"let me do it keshav...." ලෙඩාගේ ඇඳ ලඟ ඉඳන් cpr දිදී හිටපු දාඩිය පෙරාගෙන ඉඳපු පොඩි එකාට අමාරුයි කියලා තේරුන නිසා මං ටක්ගාලා එයා එක්ක තැන් මාරු කරගත්තා. මං උපරිම ශක්තියෙන් ඇඳේ හිටපු මැදි වයසේ ගැහැණු කෙනාට cpr දෙන්න පටන් ගත්තා. විනාඩියකින් විතර පස්සේ ඒ හාර්ට් එක ආයෙම ගැහෙන්න ගත්තේ මාව එතන ඉඳපු චිරාත් අයියගේ ඇඟට හේත්තු කරවමින්.
"good job පුතා....well done" ජෙනරල් සර්ජරි ඩිපාර්ට්මන්ට් එකේ සර් මගේ පිටට තට්ටුවක් දාගෙන ගියා. මං කවුරුහරි ගෙනත් දුන්න පුටුවට කඩාගෙන වැටුනේ දාඩිය පිහිදන ගමන්. මං එහෙම්මම වටපිට බලනකොට කේශව් පුටුවක ඉඳගෙන හති අරිනවා. මං එයා දිහා බලලා ස්තූති පූර්වක බැල්මක් දානකොට පොඩි එකා හිනාවුනා. මට ඇතුලේ ඉන්න බෑ වගේ හිතුන නිසා චිරාත් අයියා එක්ක ඉස්සෙල්ලා හිටපු තැනටම ආවා.
"උඹ නම් මාරයී මල්ලි. කොච්චර මහන්සි වුනත් උඹ කිසි දෙයක් අතාරින්නෑ" චිරාත් අයියා මගේ තෙත කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යවන ගමන් කියද්දි මං හිනා වුනා.
"වොශ් එකක් දාගෙන එමුද අයියේ...? මට දාඩියයි..." මං චිරාත් අයියට කිව්වා.
"යං...."
..............................................................
අපි දෙන්නා වොශ් එකක් දාගෙන පොඩ්ඩක් එලියට ආවේ අපෙ තේ කොල ඉවර වෙලා තිබුන නිසා. ඩියෝන් ගෙදර ගිහින් නිසා මිසක්...නැත්තන් එයත් අපි එක්ක එලියට එනවා. යක්කු ගස් නගින වෙලාවට තමා අපි පාරට බහින්නේ. අවුලක් නෑ සුපර් මාර්කට් එක 24 අවර්ස් ඕපන්. අපි දෙන්නා සීතලට ගැහි ගැහි එස්කිමෝ කොල්ලෝ දෙන්නෙක් වගේ ග්ලවුස් , මෆ්ලර්ස් දාගෙන පාර දිගේ හෙමිහිට දිව්වා. තේ කොලත් අරගෙන මාර්කට් එකේ වටේකුත් දාලා අපි දෙන්නා බිල් එක ගෙවන්න ගියා. සීතලට රතුවෙලා ඉඳපු අපි දෙන්නා දිහා බල බල කැශියර් කෙල්ලෝ ටික හිනාවෙනකොට මං එයාලට ඇහැකුත් ගහගෙනම එලියට ආවා. අපි දෙන්නා එලියට එද්දිම,
"ආ වීරයා.....හහ්....මං මේ හම්බෙනකන් ඇඟිලි ගැන ගැන හිටියේ...." කවුද මනුස්සයෙක් අපේ ඉස්සරහට ඇවිත් කියද්දි මං චිරාත් අයියව අතින් පස්සට කරා.
"කවුද තමුන්?" මං සැරෙන් එහෙම අහද්දි ඒ මනුස්සයා මූණ වහන් ඉඳපු එක ගැලෙව්වා.
අර මනුස්සයා....අර පොලීසියට අල්ලලා දුන්න එක්කෙනා. තමන්ගේ ලමයට කරදර කරපු තාත්තා.
"මං කිව්වනේ එනවා කියලා තමුන්ව හොයාගෙන." එහෙම කියද්දිම පිටිපස්සෙ ඇවිල්ලා රෙදි කෑල්ලක් මගේ මූණට තද වුනා විතරයි මට මතක. මගේ අතේ තිබ්බ ෆෝන් එක බිම වැටුනා.
