Male Empress (Wangxian)✔️

Bởi ShanuDG

224K 41.9K 10.7K

දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. ... Xem Thêm

01📖️
02📖️
03📖️
04📖️
05📖️
06📖️
07📖️
08📖️
09📖️
10📖️
11📖️
12📖️
13📖️
14📖️
15📖️
16📖️
17📖️
18📖️
19📖️
20📖️
21📖️
22📖️
23📖️
24📖️
25📖️
26📖️
27📖️
28📖️
29📖️
30📖️
31📖️
32📖️
33📖️
34📖️
35📖️
36📖️
37📖️
38📖️
39📖️
40📖️
41📖️
42📖️
43📖️
44📖️
45📖️
46📖️
47📖️
48📖️
49📖️
50📖️
51📖️
52📖️
53📖️
54📖️
55📖️
56📖️
57📖️
58📖️
59📖️
60📖️
61📖️
62📖️
63📖️
64📖️
65📖️
66📖️
67📖️
68📖️
69📖️
70📖️
71📖️
72📖️
73📖️
74📖️
75📖️
76📖️
77📖️
78📖️
79📖️
80📖️
81📖️
83📖️
84📖️
අවසාන කොටස📖️
පසුවදන

82📖️

1.9K 433 248
Bởi ShanuDG

ගුසුලාන් රජ මැදුර...

"අධිරාජිනියණි.."

"අධිරාජිනියණි කරුණාකර නවතිනු මැනවි.."

"ඔබතුමන් තවමත් සුවෙන් නොවේ පසුවන්නෙ අධිරාජිනියණි.. කරුණාකර අප හට ඇහුම්කන් දෙනු මැනවි.."

තමා ඉදිරියට හමු වන සියල්ලෙක්ම පසෙකට තල්ලු කරමින් වැටි වැටී දිව යන වෙයි වුශියැන් පසු පස ආ වෙන් නින්ග් බායි ලූ සහ අ'ඩින්ග් කොතරම් හඬ නගා කෑගැසුවාත් අධිරාජිනියව නතර කරලීමට ඔවුන් කිසිවෙක් හට හැකි වූයේ නැහැ..

'ලාන් චාන්.. ලාන් චාන් ඔබ මාගේ පමණයි.. ඔබට නොහැකියි ඇය වෙත යාමට.. කරුණාකර මෙය සිදු කරලන්නට නම් එපා.. මාගේ ළය සත් කඩකට පැලී යයි.. මා ඔබේ දෙපා වැඳ අයදින්නම් තවදුරටත් මා රිදවන්නට නම් එපා..' වෙයි වුශියැන් තම සිතින් එසේ සිතුවේ ඔහුගේ දෑස් කඳුලින් පිරී යද්දී..

ඒත් සමඟම වතුර බඳුනක් ඔසවාගෙන ඉදිරියෙන් පැමිණි සේවිකාවකගේ ඇගේ හැපුන වෙයි වුශියැන් ඇයත් සමඟම බිම ඇද වැටුණා..

"අ.. අධිරාජිනියණි.. කරුණාකර මා.. මා හට කමා කරන්න.. මා ඔ..ඔබතුමන්ව දුටුවේ නැහැ.." දැඩි ලෙස භීතියට පත් සේවිකාව අධිරාජිනිය ඉදිරියේ හිස නමමින් ආයාචනා කරන්නට වුනාත් වෙයි වුශියැන්ට ඒ පිළිබඳ කිසිදු තැකීමක් වූයේ නැහැ..

"අධිරාජිනියණි..."

"අධිරාජිනියණි..."

"ඔබතුමන් සුවෙන් ද.."

ඉක්මනින් එතනට පැමිණි බායි ලූ අ'ඩින්ග් සහ වෙන් නින්ග් කනස්සල්ලෙන් යුතුව විමසන්නට වූවා..

