° | 𝐇𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞...

By hellomiasha2

3.2K 903 1K

How can someone be the "SPRING " to someone's life?......⚘ And how they give ' REBIRTH ' to someone's heart a... More

° Introduction °
° Chapter 1 ☕
° Book covers.
° Chapter 2 ☕
° Chapter 3 ☕
° Chapter 4 ☕
° Chapter 5 ( part 1) ☕
°Chapter 5 ( part 2 ) ☕
° Chapter 6 ☕
° Chapter 7 ☕
° Chapter 9 ☕
° Chapter 10 ☕
Thank you..special 🍹
° Chapter 11 ☕
° Chapter 12 ☕
° Chapter 13 ☕
° Chapter 14 ☕
° chapter 15 ☕
° Chapter 16 ☕
° Chapter 17 ☕
‌°‌ Chapter 18 ☕

° Chapter 8 ☕

105 31 41
By hellomiasha2


අලෝ කෝමද කට්ටියටම ....

කෙලින්ම කතාවට බහිමුතේ......😂






_________________________________________

Mrs. kim- " ඔව් ඔව් ඔයාට තමයි ටේ.
අපි දැනටමත් හොද girl කෙනෙක් හොයලයි තියෙන්නේ.."

Tae -"මොකක්. ඒත් ඔයාලා කවුරුත් මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ ඇයි. 🤨"

Mr. Kim-" කලබල වෙන්න එපා පුතා අපි හැමදේම සූදානම් කරලයි තියෙන්නේ. "

Tae - "ඒත් ඔම්මා මම ඒ ගැන තාම-"

Mr. Kim- "ඒත් මේත් නෙවේ පුතා ඔයා මේ proposal එකට කැමති වෙන්නම ඕන."

Tae - " මොකක් මේ හදිස්සියේ ම ...නෑ නෑ මම මේ proposal එකට කැමති නෑ. මට හදිස්සියේ marry කරන්න කිසිම උවමනාවක් නෑ. අනිත් එක මටත් කියලා නිදහසක් තියෙන්න ඕන "

Mr. Kim- " පුතා....අපි ඔයාට මෙච්චර කාලයක් නිදහස දුන්නා. ඔයාට මොනවද ඕනේ , කරන්න ආස මොනවද , ඒ හැම දේම ඔයාගේ තනි තීරණයට ,ඔයාගේ නිදහසට ඉඩ දිලා අපි බලන් හිටියා.ඔයාට රට ගිහින් ඉගෙන ගන්න ඕන කිව්ව එකටත් ඉඩ දුන්නා. නමුත් මේ වගේ අවස්ථාවක අපි නැත්තම් වෙන කවුද මේ ගැන තීරණය කරන්නේ.."

Tae - " අප්පා. එහෙම දෙයක් නෙවේ 😞. මම තාම marry කරන්න ලෑස්ති නෑ. මට ඒකට තව කල් ඕන."

Mrs kim -" පුතා අපි ගොඩක් කාලයක් බලන් හිටියා මේ දවස උදා වෙනකන්. ඔයාගෙනුත් මේ ගැන කිසිම උනන්දුවක් නැති නිසා තමයි අන්තිමට අපිට මේ තීරණය ගන්න උනේ.
අනික ඔයා දන්නවනේ අපි ඔයාට වැරැද්දක් කරන් නැ කියලා. අපි මේ හැම පැත්ත ගැනම හිතලා තමයි මේ තීරණය ගත්තේ. අනිත් එක ඔයා kim enterprise එකේ ceo හැටියට ඔයාගේ තැන තියා ගන්න නම් ඔයත් ස්ථාවර වෙලා ඉන්න ඕන පුතා . "

Tae - " ඒත් ඔම්මා මම දන්නෙත් නැ ඒ කවුද කියලා ,එයා කෝම කෙනෙක්ද, එයාගේ අදහස් කොයි වගේද , අඩුම ඒ ගැන දැන ගන්න අපි අවුරුද්දක් වත් යාලු වෙලා ඉන්න ඕන ."

Mrs kim - " ඉතින් පුතා පුතාට පුලුවන් blind date එකක් යන්න ඒ දුවත් එක්ක. අපි ඒ parents ලත් එක්ක කතා කරලා arrange කරලා දෙන්නම්.
අනික අපි ඒ family එක හොදින් අදුරනවත් එක්ක. අනිත් එක ඒ දුවත් හොද වෙයි. ඒක නිසා පුතා ඔයා මෙකට කැමති වෙන්න. එතකොට අපිට පුලුවන් ඒ parents ලත් එකක් මේ ගැන කතා කරලා ඉක්මනින්ම marriage එකට date fix කරන්න. "

Tae - " බෑ බෑ මට බෑ . මට දැන්මම තීරණයක් ගන්න බැ. මට තව කල් ඕන . මට මේ ගැන හොයන්න ඕන. 😠"

මම යනවා.
මට කන්න ඕන නෑ. 😠

Mrs. kim- " පුතා කියන දේ අහන්න . හරි පස්සේ හිතන්නකෝ. දැන් කාලා ඉන්න."

