙන කීවේය ....

" එහෙනම් මාව බිමින් තියපන්...මම කිව්වෙ නෑනෙ මාව උස්සගෙන යන්න කියලා..."

ශාන් කේන්තියෙන් කීවේය .....

" නටන් නැතුව හිටපන්... තව එක පාරක් හරි දැඟලුවොත් මෙහෙමම ජොග් ගාලා බිමට අත අරිනවා...."

යීබෝ කේන්තියෙන් කීවේය .... ඉතින් ශාන් යළිත් කිසිවක් කියන්නට ගියේ නැත... ඇදුම් දෙන තුවාලයේ වේදනාවත් දරාගෙන ඔහු නිහඬව සිටියේය... කලින් දින සිදුවූ මිෂන් එකෙන් තුවාලවූ යීබෝගේ දකුණු අත පෑරී ලේ ගලන අයුරු ශාන් දුටුවේ ඊට ටික වේලාවකට පසුවය.... දැන් ඕක මතක් කරන්නට ගියොත් තවත් හොඳ වයින් ටිකක්  අහගන්නට හැකි නිසාම ඔහු නිහඩ විය..

හෝරාවකට ආසන්න කාලයක් ගමන් කල විට වන ගහනය අඩුවී ගම්මානය ආරම්භ වන්නට පටන් ගත්තේය.. ගම්මානය පෙනි පෙනී සියල්ලෝ ම නතර විය.... යීබෝ ශාන්ව පරිස්සමින් එතැන බිමින් වාඩි කෙරුවේය.... කලින් මහා ලොකු කතා කීවත් දැන්නම් shan සිටින්නේ වේදනාවෙන් ය... ඒ මොහොතේම තුවාලයට ප්‍රතිකාරයක් සිදු නොවුණු නිසා දැන් එහි වේදනාව වැඩියෙන් දැනෙන්නේ ය....

එතැන සිටි මිනිසුන් කිහිප දෙනෙක්ගෙන්  එක් අයෙකු අසල පඳුරක් ලඟට ගොස් ඒ තැන සඟවා තිබුණු තරමක් විශාල බෑගයක් පිටතට ගත්තේය...ශාන් දෑස් විසල් කර යීබෝ දෙස බලද්දී යීබෝ බෑගය  රැගෙන පැමිණි මිනිසා සමඟ මොන මොනවදෝ කතා කරන්නට පටන් ගත්තේය...

", ජානු මේ විග් එක දාමු.... ඔයාට රැවුල් ඕන්නෑ..... "

,එම පුද්ගලයා සමඟ ටික වේලාවක් කතා කර ශාන් අසලට පැමිණි යීබෝ ... කළුපාට කැරලි හිසකෙස් සහිත විග් එකක් ෂාන්ට පැළදවූයේය... පසුව ඔහු ඉත්තෑ කූරු මෙන් පහළට වැටුණු හිසකේ සහිත විග්  එකක් දමාගෙන උඩු රැවුලක් පැළඳගත්තේය... ඇත්තෙන්ම දැන් ශාන්ට යීබෝවත් යීබෝට ශාන්වත් හඳුනාගන්නට නොහැකි ලෙසින් දෙදෙනාගේම ස්වරූපය වෙනස් වී ඇත...

වෙස් ගන්වා ගැනීම් අවසානයේ යීබෝ  shan අසලින් අසුන් ගත්තේය...

" අරගොල්ලෝ ගිහිල්ලා ආපහු එනකම් ඉන්න වෙනවා.... පොඩ්ඩක් කරුවල් වැටුනහම ගමට යමු... "

ශාන් යීබෝගෙ උරහිසෙන් හිස තියාගත්තේය .....

"ඇතුලට ගියපු ගමන් බෙහෙත් දාගමු...කට කැඩෙනකම් කිව්වා කල්පනාවෙන් ෆයිට් කරපන් කියලා....අන්තිමට පිටත් කපාගත්තා...."

යීබෝ ශාන්ගේ හිස්මුදුනට හාදුවක් තබමින් කීවේය ...

" බේබු....'"

ශාන් යීබෝගෙ උරහිසෙහි හිස තියාගත්තේය ...

" හ්ම්ම්ම්...."

