My precious number 13 [ compl...

By Onii2001

1.3K 324 231

හැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක... More

පොරොන්දුව💜️ (chapter 1)
නවතිමි💜️(chapter 2)
නවතපු තැනින්💜️(chapter 3)
කැඬුන හිත💜️(chapter 4)
උමතුව💜️(chapter 5)
පුදුමය💜️(Chapter 6)
වේදනාව💜️(chapter 7)
ප්‍රතිකාරය💜️(chapter 8)
මුනගැසීම 💜️(chapter 9)
අමුත්තෙක්💜️(chapter 10)
ඔබ කවුරුන්ද💜️(chapter 11)
අහම්බෙන්💜️(chapter 12)
නොසිතූ ලෙසට💜️(chapter 13)
ඔබ💜️(chapter 14)
සිහිනයක්ද💜️(chapter 15)
වැටහීම💜️(chapter 16)
A/N

අවසානය💜️(Chapter 17)

97 20 26
By Onii2001

" අහස ලස්සනයි නේද "

"ම්ම්ම්"

" තාමත් මම ඔයාට ඔච්චරම දුරයිද ජීවෝයා"

හන්ගුල් ගඟ ලඟ තියන බන්කුවට බර දීල අහස දිහාම බලන් ඉන්න ජීවෝ දිහා බලපු ජිමින් කිව්වෙ බර හුස්මක් පහලට හෙලලා.

" අනී..එහෙම දෙයක් නෙවෙයි ජිමින්ශී"

" එහෙනම් කොහොම දෙයක්ද ? "

" මම දැන් මැරුන කෙනෙක් ජිමින්ශී .ඔයා දන්නවනේ දැන් මම කිව්වනේ ඒ ගැන .මට ඕනෙ නෑ මැරුන මට පන දෙන්න.පරන ජීවෝ නැහැ. දැන් ඉතින් මට ඔයත් එක්ක මෙහෙම ඉන්න එක හරිම අපහසුවක්.අනික මම ඔයාව අවිශ්වාස කරා ඒකත් ඔයා දන්නවනේ ඉතින් මට ආයෙම ඒ අතීතයට පන දෙන්න ඕනෙ නෑ.ඔයා සතුටින් ඉන්න මේ හැමදෙයක්ම අමතක කරලා"

ඇස් වලින් එලියට පනින්න ඔන්න මෙන්න තියන කදුලු බිංදු ඇස් වලම රදවගෙන ජීවෝ කෝච්චියක් වගේ කියවගෙන ගියා.ජීවෝගෙ හැම වචනයක්ම ජිමින් ගොඩක් සාවදානව අහන් හිටියා.
ජීවෝ දිහාවට හැරුන ජිමින් ජීවෝගෙ ඇස් දිහා කෙලින්ම බලන් කාතා කරන්න ගත්තෙ ජීවෝව ගොඩක් අසරණ කරල.ඒ කටහඬ, කරුනාණාවන්ත වචන ඒ ඇස් හරිම අවංකයි ආදරය විතරමයි පිරිල තිබ්බෙ.

" එහෙනම් ඇයි අවුරුදු පහලවම ඔයා තනියම?"

ජිමින්ගෙ ප්‍රශ්නෙට ජීවෝට කට උත්තරයක් නැති උනේ මොලයෙන් එයා ජිමින්ව ඈත් කරන්න හැදුවත් හදවත එයාට ඉඩ දුන්නෙ නැති නිසා.

ජිමින්ට දෙන්න උත්තරයක් නැති නිසා ජිවෝ කරේ බිම බලාගත්ත එක.