Tae- "නෑ ඕන නෑ. "

Mr. Kim- " පුතා.
පුතා. "

Mrs. kim- " 😔😞
අනේ සමාවෙන්න ජන්කුක් පුතා. ඔයත් අපහසුතාවයට පත් උනා නම්🙂"

Junkook - "අනේ නෑ ආන්ටි . ඒකට කමක් නැ. මම හොදින්. "

Mr kim - " අනේ මන්දා අපේ පුතාට මේවා කොහොම තේරුම් කරන්නද කියලා. අපි එයාට වැරැද්දක් කරන්න යනවා නෙවේ නේ.😔"

Jungkook - " ඔව් ආන්ටි. මම දන්නවා. හයුන් ඒක පස්සේ තේරුම් ගනීවි. මමත් ඒ ගැන කතා කරලා බලන්නම් කෝ."

Mrs. kim--" අනී ලොකු දෙයක් පුතා....."
හරි අපි පස්සේ ඒ ගැන කතා කරමු.
දැන් පුතා කාලා ඉන්න.
දැන් ඔය කන්න බෑ කියලා තරහා වෙලා ගියාට . රෑ මැද ආපහු එනවා කන්න හොයා ගෙන .😅 "

Jungkook-" ඔව් ආන්ටි ඒක ඇත්ත. අපි කාලා ඉමු😂 "

එත් එක්කම හැමෝම dinner එක ගන්න පටන් ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Tae pov.

ඔම්මයි අප්පයි ඉන්න කියද්දීත් මම dinner table එකෙන් නැගිටලා පණ්ඩිතයා වගේ කාමරයට එන්න හැදුවත් ,ටික දුරක් යන කොට මගේ බඩ ගොර ගොර ගගා කෑ ගහන්න පටන් ගත්ත නිසා තමයි මට හිතුනේ නැගිටලා ආවේ අපරාදේ කියලා.

Tae - " ආයිෂ් අපරාදේ , එන කොට හොරෙන් කෙහෙල් ගෙඩියක් වත් සාක්කුවේ දාගෙන එන්න තිබ්බේ ."

දැන් ඉතින් ලැජ්ජා නැතිව ගිහින් එතන ඉද ගන්න බෑ නේ . ඔය කමක් නෑ පස්සේ අජුම්මට කියලා වතුර එකක් ගෙන්නගෙන කට්ටියම ගියාට පස්සේ හොරෙන් කුස්සිය අස්සට රිංගන්න ඕන.

හෙහෙ හෙ හෙ😌 🤫😏 "

ඒත් එක්කම මම දොර ඇරගෙන මගේ කාමරයට යන්න යද්දිම ,
මගේ චූටී බලු පැටියා දුවගෙන ඇවිල්ලා මගේ කකුල වටේ කැරකෙන්න ගත්තා.


"බව් බව් බව් බව්....🐶🐶"

Tae - " ආව් මගේ ටැනි පැටියෝ....කොහොමද ඔයාට..:"

මම මගේ ටැනිව හුරතල් කර කරම වඩාගෙන ඇද ලගට ගිහින් කොනකින් වාඩි උනා.

ටැනි මාව දැක්ක සතුටට මගේ මුලු මූණම ලෙව කන්න උනා.

Tae -" අ.. අයියෝ ඇති ඇති ටැනි...🤭🥴😄😄. ඔයාට එච්චරටම මාව miss උනාද කොල්ලෝ... "

බව් බව් බව් බව්..🐶🐶🐶

ටැනී ටේගෙ ඔඩොක්කුවෙන් පැනලා ටේ ගේ කකුල වටේ සෙල්ලම් කරන්න පටන් ගත්තා...

නමුත් මම නම් හිටියේ සෙල්ලම් කරන්න තරම් මානසිකත්වයකින්
නෙවේ.

Tae -" අනී ටැනී ඔයාගේ ටේ ටේට ඔයත් එක්ක අද සෙල්ලම් කරන්න තරම් mood එකක් නෑ අනේ. 😔🙂"

ටේ මැලවුණු පුංචි හිනාවකින් ටැනීට එහෙම කියන කොට ටැනි සෙල්ලම් කරන එක නවත්තලා ටේ දිහා බලා ඉදින්නට උනේ මේ ගෙදර ටේට ඇහුම්කන් දෙන එකම කෙනා ටැනි කියලා ටේට තේරුම් යන කොටයි.

