𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲 ||𝘁𝗮𝗲�...

Von sew_shika

9.8K 1.2K 376

'උඹ දන්නවද මන් ආසම උඹේ හිනාවට කියලා...' 'මන් කියන්නෙ නෑ මන් නිසා උඹට හැමදාම හිනා වෙන්න පුලුවන් කියලා..ඒත් පුල... Mehr

INTRO
1.
2.
3.
4.
NEW STORY
6.

5.

1K 173 56
Von sew_shika

 Tae Pov 

අහස කියන්නෙත් හරියට අපේ හිත වගේ...එක එක වෙලාවට එක එක පාටින් පිරිලා යනවා...ළා තැබිලි පාටක් එක්ක රෝස පාටින් පාට වෙච්ච හැන්දෑ අහස එක්ක වෙල් යායෙන් එන වියලි හීතල හුළග එක්ක දුම් දාන කෝපි කෝප්පයක් කියන්නේ වෙනම රසයක්...

හරියටම සතියක්...ආපහු මම ළමා නිවාසෙට ඇවිත් සතියක් ගිහින් තිබුනත් තාමත් මට අර කලු ඇස් අමතක කරන්න බැරි වෙලා තිබුණා...ජිමිනි , ආච්චිඅම්මා හැමදාම වගේ කතා කරත් අඩුම මන් පරිස්සමින් ගියාද කියලා අහන්නවත් එයා කතා කරේ නෑ...

ඇත්තනේ ඉතින් එයාට මොකද මන් පරිස්සමින් ගියත් නැතත්...ඒකනේ සුදුමැලි මනුස්සයා එක්ක මාව එව්වෙ..යුන්ගි...එයාගේ නම මින් යුන්ගි..එන ගමන් මා එක්ක කිව්වෙ..කලු ඇස් වල නම අහන්න හිතුනත් යුන්ගි හ්‍යුන් මොනා හිතයිද දන්නෙ නෑ නේ...

එයා ඇත්තටම කඩවසම් පිරිමියෙක්...ඒ කලු ඇස්..කිසිම වෙලාවක හැගීමක් නෑ...ඒ පළල් උරහිස්..එයාට මාව තනි අතින් උස්සන් යන්න පුලුවන්..ඒ රාවෙන් පාට කොන්ඩේන් දාලා තියෙන පුංචි පෝනි ටේල් එක...එයාට තියෙන්නෙ වෙනම මෑන්ලි ලුක් එකක්...

හරියටම මන් එයාව දැක්කෙ එදා රෑ කිචන් එකේදී..

flashback

 කුස්සියට ආපු මම සාලේ සෝෆා එකේ මට පිටිපාලා ඉදගෙන ඉන්න කලු ඇස් දැකලා ගල් උනා..! එයා හිටියේ ශර්ට් ලස්..මම මැරෙන්නයි යන්නෙ...

.ගෝඩ් ඒ ටැටූ එක..එයාගෙ මුලු අත් දෙකේම වගේම ආර්ම් එකෙත් ඒක තිබ්බා..ඒ පිරුණු මස් ගොබ..මට හොදටම විශ්වාසයි එයාට මාව පුලුං කෑල්ලක් වගේ උඩට උස්සන්න පුලුවන්..සමහරවිට එයා මන් එනවා දකින්න නැතුව ඇති...ඉක්මනට වතුර බීලා මාරු වෙන්න ඕනේ කියන ක්ශ්නික සිතුවිල්ලත් එක්ක හෙමීට කුස්සියට අඩිය තිබ්බ මන් සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න වතුර වීදුරුව බිව්වා...මන් දන්නෙ නෑ ඇයි කියන්න ඒත් මට හැංගෙන්න ඕනේ උනා..

.හෙමීට කිචන් අයිලන්ඩ් එකෙන් ග්ලාස් එක තිබ්බ මන්  යන්න කියලා හැරුනත් මන් දිහා එක එල්ලෙ එල්ල වෙලා තියෙන ලා රතට හුරු හීනි ඇස් දෙක නිසා තව අඩියක්වත් හෙල්ලෙන්න බැරි විදිහට මාව ගල් උනා.කෑ ගැහෙයි කියන බයට අත් දෙකෙන්ම කට තද කර ගත්ත මට තේරුනා මගේ අල්ල දාඩියෙන් පෙගෙනවා කියලා...

'ග්‍ර්ර්ර්ර්ර්ර්ර්...' හීන් ගෙරවිල්ලක්...

