"ඉවරද මිස්?"
"ඔව් සර්....මේ අන්තිම එක ඉවර වුනේ. ගුඩ් ජොබ් සර්" තියටර් එකේ නර්ස් එහෙම කිව්වාම මං එයාට ස්තූති කරලා වැනි වැනි එලියට ආවේ තියටර් කැප් එක අත් දෙකෙන්ම ගලවන ගමන්.
"මොකෝ බං මේ බීපු එකෙක් වගේ?" අන්තිම සර්ජරීස් දෙකට මට ඇසිස්ට් කරපු චිරාත් අයියා මගේ කරට අත දාගෙන ඇහුවා.
"මහන්සී අප්පා. ඇයි අනේ මේ තරන් පෝශක ප්‍රදේශයක් තියන ඉස්පිරිතාලෙකට තව සර්ජන් කෙනෙක්ව දෙන්න බැරි? බලනෝ....අද දවසට මං පැය 12 එක දිගට හිටගෙන. පැය 5 හිටගෙන ඊටපස්සේ පයකින් ආයේ පැය 7 හිටගෙන. මට මහන්සී අනේ...." මං කෙඳිරි ගාන ගමන් එයාගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා හිටගෙනම.
"හා හා...මොනා කරන්නද බං....උඹ යමන් ඩොක්ටර්ස් රූම් එකට. මං කෝපි එකක් අරන් එන්නම් උඹට." චිරාත් අයියා මාව හෙමිහිට ඉස්සරහට තල්ලු කරලා ඔලුව අතගාගෙන ගියා.
දොස්තර කෙනෙක්ම විතරමයි මේ වේදනාව දන්නේ. ලේ ගොඩක් මැද්දේ පැය ගානක් හිටගෙන ඉඳලා කපලා කොටලා ඉවර වෙලා එලියට එනකොට දැනෙන්න පටන් ගන්න ඔලුවේ කැක්කුම අපිව පිස්සෝ නොකරනවා පුදුමයි කියලා වෙලාවකට හිතෙනවා. මේ වගේ වෙලාවට නින්දක් දාන්න තියෙනවා කියන්නේ පට්ට සැපක්.
මට ඩොක්ටර්ස් රූම් එකේ හිරවෙලා ඉන්න බැරි ගතියක් දැනුන නිසා එලියේ තිබ්බ බෙන්ච් එකකින් වාඩි වෙලා චිරාත් අයියට ටෙක්ස්ට් එකක් දැම්මා මං ඉන්න තැන. මං අත් දෙකට බර දීලා බෙන්ච් එකේ හරිබරි ගැහුනා. වෙලාව රෑ 11.30ට විතර ඇති. මං ෆෝන් එක අතට අරන් අයියට කෝල් එකක් ගත්තා.
"වැඩ ඉවරද බිනූ...."
"හ්ම්ම්...මහන්සී..." මං බෙන්ච් එකේ දිගෑරෙන ගමන් කිව්වා. මගේ උරහිස් දෙක රිදෙනවා හොඳටම.
"නිදාගන්නවද එහෙනම්? තවත් ඇහැරන් ඉන්නෙපා."
"හ්ම්ම්....මං මේ තරු බලනවා."
"ලඟක හිටියනම් උඹට තරු පෙන්නන්න තිබ්බා මැණික...කොහෙද ඔයාගේ නෑ නේ කිසි උනන්දුවක්..."යශ් අයියා කුප්පම කුප්ප කටහඬකින් කිව්ව ඩබල් මීනින් කතාව තේරෙන්න ටිකක් වෙලා ගියා මට. මට දැනුනා මගේ කම්මුල් යටින් රස්නයක් ගලාගෙන එනවා. ආහ් ශිට්.....
"අයියේඒඒඒඒඒඒඒහ්හ්හ්හ්හ්......" මං හෙමිහිට එයාට කෑ ගහනකොට එයා හයියෙන් හිනාවෙන විදිය ඇහීලා මගේ මූණෙත් හිනාවක් ඇඳුනා.
"සීතලයී බං....යන්න ඇතුලට දැන්. මහන්සිත් වෙලා ඉන්න එකේ තවත් එපා සීතලේ ඉන්න."
"දැම්ම තියන්නෙපා." මං ඇවිටිලි කරේ අපේ තියන වැඩ කන්දරාව එක්ක කතා කරන්න හම්බෙන තත්පරේ පවා මාර විදියට වටින නිසා.
"අනේ මං ලොකු වැඩක්නේ සුදූ.....ම්ම්ම්....රෑ වෙලා ගන්නම් ඔයාට ආයේ....හොඳද...." යශ් අයියා දුකෙන් කිව්වා.
"මොනාද වැඩ ඔච්චර?"
"ඒවා එහෙම ඔයාටවත් කියන්න බෑ බිනූ.....මේ රස්සාවේ හැටි එහෙමනේ....."
"හ්ම්ම්හ්හ්.....වැඩ ඉවර වෙලා කතා කරන්න එහෙනම්. අද නයිට් මම"
"නයිටුත්ද? මහන්සි නැද්ද උඹට.....ඔය මගුල අල්ලලා දාලා නිදාගනින් බං...අසනීප වෙයි උඹ"
"පිස්සුද අයියේ.....එදා ඔයාව අරන් එන වෙලාවෙත් මං එහෙම ගිහිල්ලා තිබුනනම්.....උඹට මොකද්ද වෙන්නේ? අමාරුයි තමා.....මහන්සී අම්මටසිරි වෙන්න. මේ කතා කරාට ඒකටවත් පණ නෑ. පට්ට මහන්සී.....ඒත් කරන්න ඕනේ....එහෙමයි අපී දිවුරුම් දීලා එන්නේ. මේ අපි ආසාවෙන් තෝරගත්ත ජීවිතේ. දැන් අතෑරලා හැරිලා යන්න බෑ. එහෙම කරන අය ඇති...ඒත් මේ බිනූශ ජන්‍වීර් කොඩිකාර එහෙම කෙනෙක් නෙමේ......" මං ආපු ආවේගෙට කියාගෙන කියාගෙන ගියා. අයියා ටික වෙලාවක් නිහඬව හිටියා.
"අයියේහ්හ්?" මංම කතා කරා.
"මං කල්පනා කරේ මගේ බිනූට තියෙන්නේ කොච්චර ලොකු හිතක්ද කියලා. සොරි සුදූ......කාත් කවුරුවත් නැතුව හැදුන මට උඹවත් ඕවා කියලා දීපන්....." අයියා සතුට මිශ්‍ර වෙච්ච ආඩම්බරේකින් කතා කරා.
"සොරි අයියේ කෑගැහුවට.....තරහා ගියා චුට්ටක්"
"ඒකට කමක් නෑ මල්ලී....මං එක්ක නැතුව කා එක්ක තරහ ගන්නද උඹ.....උඹ කිව්වේ ඇත්ත. මං වගේ නෙමෙයි....උඹ හරි ලොකු හිතක් තියන කොල්ලෙක්. මං සුදුසුද මන්දා බං උඹව ලබන්න...." අයියා කිව්ව එකට මට ආයේ කේන්ති ගියා.
"අනේ මේ අයියේ කන්න හදන්නේ ඔයා මගෙන් හොඳේ.....තමුසේ සුදුසුයි ඕයී...තමුසේ තමා හොඳම.....පවුල ඇරුනාම මට වටිනම දේ.....ආයේ ඔය වගේ දේවල් කියන්නෙපා....අම්මපා ගහනවා උඹට සාකේත අයියා ගැහුව එක වගේ දෙගුණයක්....." මං වේගෙන් හුස්ම ගත්තා.
"අම්මෝහ්හ්...තොපි දෙන්නම එකයි යකෝ...පුලුවන්නම් මාව රෝස් කරන් කයි....." යශ් අයියා එහා පැත්තේ ඉඳන් හිනාවෙන ගමන් කිව්වා.
මල වදේ මේ මිනිහගෙන්...මාව කේන්ති ගස්සන එකමයි වැඩේ. මං නහයෙන් පිම්බා.
"කිස් එකක් දීපන්....හුහ්...." මං මගේ උපරිම බලය පාවිච්චි කරන ගමන් කිව්වා.
"හෑ.....මේ පොඩි අය ඉන්නවා මැණික මෙතන....හෙට උදේට දෙන්නම්...."
"නෑ දැන්....දැන් දෙන්න....."
"අනේ ඕයී මේ ජූනියර්ස්ලා වගයක් ඉන්නවා" අයියා පට්ටම අසරණ කටහ්ඬකින් කිව්වා.
"මට වැඩක් නෑ...දැන් දීපන්....මේ දැන්....."
ම්වහ්!!!
මං බනින අතරෙම එයා ෆෝන් එකට කිස් එකක් දුන්නා. ඒ වැඩෙන් මාව ගොලු වෙලා ගියා. දෙන්න දෙන්න කිව්වට ජූනියර්ස්ලා ඉන්නවානම් දෙයි කියලා හිතුවේ නෑ මං. එහා පැත්තෙන් කට්ටිය පුදුම වුන සද්ද දානවා යන්තමට ඇහෙනකොට මාව රත් වුනා.
"වැඩ ඉවර වෙලා ගන්න" මං දඩබඩ ගාලා කියලා කෝල් එක කට් කරා. චිරාත් අයියා මගේ කම්මුලකට උණු කෝපි කෝප්පේ තියනකොට මං ගැස්සුනා.
"මොකෝ මොකෝ මේ කොල්ලා රතු වෙලා...." චිරාත් අයියා මට කිණ්ඩි හිනාවක් දාගෙන කිව්වා. "මං හරියටම කියන්නම්....යශ් නේ කතා කරේ?"
"ආර්ග්ඝ්හ්හ්හ්හ්හ්.....කාපන් මාව....." මං අත් දෙකෙන්ම මූණ වහගෙන කිව්වා.
"අම්මෝ ලැජ්ජාව. දැන්නම් පුංචි කෙල්ලෙක් වගේමයී...." චිරාත් අයියා මාව නෝන්ඩි කරනකොට මං එයාට උරහිසට ගහලා සිමෙන්ති මේසෙ උඩින් ඔලුව තියාගත්තා. මේ බෙන්චස් එක්ක මේස හදලා තියෙන්නේ හොස්පිට්ල් එකෙන් පොඩ්ඩක් ඈතට වෙන්න.අඩි දෙක තුනකින් අපේ වෝඩ් එකටයි තියටර් එකටයි යන්න පුලුවන් වුනාට මේව තියෙන්නේ හුදකලා වෙලා වගේ. මේවා හදලා තියෙන්නේ ඉන්ටර්න් එන අයට තමන්ගේ වැඩ කරගන්න. හවසට නම් මේකේ කට්ටිය පිරිලා. අපේ වෝඩ් එකටත් ඇහෙනවා සද්දේ. දැන්නම් කට්ටිය කවුරුත් නෑ. හිටියත් උන් ඔලුව පාත් කරගෙන උන්ගේ වැඩ. චිරාත් අයියා අත දික්කරලා මගේ ඔලුව අතගාන්න පටන් ගත්ත නිසා මට ඉබේම ඇස් දෙක පියවෙන්න ආවා.
"සනීපයි අයියේ.....නින්ද යන්න වගේ..." මං ඒ සනීපේ උපරිමේටම විඳින ගමන් බාගෙට ඇස් වහන් කිව්වා. චිරාත් අයියා ,ඩියෝන්, ජෙරම් අයියා මට මගේම සහෝදරයෝ වගේ දැන්.
"ඕනෙනම් නිදියගන්න මං ටිකකින් ඇහැරවන්නම්." චිරාත් අයියා ඔලුව අතගාන ගමන්ම කිව්වා.
"පිස්සුද ඒයී....තෞසේ කොහේද මාව ඇහැරවන්නේ....නිදාගත්තම ඉතින් මං ලෙප්ට් තමා...ආයේ ඇහැරවනවා බොරු....." මං ඇස් වහන්නැතුව ඉන්න ෆුල් ට්‍රයි එකක් දෙන ගමන් කිව්වා. ඒත් එක්කම කෝල් එකක් ආවා.
"doctor binusha.....code blue....emergency........ward number 42....no pulse detected....." නර්ස් කෙනෙක්ගේ කලබලකාරී කටහඬ ෆෝන් එක දිගේ ඇදිලා එද්දී මං හිටපු තැනින් නැගිටලා චිරාත් අයියටත් අතින් ඉඟි කරන ගමන් දිව්වා.
Vote if you like. Comment if you felt.
_Monalisa