Tae -" ඔයා කැමතිද ටැනි මේ ගෙදරට අලුතින් අමුත්තෙක් එනවට.
අපි දෙන්නම දන් නැති කෙනෙක් , පුරැදු නැති කෙනෙක් ,ඔයයි මායි එක්ක මේ mansion එකේ මේ room එකේ එකට ඉන්නවට "

බව් බව්🐶🐶🐶

ඔව් ටැනි මාත් කැමති නෑ. මේ ටේ ටේ කවදාවත් කැමති නෑ එයාගේ හිතේ නැති කෙනෙක් එක්ක මේ mansion එකේ එකට ජීවත් වෙන්න.
කවුද දන්නේ එයා නිසා අපි දෙන්නගේ නිදහසටත් බාධා වෙයිද කියලා.

ඒ උනාට කරන්න දෙයක් නෑ ටැනි ඔයාගේ granny ලා දැනටමත් කෙනෙක් හොයලා ඉවරයි. 😔"

ඒ උනාට බය වෙන්න එපා හොදද මම එයාට වඩා ගොඩාරියක් ආදරේ ඔයාට . ඔයාගේ තැන ගන්න කාටවත් බෑ. ❤😓🙂"

බව් බව් බව් බව් ...🐶🐶🐶🐶

ටැනී සතුටින් නැට්ට වන වන උඩ පනින්න උනා.

නමුත් එක පාරටම ........

ටොක් ටොක් ...🚪🚪🚪

Junkook - " හයුන් මම ජන්කුක්. ඇතුලට එන්නද. "

Tae -" ආ එන්න කුකී . දොර lock කරලා නෑ."

ජන්කුක් දොර ඇරගෙන එනකොටම ටැනි එයාගේ පුංචි කකුල් වලින් දුවන් ඇවිල්ලා ජන්කුක් ගේ කකුලේ එල්ලෙන්න පටන් ගත්තා.

Jungkook- "ආනේ... මේ ටැනී ද ටේ හයුන් .... ඔයා මට කලින් කිව්වේ. මම අදනේ දැක්කේ.☺"

කෝ එන්නකො පැටියෝ ...."

ජන්කුක්ගේ ලගට වෙලා හුරතල් වෙවී හිටපු ටැනී ජන්කුක් ගේ අතට ආවා.

Jungkook-" බලන්නකෝ ටැනී අද කවුදෝ කෙනෙක් මූණත් ලැට් එකක් වගේ කර ගෙන විරිත්තන් ඉන්නවා.🤭😂"

Tae-" අනේ මේ ජන්කුක් මේක විහිලු කරන වෙලාවක් නෙවේ. 😐"

Jungkook- "හෑ. ඒකියන්නේ මේකත් විහිලුවක් තමයි.😆
කවද්ද හයුන් ඔයා sirious උනේ. 🤭😂"

Tae-" අද ඉදන් මේ දැන් ඉදන්.."

එත් එක්කම ටේ ඇදින් නැගිටලා room එකේ balcony එකට ගියා.

Tae -" හයුන් පොඩ්ඩක් ඉන්න.

ටැනී පැටියෝ මම තව ටිකකින් ඔයත් එකක් සෙල්ලම් කරන්න එන්නම්. එතකන් ඔයා මේ ටෙඩී එකක් සෙල්ලම් කරන්න. "


ඒත් එක්කම ටැනී ජන්කුක් ගේ ඔඩොක්කුවෙන් පැනලා ජන්කුක් ටැනීට ගෙනාපු ටෙඩීලත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා.

Jungkook- "ටේ හයුන් මේ අහ-"

Tae-" ඔයාත් අපේ ඔම්මාලා ගේ පැත්තෙන නම් අපි මේ ගැන කතා නොකර ඉමු ජන්කුක්. "

Jungkook- " ජන්කුක්...... හයුන් ඔයා කවද්ද මට ජන්කුක් කියලා කතා කරේ...🤨"

Tae-" අද ,මේ දැන් ඉදලා. "

Jungkook- " හයුන් මට ඔයාව තේරුම් ගන්න පුලුවන් ...
මම මෙතනට ආවේ ඔයාට මේ පුශ්නේ ගැන ආපහු මතක් කරලා ඔයාට කරදර කරන්න නෙවෙයි.
ඔයා දන්නවනේ මම ගැන. අනික මම ඒ ගැන වචනයක් වත් කතා කලේ නෑ නේ.
ඔයා දන්නවනේ. "

Tar -" හ්ම්ම්... මම දන්නවා. මට සමාවෙන්න කුකී මට චුට්ටක් තරහා ගියා."