" ඔයා මොනවද  ඕනේ කියලා අහපු මංකොල්ල කාරයා  මගේ ඔළුවේ ඉඳලා කකුල් දෙක වෙනකම් බලලා මොකක්ද ඒ කිව්වේ...."

shan එසේ ඇසුවත් අනෙක් පසින් තත්පර කිහිපයක් යනකම් පිළිතුරක් නොලැබුණි....ඔහු කේන්තියෙන් පපුව පුරවා හුස්මක් පිට කර.

" ඒ #කයට ගැහුවා මදි මට...."

යැයි පමණක් කීවේය ....

" බේව්..... "

" කට වහගෙන හිටපං බං..... "

,යීබෝ කේන්තියෙන් කිව් නිසා ශාන් යලිත් කිසිවක් අසන්නට ගියේ නැත.... වටින් ගොඩින් අදුර වැටෙද්දී ගිය හය හත්දෙනා වෙනුවට දෙදෙනෙකු පමණක් ආවේය...යීබෝ  ඔවුන් සමග විනාඩි කිහිපයක් කථා කරමින් හිඳ යළිත් ශාන්  අසලට ගියේය...

" යමු ජානු...... "

යීබෝ  කලින් ලෙසම ශාන්ව ඔසවා ගත්තේය...ශාන්  යළිත් ඉක්මනින් ඔහුගේ ගෙල වටේ අත්දෙක බැඳ ගත්තේය.... පැමිණි මිනිසුන් දෙදෙනා සමඟ මොන මොනවදෝ කතා කරමින්  යන යීබෝගේ මුහුණ දෙස සෑහෙන වෙලාවක් බලාගෙන සිටි ශාන්  එක්වරම ඒ කොපුවක් මතින් හාදුවක් තැබුවේය.....යීබෝ  දෑස් විසල් කර ශාන් දෙස බැලුවේය...  කොයිතරම් වේදනාවෙන් සිටියත් ශාන් ඔහුට සිනාසුනේය....

ගම්මානය පෙනි පෙනී ඊට මෙහායින් වැටී ඇති කුඩා අඩිපාරක් දිගේ ඉදිරියෙන් යන මිනිසුන් දෙදෙනා පිටුපසින් යීබෝ ශාන්වත් ඔසවාගෙන ගියේය ... අවසානයේ ඔවුන් කුඩා මැටි බිත්ති සහිත පිදුරු සෙවිලි කළ නිවසක් ඉදිරියේ නතර විය...

" තුවාලෙට බෙහෙත් දාගෙන යමු..."

ඉදිරියෙන් පැමිණි මිනිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවස තුළට යද්දී යීබෝ ශාන්ගේ  කනට කර කීවේය.... ශාන් කිසිවක් කියන්නට ගියේ නැත...සියල්ල සිදුවන්නේ කර්නල්ගේ තනි තීරණ වලට නිසා මේජර් නිහඩවිය...

නිවෙස තුළට ගිය පුද්ගලයා යළිත් පිටතට පැමිණ අතින් ඇතුලට එන්න යැයි සන් කලේය... යීබෝ ශානු ඔසවාගෙන ගොස් කුඩා නිවස තුළ තිබූ ලෑලි ඇඳක් මත ඔහුව මුනින් අතට නිදිකෙරුවේය .... අවුරුදු හැත්තෑවක් පමණ වයසැති වැරහැලි වුණු ඇඳුමක් ඇඳගත් සුදු පාට රැවුලෙන් මුලු මූනම වැසී ඇති පුද්ගලයෙක් පැමිණ ශාන්ගේ තුවාලය පරීක්ෂා කරන්නට සූදානම් විය... එක් රට එක අල්ලා ගැටගසා ඔතා තිබුණු කමිස දෙක ගලවා ඉවත්කර ඔහු ලන්තෑරුම තුවාලය අසලට අල්ලා එය පරීක්ෂා කලේය...

" අව්වල් ශේ සව්වි නද්දෆ් ජිසම්...."
(මුලින්ම මෙයාගේ සිරුර පිරිසිදු කරල ඉමු………)

ඔහු කුඩා කාමරයක් තුලට යන අතර කීවේය....එතැන සිටි ඔහුගේ ගෝලයකු යැයි කිව හැකි තරුණ පිරිමි ළමයෙකු වතුර බේසමක් සහ පැරණි තුවායක් රැගෙන එතැනට ආවේ...