"මා.. මා යුතුයි.. අධිරජුන්.. එතුමා වෙත මා වහා යා යුතුයි.. එසේයි මා යා යුතුයි.."  උමතුවෙන් මෙන් කියවමින් වෙයි වුශියැන් නැගී සිටීමට උත්සාහ දරද්දී අ'ඩින්ග් හඬා වැටෙන්නට වූයේ බායි ලූ සහ වෙන් නින්ග් තම කඳුලු සඟවා දෑත් මිට මොලවාගනිද්දී..

"අධිරාජිනියණි.. කරුණාකර අප හට සවන් දෙනු මැනවි.. කිමද ඔබතුමන් මෙලෙස හැසිරෙන්නෙ.. කරුණාකර සිහි එලඹවා ගනු මැනවි අධිරාජිනියණි.." අ'ඩින්ග් හඬමින් පැවසුවාත් ඇය දෙස බැල්මක්වත් නොහෙලූ වෙයි වුශියැන් නැවතත් නැගිට අධිරජුගේ මැදුර දෙසට දිවයන්නට වුණා..

අධිරාජිනිය තමන් කිසිවෙක් හටත් ඇහුම්කන් නොදෙන බව ⁣ඒ වනවිට තේරුම්ගෙන සිටි බායි ලූ වෙන් නින්ග් හා අ'ඩින්ග් හටත් ඔහු පසු පස යනවා හැරෙන්නට වෙනත් විසඳුමක් වූයේ නැහැ..

අධිරජුගේ මැදුර දෙසට දිව ගිය වෙයි වුශියැන් දුටුවේ මැදුරෙන් පිටතට පැමිණෙන ෂූ යැන්ග්වයි..

"ෂූ යැන්ග්.."

"අධිරාජිනියණි.."

"කොහිද.. කොහිද එතුමා.."

"අධිරාජිනියණි.. එතුමා.. එතුමා.." වෙයි වුශියැන් හට ලබා දිය යුතු පිළිතුරක් සිතාගත නොහැකිව ෂූ යැන්ග් අසරණ වූවා..

"ෂූ යැන්ග් වහා මා හට පවසනු.. කොහිද එතුමා.." ⁣අධිරාජිනිය විමසුවේ ෂූ යැන්ග්ගේ සලුවෙන් ඇද අල්ලා ගනිමින්..

"එතුමා ප්‍රධාන මාළිගය වෙත පිට....... අධිරාජිනියණි..." ෂූ යැන්ග් පවසා අවසන් කිරීමටත් පෙර වෙයි වුශියැන් ප්‍රධාන මාළිගය දෙසට දිව යන්නට වුනේ ෂූ යැන්ග් හඬ නගා ඔහුව අමතද්දී..

මේ අතරතුරේ ප්‍රධාන මාළිගය වෙත පැමිණි ලාන් වන්ග්ජි තමාට පිටුපා ඉදිරියෙන් සිටගෙන සිටින ලී චින් ව දැක සිටි තැනම නතර වුණා..

"ලී චින්.." අධිරජුන්ගෙ හඬ ඇසුන සැනින් පසු පස හැරී බැලු ඇගේ මුහුණට නැගුනේ සිනහවක්..

"වන්ග්ජි.." අධිරජුගේ නාමය මිමිනූ ඇය එක්වරම ඔහු දෙසට දිව විත් ඔහුව වැළඳගත්තේත් වෙයි වුශියැන් ප්‍රධාන මාළිගයේ දොරටුව අසලට පැමිණියේත් එකම විටයි..

(A/N: මේ වේදනාව දැක්කාම චින්චින් ගේ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා.. හරි වේදනායි හිතට..💔😭)

ලී චින් තමන්ව වැළඳගත්තාත් කල යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ ලාන් වන්ග්ජි සිටි තැනම නොසෙල්වී බලා සිටින්නට වුණා..

"අවසානයේ නැවතත් මා හට ඔබ වෙත පැමිණීමට හැකි වූවා මාගේ අධිරජුනි.." ලී චින් පැවසුවේ තම හිස වන්ග්ජිගේ පපුව මත තබා ගනිමින්..

"ඔබ.. සැබැවින්ම ඔබ ජීවත් වනවා.." වන්ග්ජි පහත් හඬින් පැවසුවා..

"එසේයි.. මා සියලු දුක් වේදනා ඉවසගෙන ඔබ වෙනුවෙන් ජීවත් වුණා.. මා දැන සිටියා ඔබතුමන්ට මා නොමැතිවම දිවි ගෙවිය නොහැකි බව.." ලී චින් එසේ පැවසුවාත් වන්ග්ජි කිසිවක් පැවසීමටත් පෙරලා ඇයව වැළඳ ගැනීමටවත් ගියේ නැහැ..

එය වැටහුණ නිසාම වන්ග්ජිගේ තුරුලෙන් මදක් ඈත් වුන ලී චින් දුක්මුසු මුහුණක් මවාගත්තා..

"ඔබතුමන්ට සතුටු නැතිද මා නැවත පැමිණිම පිළිබඳව.. කිමද ඔබ කිසිවක් නොපවසන්නෙ.. කිමද ඔබ මා වැළඳ නොගන්නෙ.." ලී චින් විමසුවේ හඬා වැටෙමින්..

"එසේයි.. මා හට අමතක වූවා.. ඔබතුමන්ට දැන් අධිරාජිනිය සිටිනවානෙ.. කමා කරන්න.. මා නැවත නොපැමිණ සිටින්නයි තිබුණේ.." තම කම්මුල් මත වූ කඳුලු පිස දමා ගත් ලී චින් පිටව යාමට තැත් කලාත් අධිරජුන් ඔහුගේ අතින් අල්ලාගත්තා..

'කරුණාකර එය සිදු කරන්න එපා.. මා හට හිමි ස්ථානය ඇය වෙත ලබා දෙන්නට එපා' වන්ග්ජි සහ ලී චින් දෙස නිහඬවම බලා සිටි වෙයි වුශියැන් තම සිතින් එසේ සිතුවේ ඔහුගේ කම්මුල් කඳුලින් තෙත් වද්දී..

"ඔබ ජීවත් වනවා අ-චින්.. සැබවින්ම ඔබ ජීවත් වනවා.." යැයි පැවසූ ලාන් වන්ග්ජි එක්වරම ⁣ලී චින් ව වැළඳගත් අතර එය දුටු වෙයි වුශියැන් තම අතින් මුව වසාගෙන අනෙක්පස හැරී මැදුරෙන් පිටතට පැමිණියා..

අසල වූ කණුවකට පිට දුන් ඔහු එතනම බිම වාඩි වී ඉකිබිඳ හඬා වැටෙන්නට වූයේ කල යුත්තේ කුමක්ද පැවසිය යුත්තෙ කුමක්ද සිතා ගත නොහැකි වූ වෙන් නින්ග් බායි ලූ සහ අ'ඩින්ග් අසරණව ඔහු දෙස බලා සිටියදී..

"අධිරාජිනියණි.." ඒත් සමඟම එතනට පැමිණි ඩැරන් වෙයි වුශියැන් අසල දණ නමා ඔහුගේ උරහිස මත අතක් තබනු ලැබුවා..

හඬමින්ම හිස ඔසවා ඩැරන් දෙස බැලුවාත් වෙයි වුශියැන් කිසිවක් පැවසීමට ගියේ නැහැ..

"මා හට වටහාගත හැකියි ඔබතුමන්ගෙ වේදනාව.. කිමද ඔබ ඔය විඳින වේදනාවම මාත් මාගේ සිත තුළින් විඳින නිසා.. නමුත් මා හට මෙන්ම ඔබටත් සත්‍යයට මුහුණ දීමට සිදු වෙනවා අධිරාජිනියණි.. ඔවුන් කෙදිනකවත් අපගේ වූයේ නැහැ.. ලී චින් සැමදා සෙනෙහස දැක් වූයේ අධිරජුට සේම අධිරජුත් සැමදා සෙනෙහස දැක් වූයේ ලී චින් හට පමණයි.." ඩැරන්ගෙ වදන් අසා සිටි වෙයි වුශියැන් ගේ ඉකි බිඳුම තවත් වැඩි වූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඩැරන් සිත් සනසන මුවාවෙන් වෙයි වුශියැන්ව වැළඳ ගැනීමට උත්සාහ දැරුවාත් වෙයි වුශියැන් ඔහුව නවතාලනු ලැබුවා..

"මා ස්පර්ශ නොකරනු.." වෙයි වුශියැන් පැවසුවේ ඩැරන්ගෙ දෑස් දෙස එක එල්ලෙ බලමින්..

"කමා කරන්න.. මා හට අවැසි වූයේ ඔබතුමන්ගේ සිත සනසාලීමට පමණයි.." තම අත මිට මොලවාගත්  ඩැරන් වෙයි වුශියැන් හට හිස නැමූවාත් ඔහු වෙත බැල්මක්වත් නොහෙලූ අධිරාජිනිය එතනින් නැගිට පිටව ගියා..

'නුඹ කෙදිනක් වෙනකන් මෙලෙස මා ප්‍රතික්ෂේප කරන්නද වෙයි වුශියැන්.. බොහෝ ඉක්මනින් මා නුඹව සදහටම මා සතු කරගන්නවා..'...............
.
.
.
.
.
එදිනම සවස..

කිරුළ හිමි කුමරුන්ගේ මැදුර ඉදිරිපිට...

ප්‍රධාන මාළිගයේ සිට හඬමින්ම කිරුළ හිමි කුමරුන්ගේ මැදුර වෙත පැමිණි වෙයි වුශියැන් සිතට හා ගතට දැනුන තෙහෙට්ටුව නිසාවෙන් අ-යුවාන් ව තුරුලු කරගෙනම නින්දට වැටුණා..

නින්දට වැටුනාත් විටින් විට පෙනෙන්නට වූ සිහිනයන්ගෙන් පීඩාවට පත් ඔහු මැදුරේ කුටිය අසලින් ඇසෙන්නට වූ කලබලය නිසාවෙන් තම දෑස් විවර කරනු ලැබුවා..

"කුමක්ද මෙහි සිදුවන්නෙ.." කුටියෙන් පිටතට පැමිණි වෙයි වුශියැන් පිටත සිටි සේවිකාවන්ගෙන් ප්‍රශ්න කලා..

"කමා කරන්න අධිරාජිනියණි.. ඔබතුමන්ගෙ නින්දට බාධා කිරීම පිළිබඳව.. අප එතුමියට පැවසුවා ඔබතුමන් කුමරුන් හා සිටින බව.. නමුත් එතුමියට කුමරුන්ව බැලිය යුතුම යැයි පවසනවා.." කිරුළ හිමි කුමරුන් ගේ ප්‍රධාන පාලිකාව එසේ පැවසූ විට වෙයි වුශියැන් ඇය පෙන්වූ දෙස බැලුවාත් දුටු දසුනින් ඔහු තරමක් තිගැස්සී ගියා..

"අධිරාජිනියණි ඔබතුමන් ගොස් විවේක ගන්න.. අප මේ පිළිබඳ බලා ගන්නම්.." බායි ලූ පැවසුවේ වෙයි වුශියැන් ඉදිරියේ සිටගෙන සිටින ලී චින් දෙස රවා බලන අතරතුරේ..

"අනවශ්‍යයයි.." එපමණක් පමණක් පැවසූ අධිරාජිනිය හැඟීම් විරහිත බැල්මකින් ලී චින් අසලට ලං වූවා..

"ඔබට මාගේ ආචාරය අධිරාජිනියණි.. මා අධිරජුන්ගේ ප......." මවාගත් සිනහවකින් වෙයි වුශියැන් දෙස බැලූ ලී චින් ඔහුට ආචාර කිරීමට ගියාත් ඔහු තම ඉහළට ඔසවා ඇයව නතර කලා..

"මා තවම ඔබට කතා කිරීමට අවසර ලබා දුන්නෙ නැහැනෙ.." වෙයි වුශියැන් පැවසුවේ රලු ලෙසින්..

"නමුත් මා හ......" ලී චින් නැවත යමක් පැවසීමට ගියාත් මෙවර වෙයි වුශියැන් ඇගේ කම්මුලට වැරෙන් පහරක් ගසනු ලැබුවා..

ඇය තම කම්මුල මත අතක් තබා කෝපයෙන් වෙයි වුශියැන් දෙස බලද්දී වෙයි වුශියැන් ඇයට පහර දුන් තම අත දෙස බලා සිටින්නට වුණා..

"අ'ඩින්ග්.."

"අධිරාජිනියණි..?"

"මාගේ අතෙහි කුණු තැවරුණා.. ඔබට හැකියිද මාගෙ අත පිසදැමීමට.." වෙයි වුශියැන් පැවසූ දෙයෙහි අර්ථය වටහා ගත් අ'ඩින්ග් ලී චින් දෙස බලා උපහාසයට මෙන් සිනාසී ඉක්මනින් පවිත්‍ර රෙදි කඩක් තවත් සේවිකාවකගෙන් ඉල්ලා ගනු ලැබුවා..

"එසේයි.." අ'ඩින් තම අත පිසදමන අතරතුරේ වෙයි වුශියැන් නැවතත් තමා දෙස කෝපයෙන් බලා සිටින ලී චින් දෙසට හැරුණා..

"කුමකටද නුඹ මෙහි පැමිණියේ.."

"කුමරුන්ව බැහැ දැකීමට.."

"එසේද.. නමුත් කණගාටුයි.. ඔබගේ බලාපොරොත්තු ඉටු වන්නෙ නැහැ.. ඔබට හැකියි පැමිණි මාර්ගයෙන්ම නැවත පිටව යාමට.." යැයි පැවසූ වෙයි වුශියැන් නැවත මැදුර තුළට යාමට තැත් කලාත් ලී චින් ඔහුගේ අතින් අල්ලා ඔහුව නතර කලා..

"ඔබට මා හට මෙසේ සිදු කල නොහැකියි අධිරාජිනියණි.. අධිරජුන් මා හට අවසර ලබා දුන්නා කුමරුන්ව බැහැ දැකීමට.." ලී චින් එසේ පැවසූ විට වෙයි වුශියැන් ගේ දෑස් ක්‍රෝධයෙන් දිලිසෙන්නට වූ අතර ඔහු එක්වරම ලී චින්ගෙ ගෙල තදින් අල්ලාගත් අතර ඒත් සමඟම අධිරජුන් එතනට පැමිණියා..

"වෙයි වුශියැන්.. කුමක්ද නුඹ සිදු කරන්නෙ.." වන්ග්ජි කෝපයෙන් විමසුවේ අධිරාජිනියව පසෙකට තල්ලු කර ලී චින්ගෙ ගෙල පිරික්සන අතරතුරේ..

වන්ග්ජි තල්ලු කල පහරට අසල වූ කණුවක වැදුන වෙයි වුශියැන්ගේ නළල මදක් තුවාල වී ගියා..

"අධිරාජිනියණි.." ඉක්මනින් වෙයි වුශියැන් අසලට පැමිණි අ'ඩින්ග් ඔහුව පිරික්සන්නට වූයේ බායි ලූ තම අසිපත වන්ග්ජි දෙසට දිගු කරද්දී..

"මා හට අසිපත එල්ල කිරීමට තරම් නුඹ නිර්භීත වූයේ කෙසේද.." වන්ග්ජි විමසුවේ කෝපාවිෂ්ට බැල්මක් බායි ලූ වෙත හෙලන ගමන්..

"කමා කරන්න අධිරජුනි.. නමුත් ඔබතුමන්ම තමයි එදින මා හට පැවසුවේ අධිරාජිනියගේ පෞද්ගලික ආරක්ෂක ලෙස තරාතිරම නොබලා අධිරාජිනිය හට හානි කිරීමට තැත් කරන සියල්ලෙක්ගෙන්ම එතුමාව ආරක්ෂා කරන ලෙස.. මා මේ මොහොතේ එයයි සිදු කරන්නෙ.." බායි ලූ තම අසිපත පහළට නොහෙලාම වන්ග්ජි හා වුශියැන් ඉදිරියේ සිට ගනිමින් පැවසුවා..

"කවුරුන්ද අධිරාජිනියට හානි කි....... වෙ..වෙයි යින්ග්.." තම අධිරාජිනියගේ නළල තුවාල වී ඇති අයුරු දුටු වන්ග්ජි පැවසීමට ගිය වදන් ගිලගත්තා..

අධිරජු අධිරාජිනිය අසලට යාමට තැත් කරනු දුටු ලී චින් ඉක්මනින් ඔහුගේ අතින් අල්ලාගත්තා..

"මා සුවෙන් අධිරජුනි.. ඇය හා කෝපගන්න එපා.. ඇය ඉටු කරන්නෙ ඇගේ රාජකාරියයි.. මා හට අවැසි වූයේ කිරුළ හිමි කුමරුන් බැහැ දැකීමට පමණයි.. නමුත් අධිරාජිනිය අකමැති නම් ඊට කමක් නැහැ.. මා හට එතුමාගෙ හැඟීම් වටහාගත හැකියි.." ලී චින් අහිංසක අයුරින් පැවසුවාත් ඇගේ දෑස් වල ඇති බැල්ම වටහා ගැනීමට වෙයි වුශියැන් හට අපහසු වුනේ නැහැ..

"වෙයි යින්ග් ඔ...." අධිරජුන් යමක් පැවසීමට ගියාත් වෙයි වුශියැන් ඔහුව නතර කලා..

"නොහැකියි.." බායි ලූ ව පසෙකට කල  වුශියැන් වන්ග්ජි අසලට පැමිණ සිටගත්තා..

"එය කල නොහැකියි.. ඇය ඔබතුමන් සෙනෙහස දක්වන කාන්තාව විය හැකියි.. නමුත් මා මේ රාජ්‍යයේ අධිරාජිනියයි.. එලෙසම කිරුළ හිමි කුමරුන්ගේ මෑණියන් මේ මායි.. ඔබට අමතක ද කියා මා දන්නෙ නෑ.. නමුත් මේ රාජකීය අන්තඃපුරය අධිරජුනි.. කුමරුන් තවම වෙසෙන්නෙ මෙහි.. මාගේ අවසරයකින් තොරව ඔබතුමන්ටවත් නොහැකියි මෙහි තීරණ ගැනීමට.. මාගේ පුතුන්ට ඇගේ සෙවනැල්ලක්වත් වැටීමට මා ඉඩ ලබා දෙන්නෙ නැහැ.. ඔබ දෙදෙනාටම දැන් පිටව යා හැකියි.. එලෙසම ඔබ ලී චින්.. ඔබ ඩැරන් කුමරුන්ගේ බිසවක් නොවෙද.. රාජකීය සිරිතට අනුව විවාහක රජ කුමරුන්වන්ට හා ඔවුන්ගේ බිසෝවරුන්ට රජ මැදුරේ දිවි ගෙවීම තහනම්.. මා සිතනවා මා පැවසූ දෙය ඔබට හොඳින් වැටහුණා කියා.." තම මුවඟින් සිනාසුන වෙයි වුශියැන් මද වේලාවක් ඇය දෙස බලා සිට කුමරුන්ගේ මැදුර තුළට යාමට තැත් කලාත් අධිරජුන් ඔහුගේ අතින් අල්ලාගත්තා..

"මා ස්පර්ශ නොකරනු.. නුඹ ඊට ඇති අයිතිය අහිමි කරගත්තා ලාන් වන්ග්ජි.."  වෛරී දෑසින් අධිරජු දෙස බලා එසේ පැවසූ වුශියැන් තම අත වන්ග්ජිගෙ ග්‍රහනයෙන් මුදාගෙන කුටිය තුළට ගියේ අධිරජු වේදනාවෙන් ඒ දෙස බලා සිටියදී..

මෙතෙක් වේලා සිදු වූ සියල්ලක් දෙසම හොරෙන් බලා සිටි ජින් සූ ගේ සේවිකාවක් ඉක්මනින් එතනින් පිටව ඇගේ මැදුර දෙසට ඇවිද ගියා...........
.
.
.
.

මද වේලාවකට පසු...

"මා ඔබ පැවසූ අයුරින් සියල්ලක්ම සිදු කලා කුමරුනි.." ලී චින් පැවසුවේ ඩැරන්ව වැළඳගනිමින්..

"අනර්ඝයි.. ඔබ ඉතා හොඳින් සිදු කලා.." ඩැරන් ඇය හා සිනාසී ඇයගේ නළල සිපගන්නට වුණා..

"මා දන්නවා ඔබතුමන් මේ සියල්ලක්ම සිදු කරන්නෙ අපගේ අනාගතය වෙනුවෙන් කියා.. මතු යම් දිනෙක ඔබ අධිරජුන් වූ පසු මා හට හැකියි ඔබේ අධිරාජිනිය බවට පත් වීමට.." ඇගේ වදන් ඇසුන ඩැරන්ගෙ මුහුණ වෙනස් වී ගියාත් ලී චින් ඒ බවක් දුටුවේ නැහැ..

"එසේයි.. එලෙසම සිදු වෙයි.." ඩැරන් පැවසුවේ ඇයව තදින් වැළඳගන්නා ගමන්..

'මාගේ අධිරාජිනිය විය හැක්කෙ වෙයි වුශියැන්ටම පමණයි.. සියල්ලක්ම අවසන් වූ පසු මා නුඹවත් නසා දමනවා ලී චින්..'.................
______________________________________

චූටි සිත් රිදුණා ද.. 😁 එහෙනම් ඉස්සරහට තව රිදෙයි..😈😈 තව චැපි තුනයි..🤧

වන්ග්ජි ගැන මොකක්ද කියන්න තියෙන්නෙ..😁

අධිරාජිනිය පව්..😭💔

ලී චින් ඉස්සරහට මොනවා කරාවිද..🤔

අධිරජ තෝරගන්නෙ අධිරාජිනියවනැත්නම් ලී චින් ව ද..

ඩැරන් කරන්නෙ රඟපෑමක් වෙන්න පුලුවන් ද..😈🤔

Vote & Comment ❤️

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

130K 15.4K 96
Title - After Transmigrated into a Book, I've Gained an Entire Family of Cannon Fodder Description ...
730K 64K 59
မောင်က မင်းကမ္ဘာတစ်ခုထဲကိုပဲ ဦးခိုက်နေမယ့်ကောင်ပါ စဝ်မင်းကမ္ဘာဦးခိုက် time travel (My Universe i...
183K 15.6K 40
Second fic of mine (Book 1 + Book 2) This story is FAN FICTION .It has nothing to do with the actors in real life. Starting date : 13 Apr 2020 Endin...
12.6K 2K 15
රුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?