Jungkook- "ඒකට කමක් නැ හයුන්. මට ඔයාව තේරුම් ගන්න පුලුවන්. ඔයා බය වෙන්න එපා . මම ඔයත් එක්ක ඉන්නවා. "

Tae - " ඒත් කුක්කා මම දැන් මොකද කරන්නේ. ඔම්මාලා දැනටමත් ඒ family එකත් එක්ක කතා කරලා මගේ කැමැත්ත දෙන්න ඇති. "

Jungkook- " එක ඔයාටවත් මටවත් නවත්තන්න බෑ හයුන් . එයාලා වැඩිහිටියෝ නිසා අපි එයාලාගේ පැත්තෙනුත් ටිකක් හිතන්න ඕන. අපි මේකට අකමැති වෙනවා කියන්නේ මේ පුශ්නේ තවත් දුරදිග යනවා කියන එක. "

Tae - " ඉතින් ඔයා මොකක්ද මේකට කරන්න කියන්නේ"

Jungkook -" ඉවසන්න හයුන් . අපි ටික දවසක් බලාගෙන ඉමු මොකක්ද වෙන්න කියලා.
අනික ඔම්මා කියනවා වගේ ඒ girl එක්ක blind date එකක් ගිහින් බලන්න.
එතකොට පුලුවන්නේ අපිට තේරුම් ගන්න ඒ කෙල්ල කොයි වගේ කෙනෙක් ද කියලා. ඊට පස්සේ අපි මොකක්ද කරන්න ඕන කියලා පස්සේ තිරණය කරමු. "

Tae -" හ්ම් අපි එහෙමවත් බලමුකෝ.

හරි අපි ඒ ගැන පස්සෙ කතා කරමු . ඔයා කෑවද ජන්කුකා."

Jungkook-" ආ ඔව් හයුන් මම කෑව. "

Tar - " හරි ජන්කුකා අපි ඇතුලට යමු . දැන් එලියත් සීතල වී ගෙන එන්නේ. "

Jungkook- " හරි යමු."

.
.
.
.
.
.
.
.















Next morning..

Eun ha's house.

Eun ha pov.

මම වෙනදා වගේම උදෙන්ම නැගිටලා wash එකකුත් දාලා cafe එකට යන්න mirror එක ඉස්සරහ ලෑස්ති වෙන ගමනුයි හිටියේ.


Eun ha - " අද මොකද කුස්සිය පැත්තෙන් සද්දයක් වත් නැත්තේ ආච්චි අම්මා කොහෙ හරි ගිහින් වත් ද ....."

නමුත් ටික වෙලාවක් යන කොට .

Granny -" ඉයුන් හා... පුතේ ඔයා තාම ලෑස්ති වෙනවද .."

ආච්චි අම්මා මගේ room එකේ දොරත් ඇරගෙන ඇතුලට ආවා.

Eun ha - " ආච්චි අම්මා....ඔයා කොහෙද හිටියේ ...
මට කිසිම සද්දයක් වත් ඇහුන් නෑනේ.. ආච්චි අම්මා කොහෙ හරි ගියාද මේ උදේ පාන්දරම ."
.
Granny-" ආආ ඔව් දුවේ මම අද උදෙන්ම උයලා තියලා මාකට් එකට ගියා මාලු ටිකක් ගේන්න...මමත් දැන් තමා මේ ආවේ මාලු ටිකත් ඇරගෙන.."

Eun ha -" ආ ආආආ.. "

Granny -" හ..හරි එහෙනම් දුව කොණ්ඩෙත් පීරගෙන එන්නකෝ. මම යන්නම් කෑම ටික ලෑස්ති කරන්න . දැන් ඔයා කාලා යන්නත් එපැයි. "

එහෙම කියලා ආච්චි අම්මා අත් දෙකත් පිටිපස්සට බැදගෙන යන්න යද්දිම...

Eun ha - "ආච්චි අම්මේ මොකක්ද ඔය අත් දෙකේ ගුලි කරගෙන ඉන්නේ.. "

කෝ කෝ මම දැක්කා...."

Granny -" ආ මේ ...
හරි හරි මම මේක ඔයාට දෙන්න තමා ආවේ . ඔයා ඉතින් ලෑස්ති වෙන හින්දා කෑම කන වෙලේම දෙන්න හිතුවා. "

Eun ha - "කෝ කෝ බලන්න ...."

"ඕ.......වාව්😳😳😳😲😲😲😲😲😲"












"Carnival tickets "













_________________________________________

Hii

Byee...

Vote comment එකක් දාගෙන යන්න.
වැරදි අඩුපාඩු ඇති ..

පරිස්සමින් ඉන්න. 😁

Continue Reading

You'll Also Like

99.1K 16.1K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
25.6K 4K 30
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
122K 12.6K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
31.7K 3K 23
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...