දෙයියනෙ මේක හීනයක් වෙන්න....කලුම කලු විසාල පූමා කෙනෙක්! මගේ ඉස්සරහා මගේ මූනට ළං වෙලා දත් ටිකත් විලිස්සගෙන ඉන්නවා...මට එක විනාඩියකට මරන බය දැනුනා..මන් මැරුනොත්....මගේ කකුල් දෙක යන්තන් ගැහෙන්න පටන් අරන් තිබ්බා..

මන් කෙලින්ම බැලුවේ මට පිටුපාල හිටපු එයා දිහා..ඒත් තවදුරටත් එයා මට පිටුපාලා හිටියේ නෑ..එයා කෙලින්ම මන් දිහා බලාගෙන හිටියා..පුරුදු සීතල හැගීමක් නැති ඇස් වලින්..

දෙයියනේ මේ මනුස්සයා මොන ජාතියෙද..මෙච්චර මේ සතා මාව මරන්න හදනවා..අඩුම මාව මෙතනින් ගලවගන්නවත් එයාට උමනාවක් නැද්ද...ඔයා එහෙම නම් මාත් එහෙමයි..හිතන්න එපා මන් මැරෙන්න හිටියත් ඔයාගෙන් උදව් ඉල්ලයි කියලා..!

ඕනෙ නම් හරියටම අඩි දෙකක පරතරයක් තියෙන්න ඇති මේ විසාලා සතයි මායි අතරේ...ඌ තව එක අඩියක් ලං උනේ මං ඇස් දෙක තද කරලා වහා ගද්දි...බයටම සද්දෙන් ඉකියක් පිට උනත් මන් එතනම හිටගෙන හිටියා..

'Syrus...! stay !!'

ඒ ඩීප් වොයිස් එකෙන් එහෙම කියන්කොට මං ක්ශ්නිකව ඇස් ඇරියා..මගේ මූණටම ළං වෙලා හිටපු  ඌ රතට හුරු ඇස් දෙකේ වෙනසක් නොකරම  මගේ කකුල් දෙකේ ඒ තෙත හොම්බ ගාවලා ආපස්සට හැරුනා..

මන් පුදුම උනා....මෙච්චර වෙලා මාව කන්න වගේ හිටපු සතා මුකුත් නොකර එ වචන දෙකට කීකරු උන විදිහට..

ඒ දිග නැට්ටත් වනන් ගමන් පඩිපෙල දිහාවින් නොපෙනී යන ඌ දිහා මන් දිගටම බලාගෙන හිටියා..

'සයිරස්..මගේ හුරතලා..මෙච්චර කාලෙකට එයා ඔලුව නවපු එකම කෙනා ඔයා..' 

ඒ වචන ටිකෙන් මන් හරි සිහියට ආවා...කලු ඇස් මාව දැක්කත් හරි වැඩිපුරම කතා කරපු වචන ගාන ඒක උනා... එයා කොයි වෙලාවෙද මට මෙච්චර ලගින් හිට ගත්තේ..එයා එක්ක බලනකොට මන් හරිම පුංචි කියලා හිතෙනවා මට..දෙයියනේ ඇයි එයාට ශර්ට් එකක් අදින්න බැරි උනේ මන් අහන්නෙ..

කෙලින්ම ඒ චොක්ලට් බාර් වගේ හැදිලා තියෙන උඩුකය මගේ ඇස් වලට දිලිසි දිලිසි පේන්න තියෙනකොට මට එයාගෙ මූණ දිහා බලන්න ඕනේ උනේ නෑ...කාගෙද කියන්නකෝ සිල් නොබිදෙන්නෙ මෙහෙම ඉද්දි..මාත් මනුස්ස්සයෙක්නේ ඉතින්

නෑ ඇත්තටම මට කොහොමත් බලන්නත් බෑ..මගේ වටේ අමුතු රස්නයක් ඇති වෙලා තියෙනවා මට තේරුනා...තව ලගට එන්න එපා..දෙයියනේ මට පපුවේ අමාරුවක් හැදෙනවා දැන්...

මන් හරියටම එයාගෙ පපුව ගානට උසයි...ඒ සද්දන්ත ඇගෙන් මගේ මුලු ඇගල වහගන්න පුලුවන් තරම් ඒ උරහිස් පලල්...මට දැනුනා ඒ රස්නේ හුස්ම වැල් මගේ කන ගාවට ළං වෙනවා..

'හිතනවා නම් මට හොරෙන් මොනවාහරිම කරන්න...අතාරින්න..මට හොරෙන් මොනා කරත්..සයිරස්ට හොරෙන් එක හුස්මක්වත් ගන්න ඔයාට බෑ  Petal...'

