මං රූම් එකට ඇවිල්ලා වොශ් එකක් දාගෙන නිදාගෙන හිටපු ඩියෝන්ගේ පැත්තකින් හාන්සි වුනා. පාන්දර දෙකට විතර ඇති වෙලාව. මං අනිප්පැත්ත හැරිලා නිදියගන්න යනකොටම ඩියෝන් ඇහැරුනා.
"ම්ම්හ්හ්....උඹහ්...දැන්ද ආවේහ්?" ඩියෝන් නිදිමත පෙරෙන ඇස්දෙක බාගෙට ඇරගෙන මගෙන් ඇහුවා.
"ම්ම්ම්...."
"මෙච්චර වෙලා හැමි### යකෝ......?කාලද උඹ?"
"නෑ. අයියට හදිස්සි කෝල් එකක් ඇවිත් යන්න වුනා." ඩියෝන් එහෙම්මම නැගිට්ටා. කෙලින්ම ගිහින් කේතලේට වතුර එකක් රත්වෙන්න තිබ්බා. "මොකටද ඒක?"
"උඹට කෝපි එකක් හදලා දෙන්න." ඩියෝන් මට කියන ගමන්ම කෝපි හදන්න පටන් ගත්තා.
"අඩෝ එපා බං....උඹ නිදාගනින්..." මං කිව්වේ ඇත්තටම මට බඩගින්නක් නොතිබුන නිසා වගේම ඩියෝන්ගේ නින්ද නැතිකිරීම ගැන වරදකාරී හැඟීමකින්. දොස්තර කෙනෙක්ට නින්ද කියන්නේ පට්ටම වටින දෙයක්. දවසෙම හිටගෙන ඉඳලා මැරිලා වගේ ගෙවල්වල එන අපිට ඔන් කෝල් නැතුව ඇඳට වැටිලා නිදාගන්න තියනවනම් ඒක තමා ලොකුම සතුට.
"අනේ මේ ඉඳහං....උඹ නොකා නොබී ගැස්ට්‍රයිටිස් හදාගත්තමත් මංනේ නිදිමරන්නෝනේ. ඊට වඩා මේක ලේසී...මෙන්න මේක බීපන් මගෙන් කුණුහර්ප අහගන්නැතුව" ඩියෝන් මගේ කෝප්පෙන් එකක්ම කිරි කෝපි පුරවලා මගේ අතට ගෙනත් දුන්නා. මං ඒක අතට අරන් තොලගාන්න ගන්නකොට ඩියෝන් ජොග්ගුව සෝදලා ඇවිල්ලා මං ලඟින් ඉඳගත්තා. මට ඩියෝන්ව මෙහෙම ලඟයි නම්......යශ් අයියට සාකේත අයියව කොහොමට ලඟ ඇතිද? මං ගැන ඩියෝන් මේ තරම් හොයනවා බලනවා නම්.....යශ් අයියා ගැන සාකේත අයියා කොහොමට හොයනවා බලනවා ඇතිද?
හොඳ යාලුවෙක් කියන්නේ ජීවිතේට වාසනාවක්. හොඳම යාලුවෙක් කියන්නේ තනිකරම ජීවිත කතාවක්.
"නිදාගන්නැද්ද උඹ?" ඩියෝන් මගේ උකුලෙන් ඔලුව තියාගන්න ගමන් ඇහුවා.
"නෑ බං. පොඩි කේසස් දෙකක් විතර තියනවා ස්ටඩි කරන්න. තව පැය දෙක තුනයිනේ. ඒ වැඩේ ඉවර කරනවා මෙහෙම්මම"
"හ්ම්ම්....මං නිදාගන්නෝ හොඳේ....හෙට ඉඳන් දවස් දෙකක් එක දිගට මං නයිට්..."
"අම්මටහුඩු...මං තුනක් බං. ඊලඟ එක ඔන් කෝල් ඊටත් පස්සේ එක ඕෆ්. සතියම ෆුල් පැක්. මං බ්‍රහස්පතින්දා හවස ගෙදර යන්නත් ඕනේ."