..............................................................
වොශ් කරගෙන ඇවිල්ලා මං සාකේත එක්ක කයියක් දාගෙන ඉන්න ගමන් මල්ලිගේ ෆෝන් එකට ට්‍රයි කරා.
"ඇයි අප්පා මෙයා ආන්ස්වර් කරන්නැත්තේ?"
"ඒ ලමයට වැඩ ඇති බං....අපිට වගේද මොකෝ ලෙඩ්ඩුන්ට කියලා අමාරු වෙනවා හදිස්සි වෙනවා කියලයෑ" සාකේත එහෙම කියද්දිම මල්ලිගේ ෆෝන් එක ආන්ස්වර් කරා.
"බිනූහ්හ්හ්....වැඩක්ද මල්ලී ?"
"මේ කතා කරන්නේ ග්‍රීන් ස්ටාර් සුපර් මාර්කට් එකෙන්..." මං එකපාරටම පුදුම වුනේ මං හරි නම්බර් එකටද ග්ත්තේ කියලා. බිනූගේ ෆෝන් එකෙන් කොහොමද ටවුන් එකේ සුපර් මාර්කට් එක?
"ඔයාලට කොහෙන්ද මේ ෆෝන් එක?" මං අහනකොට සාකේත තුවාය අතේ තියාගෙනම ඇඳෙන් වාඩි වුනා.
"මේ ෆෝන් එකේ අයිතිකාරයා ඩොක්ටර් බිනූශ නේද? "
"ඔව්"
"දැන් විනාඩි 5කට විතර කලින් එයා තව කෙනෙක් එක්ක අපේ සුපර් මාර්කට් එකට ආවා. එයා එලියට යනකොට වෑන් එකකින් එයාවයි අනික් කෙනාවයි අරගෙන ගියා. ඒත් එයා කැමැත්තකින් ගිය බවක් පෙනුනේ නෑ. එයාගේ ෆෝන් එක වැටිලා තිබ්බා. වෝල්පේපර් එකෙන් අපේ ගර්ල් කෙනෙක් අඳුරගත්තේ මේ ඩොක්ටර්ගේ ෆෝන් එක කියලා." මගේ ඇඟ පණ නැති වුනා.
"මො...මොකා...ක්ක්?"
"අපි හොස්පිට්ල් එකට දැනුම් දුන්නා. එමර්ජන්සි නම්බර්ස් වල මේ නම්බර් එක තිබ්බ නිසායි ගත්තේ."
"ත්..තැන්ක්‍යූ...සෝ..මච්....මං...ද්...දැන්....එන..වා" මං අමාරුවෙන් වචන ගැටගහගෙන ෆෝන් එක තිබ්බා. ඒ එක්කම අපේ රූම් එකේ දොරට ක්නොක් එකක් වැටුනා. සාකේත ගිහින් දොර ඇරියා. එතන හිටපු හදිසි පැමිණිලි භාරගන්න සෝල්ඩ්ජර් සැලියුට් කරා.
"සර්....හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්ව කිඩ්නැප් කරලා කියලා කම්ප්ලේන් එකක් කරලා තියෙනවා. ලඟම කෑම්ප් එක අපි නිසා පොලීසියෙන් එනකන් අපිට හැන්ඩ්ල් කරන්න කිව්වා."
"කට්ටිය එකතු කරන්න. ටීම් 1, 2 එකතු කරන්න. අපි එනවා දැන්" සාකේත එහෙම කිව්වම ආයේ ආචාර කරපු කොල්ලා දුවගෙන ගියේ පනිවිඩේ කියන්න. මං ඔහේ ඇඳ උඩ කකුල් දෙක අස්සේ ඔලුව ගහගෙන හිටියා. සාකේත මං ලඟට ඇවිල්ලා නිකටෙන් අල්ලලා මගේ ඔලුව ඉස්සුවා.
"යශ්....මං කියන දේ අහගෙන නේද ඉන්නේ?" මං කඳුලු වලට ඔහේ ගලන්න දීලා එයාගේ බඩට හේත්තු වුනා.