මගේ කන ගාව එහෙම මුමුණපු එයා තව විනාඩියක්වත් එතන ඉන්නෙ නැතුව යන්න ගියත් මන් තාම වෙච්ච දේවල් මගේ මොළේ ඇතුලට දාගන්න ගමන් එතනම හිටගෙන හිටියා....

flashback end

 මගේ කන් දෙකේ ඉදන් කම්මුල් දෙක වෙනකන් උණුසුම් වෙලා තියෙනවා මට දැනුනා...සමහරවිට... සමහරවිට කෝපි නිසා වෙන්න ඇති...ඔව් රස්නේ කෝපි කෝප්පෙ නිසා!

'මගේ මැණික..'  මන් පියවි සිහියට ආවේ අම්මගෙ කටහඩින්...

අම්මා! ඉතින් කවදාවත් අඩුවක් නැතුව හිත පුරෝලා මගේ මැණික කියන්නේ වෙන කවුද අම්මා මිසක්...

'මොකො මේ ම්ම්...තනිපංගලමේ ලොකු කල්පනාවක...ආපහු අර සීතල කුමාරයා ගැනද කල්පනාව..'

ඉතින් අම්මෙක් ඇරෙන්න වෙන කවුද තමන්ගේ ළමයි ගැන මීට වඩා හොදට දන්නෙ..

'අයියෝ..මුකුත් නෑ අම්මා...මන් මේ නිකන් කල්පනා කරේ..'

'හ්ම් හ්ම් මටත් පේනවා කන් දෙකේ ඉදන් රතු කරගෙන නිකන් තමා කල්පනා කරලා තියෙන්නෙ කියලා..'

ඒකට නම් අපි දෙන්නටම හිනා ගියා...අම්මා හිනා වෙද්දි හරි ලස්සනයි..මන් කියලා නෑ නේද..එයා හරි ලස්සන කෙල්ලෙක් ...ළා දුඹුරු පාට ඇස් එක්ක තද කලු කොන්ඩේ එක කරලක් වෙන්න ගොතලා ඉන ගාවට දාලා පුංචි පුංචි මල් කොන්ඩේ දිගට ගහලා...ඒවා නම් අර නසරානි ඇම්බැට්ටියොන්ගේ වැඩ.. ලා රෝස පාට අත් දිග ගවුමක් ඇදලා..හරිම චාම් පෙනුමක් තිබ්බෙ..අපිව බලාගන්න එයාගේ මුලු ජීවිත කාලෙන් බාගයක්ම දැන් එයා අපි එක්ක ගෙවලා ඉවරයි..

අම්මා කියන්නෙත් මහ පුදුම චරිතයක්..තමන්ගේ ළමයි වෙනුවෙන් අම්මෙක්ට කරන්න බැරි දෙයක් නැ..ඒත් වෙලාවකට අම්මා තරම් අසරන වෙන කෙනෙක් තවත් නෑ..

'මොකෝ ඒ පාර මගේ දිහා බලාගෙන හිනා වෙන්න පුංචි හාමු..ම්ම්?'

'මන් අම්මා දිහා බලන්නෙ නැතුව මොකෝ අර වයසක සෝමපාල අම්මා දිහා බලන් හිනා වෙනන්නද..' 

'අනේ අනේ..මෙයාටත් අහිංසක සෝමෙව මොකකට හරි අල්ලගත්තෙ නැත්තන්  නින්ද යන්නෙ නෑ නේද..'  ඔන්න ඉතින් නෝක්කාඩු කියන්න ගත්තා..සෝමෙට මොනා හරි කියනකොට මෙයාට හරීඊඊඊඊයට රිදෙනවා..

'මේකනේ මගේ කෙල්ලෙ...ඔයා හරි ලස්සනයිනේ ඉතින්..!'  ඒ කම්මුල් දෙක අතින් දෙපැත්තට අදින ගමන් මන් කිව්වත් ඒ මූණෙ නම් තිබ්බෙ නොරුස්සන බැල්මක්

'ඒ බටර් පාරට නම් මන් අහුවෙන්නෙ නෑ..කියමුකො බලන්න ඉතින් දැන් මොනාද ඔච්චර කල්පනා කරේ කියලා..'

'මුකුත් නෑනේ ඉතින්...අම්ම්ගේ හොදදදද......ලමයනේ මන්....'

'ඔව් ඔව් මන්_' අම්මා කියන්න ගියපු දේ නැවතුනේ වාහනේක නළා සද්දෙ ඉස්සරහා මිදුල පැත්තෙන් ඇහුන නිසා..

