dinner time....
'දෙයියනේ ළමයි....! ඔය සීනි එක..හොද්දට සීනි දාලා කන්න බෑ..'
'අහ් එහෙමද..මන් හිතුවේ මේ ලුණු කියලා!..කොරි සුදූ තරා ගන්න එපා ඉතින්' ඒ නසරාණි ජිමින්
'පාන් පිටිද හාල් පිටිද ඕඔනේ ...දෙකම සුදු පාටයිනේ ආච්චියේ...' ඒ මෝඩ ටේ
'අයියෝ මෙ ළමයි මගේ ප්‍රෙශර් නග්ගනවා.... දුවනවා දෙන්නම කුස්සියෙන් එලියට.. නැත්තන් දෙන්නෙ මන් පස්ස පැත්තේ හැදි මිටේ පාර හිටින්නම' අහිංසක සූහි!
'දැන් මොකද කරන්නෙ..කම්මැලිනේ ටේ'
'හුම්..ඒකනේ..' සෝෆා එකේ ෆාඩි වෙලා කකුල් දෙකත් පද්දන ගමන් ටේ කිව්වෙ තොලත් නොපිට පෙරලගෙන..
'මොකද කියන්නෙ කාටූන් එකක් බලමුද..ස්නෝවයිට්?'
'නියමයි'
විනාඩි 30කට විතර පස්සෙ කාටුන් බල බල හිටපු දෙන්නගෙ අවදානෙ බිදුනේ වාහනේක සද්දෙකට
'ආච්චේ!!!!! දොර අරින්නකෝ!'
'මොකද ජිමිනි බෙරිහන් දෙන්නෙ..මන් මේ පිටිත් අතේ ගාගෙන ඉන්නෙ දරුවෝ..පුංචි බේබි ආව නම් ගිහින් දොර අරින්නකො'
'අනේප් මට නම් බෑ..'
'අනේ මන්දා මේ ළමයි නම් එහෙනම් ඉක්මනට ඇවිත් මේ පිටි ටික කලවම් කරන්න මන් දෙර අරිනකන්'
මූනත් දෙක කරන් එතනට ආව ජිමින් බුග් ගාලා පිටි භාජනේට අත දැම්මේ ආච්චිටත් රවන ගමන්..ඒත් ඉතින් ජිමින් කියන්නෙ ජිමින්!
හෙමීට තමන්ගෙ එහා පැත්තේ ඉදගෙන කුස්සිය වටේ බල බල හිටපු ටේගේ මූන දිහා බලල කුප්ප හිනාවක් දාපු ජිමින් තමන්ගේ බෝල අතක් හරි ලස්සනට ටේගේ කම්මුලේ තියලා පහළට ඇද්දා...එක පාරට උනේ මොකක්ද කියලා ප්‍රොසෙස් කරගන්න ටික වෙලාවක් ගියපු ටේ පිටි අහුරක් අතට ගන්නකොට ජිමින් කුස්සියේ ඉදන් සාලෙට දුවලත් ඉවරයි..අහිංසක ටේ!
'යාආආආආආආආආආආහ්....කොට තාරාවා ඔහොම ඉන්නවා' තුවාලත් පැත්තක දාපු ටේ ජිමින් පස්සෙ එලෙව්වෙ මැරතන් දුවනවා වගේ..ඒ අස්සෙ ජිමින් තාර පැටියා වගේ සෝෆා එකෙන් සෝෆා එකට පනිනවා..ඒත් දොරෙන් ඇතුලට ආපු එක ඇස් දෙකක් මේ දිහා පුදුමෙන් බලන් ඉන්නකොට තවත් ඇස් දෙකක් මේ දිහා කිසිම හැගීමක් නැති හිස් ඇස් වලින් බලන් හිටියා..හරියට කලින් මේක දැනන් හිටියා වගේ..
ටේත් මිනීව අනුගමනය කරන්න කියලා හිතාගෙන සෝෆා එක උඩින් පැන්නත් ඇගෙ බැලන්ස් එක නැතුව ගියේ මේකට විසේ තිබ්බට තාම ඇගට විවේකයක් හරියට ලැබිලා තිබුනේ නැති නිසා....
'දෙයියනේ දරුවෝ........'