"මොනා කරන්නද බං....අපිමයි මේවා පස්සේ දුවලා දුවලා මේවා අල්ලගත්තේ. දැන් ඉතින් කරන්න වෙනෝ....මොනාද මාලු කෑවනම් විදෝපන් බලලෝ කිව්වලු. හහ්හහ්හා" ඩියෝන් හයියෙන් හිනා වුනා.
"සද්ද කරන්නෙපා යකෝ උඹෙ මිනිහා දවස් තුනක් එක දිගට ඩියුටි ඇදලා ඉන්නේ. නිදි ඇති ඒ මනුස්සයා." මං කිව්වේ චිරාත් අයියා එහා පැත්තේ ඉන්න බව මතක් වෙලා.
"එයා දොයි. ඔලුව රිදෙනවා කියලා කිව්වා. මං පිල්ස් දෙකක් දීලා නිදිකෙරෙව්වේ." ඩියෝන් හොඳට හරිබරි ගැහිලා ඇස් වහගන්න ගමන් කියනකොට මං කෝප්පේ තියලා සයිඩ් කබඩ් එක උඩ තිබුන පොත් දෙක අරගත්තා.
......................................................................
"දැන් මේ කී වෙනි දවසද මහත්තයෝ මේ එන්නේ? එදත් ඕකමයි කිව්වේ. අනේ මගේ කකුල සනීප කරලා දෙන්න මහත්තයෝ. " උදේ පාන්දරම සීයා කෙනෙක්ගෙන් එන දුක් ගැනවිල්ලකට උත්තර දෙන චිරාත් අයියා දිහා මං බලාගෙන හිටියා. ඕක කොච්චර කොහොම කිව්වත් ඉතින් මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ.
"සීයේ ලිස්ට් එකේ පිලිවෙලටනේ ගන්නේ ඉතින්. ලිස්ට් එකේ සීයගේ නම ආවම අපි කෝල් එකක් දෙන්නම්." චිරාත් අයියා පුලුවන් උපරිමේටම ඒ මනුස්සයට පැහැදිලි කරන්න උත්සාහ කරන විදිය දැක්කම මට හිතුනේ අපි හරි පව් කියලා. එලියේ ඉන්න අය හුඟාක් දේවල් කිව්වට මේක ඇතුලේ අපි ගහන ගේම දන්නේ අපිම විතරයි. කන්න බොන්න නිදාගන්න වෙලාවක් නැතුව, හිතේ නිදහසක් නැතුව මේ සේරම කරන විදිය දන්නවානම්......අයිස් ගහන, තමන්ගේ වාසියට වැඩ කරන දොස්තරලා ඇති ඕනේ තරම්....ඒත් එක්කෙනෙක් දෙන්නෙක් නිසා දොස්තරලා සේරම එහෙම හංවඩු ගහන එක වැරදී.
"අනේ යන්න මහත්තයෝ නිකන්....අපේ සල්ලි වලින් ඉගනගෙන අපිට වැඩක් කරගන්නෝනේ වුනාම වැඳ වැඳ මුංගේ පස්සෙන් යන්නවෙලා අපිට. අපිට සල්ලියබාගේ නැති නිසානේ මේ ආණ්ඩුවේ මගුල්වල බඩගාන්න වෙලා තියෙන්නේ. දොස්තරලා ඔක්කොම එකයි. හොර හැත්ත" ඒ මනුස්සයා අපිට බැන බැන යන්න ගියා. චිරාත් අයියා එක අතකින් නලල තෙරපන ගමන් මගේ දිහාවට එනකොට මං හිනා වුනා.
"හරිද අදත් උදේ පාන්දරම...." මං හිනාවෙවී ඇහුවා.
"අයියෝහ්...කතා කරලා වැඩක් නෑ බං. ඒ මිනිස්සු පව්. ඊට වඩා අපි පව්...." චිරාත් අයියා ෆයිල් මිටියක් පෙරලගන්න ගමන් කිව්වා.
"සිස්ටම් චේන්ජ් එකක් ඕනේ නේද සුදූ...." මං සීරියස් මූණක් මවාගෙන කිව්වා.