'කවුද අම්මා..?'

'කවුරුත් එනවා කිව්වෙ නම් නෑ පුංචෝ..ගිහින් බලමුකෝ කෝ එන්න..'

*

*

*

මම හිටියේ අම්මගේ කාමරේ..එ කියන්නෙ හරියට පුංචි ඔෆිස් රූම් එක වගේ තැනක්..එතන තමයි අපි හැමෝගෙම විස්තර තිබුන තැන..අම්මා එයාගෙ පුටුවේ වාඩි වෙලා මොනා හරි ගැන බර කතාවක්..

එතකොට එයාගේ ඉස්සරහින් ඉදගෙන හිටියේ යුන්ගි හ්‍යුන් එක්ක කලු ඇස්...! ඇත්තමයි මට තත්පර ගානකට හුස්ම ගන්න එකත් අමතක උනා එයා ඇවිත් ඉන්නවා දකිද්දි...

ෆුල් බ්ලැක් කිට් එකට තවත් එයාගේ නපුරුකම කැපිලා පෙනුනා..එක අයිබ්‍රෝ එකක වගේම යටි තොලෙත් තියෙන සිල්වර් පාට් කරාබුව ඒ මූනට ගෙනාවේ අමුතුම වයිබ් එකක්...අදත් එදා වගේමයි ඒ ටැටූ එක ගහපු නහර පිරුණු අතේ හීනි දිග ඇගිලි ටික විතරයි පෙනුනේ..

හරි ඉක්මනට තොල් දෙක තෙමාගත්තු මන් අහක බලාගත්තේ ඒ කලු ඇස් මගේ දිහා එකපාරට බලපු නිසා..තව ටිකෙන් පපුවේ අමාරුවකුත් හැදෙනවා..

'ඔයා කැමතිද ඒකට ටේ..' අම්මා එකපාරට මගෙන් අහනකොට ඇත්තටම මට හිතාගන්න බැරි උනා..මෙච්චර වෙලා මන් මුකුත් අහන් හිටියේ නැ...  නෑ අත්තටම මට ඇහුනේ නෑ

'ම්..මොකටද ආ ඔව් ඔව් මන් කැමති..' 

'හරි හැම සති අන්තෙම ඔයාට පුලුවන්  මෙහෙට ඇවිත් ඉන්න..ආපහු ඉරිදා හවස් වෙද්දි අපේ මැන්ශන් එකට එන්න..ඔයාට උපරිම නිදහස තියෙනවා..ඒ වගේ උදේට වගේම හවසටත් අපේ ඩ්‍රයිවර් කෙනෙක් එයි ඔයාවයි ජිමින්වයි ඩ්‍රොප් කරන්න...ඊට අමතරව වෙන්න ඕනේ දේවල් අපි ලෑස්ති කරන්නම් මිසිස් සාරා..'

'ම්..මොකක්ද..ඔයලා..ඔයාලා මොනාද මේ කියන්නෙ...' එහෙම කියනකොටයි මන් සිහියට ආවේ

'ඇයි දරුවෝ අපි මෙච්චර වෙලා කතා කරේ ඔයාගෙ ඉගෙන ගැනීම් වැඩ ගැන..ඔයාට ලබන සතිය වෙද්දි 18යි පුංචි හාමු..ඉතින් තවත් අම්මා අස්සෙ හුරතල් වෙන්න බෑ...එකක් ඔයා මෙහෙන් අනිවාරෙන් යන්න ඕනේ නේ එලියට..අනික ඔයා හොදට ඉගෙන ගන්න ඕනේ ලස්සන හීන වලට යන්න ඕනේ..ඔයාගේ හීන වලට!'

මට හුස්ම ගන්නත් අමතක උනා වගේ..මොනාද අම්මා මේ කියන්නෙ..අම්ම නැතුව ඉන්න..නෑ නෑ කොහෙත්ම බෑ...දන්නවද අම්මා එක්ක ඉන්නවා වගේ නෙවේ..එක රැයක් ඉදලා බලන්න අම්ම නෑ කියන හැගීම එක්ක..ඔයාට දැනෙයි ඒ හැගීම කොච්චරා අමාරුද කියලා..

දවසේ පැය 24 සිද්ද වෙන දේවල් චැට බොක්ස් එක වගේ කියවන්න නැති උනාම..හවස තේ එක අතට ලැබුනේ නැති උනාම..මල්ලිලා නංගිලා එක්ක රණ්ඩු උනාම බනින්න කෙනෙක් නැති උනාම...අඩද්දි අඩන්න එපා නෙවෙයි ඇති තරම් අඩපන් කියලා ඔලුව අතගාන්න කෙනෙක් නැති උනාම..ඔයාටත් තේරෙයි අම්මා නැතුව ඉන්න එක කොයි තරම් අමාරුද කියලා..