" මම හිතන්නෙ මට උත්තරය හම්බුනා මැනික "

බොහොම ආදරයෙන් ජීවෝගෙ ඔලුව උඩින් අත තිබ්බ ජිමින් ජීවෝගෙ ඔලුව අත ගෑවෙ ජීවෝ ඔලුව බිමට නවන් ඉන්න අතරෙමයි.
බිම බලාගෙනම තමන්ගෙ අතේ ඇඟිලි එකට අතුල්ල අතුල්ල ඉන්න ජීවෝ එකපාරටම ඉකිගහන්න ගත්තෙ ජිමින්වත් පුදුම කරල .කොච්චර ගල් හිතක් තිබ්බත් ඇත්ත් ආදරය ඉස්සරහ මේ හැමදෙයක්ම පරාදයි .

බිම බලාගෙන ඉකිගහ ගහ ඉන්න ජීවෝව ජිමින් තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ හරිම ආදරයෙන් .ඒ පපුවෙ ආදරය උතුරන ආදරය තිබ්බා ආදරය විතරක්ම තිබ්බා.

" කෝ දැන් අඬන්න එපා.මැනික මේ අහන්නකෝ මෙතනින් මේක විසදගෙන අපි ඉස්සරහට යමු.කෝ ඉතින් මොකුත් කියනෙ නැත්තෙ ඇයි?"

" ඔ...ඔයා....කොහොමද මට සමාව දෙන්නේ..ජි..මින්ශී..මම ඔයා ගැන ගොඩක් නරක විදිහට හිත..ලත්......අආ....."

අමාරුවෙන් ඉකිගහ ගහ ජීවෝ වචන පටලවන් කියවනවා .

" එදා මම දැක්ක දේ මම නරක විදිහට හිතා තරම් මම ගොඩක් නපුරු උනා ..මියන්හේ ..මෝඩ විදිහට ...හැසිරුනාට ."

" අනියා.....මම අමතක කරා .ඔයා දන්නවද මේ ගත උන අවුරුදු ගානටම මටඔයාව මතක් නොවුන දවසක් නෑ මැනික. හැම කොන්සර්ට් එකකටම යනකොට මට ඔයාව මතක් උනා .ඔයත් එයාලගෙ කොටසක් වෙලා මම දිහා ගොඩක් ආදරයෙන් බලන් ඇති කියල මටහිතුනා.කොහෙ ගියත් මොනව කරත් මට ඔයාව විතරයි මතක් උනේ මැනික.අනන්තවත් මට ඔයාව මතක් වෙනකොට මට හිතෙනවා මම ගොඩක් ආර්ත්මාර්තකාමී කියලා.මම මගේ ජීවිතය අනාගතය වෙනුවෙන් ඔයාගෙ ජීවිතයට බලාපොරොත්තු දුන්න කියල මට හිතුනා.
තවත් වෙලාවකට මම හිතුවා ඔයා ලස්සන ජීවිතයක් ලස්සන පවුලක් හදන් ගතකරනවා කියල මට හිතුනා.

මේ ඔක්කොම ඉවර කරපු දවසෙ මට දැනුන සතුට කියල නිම කරගන්න බැරි තැරම් .ඒත් ඒ සතුට තිබ්බෙ ටික වෙලාවක් විතරයි .මම
මැනිකව හොයන්න ගියාම මට කෙනෙක් කිව්ව මගේ මැනික මේ ලෝකෙන් යන්න ගිහින් කියල .එදා මම මැරිල ගියානම් කියල මට හිතුනා.
ඒත් අපේ ඉරනම් හරිම පුදුමාකාරයි මෙතනට වෙලා අඬ අඬ හිටපු මට මගේ කෙල්ලව ආයෙම හම්බඋනා.

මෙච්චර වෙලා කියව කියව හිටපු ජිමින් එක පාරටම මොකක් හරි මතක් උනා වගේ

"ඔයා එදා මෙතනදි මාව අදුරගත්තෙ නැද්ද එතකොට 😳"

ජිමින්ගෙ පපුවට ඔලුව තියන් ඉදපු ජීවෝ හිමින් ඔලුව උස්සල ඇස් වල කදුලු පිහිදාගෙන ජිමින් දිහා ගොඩක් ආදරයෙන් බැලුවා..