ඒත් එක්කම වගේ ඒ පැත්තට එන ගමන් හිටපු අම්මම්මා මේක දැකලා හයියෙන් කෑ ගැහුවේ නිකන් හරි බැලන්ස් එක නැතුව වැටුනොත් එහෙම ටේ ඉන්න සෝෆා එකයි ජිමින් ඉන්න සෝෆා එකයි මැද තිබුන ටේබල් එකේ ටේගේ ඔලුව වදී කියලා බය වෙලා.....
ඒත්...................
එක පාරටම ආපු ශක්තිමත් අත් දෙකක් ටේව අල්ලගත්තේ අම්මම්මා සැනසුම් සුසුම් හෙලනකොට....
දෙවියනෙ මන් වැටුනේ නෑ නේද...මට රිදුනෙ නෑ නේ...මාව නිකන් පාවෙනවා වගේ
'දැන් ඔය ඇස් දෙක ඇරියනම් නේද හොද..නැත්තම් මන් මෙහෙම්ම වඩාගෙන ඉන්නද....' ගැඹුරු සීතල කට හඩකින් එහෙම අහනකොට ටේ හිමීට ඇස් දෙක ඇරියේ තවමත් පහව නොගිය බයෙන් වගේම කුතුහලයෙන්....එතන හිටියේ....
A/N; කෝ කෝ කියාගෙන යන්න බලන්න කවුද හිටියේ කියලා...🤔
කියනකන් ඉතුරු ටික දෙන්නෙ නෑ....හරියටම කිව්වොත් හෙටම දෙනවා..බායි ඈ😌
ලව් යූ......උම්ම්මාහ්....😚💗
හා හා ඔහොම පහලට..කතාව පහල ඇති😁 😂
හෙමීට ඇස් ඇරපු ටේ දැක්කෙ සුදුමැලි මූණක් තියෙන මනුස්සයෙක් තමන් දිහා රවන් බලන් ඉන්නවා..ඒ මූණ කොහෙදි හරි දැක්කා වගේ මතකයක් තිබ්බත් හරියටම මතකයක් තිබුනේ නෑ..
'අනේ..ම්..මට සමාවෙන්න!' තාමත් සුදුමැලි මනුස්සයගේ අත් අතර ඉදගෙනම කිව්ව ටේ ඉකමනින් බිමට බැහලා ආච්චි අම්මා ගාවට ගිහින් හැංගුනේ පුංචි අපහසුතාවයක් ඇති උන නිසා
'දෙන්නම දගලනවා හොදටම වැඩි..බලන්න දැන් මොනා හරි උනා නම් එහෙම...ඔයාගේ අම්මට මන් මොනාද කියන්නෙ..ජිමින්! මම දන්නවා ඔයයි පටන් ගත්තේ කියලා...'
ආච්චි අම්මා ටිකක් තරහින් කිව්වෙ බිම බලන් ඉන්න ජිමින්ට....
'කවුරු හරි මට මෙතන වෙන්නෙ මොකක්ද කියලා පැදිලි කරොත් හොදයි නේද..' ගැඹුරු සීතල කටහඩකින් එහෙම කියනකොට පුංචි ටේ ඒප්‍රන් ඇතුලේ ඉදන් එලියට ඔලුව දාලා බැලුවෙ හරියට පුංචි කැන්ගරු පැටියෙක් එයාගෙ අම්මගේ මල්ල ඇතුල ඉදන් එලියට ඔලුව දලා බලනවා වගේ..ඒ කලු හිස් ඇස් එයාට මතකයි...
මේ ඉන්නෙ එයා..ඒ ඇස්..මට මතකයි..ඒ ටැටූ එක..ඔව් මේ එයාමයි..දෙයියනේ..මන් ආපහු එකම තැනටද මේ ඇවිත් ඉන්නේ
දුඹුරු ඇස් බොර පාටටට හැරී ගෙන එනකොට ටේ හිතුවේ ආපහු එයා එකම තැනට ඇවිත්ද කියලා..මොනා උනත් එයාට අමතක නෑ ඒ හැමෝම එක වගේ මිනිමරුවෝ!