ඒත් දවසක් එනවා අපි හැමෝට පොඩි කාලෙකට හරි අම්මගෙන් ඈත් වෙන්න වෙන..

මට තේරුනා මගේ ඇස් දෙක බොද වේගෙන එනවා..උගුර හිරවෙනවා වගේ දැනෙද්දි  මට ඇත්තටම තවත් එතන ඉන්න ඕනේ උනේ නෑ... ඇත්ත මට හීන තියෙනවා... අම්මටටවත් නොකියපු හීන තියෙනවා..ඉතින් ඒ හීන වලට යන්න මාත් හරි ආසයි අම්මේ..ඒ උනාට ඔයා නැතුව නෙවෙයි..ඔයත් එක්ක...

'මං..මං කැමති නෑ..මං කියන්නෙ අම්මා ඔයා නැතුව..'

'මගේ පුංචි හාමු..මේ අහන්න්කෝ..ඉතින් දැන් ටිකකට කලින් කිව්වෙ කැමති කියලා' අම්මා එහෙම කියන ගමන් මාව උකුල උඩි වාඩි කරව ගත්තා..

මට එක මොහොතකට..එකම එක මොහොතකට අමතක උනා මෙතන තව ඇස් හතරක් මන් දිහා බලාන ඉන්නවා කියලා...

ඉතින් ඔන්න අම්මගේ හුරතල් හොටු කොල්ලා ආවා වේදිකාවට..ඒ බෙල්ල අස්සෙ මූන හංගගත්ත මන් ගවුමේ අත හරියෙන් පහුරු ගාන්න ගත්තා..

'ඔයාගේ හොදටනේ වස්තුවේ හැමදේම කරන්නෙ..ම්ම්මගේ හොද පුංචි හාමුනේ..කෝ දැන් බැස්සනම්..මේ මහත්තයලා හිනා වෙයි මෙච්චර ලොකු කොල්ලෙක් අම්මගෙන් කිරි බොනවා දැකලා..'

අන්න අන්න දැන් තමයි මීටර් උනේ..මෙතන තව ජීවියෝ දෙන්නෙක් ඉන්නවා කියලා..ක්ශ්නිකව ඔලුව උස්සපු මන් ටක් ගාල උකුලින් බිමට පැනලා හිටගත්තේ දැන් මෙතන හුරතල් උනේ මම නෙවේ වගේ..

ඒත් යුන්ගි හ්‍යුන්ගේ තොල් අස්සෙ පුංචි හිනාවක් තිබ්බා..ඒත් කලු ඇස්...! 

ම්හුක් මහ නපුරෙක් අප්පා..රවාගෙන ඉන්න විදිහ විතරක්..ඉක්කේඒඑය්‍යීඉයා..කැතේ බෑ..යකෝ මන් හරියට එයාගේ දේපලක් ලග හුරතල් උනාවගේ.. එයා මගේ අම්මා ඔහේගේ නෙවෙයි..මෝඩ මූකලන් බස්සා...

කියන්න හිතුනත් මොකටද නිකන් ජීවිතේ අනතුරේ දාගන්නෙ..මට අමතක නෑ අම්මා ඉස්සරහා මෙහෙම හිටියට මෙයාලාගෙ වැඩ..


*

*

*

# ඉදිරියට


සයිරස්😼💀

ඉතින් ඉතින් ළමයිනේ..හොදින් නේද හැමෝම..🙈

සයිරස් එක්ක ලේසි වෙන්න් නෑ....😏😌 

චුට්ටක් පරක්කු උනානේ..ඕතරීට අසනීප වෙලා හිටියනේ පැටව්නේ..යන්තම් ටිකක් හොද වෙච්ච ගමන් තමයි මේ ලිව්වෙ..🙂😪💔

ආහ් මගේ පණු පැටව් ටිකගේ කතාව හෙට දෙන්න ට්‍රයි එකක් දෙන්නම්..👉👈

ඉතින් කතාව කෝමද..අදහස් කියන්න..❤

ආදරෙයි💞

⁓𝚆𝚒𝚜𝚑❄️⁓



Weiterlesen

Das wird dir gefallen

165K 4.9K 51
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
563K 20.4K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1M 38.6K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
548K 17.1K 74
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...