අදත් මං තනියෙන් නිසා මට උයන්න ආසාවක් තිබ්බේ නෑ. හොස්පිට්ල් එකේ ටිකක් වැඩත් තිබුන නිසා ගෙදර එන්න 11 විතර වුනා. ටිකක් දුර වුනත් චිරාත් අයියා එක්ක චැට් එකක් දාගෙන පයින් එන්න මං කැමතී. කෝපි එකක් හදාගෙන පෙරුම් පුරාගෙන ඕඩර් කරලා ඊයේ අතට හම්බෙච්ච 'When breath becomes air' පොතත් අරන් මං සෙටියේ ගුලිවුනා. කකුල් දෙකත් උඩට අරගෙන කෝපි එක නිවෙනකන් ඒකේ සුවඳ විඳින ගමන් මං පොත කියවන්න පටන් ගත්තා. සෑහෙන වෙලාවක් පොත අස්සේ අතරමං වෙලා ඉඳපු මම එතනින් නැගිටිනකොට පාන්දර 2කට විතර ඇති. යශ් හිටියනම් බැණූම් අහනවා මම....
"පොතක් හම්බුනාම මේ ලෝකේ සිහියක් නෑ. වටේ පිටේ කවුරුහරි මැරිලා වැටුනත් දන්නෑ." ඔහොම තමා බනින්නේ. මං පොතට බුක්මාර්ක් එකක් දාලා ෆෝන් එකත් අරන් නැගිට්ටේ නිදාගන්න යන්න. හෙට වැඩ දවසක් නේ.
ඇඳට ගිහින් මං යශ්ට කෝල් එකක් ගත්තා. එයා ආන්ස්වර් කරේ නෑ. වැඩක වෙන්නැති. එයා වැඩක ඉන්නකොට මං කෝල් කරොත් අනිවාරෙන්ම වැඩේ ඉවර වෙලා කීයට හරි මට කතා කරනවා. මං එහෙම්මම ගැලරි එකට ගිහින් පරණ ෆොටෝස් බැලුවා. අපි දෙන්නා පිස්සු කෙලින ඒවගෙන් මගේ ගැලරිය පිරිලා.
එකක යශ් ඉන්නවා කිරි රැවුලක් එක්ක මට ඔරවගෙන.
තව එකක මොබ් එක අතේ තියාගෙන හැලිච්ච මොබ් එක මිරිකපු වතුර බාස්කට් එක දිහා පට්ට අසරණ බැල්මකින් බලාගෙන ඉන්නවා.
තවත් එකක බ්ලැන්කට් එක බිම දාගෙන ඇඟෙනුත් බාගයක් ඇඳෙන් බිමට දාගෙන යශ් නිදි.
නොදැනීම මට හිනාවක් ඇඳෙද්දි මං එකින් එක ෆොටෝ බැලුවා. බලාගෙන බලාගෙන යනකොට මට හම්බුනේ ලොකූගේ ෆේස්බුක් එකෙන් මං ස්ක්‍රීන්ශොට් ගහගත්ත එයාගේ වෙඩින් එක දවසේ පවුලේ හැමෝම ඉඳලා ගත්ත ෆොටෝ එක දිහා. ෆොටෝ එක උඩින් මං අත යැව්වේ හරියට එයාලට දැනෙයි කියලා හිතාගෙන වගේ. ඒත් එක්කම මට කල්පනා වුනා මං එයාලා එක්ක නැතුව දැන් මාස 6කටත් වැඩී නේද කියලා.
මට මාස 6කට එයාලා නැතුව මෙහෙම දැනෙනවනම්........
ජීවිතේම එයාලා නැතුව ගෙවපු යශ්ට මොනවා නොදැනෙනවා ඇතිද......
ඇත්තටම....මං වැරැද්දක් කරාද? හිත නැවතුන එකම තැන නවතින්න හදපු එක ආදරෙන් උණුහුමෙන් පිරුන මගේ පවුලෙන් මාව අයින් කරන්න තරමට වැරැද්දක්ද? මං ඩොක්ටර් කෙනෙක් වුන දවසේ මුළු පවුලම සීමාවක් නැතුව සතුටු වුනා. අම්මයි තාත්තයි ඒ වෙනුවෙන් සතුටු වුන විදිය මට හිතාගන්නවත් බෑ. ඒ තරම් සතුටක් එයාලට දීලාත්.......මං පොඩ්ඩක් වෙනස් කෙනෙක් වුන එක......මේ තරම් වැරැද්දක්ද?
මං හරියට බාගෙට පිරුන හඳක් වගේ.
ලස්සනයි. දිලිසෙනවා.
බාගයක් සම්පූර්ණයි.
තවමත් ඒක හඳම තමයි.
හැබැයි පිරුණු හඳකට සම වෙන්න කොහෙත්ම බෑ.
ඉතුරු බාගේ තියෙන්නේ පවුලේ පස් දෙනා අතේ.