" එහෙම වෙන්න මට ඔයාව මතක නැති වෙලා තිබ්බෙ නෑනෙ ජිමිනී.එදා ඔයා මාව දැක්කට මම ඔයාව දැක්කෙ එදාට කලින්
පිස්සුවෙන් වගේ පාර දිගේ දුවගෙන ගිය මනුස්සයෙක් මගේ ඇගේ හැප්පිපිලා එයාගෙ බ්‍රේස්ලට් එකත් මගේ ඇඟේම හලල දුවල යනකොට මම කීයටවත් හිතුවෙ නෑ ඒ ඔයා කියලා"

"ම්වෝ😳😳"

"මොකද පුදුම වෙන්නෙ ? ඒක අතට ගත්ත වෙලාවෙ ඉදන් ඔයාවම මතක් වෙනකොට මම මගේ හිතෙන් සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කරා ඒ ඔයා නොවෙන්න කියලා.ඒත් වෙන්න තියන දේවල් තවත් අපිට නතර කරන්න බෑනේ.අන්තිමට උනේ හොරෙක් වෙලා බෙල්ලත් කඩාගන්න."

හිතේ තිබ්බ ඔක්කොම ජීවෝ ජිමින්ට කියාගෙන ගියේ ජිමින් පුදුම වෙලා අහන් ඉන්නකොට.අන්තිම ටික කියනකොට ජීවෝ එයාගෙ කොන්ඩෙ එහාට කරල පොඩි තැල්මක් වගේ එකක් ජිමින්ට පෙන්නුවේ මූනත් බෙරි කරන්..
ඒක දැකපු ජිමින්ගෙ ඇස් බොදවෙනවා වගේ දැනුනේ හිත වරදකාරී හැගීමකින් පෙලෙද්දී..

ක්ශනිකව ජීවෝගෙ බෙල්ලට පාත් උන ජිමින් එයාගෙ තොල් තියල ජීවෝගෙ බෙල්ල සිපගත්තෙ ජීවෝ ඇස් ලොකු කරන් ජිමින් දිහා බලන් ඉන්න්නකොට.

"මියන්හේ මැනික .."

ජීවෝ තවමත් බෙල්ල අල්ලගෙන ජිමින් දිහා බලන් ඉන්නෙ ඇස් දෙකත් එලියට දාගෙන...

" ආයිශ් මේ කෙල්ලට පුදුම ලැජ්ජාවක් නෙ තියෙන්නේ. "

ජිමින්ගෙ කතාවට මූනත් රතු කරත්ත ජීවෝ අහක බලාගත්තෙ ඉල්ලන් කෑව වගේ දෙයක් දැනෙද්දී.

ලැජ්ජාවෙන් රතු උන මුහුනත් එක්ක අහක බලන් ඉන්න ජීවෝ දිහා ජිමින් නම් බලන් හිටියෙ ඇසිපිය නොහෙලා .
ටිකෙන් ටික හවස් යාමය උදා වෙලා තිබ්බ සෝල් පරිසරය ම එන්න එන්නම ඝෝෂාකාරී උනත් ජිමින් ජීවෝ අතර නම් තිබ්බෙ ගොඩක් ලොකු නිහැඩියාවක්.හරියට කවමදාකවත් හම්බ උනේ නැති දෙන්නෙක් අතර තියන එකක් වගේ.දෙන්නට දෙන්න අවුරුදු ගානක් එකිනෙකාට හිතින් බැදිල හිටියත් ආපහු කාලය නිසා උන වැරදි අතපසුවීම් හදාගෙන ඉස්සරහට ඇවිල්ල තිබ්බත් තාමත් හිත් වල තිබ්බ පොඩි පොඩි හිඩස් නිසා ජීවෝට වගේම ජිමින්ටත් එකිනෙකා කෙරෙහි දුරස් බවක් දැනුනා.

ඒත් කාලය කියන්නෙ ගොඩක් වටින දෙයක් යම්කිසි දෙයක වටිනාකම තීරණය කරන්නෙ කාලය .කාලයත් තමන්ගෙ මුලු ජීවිතය ම වෙලා තිබ්බ දෙයක් කාලය ගතවෙනවත් එක්ක වැඩකට නැති දූවිල්ලක් තරම් දෙයක් වෙන්න පුලුවන් වගේම තමයි ඒකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන් .
ජීවෝ ජිමින් ගෙ ජීවිතත් ඒ වගේ කාලාන්තරයක් එකට බැදිලා තිබ්බ කාලයක් බිදිල තිබ්බ හදවත් අද එකතු වෙලා නමුත් හිස්තැන් එක්කම.

තවත් තමන්ගෙ කාලය විනාස කරන්න ජිමින්ට ඕන උනේ නෑ .මේ තරම් කාලයක් බලාපොරොත්තු තියාගෙන මේ තරම් කාලයක් ඉවසගෙන හිත ඇතුලෙ පරිස්සමෙන් තියන් හිටපු ඒ ආදරය ට පනක් දෙන්න ජිමින්ට ඕන උනා.

බන්කුවෙ එහා පැත්තට අත් දෙක තියන් හිටපු ජීවෝ දිහා ජිමින් බලන් හිටියා .තවත් පරක්කු නොකර ජීවෝ ලඟින් දනගහගත්ත ජිමින් ජීවෝගෙ ඇස් දිහා බැලුවෙ ආදරය උතුරන ඇස් වලින්.ජීවෝත් තමන්ගෙ අවංක උතුරන්න තරම් ආදරය ගැබ්වෙලා තියන ඇස් වලින් ජිමින් දිහා බැලුවෙ මුවඟට නැඟුන මන්දහාසයත් තමන්ගෙ මූන පුරා රදවගෙන.

" මැනික මාත් එක්ක ඉස්සරහට යන්න එනවද? හැමදාකටම"

ජිමින්ගෙ ආදරය විතරක්ම පෙන්නුම් කරන ඇස් දිහා කදුලු කැට රදවගෙන බලන් හිටපු ජීවෝ ජිමින්ගෙ අත් වලටමැදිවෙලා තිබ්බ එයාගෙ අත් ජිම්න්ගෙ අත්වලට පටලවගන්න ගමන්

" හැමදාකටම මම එනවා ඔයත් එක්ක දුරක් යන්න නිකම් නෙවෙයි ගොඩක්ම ගොඩක් ආදරය අපි දෙන්නටම ඇති වෙන්න පුරවගෙන මගේ ජිමිනී"

සතුටු කදුලු වලින් ජීවෝගෙ රතු උන කම්මුල් තෙත් වෙනකොට ජිමින් කලේ තමන්ගෙ අත් වලින් ජීවෝගෙ කම්මුල් දෙක ගොඩක් ආදරයෙන් පිරිමැද්ද එක .සිනිදු මල් පෙත්තක් වගේ ගොඩක්ම ආදරයෙන් .
ජීවෝ ජිමින්ගෙ ඇස් යා උන ඒ නිමේශයේ

" සාරන්හෙයෝ මගේ මැනික"

" නාදු සාරන්හෙයෝ මගේ ජිමිනී"

ඒත් එක්කම ජීවෝගෙ තොල් තමන්ගෙ තොල් වලට මැදි කරගත්ත ජිමින් ජීවෝගෙ බෙල්ල වගේ අත යවල ජීවෝව තමන්ට ලන් කරගත්තෙ සිනිදු මල් පෙත්තක් වගේ.ජීවෝත් ජිමින්ට ලන් වෙලා හාදුව රසවින්දෙ ආදරය උපරිමයෙන්ම පුරවන්.
ටික වෙලාවක් යනකම් හාදුව තුල අතරමං වෙලා ඉදපු ජීවෝගෙන් ජිමින් මෑත් උනේ ජීවෝගෙ නලලත් මත උනුසුම් හාදුවක් තියන ගමන්.

ජීවෝ ලඟ දනගහගෙන හිටපු ජිමින් නැගිටල ජීවෝගෙ එහා පැත්තෙන් ගිහින් ඉදගත්තෙ ජීවෝවත් තමන්ගෙ පපුවට තුරුල් කරගන්න ගමන්.ඒත් එක්කම් ජිමින් එයාගෙ ෆෝන් එක අතට අරගෙන කැමරාව ඔන් කරා.

එකපාරටම උන දේ හිතාගන්න බැරුව ජිමින්ගෙ ඇස් දිහා ජීවෝ බැලුවෙ ඇයි අහන්න වගේ.

" මැනික අපි එයාලත් මේ ගැන කියමු.මම කැමති අපේ පුංචි පවුල මේ ගැන දැනගන්නවට."

" ඒත් ජිමිනි අම්මලා......"

" අනී අනි...අම්මල නෙවෙයි එයාල කොහොමත් දන්නවනෙ මම කිව්වෙ අපේ පවුල කියල අපේ මුලු ජීවිතය ම වෙලා හිටපු ඒ වගේම එයාලගෙ මුලු ජීවිතය ම අපි කරගෙන් ඉන්න එයාල අපේ හයිය.එයාලත් බලන් ඇති අපි එයාලට කියමු"

ජීවෝට තේරුනා මේ ජිමින් කියන්නෙ කාගැනද කියල

" ඒත් ජි.."

ජීවෝට කතා කරන්නවෙලාවක් උනේ නෑ ජිමින් ජීවෝගෙ ඉන වටේ අත දාලා ජීවෝව තමන්ගෙ පපු තුරුලට ලන් කරගත්තෙ තමන්ගෙ අයිතිය කියාපාන්න වගේ.

" හානා දුල් සෙත්   කිම්චී කියන්න."

එහෙම කියන ගමන් ජිමින් ජීවෝත් එක්ක ජායාරූපයක් ගත්තෙ ආදරය උතුරන ඇස් වලින් ජායාරූපය පුරවන ගමන්.එහෙම ගත්ත ජායාරූපය ජිමින් එයාගෙ weverse account එකේ පල කරේ හිනාවෙන් මූන පුරවන්.ජිමින්ගෙ මේ වැඩේ කරල ඉවර වෙනකම් ජීවෝ බලන් හිටියෙ හිනා වෙවී

" අවුරුදු කීයක්ද? මගේ හීන වෙනුවෙන් මගේ අනාගතය වෙනුවෙන් ඔයා බලන් ඉදලා .අදට අවුරුදු පහලවකටත් වැඩියි .
ප්‍රශ්න මේ හැමදෙයක්ම මැදින් අපි ආපු දුර කොච්චර ද ? මගේ හීන වෙනුවෙන් ඔයාගෙ ජීවිතය ආදරය කැපකරන්න තරම් ඔයා ගොඩක් ආදරණීය කෙනෙක් උනා.ඉතින් අවසරයි මට ආපහු පරන ජීවිතය ම ගත කරන්න ඔයත් එක්ක මැනික .කුමාවෝ මගේ ජීවිතය ට ආවට❤🌸

මීට ඔයාගෙ ආදරණීය ජිමිනී ❤🌸13........"

ටික වෙලාවකට පස්සෙ ජිමින් වැඩේ කරල ඉවර උනාම phone එක සාක්කුවට දාගත්තෙ බර හුස්මක් පහතට හෙලන ගමන්.
ජීවෝ ජිමින් ලඟට ගොඩක් ආදරයෙන් ලන් උනා.මේ දෙන්නගෙ මේ හැසිරීම තවත් ආදරය කරන දෙන්නෙක් බලන් හිටියෙ ඈතට වෙලා .ඔව් ඒ යෝරි සහ ටේහ්‍යුන් .ආදරය ක් ඇති වෙන්න් පොඩිමපොඩි සිදුවීමක් ඇති .යෝරි ටේහ්‍යුන් ආදරය ත් එහෙමයි.

" ඔප්පා අන්තිමට මගේ ඔන්නි හිනා වෙනව් නේද් ඔප්පා"

" නේ ...ඒ වගේම මගේ ජිමිනත් හිනාවෙනවා ගොඩ කාලෙකින් ගොඩක් සතුටින් "

යෝරිගෙ අතේ අත් පටවගත්ත ටේහ්‍යුන් යෝරිව ලන් කරගෙන මේ ආදරය පිරුනු ලස්සන කුරුලු ජෝඩුව දිහා බලන් හිටියෙ ගොඩක් සතුටින් .

ජිමින්ගෙ පපුවට තුරුල් වෙලා හිටපු ජීවෝ

" ජිමිනී...එයාල මාව පිලිගනීද "

" අනිවාර්යයෙන්ම.එයාල මට ඇත්තටම ආදරය කරානම් මගේ සතුට එයාලගෙත් සතුට ඒක නිසා ඔයා අවුල් වෙන්න එපා මැනික ම්ම්ම්"

ජීවෝගෙ නලලත හාදුවක් තියපු ජිමින් ජීවෝව තවත් තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ අසීමිත ආදරය ක් හිතේ රදවගෙන.ඒත් එක්කම තමන්ගෙ සාක්කුවෙ දාල තිබ්බ ජිමින්ගෙ ෆෝන් එක අරගත්ත ජිමින් හිමින් හිමින් තමන් පල කරපු පින්තූර ය ඕපන් කරා.

ජිමින්ගෙ මූන පුරා තිබ්බෙ හිනාවම විතරයි

" මැනික දැන් අපි සම්පූර්ණයෙන්ම සම්පුර්ණයි..මේ බලන්නකෝ"

එහෙම කියපු ජිමින් එයාගෙ ෆෝන් එකේ තිබ්බ කෙමෙන්ට්ස් පෙන්නුවෙ ඇස් වල නලයන සතුට පොදි බැදගෙන.

වොල් එක පුරාවටම් තිබ්බෙ සුබපැතුම් විතරයි .ගොඩක් සතුටින් ඒ දිහා බලන් හිටපු ජීවෝ

" එයාල ඔයාට ඇත්තටම ආදරෙයි ජිම්නී..ඔයා ගොඩක් වාසනාවන්තයි එයාල ලබන්න ."

" නේ ඒ හැමදෙයක්ම මගේ මැනික ටත් දැන් අයිතියි.අපි දෙන්නම දැන් එක්කෙනෙක් නේ."

ඇස් නොපෙනෙන තරම් කම්මුල් පුරවන් හිනා වෙන ජිමින් ගෙ කම්මුල් වලට ජිවෝ හාදුවක් තිබ්බා.

" සාරන්හෙයෝ මගේ ජිමිනී..."

" නාදු..මගේ මැනික .කුමාවෝ හැමදෙයකටම."

නිමි❤️🌸

















මාස දෙකකත් වැඩි කාලයක් මගේ මේ කතාවත් එක්ක රැදිල හිටපු ඔයාලට කුමාවෝ..ගොඩක්ම කුමාවෝ.වෝට් කරත් නොකරත් කියවපු අයට ගොඩක්ම කුමාවෝ.

A/ n එකෙන් එන්නම්.
ලව් යූ.❤️🌸

Continue Reading

You'll Also Like

1.1M 28.8K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...
1.3M 30.9K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
3.1K 530 5
ආදරේ කරන්න නිෂ්චිත වයසක් ඕනමද? මන් හිතන්නේ නැ. කැමතිද අපේ කතාව අහන්න.... ඒනම් එන්න අපිත් එක්ක.... *this is my fourth fanfic and also my third bts fan...
26.6K 4.3K 13
First gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....s...