"යශ්....උඹ වැටෙන්නෙපා හොදද....උඹ කෙලින් හිටියොත් විතරනේ මල්ලිව බේරගන්න පුලුවන්....අපිට පුලුවන් බං...මේ වගේ වැඩද අපි කරේ...මේක ගේමක් නෑ යශ්.....මං ඉන්නවනේ.....උඹ කෙලින් හිටපන් මේ වෙලාවේ... මේ වෙලාවේ උබ එලියට දාන්න ඕනේ බිනූගේ බෝය්ෆ්‍රෙන්ඩ් යශ්ව නෙමෙ බ්‍රිගේඩියර් යොශේන් දිනුජයව.....හා නේද? ම්ම්ම්" සාකේත මගේ කඳුලු පිහිදන ගමන් කිව්වා.
"මොකද්ද බං මේ වුනේ?"
"මං දන්නෑ යශ්....ඒත් අපි හොයාගමු..මල්ලිට මුකුත් වෙලා නැතුවැති. චිරාතුත් ඉන්නවනේ...මගේ යාලුවත්....අපි හොයාගමු....." සාකේත මාව කෙලින් කරවලා නැගිට්ටෙව්වා. මං හිත හදාගත්තේ මේක කොහොමහරි කරනවා කියලා. එහෙම තමයි....සමහර වෙලාවල් එනවා අනික් සේරම පැත්තක දාලා කරන්න ඕනේ දේ විතරක් කරන්න වෙන.
ටීම්ස් දෙක අරගෙන හොස්පිට්ල් එකට යනකොට ඩියෝන් කුණාටුවක් වගේ ඇවිත් සාකේතගේඑ තුරුලේ අඬන්න පටන් ගත්තා. එයාව සාකේත සනසන අතරේ මං සෝල්ඩ්ජර් කෙනෙක් යවලා ගෙන්නගත්තු ෆෝන් එක චෙක් කරන්න පටන් ගත්තා. දිගින් දිගටම චිරාත්ගේ ෆෝන් එකට අපි කෝල්ස් ගත්තත් ඒක වැඩ කරේ නෑ. ඒ අතරෙම සාකේත බිනූගේ ලොකු අයියට ඉන්ෆෝර්ම් කරා. එයා අනික් අය එක්ක දැම්මම එනවා කියලා කිව්වම සාකේත කිව්වේ අනිත් අයට කියන්නැතුව එක්කගෙන එන්න කියලා.
ඒත් එක්කම වගේ පොලීසියත් ආව නිසා අපි කෑම්ප් එකට ගිහින් චිරාත්ගේ ෆෝන් එක ටැප් කරේ ඒක මේ වෙලාවේ එයාලා ඉන්න තැන හොයාගන්න අපිට තිබුන එකම ඔප්ශන් එක නිසා. කොල්ලෝ ඒ වැඩ ටික කරනකොට මං සාකේත එක්කයි පොලීසිය එක්කයි කතා කර කර හිටියේ කවුද මේකට සැක කරන්න පුලුවන් කියලා.
"බිනූටවත් චිරාත්ටවත් කිසිම තරහකාරයෙක් නෑ අයියේ...." ඩියෝන් කඳුලු පිහිදාන ගමන් කිව්වා. මං ඔලුවට අත් දෙක තියාගෙන කල්පනා කරේ කවුරු මේක කරා වෙන්න පුලුවන්ද කියලා. සාකේත මට කකුලෙන් ඇන්න නිසා මං ඒ දිහා බැලුවා.
"උඹලා දෙන්නගේ සම්බන්ධේ දන්න එකෙක්...උඹෙන් පලිගන්න...." සාකේත කියද්දි මං කිව්වේ ඒක වෙන්න විදියක් නෑ කියලා.
"එහෙම වෙන්න බෑ බං. කවුරුත් දන්නෑ උඹලා ඇරෙන්න" මං දහ අතේ කල්පනා කරන ගමන් කිව්වා. මං කඳුලු නවත්තන් හිටියේ හරි අමාරුවෙන්.
Vote if you like. Comment if you felt.
_Monalisa