"අනේ ලබ්# සිස්ටම් චේන්ජ් එක....ඔන්න ඔය ෆයිල් එක ගනින්. මට මේ කෙහෙම්මල් ඉවර කරලා ගිහින් නිදාගන්න." චිරාත් අයියා මට බැන බැන ෆයිල් අස්සේ අතරමං වුනා.
......................................................................
"මං යනෝ මල්ලි....ඕනේ වුනොත් කෝල් එකක් දීපන්" චිරාත් අයියා මේසේ ලඟ ඉඳන් උරහිස අල්ලගෙන හිටපු මගේ ඔලුව අතගාගෙන ගියා. මං ඔලුව වැනුවේ එයා කිව්ව දේ ඇහුනා කියලා අඟවමින්.
"අයියේ මේ මේක කොහොමද කරන්නේ?" සහේශි නංගි මං ලඟට මොකද්ද පොතක් උස්සගෙන ආවා. උන්ට චිරාත් අයියගේ ටොකු වලින් බේරෙන්නයි, ජෙරම් අයියගේ බැනුම් වලින් බේරෙන්නයි හැමදේම මං ගාවට උස්සගෙන එන එක දැන් පුරුද්දක් වෙලා. උස්සගෙන ආපු පොතත් කියලා දීලා මං බිත්තියට හේත්තු වුනේ පට්ටම නිදිමතකින්. ඊයේ නිදාගන්න වුනෙත් නෑ.
ඒ එක්කම මට මතක් වුනේ මගේ නින්ද නැතිවුන හේතුව......ඒ රත්තරන් පාට ඇස්වල කඳුලුපිරිලා තිබ්බ විදිය මගේ හිතට ආයෙත් හීනි රිදුමක් ගෙනාවා. මං ෆෝන් එක ගත්තේ ඔන්ලයින් ඉන්නවද බලන්න.
නිදිදෝ................?
නෑ මල්ලී.....
මෙච්චර රෑ වෙලා? නිදියගන්නැද්ද?
ඇයි වදේ....මතක නැද්ද? හෙට අර ලමයි කෑම්ප් එනවා. ඒකට ලෑස්ති වෙනවා මේ.
ඉතින්...ඕකේ ඔච්චර මොනාද බං ලෑස්ති වෙන්න තියෙන්නේ?
බං? යකෝ මූ....
ලෑස්ති වෙන්න දේවල්ද නැත්තේ.....කොච්චර ලිස්ට් හදන්න තියනවද....ආ එනවනේ ඔයා හෙට?
ම්ම්ම්...මායි චිරාත් අයියයි....එන්නම්.....
ඕකේ.
ඔයා නයිට්ද?
යෙස්....
ඒයී....
එහෙනම් අමාරුනේ බං උඹට ආයේ දවස් දෙකක් විතර මේකත් කරන්න.වෙන එක්කෙනෙක්ව එවන්න.....
අනේ මේ. තමුසේ ඉන්නවා කටපියාගෙන. මං බලාගන්නම් ඒක. පණ්ඩිතයා.
හාකෝ ඉතින්....නැප් එකක්වත් දාහන් ඔහොම්ම ඉඳන්
අම්මෝහොඳ වෙලාවට අයියා ඒක මතක් කරේ....මට අමතකම වෙලා තිබුනේ හෙට කෑම්ප් එකට ඉස්කෝල ලමයි වගයක් එන නිසා ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඉල්ලලා තිබ්බා කියලා. හහ්....ආස ඇති මං නෑවිත් ඉන්නවට.
අයිසේ බිනූශ...ඒ මනුස්සයා එහෙම කිව්වේ තමුසෙට අමාරු නිසා. මගේ යටි හිත මට තරවටු කරා. මට හිනා ගියේ මං කොයිතරන් බොලඳ වෙලාද කියලා දැනිච්ච නිසා. එයාට මේක තේරෙනවා. ඒක මං දන්නවා. ඒත් මං තාම ලෑස්ති නෑ එයාගෙන් අහන්න. මට ඒකට ශක්තිය නෑ. මං හිත හිතම බිත්තියට හේත්තු වෙලා ඇස් වහගත්තා.
Vote if you like. Comment if you felt.
_Monalisa