" ආනා සව්වි...."
( මම කරන්නම්)

යීබෝ එම තරුණයා අතින් ඉක්මනින් තුවාය රැගෙන ශාන්ව සෙමින් පිරිසිදු කලේය... ටික වෙලාවකින් කුඩා කාමරය තුලට ගිය වයසක මිනිසා බෙහෙත් සහිත පීරිසියක් සහ වෙළුම් පටි රැගෙන යළිත් එතැනට ආවේය... මුලින්ම ඔහු කැපුම් තුවාලය මතට මොනවාදෝ තෙල් වර්ගයක් වත් කළේය... ටික වේලාවක් යන වේලාවක් යන විට ඒවා හිරි වැටෙන්නට යෙදූ  බෙහෙතක් බව ශාන්ට අවබෝධ විය ...

" එන්ති සව්වි කයියාත් ඇල්හීන්..."
( ඔයා දැන් මහන්නද යන්නෙ....)

තුවාලය මැසීමට අවශ්‍ය උපකරණ තම්බන  අයුරු දුටු යීබෝ ඇසුවේය ...

" ඊ..... මාෆි සව්වි කයියාත් මයි ඊජී කුවයිස් සරා..."
( මැහුම් දැම්මේ නැත්නම් තුවාලෙ ඉක්මනට හොඳ වෙන්නේ නෑ...)

යීබෝ නිහඩවිය... ඔහු ශාන් අසලින් වාඩිවී ශාන්ගේ අතකින් අල්ලාගත්තේය .... ගල්ව ලද බෙහෙත් වලට  රෝහලේදී විඳින බෙහෙත තරම් හිරි වැටෙන්නේ නැති බව යීබෝ දන්නේය... සිදුවන්නට යන්නේ කුමක්දැයි ශාන් අවබෝධ කරගත්තේය ...

" ජානු..."

ශාන්  අවුලක් නෑ යයි කියන්නට හිස සලා සිනාසුනේය.... වෙදමහතා මැහීම ආරම්භ කලේය... පලවෙනි ඉඳිකටු තුඩ හම පසාරු කරගෙන යද්දී ඔලුවත් සමග හිරි වැටෙන්නට වේදනාවක් ඇති වුවත් යීබෝගේ අත කූඩු වෙන්නට තරම් මිරිකාගෙන ඔහු වේදනාව දරාගත්තේය .. ශාන්ගේ නොව යීබෝගෙ දෙනෙත්වල ඔහු කදුලු දුටුවේය .... නමුත් යීබෝ ශාන්ගේ දරාගැනීමේ ශක්තිය පිළිබවද සිත යටින් ආඩම්බර විය...

සියල්ල අවසානයේ මැහුම් දැමූ තුවාලය උඩින් බෙහෙත් ගල්වා වෙළුම් පටිවලින් සම්පූර්ණ තුවාලය එතුවේය... තුවාලය ප්‍රවේශම් කර ගන්නා අයුරු වෙදමහතා යීබෝට උපදෙස් දුන්නේය... අවසානයේ ඔහුට ආචාර කර ගාස්තු ගෙවා යීබෝ ශාන්ව හරහට නොව ඉනවටා කකුල් පටලවාගෙන ඔසවාගත්තේය ...

විනාඩි 10 ක පමණ ගමනකින් පසුව ඔවුන් කුඩා කුඩා නිවාස රාශියක් ඇති ප්‍රදේශයකට ආවේය.... ඒවා හරියට පාන්දර පිපුනු බිම් මල් මෙන් දිස්විය... මැටි වලින් නිමවා තිබුණු නිවාස වල වහලට පිදුරු සෙවිලි කර තිබුණි... ඉතාමත් කුඩා නිවාස වන ඒවා තුල දෙදෙනකුට නම් සැපපහසුව සිටිය හැකිය... නිවාස දහයක පහළොවක පමණ ලාම්පු එළි දිස්විය...තවත් නිවාස කිහිපයක් අන්ධකාරයේ තිබුණි....