'පොඩි බේබි මන් පැහැදිලි කරන්නම්..මේ ඉන්නෙ ටේ....එයාට කර-' සූහි කියන්න හදපු දේ එහෙමම නතර කරේ කලු ඇස් අතින් සන් කරමින් ඒක නවත්තන්න කිව්ව නිසා.
'පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ..කවුරු උනත්..කොහෙ ඉදන් ආවත් හෙට වෙද්දි ආපහු හිටපු තැනටම යන්න ලෑස්ති වෙන්න..!'
ඉතින් එච්චරයි!එතනින් එහාට කවුරුත් මුනිවත රකිනකොට මට තේරුම් ගන්න පුලුවන් උනා එයාගේ වචනෙන් එහාට වචනයක්වත් කියන්න කාටවත් අයිතියක් නැති බව....
'මන් හිතන්නෙ අපි දැන් කෑම කෑවොත් හොදයි..නැත්තම් කෑම ටික සීතල වෙයි..'
අපහසුකාරී නිහඩතාව බිදින ගමන් ආච්චි අම්ම එහෙම කියන්කොට හෙමින් පඩිපෙල දිහාට ඇදුන ඒ සද්දන්ත රූපේ මගේ ඇස් මානෙන් නොපෙනනකම්ම මන් බලාගෙන හිටියා..තේරුම නෑ මන් දන්නවා..කිසිම තේරුමක් නැති හැගීම් ගොඩක් අස්සෙ ඒත් මන් බලන් හිටියා!
@Dining table
'ලොකු බේබි...'
'කියන්න සූහි..මොකක්ද ප්‍රශ්නේ'
'මට මේ හදිස්සියේ මේ දරුවට කාමරයක් ලෑස්ති කරන්න බැරි උනා..මගෙයි ජිමින්ගෙයි කාමරෙත් ඉඩ නැති නිසා මේ..'
'ඉතින් මොකක්ද..එක රැයක් බිම නිදා ගත්තා කියලා මන් හිතන්නෙ නැ කිසි ප්‍රශ්නයක් වෙයි කියලා..අනික කොහොමත් අනාත නිවාසෙක ඉදන් නේ ආවේ..'
කෙලින්ම ටේගේ ඇස් දිහා කෙලින් බලාගෙන ඒ කියපු කතාවට මෙච්චර වෙලා කකා හිටපු හැමෝම ගල් වෙද්දි සුගා නම් මේ දිහා බලාගෙන හිටියේ සෑහෙන්න කෝල්ඩ් මූනකින්...ඒ කියන්නෙ ජන්කුක් දැනගෙන ඉදලා තියෙනවා හැමදේම...ඕනෙවටත් වඩා හොදට! මේ ඉන්නෙ එයා දන්න ජන්කුක් නෙවේ
ඒ කටින් කියන්නෙ වෙන දෙයක් වෙනකොට ඒ ඇස් කියන්නෙ වෙනම කතාවක් කියලා මේ වෙද්දි සුගා තේරුම් අරන් ඉවරයි..එයා හිතාමතාම මේ කොල්ලට රිද්දනවා..
'ලොකු බේබි ඒ දරුවට තාම හරියට සනීප මදි එකේ බිම-'
'සූහි මන් සැරයක් කිව්වා..එයා බිම නිදා-'
'එයා මගේ කාමරේ නිදා ගනී..මාත් එක්ක..' මෙච්චර වෙලා මේ දිහා බලාගෙන හිටපු සුගා අන්තිම තුරුම්පුව අදින ගමන් ටේබ්ල් එකෙන් නැගිට්ටා..නිකන් නෙවේ කට කොනේ හිනාවක් රදවගෙනම..
'ම්_මම?' ටේට වචනත් පැටලුනා ඒකට නම්..ඒත් සුගා ඇරෙන්න කවුරුත් දැක්කේ ඒක අහලා කලබල වෙන කලු ඇස් දෙක...
'ඔව් ඔයා තමයි..කාල ඉවර උඩ තියෙන වම් පැත්තෙ දෙවෙනි කාමරේට එන්න..'
'හ්..හරි..'
Tae Pov
රිදුනා..ඒ වචන සෑහෙන්න රිදුනා මට..ඒ කලු ඇස් කිසිම හැගීමක් නැතුව කෙලින්ම මන් දිහා බලාගෙන එහෙම කියද්දි..බිම නිදාගන්න කියපු එකට නෙවෙ..එයා ආයෙමත් ආයෙමත් මතක් කරා මම අනාතයෙක් කියන එක..ඒත් ඉතින් ඒක ඇත්තනේ..මම අනාතයෙක් තමයි...ඉතින් එයාගේ වැරැද්දක් නැ..!
ඒත් මන් පුදුම උනා..මේ සුදුමැලි මනුස්සයා එයාගේ කාමරේට මට එන්න කිව්වම..ඒත් මන් ඊටත් වඩා පුදුම උනේ ඊට පස්සෙ මට ඇහුන වචන වලට..
'ඕනේ නෑ....තමුන්ට පුලුවන් මගේ කමරේ ඉඩ ඇතුව නිදා ගන්න..' එහෙම කියපු කලු ඇස් ආපහු එයාගේ පාඩුවේ කෑම කන්න පටන් ගත්තා..හරියට එයා නෙවෙයි එහෙම දෙයක් කිව්වෙ වගේ..
මට දෙයක් කරන්න හිතාගන්න බැරුව ආපහු සුදුමැලි මූණ දිහා බලද්දි එයා ලස්සනට හිනා වෙලා ඔලුව වැනුවේ ඒක අනුමත කරන්න වගේ..
හොදයි ඒ කියන්නෙ අද රෑ මන් මේ මනුස්සයා එක්ක එක කාමරේ ඉන්න ඕනේ..තනියම!
*
*
*
වෙලාව රෑ 11.30 යි..නිදාගෙන හිටපු මන් ඇහැරුනේ මොකක් හරි සද්දෙකට...හරියටම ගානක් නැති උනත් මන් හිතන්නේ ඒක ආවේ පහළින්...වතුර තිබහකුත් තිබ්බ නිසා මන් හෙමීට ඇදෙන්න පහළට බැස්සෙ පහළට යන්න හිතාගෙන උනත් මට හිතාගන්න පුලුවන් උනා පහලින් ඇහුන සද්දෙ මොකක්ද කියලා..මොකද ඇදේ එහාපැත්ත හිස් වෙලා තිබ්බා..
එයා නිදා ගන්න ඇවිත් වචනයක්වත් කතා කරේ නෑ...පුදු......ම මූකලන් බස්සෙක් තමයි....ජිමිනි ඇවිත් කාමරේ පෙන්නලා යද්දිනුත් එයා හිටියේ මොකක් හරි වැඩක..මන් හිතන්නෙ ඔන්ලයින් මීටින් එකක්..
එකපාරක් විතරක් හැරිලා මන් දිහා බලපු එයා ඇදේ එහා පැත්තෙන් තට්ටු දෙකක් දාලා ආපහු එයාගේ වැඩේට අවදානේ දුන්නා...එතනින් එහාට මම ඇදට නැගලා නිදා ගන්නකන් එයා වචනයක්වත් කතා කරේවත් අඩුම මන් කියලා මනුස්සයෙක් කාමරේවත් නැති ගානට එයා හැසිරුනේ..
එයා අමුතුයි..සෑහෙන්න අමුතුයි...මට හිතාගන්න බැරි ඇයි එයා මන් දිහා බලන හැමවෙලාවකම ඒ ඇස් එච්චර ලස්සනට මට පෙන්නෙ කියන එක..ඒත් එයා ඇත්තටම ලස්සන පිරිමියෙක්!
තඩි කොට්ටෙකුත් බදාගෙන මන් හෙමීට අඩවල් වෙලා තිබ්බ දොර ඇරියේ ඒක ක්‍රීං ගාලා සද්දයක් දානකොට..
මේක කෑලි කපන කලුවරයිනේ..ලයිට් කොහෙද කියලා දන්නෙත් නෑ..කිචන් එකේ ලයිට් එකක් දාලා තියෙනවා යන්තමට පෙනුනත් පඩිපෙල බහින්නත් එපැයි.
*
*
*
# ඉදිරියට
කියවනවා ඇති කියලා හිතනවා....👀
⁓𝚆𝚒𝚜𝚑❄️⁓