දවසක ඒ බාගේ පිරේවී කියන බලාපොරොත්තුව , මට ජීවත් වෙන්න ශක්තිය දෙනවා.
.............................................................
"බිනූහ්හ්...." යශ්ගේ කටහඬ දොර අරින සද්දේ එක්කම ඇහුනා. මං ගගා හිටපු පොල් බෑය පැත්තක තියලා ඉස්සරහට දිව්වේ අද මේ එයාව දකින්නේ මාසෙකට කිට්ටුවෙන්න උනාටත් පස්සේ නේද කියලා මතක් වෙද්දි. දිව්ව පිම්මටම යශ්ගේ කරේ එල්ලිලා කිස් එකක් දුන්නා මං.
"අනෙ අම්මේ......යකෝ මගේ තනිකඩ දෑස් පව්කරේ ඇයී මේවා බලන්න...." සාකේත අයියගේ කටහඬ ඒ එක්කම ඇහෙද්දි මට මතක් වුනා සාකේත අයියත් එනවා කිව්වා නේද කියලා. මං වෙච්ච ලැජ්ජාව වහගන්නත් එක්ක යශ්ගේ අත් අතරේ ඉඳගෙනම සාකේත අයියට දිව දැම්මා.
"මොකෝ ඉතින්. පලවෙනි වතාවට දකිනෝ නෙමේනේ තමුසේ.....හුෆ්ෆ්ෆ්" මං සාකේත අයියට ඔරවනකොට ඌ අත දික්කරලා මාව කෙනිත්තුවා.
"ආ...ආ....නවත්තගන්නෝ දෙන්නම....පිස්සො දෙන්නා...." මං යශ්ගේ ඔඩොක්කුවේ ඉන්න ගමන් එයාගේ බෙල්ලේ මගේ නහය ඇතිල්ලුවා.
"බිනූ....සාකේත රෑ යනවලු"
"මෙච්චර රෑ වෙලා? ඒයි අයියේ....හෙට උදෙ යනවා. මෙච්චර රෑ වෙලා යන්නෙපා." මං සාකේත අයියට කිව්ව්වා. හෙට එයාගේ අක්කගේ ඩිලිවරි එකට සෙත් පතලා පිරිතක් කියලා දානයක් දෙනවා. හෙට රෑ පිරිත් අනිද්දා උදේ දානේ. අපි දෙන්නටත් එන්න එන්න කියලා කිව්වට අපේ හරි තීරණයක් තිබුන්නෑ.
"බෑ බං.....මං උදව් වෙන්නෙපැයි ගිහින්. උඹලා එන්නෙත් නෑ නේ ඉතින්. හුහ්" සාකේත අයියා එහෙම කියනකොට යශ්ගේ මූණ වෙනස් වුනා. එයා සාකේත අයියට කොච්චර ආදරේද කියන්න මං දන්නවා. එයාට නිවාඩු හම්බෙයිද කියන එක ගැන ලොකු ශුවර් එකක් නොතිබ්බ නිසයි අපි තීරණේ කරලා නොතිබුනේ.
"බිනූ...යමුද අපිත්...." යශ් අයියා හෙමිහිට මගේ කනට කෙඳිරුවා. මං ඔලුව වැනුවෙ හා කියන්න.
"යං...." සාකේත අයියට ඒක ඇහුනා විතරයි කට කනේ.
"එනවද සිරාවටම? ඈ....ඒනම් අරුන් දෙන්නටත් එන්න කියමු...." සාකේත අයියා ෆෝන් එක අතට ගත්තේ චිරාත් අයියට කතා කරන්න. මුං ඔක්කොම එකයි. මේ කිව්වා මේ ගියා. ට්‍රිප් යන්න ගියාමත් එහෙමයි. උදේ කතා වුනා හවස ගියා. මුං එක්ක මේවට ඔට්ටු වෙනවට මට වෙනම ගෙවන්නෝනේ. මං යශ්ටයි සාකේත අයියටයි තේ දෙකක් හදලා තියලා ඇඳුම් බෑග් දෙකත් දඩිබිඩියෙම හදලා පැත්තකින් තියලා වොශ් එකක් දාගත්තා.
"බිනූ.....ලෑස්ති වෙලා ඉවරද ඔයා....?" චිරාත් අයියා මට කතාකරගෙනම රූම් එකට ආවා.
"ඕ අයියේ...."
"හරිද....උදව්වක් ඕනෙද බලන්න ආවේ...." චිරාත් අයියා මගේ පුටුවෙන් වාඩි වෙන ගමන් කිව්වා. මං සුදු ශර්ට් දෙක සුදු ඩෙනිම් දෙකත් එක්ක අයන් කරලා නවන ගමන් හිටියේ. මොනා වුනත් අපේ ගෙදර පට්ට පිලිවෙලයි. යශ් දැඩි නීති මැද්දේ හමුදාවෙන් පිලිවෙල පුරුදු වෙද්දි මං පුංචි කාලේ ඉඳන්ම අම්මගෙන් පිලිවෙල පුරුදු වෙලා හිටපු නිසා කොහේ යන්න ගියත් කවුරු බෑග් ලෑස්ති කරත් පිලිවෙලට ඒවා කරනවා. ඒ වුනාට යශ් කම්මැලී මේ වගේ වැඩ වලට.
"මේ දෙක අයන් කරගත්තම හරි අයියේ. උදේවත් කට්ටිය කතා වෙලා කිව්වනම් ලෑස්ති කරලා තියනවනේ. සෙද්ද...පොලුත් ගෑවා රෑට උයන්න." මං හිනාවෙන ගමන් කිව්වා.
"කතා කරලා වැඩක් නෑ...." චිරාත් අයියා පුටුවේ ඇන්දෙන් ඔලුව තියාගන්න ගමන් කිව්වා. පට්ට නිදිමතයි මටත්. ඊයේ රෑ නයිට් එකත් ඉවර වෙනකොට මේ සතියෙම කරපු වැඩ වල මහන්සිය දැනෙන්න පටන් අරන් තිබ්බේ මට. මං උරහිස් වටේ දාගෙන හිටපු තුවාය අයින් කරලා ටීශර්ට් එකක් ඇඳගෙන ඊට උඩින් හූඩියක් දාගත්තා. චිරාත් අයියා පුටුවේ ඇන්දට ඔලුව තියාගෙන නිදිකිරා වැටෙනකොට මට හිනා ගියා. එයා ගොඩක් දුරට මං වගේ. හිතන විදිය එහෙම....හුඟක් දුරට එක වගේ. ඩියෝන්ටත් වඩා මං සමහර වෙලාවට එයාට ලඟ ඒ නිසාමයි. චිරාත් අයියා මට හොඳම හොඳ අයියෙක්. ඕනම දුකකදි කරදරේකදි බය නැතුව ගිහින් කියන්න පුලුවන් සහෝදරයෙක්. මං වගේම හිතන පතන කෙනෙක් නිසා මං එයා එක්ක දේවල් බෙදාගත්තා හුඟක් වෙලාවට. ඩියෝන් වගේම මං එයාවත් සැලකුවේ මගේ සහෝදරයෙක් හැටියටමයි. ඕන දේකට එයා ලඟ උත්තරයක් තියනවා.
"උත්තර නැති ප්‍රශ්න නෑ බං. කේස් එක අපි ඒවා හොයන්න පට්ට කම්මැලී" ඒක තමා එයා හැමතිස්සේම කියන්නේ.
මං ඔලුවට තට්ටුවක් දැම්මාම චිරාත් අයියා නිදිමතේම නැගිටලා පහලට ගියා. යශ් කාමරේට් එද්දි මං හිටියේ කොණ්ඩේ පිහිදන ගමන්. ඒක වැවිලත් වැඩී අප්පා. ඇසුත් වැහිලා. කපන්නෝනේ ටිකක්. යශ් ඇවිල්ලා මගේ බඩ වටේට අත දාලා මාව අල්ලගත්තා. මං තුවාය ඇඳට දාලා අතින් කොණ්ඩේ හදාගත්තා.
"කොණ්ඩේ වැවිලනේ සුදූ...."
"ම්ම්ම්....කපන්නෝනේ....."
"එපා.....ඕම තියන්න...ඔය ගාන හොඳයි"
"ච්ප්...ඇසුත් වැහිලා"
"කමන්නෑ....ඔය ඇස් දෙක මං දැක්කම ඇති. ඕක මහ භයානක ඇස් දෙකක්."
"ඇහ්? ඒ මොකෝ...."
"ඕක දැක්කම වශී වෙනවා. ඕක ඇතුලෙම හිරවෙන්න හිතෙනවා. ආයේ කවදාවත් නිදහස් නොවෙන්නම" යශ් මගේ බෙල්ල පුරා හාදු තියන ගමන් කිව්වා.
"අනේ යනවා. තෞසෙගේ මායම්...." මං කොණ්ඩේ අතින් පස්සට කරන ගමන් කිව්වා.
"ඕයී.....රොමෑන්ටික් වෙන්න දීපං..." යශ් මාව තල්ලු කරලා ඔරවගෙන කියනකොට මට හිනාවක් පැන්නා.
"අනේ තොගෙයි මගෙයි අහවල් රොමෑන්ටික්. ලෑස්ති වෙයන් ඉක්මනට."
දඩාස් !!!!
"ආහ්හ්....තමුසෙට මම අද...." මං යශ්ට පයින් ගහලා ඇඳෙන් බිමට දාලා බෑග් දෙක අරගෙන පහලට දිව්වා.
Vote if you like. Comment of you felt.
_Monalisa
බිනූගේ වැවිච්ච කොණ්ඩේ hairstyle එක.....ප්ෆ්ෆ්ට්ට්....ඒක ගති අප්පාහ්හ්......මේක දැකලමයි මට බිනූගේ කොණ්ඩේ වවන්න ඕන වුනේ......
#monalisa_smile_in_pain_new_crush_panic_edition#