අන්ධකාරයෙ තිබුණු නිවසක් අසළට ගිය යීබෝගෙ සහායකයෙකු එම නිවසෙහි දොර  විවෘත කර ඇතුළත ඇති කුප්පි ලාම්පුවක් දල්වා නිවස ආලෝකවත් කළේය....යීබෝ ශාන්ව එහි එක් කොනක තිබුනි ඇදක් මෙන් ප්‍රයෝජනයට ගත හැකි මැස්සක් උඩින් වාඩිකරවා නිවසින් පිටතට  ගොස් පැමිණි පුද්ගලයින් දෙදෙනා සමඟ විග විනාඩි දහයක් පහළොවක් පමණ කතා කරමින් සිටියේය.... අවසානයේ ඔහු ඒ කුඩා දොරත්  වසාගෙන නිවස තුළට ආවේය...

" දැන්මම හාන්සි වෙන්න එපා තුවාලෙ පෑරෙයි..තව ටිකකින් අර ගියපු එක්කෙනෙක් කෑම අරන් එනවා කිවුවා...හෙට ඉදල ඉතින් අපේ වැඩ අපිම කරගන්න ඕනේ... ඔයා ඔහොම වාඩිවෙලා ඉන්න...මෙතන පල්ලෙහා ගඟක් තියෙනවා මම ඇඟ හෝදගෙන එන්නම්..."

තවමත් උඩුකය නිරුවත්ව සිටින යීබෝ ශාන්ගේ හිසත් අතගා එතැනින් එළියට ගියේ දොරත් වසාගෙනයි ....

" ෂිහ්.... කාලකන්නි විදිහට කඩු පාරක් කන්න උනානේ...නැත්නම් එයත් එක්කම ගඟට ගිහිල්ලා ඇඟ හෝද ගන්නවා නේ...මගේ නම් මේ ගෙවෙන්නෙ පුදුම නරක කාලයක් ද කොහෙද...ඒ මදිවට මගෙ බේව් බබාට මාව හැතැප්ම ගානක් උස්සගෙන එන්නත් වුණා....කමක් නෑ ඉතින් boyfriend ලා  වුණහම ඕව කරන්නත් එපැයි... මං ආදරේ නෙ ඉතින් මගෙ මුගටි පැටියට...."

ශාන් තනිවම කියවමින් යීබෝ හින්දූ තැනම වාඩිවී සිටියේය ..

කලින් ඔවුන්ව කැඳවාගෙන ආ පුද්ගලයෙක්  යළිත් පැමිණ රාත්‍රී ආහාරය ලබා දී පිටවී ගියේය.. යීබෝ ඇඟසෝදාගෙන කලින් ඇඳගෙන සිටි සාම්ප්‍රදායික ඇඳුම මෙන්ම කළු පැහැති ඇඳුමක් ඇඳගෙන සිටින දැක ශාන් පුදුම විය...

" බේබු තවුසෙ අහල පහළ වැළකින් වත් ඔය ඇදුම ඉස්සුවද....."

" පිස්සුද බං.... අර මනුස්සයා ගෙනත් දුන්නෙ...හෙට ඇදුම් දෙක තුනක් ගේන්න සල්ලි දීලා යවන්නෝනේ  ...'"

ලැබුනු ආහාර තැටියත් රැගෙන ශාන් අසලින් වාඩිවෙමින් යීබෝ කීවේය ...

", ඔයා ලඟ මෙහෙ සල්ලි තියේද බේබුවො...."

" යකෝ නැතුව මෙහෙ ජීවත්වෙන්නෙ මගෙ අහවල් එක උගස් තියලද..."

ශාන් සිනාසුනේය ...

" මෙහේ සල්ලි වලට කියන නම මොකක්ද බේබුවෝ...."

" ඇෆ්ගන් ඇෆ්ගානී.....AFN කියලා කෙටියෙන් කීයනවා...."

යීබෝ පැහැදිලි කලේය ...

" බේව්වෝ.... "

යීබෝ  මුව අසලට දිගුකල තවත් බත් කටක් හපමින් ශාන් කතාකලේය ...ඇයි දැයි අසන්නේ නැතුව ඔහු ශාන් දෙසම බලාගෙන සිටියේය...

" ඔයාට සැලරි හම්බ වෙන්නේ මෙහෙන් ද එහෙන් ද..."

",එහෙ සැලරි එක මගේ එකවුන්ට් එකට යනවා... මෙහෙ goverment එකෙන් වෙනම ගානක් ගෙවනවා...."

යීබෝ කීවේය ....

" ආවුෂ් ...එහෙනං කොල්ලගෙ චීනෙ එකවුන්ට් එකේ බරගානක් ඇති නේ..."

ශාන් සිනාසෙමින් කීවේය ....

" හ්ම්ම්ම්... අවුලක් නෑ උඹට බල්ටි ගහන්න සල්ලි තියෙනවා ..."

යීබෝ වතුර වීදුරුව ශාන් අතට දෙමින් කීවේය ...

" ඒකනේ....... ත්‍රස්තවාදියෙක් උනත් කමක් නෑ කියලා ආදරේ කරන්න පටන් ගත්තට මොකද කෝටිපතියෙක් නේ..."

ශාන් යීබෝ වෙතට මනමාල බැල්මක් හෙලමින් කීවේය ....

" මට වෙන කවුරුත් නෑනේ ජානු....මගෙ හැමදේම ඔයාගෙ තමයි...මාවත් ඇතුලුව.."

" අනේ මැණික ... එහෙම කියන්නෙපා...ඔයාට මම ඉන්නවනේ.."

ශාන් වේදනාවෙන් කියද්දි යීබෝ ඔහු අසලට පැමිණ කොපුලකට හාදුවක් දුන්නේය ...

", ඉතින් ඒකනේ මාත් ඔයාගෙ කිව්වෙ..."

වාඩිවී සිටි මැස්ස මතින් ශාන්ව නැගිට්ටුවා එය මතට රෙද්දක් එලූ යීබෝ පත්තුකර එල්ලා තිබූ ලන්තෑරුමේ ආලෝකය අඩුකර මුලින්ම මැස්ස උඩ හාන්සිවී ශාන්ව පපුව මතට ගත්තේය...එළෙසින් සිටින විට ඔහුගේ තුවාලය පෑරෙන්නේ නැත....

" මම පැත්තට නිදි යන්නම් බේබුවෝ.... පැය ගානක් මාව උස්සගෙනත් ඇවිල්ලා ඔයාට මහන්සිත් ඇතිනේ..."

ශාන් යීබෝගෙ කොපුලකට හාදුවක් තබමින් කීවේය ...

" සෝබනේ නැතුව නිදියහං ඇහැටුල්ලා..."

යීබෝ ශාන්ගේ ඉනවටා අතක් දමා ඒ මුහුණ මත හාදු කිහිපයක් තැවරුවේය ...ඉතින් හෙට සිට ආරම්භ වන අලුත් ජීවිතය ගැන සිතමින් සිටි යීබෝට ශාන්ටත් පෙර නින්ද ලඟාවිය... කොයිතරම් දරාගෙන හිටියත් අමු අමුවේ මැසූ තුවාලයෙහි වේදනාව තවමත් සිරුරට දැනෙන්නේ ය.... ඉතින් මධ්‍යම රාත්‍රියක් පසුවනතුරුත් ශාන්ට නින්දක් නම් අහලකටවත් ආවේ නැත...

ඔවුන්ට රෝහලකට යන්නට නොහැකි ය...ඉතින් බෙහෙත්  කරගත හැකි හොඳම තැනින්  යීබෝ  තමන්ට බෙහෙත් කෙරූ බව ශාන් දන්නේය..... කරන්නට දෙයක් නැත ලැබෙන අයුරින් ජීවත් විය යුතුය... ඉඳහිට ඉඳිකටු තුඩු අනිනවාක් මෙන් දැනෙන වේදනාවට ශාන්ගේ දෙනෙත්වලින් කඳුළු ගලාගෙන ආවේය... නමුත් ඔහු ඔහුට පහළින් සිටින යීබෝ  අවදි වේ යැයි බියෙන් හෙළ උනේ වත් නැත.... අවසානයේ අලුයම ළඟාවන්නට ඔන්න මෙන්න තිබියදී ශාන් ගේ දෙනෙත් පිය වී ගියේය....

**
**
**
**

මතුසම්බන්ධයි ...

📚 Ru shi ------------------------------------------------------------

✒️  ඉතින් කතාව කියවලා ඔයාලගෙ අදහස් කියාගෙන යන්න...

✒️ හෙට උදේ ONLY WITH YOU අරගෙන එන්නම් .....

✒️ හැමෝම පරිස්සමෙන් ඉන්න 💚❤️🌻

Continue Reading

You'll Also Like

279K 48.5K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
72.6K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
70.9K 11.8K 40
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction